Tuesday, July 30, 2013

ලොල්ද මන්දා අංක 6 - ගල්කිස්ස තියෙන්නේ කොහේද ?

මේ දවස් වල මම වැඩ රාශියක් මැද්දේ වෙලාවක් හොයා ගන්නේ පොස්ට් එකක් දාන්න. ඒ නිසා දිග ඒවා ලියන්න වෙලාවක් නෑ. ඒත් එහෙමයි කියලා මගේ රසික රසිකාවියන්ව අතරමං කරන එකත් හොඳ නෑ. "මා ආ මග" වැඩසටහනේ රේකෝර්ඩින් එක අද ලැබෙයි හෙට ලැබෙයි කියලා බලන් හිටියා, ඒකත් හරි ගියේ නෑ. එහෙම වුණා නම් ඒකෙන් ගොඩ යන්න තිබුණා.  අද උදේ තුනට විතර ඇහැරිලා පොස්ට් එකක් ලියන්න ගත්තා. ඒක කොට කොටා ඉන්නකොට ආයෙත් නිදි මතක් ආවා. එහෙනං කෙටියෙන්ම කතාව ලියන්නම්.

පින්තුරය ගත්තේ : http://karenknowsbest.com
මේ සිද්දිය වෙලා තියෙන්නේ කොළඹින් ටිකක් ඈත තියෙන අපේ බ්‍රාන්ච් එකක. අපේ බැංකුවේ ඉන්නවා විවිධ තාරතිරම් වල පුද්ගලයෝ. උසස් වීමක් ලැබිලා අලුතෙන් ආපු මහත්මයෙක්ට බ්‍රාන්ච් එකේ කලමනාකාර මහත්මය පොඩි වැඩක් පවරලා. ඉස්සර දැන් වගේ විල්ගමුවෙන් සල්ලි දැම්මම කොළඹ ගිණුමට සල්ලි බැර කරන්න බෑ. කෙරෙන ක්‍රමේ තමයි ශාඛා නිවේදන නොහොත් බ්‍රාන්ච් ඇඩ්වයිස්. ඒ කියන්නේ ශාඛාවකින් තවත් ශාඛාවක ගිණුමකට මුදල් යවන්න අවශ්‍ය නම් මෙන්න මේ ජාතියේ එකක් යවන්න ඕනේ.

කළමනාකාර තුමා : කොහෙද කලින් වැඩ කළා කිව්වේ ?

සුමනසිරි මහතා : මම හිටියේ පොළොන්නරුවේ ලොකු මහත්තයා.

කළමනාකාර තුමා : මොනවද එහේදී කලේ ?

සුමනසිරි මහතා : ශාඛා නිවේදනයි, ගෙවීම් ඇනවුම් තමයි.

කළමනාකාර තුමා : බොහොම හොඳයි. මටත් මේ පෙන්ඩින් වැඩ වගයක් තියෙනවා. මිනිස්සුන්ගේ සල්ලි ගිහින්, නැතුව නිතරම කරදර කරනවා.

සුමනසිරි මහතා : හරි සර් මම කරලා දෙන්නම්.

කළමනාකාර තුමා : නන්දනී මේ සුමනසිරි මහත්තයට අර බ්‍රාන්ච් ඇඩ්වයිස්, පේ ඕඩර්ස් පොත් දෙක බාර දෙන්න. අද ඉඳලා ඒ සබ්ජෙක්ට් එක ඔයා කරන්න ඕනේ නෑ. ඔයාට වැඩ වැඩියිනේ.

