Sunday, May 5, 2013

ආර්.ආර්. සමග කැසිනෝවකට .......

ඒ 1994 දෙසැම්බර් මස 31 වෙනිදා නොහොත් එම වසරේ අවසන් දිනයි. සාමාන්‍යයෙන් ගමේ සිටි කාලයේ දෙසැම්බර් 31 දින රාත්‍රිය ගත කරන්නට අපි යොදා ගන්නේ බෙන්තොට(තර) වෙරළයි. අපේ කණ්ඩායමට 6-10 අතර පිරිසක් එකතු වේ. රාත්‍රී 9 වනවිට බෙන්තර වෙරළට ගොස් පසුදා උදෑසන 2-3 අතර කාලයේදී නිවසට ලඟා වීම සාමාන්‍ය පුරුද්දයි. එහෙත් 1994 දෙසැම්බර් 31 වනදින සවස පහ වනවිට මා සිටියේ අපේ ගමට ආසන්නම නගරය වන අලුත්ගමයි.
පින්තුරය ගත්තේ : www.casinoonlinesites.com

එසේ අලුත්ගමට වී සිටින්නට හේතු කිහිපයක්ම විය. ඒ රිවරිනාවේ වැඩකළ මගේ අතිජාත මිතුරා වන සේනාරත්න මුණ ගැසීමටයි(මා රිවරිනාවේ රැකියාවෙන් ඉවත් වුයේ එම වසරේ අප්‍රේල් මස මුල් කාලයේදීයි. මේ වනවිට මා රැකියා විරහිතව සිටියෙමි). ඔහු නොමැති දිනක නම් චන්දන හෝ වික්‍රම මුණ ගැසේ. මා අදත් මේ අය නියම මිතුරන් සේ සලකමි. මන්ද කෙනෙකුට දුකේදී සිටින මිතුරන් ප්‍රමාණය අල්ප වීමය. එසේත් නොමැති නම් මගේ තවත් හොඳ මිතුරකු වන ලාල් (ලාල් ටේලර්ස් අධිපති) සහ විජිත් අයියා(ජීවතුන් අතර නැත) සමග ලාල්ගේ කඩයට වී සල්ලාපයක යෙදී සිටීමි. මේ කිසිත් නැතිනම් අලුත්ගම විද්‍යාල ක්‍රීඩාංගනයට ගොස් එහි සිටින ගාමිණී ප්‍රියන්ත, සමරේ අයියා, චබ්බා ඇතුළු පිරිස සමග ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුනෙමි.

එහෙත් මේ කියන 31 වෙනිදා සවස මා සිටියේ මගේ මස්සිනාට අයිති ව්‍යාපාර ස්ථානයේය. ඒ වනවිට එහි අනුර නැමති මගේ මස්සිනාගේ මිතුරාද විය. ඔහු එම වෙළඳ සැලේ කළමනාකරු ලෙස සේවය කරයි. කුමක් හෝ කාරණයකට මෙතනට  ආර්.ආර්. යනුවෙන් කව්රුත් දන්නා සූදු අන්තුවා ගොඩ විය. අලුත්ගම නගරයේ අය ඔහුත් සමග එතරම් සුහද ගනුදෙනුවක් කලේ නැත. සුදු සරමකින් සහ දුහුල් සුදු කමිසයකින් නිතරම සැරසී සිටින ඔහුගේ කරේ බොහෝ විට රත්‍රං චෙන් එකක්ද වේ. ඇඳ සිටින කමිසයෙන් විනිවිද ඔහුගේ බැනියම පවා පෙනේ. එය එතරම් දුහුල් කමිසයකි. අත්දිග කමිසයේ අත් දෙපොටක් පමණ නමා ඇත. ඔහුගේ උඩු තොල සහ නහය අතර කර ඇති ශල්‍ය කර්මයක ප්‍රතිපලයක් නිසා ඔහුගේ කතාව මුක්කම් ස්වභාවයක් ගෙන තිබේ. ඒ කතාව අසා හිනා නොවී සිටීමට හැක්කේ පුරුදු කාරයෙකුට පමණි. මුලදී ඔහු කියන්නේ කුමක්ද යන්න වටහා ගැනීමට පවා අපහසුය. ඔහුගේ එක කකුලක් අහිමි වී ඇත්තේ මන්දැයි කියන්නට කලාතුරකින් ඔහු මුණ ගැසෙන්නෙකු වූ මම නොදනිමි. ඒ වෙනුවට ප්ලාස්ටික් කකුලක් යොදා ඇත. එසේ තිබියදීද කඩිසර ගමනින් යන්නේ ඔහුගේ මුක්කං කටින් දොරේ ගලන්නා සේ වචන ගලා ඒමට සමගාමීවය.

