Thursday, June 27, 2013

ඔබේ කමෙන්ට් කිරීමේ ප්‍රතිපත්තිය කුමක්ද ?

මේ ලඟදි ඉඳලා සෞක්‍යය ගැන හිතලා මම උදේට සයිවර් කෑම කන්න පටන් ගත්තා. මොකද ඒවා පූර්ණ නිර්මාංශික වගේම, උඳු මත පදනම් වෙච්ච ආහාර හින්දා කොහොමත් හොඳ නිසා. මේ සයිවර් කඩේ ඉන්නවා මම තෝරා ගත්ත එක්තරා වේටර් වරයෙක්. මට හොඳට සංග්‍රහ කරනවා. මමත් එයට ප්‍රතිචාර දක්වනවා රුපියල් 10,15,20 වගේ සන්තෝසමක් දීලා. නමුත් අද උදේ මේ වේටර් වරයා කිසිම විශේෂත්වයක් නොදක්වා තමයි මට සේවාව සැපයුවේ. ඒත් මම සුපුරුදු සන්තෝසමම දීලා ආවා. එහි සිට එත්දී මට හිතුනා ටිප් දීමයි කමෙන්ට් කිරිල්ලයි එක වගේම නේද කියලා. 

පින්තුරය ගත්තේ :
http://sylvianenuccio.com
හොඳයි අපි දැන් කමෙන්ට් පැත්තට හැරෙමු. අපි කොහොමද කමෙන්ට් කරන්නේ. සමහරු "පිට කහ ගැනිල්ලක්" විදියට කරනවා. ඒ කියන්නේ කෙනෙකුගේ බ්ලොග් රෝලේ ඉන්න ඒවාට ඒ කෙනා  ගිහින් මොනවා හරි කමෙන්ට් කෑල්ලක් කොටලා එනවා. එතකොට අර බ්ලොග් කාරයාට මතක් වෙනවා "අඩේ අරකා මට හැමදාම කමෙන්ට් කරනවා නේද ?" කියලා. එතකොට එයත් ගිහින් ප්‍රතිඋපකාර කරලා එනවා. ඉතිං මේවගේ වැටෙන කමෙන්ට් ගැන මම අමුතුවෙන් ලියන්න අවශ්‍ය නෑ. මේ බ්ලොග් සාගරේ දවස ගානේ සැරිසරන ඔබ තමුන්නාන්සේලා ඔය ගැන හොඳටම දන්නවා ඇති.

තවත් කොටසක් ඉන්නවා. ඒ කොටස තමයි මම වැඩියෙන්ම කැමති කොටස. නිදහස් මතදාරියෝ කියලා කිව්වොත් වඩා නිවැරදියි. උදාහරණ දෙනවා නම් සුමිත් නිරිඇල්ල  තැනක කමෙන්ට් කරන්නේ හුදෙක් හිතවත් කමටම නෙවෙයි. මිනිහට කථා කරන්න යමක් තියෙනවා නම්. හොඳ හෝ නරක කමෙන්ට එකක් එකතු කරනවා. මේ ගණයේ මම දන්න තවත් අය ඉන්නවා. නොදන්නා අයත් ඇති, මෙතනදී සුමිත්ව තෝරා ගත්තේ බොහෝ දෙනා දන්නා ඒ වගේම මමත් හොඳට දන්නා කෙනෙක් නිසා. 

බොහොම සුළුතරයක් ඉන්නවා තනිකර බ්ලොග් කියවන. ඒ අය තමන්ගේ රුචිකත්වය අනුව බ්ලොග් තෝරා ගන්නවා, ඒ වගේම හොඳ හිත පවත්වා ගනිමින් කමෙන්ට් කරනවා. මේ වගේ අය කියවන්නේ විනෝදාස්වාදය සහ කාන්සිය මකා ගැනීම සඳහා. ඉතිං ඒ අය කා සමගවත් ආරෝවක් ඇති කර ගන්නේ නෑ. ඉතාම වැදගත් කොට්ඨාශයක් වුනත් ඉන්නේ බොහොම ස්වල්ප දෙනෙන්ක්.

තවත් කොටසක් ඉන්නවා කියවලා මොනවා හිතුනත් කමෙන්ට් එකතු නොකරන. ඒ ය ගැන යමක් කියන්න නොහැක්කේ ඔවුන් ගැන තේරුම් ගන්න බැරි නිසා. ඒත් බ්ලොග් කරුවෙක් විදියට ඒ අයත් අපිට ඉතා වටිනවා. මොකද ඔවුන්ගේ කියවීම පවා අපට දිරියක් නිසා. 

අනිත් කොටස තමයි බ්ලොග් ලියන ඒ වගේම කියවන අය. සමහරු මුලින් මුලින් බ්ලොග් එකකට ගොඩ වැදිලා කමෙන්ට් කරලා බලනවා ඒ කෙනා තමන්ගේ එකටත් ගොඩ වැදිලා කමෙන්ට් කරනවද කියලා. එන්නෙම නැත්නම් ඉල්ලීමක් කරනවා අපේ එකත් බලන්න කියලා. එහෙම කරලත් හරි ගියේ නැත්නම් අර බ්ලොග් එක අත් ඇරලා දානවා. එක්කෝ ඉඳ හිට නොදැම බැරිනම් කමෙන්ට් එකක් දානවා.

තවත් සමහරු විවිධ මතවාදීමය හේතු නිසා බ්ලොග් වර්ජනයක යෙදෙනවා. කොටින්ම මමත් එහෙම නොයන බ්ලොග් තියෙනවා. ඒවාට විවිධ හේතු කාරණා තිබෙන්න පුළුවන්. අන්තර්ගතය තමයි ප්‍රශ්නේ වෙන්නේ. පුද්ගලික මඩ ප්‍රහාර දියත් කරන ඒවාට නම් මම පුද්ගලිකව අකමැතියි. ඇත්ත, නැත්ත කුමක් වුනත් මේ වාගේ දේවල් වලින් කාට හෝ හානියක් වෙනවා. ඒ නිසා එවැනි බ්ලොග් දිරි ගැන්වීමක් වෙනවා අපි එහි ගියොත්. එනිසා නොයන එක හොඳයි. 

හොඳයි තව කණ්ඩායමක් ඉන්නවා මතවාදී ගැටුම් කමෙන්ට් තුල ඇති කර ගන්න. "බුවා, සයිලන්ට් සහන් සහ මාතලන්" මේ කොටසට  හොඳ උදාහරණ. තමන් පිලි ගන්නේ නැති ඕනෑම දෙයක් විවේචනය කරන්න මේ අය  පසුබට වෙන්නේ නෑ. මේ කණ්ඩයාම සටහනට පමණක් නොවෙයි කමෙන්ට් තුල තිබෙන දේ සමග පවා මතවාදීමය ගැටුම් ඇති කර ගන්නවා. සමහර වෙලාවට මාතෘකාවෙන් පිට යන වෙලාවලුත් එනවා. 

ඊළඟ කණ්ඩායම තමයි සුප්‍රසිද්ද "ඇනෝ" වරු. එයාලාව කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්. එකක් තමයි නමිනි පෙනී හිටින්න අකමැති වුනත්, ඵලදායි කමෙන්ට් එකතු කරන්නන්. තවත් අය ඉන්නවා නමින් පෙනී ඉන්නෙත් නෑ, නමුත් කිසිම දිනක බ්ලොග් එකකට හොඳක් කියන්නෙත් නැති. ඊළඟ කොටස තමන්ට නමින් පෙනී ඉඳලා කියන්න බැරි ඒවා අත ඇරලා දාන්නා ඇනෝ ලේබලය යොදා ගන්නා අය. භයානකම කොටස මේක තමයි. ඉතිං මේ නිසා බොහොමයක් බ්ලොග් දැන් ඇනෝ වාරණයක නිරත වෙලා. 

මම කමෙන්ට් කරන විදිය නම්, බොහෝ විට අර ටිප් එකක් දෙනවා වගේ ලිවීම දිරි ගැන්වීමක් වශයෙන් බලන හැම එකකටම කමෙන්ට් එකක් එකතු කරනවා. මම දන්නවා මේ ක්‍රමයෙන් නමක් දිනා ගන්න බෑ කියලා. ඒත් කුමක් හෝ ලියන අය අප අතර ඉන්න ඕනේ නිසයි මම එහෙම කරන්නේ. (කුමක් = වලට අයිති නැති තැනුන් තියෙනවා).

හොඳයි, ඔබ කොහොමද බ්ලොග් එකකට කමෙන්ට් කරන්නේ ? සියලු දෙනාගේ අදහස්  දැන ගන්න කැමතියි. මේ වගේ රිසර්ච් කරන එක මගේ විනෝදාංශයක්නේ. ඔන්න මේකටනම් හැමෝම කමෙන්ට් කරන්න ඕනේ. 

132 comments:

  1. ඕකට රිසර්ච් කරන්නේ මක්කටෙයි අයියේ. හැමෝම දන්නවා ඒත් කවිරුවත් හරියට කියන්නෑ. මොක පෘතග්ජනයාගේ ආසාව කියන දේ කියෙනවා. මොනා උනත් කමෙන්කටුවක්, හිට් එකක් ලියන එකාට වටිනවා කප්පරක් තරම්ම. අර ජඩ බ්ලොග් ගැන නං මාත් කියන්නේ එච්චරයි තියෙද් නැද්ද කියලවත් කියන්න හොද නෑ කොතනවත්.. ඔහේ මට මුකුත් කිව්ව හෙම නෙමෙයි නේ මොකද මට ඔහේ පහුගිය දොහේ ලියපු දෙක තුනක් ම අතෑරැනා.. හැක්

    ReplyDelete
    Replies
    1. යාළුවා උනාට වැඩක් නෑ නලියා මේකේ බයිට් කරන්නම ඕන..හරිද//

      Delete
    2. අපෝ කිසිම අහිතක් නෑ. මටත් බොහෝ ඒවා මිස් වෙනවා.

