Saturday, June 1, 2013

ක්‍රෙඩිට් / ඩෙබිට් කාඩ් පින් (PIN) අංකය ඔබට ලැබෙන විදිය ....

ක්‍රෙඩිට්, ඩේබිට් කාඩ් පිලිබඳ මා ලියූ ලිපි මාලාවට තවත් ලිපියක් ලියන්න නිමිත්තක් නදීර උඩවත්ත නමැති මගේ මිතුරා ඊයේ සැපයූවා. ඒ ඔහුගේ ෆේස්බුක් ස්ටේටස් එකක් මගින්. ඔහුට ඇති වී තිබූ ගැටලුව වුයේ "ඇයි PIN අංකය තැපෑලෙන් නිවසට එන්නේ සහ එය බැංකුව මගින්ම ලබා නොදෙන්නේ ඇයි ?"යන්න. ඔබටත් සමහර විට මේ ගැටලුව ඇති වී තිබෙන්න පුළුවන්.

අද බොහෝ බැංකු කරන්නේ PIN අංකය තැපැල් මාර්ගයෙන් නිවසට ලැබෙන්න සැලැස්වීම. සමහරු මේ PIN අංකය කවරයක් රහිතවම තැපෑලෙන් යවනවා. මෙතනදී ඔවුන් සඳහන් කරනවා එම PIN අංකය සහිත මුද්‍රිතය යම් ආකාරයකින් ඉරා තිබෙනවා නම එය භාවිතා නොකොට බැංකුවට දැනුම් දෙන ලෙස. නමුත් මෙය ගනුදෙනුකරුවාගේ පැත්තෙන් හිරිහැරයක් ලෙසයි මා දකින්නේ. ගනුදෙනුකරුවාට අවශ්‍ය වන්නේ කාඩ් පතත් සමගම PIN අංකය තමන් අතට ලැබීම.

මා සේවය කරන මහජන බැංකුව තවමත් භාවිතා කරන්නේ පැරණි ක්‍රමය. ඒ කියන්නේ නදීර ඇතුළු බොහෝ ගනුදෙනුකරුවන්ට රිසි ශාඛාව මගින් PIN අංකය සහිත මුද්‍රිතය ලබා දෙන ක්‍රමය. එහිදී කාඩ්පත් වෙනමත්, එම කාඩ්පත් වලට අදාළ PIN අංක වෙනමත් ශාඛාවට ලැබෙන්න සලස්වනවා. නමුත් නදීරගේ ස්ටේටස් එකට පිළිතුරු දුන් ඔහුගේ වෙනත් මිතුරෙකු පවසා සිටියේ එය විගණන අවශ්‍යතාවක් නිසා තැපෑලෙන් එවන බව.

 ඇත්තටම මෙහිදී අපි කරන්නේ වෙනමම නිලධාරීන් දෙදෙනකු බාරයේ කාඩ්පත් සහ PIN අංක තැබීම. වෙනමම පොත්පත් භාවිතා කිරීම. කෙසේනමුත් කාඩ්පත් හිමියාට එකවිට කාඩ්පත සහ PIN අංකය ලබා දීම වැදගත්. මෙය හඳුන්වන්නේ ද්වන්ද පාලනය ලෙස.(තරමක් නුහුරු වචනයක් නේද ? dual control කියන වචන දෙකේ සිංහල තේරුම තමයි ඒ. නමුත් ඉංග්‍රීසි වචහ දෙක වඩා හොඳ යයි මට හිතෙනවා)

කෙනෙකුට හිතන්න පුළුවන් මෙවැනි නිලධාරීන් දෙදෙනකු එක වුවහොත් ගනුදෙනුකරුවාගේ මුදල් වංචා කල හැකි බව. එහෙත් මෙම කාඩ්පත්(ක්‍රෙඩිට්) ගනුදෙනුකරුවාට ලබා දෙන විට අක්‍රීය(Inactive) තත්වයේ පවතින්නේ. එය සක්‍රීය කර ගැනීමට කාඩ් මධ්‍යස්ථානය ඇමතීමට අවශ්‍යයි. මෙම පොත්පත් නිතර ශාඛාවේ විගණන නිලධාරියා බලන නිසා එවැනි තත්වයන්ට ඉඩ කඩ නෑ. කොටින්ම මෙවැනි හොරකමක් තවමත් වාර්තා වී නැති බව මගේ විශ්වාසය. 

