Sunday, June 23, 2013

එකසීයට දෙසීයක් : මගේ දෙසියවෙනි සටහන ....

2012 ජනවාරි පළවෙනිදා බ්ලොග් ලියන්න පටන් ගන්නකොට, නිකමටවත් හිතුවේ නෑ අවුරුදු එකහමාරක් ඇතුලත් සටහන් 200ක් ලියන්න පුළුවන් වෙයි කියලා. මට ලියන්න පුළුවන් කියලා හිතුවත් ළඟ-ළඟ පොස්ට් දාන්න තරම් නිමිති පහල වෙයි කියලා කොහොමටවත් හිතුවේ නෑ. රාජකාරි අත්දැකීම් පමණක් ලියන්න කියලා මුලින් හිතුවත් කියවන ඔබගේ අවශ්‍යතාවන් මත විවිධ මාතෘකා ඔස්සේ ලියන්න සිදු වුණා. 

නමුත් මම ලියන දේවල් වලින් ක්‍රිකට් සහ ලොල් කතා දිනෙන් දින රසික ප්‍රතිචාර වැඩි කරන ප්‍රවර්ග දෙක බවට පත් වූ බව නොරහසක්. බ්ලොග් ලිවීමෙන් මා ලද බොහෝ දේ අතර වඩා වටිනා දේ තමයි, දෙස් විදෙස් හොඳ මිත්‍ර සමාගමක් ඇති කර ගන්න ලැබීම. බ්ලොග් සුහද හමු වලට සහභාගී වීම මගින් තමයි මේ හිතවත් කම් වඩ-වඩාත් තර වුණේ. ඒත් තවමත් හමු නොවූ, හමු වීමේ බලාපොරොත්තු සහිත මිතුරු මිතුරියන් සමූහයක්ම සිටිනවා. කෙදිනක හෝ ඔවුන් හමු වන්නත් බලාපොරොත්තු වනවා. 

මේ පොස්ට් 200 අතරතුර මගේ බ්ලොග් අඩවියේ සාමාජිකත්වය ලබා ගත ගණන 228ක්, ඇත්තටම සංසන්දනාත්මකව බැලුවෙත් මෙය අඩු ප්‍රමාණයක් වුවත්, කිසිම බලපෑමකින් තොරව එකතු වූ මේ ගණන ගැන මට තිබෙන්නේ බලවත් සතුටක්. මන්ද එම ගණන අව්‍යාජ පාඨක සමූහයක් බැවිනි. පුංචි පුංචි නොහොඳ නෝක්කාඩු ඇති කරගත් අයත් ඉන්න පුළුවන්. ඒත් කිසිවකුට හිතා-මතා අහිතක් හෝ අවැඩක් කරන්න සුදීක හිතන්නේ නෑ.

මම සියවෙනි පොස්ට් එක ලියපු වෙලාවේ මට මිත්‍රශීලී අභියෝගයක් ඉදිරිපත් කල, අටමා කියා සිටියේ 200 මට කලින් ඔහු දමන බවක්. එය විය හැකි දෙයක් යයි මාද විශ්වාස කළා. නමුත් ඔහුගේ මේ අභියෝගය මා දිරිමත් කරන්න ඔහු කල විහිළුවක් බව අද මට පසක් වෙලා තියෙනවා. නම් වශයෙන් සඳහන් කලොත් කිසිවකුට අසාධාරණයක් වෙන නිසා මම කවුරුවත් වෙනුවෙන් විශේෂ සඳහනක් කරන්නේ නෑ. මොකද මේ සටහන් 200 ම කියවපු එහෙත් කමෙන්ට් එකක් එක නොකළ සැගවුණු මිත්‍රයන් වුවත් ඉන්න පුළුවන්. කෙනෙකුගේ දෙන්නෙකුගේ නම් සඳහන් කලොත් ඒ අයට කරන අසාධාරණයක්. 

සටහන් 200ක් ලියා නිම කරන මොහොතේදී මා සිටින්නේ ඉතාමත් ප්‍රීති-ප්‍රමෝදයකින්. ඒ මේ ලිවිල්ල නිසා මට ලැබුණු අවස්ථා ගැන තිබෙන සතුට නිසා. විශේෂයෙන්ම මා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් දක්වන උනන්දුව සහ ඒ පිලිබඳ ඇති දැනුමට ගරු කිරීමක් වශයෙන්, ලෝක කැම්පස් ක්‍රිකට් තරගාවලියට සමාජ ජාලා වාර්තාකරුවකු ලෙස සහභාගී වන්නට ලැබීම, ඒ ඔස්සේ ඇති කරගත් මිත්‍ර සබඳතා නිසා 2013 චැම්පියන් තරගාවලියට සමගාමීව පැවැත්වෙන ගූගල් හැඟවුට් කිහිපයකට ආරාධනය ලැබීම විශේෂයි.

