Saturday, July 6, 2013

ලොල්ද මන්දා ? 3 - වමත් කාරයා .....

අද මම ගොඩක් කාර්ය බහුල දවසක්. ඒ වුණත් මගේ බ්ලොග් එක කියවන හිතවතුන් අමතක කරන්න බැරි නිසා පුංචි රස කතාවක් එකතු කරන්න හිතුවා. මේක මට ඊයේ රෑ පෙන්නුවේ මේ දවස් වල අපේ කාර්යාලයට ඇවිත් ඉන්න ඉන්දියන් මිතුරා.  එහෙනම් කෙලින්ම කතාවට බහිමු.
පින්තුරය ගත්තේ : susanpolgar.blogspot.com

ඔන්න ගෑණු ළමයි දෙන්නෙක් චෙස් ක්‍රීඩා කරමින් ඉන්නවා. මේ දෙන්නට හරියටම චෙස් සෙල්ලම් කරන්න දන්නේ නෑ.  දෙන්න අතර ඇති වෙනවා මෙන්න මේ වගේ කතාබහක්.

පළමු ගැහැණු ළමයා : මෙතන ඉතුරු වෙලා තියෙන්නේ ඔයාගේ අලියයි, මගේ පල්ලියයි විතරයි. මට නම් දැන් ඇති වෙලා. අපි මේක නවත්වලා දාමුද ?

දෙවන ගැහැණු ළමයා : මමත් මේ ඔයාගෙන් අහන්න හිටියේ ඔය ප්‍රශ්නෙම තමයි. මටත් හරිම නිදි මතයි වගේ. අපි නවත්වලා දාමු.

මෙහෙම කියනකොටම එතනට කොල්ලෙක් එනවා. කොල්ලා ඇවිත් මේ දෙන්නගෙන් මෙහම අහනවා.

කොල්ලා : කවුද මගෙත් එක්ක චෙස් අදින්න එන්නේ ?

පළමු ගෑණු ළමයා  : අපෝ ! අපිට බෑ. ඔයා මාව නිකංම පරද්දලා දායි.

කොල්ලා : එහෙනම් ඔයා එන්න.

දෙවන ගැහැණු ළමයා : අනේ ඔව්. ඔයා මාවත් නිකංම පරද්දලා දැයි.

කොල්ලා : එහෙනම් ඔය දෙන්නම් එක පැත්තකට සෙල්ලම් කරන්න මම තනියම සෙල්ලම් කරන්නම්.

දෙදෙනාම : අපෝ බෑ. ඔයාට නිකම්ම අපිව පරද්දන්න පුළුවන්.

කොල්ලා : හරි අපි මෙහෙම කරමු. මම වම් අතින් සෙල්ලම් කරන්නම්(මුන් දෙන්නව අන්දන්න පුළුවන් යයි සිතමින්). ඔයාලා ඔයාලට හුරු අතින් සෙල්ලම් කරන්න.

දෙදෙනා : හරි. අපි කැමතියි. එහෙනම් සෙල්ලම් කරමු.

වැඩි වෙලාවක් යන්න කලින්ම කොල්ලා මේ කෙල්ලෝ දෙන්නව පැරද්දුවා. හිතිං හිනා වෙවී කොල්ලා යන්න ගියා. කෙල්ලෝ දෙන්නා ඊට පස්සේ බොහොම ලජ්ජාවෙන් ඉන්න අතරේ එක කෙල්ලෙක්ට සිහියට එනවා පරදින්න හේතුව.

"මම හිතන්නේ ඒ කොල්ලට අපි රැවටුණා. එයා වමත් කාරයෙක් වෙන්න ඕනේ"

"ඒක නම් හරි සෙල්ලම් කරපු විදියට වමත් කාරයෙක්ම තමා"

59 comments:

  1. පොඩි ප්‍රශ්නයක් මට ,එලෝ හසරක් තේරුනේ නෑනෙ....

    ReplyDelete
    Replies
    1. "චෙස්" ගැන මම මෙලෝ හසරක් නොදන්න නිසා මට තේරුනේ ට් නැහැ.

      Delete
    2. ඉස්සර පන්තියේ ටීචර් පිටිපස්සේ ඉන්න අයට ඇහෙනවද කියලා ඇහුවහම නෑ කියනවා වගේ තමයි මේ දෙන්නත් කියන්නේ.

      Delete
    3. ජෝක් එකේ තේරුම කමෙන්ට්ස් වල හොයන අය මෙතන කමෙන්ට් කරන්න ^_^

      Delete
  2. ඔය කියන්නේ අර ඉට්ටෝ බෝඩ් එකේ තියලා අනිට් ඉට්ගෙන් වලට‍ වැටෙන්න ගහන සෙල්ලම නේද?
    යන්නඩ සුදීක අය්යා යන්අපි නොදන්න "චේස්"

    ReplyDelete
    Replies
    1. සංජිව "ත"ලියද්දි th ලිව්වම "ත"ලියවෙනව.උත්සහ කරල බලන්න.