ආර්.ආර්. යනු ඔහුගේ නමේ මුලකුරුය. ආර්.ආර්. යන්නේ තේරුම කියන්නට ඔහුවත් දන්නවාදැයි සැකසහිතය. මන්ද ආර්.ආර්. යනු අකුරු දෙකක් නොව වචනයක් බවට පෙරලී ඇති නිසාය. නිතරම විහිලු සහ අවකැපෙන වචන කියන්නෙකු නිසා ඔහු සිටිනා විට කවුරුත් ඔහුට කථා කරන්නට ඉඩ හැර බලා සිටී. ඔහුගේ මුළු ජීවිතයම කැසිනෝ සහ රේස් ඔට්ටු සඳහා ගතකල බව බොහෝ දෙනා පවසයි. නිතරම රේස් ඔට්ටු ජය ගැනීමේ කලාව ඔහු දවසක් විස්තර කළා

"මං මචං එචඥ කොම්පියුචර් ගාඥ මල්ලී අල්ඥ් ඉන්ඥ්. ඌච පොජි සිග්ඥාල් එකක් දුන්නම ඌ ජානවා මං කියඥ ඥොකියෝ"
ඔහු මේ කියන්නේ එතන සිටින පරිඝනක ප්‍රවෙශකයා අල්ලාගෙන ටිකක් ප්‍රමාද වී තමන්ගේ අශ්වයන් අල්ලන බවය. එය කරන්නේ අර ප්‍රවේශයාගේ පරිඝනකයේ වෙලාව වෙනස් කිරීමෙනි. ඔහු කවදත් මෙවැනි දේට දක්ෂය. එක් වරක් ඔහු ලක්ෂ තිස් ගණනක් කැසිනෝ වලින් දිනාගෙන ඇත. කවුරුන් හෝ දුර බලා දුන් අවවාදයක් නිසා ඔහුගේ දරුවාගේ නමින් ඉඩමක් සහ නිවසක් මිලදීගෙන ඇත. නැතිනම් ඔහුට එම මුදල විනාශ කරන්න ගත වන්නේ සතියක් නැත්නම් දෙකක් පමණි. එම ඉඩම විකුණන්නට බැරි වුනත් එම නිවසේ තිබෙන සියලුම කොටස් ගලවා විකුණා සූදු කෙල ඇත. එහෙත් කව්රුන් දුරදිග බලා දුන් උපදෙස නිසා ඔහුට ඉඩම විකිණීමට නොහැක.

මේ කියන දවසේ හවස පහ විතර වනවිට කොහෙන්දෝ පැමිණ ඔහු පාත් වනවිට එදිනට එම ව්‍යාපාරික ස්ථානය වසන්නට සුදානම්ය. හනි-හනිකේ පැමිණි ආර්.ආර්. දුරකථන ඇමතුමක් ගන්නා ලද අතර අප අමතා
"අජ නිඥම ගමඥක් යමුජ චපිල අයිඥේ. අජ කැෂිඥෝ යෙකේ කෑඥාම බීම ඥියමයි"
අන්තිමට අපි දෙදෙනාත්, අනුර අයියාත් ආර්.ආර්. සමග ගමනට එකතු වීමු. දැන් වාහනය කොළඹ දෙසට ගමන් කරයි. මා එදින දමාගෙන සිටියේ රබර් සෙරෙප්පු දෙකක්. මෙය දුටු ආර්.ආර්. වහාම දෙහිවල හන්දියේ වාහනය නවත්වා රුපියල් හත්සිය ගණනකට මට ලෙදර් සෙරෙප්පු කුට්ටම අරන් දුනි. මට පුදුමාකාර සතුටක් ඇති වුවත් එය නොපෙන්වන්න වග බලා ගතිමි. රාත්‍රී හත වනවිට ගෝල්ෆේස් අසල ඇති රිට්ස් නමැති කැසිනෝවට ගොඩ වන්නට අපිට හැකි විය. කළුතර හරියේදී මටත් අනුර අයියාටත් සාක්කුවට දමා ගන්නට රුපියල් 25,000 බැගින් දුන්නේ ඇයිදැයි වැටහුනේ එයට ඇතුලත්වී විනාඩි 10 ක් පමණ ගිය විටය. ඇතුල්වන දොරටුව අසලදී ආර්.ආර්.

මේ ඉන්ඥනේ මගේ කච්චියක්. කෝ ගඥ්ඥ මල්ලි ශ්‍යල්ලි.
මට තිබූ ගැටලුව මගේ මස්සිනාගේ සාක්කුවට ඔහු මුදල් නොදමුයේ ඇයිද යන්නයි. ඇතුල් වූ ගමන්ම අප අත බෙන්සන් පැකට් එක බැගින් තබන ලද අතර  මා වටපිට බලනවිට විවෘත කර එක සිගරට්ටුවක් මදක් ඇද තිබූ සිගරට් පැකට්ටුව තුලට යලිත් එම සිගරට්ටුව ඔබා සාක්කුවේ දමා ගන්නා අනුර අයියා දැක මමද ඉතා අපහසුවෙන් එම ක්‍රියාව අනුගමනය කලෙමි. මෙවිට මැද්දට පැන්න ආර්.ආර්.
යපි කාඥා යිමු ඥේද ?
කීය. අපද දෙවරක් නොහිතාම ඔහු පසුපස ගමන් ගතිමු. එහි රෙස්ටුරන්ට් එක තරු පන්තියේ හෝටලයක ඇති රෙස්ටුරන්ට් එකකට සමානය. සියළුම වර්ග වල මත්පැන්ද, බියර් වර්ග සහ වයින් වර්ගදඑයට ඇතුලත්ය. අනුර අයියා මෙවැනි තැන් වලදී පසුබට නොවන්නෙකි. මුලින් බ්ලැක් ලේබල් විස්කිද, පසුව පිදුරුතලාගල වන් බත් පිඟානක්ද පුරවාගෙන වාඩි විය. 

