Tuesday, October 29, 2013

කෙටිම කෙටි ලොල් කතා අංක 33 - ඕක තියපන් ...... Keep It aside

අපේ සිංහල රාජ් මගෙන් අහලා තිබුණා ලොල්ද මන්දා සීරීස් එක පටන් ගත්තේ, කෙටිම කෙටි ලොල් කතා ලිවිල්ල නතර කරලද කියලා. ඇත්තටම මටත් ඒකට දෙන්න උත්තරයක් තිබුණේ නෑ. පොස්ට් එකක් ලියලා, කියවන අයව හිනා ගස්සනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. සමහර කතා තියෙනවා, කියනකොට මාර හිනා නමුත් අකුරු කළොත් මෙලෝ රහක් නෑ. ඉතිං ඒ වගේ ඒවා නම් ගොඩක් තියෙනවා. කොහොම  දාන්නද කියලා හිත හිතා ඉන්නකොට තමයි මට මේ කතාව මතක් වුණේ. ඒ වගේ ඒවා දානවා නම් වීඩියෝ කරලා දාන්න ඕනේ.

ලංකාවේ නමගිය දානපතියෙක්, ඒ වගේම හොඳ ව්‍යාපාරිකයෙක්ට තමයි මේ සිද්ධියට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. මේ කතාව අවුරුදු විස්සක් විසි පහක් විතර පරණ එකක්. අද කාලේ මේක ඒ හැටි දැනෙන දෙයක් නෙවෙයි. අපේ මේ දානපති ව්‍යාපාරිකය කොළඹ ජීවත් වුණාට, කොළඹ එතුමාගේ ව්‍යාපාර කරගෙන ගියාට, කොළඹ එතුමාගේ සමාජ සේවා කටයුතු කරගෙන ගියාට එතුමාගේ ගම බොහොම පිටිසර එකක්. ඒ කාරණා මේ කතාවේ රසයට වැදගත් නැති නිසා මම ඒවා සඟවලාම ලියන්නම්. ඉතිං මේ ව්‍යාපාරිකයා අවුරුද්දකට සැරයක් විතර තමන්ගේ ගමේ යනවා තමන්ගේ නෑ පරපුරට තෑගී - බෝග අරගෙන. එහෙම ගිය වෙලාවට ගමේ පන්සලටත් ගොඩ වෙන්න, පස් පව් වලින් වැළකිලා, පෝයට සිල් ගන්න එතුමා අමතක කරන්නේ නෑ. 

අවසාන වතාවට ගමේ ගිය වෙලාවේ, එතුමා නායක ස්වාමීන් වහන්සේ  බැහැදකලා, තමන් ගෙනගිය පිරිකර එහෙම පූජා කරලා, වැඳ නමස්කාර කරලා, කුඩා බංකුවක අසුන් ගෙන නායක ස්වාමීන් වහන්සේ සමග ගුණ දොස් විචාරනවා. මෙන්න මේ වගේ දෙබසක් තමයි ඇති වෙලා තියෙන්නේ

දානපතියා : අවසර අපේ හාමුදුරුවනේ, කොහොමද ඔබ වහන්සේට, මොනවද මගෙන් පන්සලට කෙරෙන්න ඕනේ ?

නා.ස්.ව. : දැන් ඉතිං බොහොමයක් කළමනා සම්පූර්ණයි උපාසක මහත්මයා. අපිට තව එක පොඩි අඩුවක් නම් තියෙනවා.

දානපතියා : ඒ මොකක්ද අපේ හාමුදුරුවනේ, මට කරන්න පුළුවන් දෙයක් නම් මම නොකර ඉන්නේ නෑ.

නා.ස්.ව. :  මේකයි උපාසක මහත්මයා, දැන් බොහොමයක් පන්සල් වලට ටැලිෆෝන් එකක් තියෙනවා. අපේ විහාරස්ථානෙට තවම එකක් නෑ. දැන් පෙළක් පන්සල් වලින් දාන, පිරිත් පිංකම් වලට ආරාධනා කරන්නේ ටැලිෆෝන් එකෙන්. කීපයක්ම පන්සල් වල ලොකු නමවල් මගෙන් ඇහුවා, තවම ගත්තේ නැද්ද කියලා. ඒ විතරක්ද දැන් දායක මහත්තුරුත් ටැලිෆෝන් පාවිච්චි කරනවනේ. ඉතිං මොනවා හරි කළමනාවක් ගැන දැන ගන්න හරි විශේෂ තොරතුරක් දැන ගන්න හරි ටැලිෆෝන් එකක් තිබුණා නම් හරි වැදගත් වෙනවා. 

