Saturday, June 15, 2013

යස අපූරුවට මාකට් වෙන ඉන්දු-පකිස්තාන් දේශ සීමා අරගලය ....

මීට අවුරුදු දෙකකට විතර කලින් මම කියවපු පොතක් ඝනඳුර. ඒක පරිවර්තනයක්. එයට පසුබිම් වෙන්නේ ඉන්දියාවට සහ පාකිස්තානයට නිදහස ලැබෙන්න ඔන්න-මෙන්න කියලා කියපු කාලේ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තේ සිද්ද වෙච්ච සිදුවීම් රැසක්. සමහරවිට එහි තිබෙන කතා බොහොමයක් ඇත්ත වෙන්න පුළුවන්. අද මේ පොත මගේ ගාව නෑ. ඒක දන්නා කෙනෙකුට දුන්නා බලන්න තවම ලැබුණේ නෑ. ලැබෙන එකකුත් නෑ. තිබුණා නම් එහි තිබෙන අපූරු කොටස් ටිකක් උපුටා ගන්න තිබුණා. 

ඒ පොත කියවගෙන යත්දී වෙලාවකට පුදුම හිතෙනවා, තවත වෙලාවකට හාස්‍යක් ඇති වෙනවා, තවත් වෙලාවකට ඇතිවෙන්නේ කනගාටුවක්. ඒකෙ තියෙන සිද්ධි ටික කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. 
  • පන්ජාබ් ජාතික තරුණයෙකුව අල්ලා ගන්නා මුස්ලිම් අන්තවාදීන් පිරිසක් ඔහුව බලනේ සුන්නත් කරනවා. ඔහු ආපසු ආ විට තමන්ගේ ජාතියෙන් ඔහුට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි. 
  • මුස්ලිම් දේවස්ථානයක මිදුලේ දවසක් ඌරු කුණක් දමා තිබෙනවා. එය මරන්න යොදවන පුද්ගලයා මුදල් නිසා කොහොම හරි රාත්‍රියක් නිදි වර්ජිතව අර ඌරා සමග පොර බදනවා. වෙලාවකට ඔවුන් දෙදෙනාටම හොඳහැටි හති වැටෙනවා. වෙලාවකට අර මිනිසාට ඌරා ගැන දුක හිතී ඌ නිදහස් කරන්න පවා සිතෙනවා. තවත් විටෙක ඔහුට මේ කොන්ත්‍රාත්තුව අතැර පලා යන්න සිතෙනවා. අධික සීතල සහ මුදල් නිසා ඔහු අවසානයේ අවශ්‍යතාව ඉටු කරනවා.
මේ වගේ සිද්දීන් සිය ගානක් ඒ පොතේ විස්තර කර තිබෙනවා. මේ හැම දෙයකින්ම් පෙනෙන්නේ ඔවුන්ගේ තිබෙන අන්තවාදී ස්වභාවය සහ එකට එක කිරීම. මම හිතන්නේ අපේ රටේත් ඔය එක එක දේවල් පස්සේ යන හැමෝම කියවන්න අවශ්‍යම පොතක් තමයි මේක. ජාතීන් දෙකක් බේද-භින්න වෙන ආකාරය හොඳින්ම තේරුම් ගන්න පුළුවන් ඒ පොත බැලුවම. 

මේ ප්‍රශ්ණය අද කොයි තරම් ඔඩු දුවලද කියලා තේරෙනවා, ඔවුන්ගේ දේශ සීමාවන් තිබෙන ප්‍රදේශ වල සංචාරය කල අය පෙන්වූ වීඩියෝ පඨ දැක්කම. ඉන්දියානුවන් නිපදවන චිත්‍රපට දැක්කම, ඒ වගේම මේ දෙගොල්ලෝ ඉඳහිට කරන අවි අත්හදා බැලීම් දැක්කම. 

මේ නිපදවන චිත්‍රපට වලින් කෙරෙන්නේ මොකක්ද? අර පාරම්පරික වෛරයෙන් පැසවන ජාතික හැගීම් තියෙන ජනතාවට තාවකාලික ආතල් එකක් සපයලා නිෂ්පාදකයා මඩිය තර කර ගැනීම. 

