Saturday, June 29, 2013

ඇඟ කිලිපොලා යන දසුනක් ........

පින්තුරය ගත්තේ :
anklesprainrecovery.org
මගේ පහුගිය පොස්ට් එකට එකතු වූ කමෙන්ට් වලට පිළිතුරු කමෙන්ට් එකතු කරන අතරතුරම ශ්‍රීලංකාව, ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තුන්කුන් තරගාවලියේ ප්‍රථම තරගය අතරින් පතර නැරඹුවෙමි. කමෙන්ට් කිරීම හමාර කර මා නැවතත් රුපවාහිනිය දෙස දෑස් යොමු කලෙමි. එය එතරම් උද්යෝගීමත් තරගයක් නොවේ. පන්දු යවමින් සිටින්නේ බටහිර ඉන්දීය ක්‍රීඩක රවී රාම්පොල්ය. මේ වනවිට තණතිල්ල මත දිවීම නිසා ඔහු අවවාද ලබා තිබුණි. 

මට තිබූ ලොකුම ගැටලුව එය නොවේ. ඔහු පන්දු යවන විට ඔහුගේ අතපය වැඩ කරන ආකාරයයි. අමුතුම අත්පා කරකවීමක් කරන මේ ක්‍රීඩකයා වස කම්මැලියෙක් යයි ඔහුගේ කඳබඩ දකින ඕනෑම අයෙකුට සිතේ. හරියට බලෙන් ඇදගෙන ගොස් ක්‍රීඩා කරන්න දැමූ එකෙක් මෙන් ඉතා අපහසුවෙන් මෙන් එහා මෙහා ගමන් ගනී. එහෙත්  ඔහු ඉතා හොඳින් මොලය පාවිච්චි කරන බව වැටහෙන්නේ ඔහු පන්දුව පතිත කරන ආකාර දුටු විටය. එසේ සිතා වැඩි කාලයක් ගත වුයේ නැත. අඩමානයට කකුල තබා වළලුකර පෙරලා ගනු ලැබීය. මේ දසුන දකින විට මගේ සියොළඟ හිරිගඩු පිපෙන්නේ මේ අත්දැකීමට මාද මුහුණ දී ඇති නිසාය. 

එක් වතාවක් මෙය සිදු වුවේ මා සැහැල්ලු පන්දු සය සාමාජික ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කරන අතරතුරදීය. එහිදී ඉදිරියට පැන පහර දෙන්නට ගොස් මගේ දකුණු කකුල පෙරලින. එය සිදු වූ මොහොතේ වහා නැගී සිට එතැන් සිට ක්‍රීඩා කලද, පසුව දා උදෑසන වනවිට මගේ වළලුකර ඉදිමී තිබූ ආකාරය සිහි වනවිටද හීන් දාඩිය දමයි. ඉන්පසු ඇන්කල් ගාඩ් එකක් දමාගෙන සති ගණනාවක් තවමින්ද, ඉතා ප්‍රවේසමෙන් ඇවිදීමෙන්ද හොඳ කර ගතිමි. 

එහෙත් 2006 දී නැවත වතාවක් මාගේ වම් පාදයේ වළලුකර පෙරලිනි. එය සිදුවුයේ මා උදෑසන ව්‍යායාම සඳහා දෙහිවල එස්.ද එස්. ජයසිංහ ක්‍රීඩාංගනයට ගොස් සිටි අලුයම් කාලයකදීය. මා වටා වට වූ සෙස්සන් පැවසුයේ එහි ඇති කුමක් හෝ පෑගී එසේ වන්නට ඇතැයි යන්නයි. දුවන විටදී සිදු වූ බැවින් එය අධික වෙදානාවක් ගෙන දුනි. එහෙත් ගෙදර විත් කාර්යාලයටද වාර්තා කලෙමි. උදෑසන දහය වනවිට මාගේ පාදය බෙරකොටයක් මෙන් ඉදිමී තිබූ අතර මුළු කකුලම වෙදානාවෙන් හිරි වැටිණි. මා වේදනාවෙන් පසු වන බව දුටු මගේ ප්‍රදානියෙක් මා රෝහල වෙත යොමු කරන ලදී. 

