Monday, October 21, 2013

මේ ලක්ෂ දෙකේ හිමිකරුවා ඔබද ?

ලක්ෂ දෙකක් කියන්නේ අද කාලේ ලේසි දෙයක් නෙවේ. එහෙම වෙලාවක ලක්ෂ දෙකක් අතට ගන්න ක්‍රමයක් ගැන කියන්නයි මම යන්නේ. ඔයාලට එක එක සයිට් වලට ගිහින් ක්ලික්ස් දාන්න කියලා මම කියන්නේ නෑ. ලොතරැයි අරගෙන දිනුම අදින කං බලාගෙන ඉන්න කියලත් මම කියන්නේ නෑ. හැබැයි මේකට තව වැඩි කාලයක් නෑ. තව විනාඩි කිහිපයයි තියෙන්නේ. මමත් මේක ඊයේ දාන්න හිටියට අර බස්රේඩියෝ එකේ වැඩසටහනට සහබාගී වුන නිසා කරන්න බැරි වුනා. මට මේ අදහස දුන්නේ ලොකු ජෝන්.  ඒත් වල්පල් ටයිප් කරන්න ගිහින් ඔයාලගේ අවස්ථාව මග හැරුනොත්. හොඳයි මම කෙලින්ම කියන්නම්.

මගේ බ්ලොග් එක හිට්ස් ලක්ෂ දෙකට ලඟා වෙන්න තව හිට්ස් පනහකටත් වඩා අඩු ගාණක් තියෙන්නේ. ඒ මොහොත දැක්ක ගමන් ස්ක්‍රීන් ෂොට් එකක් අරගන්න සමත් වෙන කෙනා තමයි දිනුම්. ඒක අරගෙන මගේ ඊමේල් එකට එවන්න. දිනපු කෙනා ගැන මම ලියනවා පොස්ට් එකක් ත්‍යාගය විදියට. එහෙනම් පමා නොවී වැඩට බහින්න. දැනටමත් ලේට්ද මන්දා ?

මේ තාක් කාලයක් මගේ බ්ලොග් එක කියවමින් මාව දිරිමත් කල සියලු දෙනාට මගේ ස්තුතිය පිරිනමනවා. මේ වගේ අවස්ථා සමරන්න ඕනේ කියලා කියන්නේ අපේ ආචාර්ය මාතලන්. එතුමාගේ පරිගණකයේ අවහිරතාව නිසා කියවන්න බැරි වුණත්, මාව දිරිමත් කල කෙනෙක් හැටියට එතුමාව මේ අවස්ථාවේ සිහිපත් නොකර බෑ.  

84 comments:

  1. සුදිකගෙ ලක්ෂ දෙකට හදවතින්ම ජය පතමි!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඩ්‍රැකී.

      Delete
  2. සුභ පැතුම්...
    මොබයිල් එකෙන් කියවන හින්ද හිට් කවුන්ටරේ බලන්න බෑ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මොබයිල් එකෙන් බලනවට.

      Delete
    2. මේ ළඟදී ගිය ෆිල්ම් එකකින් (Fast & Furious 3)දැන ගත්තේ ගයිජින් කියන්නේ අනිත් පැත්ත හැරියන් කියන එක නේද?

      Delete
    3. :D
      ගයිජින්=විදේශිකයා,(ජපාන සමාජය)බාහිර පුද්ගලයා,පිටස්තරයා

      Delete
  3. Replies
    1. මට මේක දාන්න පොඩ්ඩක් පරක්කු වුණා.

      Delete
    2. හිට් කවුන්ටරේ බලලා කමෙන්ට් කරලා ගියාට සුභ පතන්න අමතක උනා. ලක්ෂ 2 ට සුභ පැතුම් සුදික අයියා :)

      Delete
    3. බොහොම ස්තුතියි අරුණ.

      Delete
  4. මං එනකොට බඩු බනිස් නේ සුදීක.. හැක්. උනුසුම් සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දේශා.

      Delete
  5. මට නම් තේරුම් ගියේ නැහැ.
    කොහොම උනත්,
    ලක්ෂ දෙකට සුභාසිංසනය කරමි.....!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කෙන්ජයියේ.

      Delete
    2. කෙන්ජයියා බබානේ :)

      Delete
  6. ලක්ෂ දෙකයි විස්සක් වෙලානේ මම එන ටිකට

    ReplyDelete
    Replies
    1. ලඟම එකට වත් දිනුම දෙන්න බලනවා.