      Delete
    3. හිටුකෝ දේශකයෝ මං රෑවෙලා එන්නං දැන් වෙලා මදි.

      Delete
    4. යකෝ මේ නලියා රෑවෙලාමනෙ එන්නෙ දැං.

      Delete
  2. මගේ අදහසක් එකතු කරන්න පුලුවං ලිපියක් තියෙනවනං ඒ තැන මගේ අදහස දාල කොමෙන්ට් කරනව. එහෙම කියන්න දෙයක් නැත්තං හොඳ ලිපියක්, වැදගත් විස්තරයක් වගේ එකක් දාල එන එක තමයි තියෙන්නෙ. හැබැයි කාගෙවත් චරිත ඝාතන වැඩවලටනං මාත් කැමති නෑ.

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ හොඳම කමෙන්ට් කරුවෙක් තමයි.

      Delete
  3. ලිපිය කියවලා මට ඒ සම්බන්ධව යමක් කියන්න පුලුවන් කම තියෙනවා නම් මං කොමෙට් එකක් දානවා. හැබැයි ගොඩක් ආසවෙන් කියවපු ලිපි වලට කොමෙට් දාපු නැති වේලාවල් වැඩියි. ගොඩක් විට මට හිතුන එක වෙන කෙනෙක් කලින් කමෙට් එකක් විදියට දාලා, නැත්නම් මම කොමෙට් එක් ටයිප් කරලා ඉවර වෙලා මන්ම කියෙව්වාම ගැලපෙන් නැති කොමෙට් එකක් කියලා මටම හිතිලා පබ්ලිශ් නොකරපු වේලාවල් තියෙනවා.උදාහරනයකට මාතලන්ගේ ගවුම් වාටියේ ලිපියට කතාන්දර දාපු 56 හින්දා ඉංගිරිසි ඉගෙන ගන්න බැරි වුන එක විහිළුවක් කියන එකට එකඟව පොඩි මිනිහට තැනකට එන්න 56 හේතු වුණා කියලා දිග කොමෙට් එකක් ලියුවා.එක ප්බ්ලිශ් කරන්න කලින් කියවලා බැලුවාම මටම තේරුනා මං 56 යි නිදහස් අධයාපනයි පටලවාගෙන කියලා . මකලා දැම්මා

    ReplyDelete
    Replies
    1. මෙහම වෙන වෙලාවලුත් තියෙනව.

      Delete
    2. අපරාදේ නොදැම්මේ...

      Delete
  4. චැක්, දැන් මේකට මුනවැයි කොටන්නෙ.

    ඉස්සර නම් අයියෙ කියවන හැම එකටම කමෙන්ට් එකක් දානව. මං ගොඩක් ෆෝන් එකෙන් තමයි කියවන්නෙ. එහෙම උනහම කමෙන්ට් එකක් දාන්ට ලොකු කැපකිරීමක් කොරන්ට වෙනව. ඒත් මේ ලගක ඉදන් කාල වෙලාව ගැටලුවක්. ඒ නිසා කමෙන්ට් එකක් දාන්ට පුලුවන් වෙලාවක කියෙව්වොත් නම් කමෙන්ට් එකක් දාලමයි එන්නෙ. ඒත් ඉතින් මෙහෙම දෙයක්. කියවල ඉවර වෙනකොට කමෙන්ට් එකට දාන්න දෙයක් හිතට ආවෙ නැත්නම් ටැබ් එක වහනව නිකම්ම.
    කොච්චර බිසී වෙලාවක හරි කමෙන්ට් එකක් දාන්නම කියල හිතුනොත්, ඒ කියන්නෙ මට ඒ ගැන කියන්නම ඕන කියල දෙයක් හිතුනොත් පස්සෙ හරි හොයාන ගිහින් කමෙන්ට් කරල එනව. ඔයාගෙ බ්ලොග් එකේ මං කමෙන්ට් කරල තියන විදිහෙන්ම ඒක බලාගත්තැහැකි.
    දැන් මේක කියවල පැය බාගෙකට වැඩී.

    ප.ලි
    බ්ලොග් එකකට ගොඩ වැදුනම මං කමෙන්ට් කරපුවට රිප්ලයි කරලද කියල නම් අනිව බලනව.

    ReplyDelete
    Replies
    1. තමංගෙ කොමෙන්ට් එකට රිප්ලයි කරනවද කියල බලන එක ගොඩක් කොමෙන්ට්කරුවො කරන දෙයක්. එහෙම පිළිතුරක් නැති උනහමත් සමහර විට ඒ බ්ලොග් එකට ඊට පස්සෙ කොමෙන්ට් නොකර ඉන්න ඒක හේතුවක් වෙනව.

      Delete
    2. ඔව් මමත් බලන හැම එකකටම කමෙන්ට් නොකර අරින්නේ නෑ. මුල මද අග ගලපගන්න බැරි "ක්ෂිතිජයෙන් " ලියලා තියෙන ඒවාට පස්සේ කමෙන්ට් කරනවා කියලා කල් දානවා. සමහරවිට අතපහු වෙන්ව.

      මමත් මට වැටෙන හැම කමෙන්ට් එකකටම බොහෝ විට පිළිතුරු සපයනවා. අඩුම ගන්නේ ස්තිතියි කියලවත්.

      Delete
  5. අර්ථකතනයක් වඩා නිවැරැදිව දීමටනම් අදාල කතාවස්තුව නිවැරැදිව තේරුම් ගත යුතුයි.නමුත් ඇතැම් අටිකල්ස් මට තේරුම් ගත නොහැකි ඒවාත් තියෙනවා ඇතැම් විට මම නම් ඒවාට අර්ථකතනයන් සැපයීමට බොහෝදුරට නොයන්නෙමි.කියැවීම ලේඛණය කෙටිකලකදී මා ඇරඹු බැවින් යමක් ලිවීම ඉතාමත් අසීරු වී ඇත.එමෙන්ම මෙම බ්ලොග්ස් හරහා ද යමක් ලිවීමට මා ඉතාමත්ම මෑතක සිට පටන් ගත් නිසාද ඇතැම් ඒවාට අර්ථකතනයන් දීමේදීද මා පසුබට වන අවස්ථා එමටය

    ReplyDelete
    Replies
    1. මම උඩින් කිව්වෙත් ඔය වගේ කතාවක් තමයි. තෙරුම් ගන්න අමාරු සහ කියවන්න අමාරු වුනොත් කමෙන්ට් දැමීමේ ප්‍රවනතාව අඩුයි.

      Delete
  6. මම බොහොමයක් බ්ලොග් අඩවි කියවනවා. නමුත් අදහස් දක්වන්නේ එසේ කිරීමට තරම් මගේ නිර්නායකයන් සමග එකඟ වෙනවානම් පමණයි. මම කියවන අති විශාල බ්ලොග් ප්‍රමාණයෙන් 10% ක පමණ තමයි මම අදහස් දක්වන්නේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. එකඟ නොවන දේ බොහොම තියෙනවා.

      Delete
  7. සුදීක කට්ටයා... මග අරින්න බැරි ඉන්විටේශන් එකක් කරල තියෙනවනෙ කමෙන්ට් කරන්න... කමෙන්ට් නොකරන එකාත්/එකීත් තමංගෙ ප්‍රතිපත්තිය "කමෙන්ට් නොකරන එක" කියල කමෙන්ට් කරනවනෙ... බලමු කී දෙනෙක් කමෙන්ට් කරාවිද කියලා... :D
    මෙන්න මගෙ කමෙන්ට් එක...
    මං නම් බ්ලොග් කියවනව විතරයි... මෝඩ කතාවක් තිබුනොත් සද්ද නැතිව ඉන්නවා, හොඳ කතාවක් තිබුනොත්, මටත් කියන්න යමක් තිබුනොත් විතරක් කියල යනවා (ඒ ටික මට කලින් කවුරුහරි කියල තිබුනෙ නැත්තන් විතරයි)... :)

    ReplyDelete
    Replies
    1. අර ඉංග්‍රීසි කතා කරවන පන්තිය වගේ. :)

      Delete
  8. සම්පුර්ණයෙන්ම ලිපියක් කියෙව්වොත් කමෙන්ට් එකක් නොදා යන්නේනම් නැහැ කවදාවත්, ඒත් ඉදලා හිටලා මෙහෙම දේකුත් වෙනවා ලිපියම කියෙව්වට කමෙන්ට් කරන්න දෙයක් හිතට නොඑන අවස්ථා. බොහොමයක් මෙහෙම වෙන්නේ දේශපාලන ලිපි වලට, ඒකට හේතුවනම් මට ඒ ගැන වැඩි අදහසක් දක්වන්න තරම් දැනුමක් නොමැති කම..
    මගේ එකට මමෙන්ට් කළා නැතා මම හොද ලිපියක් දැක්කොත් අගය කරනවා ඒක ලිව්වේ කවුද කියන එක වැඩක් නැහැ මට , මුලින්ම සින්ඩියට ගිහින් මාතෘකාව බලලා ටිකක් කියවලා බලලා හොදයිනම් දිගටම කියවනවා ... සමහරවිට කියවන්න ගන්න ලිපි වල කියවන්න තරම් රසවත් නැති කම්මැලි හෑලි ටියෙනවා නම් බාගෙට නවත්තලා වෙන එකක් කියවන්න යනවා (මම කිව්වේ දසපද හෑලි ගැන ) ඒවගේ එවටනම් කමෙන්ට් වැටෙන්නේ නැහැ.. අනිත් එක මඩ ගැසීම් සහා තනිකරම කුණුහරප වචන සහිත ඒවා කියවන්නත් වැඩි මනාපයක් නැහැ (කුනුහරපෙක උනත් ලිවීමේ කලාවක් තියෙන්න ඕනේ ) ඔන්න ඔය ටික තමයි මගේ ප්‍රතිපත්ත්ති .

