Sunday, June 30, 2013

බ්ලොග් සඳහා අචාරධර්ම පද්දතියක් ....

මීට දින කිහිපයකට පෙර මා ලියූ ඔබේ කමෙන්ට් කිරීමේ ප්‍රතිපත්තිය කුමක්ද ? සටහනට අදහස් දක්වමින් බොහෝ දෙනා තමන් අනුගමනය කරන ප්‍රතිපත්තිය අදහස් වලට එක් කොට තිබුණි. කමෙන්ට් කිරීමට මෙන්ම කමෙන්ට් පාළනය කිරීමටද ක්‍රමයක් තිබිය යුතු යයි මගේ සිතට ආවේ, එහි තිබූ යම්-යම් ප්‍රකාශණයන් දුටු විටය. මෙය සිංහල බ්ලොග් අවකාශයට පමණක් සීමා වූ දෙයක් විය නොහැක. වැඩියෙන්ම ලොව බ්ලොග්කරණයේ යෙදෙන ඉංග්‍රීසි මාධ්‍යයේ තත්වය සොයා බලන්නට සිත් වුයේ, එතුල මේ සඳහා විසඳුමක් අනීවාර්යයෙන්ම තිබිය යුතු බව වැටහුණු නිසාය.

ඒ පිලිබඳ සොයා යාමේදී විකිපීඩියා වලින් විසඳුම සොයා ගැනීමට හැකි විය. එහි නිධාන කතාවක්ද වෙයි. 

පින්තුරය ගත්තේ :
onemansblog.com 
කැතී සියෙරා යනු ඇමෙරිකානු පරිඝනක මෘදුකාංග උපදේශිකාවක් සහ පරිඝනක ක්‍රීඩා (Computer Games) වැඩසටහන් සම්පාදිකාවකි (Programmer). එයට අමතරව පරිඝනක වැඩසටහන්කරණය පිලිබඳ ඉතා ජනප්‍රිය Head First නම් පොත් මාලාවක සම ලේඛිකාවකි. එම පොත් සාම්ප්‍රදායික නොවන අයුරකින් ඉදිරිපත් කිරීම විශේෂත්වයකි. TerraTpoia නමැති පරිඝනක ක්‍රීඩාවේ ප්‍රධාන ශිලිපිණිය ඇයයි. සියෙරාගේ පොත් මාලාවේ පොත් තුනක් Jolt Awards නමැති සම්මාන උළෙලේ සම්මාන සඳහා නිර්දේශිත නාමයන් අතරට එක වී තිබූ අතර , 2005 දී Head First Design Patterns ග්‍රන්ථය 2005 සඳහා Jolt Award සම්මානයෙන් පිදුම් ලැබීය.  එම පොත Amazon.com හී මුල් පොත් දහයේ ලැයිස්තුවේ 2003-2005 දක්වා ඇතුලත්ව තිබිණි.  
2007දී පවත්වන්නට  නියමිතව තිබූ O'Reilly ETech conference නමැති සම්මන්ත්‍රණය ඇය හදිසියේම අවලංගු කරන්නේ බ්ලොග් පොස්ට් එකක් මගින් සහ ඊ මේල් පණිවුඩ මගින් ඇයට ලැබෙන මරණීය තර්ජන නිසාය. එක්තරා බ්ලොග් පොස්ටුවක ඇගේ ගෙලට තොන්ඩුවක්ද දමා තිබිණි. ඉන් තැති ගත් ඇය මෙසේ ලීවාය
 "මම සියලුම දේශණ අවස්ථා අවලංගු කලෙමි. මගේ නිවසින් පිට වීමට බියෙන් පසු වෙමි. මට වෙනදා හැගීම් නොදැනේ. මම වෙනදාට වඩා වෙනස් වෙන්නෙමි"
ඉහත සිද්දිය පාදක කර ගනිමින් ටිම් ඔරිලි මහතා බ්ලොග් කරුවන් උදෙසා අචාරධර්ම පද්දතිය සම්පාදන කරන ලදී. එහි සංක්‍ෂිප්තයක් විකිපීඩියාහී ඇත. මා මෙහි පල කරන්නේ එහි පරිවර්තනයකි.  

 බ්ලොග් කරුවන් සඳහා වන ආචාරධර්ම පද්දතියක් යෝජනා කරන්නේ ටිම් ඔරිලි මහතාය. එහි තේමාව වන්නේ "බ්ලොග්කරණයේදී ශිෂ්ඨසම්පන්න වීම සහ කමෙන්ට්ස් පාලනය (Moderate)" යන්නය. එයට හේතු වන්නේ කැති සියෙරා නමැති බ්ලොග් කාරිනියට 2007 දී තර්ජන නිසාය. මෙහි මූලික අදහස මුලින්ම ඵල කලේ බී.බී.සී. ප්‍රවෘත්ති සේවයයි. ඒ ඔරිලි මහතාගේ කියමනක් උපුටා දක්වමිනි. "මම හිතනවා අපිට යම් ආචාරධර්ම පද්දතියක අවශ්‍යතාවක්  සහ කුමක්ද පිළිගතහැකි හැසිරීම  යන්න යන අවශ්‍යතාවක් තිබේ කියා.  එය නීති මාලාවක් නොවී ස්ව-නියාමනයක් ලෙස ඇති වේ කියා මම විශ්වාස කරනවා. 

අයර්ලන්තයේ ඵලවන Sunday Business Post නමැති පත්‍රයට ලියන ඩබ්ලින් හී රේඩියෝ නිවේදකයකු සහ පුද්ගල සබඳතා පිලිබඳ උපදේශකයකු වන සයිමන් පැල්මර් 2009 දී මෙය මතු කරනවා. ඒ අයිරිෂ් බ්ලොග් මගින් සේවාදායකයෙකු ගෙන එන වැරදි තොරතුරැ නිසා. ඔහුගේ කමෙන්ට් වලින් පසුව ඔහුට Online අපයෝජන චෝදනා අයිරිෂ් බ්ලොගර්ස් මගින් එල්ල කරනවා. නිර්නාමික(ඇනෝ) බැන අඬ ගැසීම් එල්ල වනවා. මරණ තර්ජන පවා එල්ල වනවා. 

New York Times පුවත් පතට අනුව, ඔරිලි සහ ජිමී වේල්ස් මහතා පදනම් කරගෙන ඇත්තේ BlogHer නමැති කාන්තා බ්ලොග් සඳහා වන සහයක ජාලයක් විසින් කෙටුම්පත් කල ලැයිස්තුවක් සහ තවත් කිහිප දෙනෙකුගේ දායකත්වයන්. කරුණු හතක අඩංගු ලැයිස්තුවක් ඔවුන් සම්පාදන කොට ඇත
  1. ඔබ ලියන දේ පිළිබඳව මෙන්ම එහි ඵල වන කමෙන්ට් සම්බන්ධයෙන් වගකීමක් ඔබ විසින් දැරිය යුතුය. 
  2. අපයෝජන සහිත කමෙන්ට් පිලිබඳ මට්ටම ඔබ විසින් ලේබල් කල යුතුය. 
  3. නිර්නාමික(ඇනෝ) කමෙන්ට් ඉවත් කිරීම පිලිබඳ සලකා බලන්න.
  4. බැන අඬ ගැසීම් නොකරන්න.
  5. අවශ්‍ය සාකච්චා බ්ලොග් වලින් පිට සිදු කරන්න(offline).  කෙලින්ම කථා කරන්න. එසේත් නැතිනම් එසේ කල හැකි අතරමැදියෙකු සොයා ගන්න.
  6. කවුරුන් හෝ නරක ආකාරයේ හැසිරීමක් පෙන්වයි නම්, ඔවුන්ට එය පවසන්න. 
  7. පුද්ගලිකව හමු වී කිව නොහැකි කිසිම දෙයක් බ්ලොග් එක මගින් (online) නොපවසන්න.
හොඳයි. මේ නීති අචාරධර්ම පද්දතිය පිලි පදින්න මා සුදානම්. සහෝදර බ්ලොග් කරුවන්/කාරිණියන් වන ඔබ සූදානම්ද ? කමනේට් කරන ඔබ සුදානම්ද ?

මෙය නොයෙකුත් තර්ජන, ඝර්ජන සහ බියගැන්වීම් හෝ සිත් කලකිරීම් නිසා බ්ලොග්කරණය අත් හැර දැමූ සියලුම සහෝදර බ්ලොග්කරුවන්/කාරිණියන් වෙත පුදමි.    

ඔරිලි මහතාගේ  පින්තුරය සහ තොරතුරැ www.wikipedia.org ඇසුරෙනි. 

126 comments:

  1. නිතී පද්දතියනම් හොදයි, හැබැයි සමහර ඒවා ලංකාවේ අපේ අයට ගැලපෙන්නේ නැහැ වගේ හිතෙනවා නේද ?
    උදාහරනෙකට මේක ගමු,

    //කවුරුන් හෝ නරක ආකාරයේ හැසිරීමක් පෙන්වයි නම්, ඔවුන්ට එය පවසන්න.//
    ඕක දැක්කට කියන්න බැරි එකනේ වැඩේ , කියන්න ගියොත් ඕක වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේ නැහැ... ඒක නිසා දැක්කත් නොදැක්කා වගේ ඉන්න එකයි හොද නේද සුදික අය්යා.

    ReplyDelete
    Replies
    1. අපේ බ්ලොග් එකේ ඵලවන පොස්ට් වලට සහ කමෙන්ට් වලට අප වග කිව යුතු නම්, ඔය කියන කොටසත් අපිට කරන්න සිදු වනවා. තමන්ගේ බ්ලොග් එකේ තිබෙන දේ පාළනය කිරීමට තමන්ට හැකි විය යුතුයි නේද ?

      Delete
  2. සුදීක, මම තවම බ්ලොග් ලෝකයේ අවුරුදු එකහමාරක් විතර ගතකර තිබෙන්නේ. මේ කාලය තුළ මා ලද අත්දැකීම් අනුව, සමහර බ්ලොග් අඩවි තුළ කෙරෙන සංවාද වලින් පෙනෙන්නේ, තවමත් ප්‍රාථමික මිනිස් ගති ලක්ෂණ සහිත බ්ලොග් ලියන්නන් සහ අදහස් දක්වන්නන් සිටින බවයි. ශිෂ්ඨ සම්පන්න බව තිබිය යුත්තේ බ්ලොග් ලිවීමේදී පමණක් නොවෙයිනේ. එය තමන්ගේ සමස්ත චර්යා රටාවේම තිබියයුතු දෙයක්. සමහර අය හිතන්නේ බ්ලොග් අවකාශය තුළ ඕනෑම දෙයක් දෙසාබෑම තමන් සතු පරම අයිතියක් ලෙසයි. මේවා කියවන්නේ 'තමන් වැනිම අය' නම් ඒ ගැන ප්‍රශ්නයක් නැත. එහෙත්, බ්ලොග් අවකාශය යනු 'නිරුවත් වෙරල තීරයක්' නොවේ, යන්න පිළිගැනීමට මැළිවන පිරිසක්ද සිටින නිසා, ඇතිවී තිබෙන තත්වය මම ඔබට අමුතුවෙන් කියා දියයුතු නැහැ. අප සියළුදෙනා තුළම පංචකාම රසයට ඇල්ම තිබෙනවා. එහෙත් ඒ සියල්ල ප්‍රසිද්ධියේ එළියට දැමීම යථාර්ථවාදී බවයැයි සිතීම මුලාවක්. (ගුණදාස අමරසේකරයන් පවා තම කෘති ගැන පසුව පසුතවුණු අවස්ථා තිබුනා) අපේ සමවයසේ පිරිසක් රැස්ව යෙදෙන සතුටු සාමීචියකදී කීමට සුදුසු දේ මෙලෙස විවිධ වයස් මට්ටම් අතර බෙදාදීම හපන් කමක්ද? තම ගෙදොරකඩ නිරුවතින් සිටගෙන, 'මෙන්න මම නිරුවතින්' කියා කෑ ගසන අතරම, 'බලන්න ඕනේ නැත්නම් නොබලා ඉන්නවකෝ' කීම ප්‍රාථමික (primitive) ලක්ෂණයක් විනා වෙන අන් කවරක්ද? මම මෑතකදී මගේ අඩවියේ නිර්නාමිකයනට ඇතුළුවීමට ඉඩ ලබාදුන් අතර, කිසිදු 'අසැබියකු' මෙතෙක් ඇතුළු නොවීමෙන් මට පසක් වන්නේ එවන් අය සඳහා මගේ අඩවිය තුළ නිමිති සොයාගැනීම අපහසු බවයි. මේ සේ අප විසින්ම නිමිති පෙන්වා නොදුන් තරමට බ්ලොග් ලෝකය ශිෂ්ඨ සම්පන්න වනු ඇති. එහෙත් ඒ තුළ ශ්රුන්ගාරය, හාස්‍යය, (තැනට සුදුසුවන ශිෂ්ඨ වචන සහිත කාමයද සහිත)තිබිය යුතුයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. විචාරක,එකෙන්ම එකඟ වෙමි

      Delete
    2. විචාරක මහත්මයාණනි : මමද ඔබ කියන දෙයට 200%ක් එකඟ වෙමි.

      Delete
    3. අන්න හරි. හරියටම හරි.