      Delete
  7. හපොයි මාලු. මගෙනුත් සුභ පැතුමක්! 

    ReplyDelete
  8. ලක්ෂ තුනේදීත් මෙහෙම අයිටම් එකක් දාමු . ඔන්න මගේ සුභපැතුම් ආ

    ReplyDelete
    Replies
    1. හැමදාම එකම විදිය හරි නෑනේ. වෙනස් විදියකට කරමු එදාට.

      Delete
  9. යකෝ....

    පොඩ්ඩක් ඉදින්කෝ... මෙන්න උබට මුලින්ම මගෙන් උණුසුම් සුභ පැතුම්....

    මෙන්න යකෝ දැන් 200095

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ළඟම උත්තරයට චාන්ස් එකක් දෙන්න බලනවා.

      Delete
  10. Replies
    1. බොහොම ස්තුතියි එදිරි.

      Delete
  11. ලක්‍ෂ 2 පැනලා බලනකොට. 200113 යි. දෙක ඉක්මණින් තුන වේවා. එදාට පාටියක් ඕන. හැබැයි දෙකටත් ඕන. සුභපැතුම් මචං.

    ReplyDelete
    Replies
    1. දැන් නම් ලංගම උත්තරයට දෙන්න වෙනවා. බොහොම ස්තුතියි මචං. අපි පාටියක් දාමු. කෝ මේ නලියා.

      Delete
  12. මං එනකොට 141 කුත් ගිහිල්ලනෙ.

    කොහොම උණත් සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ප්‍රසන්නත් මේකේ හවුල් කරුවෙක්. හැමදා කමෙන්ට් කරමින් දීපු දිරියට බොහොම ස්තුතියි.

      Delete
  13. ලක්ෂ දෙකට සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් එකට මුල් කාලේ ඉඳන් ආපු කෙනෙක් විදියට රාජ්ව මට අමතක කරන්න බෑ. බොහොම ස්තුතියි මචං.

      Delete
  14. මගේ තියෙන අවංක කොමට, මේ ලස්ස දෙක උඹේද කියලා අහද්දිත්, කොච්චර දුප්පත් වුනත් මට මොටෝ කාගෙවත් සල්ලි කියලා නෑවිත් හිටියා අයිට්යි කාරයම ඇවිත් ගන්නකල්. හාහ් හාහ් හාහ්!

    උණුසුම් සුභ පැතුම් මගේ මිත්‍රයා. බොක්කේ ගැඹුරුම තැනින්ම.

    ReplyDelete
    Replies
    1. ඩුඩා දහඩිය මහන්සියෙන් සල්ලි හොයන එකා කියලා මම දන්නවා. නිතරම දුක සැප සොයා බලන උඹ බොක්කෙන්ම කරන සුබ පැතුමට බොහොම ස්තුතියි.

      Delete
  15. කෙලියා තාප්පෙට .... ඊට වඩා 175 ක්ම බලලානේ ....අපරාදේ මගේ ගැන ලියවගන්න තිබුණු පොස්ටුව කෙස්ගහෙන් මිස් වුනා ..:D

    ReplyDelete
    Replies
    1. එකසිය හැත්තෑ පහක් කියන්නේ ලේසි එකක්ද ? බ්ලොග් එක පටන් ගත්ත පලවෙනි මාසෙම බලලා තිබුනේ 334 යි. මට වෙලාවකට හිතෙනවා කිරි පුතා ගැන ලියන්න.

      Delete
  16. මටත් අර සුප්‍රසිද්ධ කියමන මතක් වෙලා ආපහු ලෝබ කමක් ඇති වුනා,

    උඹේ කමෙන්ට් වලට ඉමේජස් දාන පහසුකම තියෙනවානම් මේක...

    [im#]http://3.bp.blogspot.com/-OIMWiwv4rC4/UmTJPwE-YLI/AAAAAAAACLg/El9BaEl1omw/s320/sudhika200000.JPG[/im]


    නැතිනම් මේක.

    http://3.bp.blogspot.com/-OIMWiwv4rC4/UmTJPwE-YLI/AAAAAAAACLg/El9BaEl1omw/s320/sudhika200000.JPG

    සුප්‍රසිද්ද කියමන පින්තූරේ යට තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ වගේ ස්මාර්ට් උත්තරයක් මමත් දෙන්න හිටියා ඊයේ. පුංචි ඉඳිකටු හිලකට ලොකු ගෝණි නූලක් දාන්නේ කොහොමද කියලා.