කෑමෙන් අනතුරුව අප ක්‍රීඩා කරන පෙදෙසට ලඟා වීමු. අපේ සාක්කු වලින් මොහොතකට පෙර ඇදගත් මුදල් වලට ලබාගත් ටෝකන් වර්ගය දාදු කැටයක් ආදාරයෙන් ක්‍රීඩා කෙරෙන මේසයකට ගොස් එහි ඔත්තේ වලට රුපියල් 20000 ක ටෝකන් තැබුවා නම්, ඉරට්ටේ අංකයක් වෙනුවෙන්ද තවත් 15000 තබන්නට ඔහු අමතක නොකළේය. මේ අමුතුම පාහේ ක්‍රීඩාව දුටු එහි සිටි අනෙකුත් විදේශිකයන් වහා එම මේසයෙන් ඉවත් වියා. ආර්.ආර්. යනුවෙන් ඔහු අමතා "ප්ලේ ස්ලෝලි" යනුවෙන් පැවසුවද, ඔහු ගෙනා සියලුම මුදල් එකම මේසයේ, එක් රවුමකට තබා අවසානය. 

ඔහු දෙපහ්ත්තටම ඔට්ටු ඇල්ලු බැවින් සුළු මුදලක් ජය ගත්තද, සමස්තයක් වශයෙන් ඔහු ගෙනා මුදලින් භාගයකට වැඩි කොටසක් පරාජය විය. මීළඟට ඔහු ලඟා වුනේ අර කෝවක් වැනි කැරකෙන යන්ත්‍රය තිබෙන තැනටය. ඔහු අත ඉතිරි වූ සියළුම ටෝකන් එහි අංකයක් වෙනුවෙන් ඔට්ටු ඇල්ලීය. මෙවර ඔහු අන්ත පරාජයක් ලැබීය. මේ අතර වාරයේදී තවත් සිගරට් පැකට් එකක් ගෙනවිත් අප අත තැබීය. මා එවරද එය අකුලා සාක්කුවේ දම ගතිමි. රුපියල් පනස්දාහක් විනාඩි කිහිපයක පරාජය වුවද, සත පහක ගානක් ඔහුට නොවීය. මේ අතර මගේ මස්සිනා එහි වූ වෙනස් මේසයක පුංචි ඔට්ටු තබමින් යම් ටෝකන් ප්‍රමාණයක් දිනා තිබුණි. 

මෙය දුටු ආර්.ආර්. ඔහුගෙන් රුපියල් පන්දාහකට සරිලන ටෝකන් ණයට ඉල්ලා ගෙන නැවතත් පෙර මෙසයටම ලඟා විය. පෙර පරිදිම එහි සිටි සියළුම විදේශිකයන් පැත්තකට විය. ආර්.ආර්. ට මේ කැසිනෝ වලට ආධුනිකයෙකු නොවන බව මා දැන සිටියත් ඔහු කියන කතා පම්පෝරි යයි කලින් සිතා සිටියද, මද වෙලාවක් යන විට ඔහු කවුද යන්න වටහා ගත හැකි විය. මෙහි සිටි බොහෝ දෙස්-විදෙස් සූදුකරුවන් ඉතා හොඳින් සැරසී සිටි අතර, අප සිතනා තරම් පහත් මට්ටමේ පුද්ගලයන් යයි සිතිය නොහැක. කොටින්ම එය රස්තියාදුකරුවන්ගේ තිප්පොළක් යයි සිතා සිටි මගේ අදහස සම්පූර්ණයෙන් වෙනස් විය. වැදගත් සිතිය හැකි, සහ සැමියා සහ බිරිඳ පවා එකට ආ අය විය. ඇඳ සිටි ඇඳුමෙන් බැලුවා නම් එතනට නොගැලපෙන පුද්ගලයා මා විය. එහි පැමිණ සිටි බොහෝ දෙස් විදෙස් සූදුකරුවන් සන්ද්‍යා උත්සව ඇඳුමෙන් සැරසී උන්හ.

නැවතත් තම අත වූ රුපියල් පන්දාහකට සරිලනට ටෝකන් ප්‍රමාණයම එකවිට ඔට්ටු ඇල්ලූ ආර්.ආර්. එවර ජය ගති. මා හැරී බැලුවේ අනුර අයියා කොහෙද කියායි. ඔහුගේ අත බලන හැම මොහොතකම විස්කි වීදුරුවක් විය. සමහර මොහොතක ඔහු සිටිනා අන්තය බැලු කල ඔහු නොවීය. සැනෙකින් මා බැලූවේ මස්සිනා සිටිනවාද කියාය. ඔහු සුපුරුදු ස්ථානයේ කුඩා ටෝකන් ප්‍රමාණයක් සමගය. තවත් වරක් අත ඇති සියළුම මුදල් ඔට්ටු ඇල්ලු ඔහුට, ණයට ගත් රුපියල් පන්දාහද, ඔහු ගෙන ආ රුපියල් පනස්දාහද බේරා ගැනීමට හැකි විය. මේ වනවිට අනෙකුත් මේස වල සිටි අයද ඔහුගේ වික්‍රමය බැලීමට මේ මේසය වෙත ලඟා වී තිබිණි. තවත් සුළු මොහොතකින් නව වසර උදා වන නිසා එහි රැස්ව උන් සියලුම දෙනා ඉන් එලියට ආහ. ඒ මල්වෙඩි සංදර්ශනය බැලීමටය.

