Thursday, July 4, 2013

වීදියේ පියා ......

පසුගිය 27 වෙනිදා ඩේලි නිවුස් පත්‍රයේ පිටු පෙරලාගෙන යන අතරතුර එහි ළමා පිටුව මගේ ඇස සොරා ගන්නට සමත් විය. ඒ එහි මුලින්ම සඳහන් වැකිය වූ මාර්ටින් ලුතර් කින්ග්ගේ ප්‍රකාශයක් වූ "Life's most urgent question is : What are you doing for others?" (ජීවිතයේ වඩාත් අත්‍යාවශ්‍ය ප්‍රශ්නය වන්නේ : ඔබ අන්‍යයන් වෙනුවෙන් කරන්නේ කුමක්ද ?) නොව, එහි දකුණු පසින් වූ Great Minds නමැති ලිපි මාලාවේ අවසන් කොටසටය. ඒත් සමගම මගේ මතකය 1998 තෙක් අතීතයට දිව ගියේ නිතැතිනි. 

එකල නිතරම මහජන බැංකුවේ ශාඛා පරිඝනකගත කිරීමේ යෙදුනු අපට, ලංකාවේ යුද්ධය නොපැවති ලංකාවේ  සෑම අස්සක් මුල්ලක් කරා යාමට වරම් උදා වී තිබුණි. මා එය වරමක් ලෙස සඳහන් කරන්නේ, කෙනෙකුට එවැනි අවස්ථාවක් ලැබෙන්නේ කලාතුරකින් බැවිණි. මේ කියන කාල පරිඡ්චේදයේ අප වෙන්නප්පුව ශාඛාවේ පරිඝනකගත කිරීමේ කටයුතු වල යෙදී සිටියෙමු. විවේකී සෙනසුරාදා දිනයේ සවස තුන වන්නට ඇත. මාත් මගේ මිතුරු සුභාෂ් හේවාවිතානත් නගරයට ගමන් ගත්තේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන් කිහිපයක් මිලදී ගැනීමටය. අප දෙදෙනා නගරය දෙසට යන අතරේ සෙනග පොදිකමින් යමක් දෙස බලා සිටිනු දැක, මගේ ඉල්ලීමට අපද 50-75ක් වූ ඒ සෙනග ගොඩට  එක් වුනෙමු. 

එතනින් පසු ආපසු නවාතැන වෙත අප යන්නේ තවත් පැය කිහිපයක් එම ස්ථානයේ පොදි කෑ සෙනගත් සමග ප්‍රීතියෙන් කාලය ගත කිරීමෙන් පසුවය. එදා අප එතන ගත කල ජීවිතයේ තවත් සොඳුරු හෝරා-මිනිත්තු කිහිය පිලිබඳ මිහිරි මතකය නැවත අවදි කරන්නට ඉහත ලිපිය සමත් වන්නේ, ඒ ලිපියෙන් අප ලැබූ අත්දැකීම් වලට වගකිව යුත්තාගේ ඉතිහාසයම ගොනු කොට තිබීම නිසාය. මෙතනින් පසු මේ සටහනට එක වන්නේ ආදිතා දිසානායක ලියූ ඒ අපූරු ලිපියේ පරිවර්ථනයය.

ප්‍රමාද වී ධාවනය වන දුම්රියක් උදෙසා දුම්රිය ස්ථානයක සිටගෙන සිටින අවස්ථාවක් සිහියට නගන්න. එක්වරම ඔබේ අවදානය සොරා ගන්නේ අහම්බෙන් වේදිකාවේ මැදට  දිව එන කෙනෙකි. ඔබ බලා සිටියදී තවත් හත් දෙනෙකු ඔහු වටා එකතු වේ. මොහොතකින් නාට්‍යයක් දිග හැරේ, මොහතකින් තව එකක්, තවත් එකක්. ඒවායේ නම්ද රංගනය මෙන්ම විචිත්‍රය. "රජ දැක්ම",  "මිනිහෙකුට එල්ලිලා මැරෙන්න බැරිද" සහ "පෝලිම" ඒවාය. වීදි නාට්‍ය ලෝකයට ඔබ සාදරයෙන් පිළිගනිමු. 