      Delete
    2. සංජිව මෙහෙම ලියනකොට පොඩි ගතියකුත් තියෙනවා නේද කෙන්ජි අය්යා ,

      සංජිව මොකෙන්ද ලියන්නේ ගූගල් IME ඒක ලේසියි ..

      Delete
    3. ඉත්තෝ
      ස්තුතී කෙනජි අය්යා
      අදාන මවෙලම් වලාකුල කියලා එකක් චාමියෝ
      මේකත් කියලා දුන්නේ IT Executive

      Delete
    4. ඒ කියන්නෙ හිතලමද මේක එහෙම ලියල තියෙන්නෙ.
      මම ඇදගෙන නාලද?

      Delete
    5. අනේ නැහැ අය්යන්ඩි ඇත්තටම මම "ත් " කොටන විදිහ දැනගෙන හිට්යේ නැහැ
      මම ඉගනගන්නේ බොහම අමරුවෙන් ඔයා වචනයකින් හරි කරපු උදව්වට මම කැමැති
      වැරදියට හිතන්න එපා. හිත රිදෙන් දෙයක් උනානම් සමාවෙන්න. බොරුනම් මගේ පහුගිය කොමෙන්ට් වල බලන්න මම "ත්" වෙනුවට කොටලා ඇත්තේ "ට්‍ '

      Delete
    6. සරත් ලංකාප්රිය,චමි,දේශකයා,සෙන්නා,සිරා,සදරු,සුදක වේග ගොඩක් අය ඉන්නවා මට පරිගණක ඉගැන ගන්න උදව් කරපු එයාලා නිසා තමයි මම සිංහලෙන් කොටන්නේ ඔන්‍න‍ කෙන්ජි දැන් මගේ යාලුවක්

      Delete
    7. පරිගණකයේ මෙහම් කරන්න කිවාට සමහර වෙලවට මට තේරෙන්නේ නැහැ මම ඒවා ලියගෙන් ඉදලා අපේ IT කරයා ආවහම උට පෙන්නලා කරන විදිහ අහගන්නවා
      ඔන්‍න‍...Bra,pants,brief,panty ගැන ඇහුවනම් මම ඕනෑම දෙයක් කියලා දෙන්නම්

      Delete
    8. කොහොමත් දැන් පොඩි එව්වො මෙලොවට උපදින විටම කෙටි වචන,කෙටි කෑම පිළිබද මනා දැනුමක් ඇතිව තමා උපදින්නෙ.
      කියල දෙන්නම් කියපු කෙටි වචන වල කහට පැල්ලම් එක්කම මටත් කියල දෙන්න පුළුවන් මලේ :).
      මල්ලියො මගෙන් සමාව ඉල්ලන්න එපා.මම දන්නව ඔබ දීපු පිළිතුර මොකක්ද කියල.කෙන්ජියගේ හිත තෙම්පරාදු කෙරුවෙ අවුරුදු 14 දි.දැන් 50හ පැනපු එකා ගෙ හිත කොහොම ඇද්ද?
      නාකිය අතිනුත් වැරදි වුනාම පොඩි එකෙක් හරි පෙන්නල දුන්නම වැරැද්ද හරි ගස්ස ගන්නව එකෙන්ම.


      Delete
    9. ගූගල් IME එකේ සමහර වචන වලට ප්‍රමුඛතා දීමේ ප්‍රශ්ණ තියෙනවා. ඇය හෝ අය කියන වචන ටයිප් කලාම ය විතරයි වදින්නේ.

      Delete
  3. මේකනම් ලොල් තමයි

    ReplyDelete
  4. චෙස් වල අලියෝ ඉන්නවා යෑ අස්පයෙක් නේද ඉන්නේ .:D

    අනේ පව් අහිංසක කෙල්ලෝ දෙන්නා.. හික්..හික්..

    ReplyDelete
    Replies
    1. ඒගොල්ලෝ රටේ හැටියට හදා ගත්තද දන්නේ නෑ ? ඉන්දින්යන් කෙල්ලේ දෙන්නෙක්නෙ.

      Delete
  5. මටත් කියනකොටම හිතුන මිනිහ ශුවර් එකටම වමත් කාරයෙක්

    ReplyDelete
    Replies
    1. මේ කෙල්ලෝ දෙන්නත් එක්කනම් අත් දෙකම නැති කෙනෙකුට වුනත් සෙල්ලම් කරන්න පුළුවන්.

      Delete
  6. මමත් හරී............යට චෙස් ගහනවා. ඒ වුනාට අර සුදුපාට ලොකු පෙත්ත බර වැඩිද මන්දා ඉත්තෝ බෝඩ් එකෙන් එලියට විසිවෙනවා සමහර වෙලාවට.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලාම වලට දාන්න ඕනේ ඒ සුදුපාට ලොකු එකාව නේද ?

