Sunday, September 22, 2013

ලොල්ද මන්දා 10 : පොල් සම්බෝලේ ......

පදමට දෙහි - ලුණු - මිරිස් දාලා හදන පොල් සම්බෝලයක් තරම් තවත් රසවත් කෑමක් මිහිපිට තියෙනවද කියලා වෙලාවකට හිතෙනවා. මෙහෙම වැඩිපුරම හිතුණේ 2004 දී මම බැංකොක් ගිය වෙලාවේ. අපි හිටිය බෙන්ස් රෙසිඩන්ස් කියන හෝටලයේ සිංහල කෑම හදලා දෙනවා. ඒත් කිසිම මිරිස් සැරක් නෑ. හේතුව තමයි මේක එයාලගේ කෑමක් නොවීම. බැංකොක් වල ඒ කාලේ තිබුණ තෙල් ගඳට සහ රසට අපිට වමනේ යන්න කිට්ටු කරලා තිබුණේ. බැංකොක් වලින් ලංකාවට ආපු හාදයෙක් පොල් සම්බෝලයි පානුයි මෙහෙදී හොඳට සප්පායම් වෙලා, පස්සේ අපෙන් ශිල්පය ඉගෙන ගෙන වැඩ දාලා හදලා කන අපූරුව බලන්න පහළ තියෙන වීඩියෝ එකෙන්.


නමුත් අපේ කතාවේ සිද්ධිය මේක නෙවෙයි. මගේ ඔෆිස් මිත්‍රයකුගේ බිරිඳ එම්.බී.ඒ. කරනකොට ඇයට දිවා ආහාර විවේකයේදී එක් වන මිතුරියක් ඉන්නවා. ඇය ලංකාවේ ප්‍රධාන සුපවෙදීණියකගේ දුවක්. කවුද කියලා මේ වෙනකොට ඔයාලගේ හිතටත් ඇවිත් ඇති. ඉතිං හිතන්නකෝ ලංකාවේ බොහොමයක් චැනල් වලින්, ලංකාවේ කාන්තා පාර්ශවයට උයන්න උගන්වන සුපවෙදිණියගේ දියණියත් සමග දිවා ආහාරය ගන්න ලැබෙනවා කියන්නේ මොන වගේ භාග්‍යයක්ද කියලා. වෙන කාරණයකට නෙවේ, ඉතින් බත් කනකොට තමන්ගේ තියෙන කෑම බෙදාගෙන කන එක අපේ සිරිත නිසා. එහෙම කිව්වම මතක් වුණේ සමහර ය ඉන්නවා, එක්කෝ බත් විතරක් කාර්යාලයට අරන් එනවා, නැත්නම් ව්‍යංජන විතරක් ගේනවා. ෂේප් තියරියෙන් වැඩේ ගොඩ යනවා. මේ වගේ සමහරු එකතු කරලා එක්කෙනෙකුට හදලා දෙන බත් එකට මම කලින් හිටිය ඔෆිස් එකේ අය කියන්නේ පාත්තරය කියලා. කෑම ගෙනියන්න බැරි වුණ දවසක මමත් පාත්තරයට වග කිව්වා.
පින්තූරය ගත්තේ : http://polsambolandbread.blogspot.com

ඉතිං දවසක් දිවා විවේකයේදී මගේ මිතුරාගේ බිරිඳත් අර මා.... නෑ... නෑ.. එයාගේ මිතුරියත් එකතු වෙලා දිවා ආහාරයට සෙට් වෙලා. අර කියපු සුපවේදිණියගේ දියණියගේ ලන්ච් බොක්ස් එකේ තිබිලා තියෙන්නේ බතුයි පොල් සම්බෝලයි විතරයි කියලා. මේ දෙන්නා එකට කෑම ගත්තත් බෙදා-හදාගෙන කන්න අර සුපවේදියණිය වැඩි කැමැත්තක් නෑලු.  අදහන්නත් පුදුමයි නේද ? නමුත් ඇත්ත. ඉතිං මිතුරාගේ බිරිඳ ඇයට තමන්ගේ ආහාර වලින් කොටසක් දාන්න අහලා. මොකද එයා ටිකක් අමුතු ජාතියේ කෙනා නිසා. එතකොට අර සූපවේදියණිය කියලා තියෙනවා.

"නෝ...නෝ... තැන්ක්ස් මයි ඩියර් ... ඈස් ෆාර් ඈස් පොල් සම්බෝල් ඉස් දෙයා(ර්). අයි කැන් මැනේජ් " කියලා. 