එහි අයිතිකරුගේ පුත්‍රයා පසුගිය සතියේ මරා දමා ඇති බවද, එසේ නොවන්නට කදිම මල් වෙඩි සංදර්ශනයක් සහ ආහාර පාන මෙහි දැකගත හැකි යයිද ආර්.ආර්. හෙළි කළේය. මට තවමත් ගැටළුව වී ඇත්තේ රුපියල් පන්දාහකින් රුපියල් පනස්පන්දාහක් වට තුනකට අඩු ගණනකින් ඔහු දිනා ගත්තේ කෙසේද යන්නයි. අදටද මෙය මට මහා ප්‍රහේලිකාවකි. ඔවුන් ගෙවන ආකාරය ගැන නොදැන ඒ ගැන සිතීම නිෂ්ඵලය. තවත් සුළු මොහොතකින් සියලුම දෙනාට කෙටි ආහාර සමග තේ පැන් සංග්‍රහයක් ලබා දුනි.

රයිච් යපේ ගාඥ හරි, අපි ජමු.
කී ආර්.ආර්.ගේ විදානයට අවනත වූ අප සියලුම දෙනා ඊළඟට නැවතුනේ මුදල් ගෙවන කවුන්ටරය වෙතය. ගෙනා මුදල් ප්‍රමාණය නැවතත් රහස් සාක්කුවක සඟවා ගත් ඔහු, කපිල අයියා දිනා ඇති ප්‍රමාණය විමසීය. ඔහු රුපියල් තුන්දාහක් යොදවා රුපියල් දොළොස්දහස දක්වා එය වර්ධනය කරගෙන තිබුණි. ඔහු දිනූ මුදලින් රුපියල් දාහක් මගේ අත තැබීය. අනුර අයියාටද දාහේ කොළ කිහිපයක් ලබා දුන් අතර මේ ගමනෙන් වඩාත්ම ඵල නෙලා ගත් පුද්ගලයා ඔහු විය. ඔහුගේ වචන වලින්ම කියනවා නම්

"මම එතන ඉන්න ගමන් බෙන්සන් පැකට් 12ක් වාහනයට ගෙනත් දැම්මා, විස්කි ෂොට් අටක් දා ගත්තා"
සත පහක වත් වියදමක් නැතිව ඉහත දේ ලබා ගන්නට ඔහු වාසනාවන්ත වී ඇත. මටද එය බෝනස් දවසක් විය. හොඳ ආහාර වේලක් සමග රුපියල් දාහක් මගේ අතද විය. ඊට අමතරව ලෙදර් සේරෙපු යුගලක්ද ලැබිණි. සමස්තයක් වශයෙන් අපි කවුරුත් පරාජය වී නැත. ආර්.ආර්. ගේ ගේම් ඒ වාගේය. නමුත් හිටපු ගමන් මග තොටකදී ආර්.ආර්. මුණ ගැසුණු විට, බස් එකේ යන්නට රුපියල් පනහක් ඉල්ලා ගන්නා ඔහු කිසි දිනක ඒවා ආපසු ලබා නොදෙන අතර, ඔහුත් මමත් බස් රථයක එකම වෙලාවක ආවා නම් ටිකට් ගත්තේ ඔහුය. බම්බලපිටියේදී ඔහු මුණගැහුණු විටක කඩයකට කැඳවාගෙන ගොස් ඇති පදම් කන්නට බොන්නට අරන් දීම ඔහුගේ පුරුද්දය. ආර්.ආර්. සූදු අන්තුවෙකු වුවද ඔහු තුල හොඳ පරිත්‍යාගශීලී මිනිසෙකු විය.

 එවැනි ස්ථානයකට ජීවිතයට යන්නට කිසිදා බලාපොරොත්තු නොවූ මා, එහි ගිය එකම සහ අවසන් වතාව එය වුවද, එම අවස්තාව ගැන අදටත් කිසිදු පසුතැවිල්ලක් නැත. අද මෙසේ ඔබ සමග බෙදා ගන්නට එම අත්දැකීම ලැබීම සතුටට කරුණකි. නමුත් ඉන් පසුව කිසිම දිනක මා කැසිනෝවකට පය තබා නැත. ඔබද යා යුතු නැත. මන්ද එය මිනිසුන් එක් රැයකින් හිඟන්නන් කරවන අරුමු පුදුම යන්ත්‍රයක් බැවිනි. එම ස්ථාන වල සේවය කරන සේවකයන්ට එම ක්‍රීඩාව වගේම ටෝකන් හැසිරවීම ගැන ඇත්තේ මනා නිපුනාතාවකි. පසුව එවැනි තැනක සේවය කල මගේ මිතුරකුගෙන් දන ගත්තේ එක රැයකට රුපියල් තිස් හතලිස් දාහක් වැනි මුදලක් සන්තෝසම් වශයෙන්ම සොයා ගත අවස්ථා ඇති බවය. නමුත් දිගින් දිගටම පරාජය වුවහොත් රැකියාව අහිමි වීමේ අවදානම ඇති බවද ඔහු පැවසීය. මේ ස්ථාන පාඩු ලබනවා නම් ඔයතරම් මහේශාඛ්‍ය ලීලාවෙන් ඕවා ක්‍රියාත්මක වන්නේ නැත.

ආර්.ආර්.ගේ වචන උච්චාරණය ඒ අකාරයෙන්ම මෙහි සඳහන් කලේ ඔහුට පරිභව කරන්නට නොව, මෙය කියවන ඔබට ඔහු ගැන නිවැරදි චිත්රයක් මවා ගන්නටය. 