      Delete
    2. ඔය දන්නේ කොල්ලා දස්සයා

      Delete
    3. අහ්.. අපි නොදන්න.. චෙස්

      Delete
    4. ඔය කියන්නෙ අර කලුපාට ඉත්තො 12 යි සුදුපාට ඉත්තො 12 යි තියෙන එකද? අර ගමේ කෝපිකඩවල එහෙම තිබු‍ණෙ. අපි නොදන්න චෙස්.

      Delete
    5. නෙද්දකිං. ඒ ෆුට් බෝල් යකෝ.

      Delete
    6. මේ කමෙන්ට් ටික හරිම ලොල් ඒවා.

      Delete
    7. උඹ අපේ ක්‍රීඩා පිළිබඳ දැනුම ගැන අමන්දානන්දනයට පත්වෙලා ඉන්නේ නේද? :D

      Delete
    8. ඇද උන බෝලයකට රණ්ඩු වෙන කිඩාව මොකක්ද හෙන්රි අය්යා ඔය මහා රජාගේ පුතලත් සෙලාන් කරන්නේ

      Delete
    9. මමනම් ඒ ක්‍රීඩාව ට කැමතිම නැහැ කිසිකමකට නැති ක්‍රීඩාවක් අත්න් අරගෙන් දුවනවා කකුලෙනුත් ගහනවා

      Delete
    10. අහ්හ්....ඒ අර එල්ලේ කියන එකනේ..ගමේ වෙල් යායවල් වල පොඩි එවුන් සෙල්ලම් කරපු ක්‍රීඩාව නේ..."මම රාජ කුමාරයෙක් නෙවෙයි..ගමේ කොල්ලෙක් කියලා.."නේ දැන් ඔය හැමෝම ඒ ක්‍රීඩාව කරන්නේ...

      Delete
  7. ඉන්දියන් කාරයෙක් මොනාද ඔහෙ කරන්නෙ ?

    ReplyDelete
    Replies
    1. බැංකු වලින් 13 නෙ ඉලක්කම ඉවත් කරන්න ඇවිල්ල.
      ඒකයි සුදිකට මෙලෝ රහක් නැති ඉත්තො සෙල්ලමක් ගැන කියල තියෙන්නෙ.

      Delete
    2. එහෙමද ? ඉක්මන්ට එලෙව්වෙ නැත්නම් 13 විතරක් නෙමේ සුදීකට ජොබ් එකත් නැතුව යන පොටක් ඕක. අපිට මහජන බැංකුවට ගියාම "යාර් කේසාහේ" කියලා අහගන්නත් පුලුවන් වෙයි ඉස්සරහට..

      Delete
    3. අපේ සිස්ටම් සපෝර්ට් එකට තමයි උන් ඇවිත් ඉන්නේ. වෙනම පොස්ට් එකක් ලියන්න කතා තියෙනවා.

      Delete
  8. ඒ කියන්නෙ ඇවිල්ල ඉන්න ඉන්දියන් කාරය සූදීකට වමතිංම වැ‍ඩේ කරල පෙන්නුවද? :D

    ReplyDelete
  9. හයියු සල්ලි, මට ඔලුව කොහෙ හරි ගහගන්න හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. අනේ දරුවෝ එකපාරින්ම ඉවරයක් වෙන තැනක ගහගන්ඩ

      Delete
    2. ඇපෝ අටම් අය්යෙ.. :/

      මේම කෙල්ලෝ අපිටත් නින්දාවක්නේ අප්පා, ඒකයි

      Delete
  10. අපි නොදන්න චෙස්...

    ReplyDelete
    Replies
    1. හෙක් ... හෙක්... හෙක්....

      Delete
  11. අනිවා මේකා වමත් කාරයෙක්!
    @අත්දැකීමෙන්!

    ReplyDelete
  12. ඇත්තටම කෙල්ලෝ මෝඩයිද?

    ReplyDelete
  13. වැඩේ දන්න එකා නොදන්නවා වගේ ගේම දිනලා..

    ReplyDelete
    Replies
    1. එහෙම ඒවා මේ සමාජයේත් සුලබයි නේද ?

      Delete
  14. සුදීක අයියේ අද කතාවට වඩා හොද කට්ටියගේ අදහස් ටික. පට්ටයි

    ReplyDelete
    Replies
    1. ඔව් කමෙන්ට් ටිකෙන් මාර විදියට කතාව ලොල් වුණා.

      Delete
  15. එල පෝස්ටුව & කමෙන්ට් ටික.

    ReplyDelete
  16. හරිම අපූරු කතාව..ඒ වගේම කොමෙන්ට්ස් ටික....
    චෙස් කියන්නේ නම් මටත් මහා එපාම කරපු ක්‍රීඩාවක්..
    මගේ පොඩ්ඩා නම්..චෙස් රාජයෙක්...කොයි තරම් මට කියලා දුන්නත් අනේ මටත් ඔය..අශ්වයයි..රජායි...රැජිනයි...සේරම පැටලෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒකට තමයි අලියා, පල්ලිය වගේ නම් වලින් අර කෙල්ලෝ දෙන්නා මේවා හඳුන්වලා තියෙන්නේ.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...