51 comments:

  1. වැ‍රැද්දක් නෑ . පොල් සම්බෝලයි බතුයි කද්දි තියන ගතිය අඩු වෙනව තව වෑන්ජන එකතු උනාම . එයා ඒක දන්න නිසා කියන්න ඇති .
    සමහර කෑම ජාති තියනව තව ජාති පහ හයක් එක්ක කෑවත් ඒ ජාතිය විතරක් ඉස්මතු වෙන .
    ඒත් පොල් සම්බෝලයි බතුයි වල රහ බලන්නනම් ඒ දෙක විතරක්ම කාල බලන්නම වෙනව .
    (මේ මට දැනෙන හැටි සමහර කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්)
    අයි කැන් මැනේජ් කිව්ව එක තමා ලොල් . සමහර විට සම්බෝල බත් එක්ක මැනේජ් කරගන්න එක වෙන්නැති .

    ReplyDelete
    Replies
    1. අම්මා සුපවෙදිනියක් වීම, සම්බෝල සහ බත් කනගමන් කඩ්ඩෙන් කෙටීම.

      Delete
    2. හිහී හි .. .
      සූප වේදිනියක්ගෙ දුවක් පොල් සම්බෝල කෑමෙ වරද මොකක්ද?
      තියන කාර්ය්‍ය බහුලත්වය හෝ ආර්ථික අපහසුතා නිසා පොල් සම්බෝල හදන්න ඇතිය වෙන්න පුලුවනි .
      වැ‍රැද්ද අපි බලාපොරොත්තු වෙනදේ සහ හිතන විදිහ නොවේද ?
      පොල් සම්බෝලයි ඉංග්‍රීසියි ඇලජික් ද ?
      _____________________________
      ජොලියට වගේ මට හිතුනු දේ ඈ .

      Delete
    3. මේකෙන් එයා එයාගේ අම්මට ටොක්කක් අනිනවා. මමත් හරිම ආස කෑමක්.

      Delete
    4. කොච්චර සල්ලි කාරයෙක් උනත්, අම්මා ලෝක ප්‍රසිද්ධ සූපවේදිනියක් උනත්, තමන් කැමති කෑමක් කන්න මනුස්සයෙක්ට අයිතියක් තියෙන්න ඕනෙ....ලංකාවෙ තරම් අනුන්ගෙ අයිතීන් වලට අනිත් මිනිස්සු හොට දාන රටක් ලොවෙත් නෑ.....ලංකාවෙ මිනිසුන්ගෙ ආකල්පය අම්මා අහවලා නම් දුව මේ විදිහට කන්න ඕනෙ....... අම්ම හිඟන්නෙක් නම් පුතත් ඉන්න ඕනෙ හිඟන්නෙක් වගේ ඉන්න ඕනෙ කියන එකද???????????? අපේ ගෙවල් ගාව ඉන්නවා පට්ට මුදලාලි කෙනෙක්..... තොග බිස්නස් කාරයෙක්...... මිනිහා ඒකෙන් දියුණු වෙලා හොඳ සල්ලි කාරයෙක් උනා........ඇලියන්, මොන්ටෙරෝ,ප්‍රාඩෝ ඔය විදිහෙ වහන මාරු කර කර ගෙනාවා... දැන් තියෙන්නෙත් හොඳ මොන්ටෙරෝ එකක්...පොරට ඉන්නවා පුතෙක් අවුරුදු 17 ක .. ඌ තාම පදින්නෙ මවුන්ටන් බයිසිකලේ.....මේකයි වැඩේ.... ඌ තාත්තගෙ තාත්තගෙ මොන්ටෙරෝ එක අරගෙන එළවලා එහෙට මෙහෙට රඟ පෑවනම් ඒකටත් ඌට බනිනවා...... ඌ මවුන්ටන් බයිසිකලේ යද්දි ඒකටත් බනින පිරිසක් ඉන්නවා....අපේ ලංකාවෙ මිනිස්සු හරි වෙනස් ... හරි මට කියන්න කවුරු හරි පින්වතෙක් අම්මා සූපවේදීණී මා**** උනු පළියට දුව කන්න ඕනෙ කැම මොනවද කියලා මට කියන්න ?????????????