මුලින්ම මා රෝද පුටුවක් තබාගත් ඇටෙන්ඩන්ට් වරයෙක් වෛද්‍ය වරිය වෙතද, එතනින් එක්ස්රේ කාමරය වෙතද ගෙන යන ලදී. මට පුදුම ආත්ම අනුකම්පාවක් ඇතිවිණි. මේ මා වැඩිහිටියෙකු වශයෙන් වෙනත් කෙනෙකුගේ ආදාරයෙන් ගමන් කරන පළමු වතාවයි. වෛද්‍ය වරියට පෙන්වූ පසු සහ එක්ස්රේ ගත පසු මගේ වෙදානාවෙන් සෑහෙන ප්‍රමාණයක්ද, කිසිදු හානියක් නොවී ඇතැයි ද පවසන විට වෙදානාවෙන් තවත් කොටසක් අඩු විය. මට තරු පෙනුණේ ඇය අනුමත කල ඇන්කල් ගාඩ් එක දමන්නට ගොස් අර ඇටෙන්ඩන්ට් වරයා මගේ වලලුකරෙහි ඉදිමුණු තැන රිදවීමය. මා ඔහුට පැත්තකට වන්නැයි පවසා, එය මවිසින්ම පළඳා ගන්නා ලදී.

ලෙඩ රෝග ඇති වූ විට එය ශාරීරිකව බලපානවාට වඩා මානසිකව බලපායි. ඕනෑම ලෙඩක් සනීප කර ගැනීමට 60%ක් හිත ඉවහල් වන බව පර්යේෂණ වලින් ඔප්පුකොට ඇත. නමුත් මෙවැනි අනතුරක් වූ වහාම වෛද්‍ය වරයෙකු වෙත යොමු වීමෙන් එවැනි තත්ත්ව මග හරවා ගත හැක. අනෙක් කාරණය මෙවැනි අනතුරු වලින් ඇති වන අභ්‍යන්තර තුවාල වීම් හොඳ වන්නට නම් විවේකය අවශ්‍ය වේ. වැඩිපුර නින්ද ඉක්මන් සුවයට මග පාදයි. 

පින්තුරය ගත්තේ :
virtualsportsinjuryclinic.com
මම ඡායාරුපයෙන් මෙම අනතුර වන ආකාරය පෙන්වා දී තිබේ. ඔබගේ පාදය(විශේෂයෙන්ම සපත්තු පැළඳ ඇති විට) ඉහත ආකාරයට අඩමානයට තැබීමෙන් අනතුරට ලක් වේ.  මෙහිදී එයට පිටතින් ඇති පේශී ඇදීමෙන් සහ වෙනත් තැනකට පැනීමෙන් වේදනාව ඇති වේ. මෙම අනතුර පිට පැත්තෙන් පමණක් නොව ඇතුල් පැත්තෙන්ද සිදු විය හැක. මෙසේ වලලුකරවල් පෙරලෙන අයට මෙම අනතුරු නිතර සිදු වේ. පසුව ඇති වන පෙරලීම සුව වීමට අවශ්‍ය කාලය වැඩි වේ. 

මේ සඳහා ජනප්‍රිය ප්‍රතිකර්මය  RICE ලෙස හැඳින්වේ. හාල් වලින් මේවාට ප්‍රතිකර්ම කල හැකිද ? මෙය ඔබට මෙන්ම මටද ඇති වූ ගැටලුවයි. මෙහිදී රයිස් යනුවෙන් හඳුන්වන්නේ Rest(විවේකය), Ice(අයිස්) එය සිදු වූ අවස්ථාවේ අයිස් තැබීම, Compress(තද කිරීම) - බැන්ඩේජ් හෝ ඇන්කල් ගාඩ් එකක් මගින් තද කිරීම, Elevation(එසවීම) - විවේක ගැනීමේදී මදක් ඉහලින් පාදය තබා ගැනීම.
පින්තුරය ගත්තේ :
depositphotos.com

