Thursday, April 4, 2013

බොරු නැත්තෙමය මහතුන් පැවසු තෙපුල ... III

එක්තරා ගොළු මනුස්සයකුගෙන් එයාගේ යාලුවෙක්(කථා කරන්න පුළුවන්) දැනට අවුරුදු දහයකට විතර කලින් අහලා තියෙනවා එයා කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද කියලා. එතකොට ඒ ගොළු මනුස්සයා හස්ත මුද්‍රාවෙන් කියාලා තියෙනවා මාවන් අතපත්තු කියලා. කොහොමද කිව්වේ ? ඔන්න උත්තරේ හොයන්න ඔයාලට බාරයි.

ඔබ දන්නවා නේ මම මේ දවස් වල ඉන්නේ කොහේද කියලා ? ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ. ඔය ලෝක ප්‍රසිද්ධ මාධ්‍යවීදීන් වාඩි වෙලා වැඩ කරන පුටු මේස පරිහරණය කරන්න ඔයාලත් එක්ක බ්ලොග් ලියන මේ සුදීකටත් චෑන්ස් එක ලැබුනා. ඒ තනිකරම බ්ලොග් ලිවිල්ල නිසා. ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්ථමාන සහ හිටපු ක්‍රීඩකයන් වගේම ජාත්‍යන්තර ක්‍රීඩකයන් බොහොමයක් සමග ඇසුරු කරන්න ලැබෙනවා. ඉතිං මම වගේ ක්‍රිකට් අසනීපයකින් ඉන්න කෙනෙකුට ඒක මොන වගේද කියලා කියන්න වචන නාස්ති කලොත් අපරාධයක්. අද ඉන්දියාවත් ඔස්ට්‍රේලියාවත් අතර තිබ්බ ක්‍රිකට් තරගයේ වීරයා වෙච්ච ජාස්කරන් සිං වෙත කුසලානා ලබා දුන්නේ, ලංකාවෙන් බිහි වෙච්ච අග්‍රගණ්‍ය පිතිකරුවෙක් ලෙස ලෝක ක්‍රිකට් ප්‍රජාව පිලි ගන්න මාවන් අතපත්තු මහතාගේ අතින්. එහෙම කෙනෙක් ආපු ගමන් නදීර උඩවත්ත මගේ සහෘද්ධයා මගෙන් අහනවා ඉන්ටර්වීව් එකක් ගන්නවද කියලා. මම තවම එපා කිව්වේ එකම එකයි.

ඉතිං මාවන් එක්ක කථා කරන්න ලැබෙන එකේ වටිනාකම මේ මාතෘකාවෙන්ම කියල තියෙනවා. ඔන්න එහෙනම් මාවන් එක්ක කරපු සම්මුඛ සාකච්චාව කියවන්න



මට දැනගන්න පුලුවන්ද එක දිගට ටෙස්ට් ඉනිම හයකම ෆේල් වෙලා, ඉන් පස්සේ ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන හැම රටකටම එරෙහිව ටෙස්ට් ශතකය ගානේ වාර්තා කරන්න ආත්ම ශක්තිය හදා ගත්තේ කොහොමද කියලා ?
මං හිතන්නේ අත්දැකීමුත් එක්ක ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරලා, මං ඉස්සෙල්ලම පාසලෙන් ආපු ගමන් තමයි ජාතික කණ්ඩායම නියෝජනය කෙරුවේ. ඒ එනකොට තිබුණු අත්දැකීමුයි මම තරග වාර කීපයක් ක්‍රීඩා සමාජයට, එස්.එස්.සී.  ක්‍රීඩා සමාජයට තරග කරයින් පස්සේ තිබුණු අත්දැකීම් අතර ලොකු වෙනසක් තිබුණා. ඉතිං මං හිතනවා ඒ අත්දැකීම් තමයි මට පිටුවහලක් වුණේ ඊට පස්සේ ලකුණු රැස් කරන්න. 
 