      Delete
    5. පොල් සම්බෝලය සහ ඉන්ගිරීසිය ඇලජික් ද ??????????
      නියම කථාව බ්‍රද(ර්‍)
      මේ වගේ කොමෙන්ටුවක් පළවෙනියට වැටුන එක ගැන සතුටුයි......... සුදෙකෙක අයියා පොල් සම්බෝල සහ ඉන්ගිරීසි ය එකතු වෙලා, එයාගෙ අම්මට ඇනපු ටොක්ක ගැන විස්තරයක් කරන්න ..ආසයි ඒකත් දැන ගන්න

      Delete
    6. මේකයි. එයාගේ අම්මා ඇතුළුව ටී වී එකේ එක එක කෑම හදන්න්න උගන්වන අය, ලංකාවේ එදා වෙලා කන්න නැතිව සම්බෝලයි බතුයි කන අයට කියනවා අර තෙල් ජාතියෙන් බැද්දොත් තමයි ජාති, අර මාගරින් දාල හැදුවොත් පංකාදුයි, මේකට යන්නේ ඉතාම සුළු මුදලයි කියලා. නමුත් එයාගෙම ගෙදර එයාගේම දුවට සම්බෝලයි බතුයි වලින් මැනේජ් කරන්න උගන්වලා. එතකොට අරක කෑම මුවාවෙන් ජනතාවට ඇන්දිල්ලක් නොව්යිද? එයා විතරක් නෙවෙයි හැමෝම කරන්නේ. මේකෙන් කියන්නේ නෑ එයාගේ දුවට සම්බෝලයි බතුයි කන්න අයිතියක් නෑ කියලා. අද ලංකාවේ ඕනෑම දුප්පත් පවුලක කෙනෙක් වුණත් බත් එකත් එක්ක අඩුම ගානේ එළවලු දෙකක් තුනක් වත් ගේනවා. තමන් කෑම කන කෙනත් එක්ක බෙදාගෙන කනවා. නමුත් අර දියණිය සම්බෝල වලින් මැනේජ් කරනවා.

      මම මේ කතාව බය නැතිව කියන එකක්. එයාගේ මහත්තයා රාජ්‍ය බැංකුවක වැඩ කළා. එතකොට බැංකුවෙන් දුන්න වාහනය කොට්ටාවේ ඉඳලා පිටකොටුවට යවනවා පොල් ගෙඩියක් ගෙන්න. අන්න ඒ වගේ මිනිස්සුම්. ඒකත් ඔය කියන මැනේජ් වලට අයිති එකක්.

      Delete
  2. අම්මගේ හදපු සම්බෝලේ නම් ආයේ ලොවෙත් නෑ. ඒත් කැන්ටින් එකේ තියෙන්නේ පොල් කුඩු සම්බෝල. මෙවුන් ඩයි එකක් දානවද මන්දා. මෙලෝ රහකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. පොල් සම්බෝල රස වෙන්න, ඒකට ගන්න පොලුත් බලපානවා. වෙලිච්ච් පොල් වලින් හැදුවම පැණි රසයි. කලටි අවධිය පසු කරපු, යන්තමට පැහිච්ච පොල් තමයි හොඳ. ඒ වගේම ලොකුවට කෑලි එන්න ගා ගන්න ඕනේ.

      Delete
  3. අඩේ පොල්සම්බෝලයි බතුයි තියේනම් තව මොනාද ඈ ඉඳගෙන

    ReplyDelete
    Replies
    1. ගෙදර කනකොට කොයි තරම් ආස වුනත්, එලියට ගෙනියනකොට දෙකක් වත් අරන් යන්න එපැයි.

      Delete
    2. ගෙදරට එකයි... එලියට එකයි දෙකක් මොකටද බං අයියේ.... ඔන්න ඔහේ කාපුවාවේ...

      Delete
  4. කියනකොට එහෙමයි. කරනකොට මෙහෙමයි.

    ඇත්තටම සුදීක සමහ සූපවෙදියෝ/වෙදිනියෝ රූපවාහිනියට ඇවිත් එක එක නිෂ්පාදන හාල්පිටි/උළුඳු පිටි/සෝස්/ආදී) වර්ණනාකර ඒවා විකුනන්න තමයි උත්සාහ කරන්නේ. හදලා පෙන්නන්නේ සරලව, ඕනෙම, ඒ හා සමාන ද්‍රව්‍ය වලින් හදන්න පුළුවන් දේවල්.

    ReplyDelete
    Replies
    1. ඒක අර තිරිවාන සුප් එක වගේ තමයි. අර නම රාව-ප්‍රතිරාව කරනවා එයාලට ගෙවනවා.

