Thursday, June 13, 2013

IDD ගණන් කාලේ වෙච්ච් සීන් එකක්....

ඊයේ මගේ නංගිගේ පුත්‍රයා වෙච්ච් කසුන්, ඒකාගේ දිවි දෙවෙනි කොට තකන, රටේම තියෙන සල්ලි වලින් රීලෝඩ් දානා ජංගමේ මං ගාවට උස්සගෙන ඇවිත් පෙන්නලා කියනවා

"ලොකු මාමේ මේ බලන්න මේ නම්බර් එක, මේකෙන් මට කෝල් එකක් ආවා, මමත් කථා කළා. අන්තිමට විනාඩියකට 25ක් විතර මගෙන් කැපිලා"

මම ඒ වෙලාවේ හිටියේ චැම්පියන්ස් කුසලානය වෙනුවෙන් කෙරීගෙන යන, CricTurf වෙබ් අඩවියේ සිදත් සමීරගේ ඕව(ර්)ත්රෝ කියන +Google Hangout සාකච්ඡාවට පෙර සුදානම් වෙමින්. මම ඒ වෙලාවේ හැටියට වැඩිය කථා කරන්න යන්නේ නැතිව දුන්න උත්තරේ තමයි

"දන්නැති නම්බර් වලින් එන කෝල්ස් වලට ආන්සර් කරන්න යන්න එපා" කියන එක. 

දැන් දුරකථන ඇමතුමකට කොයි තරම අඩුවෙන් අය කරනවාද කියලා දන්නේ එක්දාස් නමාසිය අනු පහේදී වගේ ජංගම දුරකතනයක් පාවිච්චි කලානම්. ඒ කාලේ කෝල් එකක් ආවහම විනාඩිය යන්න කලින් කට් කරන්න මාර සටනක් දුන්නේ. ඇයි එන ඒවා කියලා නෑ අස්ප ගණන් තමයි අය කලේ. මේ ළඟදී මගේ ත්‍රී වීල් හිතවතාගෙන් මට කෝල් එකක් ආවා. මම සාගර... සාගර... ගෑවට අනිත් පැත්තෙන් සුවීට් වොයිස් එකක් තියෙන තරුණියක් කථා කළා. මම ආයෙත් ෆෝන් එක කණෙන් අරන් බැලුවා කවුද කතා කරන්නේ කියලා. සාගරම තමයි. 

එටිසලාට් වලත් මේ කෙරුවාව තියෙනවා. ඒ ගන්න කෙනාගේ ෆෝන් එකේ ක්‍රෙඩිට්ස් නැත්තම ලබන එකාගෙන විමසනවා යාලුවට සල්ලි හිඟයක්, තමුසේ ගෙවන්න කැමතිද ? කියලා. හැබැයි ඔය මම කිව්ව් විදියට රළුවට නෙවෙයි අහන්නේ. අර කලින් කිව්වා වගේ සුවීට් වොයිස් තියෙන කෙල්ලෙක් දම්මලා අහන්නේ. එතකොට ඉතිං අනේ ඔන්න ඔහේ කමක් නෑ කියලා හිතෙනවා. ගෑනු ඉස්සරහ හිට්ලරුත් දන ගැහුවා කියනවනේ. 

මේ කතා දෙක හින්දා මගේ මතකය ඇදිලා ගියේ මම බැංකුවට ආපු අලුත් වෙච්ච සිද්දියක්. ඒ කාලේ හොඳ ලස්සන, අඟර - දඟර අක්කා කෙනෙක් හිටියා. පස්සේ එයා බැංකුවෙන් අස් වෙලා විදෙස් ගත වුනා. මම මුලින්ම සති අන්තෙක බැංකුවේ වැඩ කරපු දවසේ. අපි වැඩ කරපු හරිය තිබුණේ පොඩ්ඩක් ඇතුලට වෙන්න. ඇතුල් වෙන තැනම තියෙනවා අපේ එම්. කේ. මහත්තයාගේ ෆෝන් එක. ඒකෙන් කවුරුවත් කෝල් එකක් නොගන්නේ, කී පෑඩ් එකට උඩින් ලෝක් එකක් අලවලා, ඉබ්බෙක් දාලා තිබ්බ නිසාම නෙවෙයි. එම්. කේ. කියන්නේ ආයි සුද්ද සිංහලෙන්ම කථා කරන බැංකුවේ ආරම්භක සාමාජිකයෙක්. එතුමා ගැන අපි පස්සේ කතා කරමු.

