Sunday, June 2, 2013

මෙහෙම කථා කරන්නේ නොදැනුවත්කමටද ? රැල්ලටද ? එහෙමත් නැත්නම් ගොංකමටද ?

 අද උදේ ගාලු පාරේ විලියම්ස් හන්දියෙන් දුර ගමන් සේවා බස් රථයකට ගොඩ වුණේ කරදරයක් නැතිව ඉක්මනට ඔෆිස් එකට එන්න. දන්නවනේ මොරටුව/පානදුර බස් කොටන හැටි. බස් එකට නගිද්දීත් බස් එකේ ඇති තරම් ඉඩ කඩ තිබුණා. මම පිටිපස්සේ පේලියෙන්ම වාඩි වුණේ බස් එකේ වෙගේත් එක්ක වෙන තැනකට යන්න ගියා නම් ගුවන් කරනම් සංදර්ශනයක් වෙන්න ඉඩ තිබුණ නිසා. බස් එක කොල්ලුපිටිය හන්දියට එත්දී බස් එකේ ඉතිරි වුනේ කීප දෙනෙක් විතරයි. හන්දිය පහු කරලා ගෝල්ෆේස් බලා අධික වේගයෙන් යනකොට මම දැක්ක දර්ශනයෙන් චිත්තප්‍රීතියෙන් පිනා ගියා. මේ දර්ශණය කැමරාවට අහු කර ගන්න මම කොයි තරම් කාලයක් පෙරුම් පිරුවද ? මේ පින්තුරේ ටිකක් ගැස්සිලා. මම ඉතිං අපේ වෙනි, අනුෂ්ක, ලිෂාන් වගේ වෘත්තීය කැමරා ශිල්පියෙක් නෙවෙයිනේ. මගේ ෆෝන් එකෙන් තමයි ඉතිං ඕනෑම එකක් ගන්නේ. ඒ ගන්න ඒවාගේ මට නම් වරදක් පේන්නෙත් නෑ. හැබැයි ඔය වෘත්තීය කට්ටියට නම් පෙනෙයි. මේක ගත්තු එකමත් නෙවෙයි, වටපිට කපල ගත්තු එකක්. 


මේ ඉහලින් තියෙන පින්තුරය දැක්කම ඔයාලට හිතෙයි "අයියෝ මේකේ මොනවද තියෙන විශේෂය. කොල්ලෙක් මලක් කඩන එක සාමාන්‍ය දෙයක්නේ. මුගේ තියෙන කුප්ප කමට තමයි මේ වගේ ෆොටෝ ගන්නේ" කියලා. ඇත්තටම ඔව් ඉහල පින්තුරේ කියන්න වරදක් නෑ. ඒකෙ තියෙන්නේ තමන්ගේ පෙම්වතියට ඉතා සාවධානව ඇහුම්කන් දෙන තරුණයෙක්. වරදක් නෑ. හොඳයි මම ඔයාලට ඇත්තම කියන්නම් මේක වැරදිලා වැදිච්ච එකක්. මට ගන්න ඕන වුනේ මේක නෙවෙයි. ඕන එක ගන්න කියලා එබුවට වැදුනේ මේකනේ. ඉතිං මොනවා කරන්නද? ඒත් මම අත ඇරියේ නෑ. කොහොම හරි කරලා ඕන කරන එකත් ගත්තා. බලන්න පහල පින්තූරේ. මේක දැක්කම මොනවද හිතෙන්නේ 


මේ දර්ශනය ඔයාලත් ඕනෑ තරම් දැකලා ඇති. අපේ වයසටද මන්දා මට නම් මේක දැක්කම එක පැත්තකින් තද වෙනවා, අනිත් අතින් හිනහත් යනවා. කලින් එක ගන්නකොට ටිකක් තිගැස්මෙන් ගත්තත් මේක ටිකක් පරිස්සමට ගත්තා. අන්තිමට ඕනෑ කරන විදියට ආවා. දැන් මේක සාධාරණීකරණය කරන්නත කට්ටිය ඉදිරිපත් වෙයි. "හරියට ඇහෙන්නේ නැති නිසානේ අපි එහෙම කරන්නේ" කියලා. හරි අපි ඒ දේටනම් පොඩි චාන්ස් එකක් දෙමු. ඒ වුනාට සමහරු කිසි චාරයක් නැතිව මේක එහාට මෙහාට කරන්නේ හරියට බස් එකේ ගියර් දානවා වගේ. මම දැකලා තියෙනව සමහරු මේකේ ඩිස්ප්ලේ එකට ඒ වගේම ස්පීකර් එක තියෙන පැත්තටත් කථා කරනවා.

ඒ වගේ අවස්ථා වලත් වරදින්නේ නැතිව වැඩේ සිද්ද වෙන්නේ සෙල් ෆෝන් වල තියෙන කන්ඩෙන්සර් වර්ගයේ මයික්‍රෆෝන් වලට පිං සිද්ද වෙන්න. මේවාට ඉලෙක්ට්‍රෙට්(Ilektret) මයික්‍රෆෝන් කියලත් කියනවා. අර සංගීත සංදර්ශන වල භාවිතා කරන මයික්‍රෆෝන් නම් වටපිට ශබ්ද නොගෙන ඉන්න නිසා කටේ අලවාගෙන තමයි කථා කරන්න ඕනේ. නමුත් අපේ තරුණ පරපුර මේ කරන වැඩේ මේ ෆෝන් හදපු අය දැක්කොත් බෙල්ලේ වැල දා ගන්නවා නියතයි. මොකද ඒ ඇයට පේන්න පුලුවන් මේක දුරකථනයේ අඩුපාඩුවක් කියලා. 

ජංගම දුරකථනයේ මූලික අවධිය නියෝජනය කරන වෝකි-ටෝකි වල නම් මේ වගේ තමයි භාවිතා කරන්න ඕනේ. ඒ ස්පීකරය සහ මයික්‍රෆෝනය යන දෙකටම ස්පීකරය භාවිතා කරන නිසා. ඒවාගේ කථා කර අවසන් කල විගස "ඕවර්" කියන වචනය මගින් අනෙක් පාර්ශවයට දන්වා සිටිනවා තමන් අමතා අවසන් කියලා. දැන් මේ සෙල්ෆෝන් හුටපටයට නැවතත් ආවොත් මම කල්පනා කලේ මේ විදියට කථා කලහම අනිත් පැත්තෙන් කියන ඒවාගෙන් කොටසයි නේ කනට ඇහෙන්නේ කියල.