      Delete
  5. සුදීක, දැන් කාලේ පොල් සම්බෝලේට තියෙන තැන වෙනස් වෙලා. ඉස්සර කාලේ දුප්පත් අයගේ කෑමක් විදියට සැලකුවට දැන් නම් ඒක අත්තම්මා කියනවා වගේ 'ඉස්සරහ' කෑමක් වෙලා. :)

    පොල් සම්බලුයි, පානුයි හරි පොල් සම්බලුයි, බතුයි කන්ට හරි මමත් ගොඩක් කැමතී. එකමදේ හැමදාම ඔය කියන කෙනා ගේන්නේ, පොල් සම්බෝල නම් ප්‍රශ්නයක් තමයි. අනෙක ඉතින් පියා ප්‍රසිද්ධ සූප වේදියෙක් උණාට ගෙදර කෑම හදන්නේ නැතුව ඇති. :D

    ReplyDelete
    Replies
    1. තැනකට ගෙනියනකොට කොයි තරම් නැති බැරි කෙනෙක් වත් පොල් සම්බෝල විතරක් අරගෙන යනවද?

      එයාගේ අම්මා තමයි සුපවෙදිණිය.

      Delete
    2. එක, එක්කෙනා හිතන විදිය නේද සුදීක. මම නම්, මට ආසා නම්, පොල් සම්බෝල එක්ක විතරක් බත් අරන් ගිහින් කෑව හැකි. ඔන්න හැමදාම ඒ වැඩේ කරනවා නම් මොකක් හරි වැරැද්දක්....:D

      Delete
    3. අනිවා ... අනිවා...

      Delete
  6. එදා කුස්සියෙ කළමනා ඉවර වෙලා තියෙන්න ඇති.

    ReplyDelete
  7. Replies
    1. මෙන්ඩියෝ මොකක්ද බොල උඹට වුනේ ,කාලෙකින් පෙන්න නෑනෙ

      Delete
    2. පොල් සම්බෝලයි පානුයි කන්න දැන් අඩුම රුපියල් දෙසීයක් අතේ තියෙන්න ඕන . දැන් ගොඩක් තැන් වල පොල් සම්බෝල තියෙන්නේ පාට විතරයි රස ,සුවඳ මුකුත් නෑ

      Delete
    3. අපේ පැත්තේ awit giyත් නැ කාලෙකින්

      ඇයි අපි අඩු කලුද

      Delete
    4. පොල් ගනන්කාලේ සම්බෝල කනඑක අපරාදයක්.

      මොකැ බං මේ ආප්ප ඇප්රුවල්

      Delete
    5. @සංජීව : දහසක් ප්‍රශ්න තිබුනත් උඹ ඇවිත් යනවා කියලා දන්නවා මලේ.

      @ප්‍රගීත් : මිරිස් ගලේ අඹරලා, දෙහි දාලා ගෙදර හදන සම්බෝලයක් වගේ අනිත් තැන් වල නෑ.

      @අටම් : දැන් මේවා හයිෆයි කෑම වෙලා.

      Delete
  8. සම්බෝල වලට කියල SAMBOL කියලා හැදුනෙ some more balls කියන එකෙන්ද ? එහෙම කතාවක් අහලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔය වගේ ඒවා කියන ෆේස් බුක් ග්රූප් එකකුත් තියෙනවා.

      Delete
  9. ගොඩක් ළමයි අම්මලාගේ තාලෙට යනවා අඩුයි අයියේ. පොල් සම්බෝල කියන්නේ මගේ ආසම කෑම. ගාපු පොල් ගෙන්න සමහර දවස් වල මම තකහනියක් යනවා කිලෝ මීටර් 20 විතර එහායින් තියෙන කඩේකට.

    ReplyDelete
    Replies
    1. මමත් ආසයි. හදන්නත් දන්නවා.

      Delete
  10. ඉතිං බං පොල් සම්බෝල කන්න ලේසි පාසු පුතයෙකුට පුලුවන්ද පොල්, ලූණු, මිරිස් වල ගණං ඇහුවාම?

    ReplyDelete
  11. සම්බෝලයි, කරවල හොදියි තියේ නම් වෙන හොදි ඕන්නෑ

    ReplyDelete
    Replies
    1. ඔව් ගෙදරදී නම් ලුණුයි බතුයි වුණත් ඔට්ටුයි.

      Delete
  12. පොල් සම්බලුයි කඩ්ඩයි ලොල්ම තමා.
    අඩු ගානේ ඒ සමග නිකන් බිත්තරයක් වත් බැදගෙන ආවනම්.
    මගෙත් ආසම කෑමක්.
    හැබැයි කැබලි මිරිස්,උම්බලකඩ,රතු ලුනු,සුදුලූනු,කරපිංචා,දෙහි ඇඹුල්,ලුනු පොල් එකට අබරා ගත් සම්බලය.

