Monday, October 28, 2013

රසවත් ඇබැද්දියක් ...... Troubled but enjoyed

සෙලියුලර් ෆෝන් ලංකාවේ වඩාත් ජනප්‍රිය වේගෙන ආව 1995 වගේ කාලේ තමයි මම බැංකුවට ආවේ. ඒ කාලේ අපි ගාව පේ ෆෝන් කාඩ් අට්ටි ගණන් තිබුණා පාවිච්චි කරපු. හැම දෙනා අතම ජංගම දුරකථනයක් නොතිබුණු ඒ කාලේ, එක්කෙනා දෙන්නා හොරෙන් හොරෙන් වගේ ජංගම දුරකථන ගත්තා. විශේෂයෙන්ම අපි වගේ කොළඹට සංක්‍රමණය වෙච්ච අයට මේක වැදගත් මෙවලමක් වුණේ, ඒ කාලේ තිබ්බ බෝම්බ පිපිරීම් එක්ක. මේ බෝම්බෙනුත් අපි බේරුණා කියලා ගෙදරට කියන්න. 1996 ජනවාරි තිස් එක් වෙනිදා මහා බැංකුවට එල්ල වුණු බෝම්බ ප්‍රහාරයත් එක්ක කැළඹිලා හිටිය ගෙදර උදවියට පණිවුඩය දෙන්න හොඳටම ප්‍රමාද වුනාම මමත් තීරණය කරා ජංගම දුරකථනයක් ගන්න. 

මුලින්ම ගත්ත මොබිටෙල් සබඳතාවයක්. එකේ පිටතර රුපියල් දහතුනයි, පැමිණෙන ඒවාට රුපියල් දහයයි. හිතා ගන්නවත් පුළුවන්ද ? ඒ කාලේ සමහර ඒවා රුපියල් දහ-නවයක් අය කළා. මේ කාරණය නිසාම මම ඩයලොග් සබඳතාවක් ගත්තා අනු අටේදී. එතකොට ඩයලොග් වැඩිය ජනප්‍රිය නෑ. කවුරුවත් ගන්නෙම නැති ගණන්. කිසි වදයක් නැතිව ගන්න පුළුවන්. කෝල් නෙවෙයි සබඳතාවය. කෝල් එකක් ගන්න අට වතාවක් උත්සාහ කරන්න ඕනේ. අපි ඒ කාලේ ඔටෝ රී ඩයල් දැම්මා. පස්සේ බිල ආවම දැන ගත්තේ, ඔටෝ ඩයල් වෙච්ච හැම එකකටම බිල් වෙලා කියලා. ඉතිං කියන්න බැරි වුණා, මගේ සබඳතවේ පිටතට අටයි, ඇතුළතට හතරයි, පළමු විනාඩි තුන නොමිලේ. වන් ෆෝ වන කියලා එකක් තිබ්බා. ස්ථාවර දුරකථන වලට එක කෝල් එකක් ගත්තම. ගන්න හැම විනාදියකටම ස්ථාවර ලැබෙන ඇමතුමක සමාන විනාඩි ගණනක් නොමිලේ. අපි පුදුම විදියට ඒ කාලේ ඕවා කළමනාකරණය කළා. විශේෂයෙන්ම දුරකථන නැති අය එන ඇමතුම වලට අපේ අංක භාවිතා කළා විනාඩි තුන ඇතුලත. මගේ රුපියල් අටට තිබ්බ අවුට්ගොයින් ඒකත් රුපියල් නවයක් වුණා ටික කාලෙකදී. ඒ අනුව තමයි දහ අට තිබ්බ සෙල්ටෙල් ඒවා දහ නවයත්, දොළහට තිබ්බ මොබිටෙල් ඒවා දහතුන වුණෙත්.