64 comments:

  1. The House Always Wins
    කැසිනෝ යන අයට මෙගා සයිස් එකෙන්ම කැසිනෝවක් ඉස්සරහට ලැබෙන්න යන්නේ . කැසිනෝ විතරක් නෙවෙයි , කොයි සුදුවත් මිනිහෙක් අයහපතට මිසක් යහපතට හේතු වෙන්නේනෑ

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ඔන්න බුවටයි මටයි එකඟ වෙන්න පුළුවන් දෙයක් තියෙනවා. :)

      Delete
  2. සමහරක් මිනිස්සුන්ගේ රස්සාව ඕකනේ සුදීක , වෙන රස්සාවක් කරන්නැ , සූදුව තමයි රස්සාව

    ReplyDelete
    Replies
    1. අපිට කියන්න පුළුවන් ඕක නරකයි කියලා විතරමයි.

      Delete
  3. අනේ මන්දා මට වුණ වැඩේ හරියටම තෙරුන් නෑනේ.

    ReplyDelete
    Replies
    1. මටත් තාම එහෙම තමයි. ඒත් මට කාලා බීලා පොඩි ගානක් හම්බ වුනානේ. D. ඒ කාලේ හැටියට ඔහොම තැනකට යනවා කියන්නෙත් මහා ලොකු වැඩක්. ජෝ සිම් කියලා කෙනෙක් ප්‍රේමදාස රජය කාලේ ලංකාවේ ලොකු ආන්දෝලනයක් ඇති කල කාලෙට පසු යුගය. අර ජැක්පොට් එහෙම තහනම් කළා මතකනේ.

      Delete
    2. ඒ තහනං කරපු ජැක්පොට් තාමත් තැං තැං වල තියෙනව.

      Delete
    3. අල්ල දෙමු. :)

      Delete
  4. කැසිනෝ පාඩුනම් පවතින්න විදියන් නැහැනේ. ඕනම දෙයකට ඇබ්බැහි වෙන වැඩේ මේකට ඇබ්බැහි උනත් වෙනවා. මම දන්න පවුලක් ඉන්නවා ආගමට ඕනවට වඩා ඇබ්බැහි වෙලා මුලු සේසතම පන්සල්වලට දීලා නැති භංගස්ථාන වෙලා ගිය. ඒ අම්මා අද ඉන්නේ පිස්සන් කොටුවේ.

    ReplyDelete
    Replies
    1. එතන ආගමට නෙවෙයි ඇබ්බැහි වෙලා තියෙන්නේ භක්තියට.

      Delete
  5. machan mama thamai bellagiocolombo.com web site eka kale. eke photo shoot ekakata ekata giya. Ethana food and beverages okkama free. Okkama supurima standard eken denawa. Ehema wiyadam karalath eke income eka dawasatakata 20M withara wenawalu. :O

    ReplyDelete
  6. ලොකු ලොකු කට්ටිය කැසිනෝ ගහනව වගේම පොඩි පොඩි කට්ටිය රේස් ඔට්ටු අල්ලන එකත් රස්සාව කරගත්ත මිනිස්සු ඉන්නව. මටත් ඔය ප්ලාස්ටික් කෑලි වලිං ඔය සෙල්ලම කරන්නෙ කොහොමද කියල තේරෙන්නෙ නෑ. සමහර වෙලාවට හරියන්න පුලුවං ඒ වගේම හැම‍දේම නැතිවෙන්න යන්නෙත් පොඩි වෙලාවයි.

    විස්කි ගැන කතාකරන්න තහනංනෙ. :D

    ReplyDelete
    Replies
    1. තේරුම් ගන්නත් එපා. තේරුනොත් අපිට මෙතන කමෙන්ට් දාන්න කෙනෙක් නැති වෙනවා. විස්කි වලට වෙච්ච දේ ඊළඟ පොස්ට් එකකින් දාන්නම්.

      Delete
  7. මම නම් කිසිදා නොකරපු, කිසිදා කරන්න අදහස් නොකරන දෙයක් තමයි බං සූදුව. ඔය මිනිස්සුන්ගේ මොටෝ එක, "ලිඳට වැ‍ටුන මිනිසා ලිං කටින්ම ගොඩ ආයුතුය කියන එකනේ."
    එතකොට "මම ලිඳේ නම්, ලිඳ මගේ නම්, කාටවත් ඇයි වේදනා," කියන්නේ ඒකෙම අලුත් වර්ෂන් එක වෙන්නැති නේද?

    ReplyDelete
    Replies
    1. ලිඳ හාරාගෙන තව තවත් ඇතුලට යාම මිස එලියට ඒමක් නැත. මම සහභාගී වුනේ නිරීක්ෂණ මට්ටමින්.

      Delete
  8. ඔබ හොඳ රසවින්දනයක් ලබා තිබෙනවා සුදීක. නමුත් මට කියන්න පොඩි කාරණයක් තියනවා.

    දැනට කලකට ඉහතදී මට යන්නට ලැබුණා අඳ ගොළු බිහිරි පාසල බලන්න රත්මලානේ. එදා එහිදී අපට ඒ අය පිලිබඳ දේශනයක් අහන්න ලැබුණා. එහිදී සඳහන් කල එක දෙයක් තමයි, කිසිදු හේතුවක් නිසාවත්, කිසිදු පුද්ගලයකුගේ, දෘශ්‍යාබාධ, ශ්‍රව්‍යාබාධ, කථනාබාධ, චාලක හැකියා ආබාධ, පිළිබඳව ඔවුන්ව උසුළු විසුළු වලට ලක් නොකරන ලෙස. අදටත් මගේ සිතේ එය තදින්ම රැඳී තිබෙනවා. මගේ මිත්‍රයෙක් ඉන්නවා ගොත ගසන. අපේ සමහර අය ඔහුට විහිලු කරනවා. මම ඔහු සමග කතාකරන්නේ කිසිදු වෙනසක් නොපෙන්වමිනුයි. දවසක් ඔහු මට කිව්වා 'අයියේ මමත් ආසයි අයියලා වගේ වේගයෙන් කතාකරන්න. නමුත් මම මොනවා කරන්නද?' කියලා. පේනවා නේද ඔවුන් හිතෙන කොච්චර දුක් විඳිනවා ඇද්ද කියලා.

