Friday, August 9, 2013

A Common Man නැරඹුවෙමි.

පසුගිය සෙනසුරාදා(මෙය ලියා දින කිහිපයක් වනවා. මෙයින් අදහස් කරන්නේ පසුගිය 27 වන සෙනසුරාදා දිනයයි) සවස් වරුවේ කලාතුරකින් ලැබෙන "කරන්න කිසිත් නැති" විවේකයක් ලැබුණා. එවැනි අවස්ථා උදා වන්නේ කලාතුරකින්. දියණිය පාසල් නිවාඩුවට ගමේ ගොස් සිටි නිසා මේ පාළුව තවත් වැඩි වුණා. මා රුපවාහිනිය ඉදිරියේ වාඩි වී බලන්නට හැකි චිත්‍රපටයක් ඇත්දැයි සෙවූ මුත් කිසිවක් ඇස ගැටුනේ නෑ.. මේ අතර වාරයේ මගේ මතකයට ගලා ආවේ මා නිතර බලන්නට ඕනෑම කියා සොයා බලන එක්තරා චිට්‍රපටයක්. ඒ "A Common Man" ය.

යූ ටියුබ් වෙබ් අඩවියේ මීට පෙර කරන ලද සෙවුම් වලින් එහි ට්‍රේලර් එක පමණක් නැරඹුවද, මෙවර එය කිසිවකු විසින් සම්පූර්ණ චිත්‍රපටයම අප්ලෝඩ් කර තිබිණි. මා කලේ ලැප් එක සහ රුපවාහිනිය HDMI කේබල් එක මගින් සවි කිරීමයි. වාසනාවට එය ඉතා හොඳ තත්වයෙන් තිබුණා.

පැයකුත් විනාඩි විසිපහක් දිවෙන මේ චිත්‍රපටය ගැන අගක් මුලක් තේරුම් ගැනීමට අඩුම ගානේ විනාඩි හතලිස් පහක් වත් නැරඹිය යුතුය. ඇත්තටම එය දුටු විට හිතෙන්නේ එය විදේශිකයකු විසින් අපේ පොලීසිය ඇන්දවීමට ගන්නා උත්සාහයක් ලෙසය. යුධ භීතියෙන් මුළු රටම ඇලලී ගිය යුගයක ජාත්‍යන්තර ත්‍රස්තවාදියකුගේ චරිතයට පණ පොවන  ඉහත රූපයේ සිටින බෙන් කිංස්ලි කාල බෝම්බ කිහිපයක් පොලීසිය ඇතුළු ස්ථාන කිහිපයක අටවනවා. ඔහුගේ ඉල්ලීම වන්නේ සැකකරුවන් කිහිප දෙනෙකු නිදහස් කර ගැනීමයි.

මහල් නිවාස සංකීර්ණයක ඉහලම මාලයේ සිට ඔහු ක්‍රියාත්මක වනවා. රුපවාහිනි තිරයක් දෙස නිතරම බලා සිටින ඔහු නිතරම මාධ්‍යවේදිනියක් අමතා මෙම ස්ථානයේ විශේෂ සිදුවීමක් වනවා යනුවෙන් දන්වා රුපාවාහිනී කැමරාව ඔහුට අවශ්‍ය ප්‍රදේශයට යොමු කරවා ගන්නවා. මමත් සමගම මෙම චිත්‍රපටය අතරින් පතර නැරඹු මගේ සොයුරියගේ පුත්‍රයා මෙය හින්දි කොපියක් බව පවසා සිටියත්, ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ක්‍රියා පැවති සමයත් සමග මෙය කදිමට මුසු කොට නිර්මාණය කරන්න චන්ද්‍රන් රත්නම් මහතා සමත් වී තිබෙනවා.

කිසිම කම්මැලි කමකින් තොරව බලා සිටිය හැකි, ශ්‍රීලාංකිකයෙකු නිෂ්පාදනය කල මෙම චිත්‍රපටය මටනම් ඉතා ඉහල නිර්මාණයක්. එම චිත්‍රපට යූටියුබ් මගින් නරඹන්න පුලුවන්. 

මේ පිලිබඳ දීර්ඝ විස්තරයක් නොකරන්නේ ඉන් මෙය නරඹන කෙනෙකු තුල ඇති විය යුතු කුතුහලය අඩු වන නිසාය. 


