Wednesday, October 23, 2013

බලු වතුර ......

දැන් අවුරුද්දකට විතර කලින් යාළුවෙකුගේ පාටියකට ගිහිං මහ රෑ ගෙදර එන ගමන් දැක්ක සිදුවීමක් මගේ මතකයට ආවා. මට යාළුවෙක් ලිෆ්ට් එකක් දුන්නා. ඉතිං ගෙවල් ළඟටම එන්නේ නැතිව මම හැරෙන හන්දියෙන් බැහැල ආවා. එදා හොඳට පාරේ එළිය තිබුණා.මම ටිකක් ගමනේ වේගය බාල කළා සිද්ධ වෙන දේ දැන ගන්න.  මගේ ඇස් දෙකෙන්ම මම දැක්ක දේ මට අදහා ගන්නත් බැරි වුණා. හොඳට ඇඳ ගත්තු මහත්තයෙක් ගෙදරක ගේට්ටුව ගාව බිම වාඩි වෙලා. මිනිහගේ බෑග් එකත් පැත්තක තියෙනවා. ඕනනම් වයස හතළිස් පහක් පණහක් විතර ඇති. මේ මහා රෑ මිනිහෙක් වෙනත් කෙනෙකුගේ ගේට්ටුවක් ගාව වාඩි වෙලා මොනවා කරනවද ? මට ඇති වෙච්ච් ප්‍රශ්නේ ඒක. මේ වෙනකොට ඔබටත් ඒ ගැටලූවම ඇති වෙලා ඇති.
පින්තූරය ගත්තේ : www.reddit.com

මිනිහා කිසිම වගක් නැතිව වතුර බෝතලයක් අරගෙන මුලින්ම මුණ හොද ගත්තා. මිනිහට හොඳටම ඩෝප් කියලා පැහැදිලියි. ඊට පස්සේ අර බෝතලේ කටේ තියාගෙන ගුඩු-ගුඩු ගාලා බොනවා. මිනිහා අරං ආපු වතුර බෝතලයක් වෙන්න ඇති පැත්තක බෑග් එකත් තියෙනවනේ. දුර ඉඳන් එන කෙනෙක්ද ? නෑ එහෙමත් වෙන්න බෑ. අම්භානක ගහලා දුර ගමන් යන්නේ නෑනේ. වතුර බීලා ඉවර වෙලා මූඩියත් හොඳි වහලා ගේට්ටුව කෙළවරින් තියලා මිනිහා යන්න නැගිටිනකොට මමත් එතනම. දැන් එයා ඉස්සරහට යනවා.

"අංකල් - අංකල් ඔයාගේ වතුර බෝතලේ අමතක වුණාද ?"

මිනිහා ආපහු හැරිලා මම දිහා මොහොතක් බලාගෙන හිටියා. ඊට පස්සේ මෙහෙම කිව්වා

"මේක මගේ වතුර බෝතලයක් නෙවේ කොල්ලෝ. අර බලපන් අනිත් පැත්තේ තව එකක් තියෙන්නේ. උඹටත් ඕනේ නම් බීපන්"

මේ කතාවට මට පොඩ්ඩක් ලජ්ජත් හිතුණා. ඊට පස්සේ මම සුපුරුදු වේගයෙන් ගෙදර ගියා. මම කල්පනා කළා. මගේ මතකය අතීතයට ඇදිලා ගියා. බෙන්තර පාලම පහු කරපු තැනම තියෙන පිංතාලිය මගේ මතකයට ආවා. පිංතාලිය ගැන මට මුලින්ම කිව්වේ අක්කා. 

"පින්තාලියක් තියෙන්නේ රජ කාලේ දුරකතර ගෙවාගෙන යන යට තමන්ගේ පිපාසය සන්හින්දුවා ගන්න කියලා බුද්ධාගම පොතේ තියෙනවා. අපිත් ගේ ඉස්සරහා එකක් තියමුද මල්ලී"

අපේ ලිඳේ වතුර බොන්න බෑ. අපි වතුර ගන්න යන්නේ පන්සල කන්දේ පාමුල තියෙන, ඒ කියන්නේ  බෙන්තොට උඩකොටුව විහාරයට අයිති ලිඳෙන්. ඒ ළිඳ නාග ලෝකයට ගැඹුරයි කියලා කියන්නේ පොඩි කාලේ මගේ හොඳම මිතුරිය වෙච්ච ලාලනී ගේ ආච්චි. අපි ඇතුළු ගම්වාසීන් හැමෝම වතුර ගන්නේ මේ ලිඳෙන්. පායන කාලෙට මේ ළිඳ අඩියටම හිඳෙනවා. එතකොට වතුර ගන්න පෝලිමේ ඉන්න ඕනේ. මේ ළි  අපේ ගමට විශේෂයි. මොකද මුහුද කිට්ටුව හොඳ වතුර තියෙන තැන් බොහොම අඩුයි. ඒ වගේමයි ගං කලපුව වටේ තියෙන මඩ සහිත පස. කිසිම විදියකින් හොඳ වතුරක් එන්නේ නෑ. ඒ මදිවට පොළොව පොඩ්ඩක් හාරපු ගමන් හිරිගල්. මේ හිරිගල් වලට මගේ අත කොයි තරං හම ගිහින් ඇත්ද ?