      Delete
  3. මම නම් එකඟ නෑ. නමුත් සුදීක එකඟ වෙන එක සාධාරණයි. මොකද සුදීක නමින් පෙනී සිටිනවා. මම මුලින්ම නමෙන් පෙනි නොසිටීමටත්, හමුවීම් සීමා කිරිමටත් සිතා ගත්තේ බ්ලොග් ලියන්න ඉස්සෙල්ලා, බ්ලොග් ගැන කියවපු නිසා. ඒක මගේ එදා ඉඳලා තියෙන පුරුද්දක්. ටැබූ නිසා බ්ලොග් කියවපු, කකා නිසා බ්ලොග් ලියන්න පටන් ගත්ත මට. ටැබූගේ සිස්ටම් එක. කකාගේ සිස්ටම් එකට වඩා අගය කරනවා. කකාට අද වෙලා තියෙන දේ පේනවනේ. අනික් කාරණය එක හමුවකින්ම මම බ්ලොග් ලියන අය ගැන කළකිරුණා. ඒක වෙනී දන්නවා.

    සුදීක මේ ළෝකේ ඉන්න මිනිස්සු විවිධාකාරයි. ඔබේ කොමෙන්ට්ස් ගැන පෝස්ට් එකට කෙන්ජි දමා තිබූ කොමෙන්ටුවත් මම අනුමත කරන්නේ නෑ. ඒක කෙන්ජි උනත් පිලිගනීවී. නමුත් අපිට හික්මීමක් තියෙන්නේ ඕන ඒ දේ එතනින් අවසන් කරලා. හිතවත් කම දිගටම ගෙනියන්න. එහෙම නැතිව ඒ දේ හිතේ තියාගෙන පැසව පැසව ඉන්න එක, බුද්ධිමත් කමේ ලක්ෂණයක් නොවෙයි. ඔබේ බ්ලොග් එක ගැන තීරණය ඔබේ අතේ.. මම නම් ඇනෝලට උපරිම නිදහස දීලා තියෙනවා. අති දරුණු කුණුහරුප විතරයි ඉවත් කරන්නේ. මගේ අදහස නම්. ඕනම තැනක සියළුම මතයන් නියෝජනය විය යුතුයි කියන එක.

    ඒකට නීතී මගින් බාදා දාන්න මම කැමති නෑ. මට ඕන නිදහසේ අදහස් ප්‍රකාෂ කරන්න. මම බ්ලොග් වලට කැමතිත් ඒකයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ බ්ලොග් අඩවිය සහ ඔබේ සින්ඩිකේටරය පටලවාගනීමට හේතුව මම ඊයේ පෙරේදා කල්පනා කරා. මුලින්ම බ්ලොග් බැලුවේ සිංහල බ්ලොග් කියවනයෙන්. එතනදී මට ඔබේ බ්ලොග් අඩවිය හමු වුණා. පස්සේ මම සාමාජිකයෙක් වුණේ ඔබේ සින්ඩිකේටරයේ. ඉතිං ඒ වෙත්දී මගේ තිබුණ අඩු දැනුම නිසා එහෙම වෙන්න ඇති. නමුත් එතනදී ඔබ උරණ වුණේ නෑ. එය ඔබගේ මහත්මා ගතිය නැතිනම් පරිනත බව. නමුත් එය අවස්තාවක් කරගෙන කෙන්ජි මට පහර දීම සදාචාරාත්මකද ? එය නිර්නායකයක් ලෙස ගෙන මගේ පුද්ගලික ජීවිතය තීරණ කිරීම කොයි තරම් සාධාරණද ? ඔහු පූර්ව නිගමනයක සිටියා කියා මා විශ්වාස කරනවා.

      Delete
    2. මාධ්‍යකරණයේ යෙදෙනවනම්, ඒ දේවල් දරාගන්න පුළුවන් වෙන්න ඕන සුදීක.. ප්‍රභළ මාධ්‍යකරුවෙක් කියන්නේ ජීවීතයටවත් බය නැති, නොසැලෙන මිනිසෙක් වෙන්න ඕන. ඒ වගේම සෘජූ, සංවේදි කෙනෙක් වෙන්නත් ඕන. ඉවසීම ඉහලින්ම තියෙන්න ඕන. අනික අනෙකාගේ මතයට ගරි කිරීමත් කරන්න ඕන.

      මෙතන ඔයිට වඩා දේවල් මට වෙලා තියෙනවා. ඒක ඔබ මගේ බ්ලොග් එක බලපු නැති නිසා දන්නෙ නෑ. නමුත් ඒ කොමෙන්ට් මම අදටත් මකලා නෑ. ඒ දේවල් ඔබට උනා නම්, ඔබ බ්ලොග් එක වහලා. කීප දෙනෙක්ම එහෙම වහලා දාපු බවත් ඔබ දන්නවනේ. නමුත් මම නම් ඒවලින් සැලුනේ නෑ. ඒවට ඒ ආකාරයෙන්ම උත්තර දුන්නා.

      කෙන්ජි කියන්නේ නරක මනුස්සයෙක් නෙමෙයි. නැතිනම් සමාව ඉල්ලන්නේ නෑ නේ. මම ඔය සමාව ඉල්ලපු පුදගලයෙක් මේ බ්ලොග් අවකාෂය තුලදි දැක්කමයි.

      Delete
    3. ඔබේ බ්ලොග් එක සම්බන්ධ දේ මම ඔබේ බ්ලොග් එක කියවලාවම තේරුම් ගන්නම්.

      කෙන්ජි ගැන මටත් හරිම පුදුමයි. ඔහු මේ වෙනකම් මට කරපු කිසිම කමෙන්ට් එකක නොදැක්වූ ලක්ෂණයක් එදා තිබුණා. සමාව ඉල්ලුවාම මටත් පුදුමයි.

      Delete
    4. මට අදල නැති කතවකට මැදට පනිනවා කියලා හිතන්න එපා. ඒ කොමෙන්ටුවට මම ගොඩක් හිත රිදව ගට්ට. ටික වෙලාවක් යනකන් මගේ ඔළුව අතුල එක ඇහෙනවා ඇහෙනවා වගේ දැනුනා.
      අද තමයි හිත හැදුනේ

      Delete
    5. @මාතලන්
      //එක හමුවකින්ම මම බ්ලොග් ලියන අය ගැන කළකිරුණා//

      ඔයා ගියේ කන්දෙ වැරදි පැත්තෙ තිබ්බ හමුවට

      Delete
    6. @ ඕනයා

      එතකොට ඔයා හිටියේ තාපසයා හිටපු පැත්තෙද ..?

      Delete
    7. @ඕනය
      උබ දැන් ලියන්නේ නැද්ද ?

      Delete
    8. @SilentSahan
      මම ඒකට ආවෙ නෑනෙ වස්තුවේ.

      @sanjeewa mendis
      :D කොමෙන්ට් වලිං තමා ගේම ගෙනියන්නෙ මේ දවස්වල

      Delete
  4. සුදීක ඔබ සිතා මතා යම් යම් දේ අමතක කර ඇති බවක් පේනවා...කොහොමත් එකිනෙකාට ගරු කරන බ්ලොග් ලෝකයක් බිහි වෙන එකක් නැහැ..මම දැනට හඳුනාගෙන ඇති විදිහට මහත්මා බ්ලොග් කරණයේ යෙදෙන්නේ " සයුරි " විතරයි ... අපි හැමෝම එයාගෙන් ඉගෙන ගන්න ඕනේ දේවල් ගොඩයි...

    ( කියන්න නම් දේවල් තියේ ..ඒත් වෙලාව නැහැ සුදීක )

    ReplyDelete
    Replies
    1. මට කුමක් හෝ අමතක වී ඇතිනම් මතක් කර දෙන්න සහන්. සිතා මතා කිසිවක් අමතක කර නෑ. වැදගත් දෙයක් නම් අමතක වී තිබෙන්නේ ඉක්මනින් මතක් කරන්න. එය කියවන අයට කල හැකි සාධාරණයක්.

      සයුරි හොඳ කෙනෙක්. තවත් බොහෝ අය සිටිනවා.

      Delete
    2. මම ඒ ගැන සඳහන් නොකළේ ඔබේ සිත් රිදවීමක් විය හැකි නිසා..බ්ලොග් හුට-පට නිසා පුද්ගලයෝ විදිහට සිත් තැවුල් ඇති කරගෙන වැඩක් නැහැනේ අපි...සුදීකගේ මතය වෙන එකක් වෙන්න පුළුවන් මගේ එක වෙන එකක් වෙන්න පුළුවන්... ( අපි බලමු අනිත් ඇයගේ කමෙන්ට්ස් මේ පෝස්ට් එකට වැටෙන )

      Delete
    3. හොඳයි. ඔබ මා ගැන සිතා එය සඳහන් නොකරනවා නම්, එය ඔබේ හොද ගතිගුණයක්. නමුත් දැන දැන අමතක කල දෙයක් නෑ.

      Delete
  5. ඔව් සුදික මාතලන් ලියල තිබෙන දේ හරි.
    මම රස්තියාදු කාරයකුගේ විලාශයෙන් ඔබ ඇමතීම ගැන දහස් වරක් කම්පා වෙමි.
    ඒ ගැන මෙහි ලිවිම වැදගත් නොවේ.
    මා විසින් ඔබට ලියු කොමන්ටුවට දහස් වරක් සමා වුව මැනව.

    ReplyDelete
    Replies
    1. මා ඔබෙන් එවැනි ප්‍රතිචාරයක් කිසි සේත් බලාපොරොත්තු වුණේ නෑ. නමුත් දැන් ගිය දේ ගියාවේ. අපි එය අමතක කරමු.

      Delete
    2. කෙන්ජි එතනදි තේරුමක් නැතිව ආවේගශීලී වුනා තමා. ඒත් තමන් කරපු වැරැද්ද අවභෝධකරගෙන අදාල පුද්ගලයගෙන් සමාව ඉල්ලන්න පුළුවන් හැබෑම මහත්වරුන්ට විතරයි. තමන්ට කරපු වැරැද්ද අමතක කරලාදාන්න පුලුවනුත් හැබෑම මහත්වරුන්ට විතරයි.

      දෙන්නටම ජය !!!

      Delete
    3. වැරදි කිරීම මනුස්ස ස්වාභවයක්..
      සමාව දීම දේව ගතියක්..

      Delete
    4. මිතුරන් වශයෙන් සෙන්නා සහ මාතලන් වගේ අය සිටීම කෙනෙකුට ඉතාම වැදගත්. සමහර මිතුරන් කරන්නේ ප්‍රශ්නේ දරුණු වෙන අතට ක්‍රියා කිරීම. හැබැයි මෙතනදී කවුරුත් එහෙම වුණේ නෑ. නමුත් ඔබ දේපල විශේෂයි.

      Delete
    5. අන්න දවසෙය් කතාව..කෙන්ග්ජි මම අයමට් ඔයාගේ කොමෙන්ට් කියවන රසිකයක්.
      ජයවේවා ඔයට.

      Delete
    6. Kenji @ Japan
      (මගේ අඩවියත් ඇතුළුව) බ්ලොග් අඩවි බෙ‍ාහොමයකට ඇවිත් දිරිමත් කරන පාඨකයෙක් උඹ. ඒත් උඹේ සමහර හැසිරීම් ඕනෑව‍ට වඩා වැඩියි කියග හිතනව. භාෂාව ගැන මාරයා ලිව්ව ලිපියටත් ආවේගශීලී අදහස් දැක්වීමක් කරල තිබුන.

      මං හිතන්නෙ උඹ හොස්ස අගින් මැස්ස යන්න බැරි, ඒ වගේම ඉක්මනින් කේන්තිය නිවෙන පොරක්. :-)

      Delete
    7. නහින දෙහින කාලේත් මේ මල මගුල් ඉගෙන ගැනිල්ලක් පටලවා ගත්ත නිසා කාලෙකින් බ්ලොග් කියවන්න ලැබුනේ නෑ . . ඒක නිසා කස්ටියගේ මරාගැනිල්ල ගැන දන්නේ නෑ. . .

      තමන් ලියන දේ සහ තමන්ගේ අඩවියේ අනිත් අය ඇවිත් ලියන දේවල් පාලනය කිරීමේ වගකීම ගන්න බැරි අය බ්ලොග් නොලිව්වත් කමක් නෑ තමා . .

      Delete
  6. සුධීක මමත් මේකට එකඟ නැහැ. අපි මොකටද ලෝකය හදන්න යන්නෙ. ඒක යන විදියට ගියදෙන්. තවලම බොහෝ දුර යා යුතුයිනෙ සුධීක. අපි අපේ සොච්චම එක් කරමු. ඒ ඇති කියලයි මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. මෙය ලෝකය හැදීමක් නොවේ. මා ස්වයං පාලනයකින් යුතුව ඉදිරිපත් කරන්නයි උත්සාහ කරන්නේ. ඒ වගේම මෙහි තිබෙන දෙයට වග කිව හැකි පුද්ගලයෙකු බවට පත් වෙන්නයි උත්සාහය. ද්වේශ සහගත කමෙන්ට් වලට යම් පාලනයක් ඇති කිරීම තමයි මගේ උත්සාහය. ඔබේ අදහසට ගරු කරනවා.

      Delete
  7. බොහොම ලොකු කෑමක් තමුන්ට ආස තැනකින් කපලා කාල තියෙනවා...

    බැලූ බැල්මට සාධාරනයි..
    නමුත් ඇත්තම කතා කලොත් හෙම යම් කිසි විදියකින් සිංහලෙන් බ්ලොග් ලියන අයට මේ ආකාරයෙන් නීති ආවොත් එදාට මම ලියන්නෙ නැහැ..

    මොකද මට අනික් අයව කොපි කරලා අනික් අයගේ කොණ වලින් ලියලා වැඩක් නැහැ..අනික සම්භාව්‍ය බොහොම සාමකාමී පිරිසක් මගේ බ්ලොග් කියවන්න ඕනි කියලා මම හිතන්නෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. බොහොම ලොකු කෑමක් තමුන්ට ආස තැනකින් කපලා කාල තියෙනවා...