පින්තූරය ගත්තේ : www.flashgsm.ro
මේ කාලෙදී මම වැඩ කල කාර්යාලය තිබ්බේ නුගේගොඩ. එකක් කියන්න ඕනේ මගේ ගාව ඒ කාලේ තිබ්බ Sagem RT635 කියන ෆෝන් එක. කියලා වැඩක් නෑ කණ පැලෙන්න සිග්නල් තියෙනවා. ඉස්සර ලංකාවේ හැමතැනම ඇවිද්ද අපිට මේකෙන් වෙච්ච සේවේ කියලා වැඩක් නෑ. ඒ කාලේ හැටියට තිබ්බ ගඩොල් වල හැටියට මේක මාර ස්ලිම් ෆෝන් එකක්. මිනිස්සු ඉල්ලගෙන බලපු අවස්ථාත් තියෙනවා. මම මේකට රුපියල් එක්දාස් පන්සීයක් දීලා කවරෙකුත් ගත්තා. ඉස්සර මේවා සාක්කුවේ දාගෙන ඉන්නවා කියන්නේ හරි අමාරු වැඩක්. දැන් වගේ ස්ලිම් ෆිට් කලිසම් ඇන්දා නම් දාලා හමාරයි. ඉතිං මම ඔෆිස් ගිය ගමන් ෆෝන් එක අරගෙන මෙසේ උඩින් තියනවා.

දවසක් මෙහෙම තියලා තේ බීලා එනකොට අපේ ඔෆිස් එකේ චුලා (මගෝඩි වැඩ වලට දෙයියා) මගේ ෆෝන් එක අතේ තියාගෙන ඉන්නවා මම දැක්කා. මාව දැකපු ගමන් චුලා ෆෝන් එක මෙසේ උඩින් තිබ්බා. මමත් ගණන් ගත්තේ නෑ. ඔහොම ටික දවසක් ගෙවිලා ගියා. දවසක් ලෙස්ලියා මගේ ගාවට දුවගෙන එනවා ප්‍රින්ට් අවුට් කෑල්ලකුත් අරගෙන.

"මචං බලපන් හරි වැඩක් නේ වෙලා තියෙන්නේ. උඹේ ෆෝන් එකෙන් මගේ ෆෝන් එකට ගිය මාසේ කෝල් එකක ඇවිල්ලා. විනාඩි දහයක් අපි දෙන්නා කථා කරවද ? මම විනාඩියෙන් කට් කරන එකා. බලපන් බිල. විනාඩි දහයට රුපියල් එකසිය හැටක් ගිහිං"

"මටත් හිතා ගන්න බෑ. පොඩ්ඩක් හිටපං මගෙත් බිල ආවට මම කඩලා බැලුවේ නෑ. බෑග් එකේ ඇති"

මම බිල අරන් කඩලා බැලුවා. මගෙන් ලෙස්ලිගේ ෆෝන් එකට කෝල් එකක් ගිහින්. විනාඩි දහයට මට රුපියල් අනූවක් ගිහිං. මම ටිකක් කල්පනාවට වැටුණා. ටික වෙලාවකින් මට වැඩේ මීටර් වුණා.

"මචං දවසක් මම තේ බීලා එනකොට චුලා මගේ ෆෝන් එක අතේ තියන් ඉඳල පැත්තකින් තිබ්බ. මමත් බැලුවේ නෑ. සමහරවිට උඹ අනිත් පැත්තෙන් කවුරුවත් කතා නොකරන නිසා කට් කරන්නේ නැතිව ෆෝන් එක තිබ්බද දන්නේ නෑ. මටත් රුපියල් අනූවක් ගිහිං"

"බලපන් බං වැඩේ හැටි, ගත්තු එකාට අනූවයි. ආපු එකාට එකසිය හැටයි !!!"

______________________________________
අද කාලේ මේ වගේ එකක් වුණත් කවුරුවත් ගණන් ගන්නේ නෑ. ඒ කාලේ අපි පුදුම අරපිරිමැස්මෙන් තමයි ෆෝන් භාවිතා කලේ. දැන් නම් ඉතිං බ්ලාස්ටර්, උපහාර නිසා මේවා ගාණක් වත් නෑ. අනිත් එක තමයි ඒ කාලේ සී.එල්.අයි. නෑ. හරියට අන්ඩර දෙනවා, විනාඩිය පනිනක්න්. මෙන්න මේ අතීතය පොඩ්ඩක් මතක් කරන්නත් එක්ක මේ කතාව මතක් කලේ.
__________________________________________
ප.ලි. පස්සේ දැක්කේ මේ මම ලියපු 250 වෙනි පොස්ට් එක කියලා. 

