Saturday, July 27, 2013

මා ආ මග දැනගන්න එන්න ....

"මා ආ මග" කිව්වම ඔබට අලුත් දෙයක් නොවන බව මම දන්නවා. බස් රේඩියෝවේ පවත්වන  ඉරිදා රාත්‍රී සජීවී වැඩසටහන තමයි "මා ආ මග". මේ වනවිට මෙහි වැඩසටහන් තුනක් පවත්වලා තිබෙනවා. මා ඒ වැඩසටහන් තුනටම සවන් දුන්නා.  ඒවා ඉතා සාර්ථක, ඒ වගේම අපේ එදිනෙදා කටයුතු වලට වැදගත් තොරතුරු දැන ගැනීමට ඉවහල් වූ බව සඳහන් කල යුතුයි. 

මගේ බ්ලොග් අඩවිය සමග එකතු වී සිටින ඔබ මාගේ රැකියාව කුමන ආකාරයේ එකක්දැයි මේ වනවිටත් දන්නාවා ඇති. මේ වනවිටත් ලිපි කිහිපයකින් ATM ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් ගනුදෙනු පිලිබඳ ගැටළු සහ සාමාන්‍ය දැනීම් බෙදාගෙන තිබෙනවා. ඇත්තටම ඒ සඳහා ඉහල ප්‍රතිචාර ලැබුණා. නමුත් ඒවා නොකියවූ ඒ වගේම බ්ලොග් නොකියවන එහෙත් බස් රේඩියෝවට ඇහුම්කන් දෙන රසිකයන් සැමත් සමග  මාගේ වෘත්තීය දැනීම බෙදා ගන්න මම එනවා මේ ඉරිදා බස්රේඩියෝවේ "මා ආ මග" වැඩසටහනත් සමග. ඔබටත් එවැනි ගැටලු කොතෙකුත් ඇති. 

මේ වනවිට ඔබට ගැටළුවක් ව පැවති දේ, ඒ වගේම නොදන්නා දේ ගැන දැන ගන්න ඔබේ ගැටලුත් ඉදිරිපත් කරන්න 28 වැනි ඉරිදා රාත්‍රී 8:30 ට බස් රේඩියෝවත් සමග එක වන්න.




63 comments:

  1. මට අලුත් බස් එකේ චැට් වැඩ නැති නිසා කාලෙකින් ඒ පලාතක ගියේ නැහැ. හෙට වෙන ඩොන්ගලේකින් වත් ට්‍රයි එකක් දීලා බලමු. ජය !!

    ReplyDelete
    Replies
    1. මං වෙනුවෙන් කරන කැප කිරීමට ස්තුතියි.

      Delete
  2. බලමු නෙමේ අහමු.
    අවස්ථාවක් පුලුවන්නම් දෙන්න අසන්නන් ගේ ඉල්ලීම් වලට බස් රේඩියෝව.

    ReplyDelete
    Replies
    1. ස්කයිප් එකෙන් එකතු වෙන්න පුලුවන් කිව්වා.

      Delete
  3. Replies
    1. බොහොම ස්තුතියි.

      Delete
    2. රසික මලයෝ අපට මේ කතාවට එක් වෙන විදියක් කියමුද බලන්න. තප පැය කියද තියෙනේනේ

      Delete
  4. ඔකට පිටරටකින් උනත් ෙකා්ල් කරන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. පුළුවන් ස්කයිප් හරහා.

      Delete
  5. ගිය සතියේ ඉදන් බලන් හිටියේ හෙට ගොඩවදින්නම්. බස් කොල්ලනේ අසන්නන්ටත් ප්‍රශ්න අහන් අවස්ථාවක් දෙන්න.

    ReplyDelete
    Replies
    1. අවස්ථාවක් තියෙනවා ස්කයිප් හරහා.

      Delete
    2. ස්කයිප්ද ගුගල් හැගඅවුට්ද

      Delete
    3. ස්කයිප් අයි ඩි එක දෙන්න

      Delete
  6. අහමුකො ඒකත්

    "මග කෙටියි යායුතු මග දුරයි"

    ReplyDelete
  7. අහන්න එන්නම්... ඉස්සර නම් ඉරිදා රාත්‍රියේ නිශාන්තය ඇහුවා ඊට පස්සේ එන්න බැරිවුණා.

    ReplyDelete
    Replies
    1. එන්න. දයා එන එක වටිනවා.

      Delete
  8. අද රෑට නෙද? අහන්න එන්නම්

    ReplyDelete
  9. දයා ඇයි ගියේ කියලා අහන්න බැරිද ? :D

    ReplyDelete
    Replies
    1. දැනුයි තේරුණේ. මගෙන් නම් අහන්න එපා.

      Delete
  10. Replies
    1. එන්න අනිවාර්යයෙන්ම

      Delete
  11. මචං හෙට ස්කයිප් එන් කරන් එපා ඒ වෙලාවට කෙලවෙනවා

    ReplyDelete
  12. බලමු...අපිට ප්‍රශ්න ඇහුව හැකිද? :D

    ReplyDelete
  13. මා ආ මග පළවෙනි එක, අටම් එක්ක කරපු ප්‍රෝග්‍රැම් එක විතරයි මට තාම හරියකට අහන්න හම්බුනේ.. ඒක නම් කම්මැලියි.. දෙවනි එක මිස් උනා.. තුන්වෙනි එකත් කම්මැලියි.. මං ටික වෙලාවක් අහලා නිදිමත හින්දා අතෑරියා... බොරු මොකටද... හි හි...

