Sunday, June 9, 2013

ඔබත් පුංචි පහේ හපනෙක්ද ? එහෙනම් මෙන්න වැහිබර ඉරිදා සන්ධ්‍යාවේ කරන්නට යමක් ....

මේ දවස්වල වැස්ස. ඒ වගේමයි සුළඟ. ගෙදරට වෙලා කොහෙවත් යන්නේ නැතිව කම්මැලි කමේ ඉන්න යට මෙන්න කරන්න නියම වැඩක්. Cryptography(මම ඒ ගැන ඉගෙන ගත්තේ චුලන්ත කුලසේකර  කියන අති දක්ෂ ඒ වගේම නිහතමානී අචාර්ය වරයාගෙන්. මම ඉගෙන ගත්ත විෂයයන්ගෙන් ආසම විෂයයක්) කියන්නේ අද පරිඝණක ආරක්ෂාවට යොදා ගන්නා එහෙත් පැරණි සංකල්පයක් මත ගොඩනැගිච්ච මුලධර්මයක්. ඒකෙන් කරන්නේ ඉංග්‍රීසි හෝඩියේ අකුරු වෙනුවට වෙනත් අකුරු භාවිතා කරලා යවන්න ඕනේ පණිවුඩය යම් ආකාරයක වෙනසකට ලක් කරන එක. එහෙම කරලා යවන ඒවා අල්ල ගන්න අමාරුයි. ඉතින් මට අහම්බෙන් වගේ රීඩර්ස් ඩයිජෙස්ට් කියන සඟරාවේ වෙබ් පිටුවේ තියෙන මේ වගේ ගැටළු අතරින් හිත ගිය එකක්, ඒ වගේම මම විසඳූ එකක් ඔයාලටත් උත්සාහ කරන්න දෙන්නම්. නිවැරදි පිළිතරු සඳුදා හවස නිකුත් කරනකම් කමෙන්ට් වහනවා. නිවැරදි නැති ඒවා නිකුත් කරනවා. එතකොට ඒවා උපයෝගී කරගෙන තව කෙනෙකුට උත්සාහ කරන්න පුළුවන් නිසා.

පහල පින්තුරේ හිස් තැන් වලට එන්න ඕනේ පිළිතුරු වාක්‍ය හොයා ගන්න. ඒ එක් එක් අකුර යෙදීලා තියෙන වාර ගණන තමයි උඩින් තියෙන ඉංග්‍රීසි හෝඩියේ අකුර ඉහලින් තියෙන්නේ. අපි බලමු කවුද හපනා කියලා. මම විනාඩි 13යි තත්පර ගණනකදී මේක විසඳුවා. මේක විසඳලා ඉවර අයට රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාවේ වෙබ් පිටුවේ තිබෙන අනිත් ගැටලුත් විසඳන්න පුළුවන්.

වඩා විශාලව දර්ශනය වීමට පින්තූරය උඩ ක්ලික් කරන්න.

පොඩි උදව්වක් කරන්නම් මේ වාක්‍යයේ මගේ මාතෘකාවේ ඉංග්‍රීසි පරිවර්තනය සැඟවිලා තියෙනවා. ඒ නිසයි මම විශේෂයෙන්ම මේක තෝරා ගත්තේ. අනිත් එක එක තැනකට හරි යන අකුර හොයා ගත්තම ඒ අකුර තියෙන අනිත් තැන් වලටත් අර හොයා ගත්ත අකුර යොදන්න පුළුවන්.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ප.ලි. මෙන්න හරි උත්තරය මම ගත්ත එකේ සාක්ෂිය.


මේකේ online ගේම් එකේ අන්තිම අකුර දැම්ම ගමන් පහල තියෙන screen එක එනවා. සෑහෙන වෙලාවක් කල්පනා කරන්න වුණා අකුර දාපු ගමන් නවත්තන්න පුලුවන්ද කියලා. පස්සේ ඕන දෙයක් කියල "Z" අකුර දැම්ම. දැම්ම ගමන් මේ පහලින් තියෙන screen එක ආවා.




36 comments:

  1. Millions long for immortality who do not know what to do with themselves on a rainy sunday afternoon - Susan Ertz

    ReplyDelete
    Replies
    1. මෙන්න ජයග්‍රාහී වාසනාවන්තිය. මාතෘකාවේ තියෙන වැහිබර ඉරිදා සන්ධ්‍යාව කියන කොටස "rainy sunday afternoon" කියන එක හිරු ඉක්මනටම තේරුම් අරගෙන විනාඩි 15කින් විතර ගැටලුව විසඳුවා. අපේ උණුසුම් සුබපැතුම්.

      Delete
  2. මට නම් බැරියෝ.

    ReplyDelete
    Replies
    1. හමුදා වල යට මේ වගේ code භාෂා වැදගත්.

      Delete
  3. මටත් අමාරුයි. උත්සහ කලත් මාස දෙක තුනක් සමහරවිට ඒටත් වැඩි කාලයක් යන්න පුලුවන්. එහෙම වෙලත් උත්තරය හොයාගන්න බැරි වෙන්න පුලුවන්.මම අනිත් අය විසඳනව බලන් ඉන්නම්. ක්‍රීඩාවකට නරඹන්නොත් ඕනැනෙ.

