Friday, July 12, 2013

තඹාට නමක් ......

බොහොමයක් පත්තර වල තියෙන කොලමක් තමයි "බබාට නමක්" කියන එක. අලුත උපන් තම බිලිඳාට නම් දාන්න බලන් ඉන්න අය ඉතිං මේ වගේ පත්තර පිටු ගොඩ ගහගෙන ඒවායේ තියෙන නම් වලින් අරකට-මේකට හැම දේකටම ගැලපෙන නමක් හොයලා අන්තිමට අර පොඩි එකාට අවුරුදු 15 වත් වෙනකං හරියට කියව්ගන්නත් බැරි, ලියා ගන්නත් බැරි නමක් දානවා. අහුබුදු ශූරීන් සහ එතුමාගේ දුව වගේ අය අය ජීවිකාව කර ගත්තේ අපේ අයගේ තියෙන මෙන්න මේ දුර්වලතාව කිව්වොත් වඩා නිවැරදියි. 

මගේ මාතෘකාව බලපු ඕනෑම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක ටයිපින් මිස්ටේක් එකක් කියලා. නැහැ. එහෙම නෙවෙයි. මේ තඹා කියන්නේ බබාට නෙවෙයි. එතකොට මොකාටද තඹා කියන්නේ? අපේ සමාජේ ඉන්නවනේ ඕනෑම දෙයක් කෙටි කරලා පහසුවට කියන අය. එයාලා මෙන්න මේ වගේ කොට කරපු නමක් තමයි මේ තඹා. අර ලැප්ටොප් එකට ලැපා, සෙල් ෆෝන් එකට සෙල, සන්ග්ලාස් එකට සඟ වගේ තම්බ් ඩ්‍රයිව් එකට කියන ඒ වගේ නමක් තමයි තඹා.

පින්තුරය ගත්තේ www.topfreebiz.com

මේ තම්බ් ඩ්‍රයිව් එකටත් කියන නම් ගොඩාරියයි. තම්බ් ඩ්‍රයිව්, ෆ්ලෑෂ් ඩ්‍රයිව්, පෙන් ඩ්‍රයිව් ආදී තවත් නම්. මේ කුලකයටම අයත් වෙන තව එකක් තමයි පොර්ටබල් හාර්ඩ් ඩිස්ක් (Portable Hard Disk). මේවායේ තියෙන පොදු ලක්ෂණය තමයි USB හරහා සම්බන්ධ වීම. 

බොහෝ දෙනෙකුට තියෙන ගැටළුවක් තමයි මේ තඹා නැති වීම. මේක එන්න එන්නම පුංචි වෙලා දැන් නිකක් අඹ පොත්තක් ගානට පොඩි වෙලා තියෙන නිසා මේක නැති වෙන ප්‍රවනතාව වැඩියි. එකට බොහෝ දෙනා කරන්නේ අර "උර චක්‍ර මාලයක්" මේකට ගැට ගහන එක. ඒ වුණාට ඒක හරිම කරදරයක් බොහෝ වෙලාවට. 

කිව්වට කී දෙනෙක් විශ්වාස කරයිද මන්දා, මම මේ වෙනකොට තඹාලා දෙන්නෙක්ම ඇහිඳලා තියෙනවා. එයින් එකක ඔය කියන මාලේ තිබ්බා. ඒ තිබිලත් තමයි වැටිලා තියෙන්නේ. මම පුදුම උත්සාහයක් ගත්තා ඒකෙ තියෙන ඩේටා වලින් අයිති කාරයාගේ තොරතුරු හොයන්න කිසිම ඵලක් වුණේ නෑ. දෙවෙනි එක 4GB අලුත්ම එකක්. ඒකෙ කිසිම තොරතුරක් තිබුණේ නෑ. අන්තිමට මේ දෙකේම අයිතිකාරය මම බවට පවත් වුණා. 

