Saturday, August 10, 2013

LankaPay ජාලය ගැන අහල තියෙනවද ?

LankaPay කිව්වම මොකක්ද එක පාරටම හිතට එන්නේ ? මම හිතන්නේ බොහෝ දෙනෙක් මේ ගැන දන්නේ නෑ. මේක පටන් අරන් සති දෙකකට වඩා නැති හින්දා බොහෝ දෙනෙක් මේක ගැන දැන ගන්න විදියක් නෑ. මේක මගේ රාජකාරියේ කොටසක් නිසා ඔයාලව ඒ ගැන දැනුවත් කරන එක මගේ යුතුකමක්. බස් රේඩියෝ එක්ක කරපු ඉන්ටර්වීව් එක අහපු කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකත් මේ Paypal වගේ එකක් කියලා. 

LankaPay කියන්නේ ලංකාවේ ප්‍රමුඛ රාජ්‍ය බැංකු දෙක එකතු වෙලා හදා ගත්ත පොදු ATM ජාලයක්. ඒ කියන්නේ මේ බැංකු දෙකේ අයට පුළුවන් මහජන බැංකුවද, ලංකා බැංකුවද  කියලා හොයන්නේ නැතුව කෙලින්ම තමන්ට කිට්ටුම බැංකුවට ගිහින් මුදල් අරගන්න. කලිනුත් ඉතින් පුළුවන් නේද ? කියන ප්‍රශ්ණේ ඔයාලගේ හිතට එන්න පුළුවන්. ඇත්ත. කලිනුත් මේ පහසුකම තිබුණා. ඒත් ඒ වෙනුවෙන් ගෙවන්න වෙන ගාස්තුව නිසා කලින් මේ ගැන දෙපාරක් හිතන්න ඔබට සිදු වුණා. කොටින්ම මමත් අපේ බැංකුවක් හොයාගෙන යනවා.

කලින් ඒ කියන්නේ මේක නිල වශයෙන් හඳුන්වලා දුන්න පහුගිය 23න් වෙනිදා වෙනකං මේ වෙනුවෙන් අය කරපු ගාස්තුව රුපියල් 75.00 ක්. ඒක මුදල් ලබා ගැනීම හෝ ශේෂය විමසීම යන කාරණා දෙකටම එකයි. එහෙම තියෙද්දීත් බොහෝ දෙනෙක් මේ පහසුකම භාවිතා කලේ ත්‍රී වීල් එකක ගියොත් ඊට වඩා ගානක් යන නිසා. ඇත්තටම ඒ ගාස්තුව VISA ජාලාවට එකතු වෙලා තියෙන බැංකු ගනුදෙනු සඳහා නියම කරලා තිබෙන එකක්. ATM නඩත්තු කරන්න යන ගාස්තුත් එක්ක ඒ ගානත් එක අතකට සාධාරනයි. නමුත් ගනුදෙනුකරුවන්ට කරුවන්න්ට මේක දරා ගන්න අපහසුයි. මොකද ගිණුමේ තියෙන්නේ රුපියල් 150.00 ක් නම් ගාස්තු වලට 75.00 වෙන් කලාම අවම මුදල වෙන රුපියල් සීය වත් ලබා ගන්න බැරි වෙනවා. 

මේ ගාස්තුව වැඩියි කියලා තීරණය කරපු ශ්‍රී ලංකා මහා බැංකුව රාජ්‍ය බැංකු දෙකට නියෝග කළා National Switch එකක් හරහා සම්බන්ධ වෙලා මේ ගාස්තු අඩු කරන්න අවශ්‍යයි කියලා. දිගු කාලීනව කරපු අත්හදා බැලීම් වල ප්‍රතිඵලයක් ලෙස පහුගිය මාසේ 23න් වෙනිදා ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති නිවාඩ් අජිත් කබ්රාල් මහතා අතින් වෝටර්ස් එජ් හෝටලයේදී මෙම ජාලාව විවෘත වුණා. දැන් මුදල් ලබා ගැනීමකදී ගනුදෙනුකරුවන්ගෙන් අය කරන්නේ රුපියල් 15.00ක් වැනි කෙනෙකුට දරා ගන්න පුළුවන් මුදලක්. ඒ වගේම ශේෂය විමසීමකදී රුපිය 10.00ක් අය කරන්නේ. ඇත්තටම හදිසියකදී මුදල් ලබා ගන්නාවා ඇරෙන්න ශේෂය විමසුම් කරන්න අවශ්‍ය නෑ. 