    අටම් අවිත් මැෂින් ගැනම කියෝ කියෝ හිටියා.. එයාගේ මැෂින් ගැන දාන පෝස්ට් උනත් ඒ ප්‍රෝග්‍රෑම් එකට වඩා සජීවියි... ඔයත් ඇවිත් බැංකු ගැනයි කෙඩිට් කාඩ් ගැනමයි කියෝ කියෝ ඉන්න නං එපා සුදීක අයියේ... ඔන්න කලින්ම කිව්වා...

    මුලදිම ඇත්ත නම් වලින්ම කතා කරන එක නං හරියන්නේ නෑ කියලා මං කිව්වේ.. කවුද බොලේ දුලීප් සිකුරාජපති, ලක්මාල් කන්දෙවිදාන කියන්නේ කියලා මං හොල්මන් උනා... බලද්දි මේ ඕනයයි අටමුයිනේ... දැන් ඒ සිස්ටම් එක වෙනස් කරලා කියලා ඇඩ් එක දැක්කම පේනවා... ඒ අවුල හරියයි කියලා දැන් නං මට හිතෙනවා... තුන්දෙනෙක් ඉන්නවනේ ප්‍රශ්න අහන්න.. සුදීක අයියට ලේසි වෙන එකක් නෑ.. හි හි

    ReplyDelete
    Replies
    1. උදේ බැලුවට පස්සේ දැන් තමයි කමෙන්ට් බැලුවේ.

      Delete
    2. මට අහන්න බැරි උනා... අපේ ගෙදට්ට නෑයෝ සෙට් එකක් ආවනේ.. මට කොම්පීතර රාජයට නිවාඩුවක් දෙන්න උනා... සුදීක අයියා ඕඩියෝ ක්ලිප් එකක් හරි දාන්න...

      Delete
    3. ලැබෙනකම් බලාගෙන ඉන්නේ.

      Delete
  14. හොඳයි හොඳයි කියමුකො බලන්න.

    ReplyDelete
    Replies
    1. ඔයා ආව දවසට තමයි ආතල්.

      Delete
  15. බස් රේඩියේ අහන විදය කියන්න.

    ReplyDelete
    Replies
    1. අනේ සොරි මලයා දැන් තමයි බැලුවේ.

      http://www.buzzradio.lk/

      Delete
  16. සෙට් වෙන විදිය ගැන පුලුවන්නම් ලින්ක් එක දාන්න සුදීක.

    ReplyDelete
    Replies
    1. අයියෝ කෙන්ජි අයියේ දැන් දැක්කේ. ඒ වුණත් ඔයා ඇවිත් ප්‍රශ්ණ අහපු එකට ස්තුතියි.

      Delete
  17. දැනුයි දැක්කේ මැච් එක අස්සේ ඒකත් අහමු

    ReplyDelete
    Replies
    1. මට මැච් එක මිස් වුණා.

      Delete
  18. නියමයි සුදික ටිප් ටොප් එකට වැඩේ ගියා.මම හිතන්නෙ ගොඩක් අයට ප්‍රයෝජනවත් වුනා ප්‍රශ්නවලට ලැබුනු පිළිතුරු වලින්.
    පිළිතුරු සපයමින් කරන සාකච්චාවක් ඉතා කදිම අන්දමින් BUZ රේඩියෝව මෙහෙයුව.
    ඒ වගේම ඔබ තෝරාගත් ගීත මම වගේම අනිත් සියලු දෙනා රස වින්ද කියල දැනුන කොමන්ට් වලින්.
    ඔබ සමග සාකච්චාව පැවැත්වූ තරුණ ගැටයා කවුද?
    ඔහුට නිවේදකයකුට අවශ්‍ය කටහඩ ඇතුලු සියලු ලක්ෂණ පිහිටා ඇතැයි මම සිතමි.

    ReplyDelete
    Replies
    1. වැඩසටහනට සවන් දුන්නාටත් කමෙන්ට් වලටත් ස්තුතියි කෙන්ජි.

      සාකාච්ඡාව පැවැත්වූ තරුණ මහතා ඕනමැන්ටල් බ්ලොග් එක ලියන දිලිප් සිකුරාජපති නොහොත් ඕනයා.

      Delete
  19. මං අහන්න හැදුවට හරි ගියෙ නෑ. පස්සෙ නිකං හිටිය. අර අටම් ගෙ වැඩසටහන වගෙ මේකෙත් ඕඩියෝ ක්ලිප් එක දාන්න සුදීක අයියෙ..

    ReplyDelete
    Replies
    1. තවම මට ලැබුණේ නෑ. ලැබුණ ගමන් දානවා.

      Delete
  20. Replies
    1. No problem. I will upload the sound clip once I get.

      Delete
  21. ලබන ආත්මෙවත් බලමු...

    ReplyDelete
    Replies
    1. බලන්න බෑ බං මේක රේඩියෝ ප්‍රෝගැම් එකක්නේ.
      ලබන ආත්මේවත් අහන්න බලමු..:D

      Delete
    2. හෙක් හෙක්. දේශකයා එන එකනම් මම වරද්ද්දනේ නැතිව අහනවා.

      Delete
  22. ජීවිතේට අහල නෑනේ ඔය බස් රේඩියෝව! ඒකෙත් හැටි.

    ReplyDelete
    Replies
    1. සිරාවට බං මාත් එහෙමයි...

      Delete
  23. අදයි දැනගත්තෙ මචං. link එක දාන්න.

    ReplyDelete
  24. Replies
    1. කලින් තමයි දැම්මේ. ඔයා දකින්න ප්‍රමාද වෙන්න ඇති.

      Delete
    2. මට ඉත්න්TV, Radio,internet,Laptop නැහැනේ පැරනි වැඩසටහන් අහන්න පුළුවන් ලින්ක් එකක් දෙන්න.

      Delete
  25. ayiyo post eka dakinakota welawa panala. link ekak nadda?

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක ලැබෙන කං බලන් ඉන්නේ.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...