මෙහෙම නැති වෙලා, අහුලපු කෙනා දෙන්න කැමති කෙනෙක් නම් ඒ වගේ තොරතුරක් ඔබේ තම්බ් ඩ්‍රයිව් එක තුල තිබුණා නම් ලැබෙන අවස්ථාව ටිකක් වැඩි වෙනවා. අද කාලේ බොහෝ දෙනෙක් මේවා ආපසු ලබා දෙන්න කැමතියි. එහෙමමත් කෙනෙක් තමයි නොදෙන්නේ. අනික මේ තම්බ් ඩ්‍රයිව් වල තිබෙන්නේ ඔබගේ දරුවාගේ මුල්ම උපන්දිනයේ ඡායාරුප වෙන්න පුළුවන්. එහමත් නැතිනම් ඔබේ ආයතනයේ රහස්‍ය හෝ සංවේදී දත්ත වෙන්න පුළුවන්. නමුත් ලැබෙන කෙනාට මේ කිසි දෙයක් වැදගත් වෙන්නෙත් නැති වෙන්න පුළුවන්.

මම කල්පනා කළා මේකට විසඳුමක්. මොකද මමත් බොහෝ වෙලාවට කොහේ හරි මේවා ගිහින් සවි කලොත් ආපසු ගලවා ගන්න අමතක වෙන ජාතියේ කෙනා. මට හිතුණා මේ පෙන් ඩ්‍රයිව් වලට දාන්න හොඳම නම (ඒ කියන්නේ Kingstan, Nano  වගේ නම රීනේම් කරලා) ඔබගේ ජංගම දුරකතනයේ අංකය කියලා. මමත් දැනට ඔය වැඩේ කරලා තියෙනවා.

එතකොට අපේ කාන්තා පාර්ශවේ අයට එක පාරටම හිතෙන දෙයක් තමයි "මේක නම් ඉල්ලන් කන්න වෙන වැඩක්" කියලා. අනිවාර්යයෙන්ම ඒකත් එහෙමම තමයි. අද කාලේ කෙල්ලෙක්ගේ මොබයිල් නම්බර් එක හම්බ වුනොත් මොනවද නොකරන්නේ. ඒකටත් පොඩි විසඳුමක් මම කල්පනා කළා. නෝට්පෑඩ් එකෙන් ෆයිල් එකක් ඇරලා ඒකෙ අයිතිකරු වෙත නැවත එය එවිය හැකි විස්තරය දාලා, ඒ ෆයිල් එක returninfo.txt විදියට නම් කරලා සේව් කරන්න. "ඉතිං දෙකම එකයිනේ" කියලා යලිත් ඔබට හිතෙන්න පුළුවන්. 

එහෙනං ඉතිං තමන්ගේ දුරකථන අංකය නොදා තමන්ගේ සැමියාගේ, පෙම්වතාගේ, පියාගේ, අයියාගේ, මාමගේ,මල්ලිගේ අංකය ඒ වෙනුවට යොදන්න. නැතිනම් returninfo.txt එකට යොදන්න. මේ පහලින් තියෙන්නේ  ආදර්ශ   returninfo.txt එකක්. 


මෙහෙම කරලා බලමු. නොදෙන කෙනා කොහොමත් දෙන්නේ නෑ. අපි වගේ කෙනෙකුට හමු වුනොත් ලැබෙන්න තියෙන අවස්ථාව වැඩියි. 

අනෙක දැන් පෙන් ඩ්‍රයිව් වල පාස්වර්ඩ් එකක් මගින් සඟවා තබන්න පුළුවන් කොටසක් තියෙනවා. ඔබගේ රහස් ඒ වගේම සංවේදී දත්ත ඒ කොටසේ තබන්න වග බලා ගන්න. අර පොදු කොටසේ මේ ෆයිල් එක පමණක් තිබුණත් වරදක් නෑ. 

මේ returninfo.txt කියන එක ට්‍රෙන්ඩ් එකක් බවට පත් කලොත් හරියටම හරි. එතකොට ඕනෑම කෙනෙක් දන්නවා මේ ෆයිල් එකේ තියෙන්නේ අවශ්‍ය කරන දේ කියලා. හරියට අර ඔබගේ ජංගම දුරකථනයේ ICE කියලා හදිසි ආපදාවකදී(In Case of Emergency) දැනුම් දෙන්න අවශ්‍ය අංකය වගේ මේකත් පුරුදු දෙයක් කරමු. එහෙම කලොත් අපි හැමෝටම ප්‍රයෝජනවත් වෙයි. 

ඔබ සතුව තම්බ්ඩ්‍රයිව් තුන හතරක් තිබෙනවා නම්, දුරකථන අංකය සමග A,B,C,D වශයෙන් ඒවා නම් කරන්න පුළුවන්. 

