Tuesday, August 27, 2013

Facebook සඳහා වඩාත්ම ගැලපෙන් සිංහල නම ......

මගේ දියණිය ගෙදර සිටින වෙලාවකට පරිඝණකය පරිහරණය කරන්න ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. එය මා සතු උපකරණයකට වඩා ඈ සතු උපකරණයක් යයි කීවොත් වඩාත් නිවැරදිය. පහුගිය කාලයේ ගමේ ගොස් සිට ඊයේ මෙහි සැපත් වූ ඈ රිසි සේ එය පරිහරණය කරන මොහොතේ මා රුපවාහිනිය දෙස දෑස් යොමා ගත්තද, බලන්නට හිතෙන කිසිම වැඩසටහනක් එහි නොවීය. මට නින්දක අවශ්‍යතාව තිබුණත්, නොනිදා සිටියේ දියණිය නිදි කරවීමේ අවශ්‍යතාව නිසයි. මා බිත්තියේ එල්ලෙන කැලැන්ඩරය දෙස දෑස් යොමු කල විට, එහි Facebook යන්න මුද්‍රණය කර තිබුනේ Face Book යනුවෙන් සන්දි කර බැවින් මගේ මුවගට සිනහා ඒම වැළක්විය නොහැකි විය. e-mail යන්න මුද්‍රණය කර තිබුනේ E-mail යනුවෙණි. 

පින්තුරය ගත්තේ : http://www.deliberatelyconsidered.com
මෙය මුද්‍රණ දෝෂයක් නිසා, ඒ තරමට ගණන් ගත යුතු දෙයක් නොවේ. නමුත් පරිඝනක ලෝකයේ සිංහලෙන් හරඹ කරනා අපි කොතෙක් ඉංග්‍රීසි වචන භාවිතා කරන්නෙමුද ? බ්ලොග් ලෝකයට මා කඩා වැටුණු මොහොතේ මට තිබූ ප්‍රධාන ගැටළුවක් වුයේ "බ්ලොග් යන්නට සිංහල තේරුමක් තිබිය නොහැකිද ?" යන්නයි. එය මා ලියූ තුන්වන ලිපියයි. මා බ්ලොග් පටන් ගන්නට ප්‍රමාද වීමට එක ප්‍රධාන හේතුවක් මේ බ්ලොග් කියන වචනයයි. එය මා ඇලුම් කල වචනයක් නොවීය. හේතුව එහි ශබ්දාර්ථයයි. අප මෙසේ ඉංග්‍රීසි වචනම භාවිතා කරන තවත් බොහොමයක් ඇත. නමුත් සමහර සිංහල වචන භාවිතා කරනවාට වඩා ඉංග්‍රීසි වචන සරල වන අවස්ථාද ඇත. හොඳම උදාහරණය බ්‍රෑන්ඩ් යන්නට සන්නම් කියන තේරුමය. 

රන්ජනාස් මගින් නිකුත් කර තිබූ අර කැලැන්ඩරය(දින දර්ශනය :D) දෙස බලාගෙන මා කල්පනා කලේ ෆේස්බුක් සඳහා ගැලපෙන සිංහල නම කුමක්ද යන්නයි. මේ වනවිට ෆෙස්බුකිය, බුකිය, මුහුණුපොත ආදී වචන භාවිතා වුවත්, ඒවා සාධාරණ නම් නොවේ යන්න මගේ විශ්වාසයයි. හේතුව බුකිය යන්න සූදුව සඳහා භාවිතා වන නමක් වන නිසාය. මෙය සමහරුන්ට එක්තරා විදියක සූදුවක් වුවද ? සමහර අයට අත්‍යාවශ්‍ය සන්නිවේදන මාර්ගයකි. මාගේ පාසල් කාලයේ මිතුරන් බොහෝ දෙනෙක් සමග ගිලිහී ගිය සබඳතා යලි ඇති කර ගත්තේ ෆේස්බූක් අඩවිය නිසාය. මුහුණු පොත යන්න එය සන්දි කර එක්වචනය බැගින් සිංහල යෝදාගානීමකි. එනිසා එයද ඉතා සාධාරණ පරිවර්තනයක් නොවේ(මගේ විශ්වාසය). 

