Thursday, April 18, 2013

ඉරට අකීකරු .....

මගේ පහුගිය සටහන් තුනෙන්ම අවරුදු උත්සව මතකයන් අවධි කළා. අවුරුදු උත්සව වලට දැන් කියන අලුත්ම නම තමයි සූර්‍ය මංගල්‍යය. මේක හඳුන්වලා දුන්නේ හසන්ත මහත්තයා කියන්නේ. මොනවා වුනත් අවුරුදු උත්සව කිව්වම අමතක කරන්නම බැරි කෙනෙක් ඉන්නවා. ඒ තමා ඉර. කථාවට මේ දවස් වල ඉරට හැතම්මයි කියලා කියන්නේ. ඇත්තටම ලංකාවට මේ දවස් වල ඉර මුදුන් වෙන කාලේ. මේ පහලින් තියෙන පින්තුරෙන් පැහැදිලි වෙනවා ඒක. 
[පින්තුරය ගත්තේ : http://ganymede.nmsu.edu ]
මේ පින්තූරෙන් පෙන්වන ආකාරයට පෘතුවිය සුර්යයාට ඉතාම ලඟින් ගමන් කරන කාලයක්. දෙසැම්බර් මාසෙට සාපේක්ෂව ගත්තොත් ගණිතමය වශයෙන් නොවුනත් හරි ලඟින් ගමන් කරන්නේ. ඉතින් මේ දවස් වල ලංකාවේ අපිට හිරු රශ්මිය වැඩියෙන් ලැබෙනවා. ගිනි අව්වේ අවුරුදු උත්සව පවත්වන කාලයක් නිසා එක පැත්තකින් දාහය වැඩියි, අනිත් පැත්තෙන් අව්වට හම පිච්චෙනවා වැඩියි. අවුරුදු උත්සව මතක සටහන් 1 ට ප්‍රතිචාර දක්වපු නදිනි අබේනායක කියලා තිබුණා "ඉස්සර පිච්චේනවට බයේ අවුරුදු උත්සව බලන්න ගියේ නෑ" කියලා. ඉතිං ප්‍රතිචාරයක් විදියට මම කිව්වම "දැන් සන්බ්ලොක් තියෙනවා නේද ?" කියලා. එතකොට නදිනි කියනවා "ක්‍රීම් ගෑවාම මාව ඇලෙනවා ඇලෙනවා වගේ" කියලා. ඉතිං මම එතනදී සන්බ්ලොක් ගැන සටහනක් ලියනවා කියලා පොරොන්දු වුණා. මේ ඉටු කරන්නේ ඒ පොරොන්දුව.

මගේ තියෙන එක නරක පුරුද්දක් තමයි විවිද බෙහෙත් වර්ග ආලේපන වර්ග වගේ දේවල් ගත්තම ඒවායේ එන පුංචි පත්‍රිකා, එක්කෝ ඒවාගේ මුද්‍රණය කරලා තියෙන හැම දෙයක්ම කියවලා බලන එක. සමහර ඒවායේ නම් හොඳ විස්තරයක් ඒ භාණ්ඩය එක්කම ලබා දීලා තියෙනවා. එහෙම නැති වෙලාවට මම අන්තර්ජාලයෙන් හොයාගෙන කියවලා බලනවා. 

මාව අව්වේ හිටියම හොඳටම පිච්චෙනවා. මුල් දවසේ රතු වෙනවා. පස්සේ දුඹුරු වෙලා මේක අඩු වෙන්න මාසයක් විතර ගත වෙනවා. අනිත් එක අව්වට පිච්චුනා පාරවල් ඇඟේ එහෙමම වදිනවා. ඉස්සර එහෙම පිච්චුනාම හමත් ගැලවෙනවා. ඉතිං ක්‍රීඩකයෙක් වෙච්ච මට අවුරුද්දට අඩුම ගණනයේ දවස් දහයක් වත් අව්වේ ඉන්න වෙනවා. ඉස්සර මමත් දන්නේ නැතිව සන්ක්‍රීම් එකක් අරගෙන ගාලා බය නැතිව සෙල්ලම් කළා. ප්‍රතිඵලය වුනේ හිටියත් වැඩිය හොඳටම කළු වෙන එක. පස්සේ මම ඒක්‍රීම් එක ගාන එක නතර කළා. 