දෙන්නම් මේ ක්‍රමය අනුගමනය කලොත්, අඩුම වශයෙන් කථාවෙන් 50% අහක. අරයා අහලා ඉවර කරන්න කලින් මෙයා උත්තර දෙනවා. මෙයා උත්තර දීලා ඉවර කරන්න කලින් අරයා කථා කරන්න පටන් ගන්නවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් අනුන්ගේ ආගත නාගත හොයන්නේ මොකටද කියලා. නමුත් මේක දැන් රැල්ලක් වෙලා.
 මගේ මාතෘකාව දෙස බැලුවොත් මේ කරන අයගෙන් 75% නොදන්නා කමට තමයි මෙහෙම කරන්නේ. මගේ පරණ ලොක්කෙක් හිටියා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලොක්කා. අවුරුදු 60ක් විතර කාලේ අපිත් එක්ක වැඩ කලේ. දිඹුලාගල හාමුදරුවන් සිහි කරන පෙනුමක් තමයි තිබ්බේ. අර ගඩොල්භාග යුගයට පස්සේ ආපු අඟල් 6-8 පැතලි ජංගම දුරකථන පාවිච්චි කරන යුගයේ මම ගත්තා නොකියා 8250 කියන අඟල් දෙකක් දෙකහමාරක් විතර උස ෆෝන් එක. එක බලලා එතුමා ඇහුවේ මේකේ කියන දේවල් ඇහෙනවාද කියලා. එතුමාගේ වයසත් එක්ක එහෙම හිතුව එක සාධාරණයි. මේ අලුත් පරම්පරාවේ අයටත් හිතා අන්න බැරි කොට.
පින්තුරය ගත්තේ : www.gsmarena.com

සමහර වයසක උදවියත් මේ ක්‍රමය අනුගමනය කරනවා මම දැකලා තියෙනවා. හේතුව බොහෝ වැඩිහිටියන් මේ දේවල් ඉගෙන ගන්නේ ළමයින්ගෙන් වීම. හැබැයි ඒ අය දන්නේ නෑ මයික් එක තියෙන පැත්ත. වෙලාවකට වැරදි පැත්තටත් කථාකරනවා. තරුණයන් අතර මේක රැල්ලක් බවට පත් වෙලා. ගොංකමට කරන අයත් ඇති. මගෙත් වැරදි ඇති, කවුරු හරි පෙන්වා දුන්නොත් නිවැරදි කර ගන්න නිහතමානී කම තියෙන්න ඕනේ.

ඔබේ වටේ ඉන්න කෙනෙකුත් මේ දේ කරනවා ඔබ දැක ඇති. ඉතිං කිව්වම දෙයක් හදා ගන්න ජාතියේ කෙනෙක් නම් දැනුවත් කරන්න. එහෙම නොවෙන අයට මේ ගැන කියලා "ඇයි මීට කලින් මෙහෙම කථා කරනවා දැකලා නැද්ද, නිකං වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ" කිව්වා කියලා ඔන්න මටනම් කියන්න එපා. අපේ විදේශගත මිතුරන්ගෙන් දැන ගන්න කැමතියි මේ ක්‍රමය ඔය රටවලත් තියෙනවද කියලා. ඇත්තටම මේ වගේ කථා කරන කෙනෙකුට බ්ලුටූත් හෙඩ් සෙට් එකක් දුන්නොත් කොහොමට හිටීද ?

මේ විදියට භාගෙට කථා වැරදිච්ච අවස්ථා එමට ඇති. ඔබට ඒ වගේ අත්දැකීම් තියෙනවා නම් කමෙන්ට් එකක් විදියට දාන්න. හදලා ලියන්නත් හිතෙනවා. පස්සේ බලමු ලොල් කතාවක් විදියට වත්. 

72 comments:

  1. මගේ පෝන් එකේ නං කට ගාවට ගෙනාවම එහා පැත්තෙ කොනාට ඇහන සද්දෙ වැඩියි..නිකං කනට තියං කතා කලාම ඇහෙනවා අඩුයි...ඒක පෝන් එකේ දෝසයක්..

    ReplyDelete
    Replies
    1. දෝෂ සහිත දුරකතනයක් භාවිතා කිරීම භයානකයි.

      Delete
  2. මහ මග වෙනත් දැඩි ශබ්ද ඇති වෙලාවක මේ ක්‍රමය ටිකක් සාර්ථකයි කියලා තමයි මටත් හිතෙන්නේත. නැතුව මේ විදියට කරන්නේ ෆැෂන් එකකට නම් වෙන්න විදියක් නෑ. දැන් තත්ත්වය මෙයිට වෙනස් හැමෝම වගේ ඉයර් ෆෝන් දැන් භාවිත කරනවා දුම්රියේ දි නම්.ඒත් මතු කළ කාරණාව හොදයි. බලමු තව ලැබෙන කමෙන්ට්ස් මොනවද කියලා.

    ReplyDelete
    Replies
    1. මට හොඳ විශ්වාසයක් තියෙනවා ඇඩ් එකට කරන කොටසකුත් ඉන්නවා කියලා. මේ ක්‍රමය සාර්ථක වෙනවා, one way communication එකක් නම්. නමුත් ජංගම දුරකථන මගින් video conference කරන්න පුළුවන් යුගයක අපි ඉන්නේ.

      Delete
    2. බරවා හැදුනු එකා කලිසමේ යට මහතාට මහුවම "බෙල් කලිසම්" කරලියට ආවා.
      කන ගාව දාඩිය බිබිලි දාලා වන වෙන්න ගියාම ඔලුව වටේ කොන්දේ අඩුවෙන්න කොන්දේ කැපුවම එකත් ස්ටයිල් එකක්.

      Delete

  3. සුදීක සමහර විට දන්නවත් ඇතිනේ මම ඉන්න ක්ෂේත්‍ර ගැන..ඉතින් මට නම් කියන්න තියෙන්නේ ඔය විදිහට කතා කිරීම අනුවණ කමක් නෙවේ..ඔය විදිහට කතා කරද්දී කට හඬ සද්දේ වැඩි වෙනවා. මයික් එකේ සෙන්සිවිටි සහ ගේන් එක කියන්නේ දෙකක්..ගේන් එක ඉබේම එජස්ට් වීමක් වෙන්නේ නැහැ ෆෝන් එහෙක..ඒ නිසා වටපිටාවේ සද්දේ වැඩි නම් ෆෝන් එක කට ලඟට අරන් කතා කරන්න වෙනවා ...

    රූපවාහිනී ආයතනයක ප්‍රධාන පාලක මැදිරිය හා වැඩසටහනක් ප්‍රධාන සම්ප්‍රේෂක වෙත යවන තෙක් සිදුවන ක්‍රියාවලීය හා මූලික උපාංග 01..


