Monday, September 9, 2013

ලොල්ද මන්දා අංක 9 : බාර් කොත්තු රොටි ......

මම රිවරිනා හොටෙල් එකේ වැඩ කරපු කාලෙත් පුදුමාකාර චරිත ටිකක් මුණ ගැහුණා. මොකද සංචාරක හෝටලයක් කියන්නේ විවිධ අධ්‍යාපනික මට්ටම් වල සහ විවිධ සමාජ මට්ටම් වල අයගේ එකතුවක්. ඒ වුණත් මේ හැම දෙනෙකුම එකතු වෙලා ඉතාම සමගියෙන් කණ්ඩායමක් විදියට එකම අරමුණකට වැඩ කරා. ඉතිං මේ වගේ සේවක පිරිසක් පැය විසිහතරේම වැඩ කරද්දී හොඳ හොඳ සිද්දි වාර්තා වෙනවා. අපි ගිණුම් අංශයේ වැඩ කලත් රාත්‍රී සේවා සඳහා මට අවස්ථාවක් තිබුණේ නෑ. නමුත් ඒ වැඩ කරන අය කලින් දවසේ රාත්‍රියේදී සිදු වෙච්ච් දේවල් උදේ ආහාර ගන්න ගමන් බෙදා ගන්නවා.

අහාර ගන්න ගිණුම් අංශයට සහ සුපවයිසර් වරුන්ට වෙනම ස්ථානයක් තිබුනත්, අපිත් අර පොදු සමාජය ගැවසෙන තැනට යන්න පුරුදු වෙලා හිටියේ අර කලින් කියපු රස කතා අහ ගන්න. තවත් දෙයක් මේ වැඩ කරන බොහෝ දෙනෙක්ට කාඩ් නම් වලින් තමයි ආමන්ත්‍රණය තිබුණේ. අලුත් කෙනෙකුට ටික කාලයක් යනවා මේ උප සංස්කෘතිය ග්‍රහණය කර ගන්න. ඔය කාඩ් නම් වලට අමතරව ජර්මන්, ප්‍රංශ, ඉතාලි භාෂා වල වචනත් එහෙන් මෙහෙන් විසි වෙනවා.

ජෝසප් කියලා හිටියා බාර්මන් කෙනෙක් මිනිහා අර බෝතල් වල ඉතිරි වෙන ඒවා බීලා උදේට එන්නේ වෙරිමතින්. මූණ හරියට මල මිනියක් වගේ. එයාව අමතපු සුරතල් නාමය තමයි "එම්බාමන්". අපේ දෙපාර්තමේන්තුවට සම්බන්ධ කැෂියර් කෙනෙක් හිටියා. එයාගේ සුරතල් නාමය තමයි "අන්දොස්". චෙෆ් මහත්තයාට "හරක් හොරා", ජී.එම්.ට ජෙමා.  ඔය වගේ නම් රාශියක් තිබුණා. අපේ කතාවේ කතානායකයා අන්දොස්, ගණිතයෙන් උසස්පෙළ කරපු මතුගම පැත්තේ හාදයෙක්. මගේ වයසට කිට්ටු වයසක, ඒ වගේම කිට්ටුව කාලෙක සේවයට එක් වෙච්ච කෙනෙක්. මිනිහාට පොඩි ටියුබ් ලයිට් ගතියක් තිබ්බා. පොඩිම කියන්නත් බෑ. සමහරවිට එක දිගට නිදිමරපු නිසා වෙන්නත් ඇති. 

එක දවසක් ක්වාර්ටස් එකේ නිදන් ඉන්නකොට ඇඳේ ඔලුව තියන පැත්ත සම්පූර්නයෙන බිමට කඩා වැටිලා. ඒත් අන්දොස්(නම ප්‍රියන්ත වගේ මතක) එක දිගට නිදාගෙන. මට නම් මිනිහා ගැන තිබ්බේ පොඩි අනුකම්පාවක්. ඒ කාලේ අපි කාටත් තිබ්බ බරපතලම  ප්‍රශ්ණයක් තමයි ඉංග්‍රීසි. උසස්පෙළ හමාර කරනකොට බොහෝදෙනෙක් ඉංග්‍රීසි ගැන අල්ප දැනුමක් එක්ක තමයි රස්සා වලට එන්නේ. විශේෂයෙන් කොළඹින් පිට අය. මෙයාගේ රස්සාව තමයි කැෂියර්. සල්ලි ෂෝර්ට් වුණා කියලා හැම දාම ඔලුව කකහා ඉන්නවා. රිවරිනා හොටෙල් එකේ තියෙනවා කැෂියර්ලා වැඩ කලයුතු තැන් රාශියක්. ලෝන්ජ් බාර්, කොෆී ෂොප්, පූල්බාර්, දිස්කොතෙක්, කොන්ඩිටෝරයි(Konditorei කියන්නේ ජර්මන් වචනයක්. ඒක පුංචි පහේ රසකැවිලි සහ කොපි තියෙන කඩ වලට කියන නමක්. මමත් අද තමයි දැන ගත්තේ විකිපීඩියා එකෙන්). 