"නාග ලෝකේ කියන්නේ මොකක්ද ? ඒකෙ ඉන්නේ නයිද ?"

ඒ ප්‍රශ්නෙට කවුරුත් උත්තරයක් දුන්නේ නෑ. අක්කයි මායි ගෙදර තියෙන ලොකු ඇලුමිනියම් මුට්ටියක් අරගෙන හොඳට සෝදලා ගත්තා. ඊට පස්සේ පරණ බංකුවක් හොයාගෙන ආවා. අපි ඒ බංකුව අපේ කඩුල්ලෙන් එළියේ තියෙන තණ බිස්සේ තියලා වතුර මුට්ටිය තිබ්බා.

"අක්කේ මේක ටිකක් ඇලයි වගේ නේද ? ඉන්න මම උදැල්ල අරං එන්න"

මම ගෙයි පිළිකන්නට දුවලා උදැල්ලත් අරගෙන ආවා. විනාඩි කිහිපයකින් අපි එතන පොළොව සමතලා කරලා, බංකුව උඩ වතුර මුට්ටිය තිබ්බා. පරණ පීරිසි කොප්පෙකුත් තිබ්බා. වතුර අර ගන්න පරණ ටිංකිරි ටින්එකකට කෝටුවක් තියලා කම්බියකින් බැන්ඳා. ඒක මුට්ටියේ පියන උඩින් තිබ්බා. එහෙම තියලා අපි එළියේ තියෙන බංකුවට වෙලා බලාගෙන හිටියා. කවුරුත් වතුර බොන පාටක් නෑ. ඊට පස්සේ අපේ යාළුවෝ යද්දී කතා කරලා බොන්න කිව්වම, ඒගොල්ලෝ නම් බිව්වා. අපරාදේ අක්කයි මායි බොහොම අමාරුවෙන් ගිහිං ගෙනාපු වතුර කළේ. අපි වතුර ගේන්නේ කළේ දෙපැත්තෙන් අත් දාලා අල්ලාගෙන. මැටි කළ මේ වැඩේට හරි යන්නේ නැත්තේ අත ලිස්සලා වැටෙන වාර වැඩි නිසා. ඇලුමිනියම් කළේ අල්ලාගෙන එන අපිට හොඳට පුරුදුයි. ඉස්සර මට මාර පුරුද්දක් තිබ්බේ මේ කළේ  ඇතුලට පුංචි අශෝක වීදුරුව කටේ ගෑවෙන්නේ නැති වෙන්න දාලා වතුර අරන් බොන්න. හැබැයි වැඩේ වැරදිච්ච වෙලාවලුත් තියෙනවා. එහෙම දාට කළේ අස් කරලා වීදුරු කටු අයින් කරලා පිරිසිදු කරන එකත් මටම කරන්න වුණා. 

මේ අර මනුස්සයාගේ ක්‍රියාවලියත් එක්ක මගේ මතකය ගිය තැන්. නමුත් ඊට ටික කාලයක් යද්දී ගෙවල් සීයක් ගත්තොත් හැටක විතර ඔය මෙගා බෝතල් වල වතුර පුරවලා තියන එක කරනවා. පස්සේ තමයි මම දැන ගත්තේ මෙහෙම වතුර තියන්නේ බල්ලෝ ඇවිත් පහරන හෝ මුත්‍රා කිරීම වළකන්න කියලා. අපේ මිනිස්සුන්ටත් මොකක් හරි ආවොත් මෙලෝ විචාරයක් නැතිව කරගෙන යනවා. මේකෙන් වැඩිම වාසි ලබන්නේ අර වගේ දෙකක් දාලා හෙම්බත් වෙලා එන මිනිස්සු නැත්නම් වාහනේකට වතුර දා ගන්න ඕනේ වෙන අය. කිසිම කෙනෙකුට කරදර කරන්නේ නැතිව වතුර ටිකක් හොයා ගන්න පුළුවන්. අද මම වැඩට ආපු ලංගම බස් එකටත් ඔය වැඩේ වෙලා, කොන්දොස්තර ලීටර් පහේ හිස් බෝතලයක් අරං හැම තැනම දිව්වා වතුර හොයන්න. ඔන්න ඔයා වෙලාවේදී මට අර සිද්ධිය මතකයට ආවා.
පින්තූරය ගත්තේ : doitandhow.com

ඇලජික් නෑ. මම කිව්වේ.