ඉතිං පොත් ටික බාර අරගෙන සුමනසිරිත් ටිකක් වැඩ පෙන්නන්න හිතාගෙන හැදුවා පෙන්ඩින් තියෙන ලිස්ට් එකක්. මුලින්ම තියෙන්නේ ගල්කිස්ස බ්‍රාන්ච් එකේ එකක්. මිනිහා ගත්තා ඩයරිය අතට. කල්පනා කළා ගල්කිස්ස අයිති වෙන්නේ කොළඹ පිටත ප්‍රාදේශිකයට. දැන් හොයනවා, හොයනවා ගල්කිස්ස හම්බ වෙන්නේ නෑ. බම්බලපිටිය තියෙනවා, දෙහිවල බ්‍රාන්ච් දෙකම තියෙනවා, මොරටුව, ඔක්කෝම තියෙනවා. ගල්කිස්ස නෑ. මිනිහා බැරිම තැන බ්‍රාන්ච් එකේ අලුතෙන් ආපු කොල්ලෙක් ලඟට කිට්ටු කරා. 

"මල්ලි ගල්කිස්ස බ්‍රාන්ච් එකේ නම්බර් එක පොඩ්ඩක් හොයලා දෙනවද? "

කොල්ලා පොත අතට ගත්ත ගමන්ම හොයලා දුන්නා.

දෙයියනේ. එතකොට තමයි මිනිහට සිහි වුණේ වැඩේ. නළලට දාපු හීන් දාඩිය ටික ලේන්සුවෙන් පිහ දාන ගමන් කොල්ලගේ උරිස්සෙන් අල්ලලා

"උඹ ලොකු උදව්වක් මල්ලි කලේ" කිව්වලු. 

ඉංග්‍රීසියෙන් මුද්‍රණය වෙලා තියෙන ඩයරියේ ගල්කිස්සක් කොහේද? තියෙන්නේ මවුන්ට් ලැවිනියා නේ. 



55 comments:

  1. නිකම් බූ වගේ දෙයක් නේද මේ වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. තව අපේ සිකුරිටි කෙනෙකුගේ කතාවක් තියෙනවා ඒකත් දාන්නම්.

      Delete
  2. Replies
    1. ඔය වගේ කට්ටියට තමයි සුමනසිරි කියන්නේ.

      Delete
  3. පස්‌සේ නන්දනිට තව ඊට වඩා වැඩ ගොඩක් දුන්නළු නේද ?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ? Web.පුරවැසියා පලවෙනි වතාවට නේද ආවේ. තව ලොල් කතා ගොඩක් තියෙනවා බලන්න.

      Delete
    2. Yes my first visit. Will check your other pages also. sure.

      Delete
  4. හැහ් හැහ් පවු වැඩේ...

    පාන්දර තුනට ඇහැරගෙන බ්ලොග් ලියන්න හැබෑටම පිස්සුද ඈ.. ?

    ReplyDelete
    Replies
    1. ඇහැරුනාම නින්දා යන්නේ නෑ.

      Delete
  5. අර පුංචියට දාපු එක මැකුවනම් මෙතනත් සුමනසිරිලා ගොඩාක් බලාගන්න තිබුනා

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++

      Delete
    2. ඒකත් ඇත්ත තමයි.

      Delete
    3. මටත් ඇහුනෙ එච්චරයි ලොකු ජෝන්,අපරාදෙ පොඩියට හරි දැම්මෙ

      Delete
  6. කිව්වත් වගේ අයියා ගම කාලනේ

    ReplyDelete
    Replies
    1. එක කට්ටියකට හිනා ගියේ නැත්නම් හරි නෑනේ.

      Delete
  7. slave island walata visa ganda gihinuth ape ekekta ohoma unaa :P

    ah me thawa dheyak man danna tharamin lankawe nagara 23k ho ea asanna pramanayak tynwa english walin liyanakota nama wenas wena.

    1.colombo
    2.negambo
    3.fort
    4.pettah
    5.slave island
    5.cinnamon garden
    6.baticalow
    7.galle
    8.trincomalee
    9.jaffna
    10.Elephant pass
    11. kandy
    12.Mount laviniya
    13.
    14.

