Tuesday, October 22, 2013

මේ ලක්ෂ දෙකේ හිමිකරුවා ඔබද ? කවුද ජයග්‍රාහකයෝ ?

ඊයේ මම දාපු ලක්ෂ දෙකේ තරගයට ගොඩාක් දෙනෙක් ඉදිරිපත් වුණා. තරගයට නම් ටික දෙනයි. ඒ වුනාට සුබ පතන්න නම් බොහොම දෙනෙක් හිටියා. හැමෝටම වැඩේ මිස් වෙලා කෙස් ගහෙන්. හැබැයි මේක දැකලා මුලින්ම කමෙන්ට් කලේ ඩ්‍රැකී (මේ නම ටයිප් කරන එක හරිම අමාරු වැඩක්). හැබැයි ජයග්‍රහණය දෙන්න පුලුවන්ද ? නමුත් බොහොම දක්ෂ විදියට එක්කෙනෙක් ස්ක්‍රීන් ප්‍රින්ට් එකක් අරං එවුවා. නමුත් ඒක ගැන මට හරි විශ්වාසයක් නෑ. මම ඒ අවස්ථාවත් කියවන පාඨකයන්ට දෙනවා කවුද හරි කියලා තෝරන්න. මම හිතන්නේ මිනිහා කොම්පියුටර් ජිල්මාට් එකක් කොරලා වගේ. මට ඕවා විශ්ලේෂණය කරන්න වැඩි දැනුමක් නැති නිසයි මම ඔබට මේ අවස්ථාවත් දෙන්නේ. 

හොඳයි මම පින්තූර දෙකක් දානාවා මේ දෙකෙන් එකක් මම ගත්ත එක, අනිත් එක අපේ ඩුඩා නොහොත් හෙන්රි ජයවර්ධන එවපු එක. දැන් ඔයාලා තීරණය කරන්න ඕනේ මේ දෙකම ෆොටෝ ෂොප්ද ? මගේ එක ෆොටෝ ෂොප්ද ? හෙන්රියාගේ එක ෆොටෝ ෂොප්ද ? නැතිනම මගේ එක හරි හෙන්රියාගේ එක හරි නියම ඒවාද ? නැත්නම් දෙකම නියම ඒවාද ? කියලා. මෙන්න ෆොටෝ දෙක.
හෙන්රි ඩූඩ් දාපු එක

මම ගත්ත එක 
මේකට ලැබුණු ප්‍රතිචාරත් එක්ක පොඩි ආතල් එකක් ආවා. ඔන්න ඔය ෆොටෝ ෂොප් එක්ස්පර්ට්ලාට වැඩක්. පුලුවන්නම් හොයන්න කවුද හරි කියලා. 

ලක්ෂ දෙක මේ විදියට බෙදා දුන්නොත් හොඳයි කියලා හිතෙනවා. සමාගමක ඉන්නවනේ කැපිටල් ෂෙයා හෝල්ඩර්ස්ලයි ඔර්ඩිනරි ෂෙයා හෝල්ඩර්ස්ලයි කියලා ජාති දෙකක්. ඉතිං මම හිතුවා මේක ෆලෝ කරන අයව කැපිටල් විදියට සලකන්න. මේකෙන් 50% ක් කැපිටල් කට්ටිය අතර බෙදා දෙන්න හිතුවා. ඒ අතරින් ඊයේ කමෙන්ට් කරපු අයට 10%ක් වැඩියෙන් දෙන්න. අනිත් ටික එදිනෙදා යන අය අතරේ බෙදන්න. හැබැයි මේ විදියට ජොයින් වෙච්ච දවසේ ඉඳලා අද දවස දක්වා දවස් ගණනින් බෙදලා (365+296=661).

එතකොට මෙහෙමයි ඊයේ ෆලෝ කරපු කෙනෙකුට ලැබෙන විදිය (100000/661=151. ඒ ගණන සාමාජිකයින් 268 න් බෙදනවා එතකොට  0.56 දවස් ගණන එක නිසා එයාට 0.56 දවස් සීයක් හිටිය කෙනෙකුට 56යි. තේරුනා නේ ක්‍රමය.ඊයේ කමෙන්ට් කරපු කෙනෙක්ට නම් 61යි.)

ඉතිං මේකට විසඳුම ලැබෙන කං කවුරුවත් ගැන පොස්ට් එකක් ලියන්න ලැබෙන්නේ නෑ. 