නමුත් කවුරුත් හොයලා බැලුවේ නෑ නේද මේකේ විද්‍යාත්මක පැත්ත. ඇයි එහෙම වතුර බෝතල් දෙකක් තිබ්බම බල්ලෝ එන්නේ නැත්තේ. බල්ලොන්ට වතුර ඇලජික් කමක් නෑනේ. මේ ගැන මාව දැනුවත් කලේ මගෙත් එක්ක එකම දිනයේ බැංකුවට බැඳුණු රියාජ් නමැති සුපිරි ඩයල් එක. මේ දවස් වල අම්පාරේ වැඩ කරන්නේ. අපේ සඳරුගේ පී.සී. එකේ කේස් එක බලවන්නත් මම යැව්වේ රියාජ් ගාවට. මම හිතන්නේ සඳරුට හොයා ගන්න බැරිව තිබ්බ මදර්බෝඩ් කේස් එක හොයලා දුන්නේ රියාජ්. රියාජ් කියන්නේ 1995 දී යන්තම් දැලි රැවුල වැවීගෙන එන වයසේ කොල්ලා. ඉපදිලා තිබ්බේ කල්මුණේ. ඒ ලෙවල් කළෙත් නෑ මම හිතන්නේ, ඒ වුණාට මාර ඉවක් වගේම හොඳ අයි.කිව් එකකුත් තියෙනවා. රියාජ් ආසන්නයේ ඉඳගෙන කවුරුත් පාස්වර්ඩ් එකක් ගහන්නේ නෑ. විනාඩි ගණනකින් ඒ පාස්වර්ඩ් එක කියනවා. බලාගෙන ඉඳලා නෙවෙයි. කනට ඇහෙන සද්දෙන්. අන්න ඒ වගේ සුපිරි චරිතයක්. ගණන්, ප්‍රෝග්‍රෑමින් කප්පිත්තෙක්. කොළඹට එද්දී සිංහල අකුරක් වත් බෑ. කථා කරන්නත් බෑ. මාස ගාණක් යනකොට ඒ සේරම හරි. අපේ සුමිත් කියන්නේ ඌ වචන ටික එක පාරට තියලා ෆුට් බෝලෙකට පයින් ගහනවා වගේ ගහනවා කියලා. කථා කරන්නෙත් ඒ වගේම වේගෙන් (අයි.කිව් වැඩි අය වේගෙන් කතා කරනවා කියන එක මගේ විශ්වාසෙ)

"මචං ඔකේ වෙන්නේ මෙන්න මේකයි. වතුර ෆුල් බෝටල් තියන්න හොඳ නෑ. ටූ තර්ඩ් වගේ තියන්න ඕනේ. මූඩිය තද කරන්නත් හොඳ නෑ. පොඩ්ඩක් බුරුල් කරන්න ඕනේ. එතකොට දවල්ට රස්නේ නිසා එකෙන් පොඩි නොයිස් එකක් එනවා. අපිට ඇහෙන්නේ නැති වුණාට බල්ලොන්ට ඇහෙනවා. රෑට අනිත් පැත්ත, එළියෙන් ඇතුළට එයාර් යනවා. එතකොටත් නොයිස් එකක් එනවා. බල්ලට ඒ නොයිස් එකට ඉන්න බෑ"

දැන් තේරෙනවා නේද අපි නොදැන කරපු එකේ විද්‍යාත්මක පැත්ත. මේක කවුරුවත් ඔප්පු කරලා පෙන්වපු දෙයක් නොවුණත්, මමත් විශ්වාස කරනවා ඇත්ත වෙන්න ඇති කියලා.


89 comments:

  1. මමත් දැකලා තියනවා ඔය බලු වතුර බෝතල් අපේ පැත්තෙත් ගේට්ටු ගානේ තියනවා. මම හිතුවේ වතුර සහිත බෝතලය උත්තල කාචයක් ලෙස ක්‍රියාකරමින් බල්ලට උගේම විකෘති රූපයක් පෙන්නලා බල්ලව බය කරනවා කියලා. අදයි ඇත්ත දැනගත්තේ. බොහොම ස්තුතියි. හැබැයි බොහොමයක් ගෙවල්වල තියෙන්නේ කටටම වතුර පුරවලා කිටි කිටියේ තදකරපු මූඩි සහිත බෝතල්.

