Sunday, April 7, 2013

ඉතියෝපියානු සිංහ සීවලීය ....

පැහැරගෙන ගොස් තලා පෙලා විවාහයට බලකරන ලද දොළොස් හැවිරිදි දැරියක් සිංහයන් තිදෙනෙකු විසින් ආරක්ෂා කරන ලද අරුම පුදුම පුවතක් ඉතියෝපියාවෙන් වාර්තා වේ. ඇය පැහැරගත් පිරිස මෙම සිංහයන් විසින් පලවා හැර ඇති බව පොලිස් නිලධාරියෙක් පවසයි.
පින්තුරය ගත්තේ : http://booredatwork.com

සතියක පමණ කාලයක් ආගිය අතක් ගැන හෝඩුවාවක් නොවූ මේ දැරිය, පිරිමින් හතකගෙන් යුත් කණ්ඩායමක් ගෙන ගොස් ඇති අතර ඉන් එක් අයෙකු හා විවාහ වන ලෙස බල කරමින් පහර දී ඇති බව සාජන් වොන්ඩිමු වෙඩාජෝ ඉතියෝපියාවේ අඩිස් අබා නගරයට හැතැප්ම 350 පමණ වයඹ දෙසින් පිහිටා ඇති ප්‍රාදේශීය නගරයක් වන බීටා ගැනට් සිට දුරකතනයෙන් පැවසීය.

පොලීසිය සහ ඥාතීන් ඇය බීටා ගැනට් අවටින්  සොයා ගන්නා විට කිහිප වතාවක්ම මේ පිරිස ඇයට පහර දී තිබූ අතර, වරුවක් පමණ සිංහයන් තිදෙනා ඇය ආරක්ෂා කර තිබූ බව පොලිස් නිලධාරියා පැවසීය.

"අපට ඇය හමු වන තුරු ඔවුන් ඇය ආරක්ෂා කළා, ඉන් පසුවයි ඔවුන් ඇය හැර වනයට පියමං කළේ."
ඇයගේ ගැලවීමට සිංහයන් නොපැමිණියේ නම්, ඇයට දරුණු ඉරණමක් අත් වන්නට ඉඩ තිබුණි. බොහෝවිට සිදුවන්නේ මෙවැනි දැරියන් දුෂණය කර දරුණු ලෙස වද හිංසා පැමිණවීමයි.

පළාත් පාලන ආයතනයක නිලධාරියෙක් වන ටිලහන් කස්සා තහවුරු මෙය කළා වොන්ඩුමුගේ විස්තර කරන ආකාරයේ සිදුවීමක් බව. එම පිරිමින් කාණ්ඩයට වුමනා වුයේ ඉන් එක් අයෙක්ට මෙම දැරිය විවාහ කර දීමට.

"සියල්ලෝම සිතන්නේ මෙය යම් ආකාරයක ආශ්චර්යයක් කියලා. ඒ සිංහයන් සාමාන්‍යයෙන් මිනිසාට පහර දෙන නිසා" වොන්ඩුමු පැවසුවා.

ග්‍රාම සංවර්ධන අමාත්‍යංශයේ වනජීවී විසේසඥයකු වන ස්ටුවට් විලියම් මහතා පැවසුවේ
"ඇය බේරෙන්නට ඇත්තේ පහරදීම නිසා ඇතිවූ කම්පනයෙන් හඬමින් සිටි නිසා" බවයි. 
 "දැරියගේ ඉකි බිඳීම සිංහයන් එය සිංහ පැටවකුගේ හැඬුමක් යයි වරදවා තේරුම් ගැනීම නිසා ඇය ගොදුරු කර නොගන්න ඇති"
විලියම් තව දුරටත් පැවසුවා. 
ඉතියෝපියානු සිංහයන් ඔවුන්ගේ මලගියා පියවරුන් ලෙසේ ඔවුන් විශ්වාස කරනවා. ඒ වාගේම ඔවුන්ගේ   ජාතික සංඛේතය වන්නේද මෙම සිංහයන්. මෙම සිංහයන්ගේ පිළිම ඉතියෝපියාවේ ඉදි කර ඇති අතර මුදල් නෝට්ටු වලටද සිංහ රුපය එකතු කර තිබෙනවා. ඉහත මට්ටු වීම නොසලකා ඉතියෝපියානු දඩයක්කරුවන් සිංහ දඩයමට පෙළඹෙනවා.  ඒ එක් හමක් සඳහා ඇමරිකානු ඩොලර් 1000 ක් පමණ ලැබෙන නිසා. විලියම්ගේ ඇස්තමේන්තුව අනුව දැන් ඉතියෝපියාවේ සිටින්නේ සිංහයන් 1000ක් පමණයි.