මෑතකදී ඉන්දියාවේ හිමචාල් ප්‍රදේශයේ සංචාරය කරපු මගේ මිත්‍රයෙක් පෙන්වපු වීඩියෝව දැක්කම මට හිතුනේ මේ මිනිස්සු මේ නිගා කර ගන්නේ මිනිස් කමටම නේද කියලා. ඔවුන් දෙපැත්තට වී හූ කියා ගන්නා දර්ශන, හමුදා චාරිත්‍ර වලින් තමන් ඉහල ජාතියක් යයි පෙන්වන්නට කරන උත්සාහයන්. මට නම් මේවා තනිකරම සිනහව සහ කලකිරීම ඇති කරවන දර්ශණ. 

පින්තුරය ගත්තේ : www.espncricinfo.com
මේ දෙගොල්ලා අතර තියෙන සීතල යුද්ධය වඩා හොදින්ම පිට කරන අවස්ථාවක් තමයි ඉන්දියා පාකිස්තාන් ක්‍රිකට් තරග. මේ දෙගොල්ලෝ දෙගොල්ලන්ගේ රටවල් වලට ගිහින් ක්‍රිකට් ගහන්නේ නෑ. එහෙත් වෙනත් රටක තිබෙන තරග නරඹන්න මේ කණ්ඩායම් දෙකේ ආධාර කරුවන් බුරුතු පිටින් පැමිණෙනවා. එතනදී අර පාරම්පරික වෛරය පිට කරනවා. මේක හොඳින්ම දන්නා රුපවාහිනී නාලිකා මේක හොඳටම මාකට් කරනවා. ඒ අය විතරක් නොවෙයි අයිසීය පවා මේවා හොඳට මාකට් වෙන බව දන්නවා.

අනිත් දේ තමයි තරග අතරතුරදී මේ දෙගොල්ලෝ ඇති කර ගන්නා උණුසුම් වාද විවාද සහ වෛරය පිට වන ආකාරයේ හැසිරීම්. මේවාට පදනම් වෙන්නේ කුඩා දරුවන් කාලේ ඉඳලම මේ අයගේ හිත් වලට කාවද්දලා තිබෙන වෛරය.  

හැබැයි මේ දෙගොල්ලෝ යස අපූරුවට එකම කණ්ඩායමකට ක්‍රීඩා කරපු අපූරු තරගයක් නරඹන්න මට අවස්ථාව ලැබුණා. ඒ 1996 දී ආරක්ෂක තත්වය මත ශ්‍රී ලංකාවේ තරග ප්‍රතික්ෂේප කරපු ඔස්ට්‍රේලියාවට සහ බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් වලට මෙහි එහෙම ගැටළුවක් නැති බව පෙන්වන්න පැවැත්වුන තරගය. එම තරගයේදී ඉන්දියාවේ අසාරුදීන්, ජඩේජා, මොන්ගියා වගේම පාකිස්තානයේ අක්රම්, වකාර් එකම කණ්ඩායමක ක්‍රීඩා කළා. 

ඒක ඉන්දීය-පකිස්තාන් ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන සටහනක් විදියටයි මම දකින්නේ. අද පාකිස්තානයේ කිසිම ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වෙන්නේ නෑ. ඒකට එකම හේතුව ඉන්දු-පකිස්තාන් අරගලය නොවුනත්, ඉන්දියාව තුලට පාකිස්තානුවන්ට එන්න අවසරත් නෑ. 

මේ වෙනුවෙන්ම නිපදවන රුපවාහිනි වෙළඳ දැන්වීම් පවා තියෙනවා. පහලින් තිබෙන වීඩියෝ තුනෙන් එකක් මේ දෙගොල්ලන් අතර ඇති වෙච්ච උණුසුම් අවස්ථා ගැන. අනෙක් දෙක ඉන්දියා පකික්ස්තාන් ක්‍රිකට් උණුසුම ගැන කියවෙන ඒවා. ඒවා බලලම තීරණයකට එන්න.

