Sunday, April 28, 2013

රජදහනියෙන් කොග්ගලට ....

රජදහනි එක්ස්ප්‍රස් යනු තවදුරටත් ශ්‍රී ලංකාවේ හෝ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ආගන්තුක සේවාවක් නොවේ. එය තවමත් එහි මුලික අවධිය පසු කරමින් ගියත්, දැන් බොහෝ දෙන මේ සේවාව භාවිතා කරනවා. රාජධහනි යනු ශ්‍රී ලංකා දුම්රිය සේවයට අයත් අත් හැර දමා තිබණු දුම්රිය මැදිරි කිහිපයක් නවීකරණය කර සුඛෝපභෝගී තත්වයට ගෙනැවිත් යම්කිසි මිලක් ගෙවා සේවාවක් ලබා ගත හැකි අයට සපයන සේවාවක්. ඇත්තටම මෙය සමාගම දෙකක් මගින් ක්‍රියාත්මක වනවා. අනෙක් සේවාව එක්ස්පෝරේල් එයත් රාජධාහනියට දෙවැනි නොවන සේවාවක්. මෙය කොළඹ බදුල්ල මාර්ගය, කොළඹ ත්‍රිකුණාමයාල මාර්ගය, කොළඹ වව්නුයාව මාරගයන්හී ක්‍රියාත්මක වනවා.

මෙම සේවාවන් දෙක පිලිබඳ දිගු විස්තරයක් කිරීමට අවශ්‍ය නොවන්නේ, ඔවුන්ගේ වෙබ් අඩවි වල "අ" යන්නේ සිට මේ පිලිබඳ තොරතුරු අඩංගු වන බැවිනි. මේවාගේ සමාන සේවාවන් සැලකිල්ලට ගතහොත් මෙම සේවාවන් දෙකෙහිම දුම්රිය මැදිරි වායුසමනය කර ඇත. වයි-ෆයි අන්තර්ජලා පහසුකම් ඇත. එහෙත් ඔබගේම ඩොන්ගලය හෝ ජංගම උපකරණයේ ඇති අන්තර් ජාල පහසුකම භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ. මා එසේ පවසන්නේ මගේ මුල්ම රජධාහනි අත්දැකීමත් සමගය. බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ගමන් ගන්නා දුම්රියට අපි ඇල්ලෙන් ගොඩ වීමු. රාජධාහනි සඳහා අන්තර්ජාල හවුල් කරු වන්නේ මොබිටෙල් ආයතනයයි. නමුත් කඳුකර ප්‍රදේශ වලදී එක ලෙස ශක්තිමත්ව සිග්නල් නැත. එනිසා වරින් වර බාදා සිදු වේ. නමුත් මා පසුගිය සිංහල අවුරුදු සමයේ ගමේ යාම සඳහාද මෙම සේවාව භාවිත කලෙමි. මුහුදුබඩ මාර්ගයේ සිග්නල් පිලිබඳ ගැටළුවක් නැත.

මා තවමත් එක්ස්පෝරේල් සේවාව භාවිතා කර නැත. නමුත් එයද භාවිතා කිරීමට ඉතා කැමැත්තෙන් පසු වෙමි. ඔවුන් ඩයලොග් ආයතනය සමග එක්ව අන්තර්ජාල පහසුකම් සපයයි. මෙම දුම්රිය මැදිරියේ තිබෙන තවත් එක් අනර්ඝ සේවාවක් වන්නේ සාම ආසන දෙකක් සඳහාම විදුලි සැපයුමක් සපයා තිබීමයි. ඔබගේ ලැප්ටොප් පරිඝනකය, ජංගම දුරකථනය චාජ් කර ගැනීම සඳහා මෙය කදිම අවස්ථාවකි. ඉතාම දැකුම්කලු ඇතුලත අලංකරණයකින් මෙම මැදිරි සමන්විත වේ. රාජධාහනිහී ආසන ලෙදර් වලින් නිමවා ඇත. එය ඔබට අවශ්‍ය පරිදි සකසාගෙන, විවේකීව ගමන් කල හැක. එය ඉතාම සුවපහසු ආසන බව සඳහන් කල යුතුමය. වායු සමනයට අමතරව අවශ්‍ය නම් සිවිලින් පංකාද භාවිතා කල හැක.