මේ මගින් මෙම බැංකු දෙකේ ගනුදෙනුකරුවන්ට ATM යන්ත්‍ර 1000 කට ආසන්න ජාලය භාවිතා කිරීමෙන් පහසුකම ලැබෙනවා. මෙය ක්‍රියාත්මක කරන්නේ ලංකා ක්ලියර් ආතනයේ ප්‍රධානත්වයෙන්. තවත් පුද්ගලික බැංකු කිහිපයක්ම දැන් මේ ජාලාවට එකතු වෙන්න කැමැත්ත ඵල කරලා තියෙනවා. මේ නිසා දැන් ඔබට පයින් යන දුරකින් ATM යන්ත්‍රයක් භාවිතා කිරීමේ පහසුකම ඔබට ලැබෙනවා. ඒ කතාව සමහර පළාත් වල අයටනම් සත්‍ය වෙන්න බැරි වෙන්න පුළුවන්. ඒත් බොහොමයක් දුෂ්කර පළාත් වල ATM යන්ත්‍රයක් ස්ථාපනය කරන්න මහජන බැංකුව සමත් වෙලා තියෙනවා. 

ඉදිරියේදී මේ බැංකු දෙකම එකම පලාතක ATM යන්ත්‍ර සවි කරනවා වෙනුවට, යම් එකඟතාවක් මත ඒවා ස්ථාපනය කරන්න පුළුවන්කම මේ හරහා තියෙනවා. ගනුදෙනු කරුවන්ට මෙය ඉතා හොඳ පහසුකමක් වුවත්, මෙහි තාක්ෂණික පැත්ත කරගෙන යන අපිට දැඩි කැපවීමකින් ලබා දෙන්න වෙන සේවාවක් කියලා කියන්න පුළුවන්.

දකින දකින ATM යන්ත්‍රයට යන්න පෙර,  එම යන්ත්‍රය මේ ජාලාව හා සම්බන්ධ වූ එකක්ද කියා දැන ගන්න එක වටිනවා. නැත්නම් පස්සේ කියයි සුදීක කිව්වා නිසා ගියා, ඒත් රුපියල් 75.00 ක්ම කපලා කියලා. ඒක දැන ගන්න පහසු වෙන්න ඇතම් යන්ත්‍රයේ හෝ එහි දොර මත මෙන්න මේ ආකාරයට ස්ටිකර් එකක් අලවලා තියෙනවා.


52 comments:

  1. මෙහෙත් තියෙනවා ඔය පහසුකම ඒ කියන්නේ ශේෂය බලන්න පුළුවන් ඕනෑම බැංකුවකින් නොමිළේ ..... මුදල් ලබාගත්තොත් තමන්ගේ ගිණුම අයිති බැංකුව හැර වෙන බැංකුවකින් මෙහෙ මුදලි 1ක් (රිංගිට් 1ක්) ය කරනවා ඒ කියන්නේ රිපියල් නම් 40ක් විතර ..... කොහොහොම උනත් මොකක් හරි දෙකට අය කරන මුදල ලංකාවේ අඩු උනයි කියන එකම මදැයි ......

    ReplyDelete
    Replies
    1. ඔව් මේක සහනදායි ගාස්තුවක්. රුපියල් දහයයි වැඩිපුර යන්නේ.

      Delete
  2. මං 1 නේද සුදීකයෝ?

    කොහොමත් මේ සේවය රු.15කට ගන්න පුලුවන් වෙන එක අපිට ලොකු වාසියක්! දැනුවත් කිරීමට ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. ඒ ඩිංගට මේ රාලය ඇවිල්ලනේ.

      Delete
    2. හප්පට සිරි.