___________________________________________
සංජීව මෙන්ඩිස් මේ දවස් වල නැති එක ගැන කණගාටුයි.

59 comments:

  1. පින්තූර දෙකම ඇත්ත කියල තමයි පෙන්නේ ෆොටෝෂොප් කියල කියන්න බැහැ

    ReplyDelete
    Replies
    1. අපි මෙතැනදී පරීක්ෂා කරන්නේ ෆොටෝෂොප් දැනුම නෙවේ, සාමාන්‍ය දැනීම.

      Delete
  2. මම ෆලෝ කරන්නේ කවදා ඉඳන්ද කියලා කොහොමද හොයාගන්නේ?

    ReplyDelete
    Replies
    1. තමන්ගේ මතකය තමයි මේකට හරි යන්නේ.

      Delete
  3. Replies
    1. ඊයේ පොස්ට් එක බලන්න.

      Delete
  4. මන් හොරට එකක් එඩිට් කළා 200000 දාලා එවුවේ නැහැ හි හි

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ඔයාට ස්මාර්ට් උත්තරයක් දීලා බලන්න හිතුනේ නෑ.

      Delete
  5. මට පේන්නෙ දෙකම පොටෝ ෂොප් වගෙයි.

    ReplyDelete
    Replies
    1. හරියටම කියන්න පුලුවන්ද ?

      Delete
  6. අර ගණන් ගැන කියලා පිස්සු හැදුනා වගේ උණා

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත මට තාමත් කොයිල් වගේ

      Delete
    2. අපොයි මේ දෙන්නා බොරු කරන හැටි. මම දීපු අර අමාරු ගණිත ගැටලුව විසඳූ කෙනෙක් බ්ලැක් පුමා.

      Delete
  7. මට කරකැවිල්ල වගේ ගණං හිලව් දැකලා. සුදීක හොදා රටේ රතු පෙට්ටිය නොවැම්බර මාසේ අරන් යන්න. ඇයි ඉතිං ඉලක්කං විතර නේ. මක්කවත් නෑ.. හැක්.. කොහොම උණත් ඉතිං පොඩි ආතල් එකක් තිබ්බා. අටමගේ දෙකට මොකද කරන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමා මේකෙන් මාර ආතල් එකක් ආවා. දේශා ඔන්න බොරු කරනවා. මේකේ තියෙන්නේ සරල අංක ගණිතය.

      Delete
  8. මාත් කැපිටල් එක්කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. මෙහෙම බෙදුවොත් වැඩිම අදායමක් ලබන දෙතුන් දෙනාගෙන් කෙනෙක්. රාජ් මගේ බ්ලොග් එක මුල ඉඳලා ෆලෝ කරලා, මුල ඉඳන් කියවපු කීප දෙනා අතරින් කෙනෙක්.

      Delete
  9. වුඩ ගෙ එකනම් අමු බොරු.මොකද මැලෙ ගෙ කමෙන්ට් එක තියෙනව දෙකයි විස්සයි කියල.එක දැම්මට පස්සෙ නෙ මෙක අරන් තියෙන්නෙ.එක බොරු එකෙන්ම.අනික ගැන කියන්න තුරතුරු මටනම් මදි.

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ වගේ අයට මම කැමතියි. පහුගිය පොස්ට් එකේ හිට් කවුන්ටරේ තියෙන තැන බැලුවොත් ඕනෑම කෙනෙකුට දමිත් කියන දේ තේරෙනවා.

      Delete
  10. හෙහ් හෙහ් හේ. මම ඊයේ එනකොට එක කමෙන්ට් එකක්වත් පබ්ලිෂ් කරලා තිබුනේ නෑ 200002 යි. ඒක මම ඊයෙම කමෙන්ට් කරලත් ඇති. ඔය දාල තියෙන 200000 ස්ක්‍රීන් ෂොට් එක පැත්තෙන් කමෙන්ට් පෙන්නම තියෙනවා. ජිල් මාට් නේන්නම්

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් .. මේ ඉන්නේ දිනුම නුලෙන් මිස් වුණ අය. ඔන්න රෙපාට තේරුනා කාරණේ.

      Delete
  11. අම්මටසිරි මෙයාගේ ගණන් හැදිල්ල බලපන්කො බන්සලා....
    සුදික ඔයාගේ ඔලුවේ main processor එක Chinese ද ??
    නැත්නම් මුළු සිස්ටම් එකම Chinese software එකකින්ද වැඩ කරන්නේ ??

    ReplyDelete
    Replies
    1. චයිනීස් කියන්නේ බාලයි කියන ඒකද ?