වේදිකාව වීදිය වෙත ගෙන යාම, ටිකට් පතක් ගෙන එය නැරබීමට හැකියවුන් වෙතින් ඉවතට ගෙන යාම, මාවතට, දුම්රිය ස්ථානයට, ගම වෙත ගෙන යන්නේ ගැහැණු-පිරිමි සහ දරුවන්ට එය නරඹා ප්‍රීති වීමට අවස්ථාව සලසමිනි. නොමිලයේම.  ලංකාවට වීදි නාට්‍ය සංකල්පය හඳුන්වා දුන්නේ ආචාර්ය ගාමිණි හත්තොටුවේගම මහතාය. 

අනුරාධපුරයේදී පළමු වීදි නාට්‍යයේ රඟ දැක්වූ ආකාරය අතීත ස්මරනයක යෙදෙන්නේ කංචුක ධර්මසිරි  මහතාය. දිනය 1974 ජුනි 7 වැනිදාය. රංගන ශිල්ප ශාලිකාවේ සිසුවන් කිහිප දෙනෙකු ඔවුන්ගේ වේදිකා නාට්‍ය ගුරුවරයා සමග අනුරාධපුර දුම්රිය ස්ථානයට පැමිණෙන්නේකොළඹ බලා යාමටය. එම කණ්ඩායම අතර හේමසිරි අබේවර්ධන, පරාක්‍රම නිරිඇල්ල, එච්.ඒ. පෙරේරා සහ නිමල් චන්ද්‍රසිරි විය. "අනුරාධපුරයෙන් පිට වීමට බලා සිටින අතර කණ්ඩායමේ සාමාජිකයන් එක්වරම දුම්රිය වේදිකාවේ අනෙක් මගීන් වෙනුවෙන් නාට්‍යක් රඟ දක්වීමට තීරණය කරනවා" යනුවෙන් ධර්මසිරි මහතා ලියයි. "රඟ දැක්වීම සඳහා කලින් වෙන් කරගත් ප්‍රදේශයක් නොවූයෙන්, හත්තොටුවේගම මහතා ආධාරකයක් කඩුවක් ලෙස ලෙලවා වටේට ගමන් කොට, එක් තැනක් පෙන්වා, අපි මෙන්න මෙතන තමයි මේක පෙන්වන්නේ යයි ලකුණු කළේය". ඉන්පසු කණ්ඩායම "මිනිහෙකුට එල්ලිලා මැරෙන්න බැරිද" නාට්‍ය රඟ දක්වනවා. එසේ කරන්නේ දිගටම වෙනස් වන ප්‍රේක්ෂකයන් පිරිසක් වෙනුවෙනි. මන්ද යන-එන දුම්රියට එකතු වන සහ පිට වන අය මෙයට එක් වන නිසාය. ඔවුන් බලා සිටි කොළඹ බලා ගමන් ගන්නා දුම්රියට නළුව්න් ටික එක වන  තුරුම එය රඟදැක්වුණා. 

එසේ ආරම්භ වුයේ ශ්‍රී ලංකාවේ වීදි නාට්‍ය කළාවය. ගාමිණි හත්තොටුවේගමයන් වසර තිහක්ම ඔහුගේ සිසු-සිසුවියන් සමගඑක්ව  තීරණාත්මක ගමනක යෙදින. ඒ 2009 ඔක්තෝබර් 29 වනදා මෙලොවින් සමුගන්නා දවස දක්වාය. පරාක්‍රම නිරිඇල්ල මහතා මෙසේ සටහන් කරයි "ප්‍රබුද්ධයන, අඳුනන, මිතුරණ": "අකීකරු සහ එළිමහන් වේදිකාව අලංකාර අන්තයක් වෙත ගමන් ගන්නා බස් රථයක් වැනිය. අපේ ගුරුතුමා වූ හත්තොටුවේගම මහතා එහි රීයදුරාය".

1938 නොවැම්බර 29 දා ගාල්ලේදී මෙලොව එලිය දකින ගාමිණි කල්‍යානදර්ශ හත්තොටුවේගම  ඔහුගේ මුලික අධ්‍යාපනය ලබන්නේ ගාල්ලේ රිච්මන්ඩ් විදුහලිනි. ඔහු ජී.කේ. හතා, හත්තා යන නම් වලින්ද හඳුන්වනු ලැබිණි. 1956දී ඔහු ලංකා විශ්ව විද්‍යාලයයේ,  පේරාදෙණිය මණ්ඩපයට  ඇතුලත් වෙයි. එහිදී ඉංග්‍රීසි භාෂාව පිලිබඳ ගෞරව උපාධිය ලබයි.