    Mathak wenne nahane ithuru tika. Kawru hari sampurnakaranna

    ReplyDelete
    Replies
    1. කොළඹ 32= කතරගම

      Delete
    2. ඔය තියන්නෙ ලිස්ට් එකක්ම.. :)

      Delete
    3. @රාජ් : D

      mutwal දන්නවද ? එතකොට hulsdorf

      Delete
    4. dondra
      pedro

      :)

      Delete
  8. මව්න්ට් ලැවිනියා...හික්..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මවුන්ට් ලැවනියා

      Delete
  9. මම ඉස්සෙල්ලම හිතුවේ මිනිහා වදට් ගිහින් තියෙන්නේ ගල්කිස්සේ බ්‍රාන්ච් එකට කියලා.

    ReplyDelete
  10. වෙන්න බෑ. මවුන්ට් ලැවිනියා කියන්නේ මවුන්ට් ලැවිනියා වලට මිසක් ගල්කිස්සට නෙවේනේ. උඹලගේ බැංකුවක් ගල්කිස්සේ නැතිව ඇති.

    ReplyDelete
    Replies
    1. මොකද නැත්තේ එතකොට අර සිංගර් මෙගා එකයි, සිසිල් එකයි අතරේ බැබලි බැබලි තියෙන්නේ මොකක්ද ?

      Delete
  11. සූදීකත් ඒ දවස්වල ගල්කිස්ස හෙව්වලු නේද :D

    ReplyDelete
  12. මමත් දුෂ්කර පලාතක ඉදන් ගල්කිස්සට මාරුවක් ලැබුන වෙලාවෙ, සේල්ස් කරන කෙනෙකුට බ්‍රන්ච් එකේ කෙනෙක් කිව්වා නදිනිට මවුන්ට් ලැවිනියා වලට මාරුවක් ඇවිල්ලනේ කියලා.. එතකොට ඒ මනුස්සයා අහනවා බ්‍රාන්ච් එක මොකක්ද කියලා මම කිව්වා මවුන්ට් ලැවිනියා කියලා... ඒ පාර ඒ මනුස්සයා කියනවා මවුන්ට් ලැවිනියා තමයි ඉතින් මොකක්ද බ්‍රාන්ච් එක කියලා...

    ReplyDelete
    Replies
    1. හරි හරි . . . චිකන් තමා . . . ඒත් සතා මොකාද ???

      Delete
    2. අපේ එකෙක් : මල්ලි බයිට් වලට මොනවද තියෙන්නේ ?

      වේටර් : කට්ල් ෆිෂ්.

      අපේ එකා : හරි හරි කට්ල් ෆිෂ් තමයි බලයද ? කෙලවල්ලද ?

      Delete
    3. ඇයි අලුතින් කුකරි ක්ලාස් ගිය එකෙක් කිව්වලු
      'ගත්ත කුකුලෙක්..කැපුව කෑලි වලට...දැම්ම තෙලට.. හැදුව ඩෙවල් "බීෆ්" එකක් කියල'

      Delete
  13. ගල්කිස්ස එක්ක ඉතින් අපේ නම බැදිලා තියෙනවලුනේ...
    දන්නෝ දනිති!! ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙහ්..වනචරය.

      Delete
    2. රජා මුලින්ම හොයාගෙන ගියේ කොහොමද දන්නෑ. මේකෙදී හොඳ කතාවක් මතක් වුණා. ඊළඟට දාන්නම්.

      Delete
  14. වතුර තැපැල් කාර්යාලයට වෝටර් කියලා ලියපු එකාගේ ප්‍රතිවිරුද්ධ සහෝදරයා වෙන්න ඕනේ....

    දවසක් කොටුවේ හෝ මරදානේ ස්ටේෂන් එකේදී ඉංග්‍රීසියෙන් එනවුන්ස් කරන එකත් කියපි this train stops at Galkissa කියලා.....

    ReplyDelete
    Replies
    1. ඕක මොකක්ද සඳුන් දවසක් කොටුවේ ස්ටේෂන් එකේදී මෙහෙම එනවුන්ස් කළා.