    ශ්‍රී ලාංකික මාධ්‍ය භාවිතය , එහි විකාශය හා වත්මන් තත්වය . වෙනසක් අවශ්‍යද ? ඒ කුමක්ද ?Who should have a TV Channel ? .


    මෙන්න මේ පෝස්ට් වලත් සමහර තාක්ෂණික දේවල් ඇතුලත් ..පුළුවන් වෙලාවට බලන්න ..

    ( අහිතක් හිතන්න එපා )

    ReplyDelete
    Replies
    1. කිසිම අහිතක් නෑ සහන්. කාට හරි තමන්ගේ පොස්ට් එකකට ඕඩියන්ස් එක වැඩි කර ගන්න ඕනෙනම්, මගේ බ්ලොග් එක ඒකට පාවිච්චි කරන්න ඕනේ කියලා හිතෙනවා නම්, ඉල්ලීමක් කලොත් පොස්ට් එකකට යටින් හරි දාන්න පුළුවන්. ඔයාගේ ලිපි දෙකෙන් දෙවෙනි එක අද කියවන්න කියලා හිතා උන්න එකක්. ඒක බලල කමෙන්ට් කරලයි මේ කමෙන්ට් කරන්නේ. සහන් මේ වගේ දේවල් පුරුද්දකට ගිහින් තියෙන බව මට පේනවා. සමහර දිනවල විදේශිකයන් පුදුමයෙන් අපේ අය මෙහෙම කරනවා බලන් ඉන්නවා මම දැකලා තියෙනවා. ඒ ගැන ටිකක් කනගාටුයි. ශබ්දය නැති තැන් වලත් මෙහෙම වෙනවා.

      Delete
  4. මම ත් දැකලා තියෙනවා ඒ විදියට කථා කරනවා.හැබැයි මම නම් කවදාවත් ඒ විදියට කථා කරලා නැ.ඒකට මම කැමති නැ.

    ReplyDelete
    Replies
    1. සමහරවිට බලන් ඉන්න කෙනාට මේක වදයක් වුණාට, භාවිතා කරන කෙනාට ගානක් නැතිව ඇති.

      Delete
  5. මමත් මුලින් හිතාන උන්නෙ ඔහොම කරන්නෙ සෝබනේට කියලා දවසක් මම කෝච්චියේ ඔහොම කරන කොල්ලෙකුගෙන් හිමිහිට ඇහුවා. පොර කියන විදියට එහෙම කතාකරනකොට එහා පැත්තෙ ඉන්න කෙනාට පැහැදිලිව මේ පැත්තෙ ඉන්න කෙනා කියනදේ ඇහෙනවා කියලා කන ගාව තියලා කතාකරනකොට වටපිට සද්ද එක්ක මිස්‍රවෙලා ඇහෙන නිසා අනිත් පැතෙ කෙනාට ඇහෙනවා අඩුයිලු. ඊට පස්සේ මමත් ඕක අත්හදා බැලුවා කතාව ඇත්ත. අන්න ඊට පස්සෙ තමයි මම ඔය අදහස අයින් කර ගත්තෙ.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කතාව ඇත්ත වෙන්න පුළුවන් එල්.ජේ. නමුත් මම කියන්නේ මේක සේවැප් කරන අතරතුර වටිනා වචනයක් මිස් වෙන්න පුළුවන්. ඒ අයත් ඔය ඕවර් වගේ වෙන වචනයක් භාවිතා කරනවද දන්නේ නෑ. :)

      මෝටර් සයිකල් වල යන අය හෙල්මට් එක අස්සේ ගහගෙන පාරේ සද්ද බද්ද තියෙන තැන් වලත් කථා කරමින් යනවා නේද ? ඒකට මේ ප්‍රශ්නේ නැතිද ?

      Delete
    2. ඔහොම කතාකරන්නෙ මල් කඩන අය තමයි මල් කඩනකොට එක්කෙනෙක් කියන දේ දිගටම කියාගෙන යනවා ඊට පස්සේ අනිත් කෙනා උත්තර දෙන එකත් දිගටම අහගෙන ඉන්නවා. මට යන්තමට මතකයි අයිසෙක් ඇසිමොව්ගෙ විද්‍යාප්‍රබන්දයක අභ්‍යාවකාශයට යවන පනිවිඩයක් ගැන කතාවක් මතක් උනොත් කියන්නම් ඒකත් ඔයවගේ.

      Delete
    3. මම හිතන්නෙ ඔය අභ්‍යවකාෂ පණිවුඩේ තිබුණෙ ආතර් සී ක්ලාක් මහත්තයගෙ පොතක.

      Delete
    4. එහෙනම් මේක හයි ෆයි වැඩක් :) ඔය මල් කැඩිල්ලේදී වැඩි හරියක් තියෙන්නේ කථා නොකර ඉන්න වෙලාව නේද ?

      Delete
  6. මුලින්ම අහන්න ඕනේ නොදන්නා යුගල පදේක තේරුම. "ආගත නාගත" කියන එකේ තේරුම මොකක්ද?

    --------
    සන්නිවේදන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමා "වන් වේ කමියුනිකේෂන්" හොඳම උදාහරණය ටීවී එක. එහෙන් මෙහාට විතරයි.

    දෙවැනි එක "එහෙන් මෙහාටත්, මෙහෙන් එහාටත්" පුළුවන්. ඒත් වරකට එක දිශාවකට විතරයි. (නම මතක නෑ. සහන්ගෙන් අහන්න) eg: වෝකිටෝකි එක.

    ඊළඟ එක "එහෙන් මෙහාටත්, මෙහෙන් එහාටත් එකවිට" ෆෝන් අයිති වෙන්නේ ඔය ඝනයට.

    දැන් ඉතින් ත්රුම් ගන්න ඇහැකිනේ ඔය පින්තූරේ ඉන්න කෙනා භාවිතා කරන්නේ ඕන වගේ සන්නිවේදන ක්‍රමයක්ද කියලා. :D

    ----
    දුරකතනයක් මොන ප්‍රමාණයෙන් හැදුවත් එක හදන්නේ කණට තියාගන්න. එතකොට කටේ ඉඳන් මයික් එකට ඇති දුර නිෂ්පාදකයා අනිවාර්යයෙන්ම දන්නවා වගේම ඒකට ගැලපෙන මයික් එකක් යොදා ගැනීමද අනිවාර්යයෙන්ම කරන දෙයක්. ඉතින් සාධාරණ හේතුවකින් තොරව (ඝෝෂාකාරී පරිසරයකදී හෝ නිවැරදි උපාංග නොයොදා හදන චයිනීස් ෆෝන් භාවිතයේදී) ඔය විදියට ෆෝන් භාවිතය විහිළුවක්.