ඉන්පසු යලිත් ගමට පැමිණෙන ඔහු ඉංග්‍රීසි සහ නාට්‍ය ගුරුවරයා ලෙස රිච්මන්ඩ් විදුහලෙන් වෘත්තීය ජීවිතය අරඹයි. 1965 දී ඔහු කැලණියේ විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට එක් වන්නේ  ඉංග්‍රීසි දේශකයකු ලෙසය. අවුරුදු හතලිහක කාලයක් කැලණිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාල වල සේවය කරන ඔහු විශ්‍රාම ගන්නේ 2005 දීය. 

කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පද්මසිරි කුලසේකර මහතාට අනුව ගාස්තු අය කිරීමකින් තොරව ගම් සහ නගර වල වෙසෙන විවිධ කණ්ඩායම් වෙනුවෙන් වීදි නාට්‍ය  දර්ශන පැවැත්වීමෙන් සහ එහි නළු-නිලියන් සඳහා වැඩමුළු පැවැත්වීමෙන් වීදි නාට්‍ය ගුරුවරයෙකු ලෙස සහ නිෂ්පාදකයෙකු ලෙස  ආචාර්ය හත්තොටුවේගම පුරෝගාමී  මෙහවරක් සිදු කර ඇත.   

ඔහුගේ නාට්‍ය පිලිබඳ දායකත්වය  ශ්‍රී ලංකාවේ දේශීය  වේදිකාවට  පමණක් සීමා නොවීය. ඔහුගේ සේවාව විදෙස් රටවල් පවා ලබාගෙන ඇත. 1980 සිට ඔහු ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, නොර්වේ, ජර්මනිය, පිලිපීනය සහ තායිලන්තය ආදී විදෙස් රටවල් ගණනාවකම දේශන, වැඩමුළු, සුහද කථා, සහ වේදිකා නාට්‍ය සඳහා දායකත්වය ලබා දී ඇත. 

ජන සන්නිවේදනය පිළිබඳව ඔහු ලබා දී ඇති දායකත්වයද අතිවිශාලය. ඔහුගේ ශාස්ත්‍රීය දේශන, සාකච්ඡා සහ නාට්‍ය, චිත්‍රපට, පොත් බැරෑරුම් සමාලෝචන මගින් නොමිනිය හැකි සේවාවක් ඉතා පුළුල් දැනුමක් සඳහා දායාද කොට ඇත. 

"චිත්‍රපට විචාරයේදීද ආචාර්ය හත්තොටුවේගම මහතා  ප්‍රමුඛ චරිතයක් විය. චිත්‍රපට විචාර සහ මාධ්‍යවේදීන්ගේ සංගමය බිහි කරලීම සඳහාද ඔහු දායකත්වය සැපයීය. ඒ එම සංගමයේ ආරම්භක සභාපති වරයා ලෙස පත් වීමෙනි. ජනතාව වෙත ලෝක සිනමාව විවර කිරීමෙන් අරමුණින් එම සංගමය ගෞරවයෙන් පිලිගන්නා  විදේශීය චිත්‍රපට ඇතුලත් අන්තර්ජාතික චිත්‍රපට ප්‍රදර්ශන පැවැත්වීය".

විකල්ප වේදිකා සම්ප්‍රදායක් බිහි කිරීමෙහිලා ඔහුගේ දායකත්වය අගය කිරීමක් වශයෙන් ශ්‍රී ලංකා කළා සංගමය අනුග්‍රහයෙන් පවත්වන  රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේදී ඔහු රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබනු ලැබිණි. නැණවත් විද්‍යාර්තියෙකු වශයෙන් දහස් ගණන් සිසුන්ට දැනුම බෙදා දීම, පරිවර්තකයෙකු ලෙස, පරි-නිර්මාණකරුවකු ලෙස ලබාදුන් විශිෂ්ඨ සේවය, නාට්‍යකරුවකු මාධ්‍යකරුවකු ලෙස ලබා දුන් සේවය අගයනු වස් ඔහුට කැලණිය විශ්ව විද්‍යාලයෙන් දර්ශනය පිලිබඳ සම්මාන ආචාර්ය පදවියක් පිරිනමනු ලැබූ බව මහාචාර්ය කුලසේකර පවසයි. ඒ කෙටියෙන් සටහන් කලේ අවිවාදයෙන්ම විසිවන සියවසේ ශ්‍රී ලංකාවේ වැඩිම ජානාදරයට පාත්‍ර වූ අයගෙන් කෙනෙකු වූආචාර්ය ගාමිණි හත්තොටුවේගම මහතා පිලිබඳ කතාවයි.
පින්තුරය ගත්තේ : http://www.dailynews.lk

41 comments :

  1. කිසිවෙකු නොසිතන සේවයක්, මගපෙන්වීමක් කල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විද්වතෙක්, මෙතුමා ඇසුරු කිරීමට ලැබුණු කාලය තුල ලැබූ දැනුම සම්භාරය ජීවිත කාලයම තුළවත් ලැබීමට හැකිවේද යන පැනය තාමත් තිබේ?
    මමත් වීදි නාට්‍ය ගැන පොස්ටුවක් කොටමින් යනවා..