      +++++++++++++++++++++++

      Delete
    2. මම කාගෙන්වත් ඉල්ලන්නේ නෑ මෙහෙම නීති පද්දතියක් ගෙන්න කියලා. කෙනෙකුට මේ තියෙන කරුණු හතට එකඟව ක්‍රියාත්මක වන්න බැරි වෙන්න පුළුවන්. එය කෙනෙකුගේ කැමැත්ත. ඔවුන් ඒ ස්වයං පාලන පද්දතියක අවශ්‍යතාව දැකලා තියෙන්නේ මරණ තර්ජන ඇති වූ අවස්ථාවක. මෙහි තවම එහෙම දේ නෑ. ඉදිරියේදී වෙන්න පුළුවන්. එය ඔබට මට හෝ වෙනත් කෙනෙකුට වන්න පුළුවන්. අඩුම ගන්නේ ඇඩ්සෙන්ස් වත් නැතිව ආත්ම තෘප්තිය උදෙසා ලියන කෙනෙකුට එවැනි තත්වයක් උදා වීම සාධාරණද ?

      Delete
    3. @අමිල : අවසානෙට බලාගෙන ගියාම ඔයාගේ කමෙන්ට් එක විතරයි Professional. ඔයා දරන මතය ඔයාගේ පොස්ට් වලිනුත් දකින්න තියෙනවා.

      Delete
  8. හැමදේම චාරයක් ඇතිව කරගෙන යනවානම් කාටත් හොඳයි. මට තියෙනවා බ්ලොගකරණෙය සඳහා වූ සවයං වාරණ..මම ඒවයෙන් හික්මෙනවා..එච්චරයි.

    ReplyDelete
    Replies
    1. මමත් උපරිම උත්සාහ කරනවා.

      Delete
  9. මෙවැනි සංවාදයන් පටන් ගැනීමත් හොඳ ආරම්භයක්! කැමති අයට කැමති දේවල් ලියන්නත් ඒවාට යන එන එක කැමති අයට තීරණය කරන්නත් නිදහසක් තියෙන්න ඕනෑ. මම කුණුහරුප සයිට් සහ හැමදාම එකම මෝඩ කතාව ලියන සයිට් බලන්නෙ නැතිවුනාට ඒවා තහනම් කරන්න පෙළ ගැහෙන්නෙ නැහැ. ඒ වගේම තමන්ගෙ තැන් වලට ඇවිත් දාන ප්‍රතිචාර වලට ඉඩ දෙනවා ද නැද්ද කියන එක වෙබ් අඩවිය අයිතිකාරයාගෙ කැමැත්ත අනුව සිද්ධ වීමට ඉඩ දෙන්න ඕනෑ. මගේ අහ ඇවිත් දාලා යන පිස්සු කතා පළ නොකර ඉන්නෙ ඇයි කියලා අහන අයට කියන්න තියෙන්නෙ මම දාන සටහන ගැන ශිෂ්ඨ විදියට වැදගත් යමක් ලියන්න එදාට දාන්නම් .. කිසි තරහක් නෑ ... සමාවක් ඉල්ලන්න ඕනෑත් නැහැ.

    ReplyDelete
    Replies
    1. අඩුම ගානේ ලියන දේට අනුරූපව කමෙන්ට් කිරීමක් තියෙන්න ඕනේ. ඔබේ අදහසට ගරු කරනවා.

      Delete
  10. මම නම හිතන්නේ බ්ලොග් ලියන බොහෝදෙනෙක් ඔය අචාරධර්ම නොදන්නවාවුනාට ස්වයං හොක්මීමකින් යුක්තව කටයුතු කරනවා, හානිකර හෝ අපහාසාත්මක බ්ලොග් කරණයේ යෙදෙන්නේ අතලොස්සක් පමණයි, මා හිත්ට්න්නේ අචාරධර්ම පද්ධතිය නීතියක් ලෙස ගෙනාවත් මෙවැන්නන් පාලනය කිරීම කල නොහැක්කක් බවයි.

    ReplyDelete
    Replies
    1. මේකේ තියෙන්නේ ස්වයං හික්මීමකට මග පෙන්වීමක්.

      Delete
  11. තමන්ට ගැලපෙන්නෙ නැති බ්ලොග් එකක් තියෙනවනං ඒක නොබල ඉන්න එක තමයි හොඳම දේ. එහෙම නැතුව ඇනෝ හරි ගිහිල්ල එතන කුණුහරුප කියල එන එක නෙමෙයි.

    මේ ආචාරධර්ම වලට අනුව සිංහල බ්ලොග් ලියයි කියල හිතන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. අපි සුද්දන්ට කෙතරම් බැන වැදුනත්, ඔවුන් මිනිස්සුන්ගේ ආත්ම ගරුත්වය රකින්න උපරිම උත්සාහය ගන්නවා.

      Delete
  12. අඩුවෙන් ලියන නිසා අඩුවෙන් මගේ පෝස්ට් වලට කමෙන්ට් ලැබෙන්නෙත් අඩුවෙන්. ඒ වගේම ටිකක් හරි හිත රිදෙන කමෙන්ට් එකක් ලැබුනේ එකම එකයි.

    ඒත් කාලයක් තිස්සේ මේ බ්ලොග් අවකාශය කියල කියා ගන්න එකේ තියෙන විකාරත් දැකල තියෙනවා.

    ඒ වගේම ඉතාම වැදගත් විදියට තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන පිරිසකුත් ඉන්නවා. ඒ අයට ස්වයං හික්මීමක් කොහොමත් තියෙනවා. ඒත් සමහරු අසහන පිට කර ගන්නේ අනිත් අයට වචනයෙන් හරි පීඩාවක් කරලා, සමහර වෙලාවට තමන් සම්භාව්‍ය පොරක් කියලා පෙන්නන්න, සමහරු සම්ප්‍රදාය කඩාගෙන යන වීරයෝ බව පෙන්නන්න... ඔය වගේ හැම ආකාරයකම කට්ටිය ඉන්නවා.

    සරලවම කියනවානම් මෙතන ඉන්නෙත් සාමාන්‍ය සමාජයෙන්ම කොටසක් නේ. ඉතින් ඒකෙ කියල ආයේ වෙනසක් නැහැ.

    බ්ලොග් වලට නීති දාන්න බැහැ. නමුත් යම් සමුගයක්‌ තියෙන තැනක යම් වැටහීමක් එකඟතාවක්, හික්මීමක් ඇතිව වැඩ කෙරෙන්න , කැමති අයට අනුගමනය කරන්න ආචාර ධර්ම ගැන මේ වගේ සාකච්ඡාවක් ඇති වෙන එක හොඳයි.

    මොනවා කලත් බ්ලොග් ලිවීම, ජීවිතය කර ගත්ත, ඒ මත යැපෙන පෞරුෂයක් සමග සයිබර් වුනු අයට තියෙන්නේ ආචාර ධර්ම නෙවෙයි තමන්ගේම මෙව්වා එකක්. ඒකත් ඔහේ තිබුනාවේ.

    ReplyDelete
    Replies
    1. අපිට පාඨකයෝ මවන්න බෑ. අපිට ඉන්නේ මේ පාඨකයෝ විතරයි. ඉතිං මේ ටිකෙන් තමයි අපිට කමෙන්ට් වැටෙන්නේ. මගේ උත්සාහය ඔවුන් එක්තරා තැනකට ගේන්න. ලියන කෙනාගේ හිත නොරිදෙන්න තමන්ගේ අදහස් දක්වන්න. ඒ වගේම බලන කෙනාගේ හිත නොරිදෙන්න ලිවීම කරන්න. අඩුම ගානේ 1% වත් මේ මගින් වෙනසක් තමන්ගේ හිත් වල ඇති කර ගත්තොත් මට ඇති.

      Delete
  13. ඇත්තටම හොඳ ආචාර ධර්ම ටිකක්. ආචාර ධර්ම කියන්නේ නිතියක් නොවෙයි ඒත් යමෙකුට සංයමයක් යම් පමණක හික්මවිමක් ඒ මගින් ඇතිකර ගන්න පුළුවන්. ඒකියන්නේ තමන් ලියන දේ පිළිබඳව සදාචාරාත්මක සිමාවක් ඇති කර ගත හැකියි.

    මේවන විට ලංකාවේ වෙබ් අඩචි ලියාපදිංචි කිරිම නිති ගතවෙලා තියෙන්නේ. ඒ විදියට සළකා බැලුවොත් නුදුරු අනාගත‍යේ දී මේ බ්ලොග් අඩවි පවා ලියා පදිංචි කළ යුතු බවට නිතියක් පැමිණීමේ වැඩි ඉඩකඩක් පවතිනවා.යම් විදියකින් රජයක් එවැනි තීරනයකට එළඹුනොත් සමහර විට මේ ස්වයං පාලනය ඇතිවේවි.හැබැයි එහෙම නොවෙන එක තමයි වාඩත් හොඳ.

    අනෙක් අතට බ්ලොග් අඩවිවලත් “කැටගරීස්“ තබා ගන්නවා නම් හෝ සමස්තයක් විදියට හැදෙනවා නම් සුදුසුයි. කාලීන, සමාජ, දේශපාලන, ආර්ථික, ආගමික,සිනමාව, සංගිතය, කලාව,ලිංගික,පරිසර,සහ ළමා මෙන්න මේවිදියට වෙනස් වෙන්න පුළුවන්නම් ඔය ආචාර ධර්ම සියල්ලම ඇතිවේවි.

    නිදසුනක් විදියට “ලිංගිකත්වය“ බ්ලොග් අඩවිවල ලියන්න එපා කියල නිතියක් පනවන්න බැහැ. මොකද මානවයා පවතින්නෙ ඒ නිසා. ඒ නිසා නූතන ලාංකික සමාජයේ ලිංගිකත්වය, වැඩිහිටියන්ට පමණයි, 18+ වගේ ලියවෙන සටහන්වලට කමෙන්ට්ස් වැටෙන්නේ ඇනෝ විදියට . ඒ සමාජය තුළ පවතින සභ්‍යත්වය නිසා. හැබැයි ඕනෑම අසභ්‍ය දෙයක් කලාත්මකව සභ්‍ය විදියට ලියනවනම් ඒ අසභ්‍ය දේ වුණත් සභ්‍ය විදියට දකින්න හැකි බවයි මගේ හැඟීම.

    ඇතැම් බිලොග් අඩවි වල පළවූ අසභ්‍ය දේ තුළ මම සභ්‍ය විදියට කමෙන්ට් ලියපු අවස්ථා ගණනාවක් තිබුණා.

    සුදික ඇත්තටමඔබේ මේ සංවාදයට බඳුන් කර ඉදිරියට ගෙන යායුතු කරුණක් විදියටයි මම දකින්නේ.

    ReplyDelete
    Replies
    1. මම දන්නේ නෑ දයා. මේ කමෙන්ට් බැලුවම හිතෙන්නේ අනිත් තැන් වල වාරණ වලට ලක් වෙච්ච අය බ්ලොග් වලට ඇවිත් බඩ පිනුම් ගහනවා කියලා. මෙහි සීමාවක් නැති නිසා. මේක තමන් මතට කඩා වැටෙන්න හෝ බලෙන් පටවන්න යන දෙයක් වගේ සමහරු මේකට භීතිකාවක් දක්වනවා. මට නම් යම් නීති මාලාවක් තුල හැසිරීම වුවත් අපහසු නෑ.

      Delete
    2. "අනිත් තැන් වල වාරණ වලට ලක් වෙච්ච අය බ්ලොග් වලට ඇවිත් බඩ පිනුම් ගහනවා කියලා"

      මන් නම් දකින්නේ ඕකේ අනික් පැත්ත. බ්ලොග් හරහා පොරත්වයක් හදාගන්න උත්සාහ කරන උදවියගේ පුරසාරම් තමා ගොඩක් වෙලාවට ඇනෝ ඇවිත් උපහාසයට ලක් කරන්නේ ඒ වගේ දේවල් දරාගනන් බැරි අය නීති රීති දාලා හරි තමන්ගේ තැන රැක ගන්න උත්සාහ කරනව

      Delete
    3. මේකේ සැඟවිලා තියෙනවා මරණය මහතා එක දවසක් හරි ඇනෝ කමෙන්ට් දාපු කෙනෙක් කියලා.

      Delete
  14. පහු ගිය කෙටි කාලයකදී මගේ කොමෙන්ට් වලට ලැබිලා තිබුනසමහර රෙප්ල්ය් වලට ගොඩක් හිත රිදුනා මට කොමෙන්ට් කරන එක අතඅරින්න තරම් හිතුනා මම කවදවට් කොමෙන්ට් එකකින් කාටවත් මඩ ගහලා නැහැ.
    බ්ලොග් වලදී උනට් අපි හැමොම් මනුසොයෝ මිසක් වෙන ජාතියක් නෙමයි කියාල මතක තියනවානම්.....
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. හරිම සංවේදීයි සංජීව. ඔයාලා වගේ කෙනෙකුටත් පහර දෙන අය ඉන්නවනම් අපිට මොන කතාද?

      Delete
  15. මේ සංවාදය මතුවන්නට මං සැලසූ ඔබට ගොඩක් ස්තුතියි. යුගයේ අවශ්‍යතාවක් ලෙස ඉතා වැදගත් සංවාදයක් ඇතිව තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. මෙහෙම හිතන අය අඩුයිද මන්දා ?

      Delete
    2. ඇයි මට හිතෙන්නෙ මේ වෙන කියන්නම දෙයක් නැති නිසාවෙන් කියපු දෙයක් කියල ?