63 comments:

  1. දවස හොඳයි. අද මම මෙතනත් එක වගේ...

    මේක හින්දි චිත්‍රපටියක් පදනම් කරගෙන හදපු ෆිල්ම් එකක්. හැබැයි චන්ද්‍රන් රත්නම් මහත්තයා සුපිරියටම හදලා තියෙනවා. මට නම් සැකයි මේක ලංකාවේ පෙන්වන්න ඉඩ දෙයිද කියලා.

    ReplyDelete
    Replies
    1. මේක පෙන්වීමේ අවුලක් මට නම් පෙන්නේ නෑ.

      Delete
  2. චිත්‍රපටියේ එක තැනක පොඩි දුර්වලකමක් අහු උනා, ඒක වෙලා තියෙන්නේ සමාජයේ එදිනෙදා දේ ගැන එච්චර අවධානයක් නොයෙදපු නිසා වෙන්න ඇති. කොටුවෙන් රුමේනියන් පෙට්ටි තියෙන කෝච්චියකට නගින බෙන් කිංස්ලි එක පාරටම බම්බා, වැල්ලවත්ත පහුකරලා ගිහින් S8 Hyundai කෝච්චියක නාරාහේන්පිට ගොල්ෆ් ග්‍රවුන්ඩ් එක මැද්දෙන් කැළණි වැලි පාරේ යනවා. ඊළඟට ආයෙම රුමේනියන් පෙට්ටියක් අස්සේ ඉන්න බෙන් දෙහිවලදී S8 එකකින්ම බිමට බහිනවා.

    සාමාන්‍ය දුම්රිය මගියෙක්ට මේක දැක්ක ගමන් මේ දුර්වල පොයින්ට් එක අහුවෙනවා.

    ReplyDelete
    Replies
    1. කොහොමද විචාරය....

      Delete
    2. චිත්‍රපටය රස විඳින්න ඒක බාදාවක් නෑ නේද ? මට ඒක ඒ හැටි දැනුනේ නෑ.

      Delete
    3. කතාව හොද නම් කන්ටිනියුටි ගැන ප්‍රශ්න නොකර මම නම් බලනවා.
      ෆිල්ම් එකේ පොරොස්න සුදික මලයගෙන් අපි අහල වැඩක් නැහැ.
      නොබලපු අයට මග පෙන්නල විතරනෙ මෙතන තියෙන්නෙ.
      කවුරු හෝ චිත්‍රපටය ගැන විචාරාත්මක ලිපියක් ලියුවහොත් අපිට ප්‍රශ්න කල හැකියි.

      Delete
  3. බලන ගමන්....:)

    thanks Sudeeka

    ReplyDelete
    Replies
    1. වැය කරන කාලය පාඩුවක් නොවේවි.

      Delete
    2. කතාව ලංකාවේ එකක් උණාට, හොරුයි, පොලිස් ලොක්කොයි ඔක්කොම, සුද්දෝ හන්දා ඉතින් ප්‍රශ්නයක් නෑ. :D:D

      Delete
    3. ලංකාවේ සිද්ද වෙච්ච ඉන්ටර්නැෂනල් කතාවක් කියල හිතමු.

      Delete
  4. සුදීක මමත් මේ ෆිල්ම් එක බැලුවා. කතාව හොඳින් ගලායන්න තියනවා. මේ චිත්‍රපටිය හින්දියෙන් තිබුනත් කතා තේමාව දෙහිවල දුම්රිය බෝම්බයෙන් මියගිය කතාවත් නොකරපු දුම්රිය මිතුරකු නිසා තවත් මිනිසෙකු ත්‍රස්තවාදයට පිළියම් සෙවූ හැටි දැක්වෙනවා.

    මේ වගේම තවත් ෆිල්ම් එකක් එනවා Madras Cafe කියලා.

    ReplyDelete
  5. මේක තාම ප්‍රදර්ශණය පටන් අරන් නෑ නේද ? මෙහෙම නොකර හිටියනම් තමා හොඳ..