      Delete
    3. ඔන්න රාලයා අලුත් පොස්ටුවත් දාලා තියෙන්නේ

      Delete
  3. ගණුදෙනුකරුවන්ට ලොකු පහසුකමක්...
    දැනුවත් කිරීමට ස්තුතියි සුදීක..

    ReplyDelete
    Replies
    1. මේක පත්තර වල පල වුණත් හරි විස්තරයක් තිබුණේ නෑ.

      Delete
  4. ඇයි කලින් තමංගෙ නොවෙන ගණුදෙනුකරුවෙක්ගෙන් 75 ක් ගත්තෙ.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ අපි පාවිච්චි කලේ විසා හෝ මාස්ටර්කාඩ් නෙට්වර්ක් එක. දැන් මේක අන්තර් බැංකු ගනුදෙනුවක් විදියට යන්නේ. වීසා මාස්ටර් නෙට්වර්ක් එක හරහා යන්නේ නෑ. ඒ නිසා අපිට කැමති ගාස්තු තීරණය කරන්න පුළුවන්. කලින් ගාස්තු සියලු බැංකු ඇති කර ගත් එකඟතාවක්.

      Delete
  5. වැඩේ නම් පංකාදු පහයි! මොකෝ තාම අපේ කැම්පස් එක ඇතුලේ හයි කරලා තියෙන්නේ ලංකා බැංකු ATM එකක් විතරක් නිසා...
    තව දෙයක් අහන්න හිතුනා, අයියේ ATM එකකට සල්ලි දාන වෙලාවක් හරි shedule එකක් හරි තියනවද? මොකෝ බොහෝ වෙලාවට කැම්පස් එක ඇතුලේ ATM එකේ සල්ලි ගන්න බෑ! සල්ලි නෑ!

    ReplyDelete
    Replies
    1. මම BOC එක ගැන කියන්න දන්නේ නෑ. මෙහෙමයි අපේ නම් කරන්නේ යන්ත්‍රයේ මුදල් අඩු වෙලාවට SMS Alert එකක් මාර්ගයෙන් භාර නිලධාරියාට දැනුම් දෙනවා. එයාලා මුදල් සුදානම් කරලා තියෙනවා සති අන්තයේ නම් ලෝඩ් කරන්න. සතියේ දිනකනම් එසැනින් සුදානම් කර ගන්න පුළුවන්.

      Delete

    2. 094 11 2446790-811(22 lines)
      094 11 2338741 /55
      හරහා දැනුම්දෙන්න අපගේ ප්‍රධාන ශාඛාවට.