මෙම සේවාවන්හී රුපවාහිනි සවි කොට ඇති අතර ඒවායේ නිරතුරුව කුමක් හෝ චිත්‍රපටයක් විකාශණය කරයි. අවශ්‍ය නම් ඔබට කැමති චිත්‍රපටයක් ඉල්ලා සිටිය හැක. නමුත් අනෙකුත් මගීන්ගේ කැමැත්ත මේ සඳහා අවශ්‍ය වේ. එහෙත් ඔබට මග දෙපස නරඹන්නට දේ අනන්තය. කඳුකර මාර්ගය මේ සඳහා විශේෂය. මුහුදුබඩ මාර්ඝයේද ඉතා දැකුම්කළු ස්ථාන වේ. එක්ස්පෝ රේල්හී මා දකින විශේෂත්වය නම් ඔවුන් ඔබට කෑම වේලක් සහ පුවත්පත් ලබා දීමයි. රජදහනිහී ආහාර පාන ඔබ මිලදී ගත යුතුයි. ඒවායේ මිලගණන් සාධාරණ ඒවා වේ. 

මේවාහී ආසන වෙන් කර ගැනීමේදී කුඩා ගැටළුවක් ඇත. ඒ ඔබ අන්තර්ජාලයෙන් ලබා ගන්නා වෙන් කිරීමේ මුද්‍රිතය මොබිටෙල් ආයතනය වෙත ගොස් නැවතත් මුද්‍රණය කර ගත යුතු වීමයි. ඇත්ත වශයෙන්ම එය මගියාට සිදු වන අපහසුතාවකි. ඒ වාගේම මේ සේවා සපයන්නාට ඇණවුම් අඩු වීමට හේතු වන්නකි. මා තවමත් එක්ස්පෝ රේල් ආසන වෙන් කරගෙන නොමැති හෙයින් ඒ පිළිබඳව වැඩි යමක් කීමට නොදනිමි. අවශ්‍ය නම් මේ සේවා දෙකම ජංගම දුරකථනය මගින් වෙන් කරවා ගත හැක. ඒ රජදහනි මොබිටෙල් සමග සහ එක්ස්පෝ රේල් ඩයලොග් දුරකතනයකින්. 

ගාස්තු වෙන් කිරීම අතින් එක්ස්පෝ රේල් සේවාව ඉදිරියෙන් පසු වේ. ඔවුන් ළමුන් සඳහා වෙනම ගාස්තු දක්වා ඇතත් රජදහනි එවන් පහසුකමක් සපයන්නේ නැත. අනෙක් කාරණය එක්ස්පෝ රේල් විවිධ දුම්රිය ස්ථාන වලට වෙනස් ගාස්තු දක්වා තිබීමෙන් ඔබගේ අවශ්‍යතාව මත ගමන සැලසුම් කිරීමට පහසු වීමයි. රජදහනි තරමක් දුරට මේ අවස්ථා වෙන් කිරීම කර ඇත. 