ඉතින් බොහෝදෙනෙක් පූල්බාර් වැඩ කරපු දවසට සල්ලි අවුට්. හේතුව ගැන කියන්න අවශ්‍ය නෑනේ. :) මේ තැන වල වැඩ කරනොට තමන්ගේ රාජකාරියට අමතරව අනිත් අයගේ රාජකාරී වලටත් උදව් වෙන්න සිදු වෙනවා. දවසක් අපේ අන්දොස් අර එම්බාමන් එක්ක ලෝන්ජ් බාර් එකේ වැඩ කරලා. එම්බාමන් නොහොත් ජෝසප් ටිකක් සුද්දෝ අඩු වෙලාවක් බලලා (රෑ අටට විතර) කන්න ගිහිං. අපේ අන්දොස් මහතාව බාර් එකේ රඳවලා. මේ වෙලාවේ එතනට සුරාබදු දෙපාර්තමේන්තුවෙන් කඩා පැනලා. දැන් අපේ අන්දොස්ගෙන් ප්‍රශ්ණ කරනවා

නිලධාරියා : කී දෙනෙක් මෙතන වැඩ කරනවද ?

අන්දොස් : අපි දෙන්නයි සර්. මායි ජෝසප් අයියයි.

නිලධාරියා : තමුන්ට බාර් එකක වැඩ කරන්න බාර් ඔතොරිටි තියෙනවද ?

පින්තූරය ගත්තේ : http://www.bootsnall.com
අපේ අන්දොස් මල්ලිට මේ වචනේ හරියට ඇහුනේ නැහැ මිනිහට මේක ඇහුනේ වෙන විදියකට. ඇහුනත් තේරෙන එකක්යැයි. ඉතිං මිනිහා තේරෙන විදියට උත්තර දුන්නා. බාර් වල කන ජාති නෑ. අවේලාවේ කෑමක් ඕඩර් කරලා කන්න පුළුවන් තැන මිනිහගේ හිතට ආවා. 

අන්දොස් : ඉන්න සර් මං අරගෙන එන්නම්.

එහෙම කියපු ප්‍රියන්ත කෙලින්ම නතර වුණේ කොෆී ෂොප් එකේ. හති දාගෙන ඒකෙ තියෙන මිනි කිචන් එකට දුවලා ඒ වෙලාවේ වැඩ කරපු චබ්බා ගෙන් ඇහුවා

"අයියේ කොත්තු රොටි තියෙනවද ?" කියලා. උපන්ගෙයි විහිළු කාරයෙක් වෙච්ච චබ්බා කිව්වා.

"මෙතන නම් කොත්තු රොටි නෑ. අලුත්ගම තම්බි කඩේ නම් තියෙනවා. ඇයි උඹ රෑට කෑවේ නැද්ද? ඔය තියෙන දෙයක් කාපං" කියලා.

"අනේ චබ්බයියේ විහිලු කරන්න එපා. අතන ගෙස් බලාගෙන ඉන්නවා."

"නෑ. මම කිව්වේ මේ වගේ හෝටල් වල කොහෙද බන් කොත්තු(1991 දී. දැන් නම් ඕන තරු හෝටලයක තියෙනවා)"

මේ වෙලාවේ මෙතනට ආවා පැට්‍රික් කියන පරණ කැෂියර්. මිනිහා කතාව අහගෙන ඉඳලා අන්දොස් මල්ලිගේ අතින් ඇදගෙන ගියා ලෝන්ජ් බාර් එකට. ගිහින් අර එක්සයිස් නිලධාරියාගෙන මොනවද ඕනේ කියලා අහලා, ලැබුන උත්තරය ඇහුණාම කෙලින්ම බාර් එක අස්සට ගිහින් විනාඩි ගානකින් තමා හිනාව නතර කරන් තියෙන්නේ.