හතරදෙනෙකුගෙන් යුත් පවුලක බාල දැරිය මෙම රඳවාගෙන කල පහරදීම නිසා ඇති වූ කම්පනය සහ තැතිගැන්මෙන් පසු වුවා. පහරදීම නිසා ඇති වූ කැපුම් සහ තැලුම් වලට ප්‍රතිකාර ලබා දීමට සිදු වූ බව වොන්ඩිමු පැවසුවා.


 පැහැරගැනීමේ කණ්ඩායමෙන් හතරදෙනෙක් පොලීසියට කොටු වී ඇති අතර තිදෙනෙක් තවම සොයා ගැනීමට තිබෙන බවද ඔහු පැවසුවා.

දැරියන් පැහැරගැනීම අතීතයේ සිට ඉතියෝපියාවේ විවාහ චාරිත්‍ර වලම කොටසක්. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ඉතියෝපියානු විවාහ වලින් 70% ම මේ ආකාරයේ පැහැරගැනීම් කර සිදු කර ඇති බවයි. මිලියන 71ක් වන රටේ ජනගහනයෙන් වැඩි කොටස ජීවත් වන ගම්බදව වැඩියෙන්ම මේවා සිදුවනවා.

ඇසුරෙන් පරිවර්තනය කර ඇත. 


43 comments:

  1. තිරිසනුන් මිනිසුන් කරන වැඩ කරද්දී මිනිසුන් තිරිසන් වැඩ කරන එකනේ වැඩේ. මේවගේ දුර්ලභ නිව්ස් එකක් කියවන්න සැලස්වුවට ස්තුතියි Redbull Leage එකේ තත්වේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඉන්දියාව තමයි කප් එක ගත්තේ. එක කොල්ලෙක් ඉන්නවා ජාස්කරන් සිං සොහි කියලා, මේ නම මතක තියා ගන්න. ඒ කොල්ලා බැට් කරනකොට යුවරාජ් දකිනතින් ගහනවා වගේ. කවදා හරි ඉන්දියන් ටීම් එකට එන්න ඕනේ.

      Delete
  2. මේ කතාව ඇහුවාම සුප්පා දේවිගේ කතාව ඇත්ත වෙන්ට ඇති කියලා හිතෙනවා. සිංහයාටත්, සුප්පා දේවි ලස්ස්න සිංහ කෙල්ලක් වගේ පේන්ට ඇති. මේ වගේ දේවල් ලෝකේ තාම සිද්ධවෙනවා කියන එකටත් සතුටක් දැනෙන්නේ.

    ඇත්තටම සුදීක මේ දවස්වල ගෙදර එන්ට වෙලාවක් තියනවද?:)

    ReplyDelete
    Replies
    1. බොහොමයක් දවස් වල 12.00 පහු වෙලා ආවේ. මම මේ පැය දෙකකින් ඇහැරුණා, අද බැංකුවේ අවුරුදු උත්සවේ.

      Delete
  3. ඉතාලියෙනම් සිංහයා බියගුලු සතෙක් කියලලු කියන්නෙ.. සුදීක අයියාගෙන් Time Management ඉගෙන ගත්තොත් හොදයි වගේ..

    ReplyDelete
    Replies
    1. පිරිමි සතා කොහොමත් කම්මැලියි කියලා තමයි අහලා තියෙන්නේ. Class එකක් ඇරෙන්ජ් කරන් කියන්න. :)

      Delete
  4. පුදුමයි . සොබාදහමේ ඔවැනි ආශ්චර්යයන් ඇසීම සතුටක් . විසිඑක්වෙනි සියවසේදීත් ගැහැණු ළමයින් බේරාගන්න සිංහයින් එන්නම ඕන ., එයයි කනගාටුව .

    ReplyDelete
    Replies
    1. ඇත්තටම් එය කියවා අවසන් වූ පසුව ඇති වන්නේ ලොකු කම්පාවක්.

      Delete
  5. ඔබේ ලිපියකට පිළිතුරක්:

    සිංහල බ්ලොග් අවකාශයේ ස්වර්ණමය යුගය අවසන් ද: සුදීකට පිළිතුරක්

    http://nidhahasa.wordpress.com/2013/04/04/1-11/

    ReplyDelete
  6. සිංහයන්ට තියෙන වැඩ :D

    ReplyDelete
    Replies
    1. ලංකාවෙත් මෙහෙම වෙනවා නම් හොඳයි.

      Delete
  7. මට තවම කියාගන්න දෙයක් එන්නේ නෑ අප්පා,, :O :O :O

    ReplyDelete
    Replies
    1. ඔව්. මේකට හරි උත්තරයක් එන්නේ නෑ.

      Delete
  8. යකෝ! කෙල්ලෝ පැහැර ගන්නවා කියන්නේ විවාහ චාරිත්රයේම කොටසක්ලු???? පිස්සු බම්ප් වෙන චාරිත්‍රයක්නේ බොල!!!!! ලංකාවට එහෙම ආවොත් බඩුම තමා!!!!