මේ සටහන තැබීමට හේතු වුයේ, රජදහනි සේව්වාව මීට පෙරද භාවිතා කොට තිබුණත්, අද අප දෙපාර්තමේන්තුවේ වාර්ෂික චාරිකාව පැවැත්වෙන දිනය වූ නිසාය. මගේ දියණිය සුපුරුදු පරිදි නිවාඩුව ගත කරන්නේ බෙන්තොටය. මේ සඳහා ගමන් ගත් බස් රථ සියල්ල දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් යාම නිසා ඇය කැඳවා ගැනීමට වෙනත් විකල්පයක් උවමනා විය. කොග්ගලට යන චාරිකාවට ඇය එක් කර ගැනීමට මට ඉතා ඕනෑකමක් තිබුනත් එක් විටක එම අදහස අත් හැර ගන්නට සිතුයේ ඇයගේ වම් ඇසෙ නගනයක් තිබෙන බව දන ගැනීමෙනි. නමුත් බෙහෙත් සමග ඇය කැඳවාගෙන යාමට හැකි බව සොහොයුරිය දැනුම් දුන්නේ ඊයේ හවසය. ඒ වනවිට සවස 6:30 පමණ වන්නට ඇත. මා මුලින්ම අන්තර්ජාලය පීරා සේවුයේ ඒ වනවිට විවෘතව පවතින මොබිටෙල් කාර්යාලයක් තිබේද යන්නයි. එවිට් හිල්ටන් හෝටලයේ තිබෙන කාර්යාලය මධ්‍යම රාත්‍රිය දක්වා විවෘතව තිබෙන බැවින් දෙවරක් නොසිතාම ආසන වෙන් කර ගතිමි. ඊළඟට එම කාර්යාලයට ගොස් මුද්‍රිතය ලබා ගතිමි.

මා දෙහිවලින් දුම්රියට ගොඩ වූ අතර, දියණිය බෙන්තොටින් එක් කර ගතිමි. ඉතිං මා ලැබූ මේ අත්දැකීම ලබන්නට ඔබටද අවස්ථාව ඇත. ඔබ කාර්යබහුල මොහොතක විවේකයෙන් ඔබගේ ගමරට බලා යන්නට. විදේශයක සිට පැමිණි ඔබට තදබදයකින් තොරව එහා මෙහා යන්නටත්. දුරබැහැර විවාහ මංගල උත්සවයකට යාමටත්. අසනීප තත්වයෙන් පසුවෙන කෙනෙකු ගමනක් කැඳවාගෙන යන්නටත් මෙය කදිම අවස්ථාවකි. නමුත් එදිනෙදා භාවිතයට නම් මෙය මිල අධික විසඳුමකි. හදිසි අවස්ථාවකදී මිලට වඩා පහසුව වටිනවා නොවෙද ?





60 comments:

  1. බදුල්ල යන දුම්රිය නම් මොක වුනත් ගොඩක් ප්‍රමාදයි...ඒ ප්‍රමාදය හදන්න ඕනි කමක් කාටවත් නැහැ වගේ පේන්නෙ..මුහුදුබඩ මාර්ගෙනම් පස්ට...
    අලුතින් හදපු නිසා ඉක්මන්ට යනවා...

    ReplyDelete
    Replies
    1. බදුළු මාර්ගයේ ප්‍රමාදය නිකං ඒ ගමනෙම කොටසක් වගේ. හැබැයි මේ වගේ පෙට්ටියක නම් කරන්න දෙයක් තියෙනවා.

      Delete
  2. අහලා තිබුනට මේ මගින් ගමන් කරලා නම් නෑ. දෙකම බැලුවාම හරිම පසුවෙන් ගිය හැකි, නවීන, දැකුම්කලු, ප්‍රවාහන සේවයන් බව පෙන්නුම් කරනවා. යන, එන ගමන් බ්ලොග් කියවන්ටත්, කමෙන්ට් කරන්ටත් පුලුවන් වීම කොච්චර එක්කද?:)

    ඊලඟ වාරේ ලංකාවට ආවාම කඳුකරයටත්, මුහුදුබඩ ප්‍රදේශයටත් දෙකටම මේ මගින් ගිහින් බලන්ට ඕනේ. දැනුවත් කිරීමට ස්තූතියි සුදීක.

    ReplyDelete
    Replies
    1. හොඳයි ඉදිරියේදී මේ සේවාවල් තවත් පුළුල් වෙයි කියලා මම හිතනවා.