 විනාඩි ගානක් ඇතුලත හැමෝම වගේ දැනුවත් කරන්නත් පැට්‍රික් වග බලාගෙන. 

ඊට පස්සේ අපේ යාලුවෝ අන්දොස් හම්බ වෙච්ච වෙලාවට අහනවා

"මචං බාර් කොත්තු රොටියක් ගන්නවනම් කොහෙන්ද ගන්න පුළුවන්" කියලා

59 comments:

  1. ආයි දෙකක් නෑ ලොල්

    ReplyDelete
  2. මොනවා හරි හිතට ආවාද ?

    කොත්තුව දැකලා බඩගිනියි.

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට බොරළු ඔයාට රෑට වැඩිය කන්න හොඳ නෑනේ.

      Delete
  3. ගොඩක් කස්ටිය ඔය ඉංගිරිස් වචන අනිත් පැත්තට තේරුම් ගන්නේ බං!

    ReplyDelete
    Replies
    1. අපිත් එහෙම තේරුම් ගත්ත ඒවා තියෙනවා.

      Delete
  4. අද නම් ලොල්ම ලොල්. මට මතක් වෙන ගානට හිනායනවා...:)

    ReplyDelete
    Replies
    1. එහෙනම් කමක් නෑ. මේක මම ඇත්තටම ලොල් නැති වෙයි කියලත් හිතුව එකක්.

      Delete
  5. මටත් ටියුබ් වෙලා තමයි තේරුම් ගියේ.
    ඇත්තටම ලොල්.

    ReplyDelete
    Replies
    1. ටියුබ් ලයිට් වලට කියන්නේ සිසි කැලුම් බට කියලා නේද් ?

      Delete
  6. ඕක සිංහලෙන් ඇහුව නම් මිනිහා මොනවා ගෙනත් දෙයිද දන්නෙ නෑ !

    ReplyDelete
  7. කථාව ලොල්ද මන්දා නෙමෙයි..අනිවාර්යෙන් ලොල්...පවු නේද අසරණයා..

    ReplyDelete
    Replies
    1. මතක් වෙද්දීත් දුකයි.

      Delete
    2. මතක් වෙද්දීත් දුකයි.

      Delete
  8. හික් ..හික්..තව ටිකෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ උන්ට කොත්තුවක් කන්නත් තිබුනා ..

    ReplyDelete
    Replies
    1. දැන් කාලේ වුණා නම්.

      Delete
  9. අපි වැඩ කරපු මුල් කාලේදි. නයිට් වැඩත් කරනවා. එහෙම වෙලාවට බොස් කෝල් කරනවා කස්ටිය නිදිද කියලා බලන්න. පොර හැබයි කෙලින්ම කතා කරන්නේ තමන් කියලා. කොහොමද තත්වෙ කියලා අහනවා. සමහර වෙලාවට රෑ 2-3 ටත් කෝල් කරනවා. එක දවසක් පොර කෝල් කරපු වෙලාවේ ආන්සර් කරලා තියෙන්නේ අලුත් පොරක්.. ලොක්කා කෝල කරලා රෑ..

    Hello I'm "Mano" here...

    "No... no.... he is not here......"

    කියලා අරූ දඩස් ගාලා ෆෝන් එක තියලා... ආන්සර් කරපු එකා අද ඉන්නේ ඔස්ට්‍රේලියාවේ...

    ReplyDelete
    Replies
    1. මම මුලින්ම වැඩ කලේ බෙන්තොට බීච් හොටෙල් එකේ. මගේ ජොබ් එක රිසෙප්ෂන් ක්ලාක්. මට තියෙන්නේ දවසේ කාමර වෙළඳාම ගණනය කරන්න. නමුත් රෑ දොළහට අනිත් අය නෑ. කෝල් එකක් ආවම මම උත්තර දෙනවා. හරියටම රෑ දොළහට කෝල් එකක් ආවා. මම පොඩ්ඩක් කල්පනා කළා. ගූඩ් ඊව්නින් කියන්නත් බෑ, ගුඩ් මෝනින් කියන්නත් බෑ. මම කිව්වා ගූඩ් නයිට් රිසෙප්ෂන් කියලා. අනිත් පැත්තෙන් දඩාස් ! ගාලා ෆෝන් එක තිබ්බා. :)

      මයින්ඩ් යුවර් ලැන්ග්වේජ් කියල ඉස්සර ගිය විකට වැඩසටහනේ ගුරුවරයා මිස්ටර් බ්‍රවුන් රන්ජිට් සිං ට කියනවා

      "වට් ඉස යුවර් නේම්" කියලා
      එතකොට රන්ජිට් සිං කියනවා
      "වට් ඉස් නොට් මයි නේම්" කියලා.