    මම ඔබව අපහසුතාවයට පත්කිරීමේ අදහසින් නෙවෙයි මේ ටික ලිව්වේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මමත් කිසිම කෙනෙක්ගේ අඩුපාඩු ඔවුන් ඉදිරිපිටදී දක්වන්නේ නෑ. වෙනසක් නොදක්වා තමයි ඔවුන් එක්ක ගනුදෙනු කරන්නේ. නමුත් මෙතන කියවන අය වෙනුවෙන් මම ටිකක් වැඩිපුර හිතලා තමයි ඔය දෙබස් ඒ විදියට අකුරු කලේ. මට හුඟක් අයව අනුකරණය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක වරදක්ද මන්ද ? ඒත් ඒ අයට අපහාසයක් නොවන්නැයි මම ඒ දේ කරන්නේ. එයින් පවක් වනවාද කියා මා දන්නේ නෑ.

      Delete
    2. සුදීක, හේතු දෙකක් හින්දා මම හිතනවා ඔබ මේ වචන ටික සාමාන්‍යය විදිහට ලිව්වනම් හොඳයි කියලා.

      1. ඔබ මුලින්ම සඳහන් කළානෙ ඔහු කතා කරන්නෙ මුක්කන් විධිහට කියලා. ඒ හොඳටම ඇති පාඨකයට ඉතුරු ටික හිතා ගන්න. මෙහෙම ලිව්වම නිකන් ඒ අයට අපහාසයක් වෙනවා වගේ මට හිතෙනවා.

      2. අපිටත් හරි අමාරුයි ඒවා කියවලා තේරුම් ගන්න.

      Delete
    3. සිරස නමා වූ වරද පිලිගනිමි. නිවැරදි කල යුතුද ?

      Delete
  9. සූදු කෙළලා දිනපු එකෙක් නෑ.. මමනම් ලොතරැයි ගන්න එකත් අතෑරියා, ඒකත් සූදුවක් නිසා. ආර් ආර් කිව්වම මම බැලුවා ආර් ආර් සමරකෝන්වත්ද කියලා. :D

    ReplyDelete
    Replies
    1. මමත් ලොතරැයි ගන්නේ නෑ. ජීවිතේට අරන් තියෙන්නෙත් 10 කට අඩු ගණනක්. දෙයියනේ ආර්.ආර්.සමරකෝන් කියන්නේ කොතරම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්ද?

      Delete
    2. මම කිව්වෙ මාතෘකාව දැක්කම මට හිතුන දේ සුදීක. එතකොට මම කතාවෙ අන්තර්ගතය දන්නෙ නෑනෙ..

      Delete
  10. මොන තරම් හොඳ මනුස්සයෙක් උනත්, සූදුවට ඇබ්බැහි උනොත් නම් විනාස වෙනවා.
    මට මතක් උනේ චිත්‍රපටියක චරිතයක්!

    ReplyDelete
    Replies
    1. මොකක්ද චිත්‍රපටිය ?

      Delete
  11. සූදුවෙන් දිනන අයගේ සල්ලි හුඟක් වෙලාවට වියදම් වෙන්නෙත් ඒ විදිහට තමයි. වියදමට ලොස් නෑ. ඒත් ඉතින් ගොඩ ඒමකුත් නෑ. මොක වුනත් සුදීක අයියට දුර්ලභ අත්දැකීමක් විඳින්න ලැබිල තියන්නේ නොමිලේ ම.. නෑ ගෙවීමකුත් එක්ක.. :)

    ReplyDelete
    Replies
    1. මේකත් අර ඔයාගේ නිධාන කතාවේ අයට වෙන දේ වගේම තමයි.

      Delete
  12. සුදුව කියන්නේ සල්ලි පමණට වඩා තියන අය‍ට සල්ලි වියදම් කරන්නත් සල්ලි නැති අය හම්බ කරගන්නත් පුළුවන් ක්‍රමයක් නමුත් දැන් වෙන්නේ එකේ අනිත් පැත්තනේ මම කැසිනෝ වලට ගිහින් තියනවා සෙල්ලම් කරන්න නෙමේ යයාළුවොත් එක්ක විනොදෙට දැන් නම් ඔය කියපු සෙල්ලම් දාන්න බැ අඩුම ගානේ 50 ක් වත් ප්ලේ කරන්න ඕනි කන්න බොන්න හම්බ වෙන්න ඒ හම්බ වෙන්නෙත් ප්ලේ කරන කෙනාට විතරයි මම කැසිනෝ ගිය හැම දවසෙම උනේ යාළුවන්ට බැන බැන ගෙදර එක්කගෙන ආපු එක

    ReplyDelete
    Replies
    1. ඒත් දුප්පත් අයත් මේවට යන එක තමයි දුක.