60 comments:

  1. 2000දි අපේ ගෙදර ෆෝන් එක විදියට ගත්තු හචිසන් රන්කතා තමයි මං පාවිච්චි කරපු මුල්ම මොබයිල් ෆෝන් එක. මුලින් ගෙනාවෙ ලස්සන Ericsson T1018i ෆෝන් එකක්. ඒත් ඒකෙන් අපේ ගෙදරට සිග්නල් මදි. ඒපාර ඒක මාරු කරලා Alcatel One Touch Easy එකක් ගෙනාවා. අපිත් ගොඩක් වෙලාවට කෝල් ගත්තෙ මිදුලට බැහැලා. එන කෝල් රිසීව් කරන්න ෆෝන් එක තියලා තිබ්බෙ ජනෙල් පඩිය උඩ :D

    ReplyDelete
    Replies
    1. ප්‍රදේශයත් කිව්වනම් තමයි ඉන්දරේ වටින්නේ. අපේ ගමට නම් හැම වර්ගයකම සිග්නල් හොඳට තිබ්බා.

      Delete
    2. හචිසන් රන්කතා ෆෝන් විකුනපු එක තමා මගෙ පළවෙනි රස්සාව...2002 කාලෙදි විතර..මම ඉන්න කාලෙනම් දුන්නේ මෝටරොල්ලා ඒ130 එක නැත්නම් තව ඊට වඩා ප්‍රමාණයෙන් කුඩා මෝටරොල්ලා හෑන්ඩ් සෙට් එකකුයි. ඒක දුන්නේ මොබයිල් ෆෝන් එකකට වඩා ෆික්ස් ෆෝන් එකක් විදිහට.. ඇන්ටෙනාවක් ආධාරයෙන් තමයි සිග්නල් ගන්නෙ... මොබයිල් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ පොඩි සීමාවක විතරයි... ෆෝන් කවරයක් රුපියල් දාහකට විකුණපු අවස්තාත් තිවුනා.. අඩුම පන්සීයයි.. පිටකොටුවෙන් ගන්නේ එකක් තිහකට හරි හතලිහකට හරි...

      Delete
    3. මේ ඉන්නේ විකුණපු කට්ටිය. Motorolla A130 වලට AAA බැටරි දෙකක් දාන්නත් පුළුවන් නේද ?

      Delete
    4. ඔව් AAA බැටරි වලිනුත් වැඩ කරන්න පුළුවන්.. ඒක මුලින්ම ආවේ ඇනලොග් ෆෝන් එකක් විදිහට පස්සේ ඒ මොඩ්ල් එකම ජීඑස් එම් වලිනුත් ආවා.. අපේ එවුන් ටික කාලෙකට පස්සේ ජී එස් එම් යුනිට් එක ලෑන්ඩ් ෆෝන් එකකට ෆික්ස් කරලා අස්ප ගණන්වලට වික්කා.. ඒ 130 ක් ඒ දවස්වල උපරිම තුන්දාහක් විතර වුනේ.. මුන් මේක ලෑන්ඩ් ෆෝන් එකකට හයි කරලා 25000 ට විතර වික්කා.. උපරිම වියදම 5000ක් වත් උනේ නෑ...

      Delete
    5. මමත් ළඟදී උත්සාහයක් ගත්තා හෑන්ස් ෆ්‍රී එකේ වයර් එක ස්පීකර්/මයික් වලට සම්බන්ධ කරලා ගෙදර ෆෝන් එක ඇතුලට මොබයිල් එකක් දාලා ගෙදර තියන්න. වෙලාව මදිකම හින්දා වැඩේ මග ඇරුණා.

      Delete
  2. ඒ කාලේ එහෙමයි නෙව

    ReplyDelete
  3. මම මුලින්ම ගත්තෙ ඩයලොග්. 1998 දි. MOTOROLA D460.මාතර ටවුන් එකටනම් සිග්නල් තිබුන. ගෙදරදිනම් මිදුලට ගිහින් තමයි කෝල් ගත්තෙ. :)

    ReplyDelete
    Replies
    1. ඒක ඒ කාලේ බොහෝ දෙනෙක් ගාව තිබුනා. මුළු සිම් එකම දාන මොඩල් එකක් නේද?

      Delete
    2. අපෝ මාතර.. සිහ්... කනු වැඩ කරන්න ඉතිං ඔය අජුත ටවුමේ පොල් ගහකට නගින්න ඕන. ඒත මේ දවස් වල බැරිව ඇති. අර පොල්කොල මැලවීමේ රෝගෙට ඒවා ඔක්කෝම කපල නේ... මම නං ඔය පැත්තේ ගියත් අහක බලං යන්නේ ඒ තරං මෙව්ව එකයි.. හැක්..