      Delete
  16. නීති මගින් මේවා පාලනය කිරීම කලහැකියයි කියා මා සිතන්නේ නැහැ.
    දැන් බලන්න මිනීමැරීම,සොරකම් කිරීම කියන මේ දේවල් නීතියෙන් තහනම් දේවල් නෙමේද...?

    නමුත් ඒ දේවල් සාමජයේ කොයි තරම් වෙනවාද.?එක නිසා මේක නීති මගින් යටත් වෙන පාලනයකට වඩා ස්වංවරණයක් ඇතුව කටයුතු කිරීම තමයි වඩාත් සුදුසු වන්නේ.නීති මගින් පාලනය කිරීමක් උනොත් පුවත්පත් හා සමාන වීමක් තමයි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මම හිතනවා මනෝජ් මතු කරන කාරනාවට පිළිතුරු දයානන්ද රත්නායක මහතා ඉදිරිපත් කර තිබෙනවා කියා.

      ආචාර ධර්ම කියන්නේ නීති නෙවෙයි.

      Delete
  17. දැන උගත්කම් තියන සාක්ෂරතාවය තියන ඇසූපිරූ තැන් ඇති මිනිස්සු වැඩිපුර ඉන්න බ්ලොග් අවකාශයට නීති රීති රාමුවක් අනවශ්‍යයි. නීති ඇවැසි අය තමන් විසින්ම නීති දාගනීවි.

    ReplyDelete
    Replies
    1. මුලින් ඔබට දැමූ කමෙන්ටුව මා ඉවත් කළා. නමුත් එය ඔබට ලැබී තිබෙන්න පුළුවන්. ඒ කමෙන්ටුවේ යම් පරස්පරතාවක් තිබෙන නිසයි මා ඉවත් කලේ. මොකද අද දවසේ මා අන්තර්ජාලයෙන් ඉවත්ව සිටි නිසා මට මේ සටහනෙහි යම් කොටස් අමතක වී තිබුණා.

      // නීති ඇවැසි අය තමන් විසින්ම නීති දාගනීවි.//

      මෙන්න මේ දේ තමයි රාජ් මම කරන්න උත්සාහ කරන්නේ. කැමැති අයට අත්වැල් බැඳ ගන්න පුළුවන්.

      Delete
  18. ලිවීමේදී ලියන්නා දැනගන්න ඕනේ තමන් මොනවද ලියන්නේ, තමන් ලියන දේ කොයි තරම් සුදුසුද කියන එක.ගොඩක් වෙලේට වපුරන විදිහට තමයි අස්වැන්න. තමන් සුදුසු දෙයක් ලියනවා නම් එතැන අවුල් අඩුයි ගොඩක් වෙලේට. ආගම, දේශපාලනය වගේ මාතෘකා ලියවෙන තැනකදී නම් තත්වය සංකීර්ණ වෙනවා. ඉතින් එතකොට නම් ඔය ආචාර ධර්ම බලෙන් හරි ඔබ්බවන්න වෙනවා.

    කිසිම හේතුවක් නැතිවත් ගොන් ආතල් එකක් ගන්න වැඩ කරන කදප්පුලියොත් ඉන්නවා. උන්ට මොන එතික් දැම්මත් වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. බලෙන් ඔබ්බවන්න නම් බැරි වෙයි සඳුනිමා, බලන්න මේ සටහනට පවා සමහරු දක්වන භීතිකාව.

      Delete
    2. සුදීක ඒක භීතීකාවක් නෙවෙයි. මාධ්‍ය නිදහස. අදහස් ප්‍රකාෂ කිරීමේ අයිතිය. සමහර විට ඔබ කිසිදා වෙනත් රටක ජීවත් වෙලා නැතිව ඇති. නියම ප්‍රජාතන්ත්‍රවාදී රටවල, අදහස් ප්‍රකාෂ කිරීමේ අයිතිය උපරිමයෙන් තිබෙනවා. හැකිනම් ලන්ඩන් සන් පුවත්පත් අන්තර්ජාලයෙන් හෝ කියවන්න.

      ඔබ මෙය භීතීකාවක් ලෙස දකින අදහසම, වෙනත් කෙනෙකුන් වෙනත් අයුරකින් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ කොමෙන්ට්ස් වලට දක්වන භීතීකාවක් ලෙස. මම කීප තැනක දුටුවා. ඔබව ප්‍රහාරයට ලක් වුන අවස්ථාවන්. නමුත් මෙයින් හැන්නෙගෙන්නේ. ඔබ කිසිම විවේචනයකට අක්මැති. තමන් නිවැරදියයි යන මතයේ සිටිනා පුද්ගලයකු ලෙසයි. කෙන්ජි ඔබව දැක්කෙත් මේ ආකාරයෙන්. මම ඒකයි කිව්වේ, මාධ්‍යකරුවෙක් කියන්නේ සුවිශේෂී පුද්ගලයෙක් විය යුතුයි.

      Delete
  19. ඔබ මෙතන අචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දෙන්න හදනවා සිංහල බ්ලොග් අවකාශයට. ඔබ කියනවා ඔබ කරුනු ගත්තෙ විකිපීඩියාවෙන් කියා. නමුත් සිතාමතාම ඒකට ලින්ක් එක් දාන්නේ නැහැ?? ඒක කොච්චර එතිකල්ද??

    ඔබ උපුටනය කරන්නේ තෝරාගත් කොටසක් පමන‍යි, කොටසක් පුදුමාකාර ලෙස ඔබේ උපුටනයෙන් අතුරුදහන් වෙනවා. ඒක කොච්චර එතිකල්ද?? ඒක නිදහස් ධනාත්මක සංවාදයකට මඟ පාදනවාද?

    මේන්න ඒ ඔබට මඟ හැරුනු කොටස

    //Reception

    This section requires expansion. (August 2012)
    Reaction to the proposal was internationally widespread among bloggers and media writers. According to the San Francisco Chronicle, the blogosphere described it as "excessive, unworkable and an open door to censorship."[4] Author Bruce Brown approved of the code, reproducing in his book on blogging.[5] TechCrunch founder Michael Arrington[6] and entrepreneur and blogger Dave Winer were two notable Americans who wrote against the plan.[7] Technology blogger Robert Scoble stated that the proposed rules “make me feel uncomfortable” and “As a writer, it makes me feel like I live in Iran.”[3]//

    ReplyDelete
    Replies
    1. මුලින් ඔබට දැමූ කමෙන්ටුව මා ඉවත් කළා. නමුත් එය ඔබට ලැබී තිබෙන්න පුළුවන්. එය සහ මෙය පරස්පර වන්නට පුළුවන්.

      සම්පූර්ණ ලිපියම පරිවර්තනය කළා නම් මා එහි සබැඳියාව මෙහි සඳහන් කරනවා. නමුත් මේ ආචාරධර්ම කොටස පමණයි මා පරිවර්තනය කලේ. ලින්ක් එක නොදැමීම ඔබේ සැකයට හේතු වන බව පිලිගන්නවා.

      Delete
    2. වන්නට පුලුවන් නොවෙයි. එය සම්පූර්ණයෙන්ම පරස්පරයි.

      සම්පූර්ණයෙන් දැම්මත් නැතත් සබැඳිය නොදැමීම සහ තෝරාගත් කොටසක් පාඨකයාට ඉදිරිපත් නොකිරීමම ඔබේ විශ්වසනීයත්වය සහ අවංකබව ගැන ප්‍රශ්න ඇති කරනවා.

      ලොකුම හාස්‍යට ලක්වන කරුන නම් මේ සියල්ල සිදුවන්නෙ "ආචාරධර්ම" ගැන සංවාදයකදී වීමයි.

      Delete
    3. මම ලිපියට අවශ්‍ය කොටස පරිවර්තනය කළා. ඒ ගැන මට සැහීමකට පත් වෙන්න පුළුවන්.

      Delete
    4. // ඒ ගැන මට සැහීමකට පත් වෙන්න පුළුවන්//

      Again, it turns out it's about personal opinion rather than a set of ethics. If you're preaching ethics you should know that even a sentence that is quoted or translated should have a link to the original source.

      Funny thing about these purists is their little knowledge about the actual environment they try to purify.

      Delete
  20. "මොකටද"

    කියලා තමා මට නම් කියන්න තියෙන්නේ
    පාඨකයන්ට උපරිම නිදහස තියෙද්දි කැමති බ්ලොග් තෝරා බේරගෙන කියවන්න , කමෙන්ට් කරන්න මෙහෙම එකක් අවශ්‍ය නැහැ කියල මන් හිතන්නේ

    ReplyDelete
    Replies
    1. ඔබ මෙහි ආ පළමු වතාව.

      ඇනෝ ලියන/කමෙන්ට් කරන කෙනෙකුට මේක තඹ දොයිතුවක වැඩක් නෑ තමයි.

      Delete
    2. මම මීට කලින් ඔබේ බ්ලොග් එකේ කමෙන්ට් කරලා තියෙනවා කීප සැරයක්ම

      ඇනෝ අයට ඔබේ බ්ලොග් එකේ කමෙන්ට් කරනන් බැහැ කමෙන්ට් කරන්න පුළුවන් ගූගල් එකවුන්ට් එකක් තියෙන අයට විතරයි ඒක නිසා මම ඇනෝ නෙමෙයි එහෙම බැලුවම ඔබගේ සහ මගේ එකම වෙනස ඔබ ප්‍රොෆයිල් පික්චර් එකක් සහ නමක් දාගෙන ඉන්න එක විතරයි, එහෙම තිබ්බා කියලා ගූගල් වල හෝ බ්ලොගර් වල නිල වශයෙන් තහවුරු කරන්නේ නැහැ ඒ කියන කෙනාමයි හැබෑ පුද්ගලයා කියලා

      Delete
    3. //ඔබගේ සහ මගේ එකම වෙනස ඔබ ප්‍රොෆයිල් පික්චර් එකක් සහ නමක් දාගෙන ඉන්න එක විතරයි//
      සු දී ක කියන්නෙ ඇත්තම නම නෙමේනෙ . . .

      Delete
    4. මම ඒ නම තෝරා ගත්තේ ඒ ගැන විස්තරයක් කරලා.

      Delete
    5. //ගූගල් වල හෝ බ්ලොගර් වල නිල වශයෙන් තහවුරු කරන්නේ නැහැ ඒ කියන කෙනාමයි හැබෑ පුද්ගලයා කියලා//

      සමහරවිට අමතක වුනාද දන්නේ නෑ, ඔවුන් ජංගම දුරකථන අංකයක් හරහා ඒ දේ සිදු කරන බව.මොකද දුරකථන සමාගම ඔබේ අනන්‍යතාව තහවුරු කර ගන්න නිසා, එය වෙන්නත් විදියකින් අනන්‍යතාව තහවුරු කර ගැනීමක්.

      Delete
    6. සුදීක මේ කතාවත් එක්ක මට මෙහෙම ගැටලුවක් මතු වෙනවා.
      //ඇනෝ ලියන/කමෙන්ට් කරන කෙනෙකුට මේක තඹ දොයිතුවක වැඩක් නෑ තමයි. //
      මේ කොටස ඔබ කමෙන්ට් කිහිපයකටම පිළිතුරු ලෙසින් සඳහන් කරනවා. එතකොට ඔබේ අදහස වන්නේ ඇනොනිමස් කියන සංකල්පය බ්ලොග් අවකාශය ඇතුලේ යොදාගැනීම අවුල් කියන එකද? දැන් කියන්න එපා කුණුහරුප කියන ඇනෝලා ගැන. මම කතා කරන්නේ ඒ ගැන නෙවෙයි. මරේ මමීට උඩින් එක් තැනක සඳහන් කරනවා මෙහෙම.
      //බ්ලොග් හරහා පොරත්වයක් හදාගන්න උත්සාහ කරන උදවියගේ පුරසාරම් තමා ගොඩක් වෙලාවට ඇනෝ ඇවිත් උපහාසයට ලක් කරන්නේ ඒ වගේ දේවල් දරාගනන් බැරි අය නීති රීති දාලා හරි තමන්ගේ තැන රැක ගන්න උත්සාහ කරනව//
      මම කියන්නේ මේ ගැන. එතකොට සුදීක කියන්නේ මෙහෙම වෙන එක වැරදියි කියලද? මේ වලියක් නෙවෙයි,. මම මුලින්ම කෝට් කළ වාක්‍යය තැන් කිහිපයක සුදීක පෙන්නලා තිබුනා. ඒකේ ටෝන් එකෙන් මට දැනුනේ ඇනෝ කමෙන්ට් එකක් දවසක් හරි දාපු එකෙක් නම් ඌට කිසිදු ආචාර ධර්ම පද්ධතියක් හෝ පුරුෂාර්ථ නැත වගේ අදහසක්. ස්තුතියි.

      Delete
    7. ඔයා ටිකක් ප්‍රමාද වෙලා මේ සංවාදෙට එක් වෙච්ච නිසා අර පොදු වාක්‍යට හේතුව නොදැනෙන්න ඇත්තතේ. නමුත් එතනදී අලුත් වගේම බ්ලොග් ලෝකේ බොහෝ පැරණි හොඳ නමක් තිබුණ යටත් මම එහෙම ප්‍රතිචාර දැක්වුවා. හේතුව තමයි ඒ සියලු දෙනා ෆේක් නම් වලින් පෙනී සිටීම. එතනදී මම අනුගමනය කලේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා උසාවියේදී යොදා ගත්ත උපක්‍රමයක්. ඒ තමන් දුටු සිහිනයක් ගැන කියා නඩුකාර තුමාට ඒ සිද්දීයා ආදේශ කිරීම(දන්නවා ඇති). මමත් කලේ අන්න ඒ වගේ දෙයක්. බලාපොරොත්තු වූ පරිදිම ඔවුන්ට එය දැනුණා. මම එතනදී පෙවන්න උත්සාහ ගත්තේ ඕනෑම කෙනෙකුට දෙයක් දැනෙන්නේ තමන්ට ඒ සිද්දියට මුහුණ දෙන්න වූ විට බව.