දැනට අවුරුදු හයකට විතර කලින් මට සුපර්මාර්කට් එකේ දැක්කා සන්බ්ලොක් කියලා ජාතියක්. මමත් ගාන බලන්නේ නැතිව අර ගත්තා එකක්. මුලින්ම කිවයුතු දෙයක් තියෙනවා මේ සන්බ්ලොක් කියන එක පාරිභෝගිකයා මුලාවේ දාන වචනයක්. මොකද මේ වගේ විනිවිද පේන ආලේපනයකින් 100% ක් හිරු රශ්මිය නතර කරන්න බෑ. ඉතිං වෙළෙන්දෝ සුක්ෂම විදියට අපිටත් හොරොන් මනෝවිද්‍යාත්මකව අපේ හිතට මේ වගේ වචන දීලා එයාලගේ වෙළඳ භාණ්ඩය පිලිබඳ තිබෙන විශ්වාසය වැඩි කරනවා(මේ වන විට සෞඛ්‍ය සංවිධාන සහ සමහර රජයයන් මේ වචනය භාවිතා කිරීමෙන් වැළකෙන ලෙස නිෂ්පාදකයාට බල කර තිබෙනවා). මේ සඳහා වඩා නිවරදී වචනය වෙන්නේ සන්ස්ක්‍රීන් කියන එක. මොනවා වුණත් වෙළඳපොලේ භාණ්ඩ තියෙන නම අපිට භාවිතා කරන්න වෙනවා.

සන්බ්ලොක්/සන්ස්ක්‍රීන් කිව්වම ඒකත් එක්කම එන වචනයක් තමයි SPF කියන්නේ. මොකක්ද මේ SPF  අගය කියන්නේ. SPF කියන කෙටි යෙදුමෙන් කියන්නේ Sun Protection Factor කියන එක. මේ SPF අගය මුලින්ම හඳුන්වා දී තිබෙන්නේ 1962 තරම් ඈත කාලයකදී(ඒ ගැන ඒ තරම් පුදුම වෙන්න දේකුත් නෑ මොකද අද භාවිතා කරන පරිඝනක මවුස් එක පිලිබඳ අදහස මුලින්ම දීල තියෙන්නේ 1968දී). 

එය පිලිබඳ හඳුන්වා දෙන්නේ 
"SPF සහිත ආලේපනයක් නොමැතිව සුර්යාලෝකයට නිරාවරණය වී ඔබේ සම රත්පැහ ගැන්වෙන්න යන කාලයට මේ ආලේපන යෙදු අයෙක්ගේ සම රත් පැහැ ගැන්වෙන්න යන කාලය අතර අනුපාතය"
සරල උදාහරණයකින් පැහැදිලි  කලොත් ඔබව අව් රශ්මිය නිසා රත්පැහැ ගැන්වෙන්න යන කාලය විනාඩි 10ක් යයි සිතමු. ඔබ භාවිතා කරන සන්බ්ලොක් එක SPF 30ක් නම එමගින් ඔබට මිනිත්තු 300ක් සුර්යාලෝකයට නිරාවරණ වී ඉන්න පුළුවන්. ඒ කියන්නේ පැය පහක්. සමීකරණයක් විදියට කිව්වොත්
පින්තුරය ගත්තේ : http://health.howstuffworks.com

සන්බ්ලොක් භාවිතා නොකර සම රත්පැහැ ගැන්වීමට යන කාලය x SPF අගය = සුර්යාලෝකයට නිරාවරණ වී සිටිය හැකි කාලය

ඒ නිසා මේ SPF අගය වැඩි වූ තරමට ඉන් ඔබේ සමට හිරු එලිය පතිත වීමේ ප්‍රතිශතය අඩු වන්නේ නෑ. නමුත් එහි අගය වැඩි වන තරමට සුර්යාලෝකයට නිරාවරණය වී ගත කල හැකි කාලය වැඩියි. ඊයේ වනතුරු මමද මේ මිත්‍යාවේ ගැටී සිටියා. මේ පිලිබඳ නිසි අධ්‍යනයක යෙදුනේ ඊයේ. මා භාවිතා කරන්නේ SPF 70 ක සන්බ්ලොක් එකක් ඉතින් එමගින් සාමාන්‍යයෙන් දවසක ආවරණයක් සැලසෙනවා. නදිනි අබේනායක හිතන විදියට මේවා දිය වී යන්නෙත් නෑ. ඒ ගැන මගේ අත්දැකීම් අනුව කියනවා නම් දහඩියට හෝ සාමාන්‍ය ජලයෙන් සේදීමට මේවා ඉවත් වන්නේ නෑ. අනිත් කාරණය තමයි මතුපිට වියලි බව. පහලින් දැක්වෙන වගුවෙන් පැහැදිලි වෙනවා ඒ ඒ හිරු ආරක්ෂණ SPF අගයයන් වලට අදාලව UV කිරණ අවශෝෂණය කර ගැනීමේ ප්‍රතිශතය. උදාහරණයකට SPF 2 කින් 50% ක අවශෝෂණයක්  ලැබුනත් එය 4 ක් වනවිට අවශෝෂණය දෙගුණ වන්නේ නෑ. එය 15 කින් පසු වැඩි වන ප්‍රතිශතය ඉතාම අවමයි. 

