Sunday, July 14, 2013

ලොල්ද මන්දා 4 - සෙබස්තියන් කෝ ......

සෙබස්තියන් කෝ කියන නම ඇහුවාම කවුද නොදන්නේ. ඕනෑම කෙනෙක් දන්නවා. එංගලන්තෙන් බිහි වූ දක්ෂ දුර දුවන්නෙක්.  ඒත් ඉස්සර එයාගේ නම සෙබස්තියන් විතරයි පස්සේ තමයි මේ කෝ කෑල්ල එකතු වුණේ. කතාව මෙහෙමයි.

ඔන්න ජපානේ තිබුණ තරගාවලියකට සෙබස්තියන් සහභාගී වුණා. මිනිහට එහෙදී දවසක් හිතිලා සකේ වඩියක් ගහන්න. හවස කීප දෙනෙකුට කතා කලත් එකෙක් වත් කැමති වෙලා නෑ සෙබස්තියන්ගේ යෝජනවාවට. මිනිහා තනියම බැහැලා සීතලේ ගැහි ගැහී ගියාලු සකේ තැබෑරුමකට. එතන ඉන්නවලු තවත් සෙට් එකක් මේ තරගාවලියට ආපු. ඒ සෙට් එක ලංකාවේ. සෙබස්තියන්ගේ ඉහේ මලක් පිපුනලු. මිනිහා ගිහිං අපේ කට්ටියත් එක්ක එකතු වෙලා සකේ ගහන්න පටන් අරං.

ටික වෙලාවක් සකේ බිබී ඉන්න අතරේදී අපේ එකෙක් සෙබස්තියන්ට යෝජනාවක් කරලා. 

"මචං අපි ලංකාවේ. අපිට ඉන්න හිටින්න, කන්න හරියට නෑ. මේ දිවිල්ලත් කොයි තරම් කාලයක් කරන්නද? අපේ දරු මල්ලෝ ඉස්කෝලේ යවන්න, ගෙයක් දොරක් හදා ගන්න, වාහනයක් ගන්න. ඒවා හීන විතරයි. මේ දිවිල්ලෙන් පවුලක් නඩත්තු කරන්න බෑ බං. ඉතිං අපි හිතුවා අනිද්දට මැරතන් එකේ ටිකක් දුර දුවලා අතුරු පාරකට වැටිලා වහං වෙන්න. ජපානේ හොරෙන් හරි අවුරුද්දක් දෙකක් විතර හිටියොත් ගොඩම තමා. එහෙම ගොඩ ගිය අය ඕනෑ තරම් ඉන්නවා ලංකාවේ"

මේ කතාව අහගෙන හිටපු සෙබස්තියන් මෙහෙම කිව්වා
මහලොකු එංගලන්තේ හිටියට අපිටත් ඔහොමම තමයි. උඹලා හැරෙන තැන කියපන් මාත් එතනින් හැරෙනවා.
මෙහෙම ප්‍රතිඥාවක් දීගෙන කට්ටිය තමන් ඉන්න හෝටල් වලට ගියා. සහයෝගෙට එන එකාට පුෂ් බයිසිකලයකුත් හොයා ගත්තා. තමන්ට තියෙන ඉතාම වැදගත් දේවල් විතරක් බෑග් එකකට දාලා අර සහයෝගෙට එන එකාගේ කරේ එල්ලුවා.