කෙනෙකු හොරකමට පෙළඹෙන ආකාරයන් වේනමම විග්‍රහ කල යුතු දෙයක්. එවැනි දෙදෙනෙක් එකම තැනක සිටීම අඩු සම්භාවිතාවක් තියෙන කාරණයක්. අනෙක මෙවැනි දේට නිලධාරීන් පත් කිරීමේදී කළමනාකාරවරයාට පුංචි ප්‍රයෝග යොදා ගන්න පුළුවන්. ඒ එතරම් හිත හොඳ නැති නිලධාරීන් දෙදෙනෙකු යොදා ගැනීම වැනි දේ. අනෙක කාන්තා පාර්ශවය සාපේක්ෂව අක්‍රමිකතා වලට දක්වන අඩු බව මෙතනදී භාවිතා කරන්න පුළුවන්. කිසිම හොරකමක වගකීම ගනුදෙනුකරුවා මත පටවන්න බැංකු සුදානම් නෑ. ඒ වෙනුවට රක්ෂණ ක්‍රම මගින් ආවරණ ලබා ගැනීම බොහෝ විට සිදු වන දෙයක්.

PIN අංක තැපැල් මාර්ගයෙන් යැවීමේ අනෙක් අවාසිය තමයි හදිසි ගනුදෙනුකරුවකුට එය තරමක් පමා වී ලැබීම. මේ සඳහා බෙදාහැරීමේ පුද්ගලික ආයතන(Courier Services) වල සේවාව ලබා ගන්නවා. නමුත් මේ කිසිම ක්‍රමයක් 100% නිවැරදිව සිදු කිරීමට නොහැකියි. 

මේ ක්‍රමයේ PIN මුද්‍රණය නිසා බැංකුද මුහුණ පාන යම් ගැටළු තිබෙනවා. දැන් Dot Matrix මුද්‍රණ යන්ත්‍ර වෙළඳපොලේ නැති තරම්. ඉතිං මේවා මුද්‍රණය සඳහා Dot Matrix මුද්‍රණ යන්ත්‍ර අත්‍යාවශ්‍යයි. මේ නිසාම නොවුනත් PIN අංක සඳහා ඇති වී තිබෙන නව ප්‍රවනතාව තමයි, ගනුදෙනු කරුවාගේ ජංගම දුරකථනයට PIN අංකය යැවීම. හොඳයි ඔබට හිතෙන්න පුළුවන් එය ඉතා භයානක එකක් බව. නමුත් කිසිම ගනුදෙනු කරුවකුට තම කාඩ්පත නැති වී ඇති බව දැන ගැනීමට කාලයක් ගත වුවත්, තම ජංගම දුරකථනය කෙනෙකු ඈත් කර ගන්නේ රාත්‍රී නින්දේදී පමණයි. 
පින්තුරය ගත්තේ : http://www.linkedin.com

මේ ක්‍රමය මගින් කෙනෙකුට තම PIN අංකය කවුරුන් හෝ දැන ගත්තා යයි සිතනවා නම් කඩිනමින් නැවත නව PIN අංකයක් එම  ලබා ගන්න පුළුවන්. මේ ක්‍රම ලංකාවේ ක්‍රියාත්මක වන්න තව කොතරම් කාලයක් ගත වේදෝ යන්න මට මෙන්ම ඔබටද තිබෙන ගැටලුවයි. නමුත් මේ සඳහා සපයන ආයතන සුදානම් බව මා හොඳින්ම දන්නවා. අවශ්‍ය වී ඇත්තේ යම් බැංකුවක් ඒ සඳහා ඉදිරි පිම්මක් තැබීම පමණයි. 

54 comments:

  1. වෙලාවට මට ඔහොම කාඩ් එකක් නැත්තේ... තියෙනවා කියන්නේ ඉවක් බවක් නැතුව බඩු ගන්නවා කියන එක තමයි..

    ReplyDelete
    Replies
    1. මාත් ගයියා වාගේම වාසනාවන්තයෙක්

      Delete
    2. ක්‍රෙඩිට් කාඩ් එක නම මර උගුලක්ම තමයි.සදා කාලිනවම බැංකුවට කම්බුරන්න සිද්ද වෙනවා. හතුරෙකුට වත් (මට එහෙම අය නැහැ) ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න අනුබල දෙන්න එපා. ඒ උනත් මාසෙකට එක සැරයක් මුදල් ලැබෙන මම වාගේ කෙනෙකුට දෙබිට් කාර්ඩ් එක නම් බොහොම වටිනා උපකරණයක්. සල්ලි ආපහු ගන්න යන කොට රුපියල් 5ක් කැපෙනවා තමයි. ඒ උනත් රුපියල් 1000ක් ගන්න ඕන උනාම රුපියල් 900ක් ගන්න පුරුදු උනාම ඒක ශේප් කර ගන්න පුළුවන්

      Delete
  2. සුදික ,මම විදේශයකදී බැංකු ගිණුමක් විවුර්ත කරලා ,ATM කාඩ් එකකුත් ලබාගත්තා ,ඔක්කොටම ගියේ විනාඩි 15.බැංකු ගිණුම සහ කාඩ්පත සදහා මුදල් තැම්පත් කරන්න අවශ්‍ය උනෙත් නැහැ.පින් අංකයත් ඒ වෙලාවේම මමම තෝරාගත්තා.
    ලංකාවේ පුද්ගලික බැංකු එතරමටම නැතත් කඩිනම් සේවයක් ලබාදෙනවා.රාජ්‍ය බැංකුවලට ඇත්තටම ඒ වගේ සේවයක් දෙන්න බැරි මොකද,වෙනස් වීමට තිබෙන අකමැත්තද,ලංකාවේ මිනිස්සු විශ්වාස නැතිකමද ?