මා දිගටම කල්පානාවේ යෙදී අවසානයේ ඒ සඳහා කදිම වචනයක් සොයා ගතිමි. යුරේකා යනුවෙන් කෑ ගසාගෙන දුවන්නට පෙර මෙය ගූගල් කර බැලීමට සිතා ගත්තත් දියණියගෙන් පරිඝනකය නිදහස් වනතුරු සවස හය පමණ වනතෙක්  බලා ඉන්නට සිදු විය. ඒ අතරවාරයේ මා කල්පනා කලේ එහි යෙදුම් කුමන ආකාරයෙන් විය යුතුද යන්නයි. මා කල්පනා කල වචන මාලාව බලන්න

facebook  - වත්පොත 
facebook friend - වත්පොත්/වත්පොතේ මිතුරා
facebook account - වත්පොත් ගිණුම 
facebook status - වත්පොත් ප්‍රකාශය
facebook group - වත්පොත් සමූහය
facebook page - වත්පොත් අඩවිය
facebook profile - පැටිකිරිය

අවසානයේ මා ගූගල් කල පසු එය අලුත් දෙයක් නොවන බව වැටහිණි. ඒ වනවිට බ්ලොග්කරුවන් කිහිපදෙනෙක් එම වචනයක් භාවිතා කර තිබීම සතුටට කරුණකි. ඒ 


Rear Gate බ්ලොග් අඩවියේ ඇනෝවකු (2012 සැප්තැම්බර්)

සුදු, කළු සහ අළු  බ්ලොග් අඩවියේ කතෘ වරයා විසින්ම (2011 ජනවාරි)

මිදුණු හදවත (2013 ජුනි) 

තහනම් වචන (2013 අගෝස්තු) යන බ්ලොග් අඩවි වල සහ 

දිනමිණ  (2013 අගෝස්තු)

දිවයින (2012 අගෝස්තු) 

සිළුමිණ (2013 මාර්තු)

තවත් බ්ලොග් අඩවි සහ වෙබ් අඩවි බොහොමයක් තිබුනත් ලයිස්තුවේ මුලට ආ කිහිපයක් සඳහන් කර ඇත. නමුත් එය තවමත් ජනප්‍රිය හා ප්‍රචලිත වචනය නොවන බව පැහැදිලිය. 

79 comments:

  1. මොන අටමගල දැම්මත් "බුකිය" රෙජිස්ටර් වෙලා ඉවරයි.. සුදීක දන්නවද ටියුබ් ලයිට් වලට කියන හින්ගල නම...

    ReplyDelete
    Replies
    1. මම ඒකට අහල තියෙන හොඳම නම "ලයිට් පොලු" කියලා.

      Delete
    2. ඒකනේ කියන්............නේ
      නම දන්නේ නෑ...............................නේ
      "සොමි කැළුම් බට"

      Delete
    3. හඬ එලිය වගේ නිසා වෙන්න ඇති.

      Delete
    4. ප්‍රතිදීපන පහන කියලා විද්‍යාත්මකව කියනවා ටියුබ් පොල්ලට

      Delete

    5. මාතලන්...

      උබ ඔය මටද විහිලු කරන්නෙ... ඈ යකො අපෙ ගෙදර නම ටියුබ් ලයිට් ද??

      "සොමි කැළුම් "

      Delete
    6. මූණු පොත කියලත් ජනප්‍රියයි නේද?

      Delete
    7. @මාතලන්...එතකොට ඔය ටියුබ් ලයිට් වගේ බුවාලට" සොමි කැළුම් බුවෙක්"කියලා කියතැහැකි නේද බං.ඒක ටිකක් වැදගත් ගතියක් තියෙනවා.

      Delete
    8. යකෝ ටුබ් ලයිට් වල තියෙනව ප්‍රධාන වර්ග දෙකක්. එකක් ඩේ ලයිට්, අනික වොම් වයිට්. ඔය උඹ කියන නම ගැලපෙන්නෙ වෝම් වයිට් එකට විතරයි.