    ReplyDelete
    Replies
    1. මේ කියන අදහස පිළි ගන්න පුළුවන් නේද ? වැහි දවසකට ඔය කියන දේ වෙන්න බෑනේ.

      Delete
    2. මමත් හිතන් හිටියේ ඔය දේම තමයි

      Delete
  2. අයි තෝට් බෝතලේ ඇතුළෙන් එන ඉමේජ් එකට ඩෝග් බය වෙනවා කියලා සුදීක..

    ReplyDelete
  3. නොයිස් එක නං මන්දා බං , මමත් ඔහොම තියලා බල්ලා එතනම රීලා ගියා , ඊලග දවසේ පුකත් හෝදගන යයි කියලා මම වතුර බෝතල් දෙක විසික්කරලා . බෙට්ටත් උදැල්ලට අරගන විසික්කරලාදැම්මා

    ReplyDelete
    Replies
    1. ඉමේජ් එක එන ජාතියේ බෝතලයක් ගන්න අටම් ..

      Delete
    2. මෙහෙමයි බල්ලෝ කොයි හැටි වෙතත් පාරේ යන ඩෝපර්ලා ප්‍රයෝජනේ ගනියි. වාහනයකට වතුර පොඩ්ඩක් ඕනේ වුණ කෙනෙක්ට පිහිට වෙයි.

      Delete
    3. අපරාදෙ අටමො බෙට්ට විසිකලේ...තියා ගන්න තිබුනෙ...හක හක

      Delete
  4. ගෙට්ටු ලග වතුර බොතල් තියනවා දැකල තිබුනට ....හරියටම එකෙන් වෙන වැඩේ දැන ගත්තේ අදනේ.... ජය වේවා!

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනෙක් දන්නෙත් නැතුවම තමයි වැඩේ කරන්නේ. මොනවා වුණත් මේවගෙන් සේවයක් වෙනවා.

      Delete
  5. දාපු කමෙන්ට් එක කෝ

    ReplyDelete
    Replies
    1. ඔය උඩ තියෙන්නේ.

      Delete
    2. මූ බීලා.. මහ රෑ නෙව..

      Delete
    3. අටමා ආයෙත් අමුවෙන්ම නෙලන්න අරංද....

      Delete
  6. මම නම් ඉතින් මෙහෙම දෙයක් දැකලා නම් නැහැ.. කෝම වුනත් දැන ගත්ත එක නම් හොදයි..

    ReplyDelete
    Replies
    1. ලංකාවේ නම් හැම තැනම.

      Delete
  7. මේ වගේ කතාවක් ඇහුවමයි.

    //(අයි.කිව් වැඩි අය වේගෙන් කතා කරනවා කියන එක මගේ විශ්වාසෙ)//

    මේක කතාව නම් ඇත්ත වෙන්ට ඇති කියලා හිතෙනවා. මම දන්න මහාචාර්යවරු කීපදෙනෙක්ගේ කතාව ඔය වගේ. :)

    ReplyDelete
    Replies
    1. මේක ලංකාවේ සොයා ගැනීමක්.

      විසේසඥ වෛද්‍ය දිල්රුක්ෂි රුබේරු මහත්මියත් හරි වේගෙන් කතා කරන කෙනෙක්.

      Delete
  8. තමන්ගෙ ගෙදර වාහන ටයර් හතර ලගත් ඔහොම වතුර බෝතල් තියනව ගෙදර බලු නට්ට චු කරන එකෙන් බේරගන්න.

    ReplyDelete
  9. //පොඩි කාලේ මගේ හොඳම මිතුරිය වෙච්ච ලාලනී ගේ ආච්චි.//

    ඒ කියන්නේ සුදීකගෙ හොදම මිතුරිය වෙලා හිටියේ ආච්චි කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. දැන් ආච්චි කොහොම වෙතත් අම්මා කෙනෙක්.

      Delete
  10. රියාජ් මාර ඩයල් එකක් නේද?

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම මට හම්බ වුණු පුදුමාකාර මිනිහෙක්.

      Delete
  11. mage Wife tiyanna haduwa. ai api vitarda ina ona? un ine kohada? Bottle deka visik kara.

    ReplyDelete
    Replies
    1. මෙන්න කොල්ලෝ.

      Delete
    2. අඩේ මේකා ඇව්ල්ලා.. කලින්ම නිදහස් උනාද වැලිකඩින්...

      Delete
  12. මම ඇස් දෙකෙන්ම දැකල තියෙනව කුපාඩි බල්ලො ඒකටත් කකුල උස්සල චූ කරල යනව....