අයිස් තැබීම කල යුත්තේ එම අනතුරු සිදු වූ වහාමය. ඒ අභ්‍යන්තර ලේ වහනය නතර කර ගැනීමටය. වෛද්‍යවරයෙක් හමු වනතුරු කල හැකි හොඳම ප්‍රතිකර්ම්යද මෙය වේ. නමුත් ඔබ දියවැඩියාවෙන් පෙලෙන්නෙක් නම් අයිස් තැබීමට ප්‍රථම වෛද්‍ය වරයකුගෙන් ඒ ගැන විමසීමක් කල යුතුය.
පින්තුරය ගත්තේ : firstaid.webmd.com 

මෙය බැන්ඩේජ් කිරීමෙන් හෝ ඇන්කල් ගාඩ් එකක් භාවිතාවෙන් compress (තද) කල හැකිය. මෙහිදී සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ, ඕනෑවට වඩා තද කිරීමත්, ඕනෑවට වඩා බුරුල් කිරීමත් යෝග්‍ය නොවන බවය.  වරක් මා වැඩිපුර තද කර බැන්ඩේජ් දමා, ඉදිමුම වෙනත් තැනකට යනු අත්විඳ ඇත. ඉහත පින්තුරයෙන් බැන්ඩේජ් කල යුතු ආකාරය දක්වා තිබෙනවා. 
පින්තුරය ගත්තේ :http://www.wikihow.com
මෙසේ ඉහලින් තබාගෙන විවේක ගැනීමෙන්, එම ස්ථානයට බර නිසා සිදු වන වෙදානා සහ අධික ලේ ගමනාගමනය අඩු වීමෙන් ඇති වන වේදනාව අඩු කර ගත හැකි වේ. 

මෙවැනි අනතුරු වන අය ප්‍රවේසම් විය යුතුය. මන්ද ඒවා නැවත-නැවතත් සිදු වීමෙන් ප්‍රවනතාවක් ඇති නිසාවෙනි. ක්‍රීඩා කරන විට වළලුකර ආවරණයක් පැළඳීම වඩාත් සුදුසු වේ. 





41 comments:

  1. මේ සිද්ධිය නිතිපතා ව්‍යායාම් කිරීම මගින් මංශපේශි ශක්තිමත්/නම්‍යශීලී කරගෙන තරමක් දුරට පාලනය කරගන්න පුළුවන් නේද ?
    කොහොම වුනත් බොහොම වැදගත් තොරතුරු ටිකක්..

    ReplyDelete
    Replies
    1. ඔව් පාලනය කර ගන්න පුළුවන් දෙපස තිබෙන මාංශ පේශි ශක්තිමත් කර ගැනීමෙන්. අනිත් එක වැලි මත, ගල් හෝ වෙනත් සමතලා නැති තැන් වල ප්‍රවේසමෙන් ගමන් කරන්න ඕනේ.

      බොහොම ස්තුතියි.

      Delete
  2. දැන් කෝ ඇග කිලිපොලයන දසුනේ පොටෝකැල්ල ...... අපිටත් එහෙම වෙනවද බලන්න....

    ReplyDelete
    Replies
    1. මම තුන් වතාවක් ටී.වී. එකේ යනකොට ගන්න උත්සාහ කළා. ඒත් එය පහසු නෑ. අවශ්‍යම අවස්ථාව මග ඇරුනා.

      Delete
  3. ඔය දේ මටත් වෙලා තියනව, diclofenac gel එක ගාල බැන්ඩේජ් කරල කකුල උඩ තියන් හිටියහම හරි ගියා, සමහර අයට ඕක නිතරම වෙනව කියල මම අහල තියනව.
    සිතුම් සයුර

    ReplyDelete
    Replies
    1. ඔව්. වෙන අයට දිගටම වෙනවා. මේකට මෙතන තියෙන අස්ථි පිහිටීමත් බලපානවා කියලා මට හිතෙනවා. මගේ නම් ආසන්නම හේතුව පාපන්දු ක්‍රීඩා කිරීම කියලා මම විශ්වාස කරනවා. මටත් දුන්නා ජෙල් එකක් Jonac කියලා සමහරවිට මම කියන එක වෙළඳ නාමය වෙන්න පුළුවන්. ඔබ කියන්නේ එහි සයෝගයේ නාමය විය යුතුයි.