ඉතිං මගේ බ්ලොග් අඩවියට ගොඩ වෙලා කමෙන්ට් කර හෝ නොකර පහුගිය වසර එකහමාරක කාලයක් මාත් එක්ක එකතු වුන මගේ මිතුරු/මිතුරියන්ට ත්‍යාගයක් වශයෙන් ක්‍රිකට් එක්ක සම්බන්ධ පුංචි ලොල් කතාවකින් මේ සටහන අවසන් කරන්නම්.

මේක ගමේ ගොඩේ ඔය හරියට ක්‍රීඩාංගණයක් වත් නැතිව, හිස් ඉඩවල් වල ක්‍රිකට් ක්‍රීඩා කරන තරුණ කණ්ඩායමක් වටා ගෙතිච්ච කතාවක්. පුංචි කාලේ සෙනසුරාදා/ ඉරිදා දවස් දෙකටම ක්‍රිකට් තරග දෙකක් ගහන්න පුරුදු වෙලා හිටියා මතක ඇතිනේ. අන්න ඒ වගේ කණ්ඩායමකට අයියයි මල්ලියි දෙන්නෙක්ම ක්‍රීඩා කරලා තියෙනවා. ඒ තරගය විනිශ්චය කරන්න පිටින් විනුසුරු වරයෙක් ගෙන්වා ගත්තේ එදා තියෙන තරගය ටිකක් විශේෂ එකක් නිසා. අනිත් එක දන්නවනයේ බැට් කරන පැත්තෙන් අම්පයර්ලා දැම්මම වෙන දේ. 

ඔන්න ඉතිං අර පිටින් ආපු විනිසුරුවා පිට්ටනිය මැදක් හරියට ගිහින් තමන්ගේ සාක්කුවේ කාසියක් අතට ගත්තා. පිටින් ආපු කණ්ඩායමේ නායකයා අර විනිසුරුවා ලඟට ආවත්, ගමේ කණ්ඩායමේ නායකයාට මුත්‍ර පහ කිරීමේ අවශ්‍යතාවක් දැනිලා අවට කැලෑවට රිංගන ගමන් තමන්ගේ මල්ලීට පැවරුවා ටොස් එක දාන වැඩේ. 

දැන් මල්ලී විනිසුරුවා එක්ක කථා කර කර ඉන්න පිටස්තර කණ්ඩායමේ නායකයා ඉන්න තැනට ගියා. මේ වගේ තරග වල සම්ප්‍රදායක් තමයි, ක්‍රීඩා කරන ස්ථානයට අදාලා කණ්ඩායමේ නායකයා හතරේ සීමාව තියෙන තැන පෙන්වන එක. මොකද හතර වටේට හතරේ සීමාව ලකුණු කරපු ක්‍රීඩාංගන නැති නිසා, "අර වහල උඩින් ගියොත් හයයි, මේ ගස් වල වැදුනොත් හතරයි, ගස් කැච් ඔට්ටු නෑ" වගේ ඒවා කියන්නේ ගමේ කණ්ඩායමේ නායකයා. මේ දෙන්නා දැක්කම අර අම්පයර් කරන්න ආපු කෙනා තමන් ටිකක් ඉංග්‍රීසි දන්නා බව අඟවන්නත් එක්ක මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා 

හූ ආර් ද කැප්ටන්ස් ?

එතකොට අර ගමේ කන්ඩායාමේ නායකයාගේ මල්ලි කිව්වා

අයියා ද කැප්ටන් කියලා.
එතනින් එහාට මම මොනවත් කියන්නේ නෑ. ඔයාලම හිතා ගන්නකෝ. :)

82 comments:

  1. ඔබේ දෙසියවැනි පෝස්ටුවත් සමගම ඔබ ඉතාමත් සතුටින් සිටින වග දනිමි. මේ ප්‍රීතිය ඔබ හා සමරන්නට මම ද හදවතින්ම එක් වෙමි. බ්ලොග් ලොවේ දිගු ගමනකට ආසිරි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලීන්.