    ReplyDelete
    Replies
    1. මම නොකිව්වත් බලන අය බලනවා නේද සෙන්නා. මටත් මුලින්ම හිතට ආව ගැටලුව ඇයි මේක අන්තර්ජාලයට ආවේ කියලා. කොහොම වුණත් එයාලම දැම්ම වෙන්නත් පුළුවන්. එතකොට මේක ලෝකෙම දකින නිසා. දැන් DVD වෙළඳාම යහමින් කෙරෙන නිසා, මෙහෙම බලලා කලෙක්ෂන් කරන අය අරගනී කියන අදහසින් ආවාද ? නැත්නම් මේක දාපු කෙනා ද්වේශසහගතවම කරපු දෙයක්ද දන්නේ නෑ.

      Delete
    2. ඒකනම් එහෙම තමා. ඒත් ඕක ලංකාවෙ ප්‍රදර්ශණය කරන්න අදහසක් තියනවනම් මෙහෙම බලන එකෙන් ඔවුන්ට ලොකු පාඩුවක් වෙනවා නේද ? දැන් සුදීක මේක දැම්මට පස්සෙ අඩුම ගානෙ ඔවුන්ට ප්‍රේක්ශකයො පන්සීයක්වත් අඩු වෙනවා...

      Delete
    3. ඒ බලන පන්සීය කටින් කට යවන ප්‍රචාරය නිසා ප්‍රේක්ෂකයෝ ලැබෙයි කියලා මම හිතනවා. මොකද හැමෝටම ඉන්ටර්නෙට් තිබ්බත් බලන්න තරම් ඩේටා නෑ. ඒත් ඩවුන්ලෝඩ් කරලා ෂෙයා වුනොත් තමයි.

      Delete
    4. චන්ද්‍රම් රත්නම් කියන්නෙ හොද ඔලුවක්.
      ඒ වගේම හැම පැත්තකටම ආතල් බුවෙක්.
      වියදම් කරපුව හොයන්න දෙයියෙක්.
      මෙහම එලියට දාන්න යටි හිතේ ඇති යම් අදහසක්.

      Delete
    5. මටත් හිතුනේ ඔය ටිකමයි.

      Delete
  6. බැලුව වගේ මතකයක් තියෙනවා ස්තුතියි සුදීක

    ReplyDelete
    Replies
    1. මේ බලන්නකෝ බලපු අය ගොඩයි.

      Delete
  7. මේක බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. මට නම් මාර ගති මේක.

      Delete
  8. මමත් හිතනවා ඒක මේ කළාකාරයාට දැන දැන කරන වැරද්දක් හා අසාධාරණයක් කියලා. සමහර විට ඔබට ප්‍රශ්ණවලටත් මුහුණ දෙන්න වෙයි.. හම නමින්ම පෙනී සිටින නිසා.. කොහොමත් සදාචාරාත්මක දෙයක් නම් නෙමෙයි.. මගේ අදහස පමණයි...

    ReplyDelete
    Replies
    1. මෙහෙම ප්‍රසිද්ධියේ නොකිව්වත් බලපු අය ගොඩක් ඉන්නවා කමෙන්ට් වලින්. මේ පහල කමෙන්ට් එක බලන්න.

      Delete
  9. මේක baiscopelk එකේ දාලා තිබුනෙ අප්‍රේල් මාසෙ විතර.


    මේකෙ හින්දි එක නම් බැලුවා. A wednesday (2008)

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් මම හින්දි බලන්නේ නෑ. හොඳ එකක් අහු වුනොත් නොබලා ඉන්නෙත් නෑ.

      Delete
    2. ඔන්න මම A common man බැලුවා. කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නෙ හින්දි චිත්‍රපටයට සාපේක්ෂ ව මේක අති අසාර්ථකයි. ඇක්ෂන් film එකක් උනාට කිසිම ජවයක් නෑ රඟපෑම්වල (පොලිස් නිළධාරීන්ගෙ) සමහර විට ශ්‍රී ලංකා පොලීසියෙ ස්වභාවික තත්ත්වය වන ඈලි මෑලි ගතිය ද දන්නෙත් නෑ. නමුත් හින්දි චිත්‍රපටය මීට සාපේක්ෂ ව ඉතා සාර්ථකයි. එහි ත්‍රස්තවාදීන් හතරදෙනාව භාර දෙන පොලිස් නිළධාරීන් දෙදෙනාගේ චරිත චිත්‍රපටය ආරම්භයේ සිටම හොඳින් ගොඩනගනවා. ඒ වගේම ඔවුන් ඉතා හොඳින් ඒ චරිත රඟපානවා.