      Delete
    3. සුදීක- ඹව්..ඹව් ක්‍රෙඩිට් කාර්ඩ් එකක තරම.

      මට ඹය දේශකයකියන එකා අහු උනොත්..⌠ε╖σ╫≥≥¥

      Delete
  4. මමත් ඉතින් ඔන්න ෆෝන් එකක් ගන්න පුළුවන් වෙච්ච මුල් කාළෙම ගත්තා එකක්... අරගෙන දවස් 3යි අදුනන ගෑල්ලමයෙක්ගේ ගෙදරකින් ආවා ආරාධනාවක් පොල්හේනේ නාන්න යන්න ඔක්කොම කට්ටිය 15ක් විතර ගල්ලමයාගේ අයියයි එයාගේ යාළුවොයිත් ඔතන හිටියා.... ඔය කට්ටියගෙන්ම සෙල් ෆෝන් එකක් තිබ්බේ මට විතරයි කොමද තැන...... කොම හරි මුහුදේ නාන වෙලාවේදී ෆෝන් එක මම වෑන් එකේ තියලා ආවේ අසනීපයි කියල නොනා හිටපු අර අයියගේ යාලුවෙක්ට පොඩ්ඩක් ඕක බලාගන්න කියලා...... මෙන්න ටිකකින් අර අයියගේ අනෙක් යාලුවෝ ටික අර නොනා හිටපු එකාව ඇදන් හිටපු ඇදුම් පිටින්ම ගෙනත් දමාපි මුහුදේ........ සැප කනට ගියේ මගේ... අරු වැඩි ආරක්ෂාවට මගේ ෆෝන් එක උගේ සාක්කුවේ දාන් ඉදලා....... දින තුනෙන් පළමු ෆෝන් එක අවසන් ගමන් ගියේ ඔන්න ඔහොමලු

    ReplyDelete
    Replies
    1. ඉතිං මොකේදැයි දන් වළඳන්නේ.

      Delete
  5. හප්පා ඒ කාලේනම් මරු...අම මුලින්ම ගත්තෙත් ඔය විදියෙම සීමන්ස් කියන ෆෝන් එකක්..(2001/2002)විතර, ඒ කාලෙත් ඉන්කමින් අවුට් ගොයින් පට්ට ගණන්.., ඒ මදිවට සිම් වල ගණන්.. මම ඩයලොග් සිම් එක ගත්තේ 1700 කට.., දැන්නම් සිම් නිකනුත් දෙනවා නෙවැ..ඒ කාලේ හැටියට කවුද හිතුවේ සිම් වලට මෙහෙම කලක් යාවි කියලා ..

    ReplyDelete
    Replies
    1. දැන් නිකං දුන්නත් ගන්න අය නෑ.

      Delete
  6. හපොයි මට මතකයි ඒ කාලේ ෆෝන් නිසා වින්ද දුක 400යේ කාඩ් තමයි අඩුම තිබුනේ ඊට පස්සේ 1000 ඩයලොග් වල. ඒ කාලේ හොඳම තිබුනේ සෙල්ටෙල් වල මම හිතන්නේ ඒ කාලේ ෆෝන් වලටත් කිව්වේ සෙල්ටෙල්

    ReplyDelete
    Replies
    1. එක සැරයක් මම රියාජ් කියලා පහුගිය පොස්ට් එකක කිව්ව මගේ යාලුවට රුපියල් 400 සෙල්කාඩ් එකක් අරන් නම්බර් එක කිව්වා. පස්සේ රියාජ් කිව්වා වැඩ කරන්නේ නෑ කියලා. මම ගිහින් කඩේ මුදලාලිට කිව්වට ගණන් ගත්තේ නෑ. අයියෝ සල්ලි.

      Delete
  7. විචාරක ළඟදි ලිව්ව පෝස්ට් එකක ඔය පරණ ෆොන් වල මරු කතා ටිකක් තිබ්බ.. කමෙන්ට් ටික ඔක්කොටම හපන් ඒකෙ... හි හි...