මේ සටහන තියන්න විශේෂ හේතුවක් තියෙනවා. අද මේ දෙගොල්ලන් අතර තරගයක් තියෙනවා චැම්පියන්ස් කුසලානයේ. නමුත් මේ වෙනවිට කණ්ඩායම් දෙකට මේ තරගය තීරණාත්මක නෑ. ඒත් මේ දෙගොල්ල්නගේ තරගයක් ඉතාම උණුසම් වනවා නොරටකදී පවා. ප්‍රේක්ෂකයන්ගෙන් පිරුන ක්‍රීඩාංගණයක් අද දකින්න පුළුවන්. 

වල ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට මගුල් කියන්නේ මෙන්න මේ වගේ දේවල් වලට. මේ දෙගොල්ලන් උණුසුම් වෙනකොට ස්ටාර් ටී.වී. ආයතනය සහ අයි.සී.සිය වෙළඳ දැන්වීම් වලින් හොද්ද බොර කර ගන්න බව එයාලට තේරෙන්නේ නෑ. 




_______________________________
ප.ලි. : ලියන්නම අවශ්‍ය දෙයක් අමතක වුණා. මෙතන ඉන්දියාවට තියෙන ප්‍රශ්ණය අර හිතුමතේට දුව දීග ගියහම වැඩිහිටියන්ට තියෙන දුක වගේ එකක්. තමන්ගෙන් වෙන් වෙලා ගිය නිසා තමයි වැඩිම තරහා තියෙන්නේ. මේ වගේ උදාහරණ ලංකාවෙත් සමහර දේශපාලන පක්ෂ වල තියෙනවා.

33 comments:

  1. ලෝකෙ හැමතැනම වෙන්නේ ඕකනේ

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට ඉන්දියාවේ තියෙන්නේ විශේෂ මාකට් එකක්. අද ලෝකයේ ප්‍රබලම මාකට් එක කිව්වොත් වැරදි නෑ. බිලියන 1.2 ක උමතු ජනගහනයක්.

      Delete
    2. නෑ නෑ මම කියුවේ ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට මගුල් කියන කතාව

      Delete
  2. මගේ බොස් ඉන්දියන්, එයගේ පුතාට අවුරුදු 3 යි නිදාගන්න යද්දි කියන කතාවලට අනිවාර්යෙන් පකිස්ථාන් නපුරු මිනිහෙක් ඉන්න ඕනිලු.. මම ඇහුවා ඇයි සර් මේ විදිහට පොඩි කාලේම ඒ දේවල් හිතට දාන්නෙ කියලා. ඔහු කියනවා ඒකෙ විශේෂයෙන් දාපු දෙයක් නෑ. අපි කතා කරන දේවල් වලින්ම තමයි එයා ඒ දේවල් අරන් තියෙන්නෙ කියලා..
    අනේ මන්දා මට හිතුනෙ අපි කොච්චර අකමැතිද ලමයෙක් ඉස්සරහ නරක වචනයක්, කා ගැනවත් නරක දෙයක් කියන්නවත්.. ඒත් මෙයාලා හිතන්නෙ ඒක වීරකමක් කියලා..

    ReplyDelete
    Replies
    1. තමන්වම රවටාගැනීමක්.

      Delete
  3. ඉස්සරහට ලංකාවයි ඉන්දියාවයිත් ඔය වගේ වෙන ලකුණු ...

    ReplyDelete
    Replies
    1. එයාලගේ දුක පාකිස්තානේ වෙන් වෙච්ච එක නිසා ඇති වුණ එකක්.

      Delete
    2. සුජියා - පකිස්ථානෙට බොරුවට ගේම කෝල් කරන්න ආයුධ තියනවා , ඉඳල හිටලා බලු ගේම් දීල යන ඔත්තු සේවයක් තියෙයි , ඉන්දියාවෙන් ගේම ඉල්ලන්න අපිට තියෙන්නේ මොනවද ? ගේම ඉල්ලුවොත් පැය 24ක් යන්නත් කලින් සොරි .කොම් , දීගෙන හිටියට චීනෙ එන්නෙත් නෑ බේර ගන්න

      Delete
    3. සුජියා ඔය දකුණු ඉන්දියාවට වඩා ඉන්දියාව අපිට කැමතියි. නැත්නම් දකුණු ඉන්දියාව, ඉන්දියාවට කියලා බුවා කියන ගේම අපිට දීල මෙලහකටත්.