      Delete
  3. යන්න ඕන කොහොම හරි මමත්,

    ReplyDelete
    Replies
    1. ගිහින් බැලුවට පාඩු නෑ.

      Delete
  4. කොලඹ ඉඳන් බදුල්ලට ගාස්තුව කීයක් විතර වෙනවද සුධීක අයියේ?

    ReplyDelete
    Replies
    1. රජදහනි එකේ කොළඹ බදුල්ල 1750 යි. එක්ස්පෝ රේල් 2250 යි (ආහාර සහිතව)

      Delete
  5. මටත් කොළඹ ඉඳල බදුල්ලට යන්න ආසාවක් තියෙනව. බලමු ට්‍රයි එකක් දීල.

    ReplyDelete
    Replies
    1. ජීවිතේ ඒක පාරක් හරි යන්න ඕනේ ගමනක් ඒක. ඒත් ඒක එක්ස්පෝ රේල් නෙමෙයි සාමාන්‍ය නැරඹුම් මැදිරියේ යන්න පුළුවන් නම් තමා වටින්නේ ඒක එච්චර ගනන් නැහැ ඒත් බුක් කරගන්න නම් ලේසි නැහැ සීට් තියෙන්නේ පොඩි ගානක් නිසා.

      Delete
    2. අම්මෝ නැරඹුම් මැදිරිය ගැන මතක් වෙනකොටත් බයයි. මම දවසක් ඕකේ ඉන්නකොට සිග්නල් නැතිව නැවැත්තුවා. ටික වෙලාවකින් මෙන්න වෙන කෝච්චියක් එනවා අපේ පැත්තට. හොඳ වෙලාවට ඒකත් නැවැත්තුවා.

      Delete
  6. දැනුවත් කිරීමට ස්තුතියි සුදීක අයියේ.ඊටත් වඩා මම අගය කරන්නේ අයියා දරුවා පිළිබඳව දක්වන සැලකිල්ල සහ ලෙන්ගතුකමයි.දරුවන්ට අවශ්‍ය දේ අවශ්‍ය තැනදි ලබා දිම දෙමව්පියන්ගේ යුතුකමය.ඒ දේ අයියා හොදින් ඉටු කරයි.

    ReplyDelete
    Replies
    1. ඔව් එක ඕනෑම දෙමව්පියකුගේ වගකීම.

      Delete
  7. මම තවම රාජධානි එක්ස්ප්‍රස් භාවිතා කරලා නැහැ.. නමුත් එක්ස්පෝ එකේ නුවර ගිහින් තියනවා.. එකේ නම් ඔන්ලයින් ටිකට් අරගෙන අපිට ප්‍රින්ට් එක අරන් යන්න පුළුවන් වෙනමම තැනකට නැවත යන්න අවශ්‍යය නැහැ.. හැබැයි එක්ස්පෝ එකේ සීට් නම් ගොඩාක් සැප පහසුයි කියන්න බැහැ.. නෑ කියන්නත් බෑ.. මොන දේ උනත් නිදහසේ පිරිසිදු වටපිටාවක ආරක්ෂිතව යන්න පුළුවන් නිසා හා සීට් එක කොහොමත් රිසව් වෙලා තියෙන නිසා මම ගාණ පොඩ්ඩක් වැඩි උනත් මෙවැනි සේවා වැඩි වැඩියෙන් ආරම්භ විය යුතුයි කියලා සිතනවා.

    ReplyDelete
    Replies
    1. එහෙම බැහැ නේ ඔන්ලයින් ටිකට් එක දීලා ස්ටේෂන් එකෙන් ටිකට් එකක් ගන්න ඕනේ නේ. ඒ ටිකට් දෙන්නේ එයාලාගේ ගමනාන්ත ස්ටේෂන් වල විතරයි එහෙම නැත්නම් අපි මගින් නගිනවනම් කලින් ගිහින් ටිකට් එක අරගන්න ඕනේ

      Delete
    2. මේක ඊ චැනලින් තරමට දියුණු වෙන්න ඕනේ. එතකොට කෙලින්ම වෙන් කරගෙන ගමනට එන්න පුළුවන්. නැතිනම් ඒ ආයතන වලටමයි පාඩුව.