අපේ ඉරෝෂා හරි ආසයි කෝල් එකක් අරන් ටිකක් කථා කර කර ඉන්න. අපි ඒ කාලේ ඔෆිස් ෆෝන් වලින් කෝල් ගන්න හිතන්නේ වත් නෑ. අපි හැමෝම අතේ පේ ෆෝන් කාඩ් තිබුණා. මගේ ගාවත් ජාති තුනකින්ම තිබ්බා. නිතරම ගෙදරට පණිවිඩයක් දෙන්න මේවා නැතුව බෑ. ඔන්න ඔය වගේ වාතාවරණයක් තිබ්බ කාලෙක තමයි මේ සිද්දිය වුණේ. අහම්බෙන් කෙනෙක් ගාව ගඩොල් භාගයක් තිබ්බත් කවුරුත් ඒවා කථා කරන්න භාවිතා කලේ නෑ. ඒවා වැඩි හරිය පාවිච්චි කලේ මෙසේ උඩ තියෙන කඩදාසි හුළඟට යන එක නවත්තන්න. 

ඉරෝෂා නිතරම මේ ෆෝන් එක පැත්තේ හොර ගල් ඇහිඳින්නේ, කාගෙන් හරි කෝල් එකක් එයි කියන බලාපොරොත්තුවෙන්. මෙහෙම ෆෝන් එක පැත්තට ගිය ඉරෝෂා පැය කාලකින් විතර හති දාගෙන දුවන් ඇවිත් කිවා 

"අන්න කැනඩා ගිය මානෙල්ගෙන් කෝල් එකක් මමත් මෙච්චර වෙලා කථා කර කර ඉඳලා ආවේ. ඔගොල්ලන්ටත් කථා කරන්න ඕනේ කිව්වා"

මේ ටික ඇහුවා විතරයි කට්ටිය හැල්මේ දුවල ගිහින් පෝලිමේ පොර කනවා කථා කරන්න. කොහොමින් - කොහොමින් හරි වැඩේ නැගලම ගියා. වැඩට ඇවිල්ල මාස දෙකක්වත් නැති මා එක්කත් කතා කරන්න තරම් මානෙල් අක්කා හරි නිහතමානී වෙච්ච එක ගැන මට ඇති වුණේ පුදුමාකාර සතුටක්. ඇයි ලංකාවේ ඉන්නකොටවත් මං එක්ක ඔච්චර වෙලා කථා කරලා නෑ. 

මේ සිද්දිය වෙලා ටික දවසක් ගත වුණා. ඒ කාලේ අපේ සෙක්ෂන් එක භාරව හිටිය මිස්ට ගුණසේකර ඇවිත් කියනවා 23න් වෙනි සෙනසුරාදා වැඩ කරපු ඔක්කොම කට්ටියට මිස්ට කුමාරපතිරණ(අපේ සහකාර  සාමාන්‍යධිකාරී වරයා) කථා කරනවා කියලා. එයාගේ පොත් වගයක් පෙරලලා නම් ලිස්ට් එක කියවාගෙන ගියා. මගේ නමත් ඔය අතරේ තිබුණා. මම, රොහාන්, හරන් ඇතුළු අලුතෙන් ආපු කීප දෙනෙන්ක්ගෙම නම් කියවුණා. අපිව ගෙන්නපු කුමාරපතිරණ මහත්මයා කටහඬ අවධි කළා

"මේ වැඩේ කරපු කෙනා ඉදිරිපත් වුනේ නැත්තනම් මට සිද්ධ වෙනවා ඔයාලා කට්ටියගේ පඩියෙන් මේ ගණන අය කරන්න. චීෆ් එකවුන්ටට් ඩිපාට්මන්ට් එකෙන් අහල එවල තියෙනවා මේ ගැන. එක කෝල් එකකට රුපිය දහදාස් හත්සිය පනහක්. කවුද මේ කෝල් එකක් ගත්තේ"

අපි කවුරුවත් කථා කලේ නෑ. කුමාරපතිරණ මහත්මයා නැවතත් කථා කළා

"හරි මට කියන්න මේ කෝල් එකට මුලින්ම ආන්සර් කරපු කෙනා කවුද කියලා"

ඔන්න එතකොට ඉරෝෂා "මම සර්" කියලා ඉදිරිපත් වුණා.