75 comments:

  1. අන්න වැදගත් අයිඩියා එකක්. අප්පා මොලේ වැඩ තනිකර ම තියෙන්නේ එන්සයිමද?? පෑනක් නැති උනාම තමා ඒකේ දුක දැනෙන්නේ. පට්ට අනාතයි නෙව.. මාත් ඕක කරල දානව අනිවා..

    ReplyDelete
    Replies
    1. මේක පර්යේෂණයක් වශයෙන් අපි කරලා බලමු. කී දෙනෙකුට නැවත ලැබෙනවාද කියලා. ටිකක් සල්ලි තිබුණා නම් ඇත්තටම කරලා බලන්න තිබුනා.

      Delete
    2. ඒ කිව්වේ... තේරුන්නැ

      Delete
  2. අදහස නම් බොහෝම හොඳයි...ඒක නෙවේ ඔයාගේ තඹෙක් මට දෙන්න බැරිද ..? මට එක තඹයි ඉන්නේ :(

    ReplyDelete
    Replies
    1. මම දැනට තඹාලා දෙන්නෙක් පරිත්‍යාග කරලා තියෙනවා. ඔය අහුලපු එකකුත් ඇතුළුව.

      Delete
    2. අපොයි මූ තඹ කෑල්ලක්වත් දෙන්න සුදුසු එකෙක් නෙමෙයි

      Delete
    3. තඹේ ඉල්ලන අයගෙන් මම ඉල්ලන්නේ ෆෝන් නම්බර් එක ඒකට දාන්න.

      Delete
    4. ඇත්තටම දැන් තඹෙක් කීයක් වෙනවද ..? මම කාලෙකින් ඕව ගැන හොයලා බැලුවේ නැහැ..



      හේ හෙහ් හෙහ්හ් ඔන්න මිනිස්සු.. තඹෙක් දෙන්න මනුස්සයෙක් නැහැ ... :D

      Delete
  3. Replies
    1. බොහොම ස්තුතියි. කරලා බලන්න.

      Delete
  4. External hard drives වල ඔය system එකට embed කරලම තියනවා.. සමහර pen drives වලත් තියනවා. ඕක තව ටිකක් වැඩි දියණු කරලා HTML එකකට වගේ ගත්තනම්... තමන්ගේ online contact links ටිකත් දාල... හොඳයි වගේ නේ... එතකොට පෙන් එක ගැහුවා.. click කළා.. අයිතිකාරයාට message එකක් දැම්මා... නැත්නම් message එකක් එන විදිහට හැදුවා.. ;)
    කරලා බලමුද???

    ReplyDelete
    Replies
    1. උඹ කරපං මල්ලියේ ඒ ටික.

      Delete
    2. තඩි නාඩියෝ ඒක දාපං කරන විදිය

      Delete
  5. වැදගත් අදහසක්. මමත් මේක කරන්නම ඕනෙ. මම මගේ සියලු වැදගත් දේ තවත් බැකප් එකක් විදියට එක්ස්ටනල් හාඩ් ඩිස්ක් එකකත් තියන් ඉන්නවා. ඇයි අප්පා නැති වුනොත් ජීවිත කාලෙම කරපු වැඩ එක මොහොතින් ඉවරනේ. ඒ නිසා තඹා නැති වීම නම් මට එච්චර ප්‍රශ්නයක් නෙමේ. මගේ තැනට ආපු අය දන්නවා මම ලැපා එක්ක නිතරම එ. හාඩ් එක සම්බන්ධ කරලමයි තියන්නෙ. ඕනෙම අප් ඩෙට් එකක් එවලෙම එතැනත් සේව් කරනවා. ඕවා පස්සට දැම්මම කෙරෙන්නෙ නැහැ. තඹාට දාගන්නෙ එහෙ මෙහෙ ගෙනියන ඩේටා විතරයි.

    කොයි හැටි වෙතත් තැන් දෙකක තමන්ගේ සියලුම වැදගත් දේ සේව් කරලා තියන්න.

    ReplyDelete
  6. මං නං සාමාන්‍යයෙන් ඕවා නැති කරගන්නේ නෑ.. මොකද ඉතිං කෝකටත් තෛලෙට ඉන්‌ෙන් එකයිනේ....හි හි... ඒත් දැනටත් මගේ පෙන් එකේ නං ඔය වගේ ෆයිල් එකක් තියෙනව.. ‌ෆොන් නම්බර් එක නම් නෑ.. ඊමේල් එක තියෙනවා...