    ReplyDelete
    Replies
    1. අවශ්‍යනම් දින දෙකක් වැනි කාලයක් තුළ නම emboss කරලා කාඩ්පතයි pin අංකයයි ගෙන්වා ගන්න පුලුවනි. පුද්ගලික බැංකු බොහොමයක් ලබා දෙන කාඩ්පත්වල නම emboss කරලා නෑ. sim විකුණන විදියට එම වෙලාවෙ කාඩ්පත ගිනුමට සම්බන්ධ කරලා pin අංකය ලබා දෙනවා.

      කඩිනම් සේවාව විදියට අදහස් කළේ මොකක්ද?
      ලීසිං පහසුුකමක් දිනක් වැනි කාලයක් තුළ (පැය කීපයක් තුල) ලබා දෙන රාජ්‍ය බැංකුවලට අනෙක් සේවාවන් වුනත් ඉතා සුලු කාලයකදි ලබා දෙන්න පුලුවනි.

      පින් අංකය ලැබෙන අංකයම භාවිතා නොකර එය වෙනස් කරන්නට හැමවිටම උපදෙස් දෙනවා අපිනම්..

      Delete
    2. @BULA : දැන් මහජන බැංකුවේත් එක දිනකින් නම එම්බොස් කරන්නේ නැතිව කාඩ් එකක් දෙනවා. නමුත් වැඩි ප්‍රසිද්ධියක් දෙන්නේ නෑ. අපිට ඉන්න ගනුදෙනු කාරයෝ සංඛ්‍යාවත් එක්ක දැන්වීම් දමලා ගනුදෙනු කරුවන් ගෙන්වා ගත්තොත් නැවතත් පෝලිමක් ඇති වෙනවා.

      PIN අංකය වෙනස් කරන්න දැන් පුළුවන්. වැඩේ තියෙන්නේ අපේ ගනුදෙනුකරුවන්ගේ මේ සඳහා තිබෙන කැමැත්ත සහ දැනුම. වෙනත් ප්‍රශ්න ගොඩක ආරම්භය එය වෙන්න පුළුවන්. ඒ කියන්නේ කොයි PIN අංකයද මතක තිබෙන්නේ කියන කාරණාව.

      පුද්ගලික බැංකු වලට මේ දේවල් වලින් ඉදිරියට එන්න පුළුවන් වෙන්න, ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ගේ පරිඝනක සාක්‍ෂරතාව ඉවහල් වෙලා තියෙනවා. යම් දෙයක් ස්ථාපිත කරන්න කලින් ගනුදෙනුකරුවා ගැන සිතන්නත් වෙනවා.

      Delete
  3. apita kamati PIN number ekak gana barida? Credit limit eka wadi karagana kohamada?
    (mata tiyana SEYLAN VISA Credit Card ekak)
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. PIN අංකය වෙනස් කරන්න ATM එකක් මගින් පුළුවන්. නමුත් ඔබේ බැංකුවෙන් එසේ කරන්න පුලුවන්ද කියා කලින් විමසන එක හොඳයි.

      ණය සීමාව වැඩි කර ගන්න ඔබේ බැංකුව වෙත ලිපියකින් ඉල්ලීමක් කරන්න. ඔවුන් එය වැඩි කිරීම සඳහා සැලකිලිමත් වන සාධක කිහිපයක් තිබෙනවා
      1. ඔබගේ කාඩ්පත භාවිතා කිරීමේ සහ ගෙවීමේ රටාව (නියමිත වෙලාවට පෙර ගෙවා තිබීම)
      2. ඔබගේ වර්ථමාන ශේෂය. ණය සීමාවෙන් භාවිතා කර තිබෙන ප්‍රමාණය.
      3. CRIB වාර්තාවේ නිරවුල් බව
      4. ඔබගේ වර්ථමාන ආදායම් තත්වය

      Delete
  4. පින් එක තැපැලෙන් ගෙදරට එවන්නේ ගනුදෙනුකාරයාගේ ලියාපදිංචිය තහවුරු කර ගන්න සහ, ආරක්ෂිත බව වැඩි කර ගන්න නෙවෙද බං ?

    ජය !