      කතාවේ ගලා යෑමත් හින්දි චිත්‍රපටයට සාපේක්ෂ ව දුර්වලයි. එක උදාහරණක්-
      හින්දි එකේ පැමිණිල්ල භාර ගන්න පොලිස් නිලධාරියා ගෙන්වලා චිත්‍ර ශිල්පියා ලවා අර පුද්ගලයාව කටු සටහන් කරවන්නෙ පොලිස් ස්ථානය තුළ තිබී බෝම්බය සොයා ගත් විගසම. මේකෙ ඒක කරන්නෙ ඊට ගොඩක් පහු වෙලා. හරියට නිකන් මිනිහා කවුද කියලා හොයා ගන්න කිසිම ඕනකමක් තිබුනෙ නෑ වගේ.

      අපේ එකේ අඩුපාඩුම හොයනවා කියලා හිතන්න එපා. A wednesday බලලා ඊට පස්සෙ ඔබත් තීරණය කරන්න මේකෙ සාර්ථකත්වය.

      Delete
    3. අපේ පොලීසිය සාමාන්‍යයෙන් කිර්යාත්මක වෙන්නෙත් මේ වගේ නේද? දැන් නම් wednesday බලන්නම වෙනවා. මුලින් නොබලපු නිසා සමහරවිට මේක හොඳට පෙනුනා වෙන්නත් පුළුවන්.

      Delete
  10. මෙක බලන්න ඔන .සුදීක පොඩිමෑන් ගෙ ලින්ක් එක දෙන්නකො.මම හිතන්නෙ මම බලල නෑ

    ReplyDelete
    Replies
    1. ආ මෙ ලට්ට ලොට්ට නෙ මු ගාල්ලෙ කියල අද දන්නෙ

      Delete
  11. මගෙත් කල්කිරියාව හොඳ නෑ කියල කියන්නේ මේක බාගෙන සෑහෙන දවසක් වුනත් ඉංග්‍රීසි එව්වා බල බල හිටියා මිසක මේක බැලුවේ නැතුව එහේමම අමතකම වෙලා ගියා. පේනව නේද සිංහලයෙක් වුනත් මගෙ තරම. මටම කණගාටුයි. සුදීක අයියා මතක් කල එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. Better Late Than Never කියලා කියමන් තියෙනවනේ. දැන් බලන්න එහෙනම්.

      Delete
  12. ඉඩක් ලෑබුන විටක බලන්නම් ස්තුතියි

    ReplyDelete
    Replies
    1. බලලම කමෙන්ට් කරන්නකෝ.

      Delete
  13. සුදීක මම මේ චිත්‍රපටිය බැලුවේ ටොරන්ට් මගින් බාගෙන. ඉතාම හොඳ තත්වයේ රූපරාමු වලින්. ඇත්තටම මෙය අවසානය දක්වා කුතුහලය දනවන චිත්‍රපටියක්. නමුත් අර ගුවන් යානය පුපුරනවා වගේ උපක්‍රම නම් එතරම් සාර්ථකයි කියන්නට බැහැ. මුළු චිත්‍රපටිය පුරාම බෙන් කිංග්ස්ලි ඔහුගේ සිනමා පෞරුෂයේ ආධිපත්‍යය පතුරුවා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. මටත් ඒ ප්ලේන් කොටස පොඩ්ඩක් මදි ඒ ෆිල්ම් එකේ අනිත් කොටස් එක්ක.

      Delete
  14. මමත් මේක ටික කාලෙකට කලින් බැලුවා. අවංකව කියනවා නම් මට මේක ඒ තරම් සාර්ථකයි කියලා හිතෙන්නෙ නැහැ. (මගේ පුද්ගලික මතය).කතාවේ ගලායාම ඒ තරම් ස්වාභාවික නොවන බවයි මගේ මතය.

    ReplyDelete
    Replies
    1. ඒ අපි ලංකාවේ නිසා. හොලිවුඩ් එකක් කියලා හිතන් බැලුවම පහසුයි.

      Delete
    2. හොලිවුඩ් එකක් කියලා හිතන් බලනවානම් අති අසාර්ථකයි. තිර පිටපත බොහෝම දුර්වලයි. අනික තාක්ෂණික කරුණු සමහර ඒවා නිවරදි නැහැ.

      Delete
    3. එකක් මම චිත්‍රපට නරඹන්නේ රසිකයෙක් විදියට විතරයි. මට එතන දිවෙන කතාවට නළු නිලියන් සාධාරණයක් කරලා තියෙනවනම් ඒක විශිෂ්ඨයි.