      Delete
  4. Replies
    1. පොතේ නම ඝනඳුර. අනිත් විස්තර මතක නෑ. ඒ පොත ගෙන්වා ගන්න බලන්නම්.

      Delete
    2. Book Shop wala Sales Girls la hoyana kamali kamata "ea Book eka iwarai, api gawa naha" kiyanawa.
      Jayawewa.

      Delete
  5. Replies
    1. මම ඉක්මනට හොයලා කියන්නම් සංජීව. සමහරවිට මෙතන කියවපු කවුරු හරි ඉන්න පුළුවන්.

      Delete
  6. මේ ගැන ඒ කියන්නේ ඉන්දු පකිස්ථාන් වෙන්වෙන මොහොත ගැන සියලුම ජනවර්ගයා ඈදාගනිමින් ලියැවුණු අග්‍රගන්‍ය පොතක් තියනවා එය ලියා ඇත්තේ බුෂ්වන්ත් සිං විසින්. එය ද ලාස්ට් ට්‍රේන් ටු පකිස්ථාන්. එය සිංහලටත් පරිවර්ථනය වී තිබෙනවා අන්තිම දුම්රිය ලෙස. එන්ජීඕ කාරයාගේ පටන් හැම මිනිහගේම දක්වා එහි කදිම විවේචනයක් තියනවා. මට මතට ලෙස එය සිංහලට නැගුවේ කුලසේන ෆොන්සේකා මහතා.

    ReplyDelete
    Replies
    1. බලමු මේ පාර පොත් ප්‍රදර්ශනයෙන් හොයා ගන්න.

      Delete
  7. අපි අපිටම ජාතිවාදියෝ කියාගත්තට, ඉන්දියන් කාරයෝ පාකිස්තාන් කාරයෝ එක්ක විතරක් නෙවෙයි බං, චීන්නු එක්ක, එතකොට අවට ප්‍රාන්තවල ඉන්න ඉන්දියන් කාරයෝ එක්කත් තරහයි. සමහර විට ඒ අභ්‍යන්තර වෛරය අර අසල්වැසියන් සම්බන්ධ වෛරය ඉක්මවා ගිය එකක්. ඒකනේ කියන්නේ ඉන්දියාව රටක් නෙවෙයි ලෝකයක් කියලා ඉන්දියන් කාරයින්ට.

    ReplyDelete
    Replies
    1. ජාතිවාදී කම මනින මිම්මක් නෑනේ ඩූඩෝ.

      Delete
  8. ගිය අවුරුද්දෙ පකිස්ථානය ඉන්දියාවට ඇවිත් තරඟාවලියක් සෙල්ලම් කලා වගේ මතයක් තියනවා , මොහොමඩ් ඉර්ෆාන් (දණ්ඩා ) ගේ බෝල වලට ගම්භිර් කෝලි ඇඹරුනා වගේ මතකයකුහ් තියනවා . ඉන්දියානු පකිස්ථානු දේශ සීම යුද්ධ සියල්ල පටන් අරගත්තේ පකිස්ථානයෙන් , ඒ හැම එකකින්ම කාල අකුල ගන්න වුනා . ප්‍රශ්නය දිග්ගස්සන්නේ ඉස්ලාම් අන්තවාදය . කාශ්මීරේ මුස්ලිම් වරුන් බහුතරය කැමති වෙනම රාජ්‍යයකට හෝ පකිස්ථානෙට එකතු වෙන්න ,

    ReplyDelete
    Replies
    1. පාකිස්තානේ තරගාවලි බොහොමයක් දැන් තියෙන්නේ අබුඩාබි(සාජා) වල. පකිස්තාන් අයට ඉන්දියාවේ වීසා නොදෙන තත්වයක් තියෙනවා. මේ අවුරුද්දේ ඉන්දියාවේ තියන්න හිටි ලෝක තරගාවාලියක් එහි නොතිබ්බේ වීසා ප්‍රශ්නේ නිසා. මුස්ලිම් වරු කොහොමත් පකිස්තානෙට කැමති වෙන්න ඕනේ. මොකද තවමත් දෙපැත්තේ ඥාති ඉන්න අය ඉන්නවා කියලා මම අහලා තියෙනවා.