    ReplyDelete
    Replies
    1. PIN එක තැපෑලෙන් එවන්නේ බොහෝවිට මෙය එක අයෙකුගේ අතට පත් වීම වැලක්වීමට. උදා: ශාඛාවේ සුළු සේවකයන් වැනි අයට. (ලංකාවේ මේවා සිදුවන ප්‍රමාණය බොහෝ අඩුයි)

      ක්‍රෙඩි කාඩ් පතක් සඳහා නම් ලබා දීමට ප්‍රථම ලියාපදිංචිය තහවුරු (Billing Proof) කරගන්නවා.

      Delete
    2. ඔය දීලා තියන උදාහරනය ටිකක් පැහැදිලි කරනවද සුදීක . ප්ලීස්

      Delete
    3. ක්‍රෙඩිට් කාඩ් පතක් හා එහි PIN අංකය තියෙන ඕනෑම කෙනෙකුට මුදල් අත්තිකාරම් ලබා ගන්න පුළුවන්, නමුත් සුළු බාදාවල් තියෙනවා කාඩ් පත සක්‍රීය කර ගැනීමේදී. කාඩ් මධ්‍යස්ථානය අමතන්න වෙනවා. එතකොට එයාලා අහන ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු දෙන්න වෙනවා. මේක ටිකක් අපහසු කටයුත්තක්. කලින් සැලසුම් කරලා හිටියේ නැත්නම් ඒ තොරතුරු දැන ගන්න බැරි වෙනවා. මේ අතර ගනුදෙනුකරුවා කාඩ්පත ඉල්ලසිටියොත් ඔහු අමාරුවේ වැටෙනවා. ලංකාවේ මේවා වෙනවා අඩුයි.

      BIlling Proof කියන්නේ තමන්ගේ පදිංචිය තහවුරු කිරීම. ඒ ලිපිනයට ලැබෙන වෙනත් බිලක් මගින් එය තහවුරු කර ගන්න පුළුවන්. එහෙම කරන්නේ, කෙනෙකුට මුළු ණය සීමාවම භාවිතා කරලා නොගෙවා ඉන්න පුළුවන් නිසා.

      Delete
  5. යාලුවා.. අපේ ලංකාවෙ බැංකු ගැන ජනතාවගේ තියෙන ආකල්ප වෙනස් විය යුතුයි නේද? අපි දන්නා තරමින් රාජ්‍ය බැංකුවලට දෝෂාරෝපණ එල්ල කරන බොහෝ දෙනෙක් රාජ්‍ය බැංකුවක් සමඟ ජීවිතේ කවමදාකවත් ගනුදෙනු කරලා නෑ. මේ වෙනකොට මහජන බැංකුව ලංකා බැංකුව වගේම අනෙකුත් රජයට සම්බන්ධ බැංකු සියල්ලම වාගේ තරඟකාරී සේවාවක් ලබා දෙනවා. පුද්ගලික බැංකුවලට වඩා විශාල වශයෙන් කාර්යක්ෂම සේවාවක් ලබා දෙන බව විශ්වාසයි. ඒ වගේම ගනුදෙනුකරුගේ පුද්ගලිකත්වය සුරැකීම සඳහා බැංකු විශාල වෙහෙසක් ගන්නා බව කිව යුතුයි.

    ReplyDelete
    Replies
    1. මහජන බැංකුවනම් මංදා, ලංකා බැංකුවෙනම් ලොකු වෙනසක් තියන බව පේන්ඩ තියනවා.. මමත් මේ සැරේ ගියාම අකවුන්ට් එකක් ඕපන් කරන්න කියලා ඉන්නෙ..

      Delete
    2. මමත් ඉස්සෙල්ල මහජන බැංකුව එක්ක තමයි ගණුදෙනු කළේ. නමුත් එතන ඉන්න කළමණාකාරයගෙ ඉඳලම කස්ටමර් කෙයා අන්තිම හින්ද මම ඒ බැංකුවෙන් අයින් උනා.

      Delete
    3. මම කලිනුත් කිව්වා වගේ රාජ්‍ය බැංකු වල ගනුදෙනුකරුවන් පුළුල් පරාසයකට විහිදෙනවා. ඇඟිලි සලකුණ තබන අයගේ පටන් අන්තර්ජාල ගනුදෙනු, SMS ගනුදෙනු, දුරකථන බැංකු ගනුදෙනු දක්වා විහිදෙනවා. බැංකු පොතත් සමග මුදල් කවුන්ටරයේ පෝලිමේ ඉඳලා බැංකු නෝනා මහත්වරුන් සමග ටිකක් කථා කරලා සල්ලි අරන් යන්න කැමති අය මෙයින් 80% කටත් වඩා වැඩියි.