    මං නං ඉතිං 2004දි විතර කෙලින්ම ගත්තෙ ඩයලොග් එකක්.. ගත්ත කිව්වට තාත්ත තමයි අරන් දුන්නෙ... ඊට පස්සෙ අවුරුද්දෙ තමයි සීඑල්අයි නොමිලේ දෙන්න පටං ගත්තෙ....

    ReplyDelete
    Replies
    1. මටත් ඕක කිව්වම ලොල් කතාවක් මතක් වුණා. දාන්නම් හෙට විතර.

      Delete
    2. හම් හම් මටත් ඒක තමා මතක් උනේ,“ මගේ පලවෙනි එක“

      Delete
  8. 250ට සුබ පැතුම්! මට නම් ඒ කාලෙ ගැන වැඩි මතකයක් නෑ. මම ජංගමයක් ගනිද්දි නම් incoming free කියල මතක යි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. අපිට තමයි හැම එකටම සල්ලි ගෙවන්න වුණේ.

      Delete
  9. ෆෝන් එකට කලින් පේජර් එකක් පාවිච්චි කලේ නැද්ද ? මතකනම් ඒක ගැනත් පොස්ට් එකක් දාන්න, දැන් ඒ ගැන ගොඩක් අයට අමතකයි.
    ඉස්සල්ලම ආව ෆෝන් වලට sim තිබුනෙ නෑ. මට මතක GSM වලට තමයි SIM දාන ෆෝන් ආවේ

    ReplyDelete
    Replies
    1. මම පේජර් පාවිච්චි කරලා නම් නෑ. මුලධර්මේ දන්නවා. ඒ කියන්නේ සෙන්ටර් එකක් හරහා අදාළ පුද්ගලයාට sms එකක් යැවීම. මේක offline sms එකක් කියන්න පුළුවන්. අදාළ පුද්ගලයාගේ පේජර් අංකෙ දැනගෙන ඉන්න ඕනේ. සෙන්ටර් එකට කතා කරලා පණිවිඩේ දෙන්න ඕනේ. එතකොට එයාලා ඒක අදාළ කෙනාට යවනවා. එයාලා ලොකු ටවර් එකක් හරහා තමයි ඒක කරලා තියෙන්නේ.

      Delete
    2. ඔව් කලින් ඒවා ක්‍රියාත්මක වුනේ D-AMPS කියන තාක්ෂණයෙන්.

      Delete
  10. ඇබැද්දියක් නම් තමා. රසවත්ද මන්දා. ඉස්සර කාලේ ඒවා දැන් හිතෙන කොට ඉතින් රසවත් තමානේ. :)

    ReplyDelete
    Replies
    1. තව යාලුවෙක් ඉන්නවා ෆෝන් එක අතට ගත්තම ලැන්වේජ් එක චයිනීස් වලට මාරු කරනවා. මගේ එක මාරු කරද්දී හොද වෙලාවට මැලේසියානු චීන ජාතිකයෙක් හිටියා. එයාට කියලා හදා ගත්තේ. :)

      Delete
  11. 250 සුභ පැතුම්! අපේ අප්පච්චිට තිබ්බා Motorola 888 එකක්! සෙල්ටෙල් සිම් එකක් තිබ්බේ. කෝල් ගන්නනම් ඉතිං ෆෝන් එක අරගෙන කණ්ඩියක් උඩට නගින්න ඕනේ! :D

    ReplyDelete
    Replies
    1. මේක කිව්වම මට මතක් වුණේ අර මුතුගේ දුරකථන සංවාදේ,

      Delete
  12. අම්මෝ තප්පර පනස් පහෙන් කට් කරපු කාලේ නේද?

    ReplyDelete
  13. මම ඉස්සෙල්ලම ගත්තෙ ‍මෝටරෝලා ප්‍රොපයිල් 300 ද කොහෙද කියන ඇනලොග් ගඩොල් බාගයක්. කනෙක්ෂන් එක මොබිටෙල්. එතකොට සිම් දාන ඒව තිබ්බෙ නැද්ද කොහෙද. ඒ කාලෙ ෆෝන් වලට කාඩ් එක දාගන්න මාර කට්ටක් කන්න ඕන. IVR එකේ දාද්දි එක අංකෙකට හරි සිග්නල් නැති උනොත් PIN එක වැරදියි කියනව. තුං පාරක් දාපුවම ෆෝන් එක් ලොක් වෙනව. ඊට පස්සෙ කොම්පැනියට කතා කරල තමයි ආයෙ හදාගන්න ඕන.