තරගය ආරම්භ වුණා. කෙන්යාවේ,ඉතියෝපියාවේ කල්ලෝ සෙට් එක කඩාගෙන දිව්වා. දන්නවනේ උන්ට ඉතිං ඕවා ටොයිස් වැඩ නේ. අනෙක් සුද්දෝ ටිකත් අරුන් පස්සේ පැන්නුවා. සෙබස්තියන් අපේ සෙට් එකත් එක්ක පල්ලම් බැස්සා. ඔන්න ටිකක් දුර ගියාම තියෙනවා ගම්බද පැත්තකට යන පාරක්. අපේ එකෙක් එතනදී වමට සිග්නල් දාලා කෙලින්ම අර පාරේ හැරිලා දිව්වා. අනෙක් දෙන්නයි සෙබස්තියන් කාරයයිත් ඒ පස්සෙන් ඇරලා දැම්මා. මිනිස්සු කෑ ගහනවා ඉචිකෝ, බචිකෝ කියලා. මුන් ටිකක් නෙවෙයි හැරිලා බැලුවේ. දිගටම ඇරලා දැම්මා. දුවන්න බැරි පුතයලානේ.

අන්තිමට තරගය නිමා වුණා. වෙනදා කිසි ගේමක් නැතිව ගෝල්ඩ් එක ගන්න සෙබස්තියන් පැත්ත පළාතේ නෑ. ඔන්න එතකොට බ්‍රිතාන්‍ය බලධාරීන් සෙබස්තියන් හොයන්න පටන් ගත්තා. සුද්දෝ මොන වැඩේ කලත් ඉට්ටැයිල් එකටනේ කරන්නේ. එයාලා ගත්තා කඩදාසි මිටියක්. අරගෙන ලිව්වා "සෙබස්තියන් කෝ" කියලා. එකට සෙබස්තියන්ගේ පින්තුරෙත් එකතු කළා.  ඒවා පාරදිගේ බෙදන්න පටන් ගත්තා. අන්තිමට ජපන්නුන්ට මේ හරුපේ තේරුණේ නෑ. ඒ යක්කුත් අර කොලේ තියෙන එක ගිරව් වගේ කියවන්න ගත්තා. "සෙබස්තියන් කෝ...! සෙබස්තියන් කෝ ....!! " කියලා. 

අන්තිමට ජපන්නු හිතුවේ මේ ෆොටෝ එකේ ඉන්නේ සෙබස්තියන් කෝ කියලා. 

මගෙන් අහන්න එපා කොලේ ලිව්වේ ලංකාවෙන් ගිය එකෙක්ද කියලා. :) 

49 comments:

  1. කෝ ඉතින් මිනිහා ?

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ සෙබස්තියන් කෝ කියලා.

      Delete
  2. අර කිවුවත් වගේ.. සෙබස්තියන් කෝ ..

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රශ්ණය තමයි සුද්දන්ටත් තිබුණේ.

      Delete
  3. මට එක වරම කතාවක් සහ චිත්‍රපටියක් මතක් වුනා. කතාව බොහොමයක් දෙනා දන්නවා. 1971 කැරැල්ල කාලේදී තාප්ප පුරා පෝස්ටර් වැදුනා ජ.වී.පෙ. නායක රෝහණ විජේවීර අත් අඩංගුවට ගත්තට පස්සේ. ඒ පෝස්ටර් වලත් තිබුනේ 'විජේවීර කෝ' කියන පාඨයයි, 'විජේවීර එළියට දියව්' කියන පාඨයයි. එක ගම්බද කඩයක බිත්තියේ මේ පාඨ ලිව්වම, එයට පිළිතුරු දෙන කඩේ මුදලාලි, ඊට යටින් ලිව්වලු, 'විජේවීර කඩය ඇතුලේ නැත' කියලා. ඒ ගමේම තවත් කඩයක ලියලා තිබුනලු 'යුක්තිය අපේ' කියලා. මුදලාලි ඒක මකලා දැම්මලු. නමුත් නැවත නැවතත් මෙය ලියනවාලු කඩේ බිත්තියේ. බැරිම තැන මුදලාලි ලිව්වලු '....ගෙ පුතෝ, බිත්තිය අපේ' කියලා.