      Delete
    8. සුදීක, මම මේ සම්බන්ධයෙන් පළ කරන අවසාන කොමෙන්ටුව මෙයයි. එයට හේතුවත් මම පැහැදිලි කරන්නම්. ඔයා මෙතන කරන්නේ සංවාදයක් නෙවෙයි. ඔයා කලින් බැහැගෙන ඉන්න මතය හරි හෝ වැරදි හෝ දන්න නොදන්න තර්ක දමා රැකගැනීමක් කරන්නේ.
      පෞද්ගලිකව මම ඇනොනිමස් සංකල්පයට බය නෑ. ඇයි? මම ලියන දෙයක වගකීම මම දරනවා. ඒ වෙනුවෙන් මම පෙනී සිටිනවා. එතකොට ඒ ගැන ප්‍රශ්න කරන ඇනොනිමස් කෙනෙකුගේ දරුණු ප්‍රහාරයක් වුනත් දරාගන්න/ප්‍රතිප්‍රහාර එල්ල කරන්න අවස්ථාව මට තියෙනවා. හැබැයි කෙනෙක් තමන්ට නැති ප්‍රතිරූපයක් සයිබර් අවකාශය තුළින් හදාගන්න උත්සාහ කරන මොහොතක ඇනොනිමස්ලා එක්ක හැප්පෙන්න අමාරුයි. ඉතින් මම බබෙක් නොවෙන නිසා සහ ඇනොනිමස් සංකල්පය සමගින් මට ගැටළුවක් නැති නිසා මම ඇනොනිමස් මත ප්‍රකාශ කරන්නට තිබෙන ඉඩට විරුද්ධ නොවෙනවා සහ ඒ අයිතිය වෙනුවෙන් කතා කරනවා. හැබැයි ඒ 'මම'. මේ 'ඔයා'. ඔයාගේ මතය ඔයාට දරන්න අයිතියක් තියෙනවා.
      කොල්වින් ආර් ද සිල්වා නඩු විභාගයන්වලදී යොදාගත් උපක්‍රමය සහ ඔබේ උපක්‍රමයේ ඇති සමානතාවය මට පොඩ්ඩක් විහිළුයි. ඒත් මම ඒ ගැන දිගින් දිගටම සඳහන් කරන්නේ නැහැ. මොකද ඒ ගැන අවශ්‍ය කෙනෙකුට අන්තර්ජාලය තුළින්ම සැසඳීමක් කරන්න පිළිවන් නිසා. ඒ නිසා ඔබේ ඒ 'නිදහසට කරුණ' මම පිළිගන්නේ නැහැ. මේ මගේ මතය පමණයි. ස්තුතියි.

      Delete
    9. //ඒත් අපිට පුළුවන් බ්ලොගින් එතික්ස් කියලා දෙයක් අවධානයට ගන්න. අපි මෙහෙම කියමු, ඔබ ලියනා හැමදෙයක්ම කවදාහෝ තවත් කෙනෙක් කියවනවා, ඔබ ලියනා දේ සයිබර් අවකාශයේ කොටසක්. ඒ කියන්නේ ඔබ ලියන දේ ගැන ඔබ වගකීම් සහගත වෙන්න ඕන.//

      මෙය උපුටා ගත්තේ ඔබගේ විවේචන කියන බ්ලොග් එකේ "බ්ලොග්කරණය කලාවක්ද ?" යන හිසින් පලවූ කමෙන්ටුවක් සඳහා ඔබ කල අදහස් දැක්වීමකින්.

      Delete
    10. සුදීක හරියටම හරි. ඒත් ඒ කමෙන්ටුව සහ මම ඉහත කියූ දේ ඡේදනය වෙන්නේ නැහැ. මෙතන අවුල තියෙන්නේ නිකම්ම ඇවිත් කුණුහරුපයක් කියලා යන ඇනෝලා සහ ඔවුන් අයත් නොවෙන සමස්ත කුලකය එකම තැනකට දා ගිනීමෙන්.
      ඇනොනිමස් හෝ සුඩොනිමස් කියන ඔප්ෂන් දෙකෙන් කියන අදහසක් උපහාසාත්මක හෝ අපහාසාත්මක වෙන්න පුලුවන්. ඔබ ඒකට නිවැරදිව පිළිතුරු දෙනවා නම් ඔබ ඒ ඇනොනිමස් හෝ සුඩොනිමස් කමෙන්ට් එක දාන පුද්ගලයාට ඔහු කියූ දේ සම්බන්ධයෙන් වගකීමක් ගන්න බල කෙරෙනවා. අන්න ඒකයි මම මේ කියන්නේ. හැබැ‍යි ඉතින් එතනදී ඔබේ හැසිරීම් මගින් ඇනොනිමස්ලාට ආයුධ අතට දෙනවනම් ඒ අවුල තියෙන්නේ ඔබ තුළ. (මේ කියන්නෙත් අපි බබ්බු නොවිය යුතුයි කියන එකම තමයි).

      Delete
  21. මක්කැටෙයි අනේ මේ විකාර කොරන්නේ.. ඔහේත් බලං ගියාම කොහේවත් නැති සෙද්දවල් ගේන එක්කෙනෙක් නෙව.. හැක් හැක්.. කමෙන්කටු කියෙව්වේ නෑ. කෙනිජියා තරහ අවුස්සගෙන හිටි බවක් විතරක් ලාවට දැක්කා.. කොහොම උනත් ආචාර ධර්ම පද්ධතියක් ඕන වෙන්නේ සිවිල් සමාජයකට. අපිට වැඩක් නෑ. අපි වෙලාවකට සත්තු වගේ, මිනිස්සු වගේ, වනචරයෝ වගේ, බල්ලෝ වගේ, ප්‍රෙමවන්තයෝ වගේ ආදි එකි මෙකි නොකි ඕනම ආකාරයකට පෙනි හිටිනවා. ඒක නිසා මේක වැඩක් ඇති දෙයක් නෙමෙයි.. බලෙන් සීමා දාගෙන ඉන්න එක තවත් සිරගත වීමක් පමණයි. හැබැයි විරෝදතා දෙකක් තියෙනවා. එකක් කුනුහරුප කීම, අනෙක මිනිස්සු හෑල්ලුවට ලක් කිරීම. ඒක කොයි සමාජයෙත් අනුගත වෙලා තියෙන්නේ නරකයි කියල නෙව. මම ඒ නරක වැඩේට නං අකමැතියි. එච්චරයි

    ReplyDelete
    Replies
    1. ඇනෝ ලියන/කමෙන්ට් කරන කෙනෙකුට මේකේ තඹ දොයිතුවක වටිනාකමක් නෑ තමයි.

      Delete
    2. ඔබගේ අදහසින් හැගෙන්නේ ඔබ යම් කිසි පුර්ව මතයක ඉදන් කතා කරන බවකුයි. අර බුද්ධ සරණ ගිය අයත් එහෙම නේ. බුදුන්ට වැඩිය කෙනෙක් මේ තුන් ලෝකෙම නැතෙයි කියන්නේ, ඒකට මුළුමනින්ම වහල් වෙච්චි හින්දයි. හරියට බැලුවොත් අන්ධ වීමක් විතරයි. ඔබ ඇනෝ කමෙන්ට් දිහා බලන විදියෙන් මට හිතුනේ, ඔබ හිතන්නේ මාත් ඇනෝ ඇවිත් ලියන/කමෙන්ට් කරන කෙනෙක් කියලයි. ඒකයි ඔබේ පුර්ව නිගමනය.. මගේ මරණය ගැනත් ඔබේ අදහස එයයි. නැද්ද මං අහන්නේ..

      අනික ඔබ තේරුම් නොගත්ත එකම දේ තමා, හැම කෙනෙක්ම මුලින්ම ඇනෝ එන්නේ. ඔබ ඉස්සෙල්ලම එකවුන්ට් එකක් හදාගෙන බුදු වෙලාද ආවේ නෑනේ.. නැහැ අපි ඇවිත් හොයල බලල තැනක් වෙන් කරගත්තා. නමුත් සාපේක්ෂව විශාල පිරිසක් ඇවිත් බලල ඉන්නව මිසක් ඒකට යොමු වන්නේ නෑ. ඒ ගැන ඔබ අහිතක් හිතල ඇනෝ නවත්තන්න බෑ. මොකද හැමෝම ඇනෝ. ඇනෝ කියන්නේත් අපිමයි. සිංහල බ්ලොග් ප්‍රගමණයට ඇනෝ එන පාඨකයන් ලොකු ශක්තියක්. මාතලං කිව්ව වගේ එකෙක් දෙන්නෙක් මොකක් හරි කට කැඩිච්ච කතාවක් කිව්ව පලියට සමස්ථයම වර්ජනය කරන්න තරම් පහත් මානසිකත්වයක ඉන්නේ ඔබ වැනි පුර්ව නිගමනයක් මතින් හැම දේම දකින අයයි. ඒ අය හැම දේම තමන් කලින් අහල දැකල තියෙන දේ අනුව කටයුතු කරනව මිසක් විමසුම් ඇසින් බලන්නේ නෑ. ඇත්තටම ඔබ ගැන කනගාටුයි. වඩාත්ම කනගාටු ඔබගේ බ්ලොගයේ ඔබගේ නමත් “සුදීක“ ඇනෝ නමක් වෙලා තියෙද්දි අනිත් අයට ඇගිල්ල දික් කරන එක ගැනයි. දැං කියන්න එපා නං තුනේ මුල් අකුරු දැම්මයි කියල. ඒකත් ඇනෝ නේන්නං.. ඔබ කියන ආකාරයට මමත් ඇනෝ. හැමෝම ඇනෝ. වාරණයක් පිළිබද දෙවරක් හිතන්න ඕන. කලින් කිව්ව වගේ මේක සැලඩ් එකක්. හොද පළතුරු කෑලි හොයල ඒ ගොල්ලන්ට විතරක් තැනක් දෙන එක මුළු සැලඩ් එකටම කරන අපහාසයක්...

      තේරුනාද මන්ද. තේරෙන එකෙක් හරි ඉන්නවනං හොදා.. හැක් හැක්..

      Delete
    3. //. ඔබ ඉස්සෙල්ලම එකවුන්ට් එකක් හදාගෙන බුදු වෙලාද ආවේ නෑනේ..//

      ඔබ මේ අහන හින්දා කියන්නේ මේ එකවුන්ට් නම් බොහොම පරණයි. අහන නිසා කියන්නම් ජීමේල් බීටා කාලේ (හැමෝටම එකවුන්ට් අරින්න බැරි කාලේ. ඒ කියන්නේ 2004 මුල් කාලේ) තමයි මම ගූගල් එකවුන්ට් එකක් ඇරියේ ආරාධනාවක් මත. බ්ලොගර් වලට මම ආවේ ළඟදී තමයි. ඒත් අවුරුදු එකහමාරක් කියන්නේ යම්කිසි කාලයක් නේ.

      Delete
  22. මැද පන්තියේ මහත්වරුන්ගේ ෆැන්ටසි ලෝකයේ ආතල් රැක ගැනීම ඔබගේ වැඩක් විනා අපේ වැඩක් නොවේ. එවැනි අවර ගණයේ විහිලු වලට දායක වීමේ අවශ්‍යතාවයක් අපට නම් නැති බව ඉතා කරුණාවෙන් මතක් කරමු. මේ පිඹුරුපත් සකසන්නේ පිලිකන්නෙන් වාරණය ගෙන ඒමේ පුණ්‍යකර්මයකට නම් ඊට සුදුසු ආකාරයෙන් පිලිතුරු බැඳීමට අපට සිදුවනු ඇත්තේය.

    “I hate clowns. I've mentioned that, right?”
    ― D.J. MacHale

    ReplyDelete
    Replies
    1. ඇනෝ ලියන/කමෙන්ට් කරන කෙනෙකුට මේකේ තඹ දොයිතුවක වටිනාකමක් නෑ තමයි.

      I hate not only clowns but buffoon as well.

      Delete
    2. මේක ඔබේ නීතී ඔබම බිදීමකට ලක් කරපු අවස්තාවක්.

      Delete
    3. නැහැ මා එය කලේ හිතා මතා අර කොල්වින් ආර් ද සිල්වා මහතා නඩුකාරයට කිව්වා හීනේ වගේ දෙයක්. මොකද තමන්ට වදිනකං බොහෝ දෙනෙකුට ඒ දේ නොදැනෙන නිසා. මා හිතුවා ඒ අයත් මේක දකියි කියලා . නමුත් ඔබ පමණයි මේක දැක්කේ.

      Delete
    4. hahaha... talking about shooting own legs off to oblivion.

      Delete
  23. මේව නං කතා කරලවත් වැඩක් නෑ සුදීක අයියේ... තමන් ලියන දේ ගැනත් තමන්ගේ අඩවියේ පළවෙන දේ ගැනත් වගකීම ප්‍රොෆයිල් අයිතිකරුවා ගන්න ඕනේ.. ඇත්ත නම උනත් අන්වර්ථ නමක් උනත්.. එහෙම නොකරනවා නං ඒවා වාරණය කරන එක කියවන අයගේ වැඩක්...

    ReplyDelete
    Replies
    1. මං කියපු දේම මෙන්න හිරුත් කියලා

      Delete
    2. ඔබ දෙදෙනාට මේක දැනෙන්නේ ඔබ ඇනෝ නොවීම නිසා. ඇනෝ නම් වලින් ඉන්න අයට මේක විහිළුවක්.