    ReplyDelete
    Replies
    1. හොඳයි ඉවාන් පවුලූෂා. ඔබේ ලිපිය බලන්න මමත් සුදානමින්.

      Delete
  2. මේක කියවද්දී ඔළුවට ආවේ. "mob" කියලා තියන ජාතියත් මේවට සම්බන්දයිද ?

    ReplyDelete
    Replies
    1. ඒ ගැනනම් අවුබෝධයක් නෑ.

      Delete
  3. මමත් එතුමගේ නාට්‍ය රසවිඳලා තියෙනවා වගේම. වීදීයේදි ඒ නාට්‍ය බලලා රසවිඳලත් තියෙනවා. ඔය අන්තරේ උන් පාරවල් බ්ලොග් කරගෙන මිනිස්සුන්ට පනිවිඩ දෙනවට වඩා කරන්නේ මිනිස්සුන්ගේ මල පන්නන එක. ඊට වඩා දෙයක් හත්තොටුවගමලා වීදී නාට්ටියෙන් කලා. උන් අද ඒ වගේ දෙවල් ගැන හිතන්නෙවත් නෑ. හොඳ පිටපත් නැතිනම්, අඩු ගානේ හත්තොට්ටුවගම සර්ගේ ඒවවත් නැවත් පෙන්වනවම් ඒ ඇතී මිනිසුන් දැණුවත් කරන්න.

    ReplyDelete
    Replies
    1. හත්තොටුවේගම මහත්මයාගේ වීදි නාට්‍යයේ(මා බැලූ) අර ලීලසේන කියලා ප්‍රසිද්ධ නළුවා රූකඩයක් වගේ රඟපානවා. එක තැනකදී දෙබසක ඒකා කියනවා "අම්බලන්ගොඩ සාදිරිස් ගුරුන්නාන්සේගේ අධ්‍යාපන පනත හකුලා ගනිව්" කියලා. වෙලා තියෙන්නේ පෝස්ටර් එකක් උඩ තව පෝස්ටර් එකක් අලවලා.

      Delete
    2. දීපානි සිල්වාත් මේවලින් ආපු කෙනෙක්..

      Delete
  4. කියවා දැනුවට් උනෙමි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.

      Delete
  5. මෙවන් කෙනෙක් ගැන දැනුවත් වූයේ අදයි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ වගේ දෙයක් දකින්නම ඕනේ. අව්‍යාජ ආචාර්ය වරයෙක්.

      Delete
  6. මේවන් උතුම් කෙනෙක් වෙනුවෙන් සටහනක් තැබීම ගැන ඔබට ස්තූති වන්ත වෙන්න ඕනේ .

    ReplyDelete
    Replies
    1. මා කලේ පරිවර්තනයක් පමණයි. මෙහි ගෞරවය හිමි විය යුත්තේ ආදිතා දිසානායක මෙනෙවියට.

      Delete
  7. එතුමා ගැන අසා තිබුනත් එතුමාගේ නිර්මාණයක් රස විදීමේ අවස්ථවක් ලැබී නැහැ..:(

    ReplyDelete
    Replies
    1. එක වරක් රුපවාහිනියේත් දුටුවා.

      Delete
  8. අමිල සේවයක් කළ මිනිසෙක් තමා ඔහු. ස්තූතියි මේ සටහනට..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. ඔහු හඳුන්වන්න නියම නම "පාරේ ගුරුවරයා" කියා කියලා මට හිතෙනවා. මේ වගේ පොලවේ පය ගහන් ඉන්න එම මට්ටමේ කෙනෙක් දැක්කමයි.

      Delete
  9. පොස්ටුව කියවන කොට හිතුනේ අපි දන්නා දේවල් වලට වඩා නොදන්නා දේවල් කොච්චර තියෙනවද කියලා ....... මෙවැනි හරවත් පොස්ටුවකින් එය මතක් කර දුන්නාට ඔයාට ස්තුතියි......