      Delete
  15. ප්‍රධාන චරිතය අපිට සුද්දෙක් වගේ පෙනුණට ඕක හදල තියන හොලිවූඩ් එකේ අයට එච්චරම අවුලක් නැති වෙයි. මොකද සුද්දන්ට අනුව Ben Kingsley කලුයි :D
    ඉන්දියන්, යුදෙවු සහ බ්‍රිතාන්‍ය සම්භවයක් තියෙන්නෙ මම දන්න විදිහට. ගාන්ධි ගෙ චරිතය රඟපාල තියන නලුවෙක් නෙ :)
    එක එක කෝච්චි පාරවල් ගැන අපි දන්නව උණාට ඒකත් පිට රට මිනිස්සු දන්නෙ නෑ නෙ... ලස්සන ලස්සන තැන් දෙක තුනක් අරගැනීම වෙන්නැති අරමුණ :D

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනේ ඔය ටිකම තමයි.

      Delete
  16. ඩොන්ගල් එකේ data තියෙන වෙලාවක ගොඩ දාන්න ඕනේ!

    ReplyDelete
    Replies
    1. ළඟක හිටිය නම් දෙනවා මම ඩවුන්ලෝඩ් කරපු එක.

      Delete
  17. මට නම් ඕක අන්තිමයි මෙලෝ රහක් නැහැ Shindlers list වගේ සුපිරි film
    වල රගපාපු Ben Kingsley මේකේ රගපෑවේ සල්ලි නැතුවද කොහෙද

    ReplyDelete
    Replies
    1. කිව්වට විශ්වාස කරන්න මම බෙන් කිංස්ලි ව අඳුනා ගත්තෙත් මේකෙන්. ඒ නිසා මට ඔය අවුල ආවේ නෑ. මොනවා වුනත් මිනිහා දක්ෂයෙක්. එක එක ෆිල්ම් වල ඕනෑම කෙනෙකුගේ දක්ෂ කම් වෙනස් නේද? මෙන්න මේ ලින්ක් එකෙන් බෙන් මාර තැනක් දෙනවා චන්ද්‍රන් රත්නම්ට.

      Delete
  18. දැනුවත් කලාට ස්තූතියි සුදීක
    අද හෙටම බලන්න ඕන...

    ReplyDelete
    Replies
    1. හරි දුලා බලලා කමෙන්ට් කරන්න.

      Delete
  19. මේ පිචර් එකයි හින්දි එකයි දෙකම බැලුවා ..... මේකට ලකුණු 65යි ... හින්දි එකට 95යි ..... ඒ මට හිතෙන හැටි

    ReplyDelete
    Replies
    1. මමත් හින්දි එක බල බල ඉන්නේ.

      Delete
  20. මම සාමාන්‍යයෙන් පරිගණකය ඔස්සේ ‍ෆිල්ම් බලන්නෙ නෑ. අඩුම තරමේ ඩීවීඩී තැටියකින්වත් බලන්න ඕනේ. මොකද පරිගණකයේ රූප රාමුව කුඩා දර්ශන පසුතලයක් පෙන්වන නිසා.සිනමා කෘතියකින් මනසට දැනෙන ෆීලිංග්ස් අඩුයි. ඒ නිසා මේ ෆිල්ම් එක තවම වෙළදපොලට ඩීවිඩි එවල නැහැ. ඒ එනතුරු බලා ඉන්නවා

    ReplyDelete
    Replies
    1. මම කරන්නේ පරිඝනකයයි රූපවාහිනියයි HDMI කේබල් එකෙන් සම්බන්ධ කරන එක. එතකොට හොඳ තත්වෙකින් බලන්න පුළුවන්.

      Delete
  21. හින්දි එක ඇවිත් ගොඩක් කල්. ඒකම කිසිම වෙනසක් නැතුවම කරලා. අලුත් සෙට් එකක් එක්ක හොඳ කොප්පක්.

    ReplyDelete
    Replies
    1. මම මුලින්ම බැලුවේ මේක නිසා අවුලක් වුනේ නෑ.

      Delete
  22. පොලිස් රාලහාමිලා ඉංග්‍රීසි වතුර වගේ කතා කරන එක මට නිකං මොකද්ද වගේ .. ඉතින් මට හිතෙන්නෙම ඒ ෆිල්ම් එකේ තිබුනේ ලංකාව ගැන කතාවක් නෙවෙයි කියලා .