    ඉස්සර ගොඩක් තැං වලට වැඩකළේ සෙල්ටෙල් විතරයි.

    ReplyDelete
    Replies
    1. මගේ එකකුත් එක පාරක් බ්ලොක් වුණා. කම්පැනි යන්න වුණා හදා ගන්න. පස්සේ පස්සේ එයාලා PUK PUK2 කෝඩ් අපිටම දුන්නා බ්ලොක් වුණ වෙලාවට පාවිච්චි කරන්න.

      Delete
  14. මට ඉස්සෙල්ලාම සෙල්පෝන් එකක් හම්බ වෙද්දි ඉන්කමින් වලට කැපෙන එක නවත්තන්න කිට්ටුව. හොඳ වෙලාවට ඒම උනේ නැත්නම් මම මීටත් වඩා හිඟන්නා වෙනවා කෝල් හින්දම -_-

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ෆෝන් බිල දෙදාහක් කියන්නේ සාමාන්‍ය දෙයක්.

      Delete
  15. ඒ කාලේ ඩයලොග්ලාට සෑහෙන ලාබයක් තිබ්බේ... ඒ ලාබෙට කර කියා ගන්ඩ දෙයක් නැතුව තිබ්බ කාලයක් !

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ තමයි අනිත් කම්පනි වල හිටපු ඉංජිනේරුවන්ව වැඩි පඩි දීලා අරන් නිකන් තියාගෙන හිටියේ.

      Delete
  16. මතකයි මතකයි මාත් අරගත්තා ඒ කාලේ මොබිටෙල් ගඩොල් භාගයක්

    ReplyDelete
    Replies
    1. පස්සේ මොකද ඒකට කරේ ?

      Delete
  17. මට හොදට මතකයි උඩ සාක්කුවෙ දාගෙන යන්න පුලුවන් ෆොන් එකක් හදල කියල පත්තරෙ ලිපියක් දාල තිබුන.එක බලල මම ගොඩක් දෙනෙකුට පෙන්නු.දැන් මතක් වෙනකොට හිතෙනව කොච්චර වෙනසක් වෙලාද කියල.
    250 ට සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. දැන් ආයෙත් ෆෝන් ලොකු වෙන කාලේ.

      බොහොම ස්තුතියි දමිත්.

      Delete
  18. 250 වෙනි පෝස්ට් එකට සුබ පැතුම් සුදීක... පෝස්ට් 250 දානවා කියන එක නම් සෙල්ලන් නැහැ.. මටත් දැනුයි තේරෙන්නේ... මන් තාම 65 ද කොහෙද ... ( මතකත් නැහැ )

    මටත් මතකයි ඉතින් ඒ කාලේ කරපුවා.. කොහොමත් මොබිටෙල් අය මෑතකදී ෆ්‍රීඩම් නොදෙන්න තවමත් මේකේ යන්නේ සුපිරි මිළ රේට් එකක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහන්. මගේ දෙසිය පනහත් හරි සහන්ගේ හැටපහත් හරි, වඩා අමාරුවෙන් ලියලා තියෙන්නේ සහන්ගේ ඒවා. මමත් ඉඳහිට එහෙම මහන්සි වෙලා ලියනවා. ප්‍රමාණයට වඩා ගුණාත්මක බව මම අගය කරනවා.

      ඔව්. පුද්ගලික කරණයෙන් පාරිභෝගිකයාට සහන සැලසුණු එකම සේවාව මේක.

      Delete
  19. මං පෝන් එකක් ගත්ත මුල් කාලෙ තිබුනෙ හච් සිම් එකක්.කන්ද ූඋඩට ගිහිං හක්මන හිටපු ඒ දවස්වල මං ආසකරපු කෑල්ලට කතා කරනවා.. හම්මේ තියෙන සතුට..වචන තුන හතරයි කතා කරන්න.. ලැබෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. කෝල් එක කට් වුණාද ? නැත්නම් සල්ලි ඉවර වුණාද ?

      Delete
  20. මාර යහළුවෙක්නෙ නොදන්න කමට කෝල් එක අරන්ද? නැත්නම් තියෙන නොසන්ඩාල කමට අරන්ද?