      මීට අමතරව අප වැඩියක් කාලය යොදවනවා විවිධ සේවාවන්(රජයේ ව්‍යාපෘති) වලට. සහන ණය ලබා දීම්, විදුලි, ජාල, දුරකථන එක්රැස් කිරීම් වගේ දේවල් වලට. මීට අමතරව පිට පළාත් වල පුද්ගලික බැංකු සඳහාද යම් යම් සේවාවන් සපයනවා. මතුපිටින් බලලා තීරනයකය්ට එන එක වැරදියි. අනෙක් කරුණ මේ බැංකු පිහිටවූ අරමුණු. ඒවා තුල හිඳිමින් තමයි ඉදිරියට යන්න වෙන්නේ.

      ලොකුම ප්‍රශනය ගනුදෙනුකරුවන් ප්‍රමාණය, සහ ගිණුම් ප්‍රමාණය.

      Delete
    4. අපේ මහජන බැංකුව දැන් ඔබ සිතනවාට වඩා වෙනස් වෙලා .වෙනස ඇවිත් බලන්න.

      Delete
    5. ඔයා මහජන බැංකුවේද වැඩ කරන්නේ ? මොන බ්‍රාන්ච් එකේද?

      Delete
  6. සම්පත් බැංකුවනම් එවෙලේම කාඩ් එකයි PIN අංකෙයි දෙනවා වගේ තමා මතක..

    PIN අංකය වෙනුවට ඇඟිලි සළකුණු යොදා ගන්න පුලුවන්නම් කිසි ගැටලුවක් නෑ..

    ReplyDelete
    Replies
    1. එවැනි දියුණු ක්‍රම වෙනත් රටවල භාවිතා වෙනවා. මගේ මතකය නිවැරදි නම් නවසීලන්ත බැංකුවක් ඇසේ කළු ඉගිරියාව මගින් ගනුදෙනු කරු හඳුනා ගන්න පර්යේෂණ පැවැත්වුවා. අපේ රටේ කාලගුණික තත්වත් සමහර දේවල් වලට බාදා පමුණුවනවා.(දුවිලි)

      Delete
    2. android phone එක හරහා atm යන්ත්‍රවලින් මුදල් නිකුත් කරන්න debold ආයතනය පරික්ෂන පවත්වනවාලු...

      Delete
    3. වටපිට බලන් ඉන්න අය හිතයි "බැංකුවට වැරදිලා වත්ද කියලා" නිකම්ම සල්ලි එලියට එනකොට.

      Delete
    4. තමන්ගේ ගිණුමේ විස්තර බලාගන්න ,ඇන්ඩ්රොයිඩ් ඇප් එකක් හදුන්වාදෙන්න අපේ බැංකු වලට බැරිවෙයිද ?

      Delete
  7. කොහොම හරි කට්ට කාල කාඩ්එක ගත්තත් හදිස්සියෙ හරි කාඩ් එක ලොක් වෙලා අලුතින් පින් අංකයක් ගන්න ගියාම තමයි එපා වෙන්නෙ.

    ReplyDelete
  8. ජංගම දුර කථන මගින් PIN නොම්මරය යැවීම ගැන මගේ නම් කැමැත්තක් නෑ. කොහොමත් කෙතරම් පහසු උණත් credit card භාවිතාවේදී ඉතාම සැලකිලිමත් විය යුතු බවයි මා නම් හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. සමහර දියුණු දේවල් ලත් තැනම ලොප් වෙන්න, ගනුදෙනුකරුවන් ඒ ගැන දක්වන කැමැත්ත පදනම් වෙනවා.

      Delete
  9. අපේ මහජන බැංකුවේ නම් ATM මැෂින් එක ඉස්සරහ වැඩි දවසට තියෙන්නේ මොනවාම හරි හෙතුවකට තාවකාලිකව වසා ඇත කියලා බෝඩ් ලැල්ලක්. ටවුමටම තිබ්බේ මහජන බැංකුව විතරක් උන කාලේ ගනුදෙනු කලාට ලංකා බැංකුවක් දැම්මට පස්සේ ඒකෙත් පටං ගත්තා එකවුන්ට් එකක්. ඒකත් රාජ්‍ය බැංකුවක් උනාට සර්විස් එක මහජන බැංකුවට වඩා ගොඩක් හොදයි

    ReplyDelete
    Replies
    1. මේ දෙකෙන් කොතැනට ගියත් අපි සතුටු වෙනවා.