    ReplyDelete
    Replies
    1. ඔය සඳරුත් යස අපූරුවට කථා කලේ. මම කිව්වේ අර සඳරු වගේ ඉන්ස්පෙක්ටර් ගැන.

      Delete
  23. බලලම කතාකරමු.
    මට දැං බාගෙන තිනෙ ෆිල්ම් මොනවද කියල හොයාගන්න බැරුව ඉන්නෙ.

    ReplyDelete
  24. සෝයි ෆිල්ම් එක . ටික දවසකට කලින් මම බැලුව .

    ReplyDelete
  25. A Common Man මමත් බැලුවා.
    පුද්ගලිකව මම මේ film 1ට අකමැතියි. නමුත් මෙය අවර ගනයේ හෝ වැඩකට නැති film 1ක් නෙමෙයි. චන්ද්‍රන් රත්නම් මහතාගෙ උත්සාහය ගොඩක් අගය කල යුතුයි. imdb link 1 පහලින් දාන්නම්. කැමති අය ගිහින් film 1 rate කරලා පොඩි සහයොගයක් දක්වන්න. හේතුව ; fans'ලාගෙ rating වැඩිවෙන තරමට තව තවත් ලෝකෙ පුරා මිනිස්සු මේක බලන්න පෙලඹේවි.
    (imdb link)
    http://www.imdb.com/title/tt2104837/

    මේ film 1කෙ ඉතාම හොඳ මට්ටමේ blue ray copy 1ක් torrent විදිහට තියෙනවා. තවමත් නොබලපු අය එන්නවනම් downlord කරන් බලන්න.
    මෙන්න torrent links ;
    (750mb copy)
    http://katproxy.com/a-common-man-2012-720p-brrip-x264-yify-t7350583.html
    (1.24db copy)
    http://katproxy.com/a-common-man-2012-1080p-brrip-x264-yify-t7352214.html

    ReplyDelete
  26. කවුරුත් විස්වාස නොකෙරුවට මේක තමා ලංකාවේ වැඩිම වියදමක් ගිය චිත්‍රපටිය මේක නිෂ්පාදනය කරේ ඒසියා කැපිටල් සමාගමේ සභාපති වන මනෝ මහතා flying fish නිෂ්පාදනය කරෙත් මනෝ මහතා තමා කොහම වුනත් මනිරත්නම් නම් මේකෙන් හොදට හම්බ කරගත්තා චිත්‍රපටි කෙරුවාව හින්දා ඒසියා සමාගමේ මුල්‍ය තත්වය දරුණු ලෙස කඩන් වැටුනා කියලයි වැඩ කරන අය නම් කියන්නේ මේකේ පිටපත් ඉන්දියනු සමාගමකින් සල්ලි දීලා ගත්ත එකක් ඔවුන් අවසර දීලා තිබ්බේ ඉංග්‍රීසි වලින් කරන්න විතරයි නමුත් මෙයාලා සිංහලෙනුත් කරපු හින්දා ඉන්දියානු සමාගමෙන් නඩු වැටුනා නඩු කියන්න ගිහිං තව දඩ මුදලුකුත් ගෙවලා නිෂ්පාදන වියදම තව ඩබල් වුනා චිත්‍රපටිය නිපදවීමේදී සියලුම අවශ්‍ය දේවල් දේවල් ලබා ගත්තේ මනිරත්නම්ගේ චිත්‍රපටි නිශාපාදන සහය ආයතනයෙන් ඉතිං චිත්‍රපටිය ප්‍රදර්ශනය කරන්න කලින්ම මනිරතන්ම් ලාබය ලබලා තිබ්බේ තව ලොකු වියදමක් දරලා ඇමෙරිකාවේත් මේක ප්‍රදර්ශනය කරා කොච්චර කරත් අන්තිමට ෆිල්ම් එක ෆේල් හොදම දේ සමාගමේ සේවකයෙක් ගෙවල් ලග කඩෙන් ඩි වී ඩි එක අරන් ගිහිං මනෝ මහතාට දුන්නාම තමා දන්නේ මේකේ එලියට ගිහිං කියලා මනුස්සයගේ කෝටි ගානක් අපරාදේ

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...