මෙම වගුව උපුටා ගත්තේ : http://health.howstuffworks.com/skin-care/beauty/sun-care/spf1.htm

මට පහුගිය කාලයකදී තිබුන එක් ගැටළුවක් තමයි මේවා භාවිතා කල දියනයකත් යම් ප්‍රමාණයක සම රත්පැහ ගැන්වී තිබුණේ ඇයි කියන එක. මා මීට කලින් SPF 30,45 යන අගයයන් වල හිරු ආරක්ෂණ ආලේපන භාවිතා කරලා තියෙනවා. ඉතින් ඒවාගේ ආවරණය වන පැය ගණන් සාපේක්ෂව අඩුයි. ඒ නිසා මා හිරු එලියට නිරාවරණ වුණු කාලයම එමගින් ආවරණය වුයේ නෑ. නාමුත් ඒ රත්පහ ගැන්වීම දින කිහිපයකින් වියැකී යනවා. මෑතකදී මට බණ්ඩාරවෙල නගරයේ ක්‍රීඩාංගනයක ඉන්න වුනා දවස් දෙකක්. පළමු දවසේ මා හිරුආරක්ෂණ ආලේපනය භාවිතා කළා. නමුත් දෙවෙනි දවස ඉතාම වැහිබර දිනයක් ඉතිං එදා මම ආලේපනය භාවිතා කලේ නෑ. එදින පැය භාගයක් වගේ වෙලාවක් තමයි හිරු රශ්මිය තිබුනේ නමුත් එනිසා සිදු වූ සමපිච්චීම තවමත් තිබෙනවා.  

අපගේ මේ ගැන තිබෙන තවත් මිත්‍යාවක් තමයි තාපය නිසා සම පිච්චෙනවා යන්න. නමුත් ඔබේ සම රත්පහැ ගැන්වීම සහ සම පිච්චීම කියන්නේ කරුණු දෙකක්. මේ රත්පැහැ ගැන්වීම සිදු වන්නේ UV කිරණ මගින්, ඒවායෙනුත් UV-B මගින් තමයි සම රත් පැහැ ගැන්වෙන්නේ. UV-A මගින් සිදු වන්නේ දිගු කාලීනව සමට වන හානි. උදාහරණයකට වයස්ගත ස්වභාවය(Aging). සම පිච්චීමට තාපය මගින් සිදුවනවා. ඔබ ලිප ළඟ වැඩ කරන එකත් අවු රශ්මිය නිසා ඇති වන තාපයත් එක වගේ මේ සඳහා බලපානවා. එසේ පිච්චීමට ඔබේ සමේ තිබෙන තෙල් ප්‍රමාණය බලපානවා. ඉතින් තෙල් සහිත සමක් තියෙන අයට මෙමගින් සිදු වන හානිය දෙගුණ වනවා. 

බොහෝ හිරුආරක්ෂණ ආලේපන මගින් UVB ආවරණය කලාට UVA ආවරණය කරන්නේ නෑ. ඒ නිසා මේවා මිලදී ගැනීමේදී BroadSpectrum යනුවෙන් සඳහන් ආලේපනයක් මිලදී ගැනීම වැදගත්. තවත් දෙයක් තමයි මේවා ඉතා කුඩා ප්‍රමාණයක් ආලේප කිරීම ප්‍රමාණවත් මේ කිරණ පරාවර්තනය සිදු කිරීම සිදු වන්නේ ඉතා ක්ෂුද්‍ර මට්ටමක නිසා ක්‍රීම් තලි උලා ගන්න අවශ්‍ය නෑ. 

මගේ ජනප්‍රිය මාතෘකාව වන ක්‍රිකට් වලින් තමයි අපි මුලින්ම දැක්කේ මුහුණේ සහ තොල් වල මේවා උලා ගත් අය. මෙතන පොඩි වෙනස් කමක් තියෙනවා. අපි භාවිතා කරන හිරුආරක්ෂණ ආලේපන විනවිද පෙනෙන ඒවා. ඕස්ට්‍රේලියානුවන් භාවිතා කරන්නේ වෙනත් ආලේපනයක්. ඒවාගෙන් 100% නැතුවත් හිරු එලිය සහ වියලි සුළඟ නිසා ඇතිවන සම පැලීමෙන් බේරා ගන්න තමයි ඔවුන් ඒවා යොදා ගන්නේ. අනිත් කාරණය ඕසෝන් ස්ථරය පලුදු වූ රටක් නිසා ඔවුන් ඒ ගැන සැලකිලිමත් වනවා වැඩියි. ඉතිං මෙය අනුගමනය කරමින් අපේ බොහෝ(ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ අයත් ඇතුළුව) මා දැක තිබෙනවා මේ ආලේපන ඒ ආකාරයට අතුල්ලගෙන සිටිනවා. නමුත් අවශ්‍ය වන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. 