      Delete
  4. හප්පොච්චියෙ මේ වැඩේ මට හත් අට වතාවක් වෙලා තියනවා. ආමි එකේ 'බූස්' දාගෙන ඉන්නකොට ඔය විදිහට කකුල ඇඹරෙන්නේ නෑ. එක් එක් පුද්ගලයාගේ ගමන් විලාශය (gait) අනුවත් ඔවැනි අනතුරු වෙනවා. මේ දැනුවත් කිරීම දිනපතා බස් එකට කෝච්චියට දුවන, එව්වාගේ පැනලා එල්ලෙන අයටත් හොඳ පාඩමක්.

    මාවිසින්ම පළඳාගන්නා ලදී. කියනවාට වඩා,මවිසින්ම පැළඳ ගත්තෙමි. කිව්වනම් හොඳයි වගේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මට මේක ලියද්දී ඔබතුමාව සිහියට ආවා. හමුදාවේ අයට මේවා නිරතුරු වෙනවා ඇති. ඇත්තමට ඒ බූට් මේවාට හොඳ විකල්පයක් තමයි.

      Delete
    2. සුදීක, මේ ක්‍රේප් බැන්ඩේජ් දැමීම පින්තූරයකින් බලලා කරන්න අමාරුයි. ඒ බැන්ඩේජ් එක කිසියම් ප්‍රමාණයක පීඩනයක් ලැබෙන ආකාරයටයි යෙදිය යුත්තේ. නියමිත ප්‍රමාණයට වඩා තදට යෙදීම භයානකයි. එමෙන්ම, නියමිත පීඩනය නැත්නම්, එයින් ලැබියයුතු ආධාරය ලැබෙන්නේ නැහැ. ප්‍රථමාධාර වලදී මේ ගැන පුහුණුවක් දෙනවා. ඒ පුහුණුව හරි වැදගත්.

      Delete
    3. ඇත්ත. මේක නවකයෙකුට අමාරු වෙනවා. ඒත් අතේ හුරුව තමයි අවශ්‍ය. ක්‍රීඩකයෙක් වන කෙනෙකුට මේ අත්දැකීම ටික දවසකින් ලැබෙනවා. මම උත්සාහ කරන්න වීඩියෝ එකක් හොයා ගන්න.

      Delete
  5. එක සැරයක් පෙරලුනොට් පුරුදක් විදිහට දිගටම එහම වෙන්න තියන සම්බවිටවය වැඩි නේද?
    මට ඔහම් වෙලා මගේ බිර්දට පින් සිද්ද වෙන්න හොද කරගත්ත.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔව්. හක්ක පනිනවා වගේ තමයි. දිගටම වෙන්න පුළුවන්.

      Delete
  6. මේ අනතුර මටත් වෙලා තියනවා . ටිකක් කල් යනවා සුව වෙන්න.නැවත
    පෙරලෙන්නෙ නැති වෙන්න ප්‍රවේසම් වෙන්න ඕන . හොඳ විස්තරයක් .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගිම්හානි.

      Delete
  7. හැම කෙනෙකුම වගේ මෙවන් අනතුරුවලට ලක්වෙලා තියනවා සුදීක. මෙතැන බැන්ඩේජ් එක දාන විදිය කියා දීමනම් හරිම වැදගත්.

    ReplyDelete
    Replies
    1. දැන් බැන්ඩේජ් නැතිව ඕනෑනම් ඇන්කල් ගාඩ් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. එහි තිබෙන වටිනාකම් තමයි සේදීමට හැකි වීම, පැලැන්දීමෙන් පසු අපහසුවකින් තොරව පාවහන්, හෝ සපත්තු පැලන්දීමේ හැකියාව. බැන්ඩේජ් දැම්මම එතැන ලොකු වෙනවා. නමුත් අවශ්‍ය ලෙස බුරුල් කිරීමේ හැකියාව තිබෙනවා.