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. වැදගත් අදහසක්. මමත් මේක කරන්නම ඕනෙ. මම මගේ සියලු වැදගත් දේ තවත් බැකප් එකක් විදියට එක්ස්ටනල් හාඩ් ඩිස්ක් එකකත් තියන් ඉන්නවා. ඇයි අප්පා නැති වුනොත් ජීවිත කාලෙම කරපු වැඩ එක මොහොතින් ඉවරනේ. ඒ නිසා තඹා නැති වීම නම් මට එච්චර ප්‍රශ්නයක් නෙමේ. මගේ තැනට ආපු අය දන්නවා මම ලැපා එක්ක නිතරම එ. හාඩ් එක සම්බන්ධ කරලමයි තියන්නෙ. ඕනෙම අප් ඩෙට් එකක් එවලෙම එතැනත් සේව් කරනවා. ඕවා පස්සට දැම්මම කෙරෙන්නෙ නැහැ. තඹාට දාගන්නෙ එහෙ මෙහෙ ගෙනියන ඩේටා විතරයි.

    කොයි හැටි වෙතත් තැන් දෙකක තමන්ගේ සියලුම වැදගත් දේ සේව් කරලා තියන්න.

    ReplyDelete
    Replies
    1. මේවා නැති කාලවල අපේ වැදගත් දේ කොපමණ සැඟවිලා ගියාද?

      Delete
    2. මෙහෙමයි..ඔය දේ ගැන වැඩිපුර විශ්වාසය තියන්න එපා... online storage වලට යන්න.. දැනට තියෙන හොඳම විසදුම ඒකයි...

      Delete
    3. එකනම් ඇත්ත ..cloud service එකක් පාවිව්චී කරන එක තමා හොඳම... SugarSync හොඳයි. ෆොල්ඩර් පිටින් බැක්-අප් කරන්න පුළුවන්.Syncing හින්දා දෙසැරේ දෙසැරේ සේව් කරන්න වුවමනාවකුත් නැහැ.

      Delete
    4. මහ වෙදනා මහතා,

      හරිම වැදගත් අදහසක්. මගේ research එකක් save කරගන්න බැරි වෙලා එහෙම පිටින්ම චක බ්ලාස් උනානෙ. හැබැටම ඔය එක්ස්ටනල් හාඩ් ඩිස්ක් එකක් කියක් විතර වෙයිද?(අපිට ගන්න පුළුවන් මෙලක තියෙනවාද?)

      Delete
    5. සමරසේකර මහත්තයෝ පොඩ්ඩක් මේක බලන්නකෝ...මිළ ගණන් ගැන සාමාන්‍ය අවොබෝදයක් ගන්න මෙතැනින් පුළුවන්..
      http://www.ebay.com/sch/External-Hard-Disk-Drives-/131553/i.html

      Delete
  9. බොහෝම වටිනා දැණුවත් කිරීමක්. අර සොෆ්ට්වෙයා සයිට් ලියන් උන්වත් මේ වගේ වැදගත් දෙයක් ලියන්නෙ නෑ. කොහේ හරි තියෙන මලදානයක් දාලා පෝස්ට් එකක් දානවා. එවා ඩවුන් ලෝඩ් කරන්න ගිහින්. එක සැරයක් මගේ කොම්පියුටරේටත් කෙල වෙලාම ගියා.

    පෙන් ඩ්‍රයිව් එක නෙමෙයි, ඩොන්ගල් එක ගැන මම ලියපු කවියක් මෙතනින් බලන්න...

    http://maathalan.blogspot.com/2011/10/internet-dongle.html

    ReplyDelete
    Replies
    1. රෑ බදුල්ලෝ ගැන කවි ටික බැලුවා. නියමයි.

      Delete
  10. ඉතාමත්ම වටිනා අදහසක්. මෙතෙක් මේ වගේ අදහසක් කිසිවෙකුට ඉදිරිපත් වෙලා නෑ. අදම කරනවා වැඩේ.

    ReplyDelete
    Replies
    1. නිකමට විසි කරලත් බලන්න.

      Delete
  11. ඔන්න මමත් අදම නෑ නෑ දැන්ම මගේ පෑනට දානවා මගේ ජංගම දුරකථන අංකය. බොහොම ස්තුතියි සුදීක.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. දැන් අඩුම ගානේ අපේ බ්ලොග් සහෘද්ධයෝ ටිකවත් මේ දේ කරයි නේ.