      මම කියන්න හිටියේ හිල තියෙන පැත්ත රවුමට නාවලා නූල දාන්න පුළුවන් හිලක් හදනවා කියලා.

      Delete
  17. එකෙන්ම සුභ පැතුම් අය්යේ......

    ReplyDelete
  18. කොමන්ට් කියෙව්වම සේරම තේරුම් ගියා සුදික මල්ලි..
    විස්සයි 14 වෙන්න ඉස්සර ත්‍රි හන්ඩ්‍රඩ් දහා පන්නමු..

    ReplyDelete
    Replies
    1. අයියලාට තමයි පුළුවන්. මට ලියන්න විතරයි පුළුවන්.

      Delete
  19. සුබ පැතුම් සුදීක ! ඔබේ වෘත්තීය සගයෙක් ඊයෙ සුහද හමුවකදි හමු උනා..කිව්වද ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වෙනියා. නැහැ . මොකක්ද නම ?

      Delete
  20. පසුගිය ටිකේ හිටියෙ නැති නිසා පෝස්ට් එක දැක්කෙ නෑ . කෙසේ වුවත් මගේ අවංක ආදර සුභ පැතුම් !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගිම්හානි.

      Delete
  21. උණුසුම් සුභ පැතුම්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සංවේදී.

      Delete
  22. එල එළ දැන් හෙනං දෙලක්ෂපතියෙක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං.

      Delete
  23. මගෙ උනුසුම් සුබ පැතුම් සුදීක.ඔයාගෙ වගෙ බ්ලොග් පවතින්න ඔන එවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දමිත්.

      Delete
  24. ලක්ෂ දෙකට සුබ පැතුම්!!! ඉස්සල්ලා ඇවිත් බැලුවා. ඒත් වැඩ තියෙන හන්දා ආපහු ගියා...:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පොඩ්ඩි.

      Delete
  25. 200413

    සැනසිලි ත්‍යාගයක් වත් දෙන්න බැරි වෙයිද අයියා?

    බුකියේ කිව්ව දේම තමයි ඉතින්...

    එකෙන්ම හා බොක්කෙන්ම සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බලමු කල්පනා කරලා. බොහොම ස්තුතියි ගලේ.

      Delete
  26. අපෝ ඔයා හොද නැහැ ඊයේ කලින් දැම්මනම් මන් කොහොම හරි ඕක දිනාගන්නවා ,,,, ලෝකය ගොලාකාර වීම හෙලාදකින්න මෙය අවස්තාවක් කරගමි .....

    ReplyDelete
    Replies
    1. පොතක් තියෙනවා "World is Flat" කියලා. බලන්න. මමත් බලලා නෑ.

      Delete
    2. අපේ තාත්තා මට ඕක පොඩිකාලේ කියාදුන්නා හි හි

      Delete
  27. මේ පැත්තෙ එන්න කලින්ම බුකියේ දැක්කා සූබ පැතුම්..

    ජය වේවා.. !!
    ඉදිරියට නොසැලී ගමන් කරන්නට ශක්තිය ලැබේවා.. !!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සෑමා.

      Delete
  28. එතකොට ප්‍රතිඵල හෙටද ....
    උඹ ගෙ ලිපිත් කියව කියව සැමදා අපි ඉන්නව මල්ලියා....

    ReplyDelete
    Replies
    1. ඒක මට ලොකු හයියක්.

      Delete
  29. ඇත්තටම සුදීක හිට්ස් සහ කමෙන්ට් වලින් ලොකු සේවයක් වෙනවා බ්ලොග් එහෙකට.. මේක දන්නේ බ්ලොග් එකක් ලියන කෙනෙක්ම විතරයි.........

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ අපි කොයි තරම් පාඨකයා අතරට ගියාද කියලා දැන ගන්න තියෙන මිණුම් දඬු තමයි හිට්ස් සහ කමෙන්ට්ස්. ඒ වගේම බ්ලොග් එකට ජෝන් වෙන සාමාජිකයින් ගණන. මම මේ කිසි දෙයක් බලෙන් ලබා ගන්න උත්සාහ කරන්නේ නෑ.

      Delete
    2. ලක්ෂ දෙකට සුබ පැතුම් සුදීක !!! සුබ පතන්න අමතක උනා නෙව.