      Delete
    2. සම්පුර්න ලාභ හා ප්‍රතිලාභ අයිතිකාරයාට විතරක් කියන එක

      Delete
  12. උඹලට කියන්න ඔය හිට් කවුන්ටරේ ඊයෙ දවසෙම හොයලත් මට හොයා ගන්න බැරි වුනානෙ.. ඕන් දැන් තමා පේන්නෙ... :D

    ReplyDelete
    Replies
    1. කාලයක් බ්ලොග් වලින් ඈත් වෙලා හිටි නිසා වෙන්න ඕනේ.

      Delete
  13. කොහොමත් ඉතින් මුල්‍ය ආයතන කරන්නෙ පාරිභෝගිකයාට ලොකුවට ඉලක්කම් පෙන්නල මුලා කිරීම නෙ.
    සුදික මලයත් ඉතිං දැන් බැංකුවෙ සෑහෙන කලක් නොවැ නේද..?

    ReplyDelete
  14. තෑග්ගට බෝතලයක් වත් දෙනවා කිව්ව නම් මත් ට්‍රයි කරනවා !

    ReplyDelete
  15. සුදික මල්ලි,විදේශීය රටවල ඉගෙනුම ලබන දරුවනට,ලංකාවට නොපැමිණ සේවින්ග්ස් එකවුන්ට් එකක් ඕපන් කල හැකිද?
    NRFC හැකි බව දන්නා අය සිටියද,හුගක් අයට ඉහත ප්‍රශ්නය ඇත.
    කරුණාකර පිළිතුරක් ලබා දෙන්න.

    ReplyDelete
    Replies
    1. මං මැදින් පැන්නා කියලා හිතන්නෙපා.කෙන්ජි අහන්නේ 18 ට වැඩි අය ගැනනම් ...ඔව්..ඔවුනට Nrfc එකවුන්ට් එකක් ඕපන් කරන්න පුළුවන් ලංකාවට නොපැමිණ.අවශ්‍යවන්නේ internet එකෙන් අවශ්‍ය පෝරමය download කරගෙන පුරවා passport පිටපතක් සමග තමන් ගිණුම ආරම්බ කිරීමට බලාපොරොත්තුවන බැංකු ශාකාවට එවීම පමණයි.බාලවයස් දරුවෙකුට වුනත් nrfc ගිණුමක් ආරම්භ කරන්න පුළුවන්.ඒ සදහා භාරකරුගේ passport පිටපතක් අවශ්‍ය වෙනවා.

      විදේශගතව සිටින පුද්ගලයෙකුට තමන්ට හෝ තමන්ගේ බාලවයස් දරුවෙකුට ලංකා රුපියල් වලින් ගිණුමක් ආරම්භ කරන්න අවශ්‍යනම් තමන් සිටින රටේ රැදීසිටින ලංකාවේ බැංකුවේ සිටින නියෝජිතයකු [representive] මගින් අදාළ කටයුත්ත කරගැනීමට පුළුවන්.

      Delete
    2. සොයා බලා හෙට මේල් එකක් එවන්නම්.

      Delete
    3. පොඩ්ඩත් වත් නෑ හසරැල්. ඔයාට ඒකට රාජකාරිමය අයිතියක් තියෙනවා. මම නොදන්නා දෙයක් නිසා උත්තර දෙන්න ගියේ නෑ. මම උත්තර දුන්න නම් OCS එකෙන් අහලා තමයි කියන්න වෙන්නේ. උඹ මෙතන මට ලොකු උදව්වක් කලේ.

      Delete
    4. දෙදෙනාටම තුති.
      NRFC ගැන නොවේ මගෙ ප්‍රෂ්.
      "පිටරට ඉගෙනගන්න 18 ට වැඩි දරුවන්ට ලංකා සුපියල් වලින් සේවින්ග්ස් එකවුන්ට් එකක්.ඉංගිරිස් වලින් ඉතිරි කිරීමෙ ගිණුමක්" ගැනයි මා විමසුවෙ.
      පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

      Delete
    5. ජපානයේ සිටින ලංකාවේ බැංකුවක representative කෙනෙක් මාර්ගයෙන් ඔය කටයුත්ත කරගන්න පුළුවන්.හැබැයි ඒ දරුවට ලංකාවේ පුරවැසි භාවය තිබිය යුතුයි.

      Delete
  16. විදේශ රටක ඉන්න වැඩිහිටියෙක්ට පුළුවන් නේද ,, ලංකා බැංකුවේ නම් තියෙනවා RKFC කියලා

    e-මේල් inttrade@boc.lk

    call center +94 112204444

    ReplyDelete
    Replies
    1. රොෂාන් මල්ලි මේ ගැන මොනවත් දන්නවද ?

