Wednesday, October 2, 2013

පාර හොයා ගත්තාද ? .......

පහුගිය පොස්ට් එකෙන් මම ඉතාම ජනාකීර්ණ ප්‍රදේශයක තිබෙන, ඉතා අඩුවෙන් ජනයාට විවර වූ පාරක් ගැන කතා කළා මතක ඇති. ඒ පාර ජපන් මිත්‍රත්ව පාර වශයෙන් බොහෝ දෙනා නම් කර තිබුණා. තවත් කෙනෙක් එය නිපොන් මාවත ලෙස හඳුනා ගත්තා.  ඇත්තටම මේ පාරවල් සියල්ල තියෙන්නේ කිට්ටුව. ඒ කිව්වේ දියවන්න ඔයාට යාබදව. මේ පාර හරියට හඳුනා ගත් දෙදෙනක් තිදෙනෙක් හිටියා. ඒ RAJ, Dr.Alban  සහ harshana1985 . රාජ්ගේ සහ ඇල්බන් දොස්තර මහතාගේ කමෙන්ට් මම සඟවා ගත්තා ඔබට තවත් වතාවක් උත්සාහ කරන්න. මෙන්න ඒ තිදෙනා  ලබා දුන් නිවැරදි පිළිතුරු.

පිටකෝට්ටේ බැද්දෙගාන සිට බත්තරමුල්ලෙ පාර්ලිමේන්තු වට රවුමට ඇති විකල්ප මාර්ගය. නම අමතකයි. ඔය පාර්ලිමේන්තු වට රවුමට අලුතින් කියන්නේ "බ්‍රෙසියර් හ0දිය" කියල. දියත උයනේ ඇති සුදු පාට වහලවල් බලන්න මොනවද මතක් වෙන්නෙ කියල. on මේ පාර කොහේදැයි කියන්න ......
Dr. Albanon 10/1/13



මෙක තියෙන්නේ පාර්ලිමෙන්තු පාරේ යකොට අර විදුලි බල මන්ඩලේ බිල්ඩිම ගාවින් අස්සට යන පාර නේව රාජගිරිය පැත්තේ ඉඳල් එනකොට දකිනු පැත්තේ පිරිවෙන හම්බෙනව නේව ඉට ටිකකට ඉස්සරහින් දකුනට නේද on මේ පාර කොහේදැයි කියන්න ......Rajon 10/1/13
අර හදන පාලම ලඟින් ඇතුලට යන්න තියන පාර නේ, හැමදාම ඔතනින් එහෙට මෙහෙට යනවා ඒ පාර දකිනවා කොහෙටද වැටෙන්නෙ කියල බලා ගන්න ඕන නිස ගියා ඒක දිගේ, සුපිරි ගෙවල් 2-3ක්, පොඩි ගෙවල්, නාන ළිඳක්, පොෂ් පංසලක්, වගුරු බිමක්...ඒ ඔක්කොම තියනවා,
ඒ දෙදෙනා නිවැරදිව හඳුනා ගත් පරිදි මෙය බැද්දගානේ බංගලා හන්දිය අසලින් පටන් ගෙන, ඇතුල් කෝට්ටේ විදුලිබල මණ්ඩල කාර්යාලය අසලින් කඩුවෙල කොළඹ මාර්ගයට එකතු වනවා. ඇත්තටම පැරණි කොටු බැම්මට පිටතින් මේ පාර නිමවා තිබෙනවා. මෙහි එතිහාසික පසුබිමක් තිබෙන්නත් පුළුවන්. තවමත් කබොක් ගලින් තැනූ ඒ කොටු බැම්ම තැනින් තැන දකින්න පුළුවන්. නමුත් එම කොටු බැම්මත් මෙම මාර්ගයත් අතර තීරුවේ ගෙවල් තනා තිබෙනවා. එකම එක ස්ථානයක පුරා විද්‍යා සංරක්ෂණ පුවරුවක් තිබුණා.