දානපතියා : ඔබ වහන්සේ කලබල වෙන්න එපා. මම ලබන සතිය වෙනකොට වැඩේ කෙරෙන්න සලස්වන්නම්. ඕනනම් කණු හතක් අටක් දාන්න වෙයි.

නා.ස්.ව. :  මම නොදන්නවැයි. උපාසක මහත්මයා ගැන. කවදාවත් අපේ ඉල්ලීමක් අහක දානවද ? ඔබ තුමාට සුළු පටු පිං කන්දරාවක් නෙවෙයි රැස් කොර ගන්නනේ. 

ඉතිං අර දානපති ව්‍යාපාරිකයා කොළඹ ආ ගමන් කරපු පළමු රාජකාරිය තමයි ගමේ පන්සලට දුරකථනයක් ලබා දෙන්න කටයුතු කරපු එක. අදාළ ආයතන වලට කථා කරලා, විෂය භාර ඇමැතිවරයාටත් දැනුම් දීලා වැඩේ කරවා ගත්තා. ඒ විතරක් නෙවෙයි මේක හරි ගියාද බලන්න දුරකථන අංකයත් එතුමා ඉල්ලා ගත්තා. සති අන්තයේ විවේකීව ඉන්න ගමන් එතුමාට හිතුණා ලොකු හාමුදුරුවන්ට "සර්ප්‍රයිස්" එකක් දෙන්න. එතුමා ගත්තා දුරකථන ඇමතුමක්. ඔන්න මුලින්ම ෆෝන් එක රිංග් වෙනකොට නායක ස්වාමීන් වහන්සේට පුදුමාකාර චිත්තප්‍රීතියක් ඇති වුණා. ඒ වෙනකොට රැස්  වෙලා ඉන්න දායක පිරිස දෙසත් බොහොම උජාරුව්න් බලලා, පෙට්ටගම උඩ තිබ්බ දුරකථනයට පිළිතුරු දුන්නා. 

නා.ස්.ව. :  හැලෝ 

දානපතියා :  මම මේ ..... කතා කරන්නේ.

මේ වෙනකොට නායක ස්වාමීන් වහන්සේට පේනවා පන්සලේ ඇබිත්තයා දානෙකට ගෙනා පලන්ගානම් දහයක් විතර එක පිට එක අට්ඨි ගහගෙන, රබන් කරකවනවා වගේ අරං එනවා. එහාට මෙහාට වැනෙන්නේ හරියට කරටි කැඩෙන්න ගහලා ගෙදර එන කෙනෙක් වගේ. දැක්ක කෙනෙක්ට හිතෙන්නේ දැන් වැටෙයි, දැන් වැටෙයි කියලා. උපාසකම්මලාගේ අත කම්මුලට ගියේ නොදැනුවත්වම.  මේ දර්ශනය දැක්කම අපේ නායක ස්වාමීන් වහන්සේට උන් හිටි තැන් අමතක වුණා. උන් වහන්සේ දැන් මෙහෙම කියනවා
මුල් පින්තූර : http://tragicocomedia.com/
    tanamatales.com

"මගේ යකා අවුස්සන්නැතුව ඕක තියාපන්"

මේක අහගෙන හිටිය අපේ දානපති-ව්‍යාපාරිකයාට හීන් දාඩිය දැම්ම. උගුරත් නිකන් වේලිලා වගේ ගියා. එතුමාට දැනුණේ වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුනා වගේ වැඩක්. එතුමා දුරකථනය තිබ්බා. ආයෙමත් ඩයරිය අතට අරගෙන පන්සලේ අංකෙ බොහොම සීරුවෙන් ඩයල් කරා. නායක ස්වාමීන් වහන්සේ දෙපාර වදිනකොට ෆෝන් එක අරන් කනේ තියා ගත්තා. ඒත් උන් වහන්සේ ඉන්නේ උතුරා ගිය කේන්තියකින්. අර පිඟන් කෝප්ප  අට්ඨිය ඇබිත්තයා කොයි වෙලාවේ බිම දායිද කියලා. මේවා නිකං පිඟන් කෝප්ප නම් කමක් නෑ. පරම්පරා ගානක ඉඳන් භාවිතා කරන ඒවා. උන් වහන්සේ ආයෙමත් කොල්ලට කෑ ගැහුවා යටිගිරියෙන්

"මම දැන් එක පාරක් උඹට සිංහලෙන්ම කිව්වා නේද ? තවත් බලාගෙන් ඉන්නේ ඕක තියාපන් පොල් බූරුවා" 

මේක අහලා, හොඳටම කලකිරුණු දානපති ව්‍යාපාරිකයා ෆෝන් එක තියලා ඔළුවේ අත ගහ ගත්තා.