      Delete
    3. ඔබ පින්තුරෙන් විතරයි ඇනෝ ද නැත්ද කියල මනින්නේ.. මේකෙන් මට ඒකත් පැහැදිලි උනා. ඔබේ මතය මාතලං කිව්ව වගේ ඔබේ අදහස් එක්ක ගැලපෙන්නෙ නෑ. ඔබ හරිම බොළදයි..

      Delete
    4. නෑ. කෙනෙක්ව මනින්න ක්‍රම ගණනකට පුළුවන්. ඉහතින් ඉන්න දෙදෙනා මම බොහෝ කලක සිටන් ඇසුරු කරනවා. පිරිමි කෙනා මුණ ගැහී තිබෙනවා.

      Delete
    5. //ඔබ දෙදෙනාට මේක දැනෙන්නේ ඔබ ඇනෝ නොවීම නිසා. ඇනෝ නම් වලින් ඉන්න අයට මේක විහිළුවක්.//

      හිරු / දුකා
      මේ දෙන්න ඇනෝ නොවෙන්නෙ ඔයාට විතරයි සුදීක. ඒ ඔයා කියන විදියට දුකා ඔයාට මුන ගැහිල තියන නිසා සහ හිරු ඔයාව කලක පටන් කොමෙන්ට්ස් / පෝස්ට් හරහා දන්න නිසා (හැබැයි ඔයා දේශකයාවත් ඒ හා සමානවම දන්නව. ඒත් දේශකයා ඔයාගෙ මතවාද වලට පහර දෙන නිමා ඔයා දේශකයව පිලිගන්නෙ නෑ. ඔයා දේශකයව සලකන්නෙ වැඩකට නැති ඇනොවෙක් විදියට)
      ඔයා නිකමට හිතන්න ඔයා වගේ දුකාව මුනගැහිල නැති සහ ඔයා තරම් හිරුව ඇසුරු නොකල බ්ලොග් ලියන්නෙක් ඔය ප්‍රොෆයිල්ස් දෙක හරහා එයාලව දකින්නෙ ඇනෝනිමස් හෝ සුඩොනිමස් විදියට නෙමේද ??? ඇයි ඔයා, ඔයා විසින් හදාගත්ත රාමුවක ඇතුලෙ ඉදල ඔයාගෙ පැරාමීටර්ස් වලින් ඇනෝ නිර්නය (/ හෝ නිර්වචනය) කරන්නෙ ??
      ඔයා මෙතන ඔයගෙ නිර්නායක හරහා ඇනෝ නිර්වචනය කිරීමක් විතරක් නෙමේ . . අනිත් කොමෙන්ට්ස් සහ ඔයා ලියපුවා දකිද්දි මට හිතෙන්නෙ ඔයාගෙ නිර්නායක ටික අපේ ඔලු වලට සියුම්ව රිංගවන්න හදනව කියල

      Delete
    6. කෙනෙකුගේ නම පමණක් නොවෙයි ඇනෝ වෙන්නේ භාවිතයත්. දුකා සහ හිරු එක්ක දේශකයාගේ පැහැදිලි භාවිතාමය වෙනසක් තියෙනවා. ඔබත් කියයි හරි කියලා. නමුත් අප වැනි හුදී ජනයාට එය පෙන්නේ වෙනස්ව.

      Delete
  24. මං ඊයේ රෑ දාපු කමෙන්ට් එක කෝ ස්පැම්වෙලාද බලන්න සුදික

    ReplyDelete
    Replies
    1. එහෙනං මගේ අදහස ඉතාම කෙටියෙන්..මේ මගේ ප්‍රතිපත්තිය. පරුෂ වචන හා අන් අයෙකුගේ චරිත ඝාතනය මම නොකරමි. ඒවගේම මගේ අඩවියේ ඕනෑම කෙනෙකුට කැමති විදියට පැමිණ කැමති මතවාදයක් හෝ අදහසක් හෝ නිර්දය ලෙස වුව මා විවේචනයට ඉඩ කඩ ඇත.කුණුහරුප හා තෙවන පාර්ශ්වයකට පරිභව නොකරන්න. එවන් දෙයක් හැරුණ විට කිසිදු වාරණයක් නැත.
      ව්‍යංගාර්ථ වදන්වලටද අවහිරයක් නැත.

      Delete
  25. "ඔබ ලියන දේ පිළිබඳව මෙන්ම එහි ඵල වන කමෙන්ට් සම්බන්ධයෙන් වගකීමක් ඔබ විසින් දැරිය යුතුය."

    ඇයි? මම මොකටද මගේ නොවෙන අදහසක වගකීම බාර ගන්නේ? මට කැමති දෙයක් මගේ බ්ලොග් එකේ කියන්න නිදහස තියෙනවා වගේම මගේ අදහස් විවේචනය කිරිමේ නිදහස මම මගේ පාඨකයාට දීලා තියෙනවා. ඒ ඔවුන්ගේ අදහස. මට බෑ ඒවයේ වගකීම ගන්න!

    "අපයෝජන සහිත කමෙන්ට් පිලිබඳ මට්ටම ඔබ විසින් ලේබල් කල යුතුය."
    එක් එක් අයගේ කැමැත්ත පරිදි මට්ටම් සකසා ගන්නට හැකි පද්ධතියෙක් ආචාර ධර්ම පද්දතියක් ලෙස භාවිතා කිරීම කොතරම් දුරට නිවැරදි ද? අපිට උවමනා අයුරින් යම් යම් දෑ වෙනස් කිරීමට හැකි ආචාරධර්ම පද්ධතියෙක් කුමක් කරන්නටද?

    "නිර්නාමික(ඇනෝ) කමෙන්ට් ඉවත් කිරීම පිලිබඳ සලකා බලන්න."

    ඇයි? ඇයි මම එහෙම කරන්නේ? මට උවමනා නෑ මගේ හොඳ විතරක් අහලා බොරුවට හිත සතුටු කරගන්න. මං ආසයි බැණුම් අහන්න. වැරදි තැන් හදා ගන්න.

    මේ පද්ධතිය ප්‍රායොගික නෑ. මේක හොඳයි මිනිස්සුන්ගෙන් හොඳ අහගෙන බොරුවට හිත සතුටු කරන් තමන්වම රවට්ටා ගන්න. මටනම් කිසිම උවමනාවක් නෑ බොරුවට යාළුවන්ගෙන් හොඳ අහන්න. මට ඕනේ ඇත්ත අහන්න!

    2007 දී ඔරිලි ඉදිරිපත් කරපු මේ කාරණා ගැන අද කවුරුවත් වචනයක්වත් කතා කරන්නැත්තේ ඇයි? මොකද ඔය දේවල් ප්‍රායෝගික නොවන නිසා. නිදහස් අදහස් වලට ඔය නීති බාධාවක් නිසා. හිරකූඩුවක ජනේලෙන් එළිය බලං ලෝකයේ සුන්දරත්වය ගැන කියන්න බැරි නිසා!

    ReplyDelete
    Replies
    1. ඇනෝ ලියන/කමෙන්ට් කරන කෙනෙකුට නම් මේකේ තඹ දොයිතුවක වටිනාකමක් නෑ තමයි.

      Delete
    2. //මට කැමති දෙයක් මගේ බ්ලොග් එකේ කියන්න නිදහස තියෙනවා වගේම මගේ අදහස් විවේචනය කිරිමේ නිදහස මම මගේ පාඨකයාට දීලා තියෙනවා. ඒ ඔවුන්ගේ අදහස. මට බෑ ඒවයේ වගකීම ගන්න!//

      ඈ නිදහස? ඒ මොකක්ද ඈ?
      එහෙම එකක් අහල නෑනේ
      අපි දන්නෙ පාලනය කරන්න
      පාලනය අර සිංහලෙන් CONTROL කියන්නේ

      හොහ් හෙහ්..

      //ඇයි? ඇයි මම එහෙම කරන්නේ? මට උවමනා නෑ මගේ හොඳ විතරක් අහලා බොරුවට හිත සතුටු කරගන්න. මං ආසයි බැණුම් අහන්න. වැරදි තැන් හදා ගන්න.//

      මෙ මොනව කතාකරනවද? අපි බොලොග් ලියන්නේ "ආනේ හරි-චෝයි" කල්ලියට නේ. මේ ඇනෝ ලියන නෝටි අය අපේ ආතල් කඩනව අනේ!

      Delete
    3. @සූස්ති ගුණේ : මේකට හිනා වෙන්න ඕනෙද ?

      Delete
  26. "ඇනෝ ලියන/කමෙන්ට් කරන කෙනෙකුට නම් මේකේ තඹ දොයිතුවක වටිනාකමක් නෑ තමයි."

    කරුණෙන් කරුණ පැහැදිලි කරලා මම කමෙන්ට් කළාම මීට වඩා තාර්කික උත්තරයක් මම සුදීක මහත්තයාගෙන් බලාපොරොත්තු උනා. තත්වය පැහැදිලියි!

    සූස්ති ගුණේ : මට අල්ලං ගහපංකෝ මේවයේ කමෙන්ට් කරලා මේ වගේ කතා අහගන්න එනවට! :D

    ReplyDelete
    Replies
    1. @ සුදීක පූසට ඔහොම කතා කරන එක වැරදි..මේ බ්ලොග් අවකාශේ මුල ඉඳන් හිටපු මනුස්සයෙක් තමයි පූසා කියන්නේ ..සුදීකට වඩා අද්දැකීම් එක්කයි යමක් කියන්නේ..මාත් ඉතින් silentsahan නමින් පහු ගිය නොවැම්බරයේ ආවට මීට කළින් හිටපු කෙනෙක් බව දන්නවා ඇතිනේ..

      \\ඇනෝ ලියන/කමෙන්ට් කරන කෙනෙකුට නම් මේකේ තඹ දොයිතුවක වටිනාකමක් නෑ තමයි. \\

      සුදීකගේ මෙන්න මේ ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා ... යම් කිසි කෙනෙක් දක්වන ආකල්පවලට තමයි පෙරළා පිළිතුරු ලැබෙන්නේ..එවැනි පිළිතුරු ඔබ බාර ගන්නේ මෙහෙම නම් කතා කිරීමත් නිෂ්ඵලයි ඔබ වැන්නෙක් සමග..හෙමීට පීලි පනින්න එපා සුදීක..!

      සමාජයගැන මීට වඩා ඉගෙන ගන්න.මීට වඩා සුහදශීලී වෙන්න ඉගෙන ගන්න සුහදශීලී මාධ්‍යක ඉන්නවනම්..සුදීක ගැන මේ ගැන කතා කරලා පලක් නැහැ..හැබැයි ඔබ අනවශ්‍ය දේ සඳහන් කරමින් ප්‍රතිකමෙන්ටු දැමීමක් කළොත්, ඒ සියල්ලට පිළිතුරු දෙනවා මම.

      ( මා සූස්ති ගුණේ හෝ නිර්නාමික අඩවි පවත්වාගෙන යන්නෙක් නොවෙමි )

      Delete
    2. පූසා සෑර්,

      මේ තමයි නිර්වින්දිත සමාජයක අපිට දකින්න වෙන ඒවා.
      මේ කියන්නේ ඇනෝ ලියන නොහැදිච්ච, නොසන්ඩාල කාලකණ්නි, අසමජ්ජාති, වනචර, වල් හැත්ත ට අචාර ධර්ම ගැන හැඟීමක් නැති බවය.
      පූසෝ! වරෙන් මලක් ඇදලා අපිත් නිර්වින්දනය වෙමු.

      Delete
    3. @sahan : මම ඒ කරුණු වලට එකින් එක උත්තර දුන්නත් "පූසා" හැම කරුණකින්ම මතු කරන්නේ "ඕන කෙනෙක් ඕන දෙයක් කිව්වට මට කමක් නෑ, මගේ ඇඟේ වදිනවද ?" වගේ අදහසකින්. හොඳයි කවුරු හරි හොයා ගන්නවා(සමහරවිට දන්නවත් ඇති) පූසා කියන කෙනා කවුද කියලා. ඊට පස්සේ ඔහුගේ පුද්ගලික තොරතුරු කමෙන්ට් වශයෙන් ඉදිරිපත් කරනවා, මාතෘකාව කුමක් වුවත්(එහෙම වෙන තැන් අපි දැකලා තියෙනවා) එතකොට මොකද හිතෙන්නේ. මේක දිගටම වෙන්න අරිනවද ? ඇනෝ ඇරලා තිබ්බොත් තමන්ට ගහන්නේ තමන්ගේ හොඳම හිතවතාද ? කියලවත් හිතා ගන්න බැරි වෙනවා.

      දැන් බලන්න මම දාපු එක වාක්‍ය නිසා කී දෙනෙකුට හිත් රිදවීම් ඇති වෙලා තියෙනවද කියා. මම එකේම උත්තරේ කිහිප දෙනෙකුට දැම්මේ ඒ නිසා. ඔන්න එතකොට තමයි අර වගකීම අවශ්‍ය වෙන්නේ.

      Delete
    4. සූස්ති ගුණේ : හරියටම හරි නිර්වින්දිත සමාජය කියන එක තමයි හරිම වචනේ. ඔය වචනේ ගැන පැහැදිලි කරපු පුද්ගලයාගේ පැහැදිලි කිරීමෙන්ම මේ සුදීක මහත්තයාගේ හැසිරීමත් අපිට පැහැදිලි කරන්න පුළුවන් වගේ.