    ReplyDelete
    Replies
    1. නොදන්නා කම නෙවෙයි. නොසන්ඩාල කමත් නෙවෙයි. තරුණ කමනේ :)

      Delete
  21. අපේ කාලේ නම් ඉන්කමින් ෆ්‍රීනේ මාමේ ,, මාත් මුලින්ම ගත්තේ ඉස්කෝලේ එකොළහේදී වෙන්න ඕනේ ,, ලොකුකමට පේන්න ගෙනිච්චට කතා කරන්න කවුරුත් හිටියෙත් නැහැ බිල ගෙවුවේ අම්මා ,, මිස් කෝල් එකක් ආවොත් ඒත් සතුටුයි

    ReplyDelete
    Replies
    1. මුලින්ම කියන්න ඕනේ ඔයාට දෙන වයසේ පුත්තු මගේ ගාව නෑ.

      Delete
    2. හි හි හි

      Delete
  22. තත්වය ඔහොම උනත් තවමත් සිංගප්පූරුවෙ Incoming වලට කපනවා කියලා මම දැනගත්තෙ එහෙට ගියාම...එච්චර දියුණු රටක් වෙලත් අදටත් පැමිණෙන ඇමතුම් වලට අය කරනවා...ලංකාවෙ මුදලින් විනාඩියකට රුපියල් 30 පමණ.

    මම ඉස්සෙල්ලාම පාවිච්චි කලේ Nokia Ringo කියන ඇනලොග් ගඩොල් කැටේ...ඒක ලෑන්ඩ් ෆෝන් එන්න කලියෙන් අපේ ගෙදර පාවිච්චියට ගත්තෙ...

    ReplyDelete
  23. සිංගප්පූරුව විහිළු කරන රටක් නෙවෙයි මම දන්නා විදියට. අපේ අය කොයි තරම් කාලයක් දුරකථන එක්ක ගෙවනවද?

    ReplyDelete
  24. 250ට සුභ පැතුම්....
    මගෙ ඉස්සරලාම ෆෝන් එකත් මොබිටෙල් ගඩොල් භාගයක් (1994 විතර ). කලිසම බහිනවා ෆෝන් එකේ බරට :-) කෝල් එකක් ආවාම ගේ වටේ දුවන්න ඕන සිග්නල් හරියට එන තැනක් හොයන්ට. ෆෝන් එක තාම සුරක්ෂිතව තියෙනවා !

    ReplyDelete
  25. ඒ කාලේ ඉතින් අපි පොඩි එවුන් නේ.. මටනම් ෆෝන් එකකට මතක අපේ ආච්චී ලග තිබ්බ අර ගඩොල් බාගේ.. ඕක ඉතින් අල්ලන්නවත් බෑ.. දුර ඉදන් බලන්න තමයි තියෙන්නේ..

    250ට සුභ පැතුම් සුදීක අයියේ..

    ReplyDelete
  26. Anurdhapuryata connection dila nati kale, anit ayata phone eka pena alarm tiyala taniyamat kata karala tiyanawa..
    (sinhala daganaka tikak amarui)

    ReplyDelete
  27. 250ට සුභ පැතුම් !

    1996/97 කාලේ මම වැඩකලේ පෞද්ගලික ඉදිකිරීම් සමාගමක. අපේ ප්‍රධානියාට අපිව අයාලේ නොයා පැය 24 පුරාවටම අල්ලලා බැඳලා තියාගන්න ඕන නිසා අපටත් මෝටරොල්ලා ගඩොල් හම්බවුනා, සෙල්ටෙල් සබඳතාවයත් එක්ක. ඒත් ඉතිං බොසා කොහෙද අපිව අල්ලන්නේ..., පලමු දවසෙම ගෙදරට කි.මී. 1/2 ක් දුරදී පෝන් එක OFF කරලා, ගෙදරට සිග්නල් නැහැ කිව්වා.

    ReplyDelete
  28. දෙසිය පනහට සුභ පැතුම් සුදීක.
    මගේ ඉස්සෙල්ලම ෆෝන් එක නම් මෝටරෝලා එකක්, ඇන්ටෙනා එක එලියේ තියෙන.

    ReplyDelete
  29. මම ඉතින් සූටි ලමයෙක්නෙ මගේ පළවෙනි ෆෝන් එක Alcate c310 Hutch Connection එකක්.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...