      Delete
  8. mila echcharama awulakuth naha sudeeka ...
    godak sthoothi..balamuko apu dawasaka yanna..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම යන්න. මේ සේවාවල් පාඩු නොවී තිබුනොත් දිගටම තියේවි.

      Delete
  9. Ela..labkawata awahama 1st trip wka me kichchiyeb..

    ReplyDelete
    Replies
    1. දැන් බලන් යනකොට ගොඩ දෙනෙක් ඉන්නවා.

      Delete
  10. සුව පහසු සේවයක් දෙනවා නම් ඉතින් මරු,,කෑම කොහොමද

    ReplyDelete
    Replies
    1. මම එක්ස්පෝරේල් එකේ ගියේ නෑ. රජදහනි එකේ, නුඩ්ල්ස් තමයි තිබුනේ. බිස්කට්, මයිලෝ, කෝක්.

      Delete
  11. මම එක්ස්පෝ රේල් ගිහින් නැහැ ඒත් වෙන කෙනෙක්ට යන්න ටිකට් එකක් බුක් කලා
    චාටර්ම සීන් එක ටිකට් එක ගම්පහ ස්ටේෂන් එකෙන්වත් ගන්න බැහැ ඒක ගන්න කොටුවටම යන්න ඕනේ. කෝල් කරලා ඒ ගැන ඇහුවම කිව්වේ ඔවුන්ගේ ගමනාන්ත වල තියෙන ස්ටේෂන් වල විතරයි ඒ ටිකට් ගන්න පහසුකම තියෙන්නේ කියලා. කෝච්චිය නවත්තන ස්ටේෂන් වල නෙමෙයි ඒ ගැන පැහැදිලිව සඳහන් කරලා තියෙනවනම් දැක්කේ නැහැ වෙබ් අඩව්යේ.

    ටිකක් කලින් බුක් කල නිසා වෙලාව තිබ්බා කොටුවෙන් ටිකට් එක ගන්න නැත්නම් කෝච්චියේ වෙලාවට ගිහින් ස්ටේෂන් එකෙන් ටිකට් එක ගන්න ගියා නම් අලි අමාරුවක වැටෙනවා.

    අනික නුවරට 1250 කියන්නේ සැලකියයුතු මිලක්.

    ReplyDelete
    Replies
    1. බලන්න මේ සම්බාධක නිසා එයාලටමනේ පාඩු වෙන්නේ.

      Delete
  12. මේත් කෝච්චි ගැන ලියවෙන බ්ලොග් අඩවියක්

    http://railwaysl.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අපි පුද්ගලික අංශයේ. D

      Delete
  13. ඔය වගේ පහසුකම් තියෙන බව දැනෙන විටත් සතුටුයි.
    නමුත් මේ පහසුකම් ගැන ලංකා තානාපති බූරුවො ලෝකයා දැනුවත් නොකරන එක නම් කනගටුදායකයි.
    අදත් වෙන රටවල සංචාරය කරද්දී දැක්කම හිතට දුකයි..!
    මේ ලියන්නෙ මැලේසියාවෙ ගෙන්ටින් හයිලන්ඩ් පුරවරයේ ඉදල.ඔබ මෙහෙ දන්නව ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් කෙන්ජි ආසියෙවේ ඒ වගේ දියුණු තැන් වල ඇවිදිද්දී මටත් ඒ වගේම දුකක් අපේ රට ගැන ඇති වෙනවා. නමුත් මේ දේවල් ගැන දැනුවත් කිරීම මදි. මම දන්නා විදියට සංචාරකයන් වෙනුවෙන් වෙන් වූ අධි සුඛෝපබෝගී දුම්රිය මැදිරියකුත් තියෙනවා.