    ReplyDelete
    Replies
    1. හොඳයි. චමියාගේ ක්‍රමේ මම බොහෝදුරට දැනගෙනයි හිටියේ.

      Delete
  9. මම නම් කමෙන්ට් කරන්න කැමතියි. නමුත් දැඩි අවිවේකී බව නිසා බොහෝ හොද බ්ලොග් මට මගහැරෙනවා. කියවන ඒවායින් ස්වල්පයකට කමෙන්ට් කරනවා. ඒ මට යමක් කියන්න ඇත්නම් විතරක්. හැබැයි මම කීපදෙනෙක්ට නම් කමෙන්ට් අනිවාර්‍ය‍යෙන්ම දමනවා. ඒ අය මගේ රුචියට ලියන නිසා.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අවිවේකී බව මමත් නිරීක්ෂණය කල දෙයක්.

      Delete
  10. මමත් එක්ක මතවාදීවමය එකඟ නොවන්නන්ට බැට දෙනව. උඹට උනත් එච්චරයි. ඒත් නම්න් මිස ඇනෝ එන්නෙ නම් නෑ.

    මගේ ප්‍රතිපත්තිය මේකයි,
    1.මගේ බ්ලොග් එකට එන-කමෙන්ට් කරන උදවියගෙ අඩවි වලට කමෙන්ට් කරනව.(උඹේ බ්ලොගේට එනව වගේ)
    2.මම කැමති බ්ලොග් වලටත් කමෙන්ට් කරනව, මගේ අඩවියට ආවත් නාවත්(අජිත් පැරකුම්ගෙ ඩබ්ලියු ත්‍රී ලංකා, රාමචන්ද්‍ර,...)

    හැබැයි ඔය කියන ප්‍රතිපත්තිය රැකෙන්නෙ මට වෙලාව සහ මගේ මැසිමට ඉන්ටනෙට් තියන තරමට තමයි. මගේ කාර්යාලීය පරිගණකය අක්‍රිය උනොත්(නිතර අවුල් ඇති වෙනව), වෙනත් පරිගණකයකින් කියවන බ්ලොග් වලට කමෙන්ට් කරන්නෙ නෑ බොහෝවිට.

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් එකේ පැහැය වෙනස් කරන්න උදව් කරපු කෙනෙක් තමයි රාජ්. ඒ කමෙන්ට් වලින්. අපි දෙන්නත් මතවාදීව කොතරම් වාද-වල පැටලුනත් නොදුටු මිතුරන් සේ සහජීවනයෙන් ඉන්නවා නේ. :)

      Delete
  11. ම්ම්ම්,, පුංචි කාලේ ඉදන්ම මම ඕනෙම දේකදි පෙනුම බලනවා, (දැක්කම හිත ඇදිලා යන මාතෘකාවක්,පොස්ටුවක්,)ඒම දැක්කම තමයි කියවන්නෙ,කලින් දන්නැති බ්ලොග් එකක් නම් ෆලෝ කරලත් එනවා, හරියටම කියවලා ක්මෙන්ට් කරනවා, මගේ බ්ලොග් එකට ආවත් නැතත්, හැබැයි කෙටියෙන් :D මොකෝ දිග ක්මෙන්ට් ලියන්න මම කැම්මැලි, සමහර වෙලාවට පොස්ට් එක කියවලා පස්සෙ ක්මෙන්ට් කරන්න හිතන් ඉන්නවා, ඒ වුනාට ඊට කලින් එයාලම ආයේ පෝස්ට් දානව,එතකොට කලින් එක මග ඇරෙනවා, සැමා අය්යා, රජා, අටම් අය්යගේ බ්ලොග් වලට ගියාම තමයි ඕක හුගක් වෙලාවට වෙන්නෙ, + ලකූණ වැටිලා තියෙන ඒවා කියෙව්වත් ක්මෙන්ට් කරන්නෙ නම් නෑ -_- , නොහික්මුණු ඇසේ වගේ පොස්ට් තියන බ්ලෝග වලට ගියාම යාන්තම් ෂේප් වෙන්න ඒත් ක්මෙන්ට් එකක් දාලා එනවා, :D කෝම වුනත් අනිවාර්යයෙන් ක්මෙන්ට් කරනවා හැබැයි, දිග පොස්ට් නම් කියවන්නෙත් නෑ, ඒ නිසා ක්මෙන්ට් කරන්න බෑ,... :D

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි මගේ ක්මෙන්ට් එකෙ දිග :O මේම එකක් දැම්මමයි :D

      Delete
    2. //පුංචි කාලේ ඉදන්ම මම ඕනෙම දේකදි පෙනුම බලනවා//

      නොහික්මුණු එකාගෙත් පෙනුම හොදා ..හික්..හික්..

      Delete
    3. නොහික්මුණු එකා හොඳ කඩවසම් එකා. ඒ වගේම හිත හොඳ එකා. උගේ තියන මේ ලස්සට වෙන කෙල්ලොත් බැල්ම දාපු දාට තමා මේකිට දාඩිය දාන්නේ....

      Delete
    4. කියන්න අමතක වුණා කොමෙන්ටුවකින් පුංචි ආතල් එකක් මං ගන්නේ දන්න අදුනන යාළුවන්ගේ කමෙන්ට් හරහා විතරයි.(නැත්තං අරකි මාව කයි)

      Delete
    5. හොඳ ප්‍රතිපත්තියක්.

      Delete
    6. ඔව් ඔව් චමී අය්යා... ;)

      හැක්, නොහික්මුණු එකාගේ මූණ දැක්කෙ හුඟක් පහුවෙලා,ඒකගේ ගතිගුණ ලස්සනයි පෙනුමටත් වඩා.. :D කෝම වුනත් මට වඩා නොහික්මුණු එකා 1000 ගුණේකින් හොදයි ^_^ (ඒක අපේ අම්මයි තාත්තයිත් කියනවා) :D අඩේ ඇත්තටම නලීන් අංකල්, ඒ කතාව නම් ඇත්ත, මම කෙල්ලො කී දෙනකේට මේ වෙද්දි ඔරවලා ගොරවලා ඇතිද දන්නෑ :D

      ස්තූතියි සුදීක අය්යා :D

      Delete
    7. රුවනෝ මේක ප්‍රින්ට් කරලා තියා ගනිං පස්සට ප්‍රයෝජනවත් වෙයි.

      Delete
    8. ඕකා මේ පැත්තේ එන්නේ නැතිවෙිය කියලා හිතලයි මම දැම්මෙ, කරුමෙ කියන්නෙ මගේ අතින්ම ලින්ක් එක ගියානේ, :/

      සැලකිය යුතුයි, ඉහත ක්මෙන්ට්ව පිළිබදව මා කිසිදු වගකීමක් නොගනී :D

      Delete
  12. මට ගොඩක් වෙලාවට බ්ලොග් ලිපි කියවන්න වෙලාව නම් අඩුයි. ඒත් ඔබගේ ලිපිය අහම්බෙන් දැක්කා. ඔබගේ සමීක්ෂණය ගොඩාක් දුරට සාර්ථකයි. හරි වටිනවා.

    මම නම් බොහෝ වෙලාවට ලිපියක් කියෙව්වොත් හොද හෝ නරක හෝ කමෙන්ට් එකක් දාලම යන්න තමා උත්සාහය. මොකද එහෙම කරන එක ඔහුට කරන අත දීමක් වගේ ම මගේ යුතුකමක් විධියට දකිනවා.

    ReplyDelete
  13. මාත් බොහෝ වෙලාවට විවේකයක් ලැබුනාම බ්ලොග් රීඩර් කීපයක එහෙ මෙහෙ යනවා. ඒ කරලා දකින හොදයි කියලා හිතෙන ලිපියක් තිබුනොත් කොමන්ටුවක් දානවා. එහෙම නැතිනම් කියවලා නිකං ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔව් අපි ලහිරුවා හැම තැනම දැකලා තියෙනවා.

      Delete
  14. මමත් කියවනවා, කියන්න දෙයක් තිබුනොත් කොමෙන්ට් දානවා. සමහර විට ඔෆිස් එකේදී කියෙව්වට කොමෙන්ට් එකක් දාන්න බැරි වෙනවා. මගේ නම් කොමෙන්ට් දාන්න කියල පැහැදිලි ප්‍රතිපත්තියක් නැහැ. නමුත් අනිවාරියෙන් කියවන එක නම් කරනවා...

    ReplyDelete
    Replies
    1. පැහැදිලි නැති වුනත් රටාවක් තියෙන්න පුළුවන්.

      Delete
  15. මම වෙලාවක් ලැබුනම අහුවෙන ඕන බ්ලොග් එකක් කියවනවා අවුරුදු 2කක් විතර ඉදන් ඒ මුළු කාලෙටම වැඩිම උනොත් කොමෙන්ට් 10ක් දල ඇති... දැන් දවස් 12ක විතර ඉදන් බ්ලොගක් ලියන්න ගත්තා එතකොට තමය තේරුනේ ලියන එක කොච්චර උඩ යනවද කියල තමන් ලියපු එකට වැටුන කොමෙන්ටුවක් දැක්කම ....... ඒ නිසා බ්ලෝග ලියපු දවසේ ඉදන් භොඩ නරක මොකක් උනත් බලන හැම පොස්ටුවකටම කොමෙන්ට් එකක් දැම්ම ..... ලියන්න දෙයක් නැත්නම් මගේ බ්ලොගට එන්න කියල එකේ ලින්ක් එක හරි දැම්ම ..... අන්න එහෙමයි අපි හැදිලා තියෙන්නේ ....