      Delete
  2. හදවතින්ම සුබ පතනවා.., මෙතැනින් නොනැවතී දිගු ගමනකටආසිරි පතනවා. කලින් කමෙන්ට් නොදැම්මට සමාව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. දිගටම එන්න.

      Delete
    2. දන්නවද සුදීක මේවනවිට මගේ බ්ලොගයේ ඇත්තේ 400වැනි පෝස්ටුව. ඔබේ මේ සටහනින් පසු තමා ඒක දන්නේ.

      Delete
    3. ඒ තරම වේගයෙන් නම් දාන්න මට බෑ. ඔයාගේ රැකියාවත් බ්ලොග් එකත් අතර තියෙන සමානකම් නිසා ඔයාට ලිවිල්ල පහසුයි. මගේ රැකියාවෙන් මේකට ලැබෙන්නේ පොඩි දායකත්වයක්.

      Delete
  3. සුදීකට මුලු හදින්ම සුබ පතනවා.

    ReplyDelete
  4. දෙසීය, දෙදාහ, පහුකර විසිදාහත් පහුකරන්න ආසිරි !

    ReplyDelete
    Replies
    1. එච්චර ඈත හිතලා ඒ දේ කරන්න බෑ. අපි ක්‍රිකට් ගහද්දී වුනත් දහයෙන් දහය තමයි ටාගට් කරන්නේ.

      Delete
  5. බ්ලොග් උස්තාද්ලා කියන දෙයක් තමයි, බ්ලොග් ලියන කොට මේ වගේ විශේෂ අවස්ථාවල පෝස්ට් එකක් දාලා සමරන්න කියන දේ. ඒක අනෙක් දෙවල් වලට වගේම බ්ලොග් වලටත් අදාලයි. සුදීකගේ ලොල් කතාවලට වඩා සමාජය ගැන කතාකරන ළිපි වලට මම බොහොම මනාපයි.

    මගේ සුභ පැතුම්... !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. එක් එක් කෙනාගේ රුචිකත්වය වෙනස්. තරුණ පරපුර හිතන විදියට නොවෙයි වැඩිහිටි පරපුර හිතන්නේ.

      Delete
    2. අපි වැඩිහිටියො වුනාට කඳ සිත තරුණයි :).

      Delete
    3. නැතුව ... නැතුව...

      Delete
  6. සුදීක සහෝදරයාගෙ 200ට මගේ උණුසුම් සුභ පැතුම්.!
    20යි 14 ජනවාරි වෙද්දී 3යි 0 දෙක ට යමුද?

    ReplyDelete
    Replies
    1. උත්සාහ කරන්නම්. ප්‍රමාණාත්මකව වගේ ගුණාත්මක වෙන්නත් ඕනේ නේද ?

      Delete
  7. මගෙනුත් සුබ පැතුම් පිළිගන්න සුදීක..ගොඩ දෙනෙක් කමෙන්ට් නොකරට ඇවිත් කියවනවා..කමෙන්ට් එකක් දාන්නේ බොහෝ විට බ්ලොග් හිමිකරුවන් ..කෙසේ හෝ කමක් නැහැ දිගින් දිගටම සුදීක කැමති දේවල් ගැන ලියන්න.. දිගු ගමනකට සුබ පැතුම් සුදීක...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සයිලන්ට් නෑ වැරදුනා බෙයාර් සහන් :)

      Delete
  8. 200 වෙනි සැමරුමට සුභ පැතුම්... සුදීකගේ ලිපි බොහෝමයක් මං කියවල තියෙන්නේ.. ඒත් මට මල පැනලා මං කොමෙන්ට් කරන එක ටිකක් නවත්තලා දැම්මා තෝ අර ඉන්දියන් කතාව පැත්තක තියල වෙන වෙන අත්වල යන්න ගත්ත හින්දා...

    කෝ මේ අටමා.. උසි උසි...

    ReplyDelete
    Replies
    1. තව එකකින් එක ඉවරයි. එතකොට එක දිගට කියවලා දාන එකයි ඇත්තේ.

      Delete
    2. //කෝ මේ අටමා.. උසි උසි...//

      ඇ පරයෝ මම බල්ලෙක්ද

      Delete
    3. තව එක විස්කි බෝතලයක් ඉතුරුයිනෙ.