    ReplyDelete
    Replies
    1. එහෙම වුනොත් කෙල්ලෝ එකතු වෙලා නාඩියාව උස්සයි. අනේ මට මැවිලා පේනවා.

      Delete
  9. හරි පුදුම වැඩක නේ ......

    ReplyDelete
    Replies
    1. මේ වගේ දේවලුත් ලෝකේ වෙනවා.

      Delete

  10. හරි පුදුම දේවල් තමයි සුදීක ..අනේ මෙන්න මේ වගේ
    ඒවා ලියන්න සුදීක..

    ReplyDelete
    Replies
    1. හමු වෙන විදියට තමයි ලියන්නේ.

      Delete
  11. මිනිසුන් තිරිසනුන් වෙනකොට, තිරිසනුන් මිනිසුන් වෙලා..

    ReplyDelete
  12. හිතාගන්නත් අමාරුයි.

    ReplyDelete
    Replies
    1. බෞද්ධයෙකුට මේවා තේරුම් ගන්න ලේසියි.

      Delete
  13. විශ්මයජනක කම්පනය ගෙනෙන පුවතක්.

    ReplyDelete
  14. සිංහය විතරක් නැතිව,මෙලෝ සතෙකුට දරාගන ගන්න බැරි මිනී මරන්න විතරක් ගන්න කඩුව කොඩියට දාගෙන,ලෝකෙන් උතුම් රට සිරි ලංකාවයි කිව්ව නිසා වෙන්න ඇති ලක් ජනතාවට ජනයාට මෙතරම් සනීප.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි මම හිතනවා හසිතගේ ශීක් වරුන්ගේ ආගම ගැන ලිපි මාලාව කියවන්න ඇතියි කියලා. ෂීක් වරුනුත් අහිංසකව ඉඳලා, ඔවුන්ට සිදු වුනු පහර දීම් නිස්ස තමයි ඔවුන් කඩුව සම්බන්ධ කර ගන්නේ. අපේ ඉතිහාසයේත් මෙවැනි ආක්‍රමණ තිබෙන නිසා, ඒ මත ගොඩ නැගුනු දෙයක් වෙන්න පුළුවන්. දැන් සිංහ කොඩිය ඇන්ද නම T56 ක් තමයි දෙන්න වෙන්නේ සිංහයා අතට.

      Delete
  15. මිනිසා තිරිසනා වෙන කොට... තිරිසන්නු මිනිස්සු වෙන එකවත් කොච්චර දෙයක්ද

    ReplyDelete
    Replies
    1. ඔවුන්ත් වෙන ආත්මයකදී මිනිසුන් වී ඉන්න ඇති. ඉතිං ඒ ගුණයන්ගෙන් කොටසක් හෝ තවමත් ඔවුන් තුල ඇති.

      Delete
  16. මිනිසුන්ට වඩා තිරිසනුන් උසස් වෙලා..

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්න ඕනද ? ආඩම්බර වෙන්න ඕනද ? කියල හිතා ගන්න අමාරුයි.

      Delete
  17. Replies
    1. මේ වගේ සිංහයෙක් වෙන එක තමයි වැදගත්.

      Delete
  18. සිංහ කොඩිය ගත්ත අපේ රටෙ (බලු) සිංහයෝ තමුන්ගෙ දූවරු දූෂනය කරනවා.. පුතා හැට හැවිරිදි අම්මාව දූශනය කරනවා. ඒ අතින් අපි තිරිසනුන්ට අන්තයි.. උන් කවදාවත් ඔය වැඩේ බලෙන් කරන්නෙ නෑනෙ..

    ReplyDelete
    Replies
    1. සිංහයා අතීත සිංහලයන් තෝරා ගන්න ඇත්තේ ඔවුන් තුල තිබෙන මෙනන්න මේ වගේ ගති ලක්ෂණ නිසා. දැන් නම් ඉතිං වල් බල්ලෙක් ගානට වැටිලා.

      Delete
  19. මේක අදහගන්න බැරි කතාවක්, බං. :-O

    ReplyDelete
    Replies
    1. අදහන්න බැරි වුනත් සතුටු වෙන්න පුළුවන්.

      Delete
  20. සුදු වැන් වලින් ආරක්ෂා කරන සිංහයොත් ඉන්නවද ?

    ReplyDelete
  21. මිනිස්සු තිරිසන් ගති පෙන්වන විට තිරිසන් සත්තු මිනිස් වෙස් ගන්නවා. මේක තමයි ඇත්ත තත්වය. මේ ප්‍රවෘත්තිය වෙබ් අඩවි ගනනාවක ප්‍රචාරය කරග තිබුණත් මම එතරම් උනන්දුවක් දැක්වූවේ නෑ. ඒත් ඔබ ලියු සටහන දැකල තමයි ඒවා කියවන්නත් හිත ගියේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දයා.

      Delete
  22. කරුණාකරලා ඊ මේල් මෙව්වා එක පොඩ්ඩක් දන්වන්න.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...