    ReplyDelete
    Replies
    1. ඔයා දැනටත් ඒ වගේ වැඩක් කරලයි තියෙන්නේ. නිල් මානෙල් කියලා නම දාල, වෙන මලක පින්තූරයක් දාලා. :)

      Delete
  4. මටත් අමාරුයි. උත්සහ කලත් මාස දෙක තුනක් සමහරවිට ඒටත් වැඩි කාලයක් යන්න පුලුවන්. එහෙම වෙලත් උත්තරය හොයාගන්න බැරි වෙන්න පුලුවන්.මම අනිත් අය විසඳනව බලන් ඉන්නම්. ක්‍රීඩාවකට නරඹන්නොත් ඕනැනෙ.

    ReplyDelete
  5. මටත් මේ විස්තරය අවබෝධ වුනේ නැහැ. නැවත විස්තරයක් කරන්න බැරිද.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මෙතන තියෙන වචන වල අකුරු වෙනුවට ඉංග්‍රීසි හෝඩියේ අකුරු පටලවලා දාල තියෙන්නේ. උදාහරණයකට අපි E කියනේ W කියල හිතුවොත් ELEPHANT කියන වචනේ WHWPHANT වෙනවා. මේ වගේ අනිත් අකුරුත් හෝඩියේ වෙනත් අකුරක් එක්ක මාරු කරලා තියෙන්නේ. හමුදා වලත් මේවා භාවිතා කරනවා කෝඩ් වශයෙන් මම දන්නා තරමින්. මම හිතෙන්නේ මුලින්ම භාවිතා කරන්න ඇත්තේ DoD කට්ටිය තමයි.

      Delete
  6. නැවත වතාවක් මීට වඩා සරලව විස්තර කරන්න බැරිද?

    ReplyDelete
  7. MILLIONS LONG FOR IMMORTALITY WHO DO NOT KNOW WHAT TO DO WITH THEMSELVES ON A RAINY SUNDAY AFTERNOON

    ReplyDelete
    Replies
    1. මේ උත්තරයේ පොඩි අඩුවක් වුණා. ඒත් හරි උත්තරය විදියට භාර ගන්න පුළුවන්. මොකද මේ වාක්‍ය හරියට ගලපන්න පුළුවන් කෙනාට මේ අකුරුම ආදේශ කරලා ලියපු කෙනාගේ නමත් හොයා ගන්න පුළුවන්. ඒ නම වෙන්නේ SUSAN ERTZ.

      Delete
    2. නමක් හන්දා ඒක දැම්මෙ නෑ

      Delete
    3. නමුත් online game එකේදී ඒ අකුර දාන කං දිනුම දෙන්නේ නෑ. ඒ නිසා ඔයාගේ පිළිතුර නිවැරදි වුනත් වාඩාත් නිවැරදි එක නමත් එක්ක තියෙන එක.

      Delete
  8. මට ඉස්සර ඉඳන්ම තිබුන පිස්සුවක් තමයි පත්තරවල ඔය ප්‍රහේලිකා පුරවන එක මම ආසම SUDOKU විසඳන එක. මේ ක්‍රමය මම ඉස්සර මගේ ඩයරිය ලියන්න පාවිච්චි කලා.

    ReplyDelete
  9. මේවා ඉස්සර තරග විභාගවලට තිබ්බා.. දැනුත් තියනවද මංදා...

    ඔලුව වෙහෙසන්න කම්මැලියි.උත්තරය දානතෙක් බලා ඉන්නනම්

    ReplyDelete
    Replies
    1. හරි උත්තරය දාල තියෙන්නේ දැන් බලන්න.

      Delete
  10. අවසාන අකුර තමයි හොයා ගන්න බැරි උනේ. නෙට් එකේ ගහලා හොයා ගත්තේ. විනාඩි 13 ට වඩා නම් ගියා.

    ReplyDelete
  11. මේ link එකේ තියන එක නේද?
    http://www.quotationspage.com/quote/409.html

    ReplyDelete
    Replies
    1. ඔව් මේක තමයි හරි උත්තරේ. ඒකෙ ඉතිරි වෙන අකුරු ටික බැලුවනම් පහසුවෙන් හොයා ගන්න තිබුණා.

      Delete
    2. ඒක බලන්න අමතක උණා.

      Delete
  12. ට්‍ර‍යි කොරලා බලන්න බැරි කමක් නෑ :D

    ReplyDelete
    Replies
    1. ඔව්, හරිගියේ නෑ අනේ :(

      Delete
  13. මට නම් බෑ වගේ...:D

    ReplyDelete
    Replies
    1. බෑ කියලා බැරිය නගේ. බා කියලා බැරිය මලේ. බෑ කිව්වොත් බෑ. බෑ. බෑ. - දොස්තර හොඳ හිත.

      Delete
  14. Replies
    1. ඇත්තටම සංජීව ඔයා මාතෘකාවක් දුන්නොත් මම ඒ ගැන ලියන්න සුදානම්.

      Delete
  15. මම ඔන්න ඇත්තම කියනවා...මම හරිම කම්මැලියි මෙහෙම දේවල් වලට මොළය වෙහෙසන්න...පාසල් යන කාලෙ නම් මේ වගේ දේවල් අතඅරින්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. මුලින්ම මේ ගැටලුව විසඳුවේ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්.

      Delete
  16. අනේ අම්මෝ මේකට කාලය ගන්න බැරියෝ.

    ReplyDelete
  17. මං මේක ගෙදර ගෙනියනවා.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...