    ReplyDelete
    Replies
    1. ගෞරවය ආදිතා දිසානායක මහත්මියට(කලින් කමෙන්ට් එකක මෙනෙවිය කියලා ඇමතුවේ) හිමි විය යුතුයි.

      Delete
  10. අගනා පෝස්ටුවක් සුදීක. අමතකය ගිය අපේ කාලයේ වියතෙක් ගැන යළි මතකයක් ඇති කළා මේ ලිපිය.
    දවසක් මහ රෑ හත්තොට්ටුවගම මහතා බස් නැවතුමක සිටියදි එතැනට පොලිසියෙන් පැමිණ තියනවා. මේ ඇදුරුතුමා කවුද යන්න ඔවුන් නිසිලෙස ඇදිනගන නෑ. දෙපාර්ශ්වය අතර වාග් සංග්‍රාමයෙන් අනතුරුව මොහුව ජිප් රියන නංවාගන.
    තමුසේ මොනවද කරන්නේ
    උගන්නනවා....
    තමුසේ උගන්නනවා මොනවද?
    ඉංග්‍රීසි..
    මූ පිස්සෙක් ද කොහෙද ඉදිරිපස අසුනේ තනි තරු නිලධාරියා ඉංගිරිසියෙන් අනෙකාට කියයි.
    කොහෙද තමුසෙ උගන්නන ඉස්කෝලේ
    පේරාදෙණියේ
    පේරාදෙණියේ කොයි ඉස්කෝලෙද
    විශ්වවිද්‍යාලයේ...
    මෙයින් පසුව අදාළ පොලිසියේදී දෙපා නැමද සමාව ගෙන ජිප් රියෙන්ම ඇදුරුතුමන්ව නවාතැනට ගෙනගොස් ඇර තිබෙනවා.
    සත්‍ය කතාවක්

    ReplyDelete
    Replies
    1. එහෙම කල පොලිස් නිළාධාරියාටත් යම් ගෞරවයක් දෙන්න ඕනේ. බොහොමයක් අය කලබලයෙන් හැසිරෙන අය.

      Delete
    2. මාත් ඔය කතාව අහලා තියෙනවා

      Delete
  11. ගාමිණී හත්තොට්‍ටුවේගම මහතා යටතේ පුහුණු වෙච්ච ඉංග්‍රීසි නාට්‍යයක ඩූඩා රඟපෑ බව උඹලට කියන්න බැරි වුනා. ඒක වුනේ පේරාදෙණියෙදි. නාට්‍ය The Man Who Wouldn't Go To Heaven. මම තමයි Lunatic(පිස්සා). ඒ නාට්‍ය ගැන Sunday Observer එකක විචාරයකුත් තිබුනා. අන්න අමතක නොවන අත්දැකීම්!

    ReplyDelete
    Replies
    1. පිස්සෙක් නම් ඉතිං අපේ එකෙක් තමා.

      Delete
  12. අපේ අම්මගෙත් ගුරුවරයෙක් මෙතුමා.ඒ කාලේ කැලණිය කැම්පස් එකෙන් විමල් කුමාර කොස්තා වැනි දක්ෂ නළුවෝ බිහිවුනේ මෙතුමා නිසා.

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි. එතුමා දක්ෂයින් ගණනාවක්ම බිහිකිරීමට දායක වෙලා තියෙනවා.

      Delete
  13. මේ අර බ්ලොග් එකේ උඩට දාලා තියෙන්නේ බාර් එකක් වාගේ එකක් ( මුල් පිපුව , ක්‍රීකට් ) කියලා තියන එක දාන්නේ කොහොමද බං

    ReplyDelete
    Replies
    1. මම උඹට මැසේජ් එකක් එවන්නම්.

      Delete
  14. ආචාර්ය ගාමිණි හත්තොටුවේගම සූරින් ගැන මෙවැනි සටහනක් කියවන්න ලැබිමත් මහත් සතුටක්..මෙවන් විදග්ධ මිනිසුන් සැබෑ ජනතා කලාකරුවන් වන්නේ ඒ නිසයි.

    ReplyDelete
    Replies
    1. මට එතුමා ගැන තිබෙන්නේ පුදුමයක්. සීත කාමරයකට වෙලා පොත්පත් සමග ගත කළහැකි ජීව්ටිතයක් එතුමා මාවත දිගේ ජනතාව වෙත යන්න යොදා ගත්තා.