      Delete
  12. නියම අදහසක් නේ.. මාත් දැන්ම දාගන්නවා... හැබැයි 1TB වගේ හර්ඩ් එකක් නැති උනොත් ආයේ හම්බවෙන්න චාන්ස් එක නම් ඉතින් බිංදුවයි .. සුදික අයියා වගේ කෙනෙකුටම හම්බවේවා කියල දාගනනව කොකටත්..

    ReplyDelete
    Replies
    1. දාලා විසි කරලත් බලන්න. :)

      Delete
  13. ෂා..ෂා..එක තඹෙක් හරි හිටියනම් වැඩේ කරලා බලන්න තිබුනා. අහුලපු දෙකෙන් යාළුවෙක්ට දුන් නැති එක තාම වැඩිය පාවිච්චියක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. බලපල්ලා මුන් ඒකත් මගෙන්ම ඉල්ලනවනේ. ෆෝන් නම්බර් එක දෙන්න මම ඒක රීනේම් කරන්නම්.

      Delete
  14. අපි ඉතිං ඕව කොහේට දාන්නද? මමනං මේ වෙනකල් ඔය තඹෙක් පාවිච්චි කරල නෑ. :D

    ReplyDelete
    Replies
    1. ඇයි ඩුප්ලෝ මැෂිමට ගහන්න බැරිද?

      Delete
    2. ප්‍රසා ගාව තියෙන ඒවාට ගහන්න පුළුවන් කරන්ට් වයර් එක විතරයි. සුදීක විකාර කියවනවා. උඹ ගනං ගන්න එපා ප්‍රසා ඕවා..

      Delete
    3. ඒකට ගහන්න පුලුවං ඔය දේශකය කියල තියෙනව වගේ කරන්ට් වයර් එක විතරයි. :D

      Delete
  15. ආ ඔය අහුවුනේ මගේ නැතිවුන 4 ජිබි තබා
    ඕක නැතිවුනේ වීසා කාර්ඩ් සෙන්ටර් එකකදී

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් ලංකාවේ වීසා කාඩ් සෙන්ටර් කීයක් තියෙනවා කියලද හිතන්නේ ?

      Delete
  16. මමනම් දැන් බොහොම කාලෙක ඉඳන් මගෙ කී ටැග් එකේ ෆෝන් නම්බර් එක ලියලා එල්ලලා තියෙන්නෙ.. මට තඹෙක්නම් නෑ.. එහෙම් මෙහෙන් හම්බෙච්ච ඒවත් එක එකාට දීලම නැති වෙලා ගිහින්..

    ඔය තම්ඹු ගැන කතා කරන්න ගිහින් අපේ ඔෆිස් එකේ එකෙක් දවසක් මරු යෝජනවක් කළා.

    මම : ඕවයෙන් වෛරස් වුනත් ට්‍රාන්ස්මීට් වෙන්න පුළුවන්.. ඒක හින්දා ස්කෑන් කරලා පාවිච්චි කරන එක හොඳයි..

    අරූ : වෛරස් එන්නෙ කොහොමද ඔයාගෙ කම්පියුටර් එකෙන් විතරක් පාවිච්චි කළාම... ???

    මම : @@#$%%&&ඓ#( :D

    ReplyDelete
    Replies
    1. එයා කියන්නේ වෙන තඹේක් ගැන වගේ :)

      Delete
    2. නෑ නෑ මිනිහා කිව්වෙ මේ තඹා ගැනම තමා..හැබැයි මිනිහට පැටලුනා...ඒකෙන් කරණ කාර්‍යය අමතක වුනා..

      Delete
  17. ඉතා හොද යෝජනාවක්.හැබැයි මතක තියාගෙන මාසෙකින් හෝ දෙකකින් ඔබම මෙහි ප්‍රතිපල කොහොමද කියල බලන වැඩකුත් කලොත් තමා හොද.
    අදම දුවට මෙය කරවන්න ඕන.
    නාකි මැන්ටල් අපිට නම් ඉතිං පෙන් බෝල්පොයින්ට් තමා.

    ReplyDelete
  18. හොද අදහසක්

    ReplyDelete
  19. හොඳ විසඳුමක්.

