Sunday, April 14, 2013

අවරුදු උත්සව රසකතා ...

මේ ගැන මම ලියන්න ඕනේ කියලා හිතාගෙන හිටියා බොහොම කාලයක ඉඳන්. ගිය පාර අවුරුදු කාලේ මගේ ලැප් එක වැඩ නැති නිසා, අවුරුදු නිවාඩුවේ හරිහමන් සටහනක් ලියන්න ලැබුණේ නෑ. නමුත් මේ අවුරුද්දේ අවුරුදු දවසෙත් මට වැඩ සෙට් වුණ නිසා ගමේ ඉඳන් මෙහෙ එන්නයි හිතාගෙන ඉන්නේ. ඒ කතා කොයි හැටි වුනත්, ඔබ වඩාත් කාර්‍යබහුල මොහොතක ඔබේ කාලය කා දමන්නේ නැතිව කියන්න ආපු දේ කියන්නම්. අව්රුද්ද ලබන්න තව ගොඩක් වෙලා තියෙන නිසා, අවරුදු උත්සව වල ගොඩගැහිච්ච මගේ මතකයන් ටික දිග අරින්නම්.

මම සාමාන්‍ය පෙළ කරන්නත් කලින් ඉඳන්ම බෙන්තොට ක්‍රීඩා සමාජයේ කමිටු සාමාජිකයෙක් වෙන්න මට වරම් ලැබුනේ, ඒ ප්‍රදේශයේ පොත පතේ දැනුම තිබුණ අය අඩු හින්දා කියලා මම හිතනවා. නමුත් හේතුව ඒකම නොවෙයි. මේ වගේ තනතුරු දරපු අය විවාහයත් එක්ක ඔවුන්ගේ බිරියන් ඉන්න ගම්බිම් වල පදිංචියට ගිය හින්දා, සමහරු විදේශගත වුන හින්දා, තවත් සමහරු රාජකාරි හෝ වෙනත් කෝන්තර නිසා ක්‍රීඩා සමාජයෙන් ඈත් වුන නිසා. මේ නිසා අඩු වයසකින්ම මේ දේවල් වල පරිණත පුද්ගලයෙක් වෙන්න මට හැකි වුණා.

මගේ තිබ්බ යම් යම් හැකියාවල් මේ තත්වය ලඟා කර ගන්න හේතු වුණා. බැනර් ඇඳීම, නිවේදන කටයුතු,  පැහැදිලි අත් අකුරු තමයි ඒවාට හේතු කියලා මම හිතනවා. ඉතිං මම දැන් කරන රැකියාවට ඇවිල්ලත් අවුරුදු දෙකක් විතර යනකම් සිංහල අවුරුදු නැකත් වෙලාවල් වලට ගෙදර ඉඳලා නෑ. ඒ වෙලාවල් වලදී එක්කෝ යෝධ බැනර් එකක් අඳිනවා, නැත්නම් අවූරුදු උත්සවයට අදාල නිවේදන කටයුතු කරමින් අවට ගම් වල සැරිසරනවා. මේ වගේ ඒවාට හොඳ වාහන ලැබෙන්නේ නෑ. කාගේ හෝ කැඩිලා හදන්න දාපු වාහනයක් ගැරේජ් එකෙන් ඉල්ලගෙන, නැත්නම් ඒ වගේ වාහනයක් තියෙන කෙනෙකුගෙන් පෙට්‍රල් ගහන පොරොන්දුවට ඉල්ලා ගෙන තමයි මේ ගමන් යන්නේ.

බෙන්තොට ක්‍රීඩා සමාජය කියන්නේ කීර්තිමත් ඉතිහාසයක් තියෙන එකක්. 1972 සිට අද වනතුරුත් නොවරදවා අවුරුදු උත්සවය පවත්වන්න මේ ක්‍රීඩා සමාජයට හැකි වෙලා තියෙනවා. මේ අවුරුදු උත්සවය 88-89 අඳුරු යුගයේදීත් පවත්වන්න අපිට හැකි වුණා. ඒ පිටිපස සිටින අයෝමය හස්තය තමයි ආතර් අන්කල් නොහොත් ආතර් පියසිරි මහතා. එතුමාගේ සංවිධාන කටයුතු කටේ ශක්තියෙන් තමයි සිදු වුණේ. එතුමා ගැන කියන්න වෙනමම පොස්ට් එකක් අවශ්‍යයි. ඒක පසුව කරමු. මේ අවුරුදු උත්සවය ප්‍රසිද්ධ වෙන්න හේතු වුන තවත් කාරණයක් තමයි ලොකු ත්‍යාග මුදල් ලබා දෙන විවෘත තරග දෙකක් වශයෙන් සයිකල් තරගය සහ අවරුදු කුමාරි තරගය පැවැත්වීම. ගීතා කුමාරසිංහ මහත්මියට නිලි වරම් උදා වුනේ මේ අවුරුදු උත්සවයේ රු රැජින වශයෙන් තේරීම නිසා කියලා තමයි මම දන්නේ.  ඒ වගේම මේ සයිකල් තරගය සඳහා බොනිපස් පෙරේරා, කමල් පාලිත, බලයා(චන්ද්‍රසිරි ප්‍රනාන්දු) සහ තවත් බොහෝ නමගිය තරගකරුවන් සහභාගී වෙලා තියෙනවා.