      "පලවෙනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය දුම්රියක් නොවේ"

      මිනිස්සුන්ගෙන් එක හුවයි.. ඉන්පස්සේ අපහු මෙහෙම එනවුන්ස් කළා.

      "පලවෙනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය මගී දුම්රියක් නොවේ"

      Delete
    2. ඔය ස්ටේෂන් වල එනවුන්ස් කරන උන් ගැන නම් වෙනම කතා කරන්න ඕනේ.. ගොඩක් උන්ගේ වොයිස් හරියට කිඹුලා අහවල් එක කඩාගෙන ගීය එකාගේ වගේ....

      Delete
    3. හෙක් හෙක් ඔය කතාව අහලා තියෙනවා.

      Delete
  15. ගල් ඩබල් දෙකක් දාගන්න ඕන ප්‍රශ්නයක්

    ReplyDelete
  16. මම කැමති අලුත් එකක් යෝජනා කරන්න ( කව්රු හරි ස්ථිර කරපිය )
    නුවර = Kandy (පරණ එක)
    නුවරඑළිය = kANDY LIGHT (අලුත් එක)

    ReplyDelete
    Replies
    1. කොටුව = Fort
      පිට කොටුව = OuterFort

      කුරුඳුවත්ත = cinnamon garden
      කෙසෙල්වත්ත = Banana garden

      :D

      Delete
    2. එතකොට අලුත්නුවර = new kandy

      Delete
    3. එතකොට පොල්වත්ත=Coconut Garden

      Delete
  17. මවුන්ට් ලැවිනියා වල තියෙන තේරුම ගල්කිස්සේ නෑ නේද? හැබෑටම මොකක්ද බං ගල්කිස්ස කියන එකේ තේරුම? ගල් අස්සේ කිස් කරනවාවත්ද?

    ReplyDelete
    Replies
    1. නැහැ බන් ගල් කිස්කරනවා කියන එක.

      Delete
  18. Replies
    1. අප්පට සිරි ගල්පාත මදිවට බොරලුත් ඇවිත්. ගලයා එක්ක සෙට් වෙලා ට්‍රයි එකක් දෙන්න.

      Delete
  19. අපි බුත්තල ඉන්නකොටත් ඔය වගේම වැඩක් වුනා.ඉස්සර PABS සිස්ටම් එකේ IBT කරනකොට BRANCH CODE එක දන්නැත්නම් BRANCH එකේ නමේ මුල් අකුරු තුන ගැහුවම ලිස්ට් එකක් එනවනේ.දවසක් එක්කෙනෙක් ගල්කිස්සේ එකවුන්ට් එකකට සල්ලි දාන්න ඇවිත් අපේ කවුන්ටරේ හිටපු කැම්පස් මල්ලි කෙනෙක් අරන් තියෙන්නේ.ඌ පනදාගෙන GAL කියලා ගහගෙන BRANCH CODE එක හොයනවා.බැරිම තැන මට කතාකරලා ඇහුවා.මාත් ඉතින් ඒ වෙලාවේ උට ලජ්ජා හිතෙන නිසා ඒක හොයල දීලා පස්සේ නම ගැන කියලා දුන්නා

    ReplyDelete
  20. එන්න පොඩ්ඩක් පරක්කු උනා. රසවින්දා

    ReplyDelete
  21. ටියුබ් ලයිට් වෙලා ගියා නොවැ මමත්. සිරාවටම කියවගෙන යද්දි අමතක උනා ඔය ඉංගිරිස් වචනෙ.

    ReplyDelete
  22. ටියුබ් ලයිට් වෙලා ඉන්නකොට යටින් පොඩියට තිබුන වාක්‍යයක් දැක්කා
    "ඉංග්‍රීසියෙන් මුද්‍රණය වෙලා තියෙන ඩයරියේ ගල්කිස්සක් කොහේද? තියෙන්නේ මවුන්ට් ලැවිනියා නේ."

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...