    ReplyDelete
    Replies
    1. කියනකොටත් බඩ ඇඹරිලා යනවා.

      Delete
  13. උඩින්ම දාලා තියෙන කමෙන්ටුවට මාත් එකඟයි. පොල් සම්බෝලේ එක්ක බත් කද්දි ගෙදරදි වුනත් වෙන වෙන ව්‍යංජන කෑමට එකතු කරනවට මාත් ආස නෑ. මොනව තිබුනත් පොල් සම්බෝලයි බතුයි තියෙනව නම් මමත් අනිත් ව්‍යංජන අහලකටවත් ගන් නෑ.

    ReplyDelete
    Replies
    1. හෙක්... හෙක්... හෙක්... බන්දුල ඇමති තුමා දැන ගත්තොත් මේ රෙසිපි එක දෙයි 2500 ට.

      Delete
  14. මේ කෑම ජාති ගැන බ්ලොග් එකේ දාන්න එපා අයියේ කටට කෙල උනනවා තමා
    පොල් සම්බෝලේ නම් පට්ට ඈ. .

    ReplyDelete
    Replies
    1. මෙහෙමවත් රස විඳිමු. දැන් දෙහි හොඳටම ගණන්.

      Delete
  15. වීඩියෝ එක දාපු සුදු මහත්තයට පොල් සම්බෝල් හදන්ඩ උගන්නපු ඈයෝ ගුරු මුට්ටි දීලා නෑ වගේ ... සම්බෝලේට ලොකු ලුණු වෙනුවට රතු ලුණු යි .. කෑලි මිරිස් ටිකයි .. උම්බලකඩ ටිකයි දාගන්ඩ ... එක නැතුව සම්බෝල කන්න පුල්වන්ද අප්පා ... තව ඉතින් දෙහි ත් එක්ක නාරං ටිකකුත් මිරිකලා දැම්මනං තමා නැගලා යන්නේ ....

    ReplyDelete
    Replies
    1. සුදු ළුණු බිකක්, ලුණු දෙයි ජුංජක්... පංකාදු පහයි බොල...

      Delete
    2. @සමීර : ඒ වුණාට මල්ලියේ ඒකා කන හැටි දැක්කම ආස හිතෙනවා.

      @මාතලන් : අප්පා කටට කෙල උනනවා

      Delete
    3. සුදු ළුණු ත් දානවනං සම්බෝලේ තෙම්පරදුවක් දාලා ගත්තනං ගොඩ ... අය්යට කියන්ඩ අය්ය්යේ අපේ මහගෙවල් වල ආච්චි ඉන්න කාලේ උදේට හදන්නේ කට්ට සම්බෝලයි කිරිහොදියි රතු කැකුළු බතුයි ... මොන ලොක්කා ආවත් මෙනු එක වෙනස් වෙන්නේ නෑ ....
      අනිත් ආච්චි හදන්නේ උදේට පොල් සම්බෝල විතරමයි . තද රතු කැකුළු හාලේ බතට ... අදටත් ඒ ගෙදර ඕක වෙනස් වෙන්නේ නෑ ...

      Delete
  16. මොනාද මෙයා පොල් සම්බෝල් කියාන්නේ.. ඊයා යූ ටේක් ලන්ච් විත් දෝස් ෆුඩ්ස්.. අයි බ්‍රෝට් රයිස් ෆ්ලයිස් ඇන්ස් බන්ඩාස් සිස්ටර්..

    ReplyDelete
    Replies
    1. වී ඩෝන්ට් ඊට් පොටැටෝ බෙන්ඩ්.

      Delete
  17. පොල් සම්බලයයි මිරිසට උයන ලද හුරුල්ලෝ හොදි බොරයයි තියේ නං ආයේ වෙන මොනව නැතත් කමක් නෑ මටනං.

    ReplyDelete
    Replies
    1. බත් හරි පාන් හරි ඕනේ නැතෙයි.

      Delete
  18. පොල් සම්බෝලයි බතුයි කන එකේ තියෙන ගතිය ඉතින් කොහොම නම් කියන්නද..

    ReplyDelete
  19. පොල් සම්බෝල එක්ක තම්බපු හාලෙ බතක් හදාගත්තනං ආයෙ වෙන මොනවත් ඕනිද.

    ඔය සූපවේදියො ටිවී එකේ අපිට ඕව ගිල්ලුවට උංගෙ ගෙවල්වල ඕව කන්නෙ නෑ.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...