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් දැකලා උඩ ඉඳලා කඩාගෙන වැටෙන වෙලාවලුත් තියෙනවා. :)

      Delete
  16. මෙකෙමයි සුදීක මම ඕනේ තරම් සාමාන්‍ය විදිහට සුහදශීලිව ඉන්නවා . දැඩි විදිහට හිටපු අවස්ථා 3, 4 වගේ තියෙන්නේ..

    01. බලචන්ද්‍රන්ගේ බොරු ෆොටෝ වලට අඬපු වෙලාවේ..
    02. අර ස්වාමීන්වහන්සේට නිග්‍රහ කළ අවස්ථාවේ.
    03. අධිකරණය ගැන ප්‍රශ්නයක් වුණු වෙලාවේ.



    එවැනි දැඩි ප්‍රශ්න වලදී මේ බ්ලොග් ලෝකේ කතා කරන්නේත් උදිත , මම , මාතලන් , හිරු , සයුරි , ප්‍රමුධි , කකා වගේ බොහෝම කීප දෙනයි...ඔය අවස්ථා වලදී ගෑණු වගේ හැංගිලා හිටපු පිරිමි ගැන නම් මට කරන්න දෙයක් නැහැ...

    _______________________________

    මගේ කමෙන්ට් කිරීමේ ප්‍රතිපත්ත්ය ගැන කිව්වොත් මෙහෙමයි..අමිල , පැරා , රයිගම් , කඳු , මාරයා , ටෙරන්ස් , මල් කැකුළු , සංවේදී එහෙම ජීවිතේට මගේ බ්ලොග් එකට ඇවිත් නැහැ...ඒත් එදා ඉඳන් මම කමෙන්ට් දානවා..තව කකා , ප්‍රමුධි , මානවක , හසරැල් වගේ අය එනවා අඩුයි..ඒත් මම කමෙන්ට් කරනවා එයාලගේ බ්ලොග් වල...මම නම් කමෙන්ට් කරන්නේ එයාල ඒවි හෝ එන්න ඕනේ කියන මතයෙන් නෙවේ..මගේ අදහස කීමට පමණයි..

    මම add වශයෙන් මගේ ලින්ක් කිසිම බ්ලොග් එහෙක දාල නැහැ..නිකන් විනොදෙට හෝ අවශ්‍යතාවය මත පමණක් ලින්ක් දානවා..හැබැයි නිකන් බයි බෝස් දාගෙන ලොකු ලයින් දාගෙන ඉන්න උන්ගේ නම් බ්ලොග් වලට මම යන්නේ නැහැ..සුහදශීලීත්වයක් නැති අයට මම අකමැතියි...සුහදශීලී අය එක්ක නම් විටක සාමෙන්ද , අනික් විට මතවාදීමය වශයෙන් හැලහැප්පීම්ද සිදු කරගන්නවා...

    බයි බෝස් කාරයන්ට , කාරියන්ට නම් බය වෙන්නේ නැහැ මම...මා එක්ක ඉන්න මිනිස්සු දන්නවා මම කව්ද , කොහොමද එයාලට සළකන්නේ කියලා..බොහෝ දෙනා පසු කාළීනව " අනේ මචන් සමාවෙයන් සහන් " කියලා මට කියපු අවස්ථා බොහොමයි..උදාහරණ මගේ බ්ලොග් එකේම ඇති ...

    ReplyDelete
    Replies
    1. සහන්ව බොහෝ දෙනා වැරදියට කියෙව්වා කියලා තමයි මටත් හිතෙන්නේ.

      Delete
    2. අපොයි මේ යකා කියන කෙබර.. හැක් හැක්..

      Delete
  17. මමනම් මෙහෙමයි;

    1. හොඳයි කියලා මට හිතෙන බ්ලොග් මගේ බ්ලොග් රෝලට එකතු කරගන්නවා.
    2. ඒවයෙ ලිපියක් පල වුනොත් අනිවාර්‍යයෙන් කියවලා කමෙන්ට් එකක් දාන්න උත්සහ කරනවා.
    3. එතනදි අදාලා බ්ලොග් කරු මගේ බ්ලොග් එකේ කමෙන්ට් කරනවද නැද්ද කියන එක මට අදාල නෑ.
    4. දේශපාලන ලිපි වලට කමෙන්ට් කිරීමෙන් වලකිනවා.
    5. වාද වලට පැටලී නොසිටින්න හැකි සෑම විටම උත්සහා කරණවා.
    6. මඩ බ්ලොග් කියවීම හෝ ප්‍රචාරණයෙන් වලකිනවා.

    ReplyDelete
    Replies
    1. වාද විවාද වලට යා යුත්තේ එය එතනින් අවසන් කරන අයත් සමග.

      Delete
    2. 7. අපිට මඩ ගහනවා.. හැක් හැක්

      Delete
  18. මෙන්න මගේ ප්‍රතිපත්තිය..... බ්ලොග් ලියන්න ගත් දවසේ ඉඳලා මට හමුවුණු මං කියවපු හැම බ්ලොග් එකකට මං කමෙන්ට් දැම්මා. දැනටත් මං බ්ලොග් 416ක් ෆලෝ කරලා තියනවා. ඉතින් ඒ පෝස්ට් අප්ඩේට් වෙන විදියට මට ඇති වෙලාව අනුව හැකි උපරිමයෙන් කියවනවා කමෙන්ට් දානවා.
    ඒ වගේම මං ආස කරන බ්ලොග් අනිවාර්යෙන්ම කියවනවා කමෙන්ට් දානවා දාලා ඒ ගැන විමසිල්ලෙන් ඉන්නවා. ප්‍රති උත්තරත් දෙනවා.
    ඔය මං තැන් කීපෙකම කමෙන්ට් දාල තියෙන්නේ ඒ වගේ තැන්වල.
    ඒවගේම විවාදාත්මක තැන්වලදී මගේ සිමාවන් තුළ හිදිමින් මං වාදෙයට එක්වෙනවා. ඇතැම් වාදවලට මට එක්වෙන්න බැරි රාජකාරිමය හේතු තියනවා.
    ඒ ඔක්කොමත් අතරේ දැන අදුනගත් යාළුවන්ගේ බ්ලොග්වලට අනිවාර්යෙන් කමෙන්ට් කරනවා.
    ඉතින් ඔය ඔක්කොම ඉන්ටනෙට් තියන තැනක මං හිටියොත් විතරයි. සමහර වෙලාවට ඒ පහසුකම් නැතුව යනවා.
    මාත් අදුනගත් හොද විවාදකයෝ තමා මාතලන් මාරයා බුවා රාජ් සහන් වගේ අය. අටං නං දැන් කමෙන්ට් දාන්නෙත් නැති තරං. මේ ඇනෝල ඌට පාට් දාල දැන් ඌට බ්ලොග් එපාවෙලාද කොහෙද? නැත්තං අටමත් හොඳ කොමෙන්ට් කරුවෙක් තමා.

    ReplyDelete
    Replies
    1. අපි ඕනෑම තැනක හැසිරෙද්දී එහි ඉන්න අනෙක් අය හැසිරෙන ආකාරය බලා ඊට අනුරූපව හැසිරිය යුතුයි.

      Delete
  19. මම හිතන්නේ උඹ මට කවදාවත් කොමෙන්ට් එකක් දාලා නෑ. මගේ මතකය හරි නම්. ඒත් මම උඹගේ එකේ කොමෙන්ට් කරනවා. ඒ උඹගේ බ්ලොග් එක පවතින්න ඕන කියලා හිතන නිසයි. සමහර වෙලාවට මගේ කොමෙන්ට් දරුණුයි වගේ පේන්න පුළුවන්. ඒත් ඒක එතනින් ඉවරයි. ආයේ හිතේ තියාගෙන ඉන්නේ නෑ. අපි මොකටද කවදාවත් දැකලා වත් නැති කෙනෙක් එක්ක හිත් අමනාපකම් තියාගන්නේ.

    මගේ ප්‍රතිපත්තියත් රජ්ගේ වගේ තමයි. මම නම් හොඳ දෙයක් දැක්කොත්, අද ලියපු බ්ලොග් එකක උනත් ඒක අගය කරලා කොමෙන්ට් කරනවා. වැරදි අඩු පාඩු කම් පෙන්වලා දෙනවා.

    ඇනෝලා ඇරුනම. මේ වැඩේ කරනවනම්, සහජීවනයකුත් තියෙන්නේ ඕන. මේකේ කවුරුත් පොරක් වෙන්න ගියොත් වැඩේ අන්ජබජල්. සමහර අය බ්ලොග් ලියලා නාගෙන් අඬනවා කවුරුවත් මේවා බලන්නේ නෑ. අගය කරන්නේ නෑ කියලා. ඒ පොර මානසිකත්වය මේකට හරියන්නේ නෑ. තමන් කොමෙන්ට් බලාපොරොත්තු වෙනවනම්, අනිත් අයටත් පොඩි කොමෙන්ට් එකක් හරි දාන්න ඕන. දැන් බලන්න "කල්ට්" කියන්නේ, බූන්දී කියන්නේ සුපිරිම බ්ලොග් අඩවි. නමුත් ඒවල කොමෙන්ට් නෑ. කල්ට් ලියන මහත්තයනම් කොමෙන්ට් වලට රිප්ලයි කරන්නෙ නෑ කියලා කිව්වා. එහෙම කියද්දිත් කොමෙන්ට් කරන එකා පිස්සෙක් හරි හරකෙක් හරි වෙන්න ඕන.

    අනික කොමෙන්ට් එකක් දැම්ම අඩු ගානේ ඒකට ස්තූතියි කියලවත් කියන්න. හැදියාව, එහෙම නැත්නම් මැනර්ස් කියන දේ තියෙන්නේත් ඕන. ඒවට කැමති නැත්නම්, "ඔයිල් ස්පිල් මරුවා" වගේ කොමෙන්ට්ස් වහලා දාලා ලියන්න ඕන. නමුත් මම කැමතියි, මම ලියන් දේ ගැන සංවාදයක් ඇතිවෙනවනම්..