මේවයේ භාවිතා කරන රසායනික ද්‍රව්‍යයන් දෙකක් තිබෙනවා එකක් සින්ක් ඔක්සයිඩ්, අනිත් එක ටයිටේනියම් ඩයොක්සයිඩ්. මේවා මගින් එක්කෝ UV කිරණ හරවා යවනවා, නැතිනම් හමට හානිදායක නොවන මට්ටමකට ඒවගේ සංඛ්‍යාතයන් වෙනස් කරනවා. නැනෝ තාක්ෂනය යොදා ගත් පසු මේවා ඉතා සියුම් මට්ටමකින් සිදු කරන්න හැකි වෙලා තියෙනවා. මේ භාණ්ඩ මිලදී ගන්නා විට ඒවායේ මුද්‍රණය කර ඇති දේවල් කියවීම වැදගත්. සමහර සොයාගැනීම් ඒ ඒ සමගාම් සිදු කරන නිසා සහ ඒවාට පේටන්ට් ගන්න නිසා එක් එක් අය මේවාට භාවිතා කරන නම් වෙනස් වන්නත් පුළුවන්. 

මේවා ආලේප කිරීම ගැනත් වචනයක් සඳහන් කරන්න වටිනවා. ඒ පිලිබඳ විස්තර ඕනෑම හිරුආරක්ෂණ ආලේපනයක සඳහන් කර තිබෙනවා. මේවා සිරුරේ පිටත පමණක් (External use only) ආලේප කරන ඒවා බව ඒවාගේ සඳහන් වෙලා තිබෙනවා. ඉතිං තුවාල තිබෙනවානම් මේවා ආලේපනය සුදුසු නෑ. ඔබ රැවුල බෑමෙන් පසු කෙලින්ම මේවා ආලේප නොකර After Shave වර්ගයක් ආලේප කර ටික වෙලාවකින් ආලේප කරන්න. ඇසේ ගෑවීමෙන් වලකින්න. 

කාන්තාවන් නම් මේ පිලිබඳ යම් නිපුණතාවක් දක්වනවා. පිරිමි අපි ආලේපන ගැන වැඩි උනන්දුවක් නැති අය. එහෙත් මේ වගේ දේවල් නම් භාවිතා කරන්න වෙනව. එය සංයමයකින් කල යුතු දෙයක්. හිසේ ජෙල්/ක්‍රීම් ගැන ආකාරයට දෑතේ අතුල්ලා මෙය මුහුණේ ගෑවොත් ඇහිපිල්ලම් වල ගෑවීම වලක්වන්න බෑ. එවිට ටික වෙලාවකින් මේවා ඇසට යනවා. තද දැවිල්ලක්ද ඇති වනවා.  වැදගත්ම කාරණය හිරුඑළියට නිරාවරණය වන්නට විනාඩි 15-30 ත් අතර කාලයකදී මේවා ආලේප කල යුතුයි.  ඇඟිලි තුඩු මගින් ආලේප කලොත් හැරියට කර ගන්න පුළුවන්. බෙල්ල සහ ඔබේ ඇඳුමෙන් ආවරණ නොවන පපු ප්‍රදේශයත් වැදගත්. ඒ වාගෙමයි අත් දෙක. 

මේවා පිලිබඳ වෙළඳ නාම බොහොමයක් තිබෙනවා. මතක තබා ගත යුතු තවත් කරුණක් තමයි විටමින් E  හෝ තෙල් වර්ග නොමැති සන්බ්ලොක් එකක් තෝරා ගැනීම. විටමින් E හෝ තෙල් සහිත ඒවාට හැම පිච්චෙනවා. අමතක කරන්න එපා රත්පැහැ ගැන්වීම සහ පිච්චීම කියන්නේ දෙකක්. තවත් PABA නමැති රසායනික සංයෝගය නැති ඒවා ගැනීම වැදගත්. PABA සම මත පිළිකා ඇති කිරීමට රුකුල් දෙන නිසා දැන් ඒවා භාවිතා කරන්නේ නෑ. නමුත් UVB පාලනයට එය ඉතා හොඳ රසායනිකයක්. 

අවසාන වශයෙන් බොහෝ රසායනිකය ද්‍රව්‍ය දිගුකාලීන භාවිතා කිරීම නිසා ශරීරයට වෙනත් අතුරු ආබාද ඇති වනවා. 