      සොමි = සෞම්‍ය
      කැළුම් = කාන්තිය, එළිය
      බට = බට

      Delete
    9. ඔබ ඉතා දක්ෂ ලෙස හිට්ස් සහ කමෙන්ට් එකතු කරගතහැකි මාතෘකා වෙත යන බවක් මේ ලිපිය සහ පසුගිය ලිපි දෙස බැලූ විට පැහැදිලියි.

      මතක තියා ගන්න book යන්නෙහි එකම අර්ථය පොත නොවන බව. සෙල් යන ඉන්ගිලිසි වදනට සෛලය ගැලපුනාට සිර මැදිරිය එතරම්ම සුන්දර ගැලපීමක් ගෙනෙන්නෙ නැත. අනෙක ඔබ අප වහරන සිංහලයේ සංස්කෘත හා මලයාලම් වචන් බොහෝ වෙද්දී, ඉන්ගිලිසියේ ග්‍රීක වදන් හා ප්‍රන්ස් වදන් අනන්තව තිබෙද්දී හින්දියෙන් ගුරු වැනි වචනත්, ප්‍රීපෝන් වැනි දකුණු ආසියාතිකයන් නිර්මානය කල වදනුත් වැද්ද ගනිද්දී සන්නම් නාම වලට පරිවථන කරමින් නටන්නේ හිට් හැර වෙන කුමකටද?

      Delete
    10. මගේ දක්ෂතාවය අගය කරන්න විශේෂයෙන්ම මෙහි පැමිණීම ගැන බොහොම ස්තුතියි.

      Delete
  2. hari dan oya mokada kiyanne sudeeka ayiya meka pablic karamu kiyalada??????? hari ehenam wadeta bahimu......

    ReplyDelete
    Replies
    1. නැහැ මම පබ්ලික් කරන්න අවශ්‍යයි කියන්නේ නෑ. මම හොයාගෙන ගියා. මට හිතුනා මේක ගැලපෙයි කියලා. ඉතිං මම මහජන අදහස් විමසනවා. අපි බලමු හැමෝම කියන දේ ?

      Delete
    2. රාලය මොකෝ සින්ග්ලිශ්වලට බැහලා?

      Delete
  3. එෆ්.බී එක කියලා කිව්වනං වැඩේ අහවරයි නෙව...
    මගේ මතය නං ෆේස්බුක් එකට සිංහල වචනයක් හදන්න බෑ..

    ReplyDelete
    Replies
    1. ඒ ෆේස්බුක් කියන එක බ්‍රෑන්ඩ් නේම් එකක් විදියට ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙන නිසා.

      Delete
    2. @ තරියා

      FB=Foot Board

      Delete
  4. වත්පොත කියන නම නම් හොදා වගේ ..

    ReplyDelete
  5. කලින් අහල තිබුන වගේ මතකයි තමයි

    ReplyDelete
    Replies
    1. අර උඩින් කියලා තියෙන තැන් වල සඳහන් වෙලා තියෙනවා.

      Delete
  6. කැලැන්ඩරය ගැන ලියලා තිබුන නිසා මෙය මතක් උනා. අපේ රටේ බොහො කැලැන්ඩර වල e-mail ලිපිනය සහ URL එක හරියට ලියා නැ. මොකක් හරි අඩුයි.

    ReplyDelete
    Replies
    1. ඔව්. බොහෝ තැන් වල ඕවා ටයිප් කරන ය ඒ ගැන අවුබෝදයක් නැ.

      Delete
  7. ඔය වගේ වචන වලට වෙනත් භාෂා වලින් තේරුම් දෙන්න යන එක මට නම් හිතෙන්නෙ එච්චර සාර්ථක නෑ කියලයි. ඒක හරියට 'චන්දන' කියන එකට ඉංග්‍රිසියෙන් වචනයක් හොයනව වගෙ නෙ.

    අවුලක් හිතන්න එපා. මට හිතුනු දේ කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. කථාව ඇත්ත. මුලින්ම එහෙම නමක් දුන්නේ නැත්නම් පස්සේ කීයටවත් ඒක කරන්න බෑ.