      ඒ විදියට යන්ත්‍රය ක්‍රියා විරහිත වෙනවානම් යන්ත්‍රයේ දෝෂයක් නැත්නම් එම යන්ත්‍රය නඩත්තු කරන අයගේ දෝෂයක් (අපරික්ෂාකාරී බව) වෙන්න පුලුවන්. මොකද boc එකේ වුනත් යන්ත්‍රයේ මුදල් අඩු වෙද්දි හරි යන්ත්‍රයේ දෝෂයකදි sms එකක් එනවා යන්ත්‍රය බලා කියාගන්න ශාඛාවෙන් නම් කරපු අයට. ඒ අනුව ඉක්මනින් යන්ත්‍රය පිළිබඳව සොයා නොබැලුවොත් ප්‍රධාන කාර්යාලයෙන් දුරකථන ඇමතුමක් ලබා දෙනවා අදාල අයට ඒ ගැන මතක් කරලා.
      නුවරඑළියෙදි නම් අපි අත්දකින දෙයක් තමයි යන්ත්‍රයට කාඩ්පත නිසිපරිදි ඇතුලත් නොකිරීම නිසා යන්ත්‍ර ක්‍රියාවිරහිත වීම. anti skimming feature එකක් විදියට යන්ත්‍රයට ආගන්තුක යම් දෙයක් ඇතුල් වුනාම තත්පර ගනනක් ඇතුලත යන්ත්‍රය ක්‍රියා විරහිත වෙනවා. කාඩ්පත නිවරදි පැත්තට ඇතුලත් නොකළත් යන්ත්‍රය ක්‍රියා විරහිත වීම සිදුවෙනවා.
      නිතරම ක්‍රියා විරහිත වෙන යන්ත්‍රයක් අපි සතියක් විතර පරීක්ෂා කරලා නිතරම ක්‍රියාත්මක වන තත්වයට පත්කළා පහුගිය මාසේ. යන්ත්‍රයට මුදල් දැමීමට නියමිත කාලයක් වේලාවක් නැති අතර සෑම විටම එකම වේලාවක මුදල් තැන්පත් කරන්නෙත් නෑ.
      ප්‍රධාන වශයෙන්ම බැංකු සේවකයන්ගෙ ආකල්ප හා රැකියාව කරන්න තියෙන ආසාව මේ යන්ත්‍ර වලට බලපානවා. මට මතකයි එක ශාඛාවකට යන්ත්‍රයක් දෙන්න යද්දි එතැන හිටපු නිළධාරියෙක් කීවා යන්ත්‍රව දැම්මොත් සතිඅන්තවල ගෙදර ඉන්නත් නෑ. මේ තියෙන වැඩ මදිවට තව atm එකකුත් බලා ගන්න වේවි කියලා. ඒ යන්ත්‍රය වෙනත් ශාඛාවකට සවිකරන්න කටයුතු කළා බැංකුව මගින්. ඒ යන්ත්‍රය තිබුනානම් ගනුදෙනුකරුවන්ට විශාල පහසුවක් ඒ ප්‍රදේශයේ හැටියට. මොකද ඊළඟ යන්ත්‍ර තියන්නෙ කිමී.10 ට එහා. ඒ වුනත් ඒ යන්ත්‍ර ගැන කියුවාම වුනත් atm කාඩ්පත් එපා කීවෙ කලාතුරකින් කෙනෙක්.

      Delete
  6. හම්මේ බැන්කුනම් මතක් කරන්න එපා . මේ ළඟදී ජොයින්ට් එකවුන්ට් එකක් දාන්න ගියා බැංකුවකට . ඒකෙ මැනේජර් කියනවා ජොයින්ට් එකක් දාන්න එපා වෙන වෙනම එකවුන්ට් දාන්න කියලා . මම හිතාගත්තා ආයේ රාජ්‍ය බැංකු ගැන හැරිලාවත් බලන්නේ නෑ කියලා . උට පාන්ද අපි මොකක් දැම්මම .

    හිහිහිහිහිඉහ්......

    ReplyDelete
    Replies
    1. මනේජර්ට ටාර්ගට් එකක් තියෙන්න ඇති.

      Delete
  7. චැක මම දැනන් හිටියේ නෑ නේ ඔහොම එකක්

    ReplyDelete
  8. SkyPay කියලා ක්‍රමයක් දෑන් ක්‍රියාත්මක විම අරබලා. පුද්ගලික අන්ශයෙන්. බැන්කු සහ ශාකාවන්වල සීමාවන් වලින් එහා ගිය වැඩක්. මමත් විස්තර ටිකයි දන්නේ. Search කරලා බලන්ඩකො.

    සල්ලි ගන්නනම් එකෙන් බැ හැබැයි.

    ReplyDelete
    Replies
    1. දැනුවත් කලාට ස්තුතියි. ඒ ගැන හොයලා බලන්නම්.

      Delete
  9. ඔහොම 75ක් කැපෙන එක අඩු කරපු එක නම් හොඳය් .එත් ඔය ATM ගොඩක් ඒවා පොදු වැසිකිලි තත්වයෙන් තම තියන්නේ.කොළඹ උනත් එහෙය්.විශේෂයෙන් මහජන බැංකුවේ.හොඳම උදාහරණය , බොරැල්ලේ එක.කව්රුහරි ඔය කියන බැංකු 2 කෙනෙක් බලනව නම් ඒ ගැනත් පොඩ්ඩක් සලකිලිමටත් වෙනඩ.මට නම් සම්පත් තම තියන්නේ , එකේ නම් වෙන එකකින් ගත්තොට් 50 ක් තම කැපුනේ මට මතක.එයාලගෙත් තිබුන ඔය වගේ විදියක්, ඉතිරි කිරීමේ බැංකුවත් එක්කද කොහෙද,ගැන හබ්ය් ඔයාට වැඩ අඩුය් කියන එක මගේ මතකය.