      Delete
    4. ඉතුරුයි... ඉතුරුයි.

      Delete
    5. එකනම් හොද ආරංචියක්

      Delete
  9. මගේ හදපිරි සුබපැතුම්... :)

    ReplyDelete
  10. කෙටි කලකින් දිගු ගමනක් ගිය ඔබට සුබපැතුම්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  11. සුදීක,ඔබට හැකිනම් අර "වන් මැලේසියා"ලියන කොල්ලගෙ ලිපි බලන්න කස්ටියව යොමු කරන්න බලන්නකො.

    ReplyDelete
    Replies
    1. හරි. මමත් එක පාරක් බැලුවා වගේ මතකයක් තියෙනවා.

      Delete
    2. මම බ්ලොග් කියවන්න ගත්තේ මැතක ...... මෙතනට ආපු පලවෙනි සැරේ ..... එනකොටම මට පිකප් එකක් ...... හරි සතුටුයි ..... සුදිකට සුභපැතුම් ..... කෙන්ජිට වෙරි වෙරි තැන්කු

      Delete
    3. බොහොම ස්තුතියි මැරා.

      Delete
    4. ඔයාගේ "සදේ එන්නම් ඔබේ බ්ලොගට" හරහා තාමයි අනිට් බ්ලොග් වලට යනෙන් ඔයට පුළුවන් "වන් මලේශීය" ජනප්‍රිය කරන්න .
      මමට් කියවව් හොද බ්ලොග් එකක්

      Delete
    5. කෙන්ජි බ්ලොග් එකක් ලියනවද?

      Delete
  12. Replies
    1. බොහොම ස්තුතියි. දැන් ලිවිල්ල ඇත හැරලද ?

      Delete
  13. සුභපැතුම්..! කමෙන්ට් නොකලාට නිතරම කියවමි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඔබ මේක කියවන බව දැන ගැනීම විශේෂ සතුටක්.

      Delete
  14. මම කොහොමහරි උඹව අල්ලනවා

    ReplyDelete
    Replies
    1. මෙන්න නියම කොල්ලෙක්.

      Delete
  15. 200 ට සුබ පැතුම් සුදීක,මමත් ඔබ ලියන හැම ලිපියක්ම කියවනවා නිතරම කමෙන්ට් නොකලත්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. එහෙනම් ආවම හමු වෙමු.

      Delete
  16. සුභ පැතුම්.......🎉🎉🎉

    ReplyDelete
  17. සුබ පැතුම් 200 ට
    ධෛර්යය ඉදිරියටත් ලියන්නට.

    ReplyDelete
  18. උණුසුම් සුභ පැතුම් සුදීක.මම නම් නිතර මේ පැත්තේ ඇවිත් කාඩ් එක ගහලා යන්නේ. මට දිරවන්නේම නැති එකක් තිබ්බොත් ඉතින් පසු බහිනව නොකර කතා වෙවී සිනා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඩූඩා. මම දන්නවා එන බව. මමත් මේ දවස් වල ඒ පැත්තේ නොවැරදීම යනවා.

      Delete
  19. නියමයිනේ අයියා. අපිත් ඉන්නවා ඉතිං මේකෙම නිදා ගෙන

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මම දන්නවා.

      Delete
  20. කව්රු මොනව ලිව්වත් හැමදේම කියවනව.කොමෙන්ට් කරන්නනම් අමාරුයි.සුබ පැතුම් සුදීක අයියා...

    ReplyDelete
    Replies
    1. දැන ගන්න ලැබීම සතුටක්. බොහොම ස්තුතියි.

      Delete
  21. තව තව 200 ගුණයෙන් ලියන්නට ශක්තිය ලැබේවා!!!.මේ බ්ලොග් එක ගොඩාක් වටිනවා.දැනුම,විනොදය කැටි වු පරාදීසයකි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගයනි.

      Delete
  22. ආ ගමන ගැන සතුටුයි. ඉදිරි ගමන ට සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චන්දන.

      Delete
  23. සුබ පැතුම් අය්යණ්ඩියේ,, මේක දැක්කාම මට මතක් වුනේ මගේ බ්ලොග් එකට දැන් අවුරුද්දක් වෙන්න එනවා තවම 100ක් සම්පූර්ණ කරලවත් නෑනේ කියලා :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. අවුරුද්දට 100ක් දාන්නම ඕනේ කියලා අවශ්‍යතාවක් නෑ. නමුත් මට ලියන්න සිද්ද වුනා.