      Delete
    2. චන්දනට ඉංග්‍රීසියෙන් කියන්නෙ Sandalwood කියලා නේද ? :D

      Delete
    3. අම්මපා... ඇත්ත නේන්නම්. :D

      Delete
    4. චන්දන යනු තත්භවයයි.[එනම් සංස්කෘත;පාලි වචනය.]
      සඳුන් යනු එහි තත්සමයයි.[එනම් හෙළබස]
      Sandalwood යනු එහි ඉංග්‍රීසි යෙදුමයි

      Delete
    5. ලොව වටා රුවත්තියෝ කැමතිම නම තමයි ඉතින් සඳුන්...;-)

      Delete
  8. මෙහෙමයි.. සමහර වචන සිංහලට පෙරලපුවහම කුණුහාරප වගේ වෙනවා.. දැන් ඔය transformer එකට කියන්නේ "තාරාපැවිය" කියලලු!
    computer field එකේනම් තියෙන වචන කියෝ ගන්නත් බෑ! ඊට වඩා ලේසියි ඉංගිරිසි වචනේ!

    ReplyDelete
    Replies
    1. අපේ ඉස්සර හිටියා ලොක්කෙක්. අමු සිංහලෙන් කථා කරන්නේ. මිනිහා මදර් බෝඩ් එකට මව් පුවරුව කියලා කිව්වා.

      Delete
    2. මට මතක් උනේ මට මුල්‍ය ආර්ථික විද්‍යාව සහ ආර්ථික සංවර්ධනය උගන්නපු අභවප්‍රාප්ත ආචාර්ය නෙවිල් කරුණාතිලක මැතිතුමා.(එතුමා එංගලන්තේදී ඉගෙන ගත්තේ සේයර් ගෙන්. සේයර් ඉගෙන ගත්තේ කේන්ස්ගෙන්. ඒ කියන්නේ මුදල් ප්‍රමානවාදය නිර්මාණය කල කෙනා)
      ආචාර්ය නෙවිල් කරුණාතිලක මැතිතුමා කොච්චර හොඳින් ඉංග්‍රීසි දැනගත්තත් දේශනා කලේ අමු සිංහලෙන් හවස දේශනා ශාලාවේ ලයිට් දාල නැතිවිට මොකද තවමත් එලි පත්තු කරලා නැත්තේ කියල අමු සිංහලෙන්ම අහනවා.

      Delete
    3. සු දි ක , ලොක්කා එතකොට , මදර් බෝඩ් එකේ slot එකට මව් පුවරුවෙ හිල කියලා කිව්වාද ?

      Delete
  9. හැම එකටම සිංහල වචනයක් දෙන්න ඕනා කියන මතයේ නම් මම නෑ.. මුණු පොත කියන එක භාවිතා උනත් එෆ් බි.. ෆේස් බුක් කියන එක තරම් ඔය කලින් කිව එකක්වත් ගැලපෙන්නේ නෑ කියලයි මම නම් හිතන්නේ... ඔහොම දැන් හිතලා ගුගල් එකටත් නමක් හදන්න ගියොත් එකක් තියේවිද? තියේවි නේද අර වර්ගපුර්නිකාවේ තිබුනේ දාලා

    ReplyDelete
    Replies
    1. ඔව්. මේවා සංකේත නාම. ඇඩිඩාස් කිව්වත් ඒ වගේ.

      Delete
  10. ෆේක් අකවුන්ට් වලින් තමයි ඔය 'බුකිය' කියන වචනෙ ආවෙ..

    අපි නං ඉතින් ඔය ෆේක් අකවුන්ට්ස් වලට විරුද්ද හින්ද ඕව ගැන එච්චර දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. හෙක් ... හෙක් ... හෙක් ...

      Delete
  11. මූණු පොත තමා ලේසිම වචනේ...:)

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඔයා මුණ දාගෙනම ඉන්නේ. :)

      Delete
  12. ඒක හොදයි.අපි ඉතින් එහෙම භාවිතා කරමු.

    ReplyDelete
  13. අපිට තියන ප්‍රශ්ණ නේද ?

    ඒකට නිර්මාතෘ යොදපු නමම භාවිතා කළාම ඉවරනෙ. මොන එහෙකටද පරිවර්තනය කරන්න යන්නෙ ! එහෙමනම් අපි ඉතින් ඔය තියන ජාත්‍යන්තර සන්නාම ඔක්කොම පරිවර්තනය කරලා පාවිච්චි කරන්න ඕනා. කියමු බලන්න මේවටත් ගැලපෙන නම් එහෙනම්.