      Delete
  8. මටත් ඕකම වෙලා තියෙනවා,හැබැයි ඒ මම කැඩෙටින් කරන කාලේ පෙරඩ් එකේ ලාස්ට් රියසල් එක වෙලාවේ කරුමෙ කියන්නෙ, අච්චර දවසක් හොදට ඉදලා, පෙරඩ් එකට කලින් රියසල් එකේදිම කකුල මුලක පැටලිලා ඇදගෙන වැටුනා, ඔය කියපු විදියටම පෙරළිලා, පස්සෙ බලන් ඉද්දි ඉදිමෙන්නයි නිල් පාට වෙන්නයි ගත්ත නිසා මාව ජයවර්ධනපුර හොස්පිටල් එකට ගෙනිච්චා, හප්පා එදා නම් මුළු ඉස්කෝලෙටම ඇහෙන්න කෑ ගහලා ඇඩුවා :D පස්සෙ හොස්පිටල් එකෙන් ප්ලාස්ටර් එක දාද්දි මම එපා කීවා, ඒ වෙද්දිත් මම අඩුවොනත් එක්කෙනෙක් අඩුවෙනවානේ,ඒක ඉස්කෝලෙටයි ප්ලැටූන් එකටයි දෙකටම හරි නෑනේ,අපේ රිසව් කෙනෙක් හිටියෙත් නැති නිසා, මම ප්ලාස්ටර් නොදා බැන්ඩේජ් එක දම්මගෙන ආයේ ඉස්කෝලෙට ගිහිල්ලා සෙරමෝනියල් යුනිෆෝම් ඇදගෙන, එක කකුලකට සයිස් 6යි, අනිත් එකට සයිස් 9යි සපත්තු දාගෙන හොදට තියන කකුලට බර දීලා පෙරඩ් එක ඉවරවෙනකම්ම හිටන් හිටියා :D

    මුනා වුනත් බැන්ඩේජ් එක දාන විදිය කියා දීපු එක නම් හොදයි, :D (Y)

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කැප කිරීම අගය කරනවා. පොස්ට් එකක් ලියන්න වටිනා කාරණාවක්.

      Delete
    2. අන්න..නියම කාතාව, ඔය වගේ දරාගැනීමක් සහ කැප කිරීමක් කරන්න පුළුවන් ශීෂශ බටයක් කුට විතරමයි.

      Delete
    3. ඒ කියන්නේ සංජීවත් කැඩෙට් කෙනෙක්.

      Delete
    4. මොනවද කියන්නෙ අය්යන්ඩි මම 5 වෙනි බල අණිය් රෙජිමන්ටු සැරයන් වරයක්

      Delete
    5. ඒ කියන්නේ හමුදාවේ අයත් සැලියුට් කරනවා.

      Delete
    6. බලලට් නිළදාරි සැලිය්ට් කරනේ නැහැ

      Delete
  9. Me wisthara tika mama copy kara gaththa kamak nane. mokada ey tharam mata me tika wadagath aiye.

    ReplyDelete
    Replies
    1. මම දන්නවා. කිසිම ප්‍රශ්නයක් නෑ නංගී.

      Delete
  10. ස්තුතියි දැනුවත් කිරීමට.

    ReplyDelete
    Replies
    1. ලියන දෙය බොහෝ දෙනාට ප්‍රයෝජනවත් නම් මට සතුටක්.

      Delete
  11. අපොයි මටත් ඔය වැඩේ වෙලා තියෙනවා... ජිවිතේ එපා වෙනවා ඒ වෙලාවටනම්

    ReplyDelete
    Replies
    1. දැන් බලනකොට අපේ කට්ටියගෙන් භාගෙකට වද්දා මේක වෙලානේ.

      Delete
  12. මෙහෙම වෙලානම් නැහැ. Floor එකකින් පහලට වැටිලා තාම කොන්දේ අවුලක් නම් තියෙනවා :D

    ReplyDelete
    Replies
    1. ඒක කිව්වා ලේසිය. ජීවත් වෙන එකත් ලොකු දෙයක්නේ.