    ReplyDelete
    Replies
    1. බල්ලෝ කියන්නේ නිකන්ද ?

      Delete
  13. බල්ලො කෙසේ වෙතත් පූසො නම් පැත්ත පලාතේ එන්නේ නෑ.. අත්දැකීමෙන් කියන්නේ..

    හැබයි ඉතින් දැන් නම් වතුර බෝතල් තියන එකත් ලේසි වැඩක් නෙමෙයි.. මොකෝ වතුරටත් වටිනාකමක් තියෙනවනේ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ අර අංකල් චාන්ස් එක ගත්තේ.

      Delete
  14. මම නං දන්න තරමට ඕකෙන් වෙන්නෙ බෝතලෙන් උගේම මූන පෙනුනම බල්ලා හැරිල යන එක... මොකද එයාලා මුලින්ම කරන්නෙ ඉව කරලා බලන එකනේ.. මහ රෑට උනත් මූණ ඉස්සරහම ඡායාවක් වගේ එහෙට මෙහෙට වෙනවා දැක්කම බයවෙලා යනවා.. මං ඕක දන්නෙ අපේ ගෙදර ඉස්සරහ තියෙන කණුව නාවන්න හැමදාම එන බලු රැළ පන්නන්න ඔය ක්‍රමේ පාවිච්චි කරපු හින්ද...

    ReplyDelete
    Replies
    1. ඔයාලා බෝතලේ මුදිය යකාටවත් ගලවන්න තද කලාට පස්සේ ඉතින් නොයිස් එකක් එන්නේ නැහැනේ ,, හි හි

      Delete
    2. මූඩිය තද කිරීම තමයි ප්‍රශ්නේ. එහෙම තද කරනවා නම් අල්පෙනේනේත්තකින් හිලක් විදින්න ඕනේ උඩ හරියේ. බල්ලෝ සාමාන්‍යන් තව බල්ලෙක් දැක්කම පල්ලන් බහින්නේ අඩුවෙන්. අනිත් එක චායාවක් පෙන්නන්න ඕනේ නම් තියන්න ඕනේ කන්නාඩියක්. රෑට එළියක් නැත්නම් චායාව පේන්නෙත් නෑ. ඒ නිසා තර්කානුකූලව රියාජ් කියන එක පිලි ගන්න වෙනවා.

      Delete
    3. ඉතින් ඕක තමන්ටම කරලා බලන්න පුළුවන්නේ ..

      01. බෝතලයක් හාෆ් පුරවන්න ..
      02.මූඩියත් හාෆ් ක්ලෝස් කරන්න .
      03.ඩෝග් කෙනෙක් ඉන්න තැනකට යන්න බෝතලේ අරන්
      04.ඩෝග් ළඟ ඉඳලා බෝතලේ මිරිකන්න
      05. නොයිස් කේස් එකක් නම් ඩෝග් අහකටයයි.. එහෙම නැත්නම්
      06.බෝතලේ ඇතුළේ ඉන්න ඉමේජ් එක පෙන්නන්න

      නොයිස් එකටද යන්නේ , ඉමේජ් එකටද යන්නේ කියලා බලන්න පුළුවන් මන් කියපු ක්‍රමෙන්..

      Delete
    4. මන් අපේ බල්ලගෙන් ඇහුවා.. ඌ කියනවා නොයිස් එකටලු යන්නෙ.

      Delete
    5. හි හි කොළඹ හතේ නෝනා කෙනෙක් වගේනේ සහන් භාෂාව හි හි

      Delete
    6. සහන් අපේ රියාජයාට ඔලොක්කු කරනවා නේද ? :)

      Delete
  15. පූසංගෙන් බේරෙන්න බැරුව මාත් ඔය වතුර කෙස් එක කොරල තියෙනව හැබැයි උඹ කිව්වා වාගේ වැඩිපුරම පාවිච්චි කලේ කොහේ හරි යනකොට වතුර චෙක් කොරන්ට පාවිච්චි කොරපු එකයි හික්ස් මොකද්ද බං අර ටූ තර්ඩ් කිව්වෙ තුන්කාල කියන එකද

    ReplyDelete
    Replies
    1. පව් බං ඌ මුස්ලිම් වුණාට හොඳ කොල්ලා.

      Delete
  16. මාත් හිතාගෙන හිටියෙ ඔය විචාරක, සහන් කියල තියෙනව වගේ බල්ලගෙ රූපෙ බොතලෙන් පේන එකට ඌ බලවෙනව කියලයි. එහෙම වෙන්නනං ඔය ප්ලාස්ටික් බෝතල් හරියන්නෙ නෑ. වීදුරු බෝතලයක් ගන්න ඕන.
    මේක ඇත්තද කියල ඉතිං බල්ලෙක්ගෙන්ම තමයි අහන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. නැත්නම් බල්ලෝ ලඟින් ඇසුරු කරන එකෙක් ගෙන්. මොකද මම නම් බල්ලෝ ඉන්න කිට්ටුවකින් වත් යන්නේ නෑ.