    අර චිත්‍රපටිය, මේ මෑතකදී තිරගතවුන, 'මචං' චිත්‍රපටියයි. ලස්සන චිත්‍රපටියක්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මගේ මතකයට ආවේ ලංකාවේ මීටර් 800 දාවනය කල සුබසිංහ සහ බොනිපස් පෙරේරාගේ ජපාන අතුරුදහන් වීම. අර මේ කවුද මොනවද කරන්නේ කියන පෝස්ටර් එකටත් කසිප්පු පෙරාපු කෙනෙක් උත්තර ලියලා තිබුනලු නේද ?

      Delete
  4. ඈපා දීපා චාපා රූපා මාපා නැති උනාම ගෙවල් උන් හොයන්නෙ කොහොමද දන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. බලාගෙන නිසුපා දැක්කොත් පස්සෙන් පන්නයි.

      Delete
    2. ඇයි මාතලන්, පප්ප නැති වුනාම මම්මා පප්පව හොයන හැටි අමතක වුනාද?

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. ඩුඩා වයිෆ්ව හොයන හැටි ?

      Delete
  5. ඇත්තටම අර කොලේ ලියල තියෙන්නෙත් ලංකාවෙ එකෙක්ද?

    ReplyDelete
    Replies
    1. අපේ පොලිසියේ එකෙක් වෙන්න ඇතිනේ..:D

      Delete
    2. අපේ එවුන් කොලේ ලියලා දීලම පැනලා තියෙන්නේ.

      Delete
  6. හි.. හි... හි... ඌ මැලේසියාවේ යකෝ.......ලංකාවේ එකෙක්ට කියල විසා හදාගෙන ඉන්නවා.... බොරුනම් උත් එක්ක දුවල මාරු උන කෙන්ජියගෙන් අහපන්.....

    ReplyDelete
    Replies
    1. අප්පා කෙන්ජියත් එකෙක්ද ?

      Delete
    2. මට ඔය ස්පෝට් පෙන්නල රටකට පනින්න අහේනියක් තිබුනෙ නැහැ බං.
      අනිත් එක ටකරෙ/එල්ලෙ ගහල වෙන ස්පෝට් කරපු අපිට ලෝකයාට කයිවාරු ගහන්න ඕනත් නැහැනෙ.
      ඔය මහ ලොකු ස්පෝට් මෑන්ස්ල,ලොකු ආයතන වල දින දෙකට,තුනට සම්මන්ත්‍රන වලට ආපු ටයි කෝට් කාරයො මා ලග වැටිල කාල බිල රස්සාවල් හොයල දීල මනුස්සයො කරල කොච්චර යවල තියෙනවද බං.
      අපි මනුස්ස කමට දානමය පින් කමක් ලෙසට කලාට,එවුන් ඇවිල්ල උපතින්ම බොක්ක නැති එව්වො.

      Delete
  7. ඔයත් හොයාගෙන් එන දේවල් ඉත්න් සෙබස්තියන් කෝ

    ReplyDelete
    Replies
    1. කෝ කියලා තමයි මේ ඔක්කොම.

      Delete
  8. ඇත්තට කෝ ඌ ?

    ReplyDelete
  9. Replies
    1. මමත් ගිහින් බැලුවා නුවර කුමාරියේ වත් රිංගලාද කියලා :)

      Delete
  10. Replies
    1. එහෙමද ? මට නම් ෂුවර් නෑ.

      Delete
  11. මම හිතාගෙන හිට්යේ ලංකෙව ඒවුන්ට විතරයි අහේනිය කියලා බලාගෙන ගියාහම එංගලන්තේ එඋං අපිට වඩා පවු

    ReplyDelete
    Replies
    1. දැන් නම් ගන්නම දෙයක් නෑ.