    ඒත් ...// සමහරු මේකේ ඩිස්ප්ලේ එකට ඒ වගේම ස්පීකර් එක තියෙන පැත්තටත් කථා කරනවා.//... මෙතැනදී තියෙන්නේ තාක්ෂණික දෝෂයක්. නොකියා පොඩි ෆෝන් එකේ ඉයර්පීස් ස්පීකර් එක වෙනුවට ලවුඩ්ස්පීකර් එක යොදාගන්නවා. එතකොට ශබ්දය ඇත්තටම එන්නේ ෆෝන් එකේ පිටිපස්සෙන්. මේක වියදම අඩුකරන්න ගිහින් ඇතිකරගත්තු දෝෂයක්.

    ReplyDelete
    Replies
    1. ආගත නාගත කියන පදේ අපේ වැඩිහිටියෝ භාවිතා කලේ වල්-පල්, අනං-මනං වගේ තේරුමක් දෙන්න. අනවශ්‍ය දේ කියලා හිතන්නකෝ.

      මම කියන්නේ ස්පීකර් දාලා නිත් පැත්ත තියාගෙන කතා කරන එක නෙවෙයි. මම දැකලා තියෙනවා සමහර වැඩිහිටි අය ඩිස්ප්ලේ එකට කතා කරනවා. ඒ අයගේ නොදැනුවත් කම. ආදර්ශය සැපයූවේ එයාලගේ මුණුපුරන්.

      Delete

    2. මේ කියන්නේ ඩුප්ලේක්ස් , සෙමි ඩුප්ලේක්ස් , ෆුල් ඩුප්ලේක්ස් ගැන නේද අකම්...?

      Delete
  7. මගේ ගාව කලින් තිබ්බ මෝටරෝලා එකක ඔහොම වෝකි ටෝකි ස්ටයිල් එකට කතා කරන්න වෙනම ෆීචර් එකක් තිබ්බා, ඒකට කියන නම මට දැන් මතක නෑ.

    ReplyDelete
    Replies
    1. මොඩල් එක මතකද ?

      Delete
    2. පුෂ් ඇන්ඩ් ටොක්?

      Delete
    3. පුෂ් ටො ටෝල්ක් කියලා වෙන මොකක් හරි තියෙනවා මම දැක්කා. ඒකෙන් කරන්නේ ස්පීකර් ෆෝන් ඔන් වෙලා කතා කරන එක. හරි. ඉතිං වෝකි ටෝකි වලත් එහෙමනේ.

      Delete
    4. ඒ ෆෝන් එක ගෙදර බං, ඒක මෝටරෝලා V90ද කොහෙද. අර නවන ෆෝන් එකක්. ඔව් ඔව් PTT වගේ තමයි මතක. (Push To Talk).
      මම ඔය ෆීචර් එක පාවිච්චි කරලා නෑ. ඒක එබුවාම service not available කියලා වැටෙනවා වගේ මතකයි.

      Delete
    5. මම ළඟදී Ad එකක් දැක්කා push to talk කියලා. ඒකෙ හැටියට නම් service provider ලබා දෙන එකක් තමයි.

      Delete
  8. මමත් ඕන තරම් දැකල තියෙනවා ඔහොම කතා අය... මටත් විකාරයි ඔය වැඩේ නම්...

    ReplyDelete
    Replies
    1. නමුත් සමහරු මේ වැඩේට කැමතියි ගයියා.

      Delete
  9. මම ඔය ක්‍රමය මුලින්ම අත්වින්දෙ අපේ ඔෆිස් එකේ කොලු ගැටයෙක් මල් කඩනකොට තමා.. ඒ 2004 දි.. මට එතකොටත් හිතුනා මූට පිස්සුද කියලා..

    මමනම් ලංකාවෙදි වගේම මෙහෙදිත් සමහරු ඔය ක්‍රමයට කතා කරනවා දැකලා තියනවා.

    ඔය කියන මොන හේතුවක් නිසා ඔහොම කතා කරනවද කියලා මට තේරෙන්නෑ.. දෙතුන් සැරයක් මම ඝෝෂාකාරී තැනක ඉඳන් කතා කරද්දි අනිත් කෙනා ඇහෙන්නෑ කිව්වම ඔය ක්‍රමේ භාවිතා කළා.. ඒත් ඒක සාර්ථක උන්නෑ වගේ තමා මතක..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මේක එක්තරා පිරිසකට විතරක් හරි යන දෙයක් වගේ.

      Delete
  10. මං කියන්නම් සීන් එක. මෙහෙමනේ සුධීකයියෙ, දැං මල් කඩන උන්දැල ඉන්නව නේද? උංදෙලට තැනක් නොතැනක් වෙලාවක් අවේලාවක් නෑනේ. ඉතින් හැමතිස්සෙම ඕනි මල් කඩන්න. මිනිස්සුගොඩාක් ඉන්න තැනක උනත් ඔහොම කතා කරනකොට කට ලඟම තව කෙනෙක් හිටියත් ඒක පොඩ්ඩක්වත් ඒ කෙනාට ඇහෙන්නෙ නැතිවෙන්න කතා කරන්න පුලුවන්. ඒ වගෙම ඇහුනෙ නැතත් අපි ෆෝන් එකෙන් හිමිට කතා කරනකොට කාට හරි කට දිහා බලං ඉන්ඳල අපි ෆෝන් එකෙන් කියන පැනි වචනක් දෙකක් අල්ලගන්ඩ පුලුවන් වෙන එකත් නැතිවෙනවා. මේ ක්‍රමේදි කට වැහෙන නිස මොකක්ද කියන්නෙ කියල කාටවත් පේන්නෑ. නියම ටෙක්නික් එක දන්නවනම් බස් එකේ එහාපැත්තෙ ඉන්න කෙනාට කිසිම දෙයක් නොතෙරෙන විදියට මල් කඩන්න පුලුවන්.

    කටට අරන් කනට ගන්න (ෆෝන් එක) වේගෙ අනුව අර විදියෙ ඇහෙන්නැති වෙලා පැටලිලි ඇතිවෙන්නෑ. හැබැයි ඒකට ටිකක් පුරුදු වෙන්ඩ ඕනි.
    ඕක නොදන්න සමහර අය ෆෝන් එක කටේ උලාගෙන අහලගං හතකට ඇහෙන්ඩ බෙරි හන්දෙනව. එතකොට අර පෝශ් කම දෙපසින් දෝරෙ ගලනවා :D

    (සත්තම සත්තයි මම නම් ඒම කතා කරන්නෑ මේම කිව්වට)

    ReplyDelete
    Replies
    1. හික් ... හික්... හික්...