"හරි මේ කෝල් එක ඔයාලා ගත්තේ නැත්නම්, ඒකත් එකටම මේක ආපු කෝල් එකක්. එහෙම කෝල් එකක් ආවහම අහනවා අපි ගෙවන්න කැමතිද කියලා. එහෙම ඇහුවේ නැද්ද ?"

ඉරෝෂා : "නෑ සර් එහෙම ඇහුවේ නෑ"


"මට දැන් තේරෙනවා වෙලා තියෙන දේ. ඉන්කමින් කෝල් එකක් කියලා කථා කලේ නේද ? එතකොට ඔයගොල්ලෝ කට්ටියම කථා කලාද ?"

සැවොම : "ඔව් සර්"

"තමුසෙලා හරි මිනිස්සු කට්ටියක් නේ. ඔහේ ආව නිසා කතා කර කර හිටියා. කාගෙන්ද ? කොහෙන්ද ? මේ කෝල් එක"

ඉරෝෂා "සර්. මානෙල් අක්කාගෙන් ආවේ. අර ඉස්සර මෙහෙ ඉඳලා කැනඩාවට ගියේ"

ඔන්න ඒ කථාව අහලා එතුමා අන්දුන් කුන්දුන් වෙච්ච ගාණයි. 

"හරි ඔයාලා යන්න මම පොඩ්ඩක් චීෆ් එකවුන්ටන්ට කථා කරලා බලන්නම් ඔයාලා මේකට ගෙවන්න ඕනෙද කියලා. නොදැනුවත්ව වෙච්ච දෙයක් හින්දා මම පලවෙනි වතාවට මෙහෙම කරන්නේ. ආයි එහෙම මෙහෙම වෙන්න බෑ. හරිද ?"

"හරි සර්"

අපි එක හඩින් එහෙම කියලා ආවා. මම ආපු ගමන්ම ගාන හදලා බැලුව. එක්කෙනෙකුට  1790ක්. අන්තිමට මේක ගෙවන්න නොවුනේ පූරුවේ වාසනාවකට. 

මේකෙන් මම කියන්න ආවේ ඉස්සර විතරක් නෙවෙයි දැනුත් මේ වගේ ලබන්නාගේ කැමැත්ත විමසලා දුරකථනය සම්බන්ධ කරන ක්‍රමය තියෙනවා. එහෙම කෝල් එකක් ආවොත් බොහොම පරිස්සමට තමයි තෝරා ගන්න ඕනේ. මොකද මේ වගේ වැඩක් වුනොත් ඉතිං සොරිම තමා. තනියම ගෙවන්න වුනොත්.

බලාගෙන යනකොට මේක ලබන්නා ගෙවන දුරකථන ඇමතුමක්(Receiving Party Pay). 

54 comments:

  1. මානෙල් අක්කට තව ටිකක් කතා කරා නං අනිවා කස්ටියම ගෙදර යවන්න තිබ්බා. එකාට දහදාහ ගානේ වැටුනනං කොහොමෙයි. අර අන්තිමිට ම කියල තියෙන එකට නං මාර ලැයික් හරිය.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ. අපි හිටියේ පපුවේ බිත්තර තම්බගෙන.

      Delete
  2. මානෙල් අක්කත් නියම අංකූරි තමයි බලාගෙන යනකොට.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ හෑන්ඩ් ෆෝන් නැති හින්ද ඔය ලෑන්ඩ් ෆෝන් වල කී පෑඩ් ඉබ්බො දාල ලොක් කරල තිබ්බට දැං ඒක වැඩකට ඇති වැඩක් නෙමෙයි.

      Delete
    2. මම බෝඩ් වෙලා හිටිය ගෙදර ඔය වගේ ලොක් එකක් දැම්ම. සර්වන්ට් ඒ ලොක් එක හෙම්හිට ගලවලා කෝල් අරගෙන ඒ දෙන්න එන්න කලින් අලවලා තියලා.

      Delete
    3. හෑන්ඩ් ෆෝන් එකේ ස්පීකර් එක ලෑන්ඩ් ෆෝන් එකේ මයික් එකට තියල නම්බර් ඩයල් කලාම කෝල් එක ගන්න පුලුවං ලෑන්ඩ් ෆෝන් එකේ නම්බර් ඔබන්නෙ නැතුව.

      Delete
    4. අප්පට එහෙමද කව්ද බං ඔව්වා දන්නේ

      Delete
    5. Tone ඩයල් තියෙන ඒවායේ තමා පුළුවන්. Pulse ඩයල් නම් බැහැ නේ.