    ReplyDelete
    Replies
    1. බොරැල්ලේ ශාඛා දෙකේ ATM හතරක් තියෙනවා, මට හිතෙන්නේ ඔයා කියන්නේ YMBA එකේ තියෙන දෙක. එතන පුදුම සෙනගක් ඉන්න තැනක්.

      Delete
  10. මේ සිකුරාදා වෙච්ච සිදුවීමක් එක්ක මට නම් මේකේ වටිනාකම මාරෙටම දැනෙනවා. ටිකක් දිග උණාට කතාව මෙතනම දාන්නම් මේකට අදාළ හින්දා. ගිය සිකුරාදා මම ගෙදර එන ගමන් මගේ අනාගත භාර්යාව මුණගැහෙන්න ගියා. එයාට ඕන කරන බඩු ටිකක් අරන් බස් එකටත් එන්න ආපුවාම තමයි දන්නේ එයාගේ අතේ ඉතුරු 1000ක් විතරයි කියලා. කරුමෙට මටත් සල්ලි ගන්න බැරි උණා. මගදී කාඩ් එකෙන් ගන්නම් කියලා හිතලා මම එයා බහින තැනින් බස්සලා එතනින් යන්න ගානත් දුන්නා. මම කෑගල්ලට ඇවිත් ලංකා බැංකුවක් හෙව්වත් ඒකට යන්න 1 km වඩා යන්න ඕන ලු. (කෑගල්ල කියන්නේ ලංකාවේ දිගම ටවුන් වලින් එකක් ලුනේ). පස්සේ රඹුක්කනින් ගන්නම් කියලා ආවා. රඹුක්කනට එද්දී මගේ ගාව සල්ලි තිබ්බේ හරියටම 12 ක් විතරයි. එතන ලංකා බැංකුවට ගිහින් බලද්දී ඒක වැඩ නෑ. පස්සේ 75 ගැන හිතන්නේ නැතුව NSB එකට ගියා, කරුමේ කියන්නේ ඒකත් වැඩ නෑ. අවසානෙට සම්පත් බැංකුවක් හොයා ගෙන තමයි ගත්තේ. සල්ලි කීයක් කැපුනත් ඒක තිබ්බේ නැති නම් මම අනාථයි. සල්ලි කැපුනත් කමක් නෑ මේවා ජාලා ගත කරලා තියන එකේ වටිනාකම හොදටම තේරුණා. මොකද ලංකාවේ ATM වල ක්‍රියාකාරී තත්ත්වය ඒ තරම්ම හොදයිනේ. මේ විදියට සේරම බැංකු ටික එකතු කරනවා නම් ඒක මාරම වටිනවා.

    ReplyDelete
    Replies
    1. අපේ එකකට ගියා නම් හරි. ඔය කියන හැම ටවුන් එකේම තියෙනවා. සමහර වෙලාවල් තියෙනවා පරතරය ත්‍රී වීල් එකෙන් යනවට වඩා පාඩු. පුංචි උපදෙසක් දෙන්නම්. මුදල් අවශ්‍ය නම්, ඒ වෙලාවේ ලංගම තියෙන තැනින් පටන් ගන්න ඕනේ. ගමනාන්තයේ වැඩ කලේ නැත්නම් ආපහු එන්න වෙනවා.