    GOOGLE
    DELL
    SAMSUNG
    PHILIPS
    WIKIPEDIA
    XXXXX
    YYYYY
    ZZZZZ

    ReplyDelete
    Replies
    1. මොනවා නැතත් Wikipedia එකට නමක් කියන්නම්. මට දන්නා කෝෂය හෙවත් මදකෝෂය.

      Delete
  14. ඕවා මොනවට පරිවර්තනය කරනවද....මම හිතන්නෙ තේරුමක් නැති වැඩක්...එහෙම පරිවර්තනය කරනවා නම් ඉදිනෙදා පාවිච්චි කරන උපකරණම කීයක් තියෙනවද සිංහලට පරිවර්තනය කරන්න...උදා - කොන්දොස්තර = බස් පල්ලා
    අයිස් ක්‍රීම් = හිම කිරම

    ReplyDelete
    Replies
    1. සිරා අයිස් ක්‍රීම් වලට කියන්නේ හිම කිරම කියලම නේ. මේක මම කල්පනාවට වැටිච්ච් වෙලාවක ආපු අදහසක්. තව කිහිප දෙනෙක් එහෙම හිතලා භාවිතා කරලා තිබුණ නිසයි මෙහෙම ලිව්වේ.

      Delete
    2. දොස් තොර කරණ යන අදහසින් තමයි දොස්තොර දොස්තර ලෙසට ඇවිත් තියෙන්නේ. එතකොට කොන්දොස්තර කියන්නේ කොනේ තියෙන දොස් තොර කරණ කෙනා. ඒ කියන්නේ කොන කපන කෙනා. මේ කොන්දොස්තර ගැලපෙන්නේ කොන කපන ලෙබ්බෙට.

      Delete
    3. පිස්සුද ඉවාන්.

      පෝල් පාවුළු උනා වගේ, එහෙම නැත්තං පීටර් පීතර උනා වගේ ඩොක්ටර් ගැමියො අතින් දොස්තර උනා සහ කන්ඩක්ට කොන්දොස්තර උනා. පස්සෙ මීවනපලානේ අහුබුදු වගේ අය ඔය පද නිරුක්ති කරල විකාර හේතු කිව්වට ඇත්ත ඒකයි. වාග් විද්‍යාව උගත්තු ලංකාවෙ තවම ඉන්නව, පොඩ්ඩක් කතා කරල බලන්න කැමතිනම් මේ ගැන තව විස්තර හොයා ගන්න.

      Delete
  15. ඔක නමක් නෙ එකනිස මම හිතන්නෙ සින්හලෙන් වෙන එකක් කියන්න ඔන නෑ.අනික සිදීක හොදටම දන්න ඈති මගෙ හිතෙ අර ක්‍රිකට් වල යෙදුම් වලට සින්හල නම් යොදන්න ගියපු වෑඩෙ.ස්ලිප් ට ලුහුට්ට කිවුවෙ.එව එච්චර සාර්තක වෙන්නෙ නෑ.හෑබෑයි ටිකකට හරි ගිය පිට පන්දුව,නිපන්දුව,දෑවියාම වගෙ.

    ReplyDelete
    Replies
    1. දෝලනය, ඉපිලීම, කඩුල්ල මුවා කිරීම, දුවද්දී දැවී යාම, කඩුල්ල, කලාපය, විනිසුරු සාර්ථක වෙච්ච ඒවා. තව කිහිපයක් තියෙනවා. මේක භාෂා අතර පරතරය. සුද්දෝ කෙලින්ම අදහස් ප්‍රකාශ කරනවා. සලරයි. අපි ටිකක් වෙනස්.

      Delete
  16. ඔන්න ඕකනේ කේස් එක සුදීක අයියා.. මොනවටද බ්‍රෑන්ඩ් නේම්ස් පරිවර්තනය කරන්න යන්නේ.. ෆේස්බුක් කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක් මිසක් වෙන එකක් නෙවෙයිනේ.. දැන් ඔය මෙතන කැලැන්ඩරේ කිව්වා මිසක් දින දර්ශනේ කිව්වයැ.. නෑ නේ...