      Delete
  11. අපි නම් ඉතින් සද්ද නැතුව කතා කරනවා. ඒත් ඉතින් ෆෝන් එකට උම්මා දෙනවා කතාව අන්තිමේදි. බස් එකේ නෙමේ හන්දා කවුරුත්ම දකින්නේ නෑ. වෙන කොහෙදිහරි දැක්කොත් ඉතින් ගානකුත් නෑ හී හී .....

    ReplyDelete
    Replies
    1. මෙන්න ඒ පාර හී .. හී ... කෑල්ල මෙයාටත් බෝ වෙලා. සිනා බෝ වේවා .... !!! කියන්නේ නිකංද ?

      Delete
    2. නෑ, එයාට කලින් මෙයා ගාව තිබිල එයා අරන් අල කරගත්ත.

      Delete
  12. මම එහෙම කතා කරනව දැක්කම හිතුවෙ වටා පිටාවෙ අයට ඇහෙයි කියල කුනුහරුපයක් කියන්න ඕන උනාම එහෙම කතා කරනව කියල ඇත්තටම.

    ReplyDelete
    Replies
    1. හික් ... හික්... හික්....

      Delete
  13. ඔය පොඩ්ඩියි සමියයි කියලා තියෙන්නේ හේතුව.... හි හි....

    තමන් ඉන්න අහල පහල සද්දෙ වැඩි උනාම ඔය ක්‍රමේට කතා කරලවත් බලනවා ඉතිං හරියයිද කියලා.. අනිත් එක ඕක නොදැනුවත්වම කෙරෙනවා ඒ වගේ වෙලාවට... මල් කඩද්දි තමයි ඔය කේස් එක වැඩි.... ළඟ ඉන්න කෙනාට ඇහෙන්නේ නැතිවෙන්න කතා කරන්න.. මොකද අපි ෆොන් එක කනේ තියාගත්තොත්, නැත්තම් බ්ලූටූත් හෙඩ් සෙට් එකෙදි දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි ටිකක් සද්දෙන් තමයි කතා කරන්නේ... ඔය මල් කඩද්දි කියන වැඩි හරියක් ඒවා, එහෙම නැත්තම් බරැපතල වලියක් යද්දි එහෙම කියන ඒවා ළඟපාත ඉන්න මිනිස්සුන්ට ඇහුන ලැජ්ජාවේ පණ යනවා....

    මීට අවුරැදු කීපෙකට කලින් තිබ්බ චයිනීස් ෆොන් වලට එහෙම කතා කරද්දි ඇහෙන්නෙ නෑ කියන එකමයි වැඩේ..... අපේ ඔෆිස් එකෙන් වැඩ කරන අයට දීලා තිබ්බේ ඒවා... අපි කතා කරනකොට උන් කට්ටකමටත් එක්කමද කොහෙද ඇහෙන් නෑ ගානවා... හි හි...

    බයික් එකේ යන‌ෙකාට හෙල්මට් එක අස්සෙ ෆොන් එක ගහගෙන කතා කරනවා නේද... මේ ලෝකේ දෙයක් ඇහෙන් නෑ ... හුළඟේ සද්දේ නිසා...

    ReplyDelete
    Replies
    1. ඔය බයික් එකේ සීන් එක මටත් දැන ගන්න ඕනේ වෙලා තිබ්බේ. ඔයාගේ කතාව කිව්වම මතක් වුනේ. දවසක් රෑ කොටුව-මොරටුව බස් එකක මද හරියේ වාඩි වෙලා මම යනවා. බම්බලපිටිය හන්දියේදී කළු තඩි මිනිහෙක් අමු තිත්ත(ඉංග්‍රීසි) කුණුහරපෙන් බනිනවා කෑලි යන්න කාටදෝ මන්දා.

      Delete
  14. taman kiyana dewal anit ayata ahai kiyala dana sobanayak oka. (mama oya karamaya anumata karana naha).
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නෙත් ඇඩ් එක කියලා තමයි.

      Delete
  15. ඕකත් හරියට මේ වගේ කේස් එකක් නේද? http://site.xsportsprotective.com/learning-center/wrong-way-to-wear-a-helmet-cartoon.jpg

    ReplyDelete
  16. සුදීක අහන ප්‍රශ්නෙම පිළිතුර තියෙනවා. මට තේරෙන විදිහට, චයිනීස් ෆෝන් සුලභ වුනු දවස් වල, ඒවයෙ ඇති මයික් බහුතරයක පෆෝමන්ස් මදි නිසා කෂ්ටිය මෙහෙම කතා කරන්න පටන් ගත්තා. පස්සෙ පස්සෙ අනුකරණයෙන් මේ පුරුද්ද බෝවෙලා තියෙනවා කියලා පේනවා.
    දවසක් මායි යාළුවෙකුයි කෙල්ලෙකුට ඇහෙන්න ම කිව්වා, ‘පවු නේ, අරයගෙ ෆෝන් එකේ මයික් එක සවුත්තුයි වගේ. බාල ෆෝන් එකක් වෙන්නැති‘ කියලා. එදායින් පස්සෙ ඒ කෙල්ල අර වැඩේ අත්ඇරියා. (පස්සෙ මගෙ යාළුව ඒ කෙල්ලව දාගත්තා.)

    ReplyDelete
    Replies
    1. ඔය ක්‍රමය අත්හදා බලන්නත් වටිනවා.

      Delete
  17. එල කිරි සුදී අයියේ..මට ඕක ගැන ලියාගන්න බැරුව අතැරලා දැම්මා... මට ඔහොම කතාකරන එවුන් දැක්කාම හොම්බට දෙකක් අනින්න හිතෙනවා.. හේතුවක් නැතුව මට පුදුම තරහක් එනවා. මම අසාධාරණයි වෙන්න පුළුවන්..අනේ මංදා අප්පා. එක්කෝ උන්ගේ ගොන්කම.

    මම ඔය වගේ සද්දේ වෙලාවට මම නම් කරන්නේ ෆෝන් එකේ යටින්ම අල්ලාගෙන අතේ අල්ලෙන් මයික් එක කවර් කරනවා කටට ෆෝකස් වෙන විදිහට.