සයිබරයේ සිහින බක් මහා උළෙලට එන අයට මේක වැදගත් වෙයි. මම නම් දැන් පුරුද්දක් වශයෙන් මේවා භාවිතා කරනවා.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ප.ලි. හමේ වර්ණය මත හිරුආරක්ෂණ පාවිච්චියේ වෙනසක් නෑ. කළු අයටත් UV කිරණ වලින් වෙන හානිය එක විදියට බලපානවා. අනිත් එක විටමින් D නිෂ්පාදනයට හෝ අවශෝෂණයට මෙය බාදාවක් වන්නේ නෑ.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ප.ප.ලි.: මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධම නිෂ්පාදකයෙක් වන Neutrogenea දැන් උදම් අනනවා ඔවුන් SPF 100 සහිත සන්බ්ලොක් එකක් නිෂ්පාදනය කරා කියලා. ඒත් 100% නවත්වන්න බෑ. :)

49 comments:

  1. "Sihina Bak Maha Ulelata" ena bari unata cream eka gana danuwat una eka watinawa.
    Jayawewa

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සංජීව.

      Delete
  2. නියම විස්තරයක් සුදීක.

    'මගේ තියෙන එක නරක පුරුද්දක් තමයි විවිද බෙහෙත් වර්ග ආලේපන වර්ග වගේ දේවල් ගත්තම ඒවායේ එන පුංචි පත්‍රිකා, එක්කෝ ඒවාගේ මුද්‍රණය කරලා තියෙන හැම දෙයක්ම කියවලා බලන එක'
    ඒ විස්තර පත්‍රිකාවල ඒ ‍ඖෂධය ගැන, ඒක පාවිච්චි කරන ආකාරය ගැන වගේම අතුරු ආබාධ ගැනත් විස්තර තියෙනව. සමහරවිට බෙහෙතක් නිර්දේශ කරන දොස්තරලවත් ඒ විස්තර ඔක්කොම දන්නෙ නැතිවෙන්න පුලුවං.
    මතකද අර ටෙලිනාට්‍යකුත් තිබ්බ ඔහොම විස්තර පත්‍රිකා කියවල බෙහෙත් දෙන දොස්තර කෙනෙක් ගැන.

    ReplyDelete
    Replies
    1. අර සමීකරණෙ හැටියට උඩිං තියෙන ගාන වැරදියි නේද?

      Delete
    2. ඔයා හරි ප්‍රසන්න ඔන්න බෙදෙන ගානක එකක් දැම්මා. අනිත් එක මිනිත්තු වලින් තමයි උත්තරේ එන්න ඕනේ. පැය වලින් නෙවේ. පැය කරන්න හැටෙන් බෙදන්න ඕනේ.

      Delete
    3. වසන්ත කුසලාන නේද නාට්‍යයේ නම ??

      Delete
    4. ඔවු හසිත ඒක තමයි නම.

      Delete
  3. Replies
    1. ඔව් සිරා හොඳින් ඉන්නවා. සිංගප්පූරුවේ ඉන්නේ.

      Delete
  4. වටිනම වටින විස්තරයක් අයියේ...ඔයාට තියෙන්නෙ කොච්චර හොද පුරුද්දක්ද?
    මගේ බොස් ඊයේ පෙරේදා ලොකු අමාරුවක වැටුනා.. එයාගෙ අවුරුදු 2 ක් වෙන පුංචි පුතාට කැස්සක් හැදිලා බොස්ගෙ නෝනා ගෙදර තිබුන පරණ කැස්සකට ගෙනාපු බෙහෙතක් දීලා, හොදටම අමාරුවෙලා හොස්පිටල් හිටියා... එතකොට නම් මට හිතුනා අපි උනත් ගන්න බෙහෙත් හොදට හොයල බලල ගන්න ඕනි කියලා.
    ඔන්න අයියා දාපු විදිහටම මමත් සන්ස්ක්‍රීන් එකක් ගන්න හදන්නෙ..

    ReplyDelete
    Replies
    1. සන්ස්ක්රීන් කිව්වට එයාල විකුණන්නේ සන්බ්ලොක් කියන නමින්.

      Delete
  5. ක්‍රීම් ගැවට අද තමයි මෙහෙම දෙයක් දැන ගත්තේ.
    හොද පැහැදලි කිරීමක් ක්‍රීම් ගැන.

    ReplyDelete
  6. අපේ හම පිච්චිලා කලු උනාට හොයන්ට බෑනොවැ. අපි කලුයිනෙ.
    ඇත්තටම අයියෙ ඔය මූනෙ උලන එව්වගෙන් අපට නරකක් වෙන්ට ඉඩක් නැද්ද

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ඕනෑම ස්වභාවික නොවෙන ද්‍රවයක් ඇඟට එකතු කිරීම හානිකරයි යම් මට්ටමකින්. නමුත් ඒකෙන් වෙන හොඳ සහ නරක තරාදියක දාල බැලුවොත් වැඩියෙන් වෙන්නේ හොඳ නම් නරක පොඩි ප්‍රතිශතයක් නම් ඒක භාවිතා කරන එකේ වරදක් නෑ.