      Delete
  14. රජදහනි එක නම් යනවා දැකලා තියෙනවා එත් හරි විස්තරයක් දැනගත්තේ අද!

    ReplyDelete
    Replies
    1. නරකද කොල්ලා කාලේ රවුමක් ගියානම්.

      Delete
  15. නයිට් මේල් එකේ බදුලු යන්න සෑහෙන කාලෙක ඉඳන් හිතන් ඉන්නවා.. පොඩි කාලේ අම්මල එක්ක ගියාට ලඟකදි යන්න බැරි වුණා.. නයිට් මේල් ගමනට ගෙදර උන්දැ පොඩි පොඩි කචල් දානවා..:) මේක හොඳ විකල්පයක්... මම වැඩියෙන් කැමති එළිවෙන පාන්දර කඳුකරේ ඉන්න. මේ සේවා එකක් වත් තාම රෑ ගමන් පහසුකම් දෙන්නෙ නෑ නේද? කොහොම වුණත් මේක මතක් කරපු එක සෑහෙන්න වටිනවා..

    ReplyDelete
    Replies
    1. තියෙනවා. මමත් පහුගිය ඔක්තෝබර් වල නයිට් මේල් එකේ ගියා. අපිට එක්ස්පෝ රේල් බුක් කර ගන්න බැරි වුණා.

      Delete
  16. විස්තරයට ස්තුතියි.. උඩරට මාර්ගයේ නම් තරමක් දුර ගිහින් තියනවා මං. මේ විදිහට නම් නෙවෙයි. සාමාන්‍ය දුම්රියේ. සුන්දර අත්දැකීමක් තමයි. ඒ ගමන මේ විදිහෙන් යනවා නම් ඒ අත්දැකීම වඩාත් හොඳින් විඳින්න පුළුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. අනිත් අයගේ කචබචේ නැතිව සුවපහසුව ගමනක් යන්න කියාපු සේවාව.

      Delete
  17. මේ පිළිබඳව ඊමේල් කිහිපයක්ම සංසරණය වුනා..ඒක නිසා පොඩී දැනුවත් බවක් තියනවා.. ඇයි දන්නෑ මේකට රාජදහනි කියලා නම දැම්මෙ.. මම දන්න විදියට ඉන්දියාවෙත් තියනවා රාජධානි එක්ස්ප්‍රස් කියලා දුම්රිය සේවයක්..

    ReplyDelete
    Replies
    1. ඔව්. ගූගල් කරහමත් ඉන්දියන් එකත් එනවා. මේ කොපියට නම් කිසිම හේතුවක් නෑ. මේක මම දන්නා විදියට අයිති අර්ල් ගුණසේකර මහතාට.

      Delete
  18. මේ පාර ලංකාවට ආවම ට්‍රිප් දෙක තුනක්ම යන්න හිතන් ඉන්නේ.. ඒ හන්දා මේකත් හිතේ තියා ගන්න එක පාඩු නෑ මං හිතන්නේ..

    ReplyDelete
  19. මේක දැක්කහම නම් හරිම ආස හිතුනා අයියේ, මම එක්ස්පො රේල් එක ගැන නම් අහල තිබුනා, ඒත් අනිත් එක ගැන දැන්ගත්තේ දැන්, ඔන්න ලංකාවට ආවහම අත්විදින්න තව දෙයක් ලැබුනා..

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඇවිදලා බලන්න. අනිත් මාර්ග වලත් මේක ව්‍යාප්ත වෙයි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

      Delete
  20. මමත් යන්න ඕනේ.....
    බදුල්ල පැත්තේ තමයි යන්න ඕනේ...
    ස්තුතියි දැනුවත් කිරීමට සුදික අයියේ ......

    ReplyDelete
    Replies
    1. රයිට් ගිහිං විස්තර දාන්න.