    ඇයි අයියේ අනිත් සීන් එක තමයි, බෙල්ල වටේ අත දාලා අනික් කනෙන් ෆෝන් එක තියාගෙන කෝල් කරන එක. :v

    ReplyDelete
    Replies
    1. මම උවමනාවෙන්ම ඝෝෂාකාරී තැන් මග අරිනවා. ඒ නිසා ඔය වගේ අවශ්‍යතා මට එන්නේ නෑ. අර සමියා කියනවා වගේ තැනක්-නොතැනක්, වෙලාවක්-අවේලාවක් නැති අයට තාමයි ඔය ප්‍රශ්න ඇති වෙන්නේ.

      Delete
  18. ඔහොම දේවල් පෙන්නන්න බැරි වයසෙ වැරැද්ද...වයසට යන්කොට ඔයවගේ දේවල් වෙනව, ගනන් ගන්න එපා සහෝ...

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් පුළුවන්. :)

      Delete
    2. @UNKNOWN
      oyat karala balana Mala wikarayak wage namida kiyala?
      Jayawewa

      Delete
  19. මටත් හිතෙන විදියට ඕක ඔය අලුතෙන් එන චයිනීස් ෆෝන් වල තියෙන තාක්ෂණික දෝශයක්.
    අලුත් නොකියා චයිනීස් ෆෝන් වල ඉයර් පීස් එකක් නෑ. ඒ සද්දෙ එන්නෙ ස්පීකර් එකෙන්. එතකොට ගොඩ දෙනෙක් කතා කරන්නෙ ෆෝන් එක අනික් පැත්තට (කී පෑඩ් එක පැත්ත එලියට හිටින්න) තියාගෙන. නමුත් ඒක භයානක තත්වයක්. මොකද එතකොට ඇන්ටනා එකෙන් එන විකිරණවල බලපෑම වැඩියි.

    ReplyDelete
    Replies
    1. ඔව්. චයිනීස් ෆෝන් වල තියෙන වෙනස ඔන්න ඕකයි. ඒ ඇය සෞක්‍ය පැත්ත ගැන සැලකිලිමත් නෑ.

      Delete
  20. මගේ යාලුවෙක් ඉන්නවා (හමුදාවේ කර්නල් කෙනෙක්) මේ විදිහට විකාරරූපී ගොන්පාට් එකක් කරන. කතා කරනකොට ෆෝන් එක කට ලඟට ගන්නවා. ආයේ කනට තියාගන්නවා. මම කීප වතාවක් කිව්වා මිනිහෝ ඔහොම කරන්න අවශ්‍ය නැහැ උඹේ කට ඔය ෆෝන් එකට අඩියක් ඈතින් තිබ්බත් (තිබ්බා නෙවෙයි යකෝ තැබුවා බලන්න අපේ පැත්තේ එන්න)අනික් මිනිහට ඇහෙනවා, උඹ ඔය කරන මල විකාරේ ප්‍රසිද්ධ ස්ථානයකදී මිනිස්සු දැක්කොත් හිනාවෙයි කියලා. මේ පින්තුරයේ ඉන්නෙනම් ඒ මනුස්සයා නෙවෙයි. මම මිනිහට කියන්නම් මේ ලිපිය බලන්න කියලා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. වැඩේ තියෙන්නේ මේක හරියට පේන අයත් ඉන්නවා. වැරදියට පේන අයත් ඉන්නවා. මට දැනගන්න ඕන වුණේ මේක කරන අය මෙහෙම කරන්නේ ඇයි කියලා.

      Delete
  21. මම හිතන විදියට මල් කඩන තරුණ පරපුර තමයි මේ ක්‍රමය වැඩිපුර අනුගමනය කරන්නෙ. වටේ පිටේ අයට ඇහෙන්නෙ නැතිව දුරකථනයට යමක් මුමුණන්න මේ ක්‍රමය සුදුසුයි කියලා මමත් හිතනවා...දුරකථනය තමන්ගෙ නම් පාවිච්චි කිරීමේ නිදහස තමන් සතුයි නේද...

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි සිරා කලිසම තමන්ගේ වුනත් මහ මග එය ගලවන්න අපිට අයිතියක් නෑ නේද ? මට තේරෙන විදියට බොහෝ දෙනා මේක කරන්නේ වටපිට අයගේ අවධානය ගන්න. මනෝ විද්‍යාව පිලිබඳ දැනුමක් තියෙන කෙනෙක්ගෙන් ඇහුවොත් උත්තර දෙයි.

      Delete
    2. අවධානය ගැනීමක් කියලා මම හිතන්නෙ නෑ...උඩ සමියා දීලා තියෙන පිළිතුර නිවැරදි කියලයි මගෙත් පිළිගැනීම...මට මලක් කඩන්න එකියක් නැති නිසා මුමුණන්න අවශ්‍ය නෑ...ඒ නිසා මේ ක්‍රමවේදය භාවිතා කරන්නෙ නෑ. මේ වගේ සුලු සිදුවීමකට මනෝවිද්‍යාව වගේ බැරෑරුම් සාධක ගාවගන්න එපා...ඒක ඒ අයගෙ අවශ්‍යතාව...එහෙම හිතමු...

      Delete
  22. මමත් ගොඩාක් වෙලාවට මේ ක්‍රමය අනුගමනය කරන කෙනෙක් , මුලින්ම මේ ක්‍රමයට හුරු වුනේ කවුරුත් කරනවා දැකලා නෙමේ, පාරේ හෝ බස් එකක හෝ වැඩි ශබ්ධයෙන් ෆෝන් එකට උත්තර දෙන්න වෙන වෙලාවට මේ ක්‍රමය තමයි සාර්ථකම ක්‍රමය එතකොට වැඩි ශබ්දයෙන් කතාකරන්න ඕනේ නැහැ අහන ඉන්න කෙනාට පැහැදිලිව ඇහෙනවා , අනික ගානට ඒක පාලනය කරගත්තොත් කතාවට බාදාවක් වෙන්නේ නැහැ ඒ කිව්වේ අර කාතාවෙන් බාගයක් ඇහෙන ගැටලුව එන්නේ නැහැ ...හැබැයි එකට ඒකට ඔය ක්‍රමයේ පළපුරුද්ද ඕනේ...හික්

    ReplyDelete
    Replies
    1. පාර්ශව දෙකටම ?

      Delete
    2. හ්ම්ම් .. කථා කරලා ඉවර වෙනකන් මැදින් පැනලා උත්තර නොදී හිටියම හරි, කථාව ඉවර උනාම උත්තරේ උත්තරේ ඉවර උනාම කථාව, බොහෝ විට දෙන්නම මේ ක්‍රමයට කතාකරනවානම් අවුලක් ඇත්තෙම නැහැ .