      සුදීක මහත්මයාම බ්ලොග් වලට ආචාර ධර්ම පද්දතියක් කියලා එකක් ගෙනත් එයා ඒකට අනූව කටයුතු කරනවයි කියලා හරි ලස්සනට කියනවා. එහෙම කියන එයාම මෙතන කමෙන්ට් කරන අයට හේතු විරහිත චෝදනාවක්("ඇනෝ ලියන/කමෙන්ට් කරන කෙනෙකුට නම් මේකේ තඹ දොයිතුවක වටිනාකමක් නෑ තමයි.") ඔහු විසින්ම ගෙනත් ඔහුගේ ආචාරධර්ම පද්දතියේ කාරණා ඔහු විසින්ම ලැජ්ජාවකින් තොරවම උල්ලංගනය කරනවා. මෙච්චර කතා ලියලා එහෙම නිර්ලජ්ජිතව ඔහුගේම ආචාරධර්ම පද්ධතියේ කාරණාවලට පිටින් කමෙන්ට් දාන සුදීක මහත්තයාට ඒ ගැන ගාණක්වත් නැති උනාට බලං ඉන්න අපිට ලැජ්ජයි මෙතන වෙන වැඩේ පේනකොට! :D

      SilentSahan: බොහොම ස්තූතියි ඔබේ අදහසට. නමුත් ඒකේ පොඩි වරදක් මට පේනවා (මට සාපේක්ශව) ඇත්තටම මම බ්ලොග් ලියන්න පරණද නැද්ද කියන කාරණේ අදාල වෙන්නේ නෑ නේද මෙතනට? ඊයේ බ්ලොග් ලියන්න ආව කෙනෙක්ට උනත් සුදීක මහත්තයා මේ විදිහටනම් ප්‍රතිචාර දක්වන්නේ ඒතන පොඩි අවුලක් තියෙනවා. :)

      සුදීක : මගේ සැබෑ තොරතුරු මේ ව්‍යාජ නමත් එක්ක එකතු කරනවාද නැද්ද යන්න පාලනය කළ හැක්කේ මටම පමණයි. දැන් මගේ ඇත්තම තත්වයනම් මගේ සැබෑ තොරතුරු දන්නා බොහොමයක් දෙනෙක් බ්ලොග් අවකාශේ ඉන්නවා. මං එහෙම නිරාවරණය උනේ මගේ කැමැත්තෙන්. දැන් කවුරු හරි මගේ පෞද්ගලික දේ මෙතෙනට ගේනවානම් වැරැද්ද සිද්ධ වෙලා තියෙන්නේ මගේ අතින්මයි. මං එහෙම නිරාවරණය උනේ සැබෑ ජීවිතේ සහ මේ බ්ලොග් අවකාශය ඇතුලේ මං දක්වන අදහස් අතර වෙනසක් ඇත්තේම නැති නිසා. ඒ දෙන්නම මම තමයි. කෙනෙක් මගේ සැබෑ නම හොයාගෙන ආවත් මට ප්‍රශ්නයක් නැති නිසා!

      "ඇනෝ ඇරලා තිබ්බොත් තමන්ට ගහන්නේ තමන්ගේ හොඳම හිතවතාද ? කියලවත් හිතා ගන්න බැරි වෙනවා." ඔබ කියන්නේ අපේ හිතවතුන්ට අපේ වැරදි පෙන්වා දෙන්න අවස්ථාවක් නොදිය යුතුයි කියලාද? ඔබ කියන විදිහට ඔවුන් වෙනත් ප්‍රෝෆයිල් එකකින් ආවොත් ප්‍රශ්නයක් නෑ?
      සුදීක තේරුම් නොගත් දේනම් මේ අන්තර්ජාලය කියන නිදහස් අවකාශය තුලට ආචාරධර්ම හෝ වේවා වෙන කිසියම් දෙයක් හෝ වේවා ගෙනවිත් අනෙක් මිනිසුන්ව එයට පොලබවන්න නොහැකි බවයි. අඩුම තරමේ මෙතන කමෙන්ට් කරද්දී ඔබ තුමාවත් ඔබතුමාගේ ආචාර්ධර්ම වලට යටත්ව ප්‍රතිචාර දක්වලා නෑ!

      Delete
    5. ඇනෝ කමෙන්ට් ඩිසේබල් බ්ලොග් එකක කමෙන්ට් කරන කිසිම කෙනෙක් ඇනෝ නෙමෙයි මේ හැමෝම සුදීක හා සමාන අය ඔවුන් සියල්ලම ගූගල් එකවුන්ට් එකකට හිමිකම් කියන අය ඒක නිසා මේ කතාව මෙතනට කොහෙත්ම අදාල නැහැ.

      "ඇනෝ ලියන/කමෙන්ට් කරන කෙනෙකුට නම් මේකේ තඹ දොයිතුවක වටිනාකමක් නෑ තමයි."

      Delete
    6. සුදීක තව ලස්සන වැඩක් කරලා තියෙනවා. එයා මේක මුලින්ම දාලා තිබුනේ "නීතී" පද්ධතියක් කියලා. නමුත් ඒක දැන් ආචාරධර්ම පද්ධතියක් කියලා වෙනස් කරලා. ඒකම ළොකු වෙනස් වීමක්.

      Delete
    7. අර කමෙන්කටුව

      "ඇනෝ ලියන/කමෙන්ට් කරන කෙනෙකුට නම් මේකේ තඹ දොයිතුවක වටිනාකමක් නෑ තමයි."

      මුඛ පුට්ටු වූ විට භාවිතා කරන එකක් බවයි දැන් පැහැදිලි වී ඇත්තේ. සහන්, වගේ අය ප්‍රතික්ෂේප කරා වගේ මාත් ඒක පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරනවා. ඔබම කියනව ඔබ හැමදේම තර්ක කරලයි බාරගන්නේ කියල. කොහොම බාරගන්නද ඔබ පුර්ව මතකයම ගොඩ නැගිල ඉන්දෙද්දි.. ඇත්තටම සුදීක හරි බොළද බ්ලොග් කරුවෙක්. ඔබට ඇනෝ කමෙන්ට් දෙකක් වැටුනං ඇති බ්ලොග් එක නවත්තල දාන්න. එකක් හිතන්න.. ඇනෝ කියන්නේත් මේකේ කොටස් කාරයෙක්.. කම්පැනියක් දුවන්න ඔක්කෝම අය ඕන..

      Delete

    8. //දැන් බලන්න මම දාපු එක වාක්‍ය නිසා කී දෙනෙකුට හිත් රිදවීම් ඇති වෙලා තියෙනවද කියා. මම එකේම උත්තරේ කිහිප දෙනෙකුට දැම්මේ ඒ නිසා. ඔන්න එතකොට තමයි අර වගකීම අවශ්‍ය වෙන්නේ.//

      -අර කිතුල් ගහට ගිය එකා නෑයෙක්ද සෑර්?

      Delete
    9. @පුසා : වැරදි පෙන්වා දීමයි ද්වේශ සහගත ලෙස පහර දීමයි දෙකක්. අර වාක්‍යය මම හිතා මතා පාවිච්චි කලේ කොල්වින් ආර් ද සිල්වා මහතා අනුව යමින්(නඩුකාරයාට පැවසු සිහිනය). ඕනෑම කෙනෙකුට දෙයක් දැනෙන්නේ තමන්ට වැදුනට පස්සේ. පලිහක් පාවිච්චි කරන අයට නම් කෙලින්ම වදින්නේ නෑ.

      Delete
    10. @ම: මෙතන වර්ග දෙකක ඇනෝ තියෙනවා නේද ? Anonymous කියන්නේ එකක්. නමුත් තමන්ව පොදු සමාජය විසින් හඳුනාගේ තිබෙන නම භාවිතා නොකර තවත් සැඟවුණු නමක් භාවිතා කිරීමත් එක්තරා මට්ටමක ඇනෝ කමක්. ලේබල් කිරීමේ ප්‍රශ්ණ තිබෙනවා. මා එක අතකට ඔබ හා එකඟ වෙනවා. මොකද උප්පැන්නේ තිබෙන නමට වඩා භාවිතා කරන නම් අතර වෙනස්කම් තිබෙන අයත් ඉන්නවා. ඔබ භාවිතා කරන මගේ මරණය(මම නිවැරදි නම්) පුද්ගල නාමය නොවන බව බැලූ බැල්මට වැටහෙනවා. එහෙම ඒවාත් අපිට සලකන්න වෙන්නේ එක මට්ටමක.

      Delete
    11. ඇනෝ විදියට නේද ? (කොටස් දෙකට කඩලා දැම්මේ)
      @මාතලන් : මම එතන නිවැරදි කලේ ටයිපින් මිස්ටේක් එකක්. එනිසයි නීති කියන එක තිබෙද්දීම ආචාරධර්ම කියලා යෙදුවේ. හොරෙන්ම කරා නම් එය මෙහි එන ඔබට කල අසාධාරණයක්.

      @දේශකයා :
      //ඇත්තටම සුදීක හරි බොළද බ්ලොග් කරුවෙක්. ඔබට ඇනෝ කමෙන්ට් දෙකක් වැටුනං ඇති බ්ලොග් එක නවත්තල දාන්න//
      මා ඔබලා තරම් පොත පත අධ්‍යාපනයක් නැති, ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් නොවන්න පුළුවන්, එත් මා බොළඳයි කියා කීම සාපේක්ෂ දෙයක් නේද? ඔබ/පූසා/මාතලන්/ගුණේ වගේ ඉහල රසවින්දනයක් තිබෙන යට මා බොළඳ වුවත්, මටත් වඩා බොළඳ අයට මා හොඳ වන්නත් පුළුවන් නේද ? මටත් කලින් ඇනෝ කමෙන්ට් වැටිලා තියෙනවා, මම බ්ලොග් එක වැහුවේ නෑ. දැන් ඔය කියන පරිනත් මට්ටමේ බ්ලොග් කරුවෝ පස්දෙනෙක් විතර තනියම ඔට්ටු වෙන්නෙත් ඔය කියන බොළඳ පුද්ගලයාම නේද ? ඉතිං බොළඳ කෙනෙකු සමග ඔට්ටු වන්නේ ඊටත් වඩා බොළඳ කෙනෙක් බවයි මට තේරෙන්නේ.

      @සූස්ති ගුණේ : සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මහතාට අනුව කෙනෙක් තව කෙනෙක් ගැන අදහස් පල කරන්නේ තමන් ගැන හිතලා. ඒ අනුව තමයි මම ඔබ ගැන හිතා ගන්නේ.

      @පූසා/ගුණේ : ඔය නිර්වින්දිත සමාජය ගැන කතාවක් මා අසා තිබෙනවා ලාල් හෑගොඩ මහතාගේ දේශනයකදී. ඔබත් අදහස් කරන්නේ එතුමා ගැන වෙන්න ඕනේ.

      Delete
    12. මම ඔබට කිසිම තැනක බොළඳ යයි කියා නැත. හැකිනම් ඔප්පු කර පෙන්වන්න.. මම කීවේ ඔබ බ්ලොග් මාධ්‍යය කුමක්දැයි වටහාගෙන නොමැති බවයි. ඔබ කර තිබෙන්නේ ඔබේ තර්කය සනාත කිරීමට 2007 තරම් ඈත බ්ලොග් කරුවෙක් විස්න් ලියු දෙයක් ඉදිරිපත් කිරීමයි. නමුත් අපි නගන තර්කයන්ට අදාල ලිපිත් අනන්තවත් තිබෙනවා. කොහොමත් ඉදිරියට එන්නේ පුරවැසි මාධ්‍යය (Citizens Journalism) කියන් දේ. ඊට අනුගත වෙන්න බැරි නම්. පැවත්මක් නෑ. මාධ්‍යකරුවෙක් පොරක් (Genius) වෙනවට වඩා වටින්නේ, සෑම මතයකටම ඉඩ දෙන හිතවත් නිදහස් පුද්ගලයෙක් නම් පමණයි. (Friend)

      අනෙක ඔබ පරිගනක ඛ්ෂේත්‍රය නියෝජනය කරන්නෙක්, අද පවත්නා සමාජ වෙබ් අඩවි (Social Networks) වල වැඩි වශයෙන් තිබෙන්නේ බොරු ගිණුම්. (fake accounts) ඉතින් මටත් පුළුවන් "බරක් ඔබාමගෙ" නමින් ගිණුමක් හදාගෙන, ඔබට කොමෙන්ට් දමන්න. ඊහම් නැත්නම් "ඉන්දරතන ස්ථිවර" කියලා ගූගල් ගිණුමකින් කොමෙන්ට් කරන්න. ඒ මුකුත් නැතිනම් හොර අයිඩෙන්ටි එකකුත් හදලා, හොර පාස්පෝටි එකකුත් හදාගෙන, සුදීකගේ නමින් හා ඡායරූපයෙන්ම පෙනී සිටින්න. එවිට ඇනෝවකුගෙත්, අර ගිණුම් හිමිකරුවාගේත් ඇති වෙනස කුමක්ද.

      ඔබ විවේචනයට අකමැති නම්. ඔයිල් ස්පිල් මරුවා මෙන් කොමෙන්ට් වසා දමන්න, නැතිනම්, ඔබ කැමති ගිණුම් වලට පමණක් අදහස් දැක්වීමට ඉඩ දෙන්න. එවන් පහසු කම් ගූගල් විසින් සපයා ඇත්තේ ඔබ වැනි අයද සිටිනා නිසාවෙන්.

      Delete
    13. ඉතිං සුදීක මහත්තයාට කොයිම වෙලාවක හරි දැනුනද මම ඔය ආචාරධර්ම පද්දතිය උවමනායි කියනවා? හේතු විරහිත බොරු චෝදනා වලින් මිදෙන්න මේ ආචාරධර්ම පද්දතිය උවමනා නෑ. එහෙම බැලුවාම මට පැහැදිලි වේගෙන යනවා සුදීක මහත්තයාට ඇයි මේ පද්දතිය අවශ්‍ය කියලා. මේ පද්දතියේ නිර්ණායක පිටින් දාලා පුලුවන් සහේතුක චෝදනා අයින් කරලා මුකුත් නොවුනා වගේ ඉන්න. වර්චුවල් කීර්තිනාමය බේරගන්න.