    ෆේස්බුක් කියන බ්‍රෑන්ඩ් නේම් එකට ඒ නම වැටෙන්න ඇත්තේ ඇඩ්‍රස් බුක්, ෆොන් බුක් කියලා ඒ කාලේ ප්‍රසිද්ධ මේල් සොෆ්ට්වෙයාර් වල, ෆොන් වල ආපු ඔප්ෂන් එක නිසා වෙන්නැති කියලා මං හිතන්නෙ.. එහෙම බැලුවොත් ඒකට වඩා හරියන්නෙ මූණු පොත තමයි... මොකද කෙනෙක්ව මුහුණ බලාගෙන අඳුන ගන්නවා වගේ දෙයක් කෙරෙන නිසා... වත් පොත කිව්වත් ඒකමනේ ඉතිං... වත කියන්නේ මූණ.. සාමාන්‍ය සිංහල සහ බැරෑරුම් සිංහල.. එච්චරයි..

    ඒ උනාට රස්තියාදුකාර භාෂාවෙන් ඕකට කියන බුකිය කියන එක තමයි හරියනම වචනේ කියල මං කියන්නේ.. බුකිය කිව්වම සූදුව මතක් වෙනවා.. ෆේස්බුක් එකට ඇබ්බැහි උනොත් ඉතිං සූදුවට ඇබ්බැහි උනා වගේම තමයි... මාත් ඒ වචනේ පාවිච්චි කරන්නෙ නෑ හැබැයි... හි හි...

    බ්ලොග් කිව්වම මතක් වෙන්නේ බ්ලොක් ගල් බිත්තියක්.. නැත්තං ග‌ඩොල් බිත්තියක්.. කලු ගල් තාප්පෙකට වඩා වෙනස්... මං ඒ බ්ලොග් කියන නමට කැමති ඒකයි... මහා ලොකු පැවැත්මක් නෑ.. ඉක්මණට වෙනස් කරන්න පුලුවන්... වෙනස් වෙන්න පුලූවන්.. ඊටත් වඩා ඕනෙ දෙයක් ලියතෑකි... හරියට අපේ හිත් වගේ.... හි හි...

    ReplyDelete
    Replies
    1. මේක හිතට ආපු අදහසක් විතරයි. පස්සේ හොයලා බැලුවා. අනෙක් අයගේ අදහස් විමසනවා. වෙනත් සිංහල නම් තියෙන නිසා මේක ගැන කිව්වේ.

      Delete
    2. ඔය සකර්බර්ග් මහත්තයා ගිය කැම්පස් එකේ තිබුනලු පුරුද්දක් අලුතෙන් අය ආපුවම ඉන්න අයව හඳුන්වා දෙන්න ඒ ගොල්ලන්ගෙ පින්තූරයි විස්තරයි ගහලා පොඩි පොත් පින්චක් නිර්මාණය කරළ අලුත් අය අතර බෙදා දෙන. [අපි හරක් වගේ අලුතෙන් එන උන්ට රැග් කළාට උන් එහෙමයි] ඒකට කිව්වෙ Face Book කියලලු. ඒ නම තමා උන්දෑ තමන්ගෙ නිර්මාණයටත් යොදාගෙන තියෙන්නෙ.

      Delete
  17. මෙහෙමයි මොන නම උනත් පාවිච්චිය පහසු වෙන්න ඕන. වත්පොත කියල කියන්නත් අමරු එකේ මම නං ඕක ඒ තරං ඇති දෙයක් විදියට තකන්නේ නෑ අනික ඒක ව්‍යවහාරයෙන්ම ෆේස්බුක් කියන වචනේ අතික්‍රමනය කරනවා. ගැලපෙන්නෑ. මාත් මුණුපොත තමා භාවිතා කරන්නේ. සුදීකගේ රිසර්ච් වලට මම හෙන ලැයික්.. පරණ ඒවා ඔක්කෝම අවුස්සල බැලුවා මීට මාස ගානකට උඩින්...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේකත් එක රිසර්ච් එකක් තමයි. මහජන අදහස් විමසීම.