      Delete
  23. ඉස්සර මමත් මේක කරා, ඒකේ විශේෂ හේතුවක් තිබුනෙ නෑ.. ඒත් පස්සේ දවසක ලෙක්චර් එකකදි ඒක ගැන කතාවක් ඇවිත් හැමෝම ඒක වැදගත් හැසිරීමක් නොවන බව කතා වුනා.. එදා මට තේරුනා ඒක ඇත්තටම පිටින් බලන් ඉන්න අයට හරි නොරිස්සුමක් ඇතිවෙන දෙයක් කියලා.. එදායින් පස්සේ නම් කවදාවත් මම එහෙම කරේ නෑ..

    ReplyDelete
    Replies
    1. සමහර පුරුදු අත් ඇර ගන්න අමාරුයි. මම නගන ප්‍රධාන තර්කය තමයි සංවාදයකදී කථාවෙන් කොටසක් ගිලිහෙන්න පුළුවන් කියන එක.

      Delete
  24. මේ ලිපිය මම කියෙව්වෙ ඊයෙ. මේක සරළ කේස් එකක් උනත් ඒ වෙද්දි කවුරුවත් උත්තර දීල තිබුනෙ නෑ. හිරු තමයි ඉස්සෙල්ල හරි උත්තරේ දීල තියෙන්නෙ.
    ඕක චීන ෆෝන්වල තියන මූලික අවුලක්. මගේ ලඟත් තිබුන ටීවී බලන්න පුළුවන් ඔය ජාතියෙ භාණ්ඩයක්. සාමාන්‍ය විදියට කතා කලාට එහා පැත්තට ඇහෙන්නෙ නෑ. කට ලඟට ගෙනල්ල කතා කලාම නං ඇහෙනව. මම මේ ෆෝන් එක පාවිච්චිය නවත්වල අලුත් ෆෝන් 1ක් අරගෙන ටිකක් කල් යනතුරු පරණ පුරුද්ද තිබුන.

    මීට අමතරව ඝෝෂාකාරී තැනකදිත් මේ මෙතඩ් එක හොඳයි.

    උපුටාගැනීමක් කරන්න අකුරු සිලෙක්ට් කරන්න ගියාම අවුල්. ඒ නිසා ඒක අයින් කරපං. (කම්පියුටර් ගැන මෙලෝ හසරක් දන්නෙ නැති මාත් දන්නව කොපි කරන්න ඕනම නං ජාවා ස්ක්‍රිප්ට් ඩිසේබල් කරන්න:)

    ReplyDelete
    Replies
    1. මේ චීන්නුත් බලාගෙන ගියාම ලඟින් ගියොත් ඇහැක් නැති ජාතියක් නේ... අනාගතේට මේ චීන භාණ්ඩ හින්දා අපිට ගොඩක් කරදර ඇති වෙයි වගේ.

      Delete
  25. මෙහෙම කරන අය මමත් දැකලා තියෙනවා මහ විකාරයක් කියලා හිතෙනවා..ඇයි සමහරු හෑන්ඩ්ස් ෆ්‍රී එක දාගෙන සින්දු අහ අහ යනවා..කෝල් එකක් ආවහම ඒක ගලවලා ඔය විකාරෙ කරනවා..ඇයි මතකද කාලයක් අර බ්ලූටුත් හෑන්ඩ්ස්ෆ්‍රී එක කනේ ගහ ගෙනම යන කාලයක් තිබුනා. මම ඒ වෙලාවට කරන්නෙ ඒක ඇත්තටම ඕන්ද කියලා බලන්න පොඩ්ඩක් මගේ ෆෝන් එකෙන් සර්ච් පාරක් දානවා..ගොඩක් ඒවා ඔෆ් තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. කාලයක් සීට් බෙල්ට් දැම්මෙත් ඔය වගේ නේද ?

      Delete
  26. මම හිතන්නෙ ඔබ මේක ප්‍රදර්ශනයට කරනවා යන මතයේ සිට බලන එක වැරදියි කියලයි. මොකද මල් කඩන උන් අනික් ලඟ යට නෑහෙන්න තමයි මේක පාවිච්චි කරන්නෙ බොහෝ විට. ඒ අර්ථයෙන් ගත්තම වැඩේ වැරදි නෑ. මොකද ෆෝන් එකට හිමීට මුනු මුනු ගානකොට වටේ අයට නෑහුනාට ඕන කෙනාට ඇහෙනවනෙ. එහෙම නැතිව අත කටින් වහගෙන කතා කරන ප්‍රායෝගික නෑනෙ. මෙහෙ ඉන්න තරුන පරපුරනම් කරන්නෙ හෙඩ් ෆෝන් එක පාවිච්චි කරන ගමන් ඒ මයික් එක කට ගාවට කරල මුමුනන එක.
    මෙහෙ ඕන ලොකු ෆෝන් එකක් දුරකතන සමාගම එක්ක අවුරුද්දෙ ගිවිසුමක් ගැහුවම නිකන් දෙන නිසා බාල එව්ව ඇත්තෙම නැති තරන්. ඒත් ඔය විදියට කතා කරන අය නැතුවම නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි. මෙතන ඔය හැම කාන්ඩෙකටම අයිති අය ඉන්නවා. සමහරු ඇත්තටම මල්, ඇහෙන්නැති නිසා, දැක්ක නිසා කිසි තේරුමක් නැතිව, පේන්න කරන අය. මෙහෙ කියලා කිව්වේ කොහෙද ?

      Delete
  27. මමනං කවදාවත් ඔය විදියට කතා කරල නැහැ.කොච්චර ගෝසාවක් තියෙන තැනක උනත්.
    මම හිතන්නෙ ඔය විදියට කතා කරන්නෙ නං සෝබනේට.මුලදි ඔහොම කතාකරන අය දැක්කම මම හිතුවෙ ඒ ගොල්ලො පාවිච්චි කරන්නෙ අමුතු පෝන් වර්ගයක් කියල.

    ReplyDelete
  28. නැහැ මේක සාර්ථක ක්‍රමයක්.. පාරිසරික ශබ්ද ප්‍රමාණය වැඩි වූ විට අසන්නාට පැහැදිලව අසන්නට සැලැස්වීමට. හැබැයි හුගක් අය ඕක කරන්නේ සෝබනේට දැං

    ReplyDelete
  29. මීට අවුරුදු හතරකට විතර උඩදි මමත් මේකෙන් මොකක් හරි වෙනසක් වෙනවද කියල බලන්න පොඩි උත්සාහයක් කරා.. ඒත් අන්තිමේදි උනේ මගේ අතින් ෆෝන් එක බිම වැටිලා මට තව ගානක් කයිට් උන එක.. එදායින් මෙදායින් මං ඔය වැඩේ කරන්නේ නෑ.. විනාඩි කිහිපයක් වැඩියෙන් ගියත් කමක් නෑ කියල මං ඔය වගේ නතරකරලා දැම්මා..