      Delete
    2. කතාවට හිනා, මේ කමෙන්ට් එකට තදින් සිනා..!

      Delete
  10. ලොල්ද කියලත් අහනව.

    ReplyDelete
  11. Replies
    1. මට හිතුනේ ලොල් මදි වෙයි කියලා.

      Delete
  12. ඇති අතේ රොටි ඉල්ලුවේ නැතුවා. :D

    අරක ලවුන්ජ් නේද මචං.

    ReplyDelete
    Replies
    1. උඹ කියනවා නම් පිළිගන්න එපැයි. මම අහපු විදියට තමයි ලිව්වේ. අද ඉඳන් නිවැරදි වෙනවා.

      Delete
    2. මචංස්ලා........ලෝන්ජ් එකයි ලවුන්ජ් එකයි මැද්දෙන් ගියානම් හරිනේද? නිකන් ලඔඋන්ජ් වගේ?

      Delete
  13. Replies
    1. බලපන් මම ලොල් කියල නොහිතන ඒවා මාර ලොල් වෙලානේ.

      Delete
  14. ලංකාවේ ඉදන් මෙහෙට එන කෙනෙක් ගෙන් මෙහෙ ඉමිග්රේෂන් එකේදී කියලා " ෂෝ යුවර් මනි " මේක අපේ වහන්සේට තේරෙන් නැහැලු එක දැක්ක ඔෆිසර් අංග චලනයත් එක්ක කිව්වලු "ටෙක් අවුට් යුවර් පර්ස් ඇන්ඩ් ෂෝ " කොල්ලට මේක තේරිලා පර්ස් එක අරන් දිග ඇරලා පෙන්නුවලු .... අයෙත් ඔෆිසර් කියනවලු " ෂෝ යුවර් මනි "
    ඒ පාර කොල්ලා .. පර්ස් එකේ තිබුන පොටෝ එක පෙන්නලා ඔෆිස්ර්ට කිව්වලු "නො සර් දීස් නොට් මයි මමී දිස් මයි ගර්ල් ෆ්‍රෙන්ඩ් " කියලා

    ReplyDelete
    Replies
    1. සිංගප්පූරු එයාපෝට් එකේදී වයසක ආගමන නිලධාරිනිය මගෙන් ඇහුවා

      "වෙයා ඩු යූ ගොයින් ටු ස්ටේ"

      "අයි හෑව් නො ප්ලේස් යෙට්. බට් අයි ඇම් ගොයින් ටු ස්ටේ ඉන් එ හොටෙල්"

      "රයිට් හොටෙල්"

      "අයි ඩෝන්ට් නෝ ඒනි නේම්"

      "රයිට් හොටෙල්.රයිට් හොටෙල්"

      මට එවෙලාවේ තමයි මීටර් වුණේ. මේ ලියන්න කියන්නේ HOTEL කියලා. ටක් ගාලා ලියලා දුන්නා. නැත්නම් ඩීපෝර්ට්.

      Delete
  15. ඉන්ගිරිස් අකරතැබ්බන්... :D

    ReplyDelete
    Replies
    1. මේවා ඉංග්‍රීසි අකරතැබ්බම නෙවෙයි. සන්නිවේදන දුර්වලතා.

      Delete
  16. සිරා බන්... කියල වැඩක් නෑ.... හිනාව නවත්ත ගන්න බෑ...

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් බොරු නොකියා.

      Delete
  17. පව් අප්පා අයියේ... මට නම් මිනිහා ගැන ඇති උනේ දුකක් අපි උනත් සර්ව සම්පූර්ණ නැහැනේ. මොකද අපි උනත් නොදන්නා කොච්චර වචන තියෙනවද. මම නම් කවදාවත් ඉංග්‍රීසි බැරි කෙනෙක්ට හිනහ වෙන්නේ නැහැ හිනහ යන්න ආවත් නවත්වගන්නවා හැබැයි සිංහල බැරි උන්ටනම් (මෙහෙ ඉන්න උන්ගෙන් වැඩි හරියක්) මම හිනහ වෙනවා.