      Delete
  17. සුදික ස්තුතියි. මාත් ඒක දැනං හිටියේ නැහැ. සමහර විට මේක ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි පාට වතුර බෝතල් තියන එකත් නිකං වතුර බෝතල් තියෙන එකත් අතර වෙනසක් තියේද මන්ද? අපේ ගෙදර නං ඔය මොන බෝතලේ තිබ්බත් බල්ලෝ එන එක නවත්තන්න බැරි උනා නෙව. අයි ලයික් දිස් පෝස්ට් වෙරි මච්

    ReplyDelete
    Replies
    1. උබ හම්බ වෙන්න එන එවුන්ට බොතල් දෙන එකත් හොද වැඩක් තමයි

      Delete
    2. තව පාරක් ට්‍රයි කරන්න මූඩිය පොඩ්ඩක් ලිහිල් කරලා.

      Delete
    3. //අපේ ගෙදර නං ඔය මොන බෝතලේ තිබ්බත් බල්ලෝ එන එක නවත්තන්න බැරි උනා නෙව//
      ඒ සිද්ධිය විස්තර කරන්න ඥාතීත්වය කියන දේ ඕන වෙනව.

      Delete
  18. මිනිස්සු මන් හිතන්නේ ඔකේ ඇත්ත හේතුව නොදැන තමයි අනිත් අය තියනවට තියන්නේ ,, මුදිය හොදට තද කරනවනේ වතුර හැලෙන නිසා , එකෙන් බල්ලට කිසි බලපෑමක් නැහැ මන් හිතන්නේ එතකොට ,,

    ReplyDelete
    Replies
    1. කරන්නන් වාලේ කරන්න නම් මෙහෙම ජාතියක් නැතිව ඇති.

      Delete
  19. උඩ දාලා තිබ්බ මෙගා බෝතල් කොටස දැක්කම මන් හිතුවේ වෙන දෙයක් ,, මොකද ප්ලාස්ටික් බෝතල් වල ප්‍රමිතිය ගැන ඔය ඉලක්කමෙන් කියවෙන නිසා ,, 1 ඉලක්කම තියෙන බෝතල් වලට වතුර පුරෝ පුරෝ අපි බිවට එය එක් වරක් පාවිච්චියටනේ හදලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒ ගැන ඊමේල් එකකින් දැනුවත් වුණා. ත්‍රිකෝණය ඇතුලේ තියෙන අංක වලින් කියවෙන දේ. නරකද ඒ ගැන ලිව්වොත්.

      Delete
    2. හ්ම්ම් ඔව් අයියේ

      Delete
  20. ඕක දැකලා තියෙනවා. ඒත් හරි විස්තාරේ දන්නේ නෑ. වැඩේ ඇත්තවෙන්න පුළුවන් .

    ReplyDelete
    Replies
    1. මමත් ඉන්නේ 50-50 තැනක.

      Delete
  21. අපිත් තියලා බැලුවනේ බන්. බල්ලො එන එක අඩු උනා නෙමෙයි වැඩි වුනාද කොහෙද

    ReplyDelete
    Replies
    1. එහෙම ඉට්ටයි කරන බල්ලෙක්ද දන්නෑ ?

      Delete
  22. පින්තාලි තියන එකනම් මචො රොම්බ පිනක්.බොතල් වැඩෙ දැනගෙන හිටියත් අද තමයි හෙතුවක් දැන ගත්තෙ.එකක් නෙමෙයි දෙකක්ම.
    ප්‍රසන්න ඔන්න දේශකය ඉන්නව අහල බලපන්

    ReplyDelete
    Replies
    1. රොම්බ කිව්වේ දෙමළෙන් නේද ? දන්නවද ලංකාවේ දෙමළ කට්ටිය ඔය වචනේ පාවිච්චි කරන්නේ නෑ. මමත් දැන ගත්තේ ඉන්දියන් කාටූන් එකක් පොඩි එකී බලනකොට. වැඩේ තියෙන්නේ අපේ දෙමළ කට්ටිය ඔය වචනේ දන්නේ නැති එක.