සාජා වලදී පලවෙනි එක්දින ශතකයට යන්න මම දැක්ක අරවින්දත්  බොහොම ලොකු සටනක යෙදිලා තමයි ඒ ශතකයට ගියේ. ඒක මොන වගේ අත්දැකීමක්ද මුලින්ම ශතකයක් ලබනකොට ?
මුලින්ම ශතකයක් ලබනකොට මම හිතන්නේ මොන ෆොර්මැට් එකේ වුනත් පලවෙනි ශතකය හරිම අමාරුයි ලබා ගන්න. ශතක ලබාගන්න ක්‍රමය පිතිකරුවෙක් වශයෙන් මම දන්නැති හින්දා. හැබැයි එක ශතකයක් ලබා ගත්තට පස්සේ, ඊට පස්සේ ශතක ලබන විදිය, ලකුණු ලබා ගන්නා ආකාරය, ඒ ක්‍රමය තමන් දන්නා හින්ද ටිකක් ලේසි වෙනවා. ලබා ගැනීම ලොකු සතුට ඒ වගේම ලොකු අත්දැකීමක්. ඊට පස්සේ තමන් රස කරන ලකුණුත් එක්ක සංසන්දනය කරලා බලද්දී පලවෙනි එක තමයි අමාරුම ශතකය.
 

එතකොට 200යේ, මම බලාපොරොත්තු වුණේ 200යේ රෙකොර්ඩ් එකත් දෙවෙනියටවත් නතර වෙයි කියල. ඒ ගැන මොකද හිතෙන්නේ ?

එක අවස්තාවක ඇත්ත වශයෙන්ම මටත් එහෙම හිතුණා. මොකද මට හිතුණා, මට ලකුණු දහයක් ගහනවට වඩා දෙසීයක් ගහන එක ලේසියි කියලා. අර මං ඉස්සෙල්ල කිව්වා වගේ අර මේ පුරුද්දකට ගියාම මම දන්නවා කොහොමද ගහන්න ඕනේ, කොච්චර වෙගේකින්ද? , ටෙස්ට් මැච් එකේ කොයි අවස්ථාවෙද ලකුණු රැස් කරන්න ඕනේ, කොයි වෙලාවෙද කියන එක මගේ අර ඇඟට - සිස්ටම් එකට එනවා. මටත් හිතුනා ඇත්තටම එහෙම. හැබැයි ඉතිං අවාසනාවකට වගේ, ඒ තත්වය ... මට දෙක - තුනක් මිස් වුණා. මට හිතෙනවා මට දහයක් නම් ගහන්න තිබ්බ කියලා කොහොමටත්. ඒ අවස්තාව, මට හිතෙනවා ක්‍රීඩාවේ අවිනිශ්චිතභාවය වෙන්න ඇති ඒ තත්වය මට උදා කර ගන්න බැරි වුණේ. 


දැන් පුහුණුකරුවකුගේ භූමිකාව විදියට කොහොමද? පුහුණුකරුවෙක් අනිත් ක්‍රීඩකයන්ව දිරිමත් කරනවා වගේ  දේවල් කරන්නේ

ඔව්. මං හිතන්නේ මං දැනට මගේ කාර්යභාරය වෙලා තියෙන්නේ ජාතික කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු වශයෙනුත් උප පුහුණුකරු වශයෙනුත් මගේ කාර්යභාරය වෙලා තියෙන්නේ දැන් ඉන්න ක්‍රීඩකයන්ට. දැන් ඉන්න පිතිකරුවන්ට විශේෂයෙන්ම එගොලන්ට එග්ලොලන්ගේ හැකියාව අනුව ඒගොල්ලන්ගේ හැකියාවන් තව දියුණු කර ගන්න අදහස් මම යෝජනා කිරීමක් සෑහෙන දුරට කෙන්රෙන්නේ මොකද ඒ වගේ  ස්ථාන දුරකදී මට ක්රීදයෙක්ගේ තාක්ෂණික මට්ටම හදන්නවත්, එහෙමෙ ටිකක් අමාරුයි, ඒගොල්ලන්ගේ මානසික මට්ටමයි, එගලොල්ලන්ගේ හැකියාවන් එක්ක තව ඒගොල්ලන්ට කරන්න  පුළුවන් දේවල තව ඒගොල්ලන් දැකපු නැති පැති යෝජනා කිරීමක් තමයි මම සෑහෙන දුරට කරන්න බලන්නේ. ඉතිං ඒ යෝජනවල් හොඳ වෙන්න පුළුවන්, නරක වෙන්න පුලුවන්, හොඳ ඒවා ගන්න පුළුවන්, නරක ඒවා යන්න දෙන්න පුළුවන්. මොකද මේ ලෙවල් ඒකේ, ඒ තත්වයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට, ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කරන ක්‍පිතිකරුවන්ට ඒක තමයි වෙන්න ඕනේ. හරි අමාරුයි තාක්ෂණික වශයෙන් හදන්න හරි අමාරුයි.
ටෙස්ට් තරගයකදී ලකුණු 200ක් ගහන්න වැඩියෙන්ම ඔන්න වෙන්නේ තාක්ෂණයද නැත්නම් ප්‍රවේගකාරී බවද ?