හැමෝටම මෝටර් සයිකල් හෝ වාහන නොතිබුන යුගයක, මේ සයිකල් තරගය සඳහා කුමක් හෝ වාහනයක එල්ලී ගමන් කරන්න බලාපොරොත්තුවෙන් තමයි අපි බොහෝ දෙනෙක් ඒ කාලේ මේ පූර්ව වැඩකටයුතු වලට සහභාගී වුණේ. දැන් වගේ යකඩ පයිප්ප වලින් සාදන ස්ටේජ් නැති ඒ කාලේ පොල්කොට සහ ලෑලි උපයෝගී කරගෙන දවස් ගණන් ගත කරලා තමයි ස්ටේජ් එක හදා ගන්නේ. ඒකට ඉහලින් තමයි ටෙන්ට් එක ගහන්නේ. මේක පවත්වන්නේ බෙන්තොට සංචාරක නිවාඩු නිකේතන එළිමහන් රංග භුමිය කියන කොටසේ. එතන එක්තරා විදියකින් තියෙන්නේ පොල් වත්තක්. සංචාරකයන්ට යක් නැටුම් පෙන්වන්න තමයි මේ ඉඩ වෙන් වෙලා තියෙන්නේ. මම කලින් සටහනක් ලියපු ලංකාවේ හැඩය තියෙන පොකුණ සහ රේල් පාර අතර ඉතා මනරම් බිම් තීරුවක් තමයි ඒක.

ඉතිං මේකට එක්කාසු වෙන මහා ජනකාය නවත්වන්න අඩි 8ක් විතර උසට කම්බි වැටක් ගහනවා, අඩියක විතර පරතරය තියලා. ඒ වගේම හිටවන පොල් කොට වල කළුතෙල් ගානවා. නැතිනම් මෙහි අනුග්‍රාහක බවතුන්ට සහ ආරාධිතයින්ට මේ ප්‍රසංගය නරඹන්න සලස්වන්න බෑ. ඉතා තද ලෙස ඇතුල් වීමේ දොරටුවේදී පරීක්ෂාවට ලක් වෙනවා. මෙම ප්‍රසංගය නිම වනතුරුත් අනවශ්‍ය අයට ඇතුල් වෙන්න දෙන්නේ නෑ. ඒ අතින් මේ ක්‍රීඩා සමාජයට හොඳ විනයක් තිබුණා. සංවිධායකයින් කිසිවෙක් බීමතින් ඉඳලා නෑ. ඒකට ආදර්ශය සැපයුවේ එහි ප්‍රධාන තනතුරු දරපු කලින් සඳහන් කල ආතර් අංකල් සහ සභාපති තුමා වශයෙන් වැඩි කලක් සේවය සපයපු පොන්නම්පෙරුම මහතා.

ඉතිං මේ ක්‍රීඩා සමාජයේත් යුග දෙකක අය හිටියා. බොහෝ විට ජේෂ්ඨ / කනිෂ්ඨ වශයෙන් තමයි මේ දෙක වෙන් වුණේ. නමුත් මම වයසින් කනිෂ්ඨ වුවත් මෙහි ජේෂ්ඨ කොටසේ අයෙක් බවට පත් වුනේ අර කිව්වා තනතුරු. ටික කාලයකදී මට බර වැඩ නැතිව පින්තාරු කටයුතු වගේ ඒවා තමයි ලැබුනේ. මේ හැම දේම බොහෝ දෙනෙක් කලේ අර කලින් කිව්වා සයිකල් තරගයේ වාහනයක යන්නයි, සංගීත ප්‍රසංගය වෙලාවේ ඇතුලේ ඉන්නයි තියෙන ආශාවට. මේවායේදී අහම්බෙන් කැපී ගිය අයත් නැත්තේම නෑ.  සමහර ඇය නොදැනුවත්ව මේවට එකතු වෙලා ශ්‍රමය සැපයුවත්, ඒ වගේ අවස්ථාවල් ක්‍රීඩා සමාජයේ සාමාජිකයින්ට පමණක් ලබා දෙන්න සිදු වුන නිසා නොහොඳ නෝක්කාඩුත් බොහොමයක් ඇති වුණා. ඒවාට සමගාමීව හතුරන් පවා බිහි වුණා.