    මේ වගේ දෙයක් ලියපු එක ගැන ස්තූතියි, සුදීක...

    ReplyDelete
    Replies
    1. ලිපිය වගේම කමෙන්ට් වලිනුත් ඉගෙන ගන්න දේ තිබෙනවා. ඔබේ බ්ලොග් එකේ මුලින් මා කමෙන්ට් කර තිබෙනවා. දැන් සින්ඩිකේටරයක් බවට පත් වූ පසු ඔබේ ලිපි හඳුනා ගන්න අමාරුයි. කොටින්ම් මම හිතා හිටියේ ඔබ ලිපි වලට මග පෙන්වීමක් කරනවා කියලා. නමුත් ඔබ තවමත් ලියන බව දැන ගැනීම සතුටක්.

      Delete
    2. සින්ඩිකේටරය, මම අන් අයට කරන උදව්වක්. ඒකේ යන්නේ අනුන්ගේ බ්ලොග් ගැන. මගේ බ්ලොග් අඩවිය ඔබ ජීවිතේටවත් කියවලා නැති බවකුයි මේ කොමෙන්ට් එකෙන් පේන්නේ..

      Delete
    3. මෙන්න ලංකාවේ හොඳම බ්ලොග් අඩවිය..

      http://maathalan.blogspot.com/

      Delete
    4. සුදීකයට නෙලන්න හිතෙනවා අම්බානකට. යකෝ මාතලංගේ සින්ඩියද උඹ මෙච්චර කල් බැලුවේ.. හැක් හැක්..

      Delete
    5. මේ කතාවටනං හිනාත් යනවා මාතලන්. මේ තරම් කාලයක් සුදීක බලලා තියෙන්නේ ඔබේ සින්ඩිය විතරයි. හැක් හැක් හැක්. නැත්තං සුදීක කමෙන්ට් නොදා ඉන්නෙනම් නෑ.

      Delete
    6. මට තාම වෙරි වගේ.. සුදිකගේ කතාවට හිනා වෙලාම.. අවුලක් නෑ.. ඉතිං නොදන්නව නං මරන්නයැ.. හැබැයි පුදුමේ කියන්නේ බ්ලොග් අමරුවෙන් හොයන් කියන අයගෙත් මුල්ම බ්ලොග් දෙක තුන අතර මාතලං ඉන්න එකේ. ලස්ස එකහාමරක කොඩිය දාපු සුදීක මාතලං ගැන නොදන්න එක තමා මටත් හිතාගන්න බැරි..

      Delete
    7. මෙව්ව දැකල පණ පලයං ලබන පෙරේදා...(පණ හරිද නලියෝ)

      Delete
    8. මාතලන්
      //කල්ට් ලියන මහත්තයනම් කොමෙන්ට් වලට රිප්ලයි කරන්නෙ නෑ කියලා කිව්වා. එහෙම කියද්දිත් කොමෙන්ට් කරන එකා පිස්සෙක් හරි හරකෙක් හරි වෙන්න ඕන//

      උඹ කොහොමද මෙහෙම කියන්නෙ? හැම කමෙන්ටුවකටම රිප්ලයි කරන්න ඕනද? නැත්තං කිසිම කමෙන්ටුවකට රිප්ලයි නොකරන බ්ලොග් වලට කමෙන්ට් කරන්න ඕන නැද්ද?

      ලංකාදීප පත්තරේ ඔන්ලයින් අඩවියේ කමෙන්ට් එකකටවත් රිප්ලයි එනවද?

      කෙනෙක් බ්ලොග් ලියන්නෙ තමුන්ගෙ අදහස කියන්න. එතනින් එහාට මතුවන කාරණා ගැන අවශ්‍ය උනොත් පමණක් අදහස් දක්වන්න පුළුවන්. නොකර හිටිය කියල මට නං අවුලක් නෑ.
      කමෙන්ට් වලට රිප්ලයි කරන්න තරම් කාල වේලාවක් නැති උදවිය ඕන තරම් ඇති. උන්ට පාඩමක් උගන්නනංන කමෙන්ට් නොකර ඉන්නව කියන ප්‍රතිපත්තිය වැරදියි.

      Delete
    9. ලංකාදීපේ රෙද්දක් ගැන නෙමේ නේ බන් මේ කතාකරන්නේ. බ්ලොග් ගැන. ඒවලත් මහ පරිමාණ ඒවා ගැන නෙමේ. මේ අපි උඹ වගේ දෙකයි පනහ ඒවා ගැන. අනික මම නම් කවදාවත් ඒවල කොමෙන්ට් දාන්නේ නෑ. කොමෙන්ට් කියවන්නෙත් නෑ..

      Delete
    10. සුදීක මට දීල තියෙන උත්තරෙ හිනා යනව කියලනෙ.
      දැන් ඔබට තේරුම් යනව ඇති මේ කොමන්ට් වලින් මාතලන් ලිපි නොලියන කෙනෙක් කියල ඔබ හිටපු තැන.
      ඔබ දියණිය සමග ගෙවන තනිකඩ ජීවිතය කුමක් ද කියා මට නම් තේරුම් ගියා.

      Delete
    11. මාතලන්ගේ බ්ලොග් අඩවිය මම කියවලා තියෙනවා කියන එකට සාක්ෂියක් තියෙන මගේ පොස්ට් එකක් තියෙනවා මේක බලන්න

      අපි නොදන්න මාතලන්

      Delete
    12. //මම හිතන්නේ උඹ මට කවදාවත් කොමෙන්ට් එකක් දාලා නෑ. මගේ මතකය හරි නම්//
      //සුදීකයට නෙලන්න හිතෙනවා අම්බානකට. යකෝ මාතලංගේ සින්ඩියද උඹ මෙච්චර කල් බැලුවේ.. හැක් හැක්..//

      //දැන් ඔබට තේරුම් යනව ඇති මේ කොමන්ට් වලින් මාතලන් ලිපි නොලියන කෙනෙක් කියල ඔබ හිටපු තැන.//

      මම අමාරුවෙන් හොයා ගත්තා එකක්
      අමාරුවෙන් කමෙන්ට් කලේ

      Delete
    13. හැම කොමෙන්ට් එකටම ප්‍රති උත්තර දෙන්න ඕන කියල හිතෙන එක නම් විකාරයක්! බලන්න ඉංග්‍රීසි බ්ලොග් දිහා. සංවාදයක් ඇති තැනකදි විතරයි කතෘ ප්‍රති උත්තර දෙන්නේ. සමහරු ෂා මරු! කියලා යනවා. ඕකට ස්තුතියි කියලා ගහයි කියල බලාපොර්තුවෙන්නයි එහෙම නොකලම අමනාප වෙන තරමට අපි බොලඳ ඇයි?

      Delete
    14. මමත් ඉංග්‍රීසි බ්ලොග් කිහිපයක් බලලා තියෙනවා. අපේ තරම් සංවාදශීලී නෑ තමයි.

      Delete
  20. ඔබේ වර්ගීකරණයේ කුමන කොටසකට මා වැටෙනවාද කියා මා දන්නේ නැ.මා බොහෝ blogs කියවනවා. සමහර ඒවාගෙන් මා බොහෝ දේ ඉගෙන ගන්නවා. (මා තවමත් ශිෂ්‍යයෙක්) ප්‍රසංසා කල යුතු තැන් වලට එම ප්‍රසංසාව දැක්වීමට මා මැලි වෙන්නේ නැහැ. double meaning සහ කුණුහරුප ලිපි වලට මා ප්‍රතිපත්තියක් හැටියටම comments දමන්නේ නැහැ. නමුත් බුදුන් වහන්සේට සහ බුද්ධ සාසනයට (භික්ෂු,භික්සුනි උපාසක, උපාසිකා) ගරහන ලිපි වලට නම් තරාතිරම නොබලා උත්තර ලියනවා.මේ සමහර එක්කෝ කරුණු හරියට හොයන්නේ නැතිව ලියන ඒවා ,නැත්නම් තම දේශපාලන අරමුණක් මුදුන් පමුණුවා ගැනීමටලියන ඒවා කියලයි මට හිතෙන්නෙ. මා ලියන්නේ මගේ නමින්මයි. මාත් blogs දෙකක්ම ලියනවා. එත් කාටවත් මගේ ඒවා බලන්න කියල නම් පෙළඹවීම් කරන්නේ නැහැ.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ලිපි ලියන අයගේ වගේම කමෙන්ට් දමන අයගෙත් විවිධ අරමුණු තිබෙනවා. එය තේරුම් ගැනීම තමයි වටින්නේ.

      Delete
  21. ( සුදීක අයියට ඉතිං මාසෙකට සැරයක්වත් රිසර්ච් පෝස්ට් එකක් නොදා බෑනේ... හි හි)

    කියන්න දෙයක් තියෙනවා නං කියනවා .. නැත්තං නිකා ඉන්නවා.. ඔච්චරයි මගේ කමෙන්ට් දැමිල්ල.....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේක මගේ විනෝදාංශයක්. ඇත්තටම මේ වගේ දේවල් වැඩියෙන්ම වෙන්නේ ෆෝරම් වල. නමුත් බ්ලොග් වලටත් මේවා අවශ්‍යයි කියන එක තමයි මගේ විශ්වාසෙ.

      Delete
  22. මම නම් ඉතිං ඔය හැමෝගෙම ලිපි කියවනව.
    සුදීකගේ ලිපි කියවල කොමන්ට් කරල පසුව පිළිතුරු කියවන විට හැගුන එකම දේ තමයි සුදීක කියන මහත්තය තමා ගැන අධි තක්සේරුවෙන් ඉන්න තුමෙක් කියල.
    දෙන පිළිතුරු වලින් මට දැනුන දේ කිවවේ.
    මේ බ්ලොග් අවකාශයෙ වලව් කාරයො නැහැ.
    හිටියත් ඉන්න ඕන අපි වගෙ සෙරප්පු නැතිව දූවිලි පොලවෙ පය ගහල.