      Delete
    6. පල්ස් තියෙන ඒවට කරන දේ විචාරක පහළින් දාල තියෙනව. ඒත් දැනට ලංකාවෙ පල්ස් දුරකථන පාවිච්චියක් නෑ මං හිතන්නෙ.

      Delete
    7. තැංකිව් ප්‍රසන්න තැංකිව්

      Delete
  3. IDD Call ekakadi Caller danwada call eka Receiving Party Pay kiyala.
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. ඔව් ගන්න කෙනා තමයි එක්චෙන්ජ් එකට කියන්නේ එහෙම කරන්න කියලා.

      Delete
  4. ආන්ඩුවේ සල්ලි හෙක් හෙක්

    ReplyDelete
  5. අප්පට සිරි මාර කේස් එකක්නේ වෙලා තියෙන්නේ. ඒ කාලේ අපි නං තප්පර 50න් බීප් එකක් එන්න තමයි සෙට් කරන් හිටියේ. නැත්තං සුම්මා තමා. මේක්‍රමය දැනුත් තියනවනං මාරම වටිනවා මේ පෝස්ට් එක.

    ReplyDelete
  6. Replies
    1. මේක තමයි එහෙමනං කසුන් කොලුවට වෙලා තියෙන්නේ.

      Delete
    2. ඔස්ට්‍ර්ලියාවෙන්, කැනඩාවෙන්, ඇමරිකාවෙන් එන කෝල් වලින් පරිස්සම් වෙන්න වෙයි.

      Delete
    3. කවිකාරියේ බොහොම ස්තුතියි. අවංකවම මාත් මේ ගැන දැනුවත්ව හිටියේ නැ. ඉතිං වෙනම සුදිකට ස්තුති කරන්න ඕන නෑනේ. ඒත් ඔබ බ්ලොග් ලියන එක නවත්තපු එක ගැන නම් අසතුටුයි.

      Delete
    4. එකෙන්ම

      Delete
  7. ඔහොම සිස්ටම් එකක් ඉස්සර නම් තිබ්බා තමයි. දැනුත් තියෙන බව මම දන්නේ දැන්නේ.
    එතකොට අහන්නේ නැතුවත් කපනවා? හරි කෙලියක්නේ යකෝ මේක!

    ReplyDelete
    Replies
    1. ඒකනේ අර අහිංසකයාගේ මල් කෝටා එකට කෙල වුනේ.

      Delete
  8. ටෙලිකොම් දුරකථන ජාලය ඩිජිටල් වෙන්න කලින්, අර පරණ ඇනලොග් ක්‍රමයට තියෙද්දී, 1 ඉලක්කම සඳහා එක්වරක්, 2 සඳහා දෙවරක්..........0 සඳහා 10 වරක්, වශයෙන් ටැප් කරලා, ලොක් කරලා ඉබ්බෝ දාලා තියන හමුදාවේ 'ලොකු ෆෝන්' වලින් ඇමතුම් ගන්න මම බොහොම දක්ෂයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අපිත් ඒ කෙළියම කළා විචාරක තුමා. ලොකුම දේ ටයිමින් වෙන්ස් නොවෙන්න ඒ අංක කොටන එක.

      Delete
    2. ඒ කාලේ හරියට ගානට මිම්මට ටයිමින් තියලා ඔය වැඩේ කරන්න මම 'කප් ගහලා' හිටියේ. සමහරු අඬාගෙන එන්නේ මා ළඟට 'පුෂ්ප නෙලීම' සඳහා ඇමතුමක් අරන්දෙන්න කියලා.

      Delete
    3. අපේ අර දුරකථනය වටේ කැරකිචච මිතුරියත් ඔය වැඩේට දක්ෂයි. මම නොකිව්වට. :)

      Delete
    4. අම්මෝ උඹලා වැදගත් හොරු

      Delete
    5. අප්පා මමත් අවුරුදු දෙකක් විතර මල් බිස්නස් කරේ ඔය විදියට තමා..

      Delete
    6. එක සැරයක් ආරණ්‍යකට දානයක් දෙන්න ගිහින් රෑ ඉන්නකොට එතැන තිබ්බ ෆෝන් එකකින් ඔය වගේ කරලා ලොකු පිනක් රැස් කර ගත්තා අපේ යාලුවෝ සෙට් එකක්.