      Delete
    2. සමහර atm යන්ත්‍ර තියෙනවා නඩත්තු කරන ආයතනය ඒවා නවීකරණය කරන්න අදිමදිකරන. බොහෝ පරණ කාණ්ඩයේ මුදල් දමන යන්ත්‍ර වලට නව කාණ්ඩයේ මුදල් නෝට්ටු යොදන්න පුලුවන් විදියට හදන්න බෑ කියනවා. එවිට පරණ කාණ්ඩයේ 100 නෝට්ටු අලුතින් නිකුත් නොකරන නිසා වරකට වඩා භාවිතා කරන ලද 100 නෝට්ටු යන්ත්‍රයට යෙදුවම බොහෝවිට යන්ත්‍රය තුල එම නෝට්ටු හිර වෙලා යන්ත්‍රය ක්‍රියාවිරහිත වෙනවා.. මේ පරණ යන්ත්‍ර හදන්න පුලුවනි එම යන්ත්‍රයේ භාවිතා නොකළ ලාච්චුවකින් කෑලි හොයාගන්න පුලුවන්නම්. යන්ත්‍රය එක්ක ලාච්චු 2ට වඩා ලැබුනත් පාවිච්චි කරන්නෙ ලාච්චු 2 බැවින් බොහෝ ශාඛා මේ ලාච්චු වෙන්දේසි කරනවා යන්ත්‍රයට ඕන ලාච්චු 2ක් විතරයි කියලා..

      Delete
    3. මේ අභ්‍යන්තර පැත්තේ තියෙන කටුක කම ගනුදෙනු කරුවන්ට දැනෙන්නේ නෑ. මේවාගේ තියෙන සෙනස්ර් ඉක්මනට යන්නේ අපේ කාලගුණික තත්ත්ව වලට ඔරොත්තු දෙන්නේ නැති කමට.

      Delete
    4. අපේ රෙප් මහත්තය කියන්නේ බොහො පරණ කාලේ කතාවක් වගේ.
      මොකෝ රාජ්‍ය බැංකු ශාකවල් දැන් අලුතෙන් විවුර්ථ කරන්න දෙන්නේ නැහැ.
      මo දන්නා විදිහට ලංකාවට මුලින්ම ATM කාඩ් එකක් හදුන්වා දුන්නේ මහජන බැංකුව, 1980 ගණන් වල.
      පටන් ගන්න කොට වැරදීම් වෙනවා වැඩියි.
      දැන් මහජන බැංකුවක ATM එකක් ඩවුන් වෙනව හරි අඩුයි.

      Delete
    5. අපේ රෙප් මහත්තය කියන්නේ බොහො පරණ කාලේ කතාවක් වගේ.
      මොකෝ රාජ්‍ය බැංකු ශාකවල් දැන් අලුතෙන් විවුර්ථ කරන්න දෙන්නේ නැහැ.
      මo දන්නා විදිහට ලංකාවට මුලින්ම ATM කාඩ් එකක් හදුන්වා දුන්නේ මහජන බැංකුව, 1980 ගණන් වල.
      පටන් ගන්න කොට වැරදීම් වෙනවා වැඩියි.
      දැන් මහජන බැංකුවක ATM එකක් ඩවුන් වෙනව හරි අඩුයි.

      Delete
    6. ATM එකක් ඩවුන් වෙන්න විවිධ හේතු කාරණා තියෙනවා. ඉතිං ඒ නිසා ඒ ගැන මොනවත් කියන්න විදියක් නෑ. රොෂාන් කියනවා වගේ සමහර යන්ත්‍ර හදන්න ඒවා විකුනපු සමාගම් පවා අදිමදි කරනවා. අලුත් එකක් ගෙනවිත් ස්ථාපනය කරනවා කියන්නේ ලේසි වැඩක් නොවෙයි. ඒක පසුපස ගොඩක් ලොකු ක්‍රියාදාමයක් තියෙනවා. අනිත් එක අලුත් ඒවා තවමත් පහසුකම නැති පළාත් වලට ගෙනියනවා. විශේෂයෙන්ම උතුර හා නැගෙනහිර. ඒ පැති වලට තමයි වැඩියෙන්ම පහසුකම් ලැබෙන්නේ. මේ ගැන බලන්න අඩුම ගානේ අපිටවත් බෑ. ශාඛාවේ කළමනාකාර තුමාටත් බැරි තත්වයන් එනවා.

      Delete
    7. Dr.Alban ඒ තරම් පරණ කතාවක් නම් මම කිව්වේ නැහැ. මේක පටන් අරන් උපරිම මාස 6 ක් ඇති. කිව්වේ පැලවත්ත ලංකා බැංකු ශාඛාව ගැන. සමහර විට මතුගම ශාඛාවේ උප ශාඛාවක් වෙන්නත් ඇති

      Delete
  10. ඇත්තටම මටත් මේ පින් අංකය තැපැලෙන් එවිම ප්‍රෙෙහ්ලිකාවක් වෙලා තිබුනේ. අදයි දැනගත්තේ ඇයි එහෙම වෙන්නේ කියන එක.බොහොම ස්තුතියි මේ දැනුම්වත් කිරීම ට

    ReplyDelete
    Replies
    1. මම එක දිනක් පාරේ තිබී සම්පත් බැංකුවට අයත් PIN අංකයක් අහුලා ගත්තා. මම ඒ බව එයට අදාලා ශාඛාවේ කළමනාකරුට දැන්වුවා. නමුත් ඔවුන් වෙනත් PIN අංකයක් නිකුත් කරන බව කිව්වා. කාඩ් පත නැතිව PIN අංකය තිබීමෙන් වැඩක් නෑ. එනිසයි එය තැපෑලෙන් යවන්නේ.