      Delete
  7. අයියේ...මතක් කරලා මේ සැරේ ඔය කුප්පිය අරන් එන්න ඈ! මොකෝ මං තුමා කළු වෙන්ඩ පුළුවන්.... ;)

    ReplyDelete
    Replies
    1. මම කුප්පිය ගේන්නම්. හැබැයි උඹ ගා ගන්න ඕනේ. රයිට්.

      Delete
  8. කතා කරන්න එපා,, බ්‍රැන්ඩ් එකේ නම කියම්දෝ නොකියම්දෝ කියලා හිතාගන්න බැ,, කෝම හරි ලංකාවේ හර්බල් කියලා කියන ලොකු කස්ටියකගේ රුපියල් 2000ක ක්‍රිම් එකක් ගාලා හොදට තිබ්බ මගෙ මූණේ ගෙඩි දැම්මා කසලා කසලා... :( දැන් මේ ඒවා යවාගන්න බැරිව ඉන්නෙ..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඔයාට පොඩි දෙයක් කරන්න තිබුනේ. ඒ වගේ දෙයක් ගන්න තැන් වල සාම්පල් තියෙනවා. එයින් ටිකක් ඉල්ලගෙන අතක වගේ ගාලා බලන්න ඕනේ. එතකොට අලජීස් තියෙනවනම් හොයා ගන්න පුළුවන්. ඕනෑම මේ වගේ නිෂ්පාදනයක ගහලා තියෙනවා, සංවේදී හමක් තියෙන අයට ඇලජීස් ඇති වෙන්න පුළුවන් කියලා. එහෙම වෙලාවට අර වගේ පුංචි පරීක්ෂණයකින් හොයා ගන්න පුළුවන්. මම දන්නා විදියට ලංකාවේ හොඳ නිෂ්පාදන නෑ මේ වර්ග වල. ඔයාට වුන දේ ගැන දැන ගන්නත් එක්ක බ්‍රෑන්ඩ් එක කිව්වත් කමක් නෑ. ඔයා එයාලට කතා කලේ නැත්ද ?

      Delete
    2. ම්ම්ම් නැහැ,, ඒක ගාලා ටික දවසකින් තමයි ඒම වුනේ,, අනික ඒකේ සාම්පල් දෙන්නේ නෑ, ක්‍රිම් එකේ ගාන වැඩි නිසා, සාම්පල් නැහැ,, කිව්වා,, Forever තමයි බ්‍රැන්ඩ් එක,, :/ ජුබිලි කණුවේ තියන එයාලගේ මේන් බ්‍රාන්ච් එකට ගිහින් කිව්වාම එයාලා කියනවා ඒක ඇගිල්ලෙන් අරන් ගාන්නෙ නැතුව වෙන මොකක් හරි හැන්දකින්වත් ගන්න ඕනෙලු නැතිනම් හොද නෑලු,, හැබැයි පස්සේ ඒක ගත්තු තැන කෙනාට ගිහින් කීවාම කියනවා එයාලා කොස්මෙටික්ස් දෙද්දි ඒහෙම මොනවත් කියන්නෙ නෑලු,, අනේ මන්දා,, පස්සෙ මම Forever එකේ කට්ටියටත් ඩිංගිත්තක් බැනලා,එතනම තිබ්බ ඩස්බින් එකට ක්‍රිම් එක දාලා ආවා.. :/

      Delete
    3. බ්ලොගර්ස්ලා කියන්නේ බලගතු පුද්ගලයෝ. මාධ්‍යටත් නැති නිදහසක් අපිට තියෙනවා. ඔය වගේ ඒවා කරලා පලක් නොවුණා නම් ඔයා පොස්ට් එකක් දාන්න. ඒවා කටින් කට මිනිසුන් අතරට යනවා. මම අර 688 එක ගැන ලිව්වා වගේ. අනිත් දේ තමයි සර්ච් වලට අහු වෙලා මිනිසුන් අහම්බෙන් හරි කියවනවා. දානකොට භාෂා දෙකෙන්ම ඇසුරුමේ තියෙන විදියටම නම දාන්න. මම කියන්නේ බොරුද බලන්න. එයාලම ඔයාට කතා කරයි.