      මම දැනට ලියලා තියෙන්නේ පෝස්ට් 63 ක් වගේ. දැනට හිට්ස් 70,000 පැනලා ෆලෝ කරන අය 212 ඉන්නවා..තාම අවුරුද්දක් සම්පූර්ණත් නැහැ මගේ බ්ලොග් එකට නම් ... වැදගත්ම දේ තමයි මම ලින්ක් දාලා නැහැ මුල් කාලේ නම් කොහොමවත්.. පස්සේ පස්සේ ලින්ක් එකක් දාලා තියෙනවා අවශ්‍යතාවයන් අනුව.. අනිත් එක කුණුහරුප ලියලා නැහැ කවදාවත් ... ඒ අතින් සතුටුයි ගොඩක්... දේශපාලනික ලිපි තියෙන නිසා එන පිරිස ටිකක් අඩුයි මට... ඒත් කමක් නැහැ....

      දිගටම ලියන්න සුදීක.. දැනට සුදීකගේ ලිපි ගණන කීයද ...?

      Delete
    3. ඒ ගැන හිතේ අහිතක් නෑ. බොහොම ස්තුතියි.

      මම පොස්ට් 246ක්ම ලියලා. ඒ අතින් සහන ඉන්න්ගේ ගොඩක් ඉදිරියෙන්. ඵලොවර්ස්ලා 266 යි. හැම කෙනෙක්ම ස්වේච්චාවෙන්ම ෆලෝ කරන්නේ.

      Delete

    4. අදාළ තැන නොකියා වත්ත වටේ යන්න එපා බන් පිස්සෙක් වගේ...

      Delete
    5. අදාළ ස්ථානයේදී විතරක් කියන්න.. නිකන් එකම කමෙන්ට් එක කොපි පේස්ට් කර කර යන්න එපා වේස ගෑණියෙක් වගේ..මටත් දැන් මළ පයිනවා මේ වැඩ දැක්කම ..

      Delete
  30. හයියෝ මට වෙලාවක් නැහැ නේ ඕවා කරන්න..වැඩ තියෙනවා වෙන..

    ReplyDelete
    Replies
    1. මෙහෙම හරි ඇවිත් යන එක සතුටක් අමිල.

      Delete
  31. ලක්ෂ දෙකට සුබ පැතුම්....!

    ඉඳහිට ගින්නක් දාමු...ලක්ෂ තුනට ඉක්මනින්ම ගියහැකි... :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුමිත්.

      //ඉඳහිට ගින්නක් දාමු.//

      මේක හරියට තේරුනේ නෑ

      Delete
  32. ලක්ෂ දෙකට සුබ පැතුම්....!

    ඉඳහිට ගින්නක් දාමු....එතකොට ලක්ෂ තුනට ඉක්මනින්ම ගියහැකි..:D

    ReplyDelete
    Replies
    1. අපරාදේ කමෙන්ට් දෙකක්ම දාලා. පොඩ්ඩක් ඉවසුවානම් මේක අටමාගේ බ්ලොග් එකේ දාන්න තිබුණා. අටමත් ලක්ෂ දෙක ආසන්නයේ ඉන්නේ.

      Delete
  33. මාගේ උණුසුම් සුබ පැතුම් සහෝ

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි අචාර්ය තුමා.

      Delete
  34. මම එද්දී පරක්කුයි නේ.. මමත් ඊයේ තමයි ලක්ෂ දෙක ගැහුවේ.. ඒ හන්දා සුදීක අයියට සේම් ටු යූ කියන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. සේම් ටු යූ එරිකෝ දිනේෂ් හන්ටර්.

      Delete
  35. ලක්ශ දෙකට සුබ පැතුම්...!
    මම හිතන්නෙ මම සුදීකගෙ සියලුම පෝස්ට්ස් කියවලා තියෙනව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි Dr.Alban. එහෙනං ඔයාව විශේෂයෙන් මතක තියා ගන්න ඕනේ කෙනෙක්.

      Delete
  36. ලක්ෂ දෙකට සුභම සුභ පැතුම් අයියේ

    ReplyDelete
  37. හදවතින්ම සුභ පැතුම්. සුදීක බස් එක සම්බන්ධව සතිපතා අපි දැණගන්නේ කොහොමද? එන්නේ කවුද...තියෙන්නේ කීයටද වගේ දේවල්.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...