      Delete
    14. @මාතලන්
      //ඔබ විවේචනයට අකමැති නම්. ඔයිල් ස්පිල් මරුවා මෙන් කොමෙන්ට් වසා දමන්න, නැතිනම්, ඔබ කැමති ගිණුම් වලට පමණක් අදහස් දැක්වීමට ඉඩ දෙන්න. එවන් පහසු කම් ගූගල් විසින් සපයා ඇත්තේ ඔබ වැනි අයද සිටිනා නිසාවෙන්.//

      නෑ මම එක පොස්ට් එකකට වැටුණු කමෙන්ට් නිසා, කෙනෙකුට අදහස් පල කරන්න තියෙන අයිතිය කොහෙත්ම අහිමි කරන්නේ නෑ. මේ පොස්ට් එකෙන් මට දැනුන දෙයක් තමයි මා සමග වාද කරන කණ්ඩායමට මා ඉතා වැදගත් පුද්ගලයෙක් බව.

      @පුසා : වර්චුවල් කීර්තිනාමය කෙසේ වෙතත් මම ආත්ම ගරුත්වය ඉහලින් අගය කරනවා. එය ඔබෙත්(සියලු දෙනා) මගේත් දෙදෙනාගේම.

      Delete
    15. ඕකට කියන්නෙ ස්වයංවින්දනය කියාය. අම්බානක ඉල්ලං කාපු වෙලාවට ඕක නිසා හිතේ අමාරුව අඩුවේ. සෑර් ඔය කියන මේ සංවාදයට අයිති නැති මනස්ගාත අටේ පංතියක කොල්ලෙක් වත් දැං කාලේ නොකියන ඒවාය. විලිලැජ්ජවේ සංතෝසේ බෑය.

      "වැදගත් වැදගත්" කියල හිතාගෙන සිටීම සහ ඇත්තටම වැදගත් වීම දෙකකි.

      මෙකේ කොමෙන්ට් කරන අයට නම් වැදගත් ඔබ නොව මේ විසංවාද වලින් පිරි ඔබේ "අචාර දර්මේ" පද්ධතිය ය. මේ වන විට "ආචාර" කෑල්ල හැලී "දර්මේ" මතුවී ඇත්තේ කාගේත් හොඳටය.

      Delete
    16. // මට අල්ලං ගහපංකෝ මේවයේ කමෙන්ට් කරලා මේ වගේ කතා අහගන්න එනවට! //

      මෙන්න මේකෙන් කියවෙන්නේ මොකක්ද කියලා මට කවුරුහරි පැහැදිලි කරලා දෙනවද ?

      @සුස්ති ගුනේ:
      //සෑර් ඔය කියන මේ සංවාදයට අයිති නැති මනස්ගාත අටේ පංතියක කොල්ලෙක් වත් දැං කාලේ නොකියන ඒවාය.//

      මෙන්න මේ කෑල්ලත් පොඩ්ඩක් පැහැදිලි කලොත්.

      Delete
    17. @ සුදීක
      ඒක උඹට තේරුණානම් ළොකු දෙයක්. මම සුදීකට කැමති, කවදාවත් කොමෙන්ට් වලට පිළිතුරු නොදී. ඊළඟ පෝස්ට් ඒක ලියන්නේ නෑ. අනික ඔබ බය නැතුව කියන්න ඕන දේ කියනවා. ඒ කියන්නේ උඹ බොරු නැතුව උඹ ලෙසම පෙනී සිටිනවා. ඒක සමහරුන්ට දිරවන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මම ඒකට කැමතියි.

      Delete
  27. බ්ලොග් සඳහා අචාරධර්ම පද්දතියක් ....
    බල්ලගෙ පුකේ ආචාරධර්ම.... කියවන හෝ නොකියවන එක තේරීම පාඨකයා සතු නම් මොන ආචාරධර්මද හලෝ??? කියවන එකෙක් කියවයි. අනවශ එකෙක් නොකියව ඉදියි. කාලෙන් කාලෙට එක එක ආතල් කාලයක් අර සෙට් එකක් බ්ලොග් අවකාශේ මල් වවන්න ගියා දැන් මු යනවා ආචාරධර්ම උගන්නන්න... වෙන දෙයක් නෙමේ සෑර් මේ එලියට පනින්නෙ ඔයාලගේ හීනමානේ.... අන්තිමට කියන්න තියෙන්නේ ඔයා ගන්න ආතල් එකක් ඔයා ගන්න සෑර් හැබැයි අපේ ආතල් කඩන්නේ නැතිව.... ජයවේවා!!!!! දැන් ඇවිල්ල උඹේ අර කමෙන්ට් එක දාපන් මේකට යටින්......:D

    ReplyDelete
    Replies
    1. // කාලෙන් කාලෙට එක එක ආතල් කාලයක් අර සෙට් එකක් බ්ලොග් අවකාශේ මල් වවන්න ගියා දැන් මු යනවා ආචාරධර්ම උගන්නන්න... වෙන දෙයක් නෙමේ සෑර් මේ එලියට පනින්නෙ ඔයාලගේ හීනමානේ....//

      පැරණි බ්ලොග් කරුවන් ඇති කරපු හිඩැස තමයි මේ අනිත් අය පුරවන්න උත්සාහ කලේ. ඔයාලගේ යුගේ හිටිය හොඳම බ්ලොග් කරුවෝ අද නිහඬ ඇයි ?

      Delete
  28. එන්න ටිකක් ප්‍රමාද උනා.සුදීක අයියේ ඕනෑම දේකට අචාර ධර්ම තිබිය යුතුය නැතිනම් එහි පැවැත්ම පිරිහි යාමට ඉඩකඩ වැඩියි.

    ReplyDelete
    Replies
    1. මේ කියන්නේ ඔන්නෑ කියලා.

      Delete
  29. සුදික මිනිසුන් වර්ග කරන විදිය හා මුහු වෙන විදිය එක්තරා විදියකට මමත්වයක් ඇතිවයි කරන්නේ. ඔබ කියන විදියේ බ්ලොග් පොරවල් කියන මානසිකත්වයේ මම නම් නෑ. මාතලං පවා එහෙමයි. එහෙත් මතවාදයක් වෙනුවෙන් පෙනි හිටින්න පොරක් වෙන්න උවමනාවක් නෑ. කරුණු එකින් එකට ගොනු කරල ලොකු කතාවක් කරන්න පුළුවන්. මෙතැන ඔබ කිව්ව අදහස් එක්ක. හැබැයි බොළද කම නිසා එහෙම කරන්නේ නෑ.. හැක්.. ඔබ බොලද බවක් මා කියා නැත. ඔබේ බ්ලොග් කෙරුවාව බොළද බවයි අදහස් කරේ. ඔබ මා ගැන පුර්ව නිගමනයක් තියාගෙන ඉන්නවා. ඔන්න දැං කියනවා.. අඩුගානේ මගේ බ්ලොග් එකක් තියේද කියලවත් නොදැන.. එතනම ලොකු අර්ථයක් එනවා නේ. ඔබ මිනිසුන් දිහා පාට කන්නාඩි වලින් බලන්නේ. මම ඇනෝ එන්නේ නෑ කවරදාවකවත්. මගේ දේශකයා ප්‍රොෆයිල් එක ෆෙක් නම් ඔබගේ එකත් ෆේක්.. මොකද මම අහපු ඒ සම්බන්ධ එක ප්‍රශ්නෙකටවත් ඔබ උත්තර දීලා නෑ.. හිහි.. හිරු හා දුකා ගැන ඔබ ඉදිරිපත් කරන්නෙත් බොළද තර්කයක්. ඔබට මාව උනත් මුන ගැහෙන්න පුළුවන්. මොකද අපි කන්ෆර්ම් කරල තියෙනවා මැෂින් නොවෙන වග (වර්ඩ් වෙරිෆිකේෂන් එහෙම තියෙන්නේ ඒකටද මන්ද ඔය සයිට් වල රෙජිස්ටර් වෙන කොට)

    ආචාර ධර්ම පද්ධතියක් ඔබට තියා බ්ලොගර්ටවත් හදුන්වා දෙන්න බෑ. එකම දේ මම කියපු විරෝදතා දෙක, මඩ ගැහීම හා කුනුහරුප කීම පාලනය කරන්න පුළුවන්.. මම දන්න එකම ආචාර් ධර්මය එයයි.. වචන හේතුවෙන් හිත් රිදවීම් ඇති උනා නම් කනගාටුයි. හැබැයි මොන විදියෙන්වත් ඔබගේ මතක ප්‍රත්‍යක්ෂ කර ඉදිරිපත් කරන්නටවත්, එය තහවුරු කරන්නවත් ඔබගේ දෙපැත්තට වැනෙන වචන වලින් බැරි උනා..

    අවසාන වශයෙන් කියන්න ඕන.. මම ඇනමලයන් ගැන හා ආචාර ධර්ම ගැන කතා කරන්නේ මගේ උවමනාවට නෙමෙයි.. සමස්ථයේ පැවැත්ම උදෙසායි.. ඔබද ඇනෝවෙකු වී හිටි කාලය (ගන්ධබ්බ) අමතක කරනවා කියන්නේ උඩට ආපු ඉනිමගට පයින් ගහනවා වගේ වැඩක්. කොහොම කිව්වත් මේක විකාරයක් වෙන්නේ ඔය ක්‍රෙම් හරියන්නැති එකක් හින්දයි.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. //ඔබද ඇනෝවෙකු වී හිටි කාලය (ගන්ධබ්බ) අමතක කරනවා කියන්නේ උඩට ආපු ඉනිමගට පයින් ගහනවා වගේ වැඩක්.//

      ඔයාගේ උදාහරණ නම් ටිකක් බාලයි. මට බය ඇත්තටම ඔයා දේශක්යෙක්ද කියන එකයි. අර ෆ්රුට් සැලඩ් කතාවත් ඒ වගෙයි. අමිල කියපු එකම වෙන විදියකට කියලා.

      Delete
  30. @ Cristogallary - මේ කතාව ගොඩාක් දුර ගියා කියල මම හිතනව. ඔක්කොම කමෙන්ට්ස් වගේම සුදීකගේ රිප්ලයි දිහා බැලුවම මට පෙනෙන එක දෙයක් තියෙනවා. අපි ඔයාල ඔක්කෝම දන්න විදියට හොඳ නරක එකම කාසියක දෙපැත්තක්.ඕනම කෙනෙකුට වෙන්කරල දකින්න පුළුවන්.නමුත් කාටවත් වෙන්කරන්න බෑ.කෙනෙකුට හොඳ දෙයක් තව කෙනෙකුට නරකක් වෙන්න පුළුවන්.

    හැබැයි එහෙම උනා කියල ඒ දෙක වෙන්කරල දකින කෙනාවත්, එහෙම වෙනසක් නෑ කියන කෙනාවත් වැරදි නෑ. හේතුව ඒක එකම කාසියක දෙපැත්තක්. කොහොම උනත් මේ කථාව ප්‍රශස්ත මට්ටමකට ගෙන එන්න දරදිය ඇදපු හැමෝටම ගොඩාක් ස්තුතියි.හේතුව මේක අපේ සිංහල බ්ලොග් කරුවන්ට ලොකු මඟ පෙන්වීමක් වෙයි කියල මට හිතෙනවා.ඒනිසා මේ වෘක්ෂයට මූලබීජය සපයපු සුදීකටත්, දරදිය ඇදල මේක හරබර කරපු මාතලන්ටත් බොහෝමයක්ම ස්තුතියි

    ReplyDelete
    Replies
    1. //එකම කාසියක දෙපැත්තක්//

      මේ කතාව නම් ඇත්ත. සියල්ල දෙස අපක්ෂපාතීව බලන් හිටපු කෙනෙකුට පෙනුන දෙයක් කියල මට හිතෙන්නේ.

      Delete
  31. tl;dr : People who can control themselves without a ridiculous set of ethics ignore this crap. Others feel free to control the space you call your "blog" (which socially isn't a blog) but don't try to make it a trend.


    People usually tend to go for Ethical frameworks and even further to religions when they find themselves out of control. After that they think their self-control is due to this assumed set of ethics or religion.

    Humans, even most animals, are able to make use of self control. The set of people who lack this quality are usually called sociopaths, the extreme cases are called psychopaths. What these people lack is the ability have sympathy, essentially rising from not having self control. Since the author have indicated he has read Freud he must know lack of self control mostly stems as a result of childhood issues.

    So what do these control-less guys do? They become the control-freaks of their generation. Most authoritative of a household is most commonly the most troubled one. They want to control everything. And when the things that are out of their reach go out of control, they become agitated, contradict themselves and eventually self-destruct (i.e. physically of mentally or in a more relevant manner online or offline).

    This post is nothing new. Social idiots who are at most only technical tried to impose controls on the blogosphere. I emphasize the word "tried".

    However the comment stream is really interesting. It shows, in one place, the process of breakdown of such a control-freak. This is unprecedented.

    So my fellow bloggers do as you please with your blogs. But your crap ends at that point. Try to impose it on others and you'll find yourself staring down this same road.

    ReplyDelete
  32. I can understand what you said. And many of others will. But everybody preferred sinhala content here. It's better if you mailed it to me.

    Since it is your opinion, I am not trying to reply explaining what I lack or not. It has no value either for you or others. Hope you could type in sinhala.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...