    ReplyDelete
    Replies
    1. සුදීකගේ පිළිතුරු කමෙන්ටු බොහෝ විට සිත් රිදවන සුළුයි..මටත් ඒක දැනිලා තියෙනවා..ඒත් මම ආයාසයෙන් ඒ බව අමතක කර සිටිනවා..සුදීකගේ පිළිතුරු කමෙන්ටු පපුවට පිහියෙන් අනිනවා වගේ දැනුන අවස්ථා බොහෝමයි...

      ඒකට අපි බලන්නකෝ කෙන්ජි අයියේ, වළියකදී උපරිම මරා ගත්තට ෆන් එකේදී පුල් පන් එකේ ඉන්නේ නැද්ද මන් අහන්නේ ?

      Delete
    2. මම කියන්නද අපි වෙලාවක සෙට් වෙලා මේ අවුල ලිහා ගමු. මම ගැන මුලින්ම අදහස් ප්‍රකාශ කරන කියන දෙයක් තමයි ඔය. ඒ නිසා මම පුදුම වෙන්නේ නෑ ඔය ගැන. හැබැයි මට හිනා යන එකනම් නවත්තගන්න කියන්න එපා රජෝ.

      Delete
    3. අන්න දවස කියන්න කවදද

      Delete
    4. මාත් එනවා මට බෝතලේකුයි අමතර බාගෙකුයි ඕන. හැක් හැක්..

      Delete
    5. වැඩේ තියෙන්නෙ නලිය එන්නෙම රෑවෙලානෙ. (හාස්‍යයට පමණයි. මඩක් නොවේ.)

      Delete
    6. මාතලන් ලිපි ලියන කෙනෙක් කියල දන්නෙ නැති පිස්සු !@#$තෙක් එක්ක මොන සෙට් වෙන මෙව්වද.
      හොද වෙලාවට මුල්ම කාලේ ගෑණි දාල ගියෙ.දරුවත් එපා කියල.මේ වගේ එකාල එක්ක නෙ අපිත් අකුරු කෙටුවෙ.

      Delete
    7. මේ නං කෙන්ජි අයිය වෙන්න බෑ.

      Delete
    8. මම හිතාගෙන හිටපු කෙනාජ් ද ?
      ඔබෙග් අදහස් මෙහමනම් ඔබ පිළබද මගේ කොමෙන්ටුව දක්වා ඇති අදහස් ඉල්ලා අස් කරගන්නවා

      Delete
    9. මම නියම කෙන්ජි.
      මම කිව්වෙ මගෙ අදහස.
      අකුලගන්න අය අකුල ගත්තට මට කමක් නැත.
      මේකෙ ලියන/කියවන එව්වන්ගේ බොක්ක වගේම හක්ක,මොලයෙත් හොද රැස් තියෙන්න ඕන.
      මම සුදිකට දීල තියෙන කොමන්ට් එක ගැන ඉදිරියේදී ඔබලා යමක් දැනගෙන පසුව කතා කරන්න.
      හරියට එන එකාට පන උනත් දෙනව.දෙක පහේ රෝං ටෝක් දාන එව්වන්ට කන පුපුරන්න දෙන්නෙ.
      මේ ක්‍රමය එළිපිට කරන්න 99.99%ක් ම කැමති නැහැ.
      මම ඒ දශම ගානෙ එකෙක්.

      Delete
    10. මම හිතන්නේ මම තව මොනවත් කියන්න අවශ්‍ය නෑ. මොකද කෙන්ජි මහතා මා ගැන කියන්න ගොස් එතුමා මොන වගේද කියලා හොඳට එලි දක්වලා තිබෙනවා. මම විශ්වාස කරනවා මේ ඇත්ත කෙන්ජිම තමා කියලා.

      Delete
  23. මමත් මුල් කාලයේ අදාල පෝස්ට් එකට යටින් "ඔබේ අදහසත් මෙහි ලියා තබන්න" යනුවෙන් සටහනක් කළා. ඒත් මටම වැටහුණා මම එලෙස කිරිම සාදාචාරාත්මක නොවන බව. ඒ අනෙකක් නිසා නොව කෙනෙකුගේ කැමැත්ත හෝ අකමැත්ත හෝ අදහස මවිසින් කියා ඉල්ලා ගැනිම සුදුසු නොවන බව, ඒනිසා දැන් ඒ සටහන දාන්නෙ නෑ. අනෙක් අතට මම ලියන්නේ නිර්මාණශීලිව ලිවීමේ රටාව තව ටිකක් වැඩි දියුණු කරගන්නත්, ලියන භාෂා රටාවන් හඳුනාගන්නත් එක්කමයි.

    ඒත් මගේ බ්ලොග් එකේ අප්ඩේට් වෙන සියලු දෙනාගේ බ්ලොග්වල කමෙන්ටුවක් දාන්න පසුබට වෙන්නෙ නෑ. ඒත් මම සිරිතක් විදියට ඒ හැම බ්ලොග් එකක්ම A To Z කියවනවා.කමෙන්ටවු දාන්නේ පස්සේ. ඒ නිසා බොහො බ්ලොග් වල මගේ කමෙන්ටු වැටෙන්නේ අන්තිමටමයි.

    ඒත් සමහර විට ක්‍රීඩා, ආගමික, ජාතිබේද, අධිකරණයේ විභාග වන කරුණු සම්බන්ධයෙන් සහ කෙනෙකුගේ පුද්ගලිකත්වයට හානි වන පෝස්ට් වලට කමෙන්ට් නොකරමි.

    එසේම ලියා ඇති කරුණ කෙරෙහි වඩාත් අවධානය යොමු කරමින් ඊට අනුකූලව සහ තාර්කිකව කමෙන් කරනවා. මොකද හරවත් සංවාදයක් ඇති කිරීමේ අරමුණින්. ඒක දේශපාලන, කාලීන, සමාජ සහ සංස්කෘතික වෙන්න පුළුවන්. වඩා වැදගත් වන්නේ ඒ අදහස පිළිබදව කතිකාවක් ඇති කිරිම හොඳ යැයි සිතන නිසා.

    අනෙක් අතට මම ලියන පෝස්ට් එකට වැටෙන මෙනට්ස් වලට ප්‍රතිචාර නොදා ඊලග පෝස්ට් එකක් දාන්නෙත් නෑ. මට ලැබෙන කාලයත් එක්කම ඒ ප්‍රතිචාරයත් දාලාම තමයි ඊලග එක ගියන්නේ. ඒ නිසා මට සමහර වෙලානට සතියක් දෙකක් ගත වෙනවා.

    ReplyDelete
    Replies
    1. දයාගේ ප්‍රතිපත්තිය හරිම අවිහින්සාවාදීයි.

      Delete
  24. මමත් බ්ලොග්ස් බලන්න වෙලා මදි වෙන හින්ද පස්සෙ කොමෙන්ට් කරන්න ඉන්නව..අන්තිමට ඊ ගාව පෝස්ට් එක එනකම්ම දන්නෙ නෑ.. මාසෙ මුල හරියෙදි නම් වෙලාව ටිකක් තියෙනවා...ඒත් අපිට Month End කියන්නෙ උපරිම කාර්යබහුල කාලයක්.... ඒ කාලෙට එන පෝස්ටුත් මග හැරෙනව...අනික සතියෙ දවස්වල හවසට පොඩි එකාට වැඩි කාලයක් වෙන් කරල තියෙන හින්ද කොමෙන්ට්ස් වලට වෙලාව මදිවෙනව, බ්ලොග්ස් කියවන එක මුලින් කරන හින්දා..බ්ලොග් කිව්වට වැඩිපුර වෙලාව යන්නෙ කොමෙට්ස් කියවන්න ගිහින්නෙ....සෙනසුරාදා දවසම නිවාඩු හින්දා සිකුරාදා, සෙනසුරාදා රෑට නම් කොමෙන්ට්ස් ටිකක් කොටාගන්න පුලුවන්..

    ReplyDelete
    Replies
    1. බැලුවම එක්-එක් අයට ආවේනික ගැටලුත් තියෙනවා. බැංකු වලත් මන්ත් එන්ඩ් එකට ටිකක් වැඩ වැඩියි.

      Delete
  25. මේක නම් හැමෝම වගේ කියවලා තේරුම් ගන්න ඕනේ පොස්ට් එකක් සුදික අයියේ ,
    සාමාන්යෙන් දන්නවා ඇති මම නම් කොමෙන්ට් කරන්නේ ඉතාමත්ම කලාතුරකින් වගේ ,
    එකත් මගේ කැමැත්තට අදාළ පොස්ට් එකකදී විතරයි ,
    සමහරු තරහ වෙනවත් ඇති , "නොදකින් මුගේ බ්ලොග් එකට ගිහින් කොමෙන්ට් එකක් දන්මටත් පාඩුයි , මු අපේ ඒවාට එන්නෙවත් නැහැනේ " කියල ,
    එත් කියවන්න රුචි මාතෘකාවක් දැක්කම එක කවදාවත් මග හැරලා කොමෙන්ට් නොකර එන්නෙත් නැහැ , මගේ දැනීමේ හැටියට පොස්ට් එඅක් ලියනවා කොමෙන්ටුවේ ,
    එත් බ්ලොග් අවකාශයේ එක එක මාතෘකා වලට අදාළ බ්ලොග් ගැනත් අවධානයෙන් ඉන්නවා , කාට හරි කියවන්න බ්ලොග් යෝජනා කරන්නේ එහෙමයි , මතක නම් මගේ යාලුවෙක්ට එදා සුදික අයියව අදුන්වලා දුන්නේ බ්ලොග් එකේ නමිනුයි,

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්. මතකයි මතකයි.