    ReplyDelete
    Replies
    1. මෙතන තියෙන්නේ ඉංග්‍රීසි ප්‍රශ්නයක් පමණක් නෙවෙයි. Communication Gaps. අර මම උඩ කියල තියෙන HOTEL කතාවත් ඒ වගේ.

      Delete
  18. හ්ම්ම් ලස්සන කතාව,ගුඩ් නයිට් කියල කෝල් එක පටන් ගත්ත හැටි ඊටත් වඩා ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. එතන තව කථා ගොඩක් තියෙනවා. පස්සේ වෙලාවක ලියන්නම්.

      Delete
  19. එම්බාමන් ,අන්දොස්, හරක් හොරා, ජෙමා. . ! මේක නම් කාර්ඩ් රාජධානියක් නේ. අනිත් නම් ටිකත් කියමු බලන්ඩ.

    ReplyDelete
    Replies
    1. තව මහා ගොඩක් තියෙනව. මම දන්නා කාඩ් ගැන පොස්ට් එකක්ම දැන්නම්. ඒවා හැදිච්ච විදියත් එක්ක දාන්න ඕනේ. නැත්නම් ගතියක් නෑ.

      Delete
    2. ඔව් එක රසබර පොස්ට් එකක් වෙවි. හැදුන හැටි සමග ලියනවා නම් ඉතා හොදයි. දිග වැඩි වෙනවා නම් කතා මාලාවක්ම ( ලොල් කතා වගේ දිගට ) ලියන්න.

      Delete
  20. හේහ්. කතාව වගේම ඊටත් වඩා පහලින් තිබුන කමෙන්ට් වල තිබුන කතා දැකලා හිනා. පට්ට. මේ වෙලාවේ මතක් නොවුනට හොඳ හොඳ වැඩ වෙලා තියෙනවා කඩ්ඩ හිනදා මටත්.

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනෙක් ඒවා ලියන්න කැමති නෑ.

      Delete
  21. පට්ට ලොල් කෙස් එකක් ඈ.

    ReplyDelete
    Replies
    1. එහෙමද ? මීට කලින් ලියපු කෙටිම කෙටි ලොල් කතා සීරීස් එක බැලුවද ?

      Delete
    2. ඔක්කොම නැතත් හුගක් ඒවා බැලුවා.

      Delete
  22. Replies
    1. ලක්සලේ නැද්ද ඔය වගේ අත්දැකීම් ?

      Delete
  23. ලොල් කතාවක් නේන්නම්, මං මේ කල්පනා කරන්නේ අර සුරා බදු බුවා මොනවා හිත හිත ඉන්න ඇත්ද කියලා,මෙව්වා එක ඉල්ලපු ගමන් අරූ අන්තරස්දාස් වුනාම!

    ReplyDelete
    Replies
    1. උණුත් එන්නේ මොනවා හරි කාලා බීලා යන්නනේ.

      Delete
  24. අද නං ලොලේ ලොල් කතාවක්නේ.

    ReplyDelete
  25. ඒකනේ බස හැසිරවිම තැන අනුව කළ යුතුයි නැත්නම් තේරුම් හොයන්න ගිහින් මහ අවුලක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. මම මේවට කියන්නේ සන්නිවේදන හිඩැස් (Communication Gaps) කියලා. කෙනෙක් කියන්න අදහස් කරන දේ අනිත් කෙනා ග්‍රහණය කර නොගැනීම.

      Delete
  26. නියම කතාව.මමත් ජීවිතේ වැඩිකල් හෝටල් කෙරුවාවේ.රන්ජි කියලා බුවෙක් හිටියා Kitchen Stewarding (සේදීමේ අංශයේ). අනිත් හැමෝම break එකට යැව්වා.මුගේ චාන්ස් එක තාම නැහැ.F&B Manager හිටියේ සුද්දෙක්. රංජි කෙලින්ම ගියා සුද්දා ගාවට " everybody going break!!!why my body no going?"කියලා ඇහුවා.
    සුද්දා හොල්මන්.ටිකක් වෙලා කල්පනා කරලා වෙන එකෙක්ව පෙන්නලා කිව්වා. "ok. ok. you body going after this body" කියලා.එදා ඉඳන් රන්ජි "මයි බොඩි"උනා.1982 විතර කතාවක්.

    ReplyDelete
  27. සුදීක...මගේ කමෙන්ට්ස් කොහෙද යනවා.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...