      Delete
    2. ඒ වෙලාවේ වෙන කරන්නම දෙයක් තිබ්බේ නැති හින්දා ඒ විදියට කලේ. රඹුක්කන මහජන බැංකුවට යන්න කලින් අර දෙක තිබබා. අනික ලංකාපේ ගැන දැන ගෙන තිබ්බෙත් නැනේ එතකොට. ඒ හින්දා විශේෂයක් තිබ්බේ නෑ

      Delete
    3. කෑගල්ලෙ boc යන්ත්‍ර 3ක් තියෙනවා. විවිධ ස්ථාන වල. ඔයා අහන්න ඇත්තෙ ත්‍රීවීල් මල්ලි කෙනෙක්ගෙන් වෙන්න ඇති අනිවාර්යෙන්ම. මොකද මේ යන්ත්‍ර තියෙන්නෙ එකිනෙකට මදක් ඈතින්.
      Branch 1:
      Kegalle SGB
      No: 110, Colombo Road, Kegalle 035-2230600
      Branch 2:
      Kegalle City (with ATM)
      No: 681/5, Main Street, Kegalle 035-2222550
      Branch 3:(with ATM)
      Kegalle Kachcheri
      Kachcheri Building, Kegalle 035-2231574
      Branch 4: (with ATM)
      Base Hospital Premises, Kegalle
      Kegalle Hospital 035-2222765

      Delete
    4. රොෂාන්, මොකෝ බං මේ BOC එකේ මෝල්ඩිව්ස් බ්‍රාන්ච් එකෙන් දෙන ATM card එකෙන් ඒ බැංකුවේ එලියේ තියෙන ATM machine එකෙන් හැර ලෝකෙවත්, මේ රටේමවත් වෙන කිසිම ATM machine එකකින් සල්ලි ගන්නවත් වෙන කිසිම දෙයක් කරන්නවත් බැරි?

      Delete
    5. මන් හෙට හොයලා බලන්නම් යාලුවා.. මේ විදියෙ ගැටලුවක් දැන්වුවාට ස්තුතියි.

      Delete
    6. ඉතින් රොෂාන් අර වැඩේට මොකද වුනේ?

      Delete
    7. මම හොයලා බැලුවා. hangout msg එකක් දැම්මා. කාඩ් නම්බර් එක උවමනායි කීවා හොයලා බලන්න.

      Delete
  11. ඒක නම් හොඳයි. හැම ATM එකකින්ම බලන්න /ගන්න පුළුවන් වෙනව නම් තවත් හොඳයි.

    ReplyDelete
  12. වැඩේ හොඳයි..................

    ReplyDelete
  13. මම මීට අවුරුද්දකට කලින් ඉදන් මගේ සම්පත් බැංකු කාර්ඩ් එකෙන් සල්ලි ගන්නව BOC ATM එකකින්. ඒ කාලෙ ඉදන් කැපුනෙ රු15යි. දෙකම VISA ATM.

    ReplyDelete
    Replies
    1. සම්පත් බැංකුව ලංකාවෙ අනෙක් බැංකු එක්ක සම්බන්ධ වෙනවා lanka pay වලට වඩා වෙනස් ආකාරයකින්. ඒ නිසා බොාහාමයක් බැංකු වල කාඩ්පත් සම්පත් ඒටීඑම් එක්ක පාවිච්චි කරද්දි රු 15යි අය කරන්නෙ. මේ විදියටමයි සම්පත් කාඩ් එක වෙනත් ඒටීඑම් වල පාවිච්චි කරද්දිත්. ඒත් ඉදිරියෙදි සම්පත් බැංකුවත් ලංකාපේ පද්ධතියට එක් වේවි.

      Delete
  14. වෑඩෙ හොදයි සුදීක.එත් ඔය බෑන්කු ඉන්නෙ තාමත් අවුරුද්දක් විතර පස්සෙන්.මගෙ එච් එස් බ් සි එකවුන්ට් එකෙ කර්ඩ් එකෙන් කොහෙන් සල්ලි ගත්තත් කියක්වත් කෑපෙන්නෙ නෑ.මම කිවුවෙ මොන බෑන්කුවෙන් ගත්තත්

    ReplyDelete
    Replies
    1. එයාලා ඔයා වෙනුවෙන් අනෙක් බැංකු වලට ගෙවනවා ඇති. නමුත් ලංකා බැංකුව සහ මහජන බැංකුවට සිටින ගනුදෙනුකරුවන් ප්‍රමාණයත් සමග මේ දේ කරන්න අමාරුයි.