      Delete
  26. ඉස්සර නම් කියවපු හැම එකකටම වගේ කමෙන්ට් කලා ලියන උදවියට ගැම්මක්වත් එනවනෙ කියල... ඒත් ඉතිං දැන් නම් කියවන එව්වගෙන් බොහොම සුලු ප්‍රමාණයකට විතරයි කමෙන්ට් කෙරෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. කාල වෙලාව තමා බොහෝ දෙනාට හරස් වෙලා තියෙන්නේ.

      Delete
  27. කමෙන්ට් කිරීමේ ප්‍රතිපත්තිය එක එක්කෙනාගෙන් අහන්ඩ කලියෙන් ඇනොනොමස් හෙවත් නිර්ණාමික ප්‍රතිචාර වලට ඉඩ දුන්න නම් හොඳයි නේද සෑර්.
    මේකත් ඔය ඇනො භීතිකාව ගැන ලියපු එකක්.

    ReplyDelete
    Replies
    1. ඇනෝ කියන්නෙත් සමාජ භීතිකාවක් තියෙන කොටසක්. එයාලා කරන්නේ ගස් ගල් වලට මුවා වෙලා හූ කියනවා වගේ වැඩක්. ඔය සූස්ති ගුණේ කියන එකත් ඉතිං ඊට වඩා වැඩි වෙනසක් නෑ. නමින් ඉදිරිපත් වෙන්න ආත්ම ශක්තියක් නැති අයට මීට වඩා හොඳ පිළිතුරක් නෑ.

      Delete
    2. දයාසේන ගුණසිංහ නම් දිවයිනේ සිටි ශ්‍රේෂ්ඨ කතුවරයා "උකුස්සා" නමින් අන්වර්ත නමින් කොලමක් කල බව දන්නෝ දනිති. ඒ සෑර්ට ග්‍රහනය කරගත හැකි මට්ටමේ ආසන්නම උදාහරණයයි.

      "ආත්ම ශක්තිය " වැනි සීනි බෝල වචන යාපනේ නිමලරාජන් බල්ලෙක් මෙන් ඝාතනය කරනවිට පිහිටට ආවේ නැත. ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිනිතබා එහි කතුවරයා දඩයම් කරන විට "ආත්ම ශක්තිය" නොව පිහිටට ආවේ ගමන් බලපත්‍රය සහ ගුවන් ප්‍රවේශ පත්‍රයයි. ප්‍රගීත් එක්නැලිගොඩ වැනි මාධ්‍යවේදීන් "ආත්ම ශක්තිය" සමඟම අතුරුදන් විය.

      බයගෝතා සහ ඩී අයි ජී වාස්ගුණවර්ධන වැනි "මහත්වරුන්" විසින් පාලනය කරන රටක මීට වඩා හොඳ ප්‍රතිචාරයක් සෑර්ගෙන් බලාපොරොත්තු වීම මගේ ගොන්කමකි.

      තම තම නැණ පමණ ! නැද්ද සෑර්!

      සොරි ඈ.

      Delete
    3. ඔබගේ මේ කමෙන්ට් එක තුලින් ඇනෝ බ්ලොග් එකක් පවත්වන් යන්නෙක් බව හඳුනා ගතිමි. අන්වර්ථ නාම වලින් ලිව්වට වරදක් නැත. එහෙත් සාධනීය නොවන දේ සඳහා භාවිතා කිරීම ගැටළු සහගතය. කෙනෙකුට නිර්දය ලෙස පහර දෙන්න වෙස් මුණු දමා ගැනීම සහ සමාජ කඩතුරාවන් එළිදැක්වීමට එය භාවිතා කිරීම දෙකකි. තම තම නැණ පමණින් යන කියමන මමද ඉහලින් පිළිගන්නා දෙයක්.

      Delete
    4. @ සුස්ති ගුනේ....
      ලොක්කා දාන්නකෝ ටැබු මේ ගැන ලියපු මොකක් හරි.......මොකද මට හිතෙන විදිහට සූස්ති ගුණේට හිතෙන්නෙත් ටැබුවට හිතුනු දේවල්ම තමයි :))

      Delete
  28. Replies
    1. ඇයි සුජියා පී.සී. එක කැඩුනා වත්ද?

      Delete
  29. දැන් නම් මගේ බ්ලොග් එකට ඔය කියපු ඔක්කොම විදිහේ කමෙන්ට් වැටෙනවා සුදීක අයියේ.. ඉස්සර ඉදන්ම මම හැම බ්ලොග් එකක්ම කියවලා කමෙන්ට් කලා.. දේශපාලන එවුවා ඇරෙන්න.. දැනටත් එහෙමමයි.. හැබැයි කාලය හරස් වෙද්දී මඟ හැරෙන ඒවා නැත්තෙමත් නෑ..

    ReplyDelete
    Replies
    1. කාලය සහ නිසි පරිදි බ්ලොග් රෝල අප්ඩේට් නොවීමත් පොඩ්ඩක් බලපානවා.

      Delete
  30. අපි හැමෝම දන්නවා කෙනෙක් පෝස්ට් එකක් දාන්ට කොච්චර නම් මහන්සි වෙනවද කියලා. ඒ මහන්සිය අගය කිරීමක් විදියට මම නම් කමෙන්ට් එකක් දානවා. ඒ වගේම මගේ පෝස්ට් එකක් කියවලා අදහස් දක්වන එකට මම කැමතියි.

    ඒත් දේශපාලනේ ගැන (ලංකාවේ) හරි අදහසක් නැති හන්දා ඒවාට කමෙන්ට් කරන්නේ පරිස්සමෙන්. අනෙක ප්‍රශ්න එන්ට පුලුවන් කියලා හිතෙන ඒවට කමෙන්ට් කරන්නේ පරිස්සමින්.:)

    ReplyDelete
    Replies
    1. ඔව් මේ පේනවා නේද ඔයාට උඩින් තියෙන කමෙන්ට් මාලාව. එහි දේශපාලනය යටින් ඇදී එනවා. මමත් කැමති නෑ දේශපාලනය කතා කරන්න. හැබැයි නොදන්නවා නොවේ.

      Delete
  31. බ්ලොග් ලියනකොට තමා තේරෙන්නෙ අපි ආසාවෙන් කියවන මේව ලියන්නෙ කොච්චර කට්ටක් කාලද කියල, ඉතින් comment එකක් කියන්නෙ ඒ කට්ටට දෙන්න පුලුවන් උපහාරයක්!
    සිතුම් සයුර

    ReplyDelete
  32. ඇත්තටම හොඳ සමීක්ෂණයක් සහ විග්‍රහයක් , මේ තමයි ඇත්ත, බොහෝ විට හැමකෙනෙක්ම කොමෙන්ට් කරන්නේ මේ හා සබැඳුනු කිසියම් හේතුවක් උඩ. මම බොහෝ බ්ලොග් කියවන කෙනෙක්, ඒ වගේම කියවූ හැම ලිපියකටම් වගේ කොමෙන්ට් කිරීමත් කල කෙනෙක්, එහිදී ඔවුන් පිළිතුරු දී ඇත්දැයි කියා බැලීමටත් උනන්දු වෙමි.
    නමුත් කිසිදා ඔවුන් මගේ බ්ලොගයේ කොමෙන්ට් කලාද නැද්ද කියා නොසෙව්වෙමි .

    ReplyDelete
    Replies
    1. ඔබ තුල ඇති ඔය හොඳ ගුණාංගය මා මේ වනවිටත් හඳුනාගෙන සිටිමි.

      Delete
  33. මගේ කාලයෙන් වැඩි කොටසක් බ්ලොග් අතර සැරිසරමින් කමෙන්ට් කරමින් සිටි කාලයක් තිබුනා . ඒ කාලයේ බ්ලොග්කරුවන් ලියූ සෑම ලිපියකටම මම කමෙන්ට් කලා . මගේ කමෙන්ට් එකක් නොවැටුනොත් සොයා බලනව ඇයි කියලා ...

    …දැන්නම් මම බ්ලොග් කියනවන්නෙ බොහෝම අඩුවෙන්. රීඩර් එකට ගියාම මගේ සිත් ගත් පෝස්ට් එකක් තිබ්බොත් ඒක කියවලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාල යන්නෙ .


    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ගිම්හානිගේ කමෙන්ට් එකක් හරි වටිනවා. මම දන්නවා ඔයා ක්‍රිකට් වලට කැමති නෑ කියලා.

      Delete
    2. නැතුව අර කවුද කියුවා පරිප්පු නැති හෝටලේ වගේ කියලා.

      Delete
  34. මම එකග නොවෙන් ලිපියකදී උනට් බ්ලොග් අයිති කාරයාගේ හිත රිදෙන් විදිහ කොම්නට් එකක් නොදා ඉන්න පරිස්සම් වෙනවා ඒ මොකද එක එයාගේ මතය. අනික මට කොමෙන්ටුවක් සිංහලන් කොටන්න මෙච්ර අමාරුනම් ඒ ලිපියට එයා මොන තරම් කැප කිරීමක් කරන්න ඇතිද. මට බ්ලොග් එකක් නැහැ මම කියවන්නෙක් විතරමයි බ්ලොගේර් කෙනුකට කොමේන්ට්වක් වගේම අපිට ඔයාලගේ රෙප්ල්ය් එක මාර වටිනවා.
    මම ගොඩක් දුරට අනිට් බ්ලොග් බලන්නේ ඇවිද්ද පය සහ සිරගෙ කාමරේ බ්ලොග් රෝල හරහා එහම නොගිහින් පිටින් බලපු බ්ලොග් තමයි ඉවාන් පෞලුෂ , ගී ගග අද්දර,වන් මලශීය,නව දැලි හෙන
    මට‍ එකොඋන්ට් එකක් නැති කාලදී මමට් අනෝ හරහා ඇවිට් තියනවා ඒ හැම වෙලාවකම යටින් මගේ නම දැම්මා. ලිපියට අදාල නැති මඩ ගහන අනෝ ලට මමට් කැමැති නැහැ. ඇනොලට බය නැතුව දුවන්න දෙන කෙනක් තමයි "කෙන්ජි" මම එයාගේ කොම්මේට් එකට් කියවන්න කැමැති.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔයා දාපු දිගම කමෙන්ට් එක මේක වෙන්න ඇති. ඇත්තටම බ්ලොග් නොලියන, කියවන පිරිස බොහොම අඩුයි. සංජීව වගේ අයගේ කමෙන්ට් එක නැති වුනොත් මම පොඩ්ඩක් සොයා බලනවා කරදරයක් වත්ද කියලා.