මා ලබා ගත් පළමු ඡායාරුපය මා ඔබට ඉදිරිපත් නොකළේ, එහි කෙලින්ම එම මාවතේ නම සඳහන් වන මේ ඵලකය අඩංගු නිසා. හැබැයි නිපොන් මාවත කියලා හඳුවන්නෙත් මේකම තමා(මට හිතෙන්නේ ඒක කලින් පාවිච්චි කරපු නම හෝ ඇතුල්කෝට්ටේ පැත්තේ තියෙන නම). ඒ නිසා ඒ අයත් නිවැරදියි.

මෙන්න මම ගිය සිතියම. 
මේ මගේ ජංගම දුරකථනයේ තිබෙන SportsTracker නමැති මෘදුකාංගය භාවිතා කරමින් ලබාගත් ගමන් මගේ සිතියම.

27 comments:

  1. අඩේ හද කම්පාවෙලා හිටියේ කොමෙන් ටුව නිවාස අඩස්සියේ තියාගත්තට හික්ස් ජය..!!!

    ReplyDelete
    Replies
    1. ඕකනේ කියන්නේ ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා.

      Delete
  2. මම නම් කවදාවත් ඔය පැත්තෙ ගිහිං නෑ...ඉතිං කොහෙ අදුන ගන්නද සුදෝ...

    ReplyDelete
  3. Replies
    1. මේක හැදුව දවසට තමයි නරක.

      Delete
  4. හලේ අපි පරාදයි. ඒ වුනාට ආසන්නයටම ඇවිත්.

    ReplyDelete
    Replies
    1. පරාදම නෑ මචං. අලුත් නම නොදැනීම විතරයි.

      Delete
  5. ත්‍රී රෝද රථයක නැගල යන්න ඕනි තැන කියනවා මිසක් මමත් පාරවල් නම් දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. නෝනා මාතිය ලියවිල්ලයි,කියවිල්ලයි අත හැරලද...?

      Delete
  6. එතකොට අපිට තෑගි නැතෙයි...!
    හවසට මෙව්ව එකකට සෙට් වෙමුද?

    ReplyDelete
  7. තාම ..... නැගුම නමැති කැටපිලර් සංවර්ධනේට අහුවෙලා නෑ..ඊට කළින් ගිය එක හොඳයි...

    ReplyDelete
    Replies
    1. 2005 දී විතර තමයි මුලින්ම ගියේ.

      Delete
  8. සුධීකගේ වැඩේ නම් නියමයි!!!!

    ReplyDelete
  9. මමනම් ඕක දැනගෙන හිටිය.... එත් කිව්වේ නැ අනික් අයට අවස්ථාව දෙන්න ඕන නිසා ................

    ReplyDelete
    Replies
    1. හරිම හොඳ මැලයෙක් නේ.

      Delete
  10. අපි කොහෙද බන් ඔය පැත්ත දන්නෙ

    ReplyDelete
    Replies
    1. හෙක් ... හෙක්... හෙක්....

      Delete
  11. අපිනම් ඕවා දන්නේ නෑ...අරක SportsTracker ද නැත්නම් spot tracker ද ?

    ReplyDelete
  12. කලින් එකේ උත්තර කියන්න තියා ලෝඩ් උනෙත් නැහැ සුදීක.. ඒ තරමට පොටෝ ...:)

    මගේ බ්ලොගයට ගොඩ වැදීම සඳහා සියලු දෙනාට ආරාධනා කරමි

    ReplyDelete
    Replies
    1. එහෙම කේස් කාටද නොවෙන්නේ සහන්. ඔයාගේ බ්ලොග් එකට එන්නම්.

      Delete
  13. මම ඇත්තටම හිතුවෙ බැද්දගාන පැත්තෙන් නඩු කාරයන්ගෙ ගෙවල් වගයක් හදල තියෙන පැත්තෙන් පන්සල ට යන පාර කියල.

    ReplyDelete
    Replies
    1. ඒ පැති වල ෆොටෝ ඇල්ලුවා නම් කෙන්ජි අයියට ජපෑන් ඉඳල එන්න වෙනවා මට ඇප දෙන්න.

      Delete
  14. අඩේ මම දන්නෙ නෑ නෙ ඔය පාර... මේ මම ඇහුවට තරහ වෙන්න එපා හොදේ..

    මොකෑ ඔය පෝන් එක.. ඕකෙ මැප් එකත් තියෙනවැය...

    හී....හී.....

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...