මං හිතන්නේ තාක්ෂනය තමන්ට ශක්තියක් වෙනවා. තමන් දන්නවනම්, දැන් අපි කියමු නිදසුනක් විදියට අපිට තට්ටු තිහක බිල්ඩිමක් ගහන්න ඕන වුනහම අපට බිල්ඩිම ගහන්න පටන් ගන්න පුළුවන් ඔක්කොම තියෙන සල්ලිත් එක්ක, ගහගෙන යන්න පුළුවන්. හැබැයි අපිට ඔය ෆවුන්ඩේෂන් එක ශක්තිමත් නැත්නම්, ඔය කියන තට්ටු ගාන, තට්ටු තිහ වෙන්න පුළුවන්, හතලිහ වෙන්න පුළුවන් අපට ගහ ගන්න අමාරුයි. ඉතිං අපට තාක්ෂනය කියන එක අපට, තාක්ෂනය පිලිබඳ අපේ ශක්තියක්, ඒක පිලිබඳ අපේ විශ්වාසයක් තියෙනවා නම්, ඒ ලකුණු රැස් කිරීම පිලිබඳ අපිට ගැටළුවක් මතුවෙනවා අඩුයි, මොකද අපිට ඒ තාක්ෂනය තියෙන බව මං දන්න හන්දා. තාක්ෂනය නැත්නම් මට ඒ තාක්ෂනය ගැන හිතන්නත් වෙනවා ලකුණු රැස් කිරීම ගැන හිතන්නත් වෙනවා. ඉතිං තාක්ෂණයේ තියෙන වටිනාකම ඒකයි. 
 මාවන් එක්ක තවත් බොහෝ දේ කථා කරන්න තිබුණත්, කාලය හරස් වීම නිසා ඉතා කෙටියෙන් එම සාකඡ්චාව හමාර කරන්න සිදු වුණා. 

31 comments:

  1. එළ! ලේසියෙන් ලැබෙන චෑන්ස් එකක් නෙවේ ලැබිල තියෙන්නෙ. හැබැයි මට ඔයවගේ එකක් ලැබුනොත් මම අතීතය අමතක කරල අහන්නෙ වර්තමානය ගැන.

    ReplyDelete
  2. කිසිම මාධ්‍යකින් අහපු නැති දිගුකාලීනව මට තිබුණු ගැටලු තමයි ඉදිරිපත් කලේ. වර්තමානයට එනකොට කාලය හරස් වුණා.

    ReplyDelete
  3. ගොලුව අතපත්තුව පෙන්නුවේ කොහොමද කියලා තාම හිතනවා.. අතේ පත්තුවක් බැඳල ඉන්නවා පෙන්නුවද?

    ReplyDelete
    Replies
    1. (මා+වන්+අත+පත්තු) = (තමන්ව පෙන්වීම + 1 + අත පෙන්වීම + ගිනිකූරක් පත්තු කරන ඉරියව්ව)

      Delete
    2. මේ උත්තරය 75% ක් හරි.

      Delete
    3. පත්තු කියලා පෙන්නන්නේ අත වටේට පත්තුවක් ඔතන ආකරය පෙන්නන එකෙන් :D

      Delete
  4. මාවන් පුහුණුකරුවකු ලෙස එතරම්ම සර්ථක වුයේ නැතිද.....?
    චාමර සිල්වාගේ පැමිණීමත් සමගින් නේද මාවන්ට කණ්ඩයමේ තමන්ගේ ස්ථානය අහිමි වුනේ?

    ReplyDelete
    Replies
    1. ඔහු මෙතන පුහුණුකරුවකුට වඩා කරන්නේ උපදේශක තනතුරක්.