      Delete
  23. හෆොයි මේ ලගදී මම ගිය අපාර්ට්මන්ට් එකක 2වෙනි තට්ටුවටත් බල්ලෝ එනවලු... මම අර විචාරකලා වගේ ඉමේජ් කතන්දරේ කියල එයාලගේ ගේ දොරකඩ වතුර බෝතල් ගණනාවක් තියවලා තමයි ආවේ ..... වැඩේ කියන්නේ එතනට වැරදිලාවත් අව්ව වැටෙන්නෙත් නෑ.... ඒ නදිවට බෝතලුත් කට කපලා වතුර පුරවලා ..... දැන් කොමද මේක හරිග්ගස්සන්නේ ???

    ReplyDelete
    Replies
    1. තුනෙන් දෙකක් විතර දාලා, මුඩිය පොඩ්ඩක් ලූස් කරලා බලන්න.

      Delete
  24. මටත් හිතෙනවා ඇත්ත වෙන්න ඇති කියලා. ඔය වගේ තව ගොඩක් දේවල් තියනව නේ අපි හේතුව නො දැන සිරිතක් විදිහට කරන. හයෙන් පස්සෙ ගේ අතු ගාලා කුණු එළියට දාන්නෙ නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. ඒවනම් පැරණි සිරිත් විරිත් නේ. මෙගා බෝතල් සීන් එකට ආවේ ළඟදී නේ.

      Delete
  25. ජපානෙ බල්ලො නියමිත තැනට ගිහිල්ල චු කොරල එනව මල්ලො..
    ලංකාවෙ බල්ලො දෙනෝ දාහක් බලන් ඉද්දි ඔයාලගෙ පැත්තෙ හෝටල් පුල් වලට ත් චු කරනවනෙ බොලං..

    ReplyDelete
    Replies
    1. හොඳම උදාහරණේ කොටුව ස්ටේෂන් එක ඉදිරිපිට තියෙන අනවසර කඩ ඉවත් කරන්න කඩලා තියෙන තැන කකුල් දෙකේ එවුන් චූ කරලා. අපි ඉන්දියාවට හිනා වෙනවා.

      Delete
    2. @කෙන්ජි ඔයාගේ කථාව මේ බෝතල් කතාවෙන් ඔබ්බට ගිය ලොකු කතාවක් කියලයි මන් හිතන්නේ
      EX: ගණිකා වූර්තිය නීති ගත කිරීම දක්වා හි හි

      Delete
  26. මම හිතුවෙ හෝද ගන්න වතුර බෝතලයක් තියල කියල බල්ලෝ ලජ්ජාවට ජරා කරන්නෙ නෑ කියල. D

    ReplyDelete
    Replies
    1. බල්ලොත් ටිකක් ආඩම්බර කාරයෝ නේ.

      Delete
  27. බොරු බං! ඕව විශ්වාස කරන්න එපා. විද්‍යාවේ නාමයෙන් පතුරවන මිත්‍යාවන් තමයි ඔය. මම දවසක් අහගෙන ඔය ප්‍රතිබිම්බය නිසා සතුන් භයවෙන කතාවක් දොරමඬලාව හරි මොකක් හරි මලදානෙක කියනව. නිරන්තරයෙන් ඇතිවෙන සද්දයක් පරිසරයේ තිබුන කියල සකුන් බයවෙන්නෙ නෑ. එකසැරේටම ඇතිවෙන ශබ්දයකින් විතරයි සතුන් භයවෙන්නෙ.

    ඔය කේස් එක ගැන මාත් ලිව්ව
    http://raj1st.blogspot.com/2013/03/blog-post_8.html

    ReplyDelete
    Replies
    1. මමත් හිටියේ රාජ් කියන මතයේම තමයි. මේ කතා දෙකෙන් සද්දේ තමයි පොඩ්ඩක් හරි විශ්වාස කරන්න පුළුවන්. මම එද්දාස් නමසිය අනු ගණන් වල සොෆ්ට්වෙයාර් එකක් ඩවුන්ලෝඩ් කර ගත්තා. එකෙන් මදුරුවෝ පලවා හරිනවා. කොහොමද කරන්නේ ? පිරිමි මදුරුවා නිකුත් කර සද්දෙට සමාන සද්දයක් පිට කරනවා. එහෙම කරනකොට මදුරුවී ඉන්නේ නැතිලු. හැබැයි 100% සාර්ථක නෑ.

      Delete
  28. කොහොමද බං සද්දෙන් කියන්නේ පාස්වර්ඩ් එක? ඒක නම් අදහගන්නත් අමාරුයි.