      Delete
  13. මම දන්න උන් ඉන්නවා සූදුව රස්සාවට කරන්නේ උන් මහ ලොකු ගානක් පරදින්නෙත් නෑ රස්සාවක් කරන්නෙත් නෑ පුල් කිට් ගහලා බූරුවා පොලේ ඉන්නේ,,,එතනින් ගානක් හොයා ගෙන ගෙදර යනවා,,කොහොමත් ලෝභයෙක් කවදාවත් සූදුවට යන්නේ නෑ,,සූදුවට යන බහුතරය සල්ලි වටේටම බෙදන්නෝ තමා දිනලා ඉන්න දවසට වටේටම බෙදන එක තමා ගොඩක් උන් කරන්නේ

    ReplyDelete
    Replies
    1. එහෙනම් එයාල අතරේ අන්‍යොන්‍ය සහයෝගයක් තියෙනවා.

      Delete
    2. මම දන්න තුන් දෙනෙක් ඉන්නවා . රාගම පැත්තේ ''ලෙවල්'' නැතුව සමාජය ආසරය කරන කෙනෙක් දැක්කොත් කියයි එක්කෙනෙක්ගේ නම කියපුවහම අනික් දෙන්නා , එකෙකුට වයස 38යි . අනිකට මට වගේ 34යි. අනිකට දැන් 29ක් විතර ඇති . එය තුන්දෙනා වෙන රස්සාවක් කරන්නැ . බූරුවා ගහන එක තමයි රස්සාව . සමහරක් වෙලාවට එය තුන් දෙනා දවස් දෙකක් තැනක් ගමේ නැ .ලංකාව වටේ යනවා , ලංකාවේ කොහේ හරි බූරුවා ගහන කෙනෙකුට ගමේ නම එක්ක එය නම්තුන කියලා දන්නවද ඇහුවොත් අනිවා දන්නවා, බස් එකේ ගිහිල්ලා වාහන අරගන ගෙදර එනවා රත්තරන් පොරවගෙන , ඒ වාහනේම ගිහින් පහුවදාට එනවා සිකරට් එකක් ගන්ඩ සල්ලි නැතුව , කරුමේ බං කරුමේ, හැබැයි ඉතින් සුද්දො වගේ තමා වියදම , ( ඕකුන් තුන්දෙනා ස්කයිප් කරන්ඩ වත් නෙට් නොයෙනවා ඇති කියලයි බය නැතුව මේක මෙතන කෙටුවේ , නැත්තං මට හොද වැයින් දෙක තුනක් අහ ගත්ත හැකි)

      Delete
    3. අටා ජාඇල,රාගම,වත්තල පැති වල ඉන්නවා සුපිරි බූරු අන්තුවෝ එහෙම නේද?

      Delete
  14. මාත් ලොතරැයි මිලදීගන්නේ නෑ.මට මතකයි අපේ ගමෙත් එකෙක් ජැක්පොට් මැෂින් 2 ක් ගෙනවිත් ගමේවුන්ගේ පොකට් එකට විද්දා ...

    ReplyDelete
    Replies
    1. ඔය කොයි කාලේ වගේද ? ඕක නම් වසංගතයක්.

      Delete
  15. සූදුවෙන් ඉඳලා හිටලා දින්නට සාර්ථක වෙච්ච මිනිහෙක්ව නම් මම දැකලා නැහැ.අස්වයන්ට ඔට්ටු අල්ලන අය ගාව කොයි වේලෙත් සල්ලි නැහැ හම්බෙන කීය හරි අරන් උන් යන්නෙත් බුකියට.

    ReplyDelete
    Replies
    1. සූදුව කියන්නේ ඕකනේ මල්ලි. කීයක් හම්බ වුනත් හිතට මදි. තව දිනන්න පුළුවන් කියලමයි හිතෙන්නේ.

      Delete
  16. අර මහගම සේකර මහත්තයද කොහෙද ලියලා තියෙන්නේ "සුදු අන්තුවා" කියලා කෙටි කතාවක්... ඒක මතක් උනා සුදික අයියේ.. තාම ගිහින් නෑ මේ වගේ තැනකට... ගිහින් බලන්න හිතෙනවා දැන් නම්...

    ReplyDelete
    Replies
    1. පොත බැලුව එක නම් හොඳයි. උඹට පිස්සුද කවදාවත් යන්න එපා.

      Delete
  17. 2-3 parak giya..ayamat yana asawak tiyanawa.
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. සංජීව කරුණාකරලා ඒ අදහස අත ඇර ගන්න. එහෙම ගියාට පස්සේ ඔයාට තව වතාවක් යන්න හිතුනොත් ?

      Delete
    2. piliganawa Sudeeka Ayya. mama kamati Play karnawata wada anit dewal enjoy karana.
      Jayawewa.

      Delete
  18. කාලෙකට ඉස්සර සිරසෙ ගියා තිත්ත ඇත්ත හරි මොකක් හරි කියලා වැඩසටහනක් කිංස්ලි මෙහෙයවන. ඒකෙදි කතා කරන පුද්ගලයාගේ අනන්‍යතාවය නොපෙනෙන්න ඔලුව වහලා තියෙන්නෙ කලු රෙද්දකින්. දවසක් ඔය කැසිනෝ එහෙක වැඩකරන පුද්ගලයෙක් ආවා. ඇවිත් වැන්දෙ නැති එක විතරයි මිනිස්සුන්ට ඕවට එන්න එපා කියල කියන්න!

    ReplyDelete
    Replies
    1. තිත්ත ඇත්ත මමත් හරි ආසාවෙන් බලපු වැඩසටහනක්. එහෙම කෙනෙක් කිව්වොත් තමයි පිලි ගන්නේ. මේ රටේ ඕවට යන ප්‍රමාණය ඉතාමත් අල්පයි.