      Delete
  13. මමත් ඔය පරිප්පුව කාලා තියෙනවා. ඒත් ක්‍රිකට් ගහන්න ගිහින් නෙමෙයි. පඩි පෙලක් බහිද්දි.. නර්ස් නෝනලා බැන්ඩේජ් දාන කොට ලෙඩේ ගොඩාක් අඩු වෙනවා....

    ReplyDelete
    Replies
    1. ලිස්සා වැටුන මෙමං කරුවලේ....

      Delete
  14. ඔය වගේ දෙවල් ගැන දන අපේ බ්ලොග් අවකාශෙත් හොද බ්ලොග් එකක් තියෙනවා.ගිහින් බලන්නකෝ ....ඕවට ප්‍රතිකාර එහෙමත් ඒකෙ තියෙනවා...

    http://alnilamm.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හොඳයි අපි බලන්නම්.

      Delete
  15. අනිවා වැදගත්. ඕන වෙන්නේ මොන වෙලාවටද කියලා දන්නේ නැති උණාට කොයි වෙලාවක හරි ඕන වෙනවා

    ReplyDelete
    Replies
    1. අඩුම ගන්නේ ප්‍රවේසමෙන් ඇවිදින්න දුවන්න වත් හිතා ගත්තොත් හොඳයි.

      Delete
  16. ඇත්තටම වටිනා ලිපියක්..මමත් පොඩි කරුණු ටිකක් එක් කරන්නම්...මේ වගේ දෙයක් නැවත නැවත වීමේ ප්‍රවණතාවයක් ඇති වෙනවා නම්..පළපුරුදු භෞත චිකිත්සක වරයෙකුගෙන් (physiotherapist) කෙනෙක් ගෙන් උපදෙස් අරන් මාංශ පේශි ශක්තිමත් කරගන්නට වගබලාගත්තොත් වඩා සුදුසුයි...
    ඒ වගේම සුදික කියපු අර bandaging ක්‍රමය ට කියන්නේ cross over method ඒක කියලා...වෙළුමක් දමන විට හරියාකාරව පීඩනය බෙදී යන විදියට සහ වෙළුම බුරුල් නොවන සේ දැමිය යුතුයි...මොකද ankle එක කියන්නේ නිතර චලනය වන තැනක් නිසා..හරියාකාරව වෙළුම නොදැම්මොත් බුරුල් වෙන්න පුළුවන්...
    RICE...කියන්නේ අද අපේ ප්‍රතිකාර වල මුලික අංගයක්...වළලුකර විතරක් නෙවෙයි..ශරීරයේ ඕනෑම තැනක වන මාංශ පේශි ඇදීමක..තැලීමක්..ඉදිමුමක දී මේ ක්‍රමය පිළිපදින්න ඕනා...
    අනිත් දේ තමයි...වළලුකර ආශ්‍රිත මේ වගේ තත්වයකදී ..ඒ සමගම සීරුම් හා තුවාල වීම් තිබුනොත්...declofenac gel වගේ ඒවා ගෑම සුදුසු නැහැ...තුවාලය ට වඩා ඒ menthol effect එකෙන් වේදනාවක් දැනෙන්නත් පුළුවන්...
    මේ පෝස්ටුව හරිම වැදගත්...ස්තුතියි....

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි වෘත්තීය අත්දැකීම් තිබෙන කෙනෙක් මේ සඳහා අදහස් ඉදිරිපත් කරන්න එකතු වීම සම්බන්ධයෙන් ඉතාමත් සතුටු වනවා.

      මම හිතන්නේ පාඨකයන් වශයෙන් අපට වැදගත් බොහෝ දේ කළු සුදු බ්ලොග් එකෙක් තියෙනවා. මෙතනින් ගිහින් බලන්න.
      http://alnilamm.blogspot.com

      Delete
  17. මටත් මේ දේ නම් දෙතුන් වතාවක් වෙලා තියනවා... ඒකට හේතුව මම කකුල තියන විදිහත් බලපානවා මම හිතන්නෙ... දැන් නම් ඉතින් උඩපනින්න යන්නෙ නෑ නේ..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ දැන් ටිකක් තැන්පත් කියන එකද ?

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...