      Delete
  12. තේ කෝ කෝපි කෝ යකෝ

    ReplyDelete
    Replies
    1. ලක්සලේ තියෙනවා යකෝ. :)

      Delete
  13. තව ලොල් ද මන්ද?කතාවක් තියෙනව සුදීක,JR ට හරියට සලකනව ජපන් රට,ගිහිල්ල බැලුවම තමයි තේරුම් යන්නෙ කියල සම හරක් ඉස්සර කිව්ව.
    මේ ගැනත් ඔබ දන්නවද කියල හොයල බලල ලියන්න.දන්නෙ නැත්නම් විස්තරේ මම කෙටියෙන් එවන්නම්.රසට ලියල දාන්න පුලුවන්නම්.

    ReplyDelete
    Replies
    1. එවන්න මම ලියන්නම්.

      Delete
  14. ලොල් නෑ යකෝ....

    ReplyDelete
    Replies
    1. මේගොල්ලන්ව හිනස්සන්න ඉතිං ..

      Delete
  15. කෝ යකෝ දැන් ඌ.. ;)

    ReplyDelete
    Replies
    1. කවුද දැන් මෙතන යකෙක් ගැන කිව්වේ :) දැන් ඌ ඇමති කෙනෙක් මට හිතේ.

      Delete
  16. මම සුද්දන්ට සිංහල ඉගැන්වීමට උපන්නෙමි
    -සෙබස්තියන් කෝ-

    ReplyDelete
    Replies
    1. හෙක් ... හෙක් ... හෙක් ....

      Delete
  17. කෝ කෝ සෙබා කෝ ?

    ReplyDelete
    Replies
    1. සෙබා තාම දුවනවත් දන්නෑ.

      Delete
  18. එහෙනම් සෙබස්තියනුත් ගොඩ ගියෙ ලංකාවෙ අයියල නිසා.. කොහොමද ටිකිරි මොලේ :D

    ReplyDelete
    Replies
    1. නැත්නම්. යනකොට ටිකිරි මාරි ගෙනිහින් තියෙනවා කන්න.

      Delete
  19. හරි හරි ඉස්සර සුද්දො සින්හල තම පවිච්චිකලෙ ඔය ලන්කාව අල්ලන් ඉන්න කලෙ තමා උන් ඉන්ගිරිසි ටිකක් ඉගෙන ගත්තෙ

    ReplyDelete
    Replies
    1. අපේ මීවනපලානේ ජයරතනයන්ගෙන් ඇහුව නම් කියයි.

      Delete
  20. ලොල්ම ලොල් නේ.

    ReplyDelete
    Replies
    1. මේවා ෆිෆ්ටි ෆිෆ්ටි ලොල් කතා. මොකද සමහරුන්ට මේවා ලොල් නෑ.

      Delete
  21. ඇයි මචං අර ලංකාවෙදි අනතුරට පත්වෙච්ච ජෙට් යානය ගැන පරීක්ෂන කරන කොට අසල ගම්මානවල මිනිස්සු කිව්වලුනේ 'ඩෝං' ගාලා සද්දයක් ඇහෙනවත් එක්කම ඒකෙ හිටපු විදේශික පැසෙන්ජර්ස්ලා 'බුදු අම්මෝ' කියලා කෑ ගහනවා ඇහුනා කියලා.

    'ඔය කොයි තරං ඉංගිරිස් කතා කොලත්, කලබොල වුනාම නිකම්ම සිංහල කියවෙනවා,' කියලා සියාතු බුලත් කෙළ පාරක් මිදුලට ගහලා හොක්-හොක් ගාලා හිනාවුනාලු

    ReplyDelete
    Replies
    1. මෙහෙම වැඩක් වෙලා තියෙනවා ෆ්ලියිට් එකක. පයිලට් ටොයිලට් ගිය වෙලාවක ඇසිස්ටන්ට් පයිලට් ඉඳලා තියෙන්නේ. එතන හිටිය හොස්ටස් "කෝ පයිලට්" කියලා අර පොරගෙන් අහලා. ඒ වෙලාවේම එතනට වට වෙච්ච අනිත් අය හිතලා තියෙන්නේ දෙවෙනි නිලධාරියාට කියන්නේ කෝ පයිලට් කියලා.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...