      Delete
    7. පේනවද අටමගේ ඉරිසියාව. ඇයි දැන් කාලේ නැහැනේ ඒ විදිහට. තිබුනානම් ඕකා අදටත් කෝල් ගන්නේ ඔය ක්‍රමේට.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
  9. හපොයි.. අපේ තාත්තා තමයි මට ෆොන් එකක් අරන් දුන්නේ... 3310 එකක්... හි හි... ඒ 2004දි... CLI වලට ගෙවන්න ඕනේ කාලේ... ඒ කලේ නම් ඉන්කමින් ෆ්‍රී... කොච්චර මල් කැඩුවත් ඉතිං මට නං ගනක් නෑ.. ඔක්කොම කෝල් ඉන්කමිං.... හි හි....

    ReplyDelete
    Replies
    1. අනේ එහෙව් කොල්ලට මේ කෙල්ල දැන් දෙන දුක....අරක ගෙනේන් ... මේක ගෙනේන්....
      මේ ජෝක් හරිය

      Delete
    2. සිරාවට බොට වෙනමම අපායක් මැවෙනවා හිරුවෝ

      Delete
  10. හප්පොච්චි තාත්තේ..... මම නම් අකමැතිම වැඩේ තමයි ෆෝන් එක කනේ තියන් ඉන්න එක අප්පා.. :/

    ReplyDelete
    Replies
    1. කනේ නැතුව කොහේ තියාගන්ඩද බොල

      Delete
    2. කන රත් වෙනවනේ අය්යේ, ඔය කෙම්මල තියන් ඉද්දි, මම නම් කෝල් ගන්නෙත් නෑ, එන එහෙකට ආන්ස්වර් කරන්නෙත් බැරිම නම් තමයි..

      Delete
  11. ඉන්කමින් වලටත් සල්ලි අයකරපු කාලයක් තිබුනා නේද කියලා මතක් වුනා. ඒත් එක්කම ෆෝන් බිල වැඩියි කියලා නාහෙන් අඬන්නේ ඇයි කියලත් හිතුනා ඉස්සර බිල් මතක් වුනාම

    ReplyDelete
    Replies
    1. ඔව්.ඒ කාලේ බිල් දැක්කම බඩ කූල් වෙලා යනවා.

      Delete
  12. මානෙල් අක්කත් කරලා තියෙන වැඩක් , මම අදමයි දැනගත්තේ ඔහොම Receiving Party Pay කියලා ක්‍රමයක් තියෙනවා කියලා .. තවම ,

    ReplyDelete
    Replies
    1. කවිකාරි කියන විදියට දැන් අහන්නේ නැතිවම එවන්න පුළුවන්.

      Delete
  13. //බලාගෙන යනකොට මේක ලබන්නා ගෙවන දුරකථන ඇමතුමක්(Receiving Party Pay). //
    මෙහෙම ක්‍රමයක් තියෙනවා කියලා දැනගෙන හිටියේ නැහැ සුදික.

    ReplyDelete
    Replies
    1. දැන් ටිකක් අඩුයි මට හිතෙන්නේ. දුරකථන ගාස්තු අඩු නිසා.

      Delete
  14. ෆෝන් එක පරිස්සං කොරගන්ඩ බැරි හැටියක් ඈ...

    ReplyDelete
    Replies
    1. සේප්පුවක තමයි දාන්න ඕනේ.

      Delete
  15. කොහොමත් ඔය අන්තර්ජාතික දුරකතන ඇමතුම් නම් සල්ලි කන වැඩක් හී හී...මම ඉතින් දන්නවා හැමදාම දුරකතන ඇමතුම් දෙන හන්දා.

    මේ ඔයාලගේ ෆෝන්ස්වලට පිටින් එන කෝල්ස් වලටත් සල්ලි කැපෙනවද?

    ReplyDelete
    Replies
    1. අපි දන්නේ නෑ. ඔයාලා තමයි එහෙම කරනවා කියලා විකිපීඩියා කියන්නේ :)

      Delete
  16. හරි වටිනා දෙයක් දැනගත්තේ...
    එත් ඉතින් පරිස්සම් වෙන්න කියල මහා ලොකු කෝල් ගොඩක් එන්නෙත් නෑ නොවැ.:D

    ReplyDelete
  17. ඔය කියන්නේ ෆෝන් මට මැජික් කාලේ සිද්දියක්.

    ReplyDelete
  18. Replies
    1. ඔයා ඒ තරමටම මගේ බ්ලොග් එක ගැන දන්නවා එහෙනං.

      Delete
    2. Office awa gaman balana oyage alut Post tiynawada kiyala.
      anit Blog balana oyage "Sade enam obe Blog ta" haraha.
      Jayawewa.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...