Wednesday, August 14, 2013

ලොල්ද මන්දා අංක 8 : ප්‍රමෝෂන් නැතිව පෙන්ෂන් ගිය ආතර් ......

අපේ දෙපාර්තමේන්තුවේ ප්‍රමෝෂන් පිලිබඳ ප්‍රශ්නයක් තිබුණ කාලෙක බොහෝ දෙනා අසහනයට පත් වෙලා හිටියා. එහෙම ඉන්න කාලෙක අර "වැඩ කරමින් සිනාසෙන්න" කියන වාක්‍ය කිහිපය කඩදාසියක ලියාගෙන රෝස පාට ප්ලැටිග්නම් එකකින් වටේට ඉරි ගහලා දැන්වීම් පුවරුවේ ගෙනත් ගැහුවේ ලෙස්ලි. ලෙස්ලි ගැන කෙටිම කෙටි ලොල් කතාවකින් කිව්වා. බොහෝ දෙනෙක් බලන්න ඇති. ඉතින් මේ ප්‍රමෝෂන් ප්‍රශ්ණය ලෙස්ලිටත් තිබුණා. ඒත් මිනිහා සත පහකටවත් ගණන් නොගෙන මේ කරපු එකට බොහෝ දෙනෙක්ට තරහත් ආවා. ලොක්කන්ට ගොට්ට අල්ලනවා කියලා කියපු අයත් නොහිටියේ නෑ. 

ලෙස්ලි කියන්නේ බොහොම විනෝදයෙන් කාලය ගත කරන, ලොල් කතා කියලා තමන් වටේ ඉන්න ය හිනස්සන, බොහෝ දෙනාගේ හිත දිනාගෙන ඉන්න කෙනෙක්. ඉතිං ලෙස්ලිගෙන් මේ ගැන අහන්න කිහිප දෙනෙක්ම ඉදිරිපත් වුනා

"මොකක්ද මචං මේ කරපු වැඩේ. අපි හැමෝම ප්‍රමෝෂන් නැතිව තද වෙලා ඉන්න වෙලාවක උඹ වැඩ කරමින් සිනා සෙන්න කියලා එකක් ගැහුවේ. ඕක නොදන්නා කෙනෙකුත් නෑ. ප්‍රමෝෂන් නැති වුනා කියලා අපි වැඩ නොකර ඉන්නෙත් නෑ"

"උඹලා හැම තිස්සෙම ප්‍රමෝෂන් ගැන හිතනවා. බලපන් අර ආතර් අංකල් පෙන්ෂන් යනකම්ම එකම ප්‍රමෝෂන් එකක් වත් නෑ. බලපන් ඒ මිනිහා හිනා වෙලා ඉන්න හැටි"

"කවුද බන් ආතර්, උඹලගේ අන්කල් කෙනෙක්ද? අපේ ගමේ නම් ආතර් අන්කල් කෙනෙක් ඉන්නවා. මම දන්න කාලෙක  නම් මිනිහා රස්සාවක් කරලා නෑ"

"නෑ බන් ආතර්  දන්නේ නැද්ද ? මිනිහට පෙන්ෂන් යනකම්ම එකම ප්‍රමෝෂන් එකක්වත් නෑ. ඒ වුනාට උඹලා වගේ කාටවත් දොස් කියන්නෙත් නෑ"

"හරි හරි කවුද එතකොට ඔය ආතර්. ෂුවර් එකටම කොලිෆිකේෂන් නැති පොරක් වෙන්න ඇති. එක්කෝ වැඩ බැරි ටාසන් කෙනක්"

"අනේ පලයන් යන්න. ඒ මිනිහා කරපුව නැත්නම් උඹලා මැච් බලලත් ඉවරයි. මම අයියට කෝල් කරලත් ඉවරයි. ආතර් කියන්නේ ආතර් සී ක්ලාක් !!! මිනිහට හම්බුන ප්‍රමෝෂන් එකක් නෑ. හැමදාම ක්ලාක්"
පින්තූරය ගත්තේ : http://tvtropes.org

71 comments:

  1. ආතර් සි ක්ලාක් කියනකොට සි කියන්නේ චීප් ක්ලාක් කියන එකලු.

    ReplyDelete
    Replies
    1. අපේ ලෙස්ලිට ඒක නොපෙනුන හැටි

      Delete
    2. අම්මප ඉතින් දුක හිතෙනව ඕය්

      Delete
  2. Replies
    1. ඔව් අර CBK ට K පස්සේ ආවා වගේ. මේක එයාගේ ව්යිෆ්ගෙන් ආවා වෙන්න බැරි නෑ.