      Delete
  18. ලෝක ප්‍රකට දේවල්වලට අපේ නං දාගත්තට ඒව ප්‍රචලිත කරන්න බැරි බව මගේ හැඟීමයි.

    ReplyDelete
  19. දැන් ෆේස්බුක් කියන එක රෙජිස්ටර් වෙලා ඉවරයි,අපි සිංහල වචන හැදුවට වැඩක් වෙන එකක් නෑ මට හිතෙන හැටියට.

    ReplyDelete
    Replies
    1. නලුත් 2010 දී පවා වත්පොත කියන එක යොදාගෙන තිබෙනවා. නමුත් සමස්තය එය යොදාගෙන නෑ. මම වුනත් fb හෝ faccebook කියන නම් වලින් තමයි භාවිතා කරන්නේ.

      Delete
  20. අර E-mail වචනෙ අවුල මොකක්කද? E කැපිටල් වීමද? මමත් සමහර වෙලාවට ඔක කැපිටල් කරල ලියනව

    ReplyDelete
    Replies
    1. වර්ඩ් වල ටයිප් කරද්දී මේක ඔටෝ කරෙක්ට් කරලා තමයි E එන්නේ.

      Delete
  21. සමහරක් දේවල්වලට අපේ නම් දැම්මා කියලා එකෙන් කිසිම වැඩක් නොවෙන බවයි මගේ හැගීම.මොකෝ අපි සිංහල නම් දැම්මත් අපිට හුගක් හුරු අර නම නිසා.

    ReplyDelete
    Replies
    1. බොහෝවිට. මම වුනත් facebook කියන නම තමයි භාවිතා කරන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේදී. නමුත් අපි භාෂාව හසුරුවන්නන් ලෙස ගැලපෙන නම තෝරා ගත යුතුයි. අපෙන් භාෂාව උකාහා ගන්නා පිරිසකුත් ඉන්නවා.

      Delete
  22. විශ්වවිද්‍යාල ජීවිතයේ යථාර්තය...

    http://campusapi123.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හොඳයි මල්ලි. මම විශ්වාස කරනවා ඔයා යම් ප්‍රසිද්දිය බලාපොරොත්තුවෙන් මේක මෙතන පල කළා කියලා. අලුත් බ්ලොග් නිර්මාණය වීම අපි බලාපොරොත්තු වන දෙයක්. විශේෂයෙන්ම සරසවි වල සිටින කළා හැකියාවන් සහිත අය. ඒ ගැන මගේ අත්දැකීම් ගොඩක් තිබෙනවා. මම සරසවියකට ගියේ සිසුවකු ලෙස නොව, පෙම්වතෙකු ලෙස. නමුත් ඉන් මා උගත් පාඩම් බොහොමයක් ඇත.

      Delete
  23. මං හිතන්නේ ෆේස්බුක් කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක් නිසා ඒකට සිංහල වචනයක් යොදන්න බැරිවෙයි. හැබැයි මුණුපොත කියනවාට වඩා වත්පොත කිව්වම ලස්සනයි. පොත වෙනුවට වෙන සමාන අරුතක් තියෙන ලස්සන වචනෙකුත් හොයාගත්තා නම් තවත් එල.

    ඔය විදිහට මෙව්වත් වෙනස කරන්න ඇහැකි;

    midnight divas - මැදියම් රෑ සුර ලඳුන්
    sprite - දේවතාවා
    youtube - ඔබ නලය
    microsoft - අංශුමුදු

    (ඔන්න හෙට ඉඳන් කට්ටිය ළමයින්ට නම් දාගන්න මගේ ළඟට එහෙම එන්නෙපා)

    ReplyDelete
    Replies
    1. Midnight Divas = මැදියම සුරඟන
      youtube = ඔබේ නාලිකාව

      Delete
  24. භාෂාව යනු සංවර්ධනය විය යුතු දෙයක්. වචන එනවා. ඒවා කාලයත් සමඟ අභාවයට යනවා. ටික කාලෙකින් එකම භාෂාවක් ලෝකේ සංනිවේදනය වෙයි. ඒක පහසුයි. මන්දා මට හිතෙන හැටියට.
    මටනම් ඔය ඕනෑ නමක් ඔට්ටුයි. මම කියන්නේ fb කියලා. ලේසි පහසු අකුරු දෙක.