      Delete
  11. Credit හෝ debit කාඩ් එකක් ගන්නකොට SMS ඇලට් හදා ගැනීම ඉතා වටිනවා. මොකද වෙන කෙනෙක් කාඩ් එක පරිහරණය කලොත් හරි ව්‍යාජ කාඩ් එකකින් හරි ගණුදෙනුවක් උණොත් වහාම ක්‍රියාකාරී වෙන්න පුළුවන්. අපේ ගොඩක් අය කරන ලොකුම වැරැද්ද කාඩ් හෝල්ඩර් එකේම පින් නම්බර් එක ලියපු කොළ කෑල්ලකුත් ඔබාගෙන යන එක. අපේ ඔෆිස් එකේ උණත් කවුරු හරි බැංකු යනකොට (විශේෂයෙන් පඩි දවසට) හැමෝගෙම කාඩ් ඌට දෙනවා. ඒකත් එක අතකට වැරදි වැඩක්.
    ඒක කියද්දී මතක් උණේ. අපේ අයියා ගාව ABC එකේ කාඩ් එකක් තිබුණා. ඒකෙ ෆොටෝ එකකුත් තියෙනවා. ඒත් මං තමයි ඕකෙන් බඩු ගන්නේ. :D

    ReplyDelete
    Replies
    1. ATM ගණුදෙනුවකදී රු.5ක් කැපෙනවා. ඇත්තටම මේක සාධාරණද? මේ ගැන ඔබෙන් ලිපියක් බලාපොරොත්තු වෙනවා. ATM ගණුදෙනු ගැන ලිපි තිබුණත් සේවාවට මුදල් අය කිරීම ගැන සඳහනක් දැක්කේ නෑ.

      Delete
    2. PIN අංකය මතකයේ තබා ගැනීම තමයි නිවැරදි ක්‍රමය. මම දැකලා තියෙනවා සමහරු ජංගම දුරකතනයේ සටහන් කරන් ඉන්නවා. වෙනත් කෙනෙකුට PIN අංකය දීපු කෙනෙකුටත් දඬුවම් විඳින්න වුණ අත්දැකීමක් අපිට තියෙනවා. ඇත්තටම මේ පාර්ශව දෙකම වැරදියි. දෙයක් වුණාම වගකීම එන්නේ ගිණුම් හිමිකරුට.

      අයියයි මල්ලියි නම් ටිකක් එක වගේ නැතැයි. :)

      හරි අපි ගාස්තු ගැන වෙනම පොස්ට් එකකින් කතා කරමු.

      Delete
  12. පින් අංකය නිසා මමත් අපහසුතාවයට පත් වෙච්ච අවස්ථාවක් මේ ළඟදි උනා.එන්එස්බ් එකේ ගම්පොළ බැංකුවේ මම ගිණුමක් ආරම්භ කරා.එතනදි මගේ පින් අංකය සහිත ලිපිය ගෙදරට ඇවිත් තිබුණේ.මම ත්‍රිකුණාමලයේ සිට නිවාඩු යන ගමන් මගේ ඒ.ටි.එම් කාඩ් පත ගන්න ගියාම ඒ ලිපිය නැතිව කාඩ් එක දෙන්න බැ කිව්වා.ඉතිං මට සිද්ද උනා මාතර ගොස් නැවත ඒ ලිපිය රැගෙන එන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ වගේ ගැටළු බොහෝ විට සිද්ධ වෙනවා. ස්ථිර වාස්ස්තානයෙන් පිට ජීවත් වෙත්දී මේ වගේ ගැටළු ඇති වෙනවා.

      Delete
    2. හරිම සරලයිනෙ. තමන්ට පහසු ශාඛාවක් නම් කරලා මේ ශාඛාවට කාඩ්එක එවන්න කියලා පින් අංකය අවලංගු කරලා පින් අංකයත් ඒ ශාඛාවටම ගෙනල්ලා දෙන්න කියලා ලියුමක් දුන්නානම් මෙච්චර අපහසුවක් වෙන් නෑ නෙ..

      Delete
  13. පින් අංකය තෙවරක් වරද්දලා ගහලා කාඩ්පත යන්තරේ භාරයට ගැනීම මිස වෙනත් අකරතැබ්බයක් නම් තාම වෙලා නෑ....