    ReplyDelete
  30. ඉස්සල්ලාම සමාවෙන්න මේ තරම් ප්‍රමාද වෙලා මේකට මගේ අදහස ලියනවට.

    මම නම් හිතන්නෙ නෑ කවුරුවත් සෝබනේට හරි ඇඩ් එකට හරි ඔහොම කතාකරනව කියලා.
    ඒක ඇත්තටම Phone එකේ දෝශයක්. මම ගැහැණු ළමයෙක්. මම ' දැන්' Phone එකෙන් කතාකරන්නෙත් Phone එක අනිත් පැත්තට හරවලා (Display එක තියන පැත්ත පිටතට හිටින්න) මම ඉස්සරඑහෙම කතා කලේ නෑ. මෙහෙම කතාකරන්නෙ හරිම අපහසුවකින් වගේම ලැජ්ජාවකින්. ඒ වගේම ඔබේ මේ ලිපිය දැක්කා ඇත්තටම හරිම ලොකු කණඟාටුවක් දැනුනෙ.

    Nokia පොඩි කලු පාට Phone එක මම දැන්පාවිච්චි කරන්නෙ (ඔබ මෙතන දාල තියන Phone එකත් ඒ වර්ගය වගෙයි පෙනෙන්නෙ). ඒකෙ Volume උපරිමයටම වැඩිකලත් හරි විදියට පාවිච්චි කරනවනම් මට ඇහෙන්නෙ හරිම හෙමීට. ගෙදරදි, බොහොම නිදහස් වටපිටාවක පවා. හැබැයි අහල පහල ඉන්න අයට නම් ඇහෙනවා. ඒක කරදරයක්. ඒ නිසයි Phone එක අනිත් පැත්තට හරවලා කතාකරන්නෙ. කොටින්ම අවුරුදු තුනහමාරක් වෙන පුංචි පුතා පවා මට කියනව "නෑ නෑ පුංචි, ඔය පැත්ත නෙවේ අනිත් පැත්ත" කියලා. මම ඒක විකාර සහගත උනත් එහෙම කරන්නෙ දුරකතන සංවාදයේදී මම වගේම පොදු ස්තානයකදී නම් අනෙක් අයටත් වන අපහසුතාවය ගැන හිතලයි.

    ඒ නිසා මම නිවසේ තමන්ගෙ අය ළඟදි කොහොම කතා කලත් පොදු තැනකදි Callකරන්නෙ හරි Answer කරන්නෙ අත්‍යාවශ්‍ය නම් විතරයි. ගත්තත් ඉක්මනට සංවාදෙ ඉවර කරන්න බලනවා.

    මම දන්නෙ නෑ මොකද්ද මේ දෝශය හරියටම කියල. නමුත් ඒක Phone එකේ තාක්ෂනික දෝශයක්

     මම හිතනවා Phone එකකට ලඟටත් කන ළඟටත් ගෙනිහින් කතාකරන අයටත් සාදාරන හේතුවක් ඇති.

    මේ තරම් ඔය සිද්දිය දැකපු ඔබට, මට හිතෙනවා ඒ කලුපාට Nokia පොඩි Phone එකකින් ඇමතුමක් අරගෙන බලන්නත් හැකියාව ඇති කියල. ඔබ තේරුම් ගනියි මොකද්ද හේතුව කියලා. ඒ වගේම  ඔහොම කතාකරන හුඟක් අය පාවිච්චි කරන්නෙ ඔය Phone එක.

    මල් කැඩීම, රාජකාරි, පුද්ගලික, බරපතල , සරල හෝ මොනයම්ම දුරකතන සංවාදයකදි හරි අර Phone එක පාවිච්චි කරන පුද්ගලයෙක් එහෙම කතාකරන්නෙ Add එකටවත්, මෝඩකමට වත් නෙවේ. එයාට වෙන අපහසුතාවයෙන් වගේම ඔයාට ඊටත් වඩ ලොකු විහිලු සපයන්නෙක් වීමෙන් වැළකෙන්න.

    කිසිමතරහකින් නෙවේ මේ ලිවුවෙ. නමුත් ලොකු කණඟාටුවකින්. ඒ වගේම කමන්ට් නොකලත් මම ඔබේ Blog සටහන් සියල්ල කියවන කෙනෙක්. දිගටම ලියන්න. ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. මුලින්ම ස්තුති කරනවා කමෙන්ට් කරපු එකට. සමහර දේවල් නොදන්නා නිසා තමයි මම ලියන්නේ. අනෙක මේ ගැන මගේ ඔෆිස් එකේ ඉන්න අය අතර ඇති වෙච්ච සන්වාදෙත් හේතු වුනා ලියන්න. මේකට ලැබුණු කමෙන්ට් වලින් දැන ගන්න ලැබුණා බොහෝ විට මෙහෙම කරන්නේ දුරකථන වල තිබෙන දෝෂ නිසා කියලා. ඒ මගින් අපි වගේ හිතපු අයට දැන් හිත හදා ගන්න පුළුවන් අඩුම ගානේ ඒ ෆෝන් වල දුර්වලතාවක් කියලා.

      ඔයා කියන ෆෝන් එක මම දන්නවා. මමත් දැකලා තියෙනවා අනිත් පැත්ත හරවගෙන කථා කරනවා. නමුත් ඒකෙදී මට අර වගේ හන්ගීමක් ඇති නොවුනේ එතන තියෙන ප්‍රශ්නේ පැහැදිලි නිසා.

      හැබැයි මේ මාතෘකාවේ කතාව නම්, මම දැකලා තියෙනවා හොඳ ස්මාර්ට් ෆෝන් තියෙන අයත් මෙහෙම කරනවා. සමහරවිට පුරුද්ද වෙන්න ඇති.

      Delete
  31. මටත් ඔය වගේ දේවල් ඕනි වෙන්නේ නැ. මගේ Nokia 1200 එකේ එළකිරි වගේ මයික් එකක් තියනවා. ගව්වක් දුර තියල කිව්වත් පොන් එක අස්සේ ඉදන් කියනවා වගේ ඇහෙනවා.. ඒ මදිවට මම කියන එකත් මටම ඇහෙනවා.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...