    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. ඔයාගේ මේ කතාවෙන් මට මතක් වෙච්ච් එක දෙයක් තියෙනවා. ඒ ලංකාවේ සමහර වෙළඳ දැන්වීම් ආයතන හදපු ලස්සන වචන
      Milcoholic = කිරිබද්දෝ

      Delete
  25. "බුකියට" වෙනත් නම් යෙදීමට උත්සාහ නොකළ යුතුයි යන්න මගේ විශ්වාසයයි.මන්ද යත් දැන් එයට "බුකිය" යන නම ලියාපදිංචි වී අවසන්ය.හරියට ඔබේ සුදීක යන කෙටි නම වගේය.බොහෝ දෙනෙක් සිතා සිටින්නේ එය ඔබේ සැබෑ නම ලෙසයි!සුභාෂ් දිල්රුක් යන්න දන්නේ කීයෙන් කීදෙනාද?

    ReplyDelete
    Replies
    1. මම ඒ ගැන පොස්ට් එකක් ලියලා පටන් ගත්ත නිසා, ඒ කාලේ මගේ බ්ලොග් එක බලපු බොහෝ දෙනෙක් දන්නවා.

      Delete
  26. මොන නම දැම්මත් එක පහසුවෙන් උච්චාරනය කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම වචන විතරයි රදා හිටින්නේ. අනික ඒ වචන වල ශබ්ද රසයක් තියෙන්නත් ඕන. මම දැක්කා සුදිකගේ කලින් පොස්ට් එකකත් mini Storage වලට "තඹා" කියලා නමක් දාලා තියනවා. හැබයි මම කිසි දවසක් වෙන කොහෙවත් එහෙම නමක් දැකලවත් අහලවත් නැ.

    හොඳම දේ අම්මා අප්පා දාපු නම එහෙමම පාවිච්චි කරන එක. මොකද මේවා Brand name හින්දා. ගොඩක් දේවල් වලට නම් හැදිල්ල අතින් බ්ලොග් වල මම දැකලා තියන් හොඳම කෙනා කතන්දර.

    ReplyDelete
    Replies
    1. අම්ම අප්පා කිව්වම මතක් වුණේ. අපේ ඔෆිස් එකේ ඉන්නවා කොල්ලෙක්. අම්මලා තාත්තලා දාපු නම දම්මිත් නමුත් හැමෝම කියන්නේ ධම්මික කියලා. දැන් තියෙන දිව පැටලෙන (Tongue Twisting) නම් වලට අනාගතේ මොනවා කියයිද ?

      Delete
  27. facebook එකට ගැලපෙනම නම වෙන මොකක්වත් නෙවෙයි බුද්ධාගම කියන නම මොකද ඕකෙ තරම් බවුද්දයො මේ තුන් ලෝකෙම නෑ

    ReplyDelete
  28. මතක් වුනොත් වත්පොත් ලියලා බලන්නම්. වැඩේ තියෙන්නේ අපි කියන දේ අහන එකාට එක පාර තේරුම් යන්න එපායැ. සන්නිවේදනයේ මූලික අරමුන ඒකනේ. දැන් ලැප්ටොප් එකට ලැප් එක කියන් එක කොච්චර වැරදි උනත් හැම එකාම කියන්නේ එහෙමනේ බං.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත මචෝ. හෙන්රි කියනවාට වඩා ඩූඩා කිව්වම ඕන එකෙක් දන්නවා.

      Delete
  29. මටනමි ඔකට මොන නමක් කිවත් ලොකු වෙනසක් නැහැ.

    ReplyDelete
  30. අකවුන්ට් එකක් තිබුනට මම facebook යන්නෙ හාව හඳ දකින්න වගේ. මම කැමතියි facebook කියන වචනෙට. fb කියන එකට අකමැතියි.මොකද මුලින් ලමයි හෙම fb fb කියනකොට මට මැජික් වගේ. පස්සෙ මම පුතාගෙනුයි අහල දැන ගත්තෙ.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...