39 comments:

  1. හි හි හි නියමයි ,, විහිළුව වගේම බොහෝ දේ හැක හැක

    ReplyDelete
    Replies
    1. //බොහෝ දේ හැක හැක// ?

      Delete
    2. නැහැ අනේ කතාව කියවද්දී හිනාගියා ,, අපේ අම්මා ස්කයිප් එකෙන් කතා කරද්දී වෙච්ච දෙයක් මතක් වුණා හැක හැක කියන්නේ අපේ එක්කෙනෙක් හිනාවෙන සවුන්ඩ් එක

      Delete
  2. ඕක සමහර වෙලාවට අපිටත් වෙනවා.කොටින්ම මටත් වෙලා තියනවා.ඔහොමම නෙමේ .කෝල් කරලා එහා පැත්තට බායි කියල ෆෝන් එක සාක්කුවේ දාගෙන කතා කල එව්වා අනික් පැත්තට ඇහිලා මගේ දීගේත් ඇරෙන්න ගියා වතාවක්.(ඔෆිස් එකේ කියල යාලුවෝ එක්ක සෙට් වෙලා)

    ReplyDelete
    Replies
    1. වැඩ දෙකක් එක විට කිරීමේ වරද. මටත් වෙනවා.

      Delete
  3. අවංකව ඇත්ත කියනවනම් සුදීක, අපේ පන්සලේ හාමුදුරුවෝ සමහර වෙලාවට නොයෙකුත් දේ ගැන අහන්න මට කතාකරන්නේ මම යක්ෂ සේනාධිපතියා ආශ්‍රය කරමින් ඉන වෙලාවට. දවසක් මම මගේ හමුදා යාලුවෙකුට ගෙදර දුරකතනයෙන් කතා කරමින් ඉඳිද්දී හාමුදුරුවෝ කතා කළා, මගේ ජංගම දුරකතනයට. මම පිළිතුරු දීමේ බොත්තම එබුවේ ජංගම දුරකතනයේ මුහුණත දිහා නොබලා. මම අර යාලුවට කියපු 'උඹ මොන 'හුළුඅත්තක්' ???? කියනවද යකෝ' කියන 'කෑල්ල' හාමුදුරුවන්ට ඇහිලා. 'මහත්තයට කේන්ති ගිහින් වගේ මම පස්සේ කතාකරන්නම්' කියලා ඇමතුම විසන්ධි කළා. මම ආපහු ඇමතුමක් නොගෙන, කෙලින්ම පන්සලට ගිහින් වැඳලා සමාව ඉල්ලුවා. එදාම, හාමුදුරුවන්ට නොදැනෙන්න, හාමුදුරුවන්ගේ පින්තූරයක් අරන් දුරකතනයට දාගත්තා. දැන් මගේ බිරිඳ, දුවලා දෙන්නා, හැරුණුවිට, ඇමතුමක් ලැබීමේදී දුරකථන මුහුණතේ පින්තූරයක් වැටෙන එකම එක්කෙනා අපේ හාමුදුරුවෝ.

    ReplyDelete
    Replies
    1. සමහර හාමුදුරුවොත් හුළු අතු පත්තු කරනවා.

      Delete
  4. හැකිස්......ඔය වගේම එකක් ඇත්තටම වෙනවා දැකලා තියනවා. හැබැයි පස්සේ වැරැද්ද හදා ගත්තා

    ReplyDelete
    Replies
    1. එහෙමද ? ලියමු ඒකත්

      Delete
  5. sudika me kathawa mama kiyewwa silumina paththaren mita awrudu 15 kata withara kalin ara gamirasa katha kiyana thiruwen....

    ReplyDelete
    Replies
    1. මටත් යාලුවෙක් කිව්වේ. මේක ඇත්තටම වුණු එකක්. සමහරවිට යාලුවා කියවන්න ඇති.

      Delete
  6. කියල වැඩක් නැත...
    ලොල් එකේ උපරිම... :)
    මග කියවද්දිම හිනා යකෝ...

    ReplyDelete
    Replies
    1. කෙන්ජි අයියව හිනා ගස්සන ඒකත් ලේසි වැඩක්ද ?

      Delete
  7. හය්යො මටත් උනා මාර වැඩක්.කලිනුත් මම මෙක කොහෙ හරි කමෙන්ට් එකක කිවුව.දවසක් මට වාහනෙ රෙපෙයාර් කරන එකා එක්ක මල පැනල ඉන්න වෙලාවක කොල් එකක් ආව.මම බලන්නෙ නැතුව ගත්ත.හලො කිවුවට කතා කලෙ නැ.මමත් මලෙන්ම හලො හලො කිවුව.මෙන්න එහා පැත්තෙන් කියනව "දමිත් මම විමල් ප්‍රශ්නෙක ඉන්නව වගෙ පස්සෙ කතා කරන්නම් කියල" විමල් කියඟෙ අපෙ GM

    ReplyDelete
  8. ව්‍යාපාරිකයා හොද හින්දා හොදයි...නැත්නම්...වෙන එකෙක් නම් දුරකථනය ආපහු අරන්..