      Delete
  3. චීෆ් ක්ලාර්ක් නම් ඉතින් සහ සී කෑල්ල වයිෆ් ගෙන් ලැබුනා නම් ප්‍රමෝශන් හම්බු වෙලා නොවැ අම්බානක !

    ReplyDelete
    Replies
    1. වෙනීගේ නම මැදට අකුරු එහෙම නෑ ?

      Delete
  4. ඇත්ත නේන්නම්. පව් ආතර් අයියා.
    සාන්ත බස් තියන් පයින් ගියාලු කියනවා

    ReplyDelete
  5. මම කල්පනා කරේ මිනිහට වැරදිලාවත් ප්‍රොමෝෂන් එකක් ලැබිල ආතර් මැනේජර් හෝ ආතර් A මැනේජර් වගේ උනානම් තමයි වැඩේ කියලා ......

    ReplyDelete
    Replies
    1. මම කලින් වැඩ කරපු තැන හිටියා යාලුවෙක් එස්.පී. රාමනයාක කියලා.

      Delete
    2. මගේ යාළුවෙක් ඉන්නව "සපුගොඩ සලීන්ද්‍ර ප්‍රභාත් චින්තක - SSP චින්තක" කියල.

      Delete
  6. අර අහිංසක මනුස්සයාට මඩ ගහන තරමක්. පව් ආතර් මාමා

    ReplyDelete
  7. අද නම් ලොල් කතාවක්!!! :D:D

    ReplyDelete
    Replies
    1. එහෙමද ? එහෙනම් හිනා වෙන්න.

      Delete
  8. ආතර් අන්කල්ට ප්‍රමෝෂන් දෙන්න ඊට වඩා මොලයක් තියෙන කෙනෙක් හිටියේ නෑනේ, තාමත් නෑ

    ReplyDelete
  9. එල කතාව ....ඊට පස්සේ ප්‍රමෝෂන් හරි යනකොට ලෙස්ලිටද ඉස්සෙල්ලම ලැබුනේ ?

    ReplyDelete
  10. ආතර් අන්කල්ට ප්‍රමෝෂන් දෙන්න ලංකාවෙ කෙනෙක් හිටියෙ නැතිඋනාට 'සර්' කෑල්ලක් මුලින් හම්බඋනාලු.

    ReplyDelete
    Replies
    1. පොර ප්‍රයිවෙට් ටියුෂන් වගයක් කලාලු.

      Delete
  11. ‍මොකද දැන් "ලොල්" කතා ඉවර වෙලාද "ලොල්ද මංද" කතා ලියන්නෙ?

    ReplyDelete
    Replies
    1. මේවා ඒ මට්ටමට වඩා ටිකක් අඩුයි.

      Delete
  12. එයා චීෆ් ( chief ) ක්ලාර්ක් කෙනෙක්ද ? චීප් ( cheap ) ක්ලාර්ක් කෙනෙක්ද ?

    ReplyDelete
    Replies
    1. එයා පියුම් මහත්තයෙක් විදියට තමයි මුලින් වැඩ කරලා තියෙන්නේ.

      Delete
  13. ලස්සනයි සුදීක ඉස්තරම්

    ReplyDelete
  14. අන්තිම අවස්ථාවේ ආතර් මහත්තයා වාසස්ථානය හැටියට තෝරගත්තු තැන තමා වැරදි.

    ReplyDelete
    Replies
    1. ඒකට හේතු තියෙනවා මෙතන කියන්න බැරි.

      Delete
    2. ඒ කොහේද බන්?

      Delete
    3. ආතර් ලොක්ක කොළු කාරය කියල බය නැතුව කියහන් සුධීක.

      Delete
    4. හරි මමත් එහෙම තමයි අහලා තියෙන්නේ.

      Delete
  15. ලොල් ම තමයි!

    ReplyDelete
  16. ඔය ක්ලාක් මහත්තයාගේ 90 වෙනි උපන්දින උත්සවය අපි කලේ,අනේ ඒ උත්සවය ඉවරවෙලා මාසයක්වත් හිටියේ නැද්ද කොහෙද .

    ReplyDelete
    Replies
    1. අනේ පව්. මේ හැලාපයාලගේ මුහුණු දැකලා තමයි මැරෙන්න ඇත්තේ.

      Delete
    2. අනේ මන්දා බං අපේ පවුලත් කිව්වේ ඔය කතාවමනොවැ

      Delete
    3. හෙක් ... හෙක් ...