      Delete
    2. ස්තුතියි අපුර්වී.
      මට උවමනා "ඉතිරි කිරීමේ ගිණුමක්"ලංකා රුපියල් වලින් ඕපන් කල හැකිද කියා.

      Delete
  17. අනේ මම නං අහිංසකයා බව උඹලා කවුරුත් දන්නවනේ. සුදීකයගේ එක වෙන්න ඇති හොර එක. උඹලා නිකං හිතාපල්ලා බැංකුවක වැඩ කරන එකාද ඉස්කෝලෙක වැඩ කරන එකාද ලොකුම හොරා වෙන්න පුලුවන් කියලා. :D

    ඒක නෙවෙයි බං. උඹ දැනටම මම ගැන පෝස්ට් එකක් ලියලනේ. තැන්කූ වේවා.

    ReplyDelete
    Replies
    1. එහෙනං උඹ ගැන ලිව්වා කියලා හිතා ගනින්කෝ.

      Delete
    2. අනේ හෙන්රි අහිංසකයි බන් ... බොරුනම් ඇවිත් බලපන්කො අපේ පැත්තේ

      Delete
  18. ලක්ෂ දෙකට සුභ පැතුම්.....

    ෆොටෝ ෂොප් එක්ස්පර්ට් නම් ඒ කරන වැඩ හොයන්න බෑ...ඔය අංක එහෙට මෙහෙට කරන එක මටත් සුලු දෙයක්...

    මමත් ලක්ෂ එක හමාරට ආසන්න වෙලා දැන් ඉන්නෙ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිරා මලයා.
      එහෙමද ? මම කියන්නේ නිකං බලලා වුණත් මේක හොයා ගන්න පුවන්. සිරාට ඉක්මනින් ලක්ෂ දෙකට ලඟා වෙන්න පුළුවන්.

      Delete
    2. මම ලොකුකමකටම කියනවා නෙමෙයි අයියෙ...නොලියපු මාස කීපයත් ලිව්වා නම් ඔයා එක්කම දෙක සමරන්න තිබුනා...

      Delete
  19. Gedarinut mawa ayin karala. ikamanta enawa "Suba aranchiyak" samaga.
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. හපොයි. ආරංචිය සුබ වෙනවා නම් හොඳයි.

      Delete
  20. danta labana sulu welawa "awidda-paya" ta godawemai. ikmanta anit ewath enawa. etakan podi samwak dena.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මලේ. මම දන්නවා ඔයාගේ රාජකාරි බහුල තත්වේ.

      Delete
  21. මොකක්ද මෙන්ඩිය බොට තාම සිංගලෙන් කොටන්න අමාරුව මොකක්ද ...?
    පිහිට වන්න ගිලන් රථ හමුදාව සුදානමින් ඉන්නව.
    නොදන්නා දෙයක් කියපන් බොල අපේ බොක්කෙ එවුවන්ට මල පන්නන්නෙ නැතිව :) .....

    ReplyDelete
    Replies
    1. //පිහිට වන්න ගිලන් රථ හමුදාව සුදානමින් ඉන්නව.//

      නැතිව. බොක්කෙන්ම.

      Delete
    2. aniwa..danawa oyala bokke yaluwo kiyala..tika dawasak dennako.

      Delete
  22. අපටත් රුපියලක් හරි ලැබෙයි ද? :D

    ReplyDelete
  23. Photoshop නෙමෙයි වගේ ඒත් JavaScript එකක් දාලා edit කෙරුවද කියලානම් දන්නෙ නැ. Web Browser වල තියන ඒවා එහෙම වෙනස් කරන්න පුලුවන්,

    ReplyDelete
    Replies
    1. පුලුවන් නම් කියන්නකො බලන්න මේක Photoshop ද කියලා..

      මෙතනින් යන්න.

      Delete
  24. මචන් තරඟ වැදීම සඳහා යහපත් මානසිකත්වයකින් පසු නොවෙමි. මීළඟ තරඟ වාරයට සභාගී වෙමි...

    ReplyDelete
  25. හෙන්රි ඩූඩ් දාපු එක ඇත්ත, ඔයා ගත්ත එක Photoshop.

    ReplyDelete
    Replies
    1. මගේ එකද Photoshop කිව්වෙ..

      Delete
  26. හෙන්රි ඩූඩ් දාපු එක ඇත්ත, ඔයා දාපු එක Photoshop

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...