      Delete
  9. ස්තුතියි සුදීක විස්තරයට..ගොඩක් දේවල් දැනගත්තා..
    මේ විස්තර කොහෙන් හරි හොයාගත්ත ඒවද? ආශ්‍රිත මූලාශ්‍ර ගැන ටිකක් කියන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. දැන් නම් ළඟ නෑ.ගූගල් සර්ච් වලටත් එනවා. දැන් එකක ලින්ක් එකක් දාන්නම්. අද හමු වූ එකක් - මිත්‍යා මත ගැන තියෙන්නේ
      අර උද වගුවට තියෙන ලින්ක් ඒකෙනුත් යන්න පුළුවන්.

      Delete
  10. ලංකාවේ ඉද්දි භාවිතා නොකලට මෙහෙ ආවට පස්සේ ඔය දේවල් නැතිව බැරි උනා. කොහොම උනත් මෙච්චර තොරතුරු දැනන් උන්නේ නෑ මමත්. ඔබට ස්තුතියි මිත්‍රයා.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මේ "නයා" කියන දේ නිසා බොහෝ වටිනා දේ අතපහු වෙනවා. මේවා නයා නිසා කරන දේවල් කියලයි බොහෝ විට කියන්නේ.

      Delete
  11. හරිම හොඳ විස්තරයක් . අපි ඉස්සර අව්වේ යද්දී කුඩයක් අරණ ගියා මිසක් සන් ස්ක්‍රීන් ගැන අහල තිබ්බෙත් නැහැනේ .

    මෙහෙ කට්ටිය නම් කළු වෙනවට පුදුම බයක් නිසා හැම තැනම සන් ස්ක්‍රීන් විකුනනවා . විශේෂයෙන් පිනනන්න යනකොට අවශ්‍යමයි .

    වියට්නාම ජාතික කාන්තාවන් නම් වැඩියම මෝටර් බයිසිකලේ යන නිසා . ඔව්ව ගාල අත දිගට ඇඳගෙන මුනටත් මාස්ක් එකක් දාගෙන තමයි ග්‍රීෂ්ම කාලේ එලියට බහින්නේ .

    ReplyDelete
    Replies
    1. මේ වගේ දේවල් වලදී අපි ගොඩක් පසුගාමීයි. අපේ ඇය සීට් බෙල්ට් මුලින්ම දාන මිනිස්සුන්ටත් හිනා වුනා නයා කියලා. අපිට ගොඩක් අලුත් දේවල් එක්ක මුහු වෙන්න පරක්කු වෙන්නේ ඔන්න ඔය කාරණය නිසා. නමුත් දෙයක් පටන් ගත්තම ඒක ඉක්මනින්ම ව්‍යාප්ත වෙන රටක් ලංකාව.

      Delete
  12. වටිනා විස්තරයක් සුදීක. තවත් එකක් තමයි උදේ 10 ඉඳන් හවස 3 දක්වා අව්වේ නොසිටීම. මේ පැත්තේ තදින් කරන අවවාදයක් ඒ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඔය පැත්තේ අර ඕසෝන් ස්ථරයේ ප්‍රශ්ණය ගැන තදින්ම උනන්දුයි.

      Delete
  13. අයියා හොයලා තියෙන දේවල් :D

    මේවා ගැන නම් මගේ දැනුම බින්දුවයි. අද හරි ලොකු විස්තරයක් දැන්ගත්තු එක හොඳා (Y)

    ReplyDelete
    Replies
    1. මම නම් මේවා භාවිත කරලා ලොකු වේදනාවකින් ගැලවුනේ.

      Delete
  14. පත්‍රිකා කියවන එක නරක පුරුද්දක් වෙන්නේ කොහොමද? මට නම් ගොඩක් වටිනා ලිපියක්.මමත් සන්බ්ලොක් පාවිච්චි කරනවා.එත් 110% සාර්ථක නැ.මේ ලිපිය කියෙව්වම තමයි ඇත්ත තේරෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මුලින්ම තමාගේ සමේ තත්වය තේරුම් ගන්න ඕනේ. ඊට පස්සෙයි ගැලපෙන සන්බ්ලොක් එකක් තෝරා ගන්න ඕනේ. මේ තරම් කල් මමත් කලේ වැඩි SPF අගයක් තියෙන ඒවා තොර තෝරා ගත්ත එක.

      Delete
  15. දැන් ඔය UV කිරණ වලින් බේරීමට කුඩ,හිස් වැස්මට සවි කල සන් වයිසර්,මෝටර් රථ පැදවීමේදී අත් වලට දැමීමට දිගට අත් වැසුම් [ස්ත්‍රීන්ට]නොයෙකුත් දේවල් තිබෙනව.වින්ටර් කාලය අහවර වෙලා සමර් එකේදී ශිත රටවල අය කන කට්ට කියල වැඩක් නැහැ.
    ඔබගේ මෙම ලිපිය නම් ඉතාමත් වටිනවා සුදික.

    ReplyDelete
    Replies
    1. ඒ ගැනත් දන ගත්ත එක හොඳයි. බොහොම ස්තුතියි.