      Delete
  17. නැපෝලියන්ටත් ප්‍රමෝෂන් නැතිවුනේ මිනිහගේ බොනපාට් එක නිසානේ. මටනම් ඒ කාලේ කියලා තිබුනේ ආතර් සී ක්ලාක් ගේ තාත්තා තමයි ආතර් සී චීෆ් ක්ලාක් කියලා.

    ReplyDelete
    Replies
    1. එතකොට අනිත් සී එකෙන් කියන්නේ මොකක්ද ?

      Delete
  18. යකෝ ආතර් චීෆ් ක්ලාක් . . කවුද කියන්නේ ප්‍රොමෝෂන් හම්බ උනේ නෑ කියලා . .

    ReplyDelete
    Replies
    1. වැඩේ තියෙන්නේ චීෆ් ක්ලාක් පොස්ට් එකට තමයි පත්වීම ලැබිලා තියෙන්නේ.

      Delete
  19. ආතර් සි ක්ලාක් මහතා විසින් ගෙන්වපු ජර්මනියේ නිෂ්පාදිත Arriflex වර්ගයේ මුවි කැමරාව කාලයක් මා පරිහරණය කලා.
    රන්මුතු දුව කරපු මයික් විල්සන් සහ පිරිසට කැමරා ආම්පන්න දීල තිබුනෙ ක්ලාක් මහතායි.
    මයික් විල්සන් තපස් වන ගත දිවියට යාමට කලකට පෙර ආම්පන්න සියල්ල විකුණා දැම්ම.

    ReplyDelete
  20. Lesly maru porak.
    sinhala aulak..IT Executive enkan singlishe.

    ReplyDelete
    Replies
    1. මම ඒත් බැලුව සංජීව කෝ කියලා.

      Delete
    2. මම පරන ඒවාටත් කෙමෙන්ටි දැමිමා. එකක්වත් අතඇරියේ නැභැ

      Delete
  21. බලාන්න ඉතිං ආතර්ලා වැඩ කරලා තියෙන්නේ ප්‍රමෝෂන් බලාගෙන නෙමේ...

    ReplyDelete
    Replies
    1. හරියට තරියලා වගේ ....

      Delete
  22. අනේ අර එලිසබෙත් ටේලරුත් ඔහොමනේ. හැමදාම කලේ ඇඳුම් මහපු එක.

    ReplyDelete
    Replies
    1. එයා ගැනනේ අර සිංදුවක් තියෙන්නේ සන්නාලියනේ කියලා ..:D

      Delete
    2. එයාගෙ අයිය තමයි මහන ගමන් තේ වවපු ජේමිස් ටේලර්.

      ඔහොම උන් තව ඉන්නව. උයන්නෙ නැති චෙක් කාරය තෝමස් කුක්, තව ඇවිදලම මල ජොනී වෝකර්, හෝටන් තැන්නෙ බේකරිය කරපු සැමුවෙල් බේකර් වගේ අය මතක් උන කීප දෙනෙක්.

      Delete
    3. ඇයි ගෝල්ඩ්ස්මිත්, බ්ලක්ස්මිත් ?

      Delete
  23. එතකොට බං ආතර් අයියා පෙන්ෂන් ගියාට පස්සෙ ‘ක්ලාක්‘ කෑල්ල හැලිලා ‘රිටයඩ්‘ කිව්වද?

    ReplyDelete
    Replies
    1. ඒකත් ලෙස්ලිගෙන්ම තමයි අහලා බලන්න ඕනේ.

      Delete
  24. හරිම ලොල් සහගතයි !!! හික් හික්
    ලෙස්ලි වගේ එවුන් තමයි රටට දැයට වැඩදායී මිනිස්සු!

    ReplyDelete
    Replies
    1. ලෙස්ලිගේ අනිත් කතාවත් කියවලා බලන්න.

      Delete
  25. ඉස්පොල්ලෙත් ගියා.ලෙස්ලි වගේ එවුන් ඔෆිස්වල ඉන්නම ඕන එවුන්.

    ReplyDelete
    Replies
    1. හරිම ප්‍රියමනාප පුද්ගලයෙක්. සියලු දෙනා අතර ජනප්‍රියයි.

      Delete
  26. ලොලේ ලොල් සුදීක බයියා. එළ තමා. ජය වේවා!

    ReplyDelete
  27. මෙලෝ කැම්පස් එකකට නොගිය අයටත්..ආචාර්ය පට්ටම් ලැබෙන එකේ..ඔන්න ඔය ප්‍රොමෝෂන් නැති එක ගැන කම්පා නොවී ඉමු නේද..?

    කතාව නම් ශෝක් ..

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...