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. අඩෙ මගෙත් එකක් නෑතිඋනා උබ නෙද ඈහින්දෙ.හොද අදහස මචන්

    ReplyDelete
    Replies
    1. එතකොට මුළු ලංකාවේම නැති වුණේ පෙන් ඩ්‍රයිව් දෙකයි. ඒ මම අහිඳපු දෙක.

      Delete
  22. අන්න නියම අදහසක්.... මාත් ක්‍රියාත්මක කරන්න ඕනි ඒක.....

    ReplyDelete
    Replies
    1. ප්‍රතිඵල මටත් දැනුම් දෙන්න.

      Delete
  23. මෙව්වනං මගෙත් නැතිවෙලා තියනවා කීපයක්ම. අදම මේවැඩේ කරලා දානවා.
    ගොඩ වදින්න මේ පැත්තටත්

    ReplyDelete
    Replies
    1. එහෙනම් මේ පාර මේ ක්‍රමේ කරලා බලන්න.

      Delete
  24. තඹයක් ගත්තු දවසට තමයි ඉතින් ඔක කරන්න වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ෆෝන් එකක් තියෙනවනේ. :)

      Delete
  25. ආ මගේ පෙන් ඩ්‍රයිව් එක උඹට හම්බවුනාද? එක්කෝ උඹම තියාගනිංකෝ.

    හොඳ අදහසක් සුදීක. මගේ එක නම් මගේ නමට rename කරලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. උඹ ලංකාවට ආපු වේලාවේද නැති වුනේ ? රීනෙම් කරලා තියෙන්නේ ඩුඩා කියලද ?

      Delete
  26. හොඳ කරුණු තියෙන ලිපියක්. මගේ අතිනුත් එක සැරයක් තම්බෙක් නැති උනා.දැන් දෙවෙනි එක තමයි තියෙන්නෙ.එක පරිස්සම් කරගන්න මේ උපදෙස් පිලිපදින්නම ඕනෑ. මම නම් තඹේ පාවිච්චි කරන්නේ මම ලියන ලිපිවල prints out ගන්න.

    ReplyDelete
  27. මගෙ යාලුවෙක්ගේ external hdd එකක් දැන් සති දෙකකට කලින් නැතිවුනා. අපේ office වලට එන්න ඇතුලට එද්දි සපත්තුවෙ පටන් අතේ පයේ තියෙන හැම දෙයක්ම (ඇඳුම් ගලවන් නැ හරිද)ගලවලා ස්කෑනර් එකක් ඇතුලෙන් එවලා තමයි අපිත් චෙක් කරන් එන්නේ. මේ යාලුවා ඒ ටික චෙක් කරලා fit-on room එකට එනකමුත් ගෙනල්ලා එතනදි ඒ හාඩ් ඩිස්ක් එක දාලා ඇවිත්. ඉතින් නැතිවුන බව දැනගෙන ආයෙත් ගිහින් බලපුවාම එතන නෑ. හිටපු අය කිවේ fit-on room එකට ආපු වෙන කෙනෙක් අරන් යන්න ඇති කියලයි. ඉතින් අපේ නොසැලකිලිමත්කමත් මේ වගේ දේවල් වෙන්න හේතු වෙනවා...

    ReplyDelete
    Replies
    1. අමතකවීම ස්වභාවික දෙයක්. ඒක ඕනෑම කෙනෙකුට වෙන්න පුළුවන්.

      Delete
  28. තබය අහුල ගත්ත කෙනුකුට අයිතිකාරයාගේ විස්තර තියනවා දැක්කහම එයාගේ හර්ද සාක්ෂිය බලකරනවා ඒක ආපහු අයිතිකාරයට බාරදෙන්න. නැත්නම් ගොඩක් අය බලන්නේ ඒක නොදී ඉන්න. එහම බලපුවාහම සුදීක අයියාගේ අදහස මිනිසුනන්ට හොද පුරුද්දක් ඇතිකරගන්නත් උදව් වෙනවා

    ReplyDelete
    Replies
    1. මේක හුඟක් දෙනෙක් අතරට ගෙනියන්න අවශ්‍යයි. නැතිනම් බ්ලොග් අවකාශේ ඉන්න අය විතරයි මේක දන ගන්නේ. මම කැමතියි කවුරු හරි මේක පත්තරයක පල කරනවානම්. නලීන් මොකද කියන්නේ ?