      Delete
  24. සුබ පැතුම් සුදීක. කොමෙන්ට් නොකරත් මම ඔබව නිතර කියවනවා. ජයවේවා............

    ReplyDelete
  25. සුබ පැතුම් සු.දී.ක.

    තව තවත් ලියන්න ශක්තිය, ධෛර්‍යය, වේලාව ලැබේවා !!

    ReplyDelete
  26. සුබ පැතුම්...
    ආ දුර වගේ තව දුර යන්න ලැබේවා.....!!!!!

    ReplyDelete
  27. සුභ පැතුම් සුදීක.. නිතර කොමෙන්ට් නොකලත් හැකි සෑම විටම කියවනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. කියවනා නම් ඒක ලොකු සතුටක්.

      Delete
  28. මගේ සුබපැතුම් පිළිගන්න සුදික. හැම එකටම කමෙන්ට් නොකලත් සෑම පොස්ට් එකක්ම කියවනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. කියවා යම් දෙයක් උකහා ගත්තා නම් මට සතුටුයි.

      Delete
  29. සුබ පැතුම්. 2000 ලියනකන් බලාගෙන් ඉන්නව
    ජයවේව

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සංජීව. දැන් එහෙනම් සිංහලෙන්ම කමෙන්ට් කරන්න පටන් ගත්තා. මම දන්නවා මම එක රැයෙන් 2000ක් ලිව්වත් ඔයා බලනවා කියලා.

      Delete
    2. නිල් බලන එක අතඇරල් බ්ලොග් බලන්න මාව යොමූ කරපු සදරු මෙවල්වේ අදරෙං මටික් කරන්න ඕන

      Delete
  30. මුලින්ම කියන්න ඕන සුදීක අයියේ දිගු ගමනකට මගෙන ආසිරි... ""වැරදිද මන්දා..""

    තව එකක් කියන්න ඕන මම ඕක කොහොම හරි පාස් කරනව මට තව පෝස්ට් 180 ක් වගේ තමයි ලියන්න තියෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. පාස් කලාට කමක් නෑ වටිනා දෙයක් ලියලා.

      Delete
  31. 200 ක් ලියන්න කල යුතු කැප කිරිම මට හිතාගන්න පුළුවන්. සමස්ථයක් විදියට බැලුවොත් ලියන්න තෝරාගන්න ඉසව්ව, ඒසඳහා භාවිතා කල යුතු බස, අත්දැකිම නිවැරදිනව තවකෙනෙකුට ග්‍රහණය කර ගැනීමේ හැකියාව සහ සරල බව තුළ මම සුදිකගේ නිර්මාණාත්මක “ඇවිද්ද පය“ දකිමි.

    වෘත්තිය කටයුතු වලින් මිදී ලබන ඉසිඹුව මේ සඳහා කැප කිරිමම ප්‍රමානවත්

    200 වන ගමනේ සිට ඉදිරියටත් තව දුරට මේ හැකියාව අපත් සමග බෙදාගන්නට සුදික ඔබට හද පිරි සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දයා. මම හිතන්නේ මේ දිරිගැන්වීම මා තවත් වගකීමෙන් යුතුව ලියන බ්ලොග් කරුවකු කරන්නට ඉවහල් වෙනවා.

      Delete
  32. තවත් දිගු ගමනක් යාමට ආසිරි පතනවා. සිරාවට අයියේ කොහොමද අප්පා ඔච්චර ලියන්නේ. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මලේ. හිත තමයි වැදගත්.

      Delete
  33. කෙටි කාලෙකින් දිග ගමනක් ආව සුදිකට මගේ උණුසුම් සුබ පැතුම්. ගොඩක් ජ්‍යෙෂ්ඨ බ්ලොග් කරුවන් වගේ කාලෙකදි අකර්මණ්‍ය නොවී දිග ගමනක් යන්න සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඩ්‍රැකී.

      Delete
  34. ඔබගේ නිර්මාණකරණ හැකියාව තව තවත් දියුණු වේවවා

    ReplyDelete
  35. ඉක්මණින් 500 බැට් කිරීමට ලැබේවා :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හසිත. ලැබුන ඉසිඹුවේ බලන්න මගේ බ්ලොග් එක තෝරා ගැනීම සතුටක්.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...