    ඔය වතුර බෝතල් තියෙන සීන් එක මම වෙන කොහෙවත් දැකලා නෑ. දැක්ක එකම තැන අපේ බ්ලොග් ලියන ගාමිණී සමරකෝන්ගේ ගිරිතලේ කවාර්ටර්ස් එකේ. ඒකේ උදව්වට හිටපු සයිමන් අංකල් ක්වාර්ටර්ස් එක වටේට වතුර බෝතල් තියෙනවා රිලවුන්ගෙන් බේරෙන්න. එදත් මම ඕක දැකලා ඇහුවාම තමයි විස්තරේ කිව්වේ.

    අක්කගෙයි උඹේ පුන්‍ය කර්මය නම් හරිම සොඳුරුයි.

    ReplyDelete
    Replies
    1. උඹ දන්නවද මොබයිල් ෆෝන් එකේ ඉලක්කම් පේලි වලට ආවේනික සවුන්ඩ් තියෙනවා. මේකා එහෙම ටෙක්නික් එකකින් හිතා ගන්නවා වෙන්නත් පුළුවන්.

      Delete
  29. අපේ ගෙදරත් ඔහොම බෝතල් දෙකක් තියලා තියෙනවා..කොහොමින් හරි එයින් පස්සේ බල්ලෝ ඇවිත් ජරා කරන එකනම් අඩුවුනා.., මටත් ගැටලුව තිබුනේ කොහොමද ඒක වෙන්නේ කියලා..දැන්නේ කාරනේ තේරුනේ ..

    ReplyDelete
    Replies
    1. මේකට දැන් රිසර්ච් එක කරන්නම වෙනවා.

      Delete
  30. අපේ ගෙදරත් ඔහොම බෝතල් දෙකක් තියලා තියෙනවා..කොහොමින් හරි එයින් පස්සේ බල්ලෝ ඇවිත් ජරා කරන එකනම් අඩුවුනා.., මටත් ගැටලුව තිබුනේ කොහොමද ඒක වෙන්නේ කියලා..දැන්නේ කාරනේ තේරුනේ ..

    ReplyDelete
  31. අපේ පැත්තෙ ගෙදරක ඉස්සෙල්ලාම මේ වැඩේ කලා...හැමෝම අහුවා මේ බෝතල් තියලා තියෙන්නෙ ඇයි කියලා...හේතුව කිව්වට පස්සෙ ගමටම ලෙඩේ බෝ වුනා...මේ කුපාඩි බල්ලන්ට වෙන වැඩක් නෑ බෙටි ගහන එක ඇරෙන්න...මුන්ට ජංගි ඇන්දුවා නම් මේක පාලනය කරගන්න පුලුවන් ලේසියෙන්...

    ReplyDelete
    Replies
    1. උන් ගේට්ටු ගාවම මේ කැත වැඩේ කරන්නේ ඇයි කියලා හොයන්න ඕනේ.

      Delete
  32. මමත් බෝතල් තියල නං නෑ නමුත් අපේ පලාතෙ හැම තැනම ඔය විදියට වතුර බෝතල් තියල තියෙනව දැකල තියේ.
    ප්‍රතිපලේ කොහොම උනාද නං නොදනිමි.

    ReplyDelete
    Replies
    1. රාත්‍රී කාලේ ජළ අවශ්‍යතා වලට නම් විසඳුම ලැබුණා.

      Delete
  33. බල්ලො යන්නෙ ප්‍රතිබිම්බය දැකලා. ඕනනම් වීදුරු බෝතලයක් බිම තියලා බඩගාගෙන ගිහින් බලන්න. අර මෑන් ගැන කියලා බොන එවුන්ට අපහාස කරන්න එපා. කෝ මේ නලියා...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ දැන් හැමෝම වතුර තියන්න ඕනේ.

      Delete
    2. නලියා පින්නවල ගිහිං.

      Delete
  34. මචං ඔය උඩ රූප‍ය සූර්‍ය්‍ ආලෝකය මගින් දිවා කාලයේ ගොඩනැගිලි ආලෝකවත් කරන ක්‍රමයනේ.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. උඹ ඉතිං විද්‍යාඥයානේ.

      Delete
  35. මේක නම් මම මේ ඇහුවමයි සත්තකින්ම. මේක කව්ද අප්පා හොයාගත්ත එකා. ඉම්පෝටඩ් අයිඩියා එකක්ද?

    ReplyDelete
  36. මේකේ විද්‍යාත්මක පැත්ත දන්නේ අදනේ. :)

    ReplyDelete
  37. අපේ ගෙදරත් තැන් කිපයකම ඔය වතුර බෝතල් සෙල්ලම කරල තැන් තැන්වල තියෙනවා. හැබැයි ෆුල් බොටල්ස් දඩාවතේ යන බල්ලොත් එනවා. හෙට ඉඳල අලුත් ක්‍රමේ අත්හදා බලන්න ඕනේ.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...