      Delete
  15. දන්නෙත් අදයි :O

    ReplyDelete
    Replies
    1. එතුමා ගැන දැන ගැනීම බොහෝ සෙයින් වටිනවා.

      Delete
  16. වටිනා සටහනක් !

    ReplyDelete
    Replies
    1. මෙහි ගෞරවය හිමි වන්නට ඕනේ අදිතා දිසානයාක මහත්මියට.

      Delete
  17. මේ වගේ කෙනෙක් ගැන දැනුවත් කිරීම ගැන ඇත්තටම සතුටු වෙනවා.. මොකද මෙහෙම කතා සමාජය ඉස්සරහට එනවා හුඟාක් අඩුයි..

    ReplyDelete
    Replies
    1. මෙය ඉංග්‍රීසි ලිපියක පරිවර්ථනයක්. මුල් ලිපිය අදිතා දිසානායක මහත්මියගේ.

      Delete
  18. හතා සහෝදරයා ගැන මෙවන් සටහනක් තැබීමත් මතකය අළුත් කිරීමක්.. මම නං කැමතිම ඔහුගේ විචාරයන් සදහායි. හැබැයි ලංකාවේ නාට්‍ය කලාව වෙනත්ම මානයකට ගෙන ගිය පොළවේ අඩිය තියන් හිටිය එකම එක කලාකරුවෙක් හිටියනං ඒ හතාම පමණයි. මම හිතන්නේ ඔහු වටේ හිටිය හුගක් නළු නිළියන් කිසිදු ප්‍රෙෂණයකින් තොරවම දිගටම ඔහු හා රැදි සිටිමම ඒකට ශත්කියක් උනා. කොහොම උනත් ඔහුගේ කාලය හමාර වෙන්නට කලින් යම් දෙයක් (සම්මාන වගේ) දීමට කටයුතු කිරීමත් සතුතට කාරණයක්. ඔහු ලංකාවට ඉදිරිපත් කළ දෙය, තවමත් මොන විදියෙන් හරි රගදැක්වෙනවා.

    දැං අර අළුත් සෙල්ලමත් තියෙන්නේ මට නම මතක නෑ. මොකක්ද ඔය එයාටෙල් එක එහෙම කොටුව ස්ටේසම ගානදි කරේ.. ලයිව් සීන් එකක්..

    ReplyDelete
    Replies
    1. මටනම් ඔහුගේ විචාරයක් කියවන්නට අවස්ථාවක් ලැබුනේ නෑ. නමුත් මම දුටු පළමු වීදි නාට්‍යයෙන්ම ඔහු මගේ සිත පැහැර ගත්තා. විශේෂයෙන්ම ඔහුට තිබෙන ප්‍රතාපවත් හඬ. ඔහු පාරේම සිටි නිසා සම්මාන බලාපොරොත්තු වෙන්න නැතිව ඇති. ඔහුට ලැබුණු හොඳම සම්මානය තමයි ජනතා ප්‍රසාදය. නමුත් කෙටි කලකින් අමතක වීම බොහෝ විට සිදු වන දෙයක්. මම හිතන්නේ අපේ රජයේ රුපවාහිනී නාලිකා වල සංරක්ෂිත දර්ශණ තිබෙනවා. මේවා යලි යලිත් ජනතාවට දකින්න සලස්වන්න ඕනේ කියන එක තමයි මගේ විශ්වාසෙ. ඔහු ඇත්තටම යුරෝපීය රටක ඉපදුනා නම් ශේක්ස්පියර් තරමටම ජනප්‍රිය වෙන්න ඉඩ තිබුණා.

      Delete
  19. අපි කවුරුත් නොදිකන සමාජ පැතිකඩයන් ගෙන හැර දැක්විම ඔබ හපනෙකි.එය ඔබ තුල ඇති ප්‍රධාන විශේෂත්වය ලෙස මම දකිමි.නොදන්නා කරුණු වලින් අපිව දැනුවත් කිරීම පිළිබදව බෙහෙවින් ස්තුතියි වෙමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. නමුත් මෙහි වැඩි ගෞරවය හිමි විය යුත්තේ එහි මුල් රචකවිය වන අදිතා දිසානායක මහත්මියටයි. මා කලේ පරිවර්තනයක් පමණයි.

      Delete
  20. දැනගෙන නොසිටි වටිනා පුද්ගලයෙක් පිලිබදව දැනුවත් කිරීම ගැන ස්තූතියි....

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...