      Delete
  15. මේ ක්‍රමයනම් මරු! එතකොට ලංකාපේ පහසුකම තියෙන පීපල්ස් ඒටීඑම් එකකට පීපල්ස් කාඩ් එකක් දැම්මමත් 15ක්කැපෙනවද?

    අතේ සල්ලි තියන් හිටියොත් වාෂ්ප වෙලා යන හින්දා මමනම් අන්තිම රුපියලත් හිඳුනම තමයි ඒටීඑම් එකක් හොයන යන්නේ. හැබැයි ළඟදීම දවසක මාත් ලොකු පාඩමක් ඉගෙන ගනීවි කියලා හිතෙනවා. මොකද ඔය අපිත් හිටපු ගමන් ගිහිල්ලා ඒටීඑම ඕෆ් කරන දඟලනකොට අපිටත් ඔය ටොපියම හම්බ උනොත්. (දිට්ඨධම්මවේදනීය වගේ එකක්.)

    ReplyDelete
    Replies
    1. ඒටීඑම් වැල අයකිරීම ගැනනම් මගේ තියෙන්නේ වෙනම අදහසක්.

      මේ ගැන සුධීකම කලින් දාපු පොස්ට් එකත් මං බැලුවා. ඒකෙ ප්‍රොසෙස් ඒක අනුව සර්විස් ප්‍රොවයිඩර්ටයි අනික් අයටයි බෙදනකොට ඒ මුදල සාධාරණයි. ඒත්...

      *බෑන්ක් එකකට මුදල් ගන්න එන ගනුදෙනුකරුවන් ඒටීඑම් එකට හරවා යැවීම තුලින් බැංකුවේ තද බදය අඩු වෙනවා.

      *එමගින් ඒ සඳහා යෙදවිය යුතු සේවක ප්‍රමාණයක් ඉතිරි වෙනවා.

      *බැංකු ගොඩනැගිල්ලේ ප්‍රමාණය උනත් සාපේක්ෂව අඩු වෙනවා.

      *ඒසී ඒක සඳහා (ඉඩ ප්‍රමාණය අඩු වීම හා මිනිසුන් අඩුවීම තුලින්) යන වියදම අඩු වෙනවා.

      *ඇතුලට යන එන ඇය අඩු වීම මගින් දොර ඇරීමේ වාර ගණන අඩුවීමෙන් නැවතත් ඒසී බිල අඩු වෙනවා.

      *පවිත්‍රතා කටයුතු සඳහා උනත් යන වියදම අඩු වෙනවා.

      *බැංකුවක් අනිවාර්යයෙන්ම පද්ධතිය සමග සම්බන්ධ වී ඇති බැවින් ඒටීඑම් ඒක සඳහා අමුතුවෙන් සර්වර්, කනෙක්ෂන් ආදිය සඳහා මුදල් වයවීමකුත් නෑ. (හුදෙකලා ඒටීඑම සඳහා අදාළ නොවේ)

      *ඒටීඑම් ඒක බැංකුව තුලම ස්ථාපිත කර ඇති විට ඒ සඳහා ගොඩනැගිලි කුලී, ලයිට් බිල්, නඩත්තුව සඳහා පූර්ණකාලීනව වෙනම පුද්ගලයෙක් යෙදවීම වැනි දෙයිනුත් ඉතුරුවක් වෙනවා.

      *බැංකුවෙන් මුදල් ගන්නාවිට පිරවිය යුතු කොපි දෙකකින් යුතු රිසිට් පත් ඉතිරි වෙනවා. (ලිපිද්‍රව්‍යා)

      *----
      තව ලියන්න ගොඩක් දේවල් ඇති. ඒත් මට තියෙන ප්‍රශ්නය යන්ත්‍ර සඳහා යන මූලික වියදම බැංකුව අනිවාර්යයෙන්ම දැරිය යුතු වෙනවා. (ජංගම දුරකථන ජාල වලදී ඔවුන් ඇය කරන්නේ බොහෝවිට නඩත්තු ගාස්තුවය) එතකොට සේවා සැපයුම්කරු වෙනුවෙන් (වීසා, මාස්ටර්) රු.5ක් හෝ 75ක් වෙන්කිරීම සාධාරණද?
      (මේ ගැන මම කලිනුත් විමසුවා මට මතක හැටියට)

      Delete
    2. නැහැ. අපේ ගනුදෙනුකරුවන් අපේ ATM එකකින් ගනුදෙනු කලොත් අය කරන ගාස්තුව රුපියල් පහයි.