      Delete
  21. මෙවැනි දේවල් අහන්න ලැබීමත් සතුටක්. යම් යම් ප්රසශ්න තිබුණත් රට දියුණු වෙන එකනේද මෙවායින් පෙන්නුම් කරන්නේ.වටින් ගොඩින් මේ ගැන අහල තිබුණට දැනුයි හිතට දැනෙන තොරතුරක් දැනගත්තේ. ස්තූතියි සුදීක අයියට.

    ReplyDelete
    Replies
    1. හැමෝටම මේ සේවාව නැතත් පුළුවන් අයට හරි යන්න ලැබෙන එක හොඳක්.

      Delete
  22. දැනගන්නට ආසාවෙන් හිටි විස්තර ටිකක්.බොහොම තුති මිත්‍රයා

    ReplyDelete
    Replies
    1. පුළුවන් අවස්තාවක පාවිච්චි කරලා බලන්න.

      Delete
  23. ස්තුතියි සුදීක.
    මොකක් හරි කෝච්චියක බදුලු යන්න ඉන්නවා අවුරුදු ගානක් තිස්සේ ඒක අතපසු වෙනවා. ස්තුතියි මේ විස්තර වලට.

    මමයි පුතයි පහුගිය නිවාඩුවෙදි, පේරාදෙනියට ගිහින් කෝච්චි වල ෆෝටස් ගත්තා. එතකොට මාම් දැක්කා ඔය එක්ස්පෝ කියල ලියපු කෝච්චි පෙට්ටි නිකං සාමාන්‍ය කොච්චි වලට ඈඳලා තියෙනවා. එතකොට මේක වෙනම කෝච්චියක් නෙවෙයිද? නැතිනම් අපි දැක්කා වාගේ අර ලාබ කෝච්චියේ එල්ලලා යවන පෙට්ටි ටික විතරද?

    ReplyDelete
    Replies
    1. ඔව් මේක වෙනම එකක් නොවේ. අර කෝච්චියෙම තියෙන තවත් පෙට්ටියක්. හැබැයි අනිත් අයට මේකට එන්න දෙන්නේ නෑ. තදබදය වැඩි දවස් වලට තමයි මේක වටින්නේ.

      Delete
  24. ගොඩක් ස්තුතියි සුදික..ට්‍රයි කරලා බලන්න වටිනවා වගේ..

    ReplyDelete
    Replies
    1. හොඳයි ට්‍රයි කරන්නකෝ.

      Delete
  25. සුදීක අයියාගෙන් තවත් වටිනා කියන දැනුවත් කිරීමක්. ස්තුතියි

    ReplyDelete
  26. ඔච්චර කෝච්චියේ යනවා. තාම ගියේ නෑ ඕකේ! ;)

    (සල්ලි නැතුව නෙමේ ^_^ )

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජෙකුට යනවා නම් යන්න හොඳම තැන බිසෝවරුන් ටිකත් එක්ක.

      Delete
  27. ඇත්තෙන්ම මෙවැනි නූතන තාක්ෂණය සහිත ප්‍රවාහන සේවාවන් තවතවත් දියුණු විය යුතුයි එවිටයි අපට කියන්න පුළුවන් ඇත්තෙන්ම අපි දැන් දියුණුයි කියලා.

    මම දුම්රියේ ගිහින් තිබුණත් මෙවැනි පහසුකම් ඇති දුම්රිය මැදිරියක ගිහින් නැහැ.උපරිම ගිහින් තියෙන්නේ උඩරට නැරඹුම් මැදිරියේ පමණයි.

    ReplyDelete
    Replies
    1. ගමේ යත්දී යන්න පුළුවන් වෙයි.

      Delete
  28. හොඳ සැපපහසුවට අඩු මිලට යන්න දුම්රිය දෙපාර්තුමේන්තුවෙන්ම වායු සමීකරණය කරපු මැදිරි එක් කරලා තියෙනව අලුතෙන් ගෙනාපු බලවේග කට්ටල එක්ක. කොළඹ නුවර රුපියල් 500යි. කොළඹ බදුල්ල රුපියල් 1250යි.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...