      Delete
    2. http://www.espncricinfo.com/ci/engine/current/match/589308.html


      මෙන්න මම අර කීව තරඟාවලියේ එක මැච් එකක්, දැක්කනේ දෝනි ඇර අනික් උන් කාල තියන තරම

      Delete
    3. බුවාගේ මතකය හොඳයි. මට මේ ගැන වැඩි මතකයක් තිබුණේ නෑ.

      Delete
  9. පරණ කියමනක් තියනවා සුදීක, පොතයි ගැහැණියයි කියන දෙක අතින් ඇත ගියානම්, ගියාම තමයි කියලා. තරහවුනත් මම මගේ පෞද්ගලික පුස්තකාලයේ තියන පොත් කාටවත් දෙන්නේ නැහැ. ඒවා ආපහු මිලදීගන්න මට දැන් වත්කමක් නැති නිසා.

    ඉන්දියාව සස පාකිස්ථානය අතර දේශසීමාව දිනපතා විවෘත කිරීම සහ වැසීම කරන්නේ යුද හමුදා සරඹ පිළිවෙතකට අනුව. එතැනදී මේ ජාතීන් දෙක එකිනෙකාට පෙන්වාගන්නා ආඩම්බරකම දැක්කම මටනම් දෙකොනින් හිනායනවා.


    http://www.youtube.com/watch?v=GVLfibEp1Pk

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මම කිව්වා වීඩියෝ එකත් මේකම තමයි.

      Delete
  10. අපට හැදෙන්න මේ ටිකත් හොදටම ඇති.

    ReplyDelete
  11. ඉස්සර හිටිය වගෙ ක්‍රිඩකයො නෙමේ දෑන් ඉන්දිය ටිම් එකෙ ඉන්නෙ.අසර් ල නියම මහත්වරු වගෙ හිටිය.මමත් කියන්න හිටියෙ අන්තිම දුම් රිය කියවන්න.නියම කතාව.ලන්කාව බෙදුනත් වෙන්නෙ ඔක තමයි.
    (මුස්ලිම් දේවස්ථානයක මිදුලේ දවසක් ඌරු කුණක් දමා තිබෙනවා. එය මරන්න යොදවන පුද්ගලයා)
    උරු කුන කියන්නෙ මෑරුන උරෙකුට නේද ?

    ReplyDelete
    Replies
    1. අන්තිම දුම්රිය කියවන්න ඕනේ. ඔව් මරා දමන ලද ඌරා තමයි ඌරු කුණ වෙන්නේ.

      Delete
  12. මුන් දෙගොලන්ටම තියෙන්නේ සැබෑ දේශප්‍රේමි කමක් නෙමෙයි.
    සුදික අයියා කිවා වගේ සිනහවත්,කලකිරීමත් අනික් අයට ඇති කරන දේශප්‍රේමයක්..

    ReplyDelete
  13. @ Cristogallary. එහෙත් තියෙන්නෙ ලංකාවේ වගේම, අහිංසක මිනිස්සුන්ගේ හැඟීම් විකුනගෙන කන දේශපාලනයක්.පාලකයන් විසින් ඇතිකරන ලද රාමුවක්තුල එකිනෙකා පාගාගෙන නැගිටින්න ඒ ඒ රටවල මිනිස්සු උත්සාහ කරනවා.ඒ හිත්වල තියෙන වෛරය ක්‍රෝධය එකිනෙකා මුනහැහෙන හැම වෙලාවකම පිට වෙනවා.ඒක සුදීක අයියා කිව්වාවගේම බලන් ඉන්න අයට සිනහවත්,කලකිරීමත් ඇති කරනවා.

    ReplyDelete
  14. මගේ කමෙන්ට්ස් වැටෙන්නේ නැත්තේ මොකද? :(

    ReplyDelete
  15. ඉන්දියානු පාකිස්තාන් දේශ සිමා අරගලය ගැන ඛුෂ්වාන්ත් සිං ලියපු "ද ලාස්ට් ට්‍රේන්" මගේ හිත ගත් පොතක්.මේකේ ආම්භය මට එකවරම මතක්වුනේ ඒ පොත.

    හැමදාමත් කියනවා වගේ මම ක්‍රීඩාවට ඒතරම් උනන්දු නෑ. ඒක මගේ එක දුර්වලකමක් වෙන්න ඇති.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...