    ReplyDelete
  14. හපොයි ක්‍රෙඩිට් කාඩ්..... මගේ නම් තිබ්බ ඩෙබිට් කාඩ් එකත් පැත්තකට දාලා තියෙන්නේ... එකවුන්ට් එකේ සල්ලි නැති නිසා... එන්එස්බී එකේ ඩෙබිට් කාඩ් එකක් ගන්න හිතුවට ඒකට එකවුන්ට් එක ඕපන් කරපු ශාඛාවටම යන්න ඕනේ.. ඉතිං ඒකත් කෙරෙන්නේ නෑ... හැමදාම දහ පාලොස් පාරක් අත්සන වරදිනවා සල්ලි ගන්න ගියාම... බැංකුවෙ කට්ටියටත් මාව හොඳට නෝට් දැන් ඔය කේස් එක නිසා.... හි හි

    ReplyDelete
    Replies
    1. නරකද අස්සනට හී හී කියලා ලිව්වොත්. :)

      Delete
  15. මට මාර පරිප්පුවක් සෙට් කළා, 2008 විතර කඩවත එන්එස්බී එකේ හිටිය මැනේජර්. පින් එක ගෙදරට ආවට පස්සේ, මාත් නිවාඩුවක් දාගෙන ගියා බැංකුවට ඒටීඑම් කාඩ් එක ගන්න. (ඒ කාලෙ දුන්න ඒටීඑම් කාඩ් එක වීසා නැති නිකං එකක්.) ගියාට පස්සෙ මැනා අහනව මගෙන්, ‘පින් එක එවපු ලියුම ගෙනාවෙ නැද්ද?‘ කියලා. මං ඇහුවා, ‘ඒ ලියුමෙ තිබුණෙ පින් එක මතක තියාගෙන ලියුම විනාශ කරන්න කියලා. ඉතිං මං ඒක පිච්චුවා‘ කියලා. ඒ පාර ඌ කියනවා, ඒ ලියුමෙ තියෙන කෝඩ් එකකට කාඩ් ටික පිළිවෙලට තියලලු තියෙන්නෙ. කාඩ් එක තෝරගන්න ලියුම ඕනෙලු.

    ReplyDelete
  16. මගේ කාර්ඩ් එක ඞැමෙජ් වෙලා ආයෙත් අලුත් එකක් ඉල්ලුවා, ප්‍රශ්න දහයක් විතර අහලා ආයේ එකක් එවන්න ෆෝරමය පුරවලා දුන්නා දැන් සති තුනකටත් වැඩි තාම නැහැ,

    එක එවන්න ගොඩක් කල් යනවද ,

    ReplyDelete
    Replies
    1. නැහැ තනි දින කාඩ් එකක් නම් එවෙලේම ගන්න පුලුවන්. සමහර ශාකා වල අය ඒ කාඩ් නිකුත් කරන්නේ නැතිව, නමත් එක්ක එන කාඩ් එකක් දෙන්න උත්සාහ කරනවා. එහෙම කාඩ් එකකට උපරිම යන්නේ සති දෙකක්.

      Delete
  17. කාඩ්? බුදු අම්මෝ මං යනෝ.

    අයියෙ කමර්ෂල් බැංකුවෙ අකවුන්ට් එක ඕපන් කරනකොට මගෙන් ඇහුව කාඩ් එක දැං ගන්නවද නැත්නම් නම ගහපු එකක් ගන්නවද කියල. නම ප්‍රින්ට් කරල කාඩ් එකක් දෙන්න සතියක් යනව කිව්ව නිසා මං එවලෙම ගත්ත. pin එකත් කාඩ් එක එක්කම තිබිල දුන්නෙ අර තැපෑලෙන් එනව වගේම කවරෙක.
    දෙවෙනි පාර කාඩ් එකත් සතියක් යන්නත් කලින් ආව.
    හැබැයි අවුල pin එක ගෙදර. මං නුවර. කාඩ් එකත් නුවර.

    මගෙ අර අවුල ලිහාගත්ත අයියෙ. බැංකුවෙන් සහයක් නෑ වගේ තේරුන නිසා නීතිය පැත්තකින් තියල කැලෑ නීතියෙන් අවුල ලිහාගත්ත. atm එකට ගිහාම pin එකත් වෙනස් කරනව දැන් මාසෙකට සැරයක්.

    ReplyDelete
    Replies
    1. ඒක හොඳ පුරුද්දක්.

      Delete
  18. ලංකා බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව වගේ බැංකු නම් පින් අංකය ගණුදෙනුකාරයාට ඕන විදිහට පස්සේ වෙනස් කරගන්න පහසුකම සපයලා තියෙනවා නේද ?

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...