      Delete
  5. දැන් ක්‍රීඩා වලටම බැස්සාද?

    ReplyDelete
    Replies
    1. ලබන සඳුදා ඉඳල පුරුදු තැනටම එනවා.

      Delete
  6. හොඳ අවස්ථාවක්. මම මේ එකම ක්‍රීඩකයෙක්වත් ලඟට දැකලා නැහැ.

    මාවන් කියල පෙන්නුවේ. මා(තමාව පෙන්වමින්,වන්(එක ඇඟිල්ලක් පෙන්වමින්),අත(අතක් පෙන්වමින්),පත්තු(වෙමුම් පටියකින් ඇත වෙලා ගෙන ඉන්න විදිය පෙන්වමින්)

    ReplyDelete
    Replies
    1. මේ උත්තරයත් 75% හරි.

      Delete
  7. සුදීක අයියා ගැන මට ඉරිසියාවක් ඇති උනාද මන්දා ? අනගි අවස්ථාවක් අයියට ලැබුනේ.මවන් නිහතමානී මිනිසෙක්.

    ReplyDelete
  8. මේක ශ්‍රී ලංකා ක්‍රිකට් නිල බ්ලොග් අඩවිය විදිහට නම් කෙරුවානම් හරි! මොකෝ ඒ වෙබ් ඒකටත් වඩා මේකේ තොරතුරු තියනවා!

    ReplyDelete
  9. මාවන් ගියේ මොන ඉස්කෝලෙටලුද? :)

    ReplyDelete
  10. cricket gana danima / unanduwa "0". ea unta post kiyawanawa.
    Jayawewa.

    ReplyDelete
  11. ජය වේවා. ලඟදිම හම්බුවෙමු.

    ReplyDelete
  12. මාවන්ව මටත් වරක් මුණ ගැහුනා... මාවන් අහක බලාගත්ත, මාත් ඉතිං අඳුනගත්තෙ නෑ වගේ හිටියා. ඒ අවස්ථාව අනුව ඒක තමයි මට කරන්න තිබ්බ සුදුසුම දේ.

    ReplyDelete
    Replies
    1. හෙක්.. මාත් අනන්තවත් දැකල තියෙනවා ඒත් දැක්කේ නෑ වගේ පොර යනවා.. හිකිස්...

      Delete
    2. එක ප්‍රසිද්ධ අය ගොඩකට තියෙන ප්‍රශ්නයක්. එයාලත් ආසයි අපි වගේ සාමන්‍ය විදියට සමාජයේ සැරිසරන්න.

      Delete
  13. ඇවිද්ද පය දහස් වටී කියන්නේ ඕකනේ හසන්ත් මහත්තයෝ (වැරදුනා බොල සුදීක මහත්තයෝ)

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල ඇවිදිනවා අඩුයි දේශක මහත්තයෝ.

      Delete
  14. මම කැමතියි ගොළුවා මාවන් අතපත්තුගේ නම කියපු ක්‍රමය කියන්න.
    මුලින්ම තමාව පෙන්වනවා.

    දෙවනුව ඒක අැගිල්ලක් ඔසවනවා.

    තෙවනුව අත ඔසවා පෙන්වනවා.

    සිව්වනුව අැගිලි දහයම පෙන්වනවා.
    හරිද මන්ද?
    අපට හිටපු දකෂ පිතිකරුවෙක් වගේම හොද පන්දු රකින්නෙක්. තොරතුරු ගෙනඅාවාට ස්තුතියි.

    ReplyDelete
  15. ඔබ ගැන ඉතාම සතුටුයි සුදීක.
    සුදීක,අපේ රාජ් මලයට ඔබට කරන්න පුළුවන් උදව්වක් කරල දෙන්නකො.සමහරවිට එයත් ප්‍රේමසර,පාලිත කෙනෙක් ද දන්නේ නැහැනෙ.

    ReplyDelete
    Replies
    1. කොයි රාජද ? රාජ්ලා දෙන්නෙක් ඉන්නවනේ.

      Delete
  16. අපෙ ඉස්කෝලෙ ආදිශිශ්‍යයෙක් .. එකම දවසක් දැකල තියෙනවා.. හිනා වෙලා ගියා :)

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...