      එක් කාලයක් මමත් ඇනොලත් එක්ක ඔට්ටු වුණා. නමුත් ඕකත් මදුරුවෝ මරනවා වගේ වැඩක්. එකෙක් මරනකොට තව 10ක් විතර වට වෙලා.

      Delete
    2. අදයි දැනගත්තෙ මගේ කොමන්ට් කියවන බුවෙක් ඉන්නව කියල.
      හිටපු එකම එකාත් අද නැති කරගත්ත.
      මට නැති වෙච්ච දේවල් වල අඩුම වටිනාකම තිබෙන දේ අදින් අවසන් වේ යැයි සිතමි.
      කවද හරි මම ලියන්න ගත්ත දවසට කොමන්ට් නොදැම්මට ලිපි කියවන්න කෝ.

      Delete
    3. ලියන්න ලියන්න ඔබේ ලිපි පිළිගන්න අප සැහැදී පැහැදී සිටිනවා

      Delete
    4. සංජීවගේ අනෙක් බ්ලොග් හතරත් මම දැන් එකතු කරලා තියෙන්නේ.

      Delete
  35. සරත් අය්යාගේ ලංකා ප්රිය්ගේ සිතවිලි ගැන්ට් නොකියම් බැහැ
    මම ආදරය, ගරු කරන මනුසයක්

    ReplyDelete
  36. සුදික මම බොහෝ විට ලිපියක් කියවපු පසු ඒ වෙනුවෙන් කොමෙන්ට් කරනවා, නමුත් සමගර විට මග හැරෙන අවස්ථාත් තියෙනවා.

    සුහද ශීලි ලෙස හරවත් සංවාදයක් පවත්වාගෙන යාමට බොහෝ කැමැත්තක් දක්වනවා. එමෙන්ම විනොදශීලි ලෙස සංවාදයක් පවත්වාගෙන යාමත් කැමති දෙයක්.

    නුමුත් දැන්නම් සමහර අයගේබ්ලොග් වලට කමෙන්ට් කරන්නේ නැහැ. ඒ තනිකරම තමන්ගේ මතය පමණක් ඉවසන සහ අනිත් මත දරන්නන් වෙත ද්වේශ සහගතව ක්‍රියාකරන්නන් ගේ අඩවි.



    ReplyDelete
    Replies
    1. ඔයා දන්නවද? මම සමහර දේවල් ගැන මගේ මතය වෙනස් කර ගත්තා මෙතන වැටෙන කමෙන්ට් අනුව. හොඳම උදාහරණය අර ජංගම දුරකථනය පාවිච්චි කරන එක ගැන. ඒකට සාධාරණ හේතු ලැබෙනකන් මම හිටියේ වෙනත් මතයක. හැබැයි එක පාරට බාර නොගෙන තර්ක කර බාර ගැනීම මගේ ප්‍රතිපත්තිය.

      Delete
  37. සුදික කමෙන්ට් ගැන අධ්‍යයයන කොරන හින්දා මං මේකට කමෙන්ට් කරන්නෑ.

    ReplyDelete
  38. මමනම් කොමන්ට් කරන්නේ මට ඒ ලියල තියෙන දේ දැනෙනවානම් තමයි.
    නමුත් මම දාන කොමන්ට් එකට රිප්ලයි එකක් තියෙද කියලත් සැලකිලිමත් වෙනවා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම දැනෙන්න ඕනේ.

      Delete
  39. මම නම් හුගක් ඒවා කියවනවා, ඒවගේම ගොඩාක් ඒවට කමෙන්ට් කරනවා.. හැබැයි කාටවත් පහරගහන්න, විවේචනය කරන ඒවට කැමැත්තක් නෑ..අනික ඔය බරපතල තේරෙන්නෙ නැති දේවල් වලටත් කමෙන්ට් කරන්නෙ නෑ..දැන් නම් කාලවේලාව අඩු නිසා කමෙන්ට් කෙරෙන්නෙ පරක්කු වෙලා..

    ReplyDelete
    Replies
    1. ඔයාගේ බ්ලොග් එකට ගිහින් අවේ

      Delete
  40. කොමෙන්ට් කිරීමට ප්‍රතිපත්තියක් නෑ...හිතුනෝත් දානවා....නැත්තං නිකං ඉන්නවා....

    මොනා උනත් මං හිට්ස් ගාන ගැන සැලකිලිමත්....මොකද මං ලියන්නේ අනිත් අයට කියවන්න හිනදා :)

    ReplyDelete
  41. මම නම් මගේ ප්‍රොෆයිල් එකෙන් කියෙව්වොතින් කමෙන්ට් කරනවා නැත්නම් මගේ ප්‍රොෆයිල් එකෙන් ලොග් වුන වෙලාවක කමෙන්ට් කරන්න හිතෙ තියාගෙන ඉන්නවා.එතකොට බලනකොට වෙන එකක් දාලා. කලින් එක ආයෙම කියවන්න කම්මැලියි ඒ හන්දා කමෙන්ට් කරන එක අමතක කරනවා. තියන එකට කැමතිනම මට කියන්න දෙයක් තියනවනම් කමෙන්ට් කරනවා.

    ReplyDelete
    Replies
    1. සමහර දිග හෝ සම්පූර්ණයෙන් නොතේරෙන ඒවාට කමෙන්ට් කර ගන්න බැරි වෙච්ච අවස්ථා ඒමට තියෙනවා.

      Delete
  42. මම මගේ නොර්මල් ලැප් එකෙන් ආවොත් මම නිතරම කියවන බ්ලොග් වලට කොමෙන්ටුවක් දානවා. මගේ බ්ලොග් රෝලේ තියෙන්නේ මම කියවන්න කැමති ඒවා නිසා. අප්ඩේට් වෙන හැම එකක්ම කියවනවා. සමහර වෙලාවට සිංග්ලිෂ් වලිනුත් කොටලා යනවා. ඒ මගේ ලැපෙන් ආවේ නැතත් මට ගොඩාක් හිතට වැදුණු පොස්ට් එකට. අපි කොමෙන්ටුවක් දානවා කියන්නේ මොනවා උනත් ලියන කෙනාට ඒක දිරිමත් කිරීමක් වෙනවා අවිවාදයෙන්ම. නමුත් මම ගොඩක් දිග කොමෙන්ටු දාන්නේ නැහැ. මොකද මගේ ජොබේ හැටියට එහෙට මෙහෙට යන ගමන් තමයි බලන්නේ කොමෙන්ට් කරන්නේ මගේ අදහස පුළුවන් තරම් කෙටියෙන් දාන්න තමයි මම බලන්නේ ඉඳල හිටලා මේ වගේ දිගට ලියන ඒවත් තියෙනවා ඒ කෙටි කරන්න බැරි දේවල් වලට

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම දිරිමත් කිරීමක් වෙනවා ලියන කෙනාට.

      Delete
  43. මමත් කමෙන්ට් කරන්නෙ ලියන කෙනාව දිරි ගන්විමෙ මුලික අදහසින් .මොකද මම කියවන්න ආසයි.හෑබෑයි මම හොදනෑත්තනම් හොදයි කියන්නෙ නෑ.ඈනො ඈවිල්ල බනින්නෙ නම් නමින් කියන්න කොන්ද නෑතිනිස උන්ට පවු කියල කියමු

    ReplyDelete
    Replies
    1. ඔව්. බොරුවට හොඳයි කියන එකෙන් වැරදි දිරිමත් කිරීමක් වෙනවා.

      Delete
  44. සුදීක ටිකක් ඉක්මනින් ඉක්මනින් පෝස්ට් දාන ගතියක් පේනවා..ඒ නිසාමදෝ මන්දා සෑහෙන්න දරුණු ස්පෙලින්ග් මිස්ටේක් තොගයක් මට හමු උනා පහුගිය ලිපි කිහිපයකම! මේ ගැන පොඩ්ඩක් බලන්න පුලුවන් නම් හොඳයි!

    ReplyDelete
    Replies
    1. දැනුවත් කිරීමට ස්තුතියි. පොඩි මේල් එකක් දාන්න පුළුවන් නම් ගොඩක් ස්තුතියි.

      Delete
  45. කඩේ සේවක මහතාට මුදලාලි ගෙවනවා.වියුණුවාට ලියා පළ කිරීම ඇති ,මට හිතන්නේ ඒ විදියට ...

    ReplyDelete
  46. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6ක් ගත වූ අතර එය ඉතා භයානක වූයේ මගේ ස්වාමිපුරුෂයා ඇත්තටම මාව රවටා දික්කසාද වීමට උත්සාහ කරමින් සිටි නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට උදව් කර ඇති ආකාරය සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කරන්න. සහ ඔවුන්ගේ සම්බන්ධතාවය තුළ මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ මගේ නඩුවට ඔහු මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද, දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +2349037545183  ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් ගෙන දේ. සහ පරිපූර්ණ වේ
    1 ආදර අක්ෂර වින්‍යාසය
    2 නැවත ජය
    3 ගර්භාෂයේ ඵල
    4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
    5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
    6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
    7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
    8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...