      Delete
  19. සෙන්නට වගේ මටත් මතක් උනේ සමරකෝන්ව.. (සමරකෝන් ගෙම්බා නෙමෙයි..) ඔව් සුදුව කොහෛාමත් හොදා ඒකේ අයිතිකාරයට විතරයි.. අර සෙන්න කිව්වා අනිත් කතාවටත් එකගයි. මුක්කං... අළුත්ගම විද්‍යොලේ කියන්නේ ස්ටේසම ඉස්සරහ තියෙන පිට්ටනියද

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒ පිට්ටනිය තමයි.

      Delete
  20. ටෙනිසන් පෙරේරාගෙ "භවාන්තරය" කියවල තියෙනව ද ? අන්න ඒ නවකතාවෙ තියෙනවා සූදු අන්තුවෙකුගේ ගමන් මගත් - ඉරණමත්....!

    ReplyDelete
    Replies
    1. ඒකත් මේ පාර ප්‍රදර්ශනෙන් ගන්නම්.

      Delete
  21. ලංකාවට ගිය වෙලාවක චිත්‍රපට කැමරා ශිල්පියෙකුගේ හදිසි මරණය දැනගත් විගස ඔහුගෙ නිවසට ගොස් විස්තර කතා කොටමියගිය අයගේ බිරිදගේ මල්ලි අත ඉලක්කම් හතරක මුලට 5 අතේ තිබුන ලෙසට දුන්න වැඩවලට ගන්න කියල.
    පස්සෙ දැනගත්තෙ මස්සිනාගෙ මිනිය ගෙදර තියෙද්දී මේක ඔය කොල්ලුපිටියේ පැත්තෙ කැසිනෝ එහෙකට දුන්න ගාන පුජා කරල කියල.

    ReplyDelete
    Replies
    1. බලන්න ඔය වගේ මිනිසුන්ට මොනවා කරන්න බැරිද ?

      Delete
  22. මොනවා වුනත් සුදීක ලබාපු අත්දැකීමනම් බොහෝම වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඒකෙ වටිනාකම දැනුනේ බ්ලොග් ලියන්න ගත්තට පස්සේ.

      Delete
  23. සෙන්නාගේ මුක්කන් කාථවට මාත් එකගයි...
    ඔබේ නිහතමානී කම ගැනත් සතුටුයි......
    ඉස්සර පොඩි කාලේ අපි අවුරුද්දට කැට ගැහුවා....එකත් සුදුවක් කියලා දැන් හිතෙනවා......
    ඒ කොහොම උනත් පහුගිය දවස්වල කැසිනෝරජෙක් ඇවිත් තිබුනේ.....
    මේකත් ලාස්වේගාස් වාගේ කරන්නද දන්නේ නැ හදන්නේ රට.....

    ReplyDelete
    Replies
    1. වේගයෙන් වෙනස් කරන්න පුළුවන් රටක්නේ. හැබැයි අපේ අය අතේ යහමින් ගැවසෙන්නේ නැති එක හොඳයි.

      Delete
  24. මම ලංකාවෙදි කවදාවත් ඔය වගේ තැනකට නොගියත් මෙවර විදේශගත වුනාට පස්සෙ ඔය අත්දැකීම ලැබුවා...කියලා වැඩක් නෑ...ඒ ගැන පෝස්ට් එකකින්ම කියන්නම්.. ජය !

    ReplyDelete
    Replies
    1. එහෙනං අපිට තවත් දැනුම පුළුල් කර ගන්න පුළුවන්.

      Delete
  25. ලංකාවේ ප්‍රසිද්ද ගායකයෝ නළුවෝ හම්බවෙන්න ලේසිම තැනක් තමයි කැසිනෝ කියන්නේ ,සල්ලි නැතුව හිදුනම සල්ලි ඉල්ල ඉල්ල පස්සෙන් එනවා දැක්කම තමයි මුන්ගේ ප්‍රසිද්දිය කන්නද කියලා හිතෙන්නේ . මම නම් අපේ උන් එක්ක ගියහම කරන්නේ හොදට කන එකයි බොන එකයි තමයි ,අපිට මොන සූදුද ?

    ReplyDelete
    Replies
    1. ඒත් ඒ වගේ එන අයව එයාලා නෝටිස් කරන්නේ නැතිද ?

      Delete
  26. දැන් ලංකාවට එන සුද්දෝ වුණත් රැ පහන් කරන්න තෝරගන්නේ කැෂිනෝ හලක්.. එතැන දී කැම බීම සේරම ලැබෙනවා.. පාන්දර වෙන්න ඇලට් එකකුත් දාලා එලිවුණාම යනවා.. හෝටලයකට ගෙවන ගාන ඉතිරියි.. ඔන්න සුද්දන්ගේ වැඩ. මේවා කැෂිනෝ කාරයෝ දැන් දන්නවා..

    ReplyDelete
    Replies
    1. හහ් හොඳ හොයාගනීමක්. ලියන්නකෝ හොඳ රිපෝර්ට් එකක්.

      Delete
  27. මටනම් ඔය කැසිනෝ නයිට් ක්ලබ් කියන දෙකම දිරවන්නේ නැහැ. ආර් ආර් කියන්නේ මාරු පොරක්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මටත්. මගේ ඒ කාලේ වයස නිසා ගියා මිසක්. දැන් නම් හිතන්නේ වත් නෑ. ඌ මාර පොරක් තමයි.

      Delete
  28. ආර් ආර් තාමත් එනවා නිතරම වගේ කොල්ලුපිටියේ ස්ටාර්ඩස්ට් එකට

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...