      Delete
  16. අපි වැඩිය හිතන්න නැති දෙයක් වුනත් සෑහෙන්න බරපතල කාරනයක්නේ.මගෙත් අත් දෙකේ කමිස අත් වලට පහලින් කළු වෙලා අව්වට පිච්චිලා.වැඩිය අව්වට යන්නේ නැති හින්දා මට නම් එහෙමට අවුලක් නැහැ ඒත් මේ ගැන දැනගත්ත එක ලොකු දෙයක්!

    ReplyDelete
    Replies
    1. දිනපතාම වගේ අව්වේ ඉන්න වෙනවා පොලිස් රාළහාමිලා වගේ අයට නම් මේ වගේ ඒවා පාවිච්චි කරන්න බෑ. මොකද හොඳ සන්බ්ලොක් එකක් රුපියල් 4000 කට කිට්ටුයි.

      Delete
  17. මේ සටහන ලියද්දී මම හිතුවේ මේකට පුරුෂ පාර්ශවය විරෝධය දක්වයි, කාන්තා පාර්ශවය වැඩි ප්‍රතිචාර දක්වයි කියලා. මේ වෙනකොට ප්‍රතිචාර දක්වලා තියෙන්නේ කාන්තාවෝ 6 යි, පිරිමි 8. මේක එක අතකට සතුටු වෙන්න පුළුවන් කාරණයක්.

    ReplyDelete
  18. විස්තරයට ස්තූතියි! අද තමයි මේ ගැන හරියටම දැනගත්තේ.

    ReplyDelete
  19. ස්තුතියි සුදීක. මේ වගේ විස්තරයක් අර සොඳුරු සුව අසපුව බ්ලොග් එකේ තිබ්බා වගේ මට මතකයි.

    ReplyDelete
    Replies
    1. එහෙමද ? ඇත්තටම මේ වගේ දෙයක් හොඳාකාරවම විස්තර කරන්න පුළුවන් වෛද්‍යවරයෙකුට තමයි.

      Delete
  20. එතකොට තද පාට හමක් ඇති අයගේ හමේ මෙලනින් නිසා ඉබේටම ආරක්ෂාවෙනව කියලා කියනව නේද?

    ReplyDelete
    Replies
    1. මෙලනින් වර්ණකය තමයි හමේ පාට තීරණය කරන්නේ. උපතින්ම මෙලනින් වැඩි අය කළු පාට වෙනව. ඒ කියන්නේ හිරුරශ්මිය වැඩි රටවල අයව ස්වභාවධර්මයෙන්ම කළු කරලා. නමුත් වෙනත් කෙනෙක් අව්වේ හිටියම හිරුකිරණ මගින් සිදුවන හානිය පාළනය කරන්න එයාගේ ඇඟෙන් මෙලනින් නිෂ්පාදනය කරනවා. ඒ මෙලනින් නිසා ශරීරයේ වර්ණය වෙනස් වෙනවා.

      Delete
  21. මමනම් සන්බ්ලොක්, සන්ග්ලාස් කිසිදෙයක් පාවිච්චි කරන්නෑ.. ගිනි අව්ව තියෙන වෙලාවට, අව්වට පයින්න කලින් විනාඩියක් විතර ඉන්නවා ඇහැ හුරු වෙනකම්.. ඊට පස්සෙ යනවා..

    ReplyDelete
    Replies
    1. එක එක්කෙනාගේ දරා ගැනීමේ හැකියාව වෙනස්. සනත් ජයසුරිය කවදාවකවත් සන් ග්ලාස් දාන්නේ නෑ, ඒ වගේම සන්බ්ලොක් ආලේප කරපු බවකුත් පේන්න නෑ.

      Delete
  22. මාත් මේවා එකක් වත් පාවිච්චි කරන්නේ නම් නෑ. ඒ ගැන තැකීමක් නැති නිසා මෙහෙම ඒවා ගැන දැනීමත් අඩුයි.. ඒත් අවුවේ ඉන්න වෙලාවට වතුර නම් බොනවා පුළුවන් තරම්.

    මේ ගැන උනන්දු අයට ප්‍රයෝජනවත් වෙන හොඳ ලිපියක් මේක.

    ReplyDelete
  23. මටනං ක්‍රීං අරහං..
    හැබැයි අවුවට පිච්චුනොත්නං ආයේ සුදු වෙනවා බොරු...

    ReplyDelete
    Replies
    1. ක්‍රීම්ම කියන්නත් බෑ. ආලේප කරන්න පහසුවට ක්‍රීම් එකක් විදියට හදල තියෙන්නේ. අනිත් රටවල ස්ප්‍රේ එකක් විදියටත් තියෙනවා.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...