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්සය පස්සේ පන්සලටම ගිහිං තමයි සිද්දිය දැනගෙන තියෙන්නේ.

      Delete
  9. ෆෝන් අරන් දුන්න පන්සල ඔලුවේ කඩන් වැටුන වගේ :)

    හිනා යනව බං තාම !

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්සයට මොනවා හිතෙන්නැද්ද ? ඇත්තටම

      Delete
  10. මේක නම් මරු මචෝ.. පුළුවන්නම් අර බන දේශනා කොරන වෙලාවේ වාහනේ රිවස් කරපු කතාවත් ලියපන්...

    ReplyDelete
    Replies
    1. ඒකත් පත්තරේ ගියා මට හිතෙන්නේ. බොහෝ දෙනෙක් දන්නවා.

      Delete
  11. හාමුදුරුවන්ට දායක මහත්තයව මතක් වුනේ ආයෙම කොයි වෙලාවෙද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. බිල ආවම කොහොමත් මතක් වෙන්න ඇති.

      Delete
  12. අද නම් ලොල්ම ලොල් සුදීක. :)

    ඔයා කියලා තියෙනව වගේ සමහර කතා ලීවාම ඒවායේ තියෙන විහිලුව නැතිවෙනවා තමා. ගොඩක් ඒවා ලඟ ඉඳගෙන කියන්ට ඕනි.

    "සිංහල රාජ්"... හී හී...මෙන්න මේකත් ලොල් කතාවක්..

    ReplyDelete
    Replies
    1. සමහර ඒවා තියෙනවා අතින් පයින් විස්තර කරන්න ඕනේ, සමහර ඒවා වාචන අදින විදියට තමයි ලස්සන.

      Delete
  13. CLI tibune nati kalye Call ekak awa.
    caller- oya kohada ine?
    Mama- koha hiyath ubata mokada? kauda uba?
    caller- oya office ekyda inne?
    mama- natuwa uba hituwada mama hame&#&&*%^ kiyala? kauda uba?
    caller- Puta..mama Thata.
    mama- huta...sorry Thata...mama..call..ekaka..dennam..

    ReplyDelete
    Replies
    1. දෙයිය්යනේ පොලොව පාලන් යන්න හිතුනේ නැද්ද ?

      Delete
  14. හත් ඉලව්වේ උපාසකට බෙල්ලේ වැල දා ගන්න හිතෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. ඒ උපාසක මහත්තයා අටලෝ දහමින් කම්පා වෙන්නේ නැති කෙනෙක්.

      Delete
  15. ඉල්ලං කනවා කියලා මෙහෙමත් කෑමක්!

    ReplyDelete
    Replies
    1. පොඩි අමතකවීමක් විතරයි මචං

      Delete
  16. හික් ..හික් ..කෝල් කරපු එකාට මොනවා හිතෙන්න ඇත්ද ..වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුනා කියන්නේ ඔහෙම ඒවාට තමයි...

    (සුදික අයියා අහලා තියෙනවද අර හාමුදුරු කෙනෙක් ගෙදරකට කෝල් කරලා දානේ පරක්කු ඇයි කියලා අහන ටෙලිෆෝන් රේකොඩින් එක ..)

    ReplyDelete
    Replies
    1. අනේ නෑනේ මලේ ලින්ක් එකක් එවපන්.

      Delete
  17. ටෙලිෆෝන් එකට කනෙක්ෂම දෙන්න ටෙලිකොම් එකෙන් එනකොට මිනිහට පේන්න ටෙලිෆෝන් එකෙන් කතාකරකර හිටපු එකත් ඔය වගේ නියම කතාවක් තමයි.

    ReplyDelete
  18. නියම කතාවක් !
    ඇතිවෙන්ඩම හිනා උනා ! මරු ! මරේ මරු !

    ReplyDelete
    Replies
    1. කවුරුත් බලා හිටියේ නෑ නේද ?

      Delete
  19. හමුදාවෙත් ඔය වගේ වැඩ අනන්තවත් වෙනවා. සීනියර් කෙනෙකුට එහෙම ඔහොම කතා කලොත් ඉතින් දෙයියන්ගෙම පිහිටයි

    ReplyDelete
    Replies
    1. එහෙම වෙලා තියෙනවද ?

      Delete
  20. අර දානපතියට ටෙලිපෝන් අරන් දීල කර ගත්තු මෝඩකම කියල හිතෙන්න ඇති. පව් අප්පා.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...