      Delete
    3. ඔයාගේ තර්කයන් සාධාරණ වුණත්. සමහරු කරන ගනුදෙනු ප්‍රමාණය බැලුවම එහෙම කරන්න සිදු වෙනවා. ගාස්තුවක් අය කරනකොට බොහෝ දෙනා භාවිතාව අඩු කරනවා. එතකොට තදබදය අඩු වෙනවා.

      Delete
  16. ඒක නම් හොඳ වැඩක් අපි වගේ අයට වටිනවා.ඔව් ඔව් හරියටම ඒ ගැන බලලා ගනුදෙනු වලට යන්න ඕන.නැත්නම් සුදීක අයිය මතක් කර කර ඉඳියි අපේ අය.ස්තුතියි අයියේ මේ දැනුවත් කිරීමට.

    ReplyDelete
    Replies
    1. තමන් කරන දේ සිහියෙන් කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම තමන්ට ලබාගන්න අවශ්‍ය මුදල වගේ දේවල් ගැන තීරණයකට ඇවිත් ATM යන්ත්‍රය වෙත එනවානම් හොඳයි.

      Delete
  17. මම කලින් වැඩ කලේ ලංකා ක්ලියර් ආයතනයේ, මේ වගේ ප්‍රොජෙක්ට් එකක් රාජ්‍ය බැංකු එක්ක එකතුවෙලා කියන්නේ කියන තරම් ලේසි වැඩක් නෙමේ. විශේෂයෙන් ශාඛා එක්ක සෘජුව වැඩකරන්න වෙනවනම්. ඒත් මෙතන සම්බන්ධතාව ප්‍රධාන කාර්‍යාලය එක්ක නිසා හොදට යයි. කොහොම වුනත් හොද ක්‍රියාමාර්ගයක්.

    ReplyDelete
    Replies
    1. ශාඛා එක්ක නොවෙයි අපිත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙන්නේ.

      Delete
  18. ඕනෑම යන්ත්‍රයකින් ගන්න ෂේෂය විමසන්න පහසු නිසා හොදයි. ඇත්තම කියනවනම් මේ කාඩ් භාවිතය ගැන ලොකු දැනුමක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒත් අය කරනවා. තමන්ගේ ගිණුම තියෙන බැංකුව සහ එයට සම්බන්ධ ජාලය ගැන දැනුවත් වීම වැදගත් වෙනවා.

      Delete
  19. මේ ප්‍රශ්නය රොෂාන්ට සහ සුදීක දෙන්නටම.

    මේ කාලයක් තිස්සේ අපි අතර සංසරණය වෙන සුප්‍රසිද්ධ ඊ මේල් එකක තියෙනවා මෙහෙම කතාවක්.

    අපි ATM යන්ත්‍රයකින් මුදල් ගන්න වෙලාවට යම් කෙනෙක් ඇවිත් පිහියක් හෝ පිස්තෝලයක් පෙන්වා තර්ජනය කලොත් අපි PIN එක reverse එකට ගැහුවාම, නියමිත මුදලින් බාගයක් විතරක් යන්ත්‍රය නිකුත් කරනවා.

    මට නම් මේ කතාව තවත් අර්බන් ලෙජන්ඩ් එකක් කියලා හිතෙන්නේ. උඹලා දෙන්නා මොකද මේ ගැන කියන්නේ?

    ReplyDelete
  20. ඒක hoax එකක්. මම ඔය ප්‍රශ්ණයට උත්තර මා ආ මග වැඩසටහනේදී.

    ReplyDelete
    Replies
    1. මේ ගැන අපේ supply company එකකින් ඇහුවම කීවා ලංකාවට ඒ වගේ feature දාන්න අමාරුයි කියලා.ඕනනම් implement කරන්න පුලුවන්ලු.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...