      Delete
  29. මම සෙංකෝලයා වෙමි. අමාරුවෙන් බ්ලොගක් හදාගත්තත් කිසිවකු එය කියවන්නට එන්නේ නැ. ඊයේ රෑ ලක්මාල් කන්දේවිතාන අයියා උපදෙස් ටිකක් දුන්නා ඒ ගැන. මේවා සින්ඩිවලට දාන හැටි කවුරු හෝ කියලා දෙන්න මට.
    ඒ වගේම පොඩි වෙලාවකට හෝ ගොඩ වැදිලා මගේ අඩුපාඩුත් කියල දීල යන්න. ප්‍රියන්ත මාතලන් මහතා කියනවා සහන්ගෙන් හෝ හිරැගෙන් උපදෙස් ගන්න කියලා. තාම ඒ අය මට සෙට් උනේ නෑ. හැකි කෙනෙක් උදව් කරන්න. මේ ලක්මල් අයියගේ උපදෙස් පිටයි මේක දාන්නේ.
    සෙන්කෝලය 3වැනි ලිපිය මෙතැනින්

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි. මෙතන ඉන්න කාටවත් මුල් කාලයේදී හොඳින් කියවන්නන් ඇවිත් නෑ. මුල් කාලයේදී තරමක් ඉවසන්න වෙනවා. සින්ඩිකේටර් වලට ඉල්ලුම් කරන්න. ඒ අය ඇතුලත් කර ගන්නෙත් ටිකක් කල් අරගෙන. ෆේස්බුක් සමූහයන් කිහිපයකුත් තියෙනවා. ඒ තැන වලත් ඔබේ ලින්ක් එක දමන්න. මේ වගේ කමෙන්ට් එකක් විදියට එකතු කරන එකත් හොඳයි.

      Delete
  30. මම මගේ තියෙන තරමක් සහතික වල softcopy ඔක්කොම ගෙන තබක්කකට දාගෙන මෙහෙට ඇවිත් දවස් 2න් එක නැතිඋනා ..... එදාසිට මමනම් නෙවි ඔය ඇහැට පෙන්නේ නැති කැලි ලග තියාගන්නේ........

    ReplyDelete
    Replies
    1. එහෙමනම් හරි යන්නේ පෝටබල් හාර්ඩ් ඩිස්ක් එකක්.

      Delete
  31. අවංක මිනිසුන් ඉන්නාතුරු ඔය වැඩේ සාර්තක වෙන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. අවංක නැති කෙනෙකුගේ වුනත් හිතවතෙක් හිටියොත් අවංක යාලුවෙක් හිටියොත් පොළඹවන්න පුළුවන්.

      Delete
  32. ජංගම දුරකථන අංකය වඩාත් සාර්ථක නැද්ද? මොකද අපේ කැම්පස් එකේ හැමෝම වගේ එහෙම කරලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ජංගම දුරකථන අංකය කෙනෙක් එක පාරටම දැකලා තේරුම් ගනී කියලා විශ්ව්වාස කරන්න අමාරුයි. ඒකයි මේ වගේ ෆයිල් එකක් දාමු කියලා හිතුවේ.

      Delete
  33. මගෙ එවුව මං සරත් 1 ,2 ,3 කියල නම් කරං ඉන්නෙ. හැබැයි ඔය කියන එක හරි.. හොඳ එකෙකුට හම්බ උනොත් දෙයිනෙ..
    කාට හරි කියන්න පුලුවන්ද තම්බ් ඩ්‍රයිව් එකක රයිට් ප්‍රොටෙක්ශන් අයින් කරගන්න හැටි ? මේකෙ ස්විච් එකෙක් නෑ.

    ReplyDelete
  34. බොහොම වටිනා කියන අදහසක්. මගේ නම් පෙන් ඩ්‍රයිව් හුඟක් වෙලාවට නැතිවෙන්නේ මොකක් හරි ප්‍රින්ට් කරගන්න ගිය වෙලාවක කැම්පස් එක ගාව තියෙන කොමියුනිකේෂන් එකක. හැබැයි ඉතින් පහුවෙනිදා යද්දිත් උන් ඒක පරිස්සම් කරන්ගෙන ඉදලා මට දෙනවා

    ReplyDelete
    Replies
    1. ගේන්න අමතක වෙනවා නම් අර කරේ දාන උරචක්‍ර මාලාවක් දාගෙන එක ෂර්ට් එකේ බොත්තමක වත් පටලවා ගන්න. එතකොට නැගිටිනකොට දැනෙනවා.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...