ඉතිං මේ අවුරුදු උළෙලේ සියලු දෙනාගේ වඩාත්ම සිත් ගත්ත අංගය තමයි සැතපුම් 100යේ මහා බයිසිකල් ධාවන තරගය. ඒක බෙන්තොට බෝධිය අසලින් ආරම්භ වෙලා මුලින්ම කළුතර බලා ගමන් කරනවා කළුතර බෝධිය අසලින් ආපසු හැරී නැවතත් ගාල්ලට ගොස් ගාල්ලේ සිට බෙන්තොට බෝධිය අසලින් තරගය නිමා වෙනවා. මෙතන හරියටම බැලුවොත් තියෙන්නේ සැතපුම් අනු ගණනක්. මේකත් අර දහඅට වන්ගුවේ වංගු 17 වගේ දෙයක්. මිනිස්සු කතාබහට පහසුවට මේ වගේ වෙනස් කිරීම් කරනවා. ඉතිං මේ සිත්ගත් අංගයේ වඩා සිත්ගත් කොටස තමයි මෙහි නිවේදන කටයුතු එහෙමත් නැත්තං එනවුන්ස් කිරීම. සමහරු මේකට කියන්නේ එලවුන්ස් කියලා. :)

මේ සයිකල් තරගය එනවුන්ස් කරපු යුග කිහිපයක අය හිටියා. අපි කුඩා දරුවන් වශයෙන් මේ තරගය බලන්න පාරට දුවගෙන එන කාලේ මේක එනවුන්ස් කරේ බෙන්තොට දිනමිණ, ඩේලිනිවුස් වාර්තාකරු ඒ වගෙමේ විදුහල්පති රිච්මන්ඩ් විජේසේකර මහතා. මගේ තාත්තාගේ වයසේ කෙනෙක්. ඊළඟ පරම්පරාව අමරබන්දු අල්විස් මහතා. ඉන් පස්සේ තිලක් සුචරිතරත්න මහතා. ඊට පස්සේ මම මහතා. මගෙන් පස්සේ කවුරැ කරාද කියන එක දැන ගන්න බැරි වුණේ, අවුරුදු කාලවල් වලදී ගමේ යන්න බැරි විභාග වගයක් දීලා එක දිගට අවුරුදු හතරක් විතර කොළඹ ඉන්න වුන නිසා. දැන් මම එකින් එක මේ අයගේ කාල වලදී වෙච්ච රසමුසු සිදුවීම් විස්තර කරන්නම්. දැන් රිච්මන්ඩ් සර්ගේ කාලේ සහයට අමරබන්දු අයියාත්, අමරබන්දු අයියාගේ කාලේ සුචා නොහොත් සුචරිතරත්නත්, සුචාගේ කාලේ මම ආදී වශයෙන් මෙහි අත්දැකීම් ඊළඟ පරම්පරාවට ගෙන ගියා. මට මෙහෙම අනුප්‍රප්තිකයෙක් නැතිව තනියමත් එක් වරක් මේ වැඩේ කරන්න සිදු වුණා.

අපි හැමෝම දන්නා කාරණයක් තමයි මේ මයික් වලට පුරුදු වුණ අය මයික් පෙරේතයෝ වෙන බව. මම දන්නා තරමින් එහෙම නොවුන එකම කෙනාත් මම බව බොහොම නිහතමානීව කියන්න ඕනේ. එතකොට දැන් පැහැදිලියි නේ මෙතන හිටිය අනෙක් ඇය අඩු-වැඩි වශයෙන් මයික් ටයිසන් ලා කියලා. ඔන්න රිච්මන්ඩ් සර්ගේ කතා ටික.

රිච්මන්ඩ් සර් මම හිතන්නේ මයික් ටයිසන් වැඩේ අවුරුදු 10ක් විතරම කරගෙන ගියා. මිනිහා කතාවල් පවත්වන්නත් හරි උනන්දුයි. ඉතිං උත්සව අවස්ථාවක කථාවක් නොලැබුනොත් ස්වේච්චාවෙන් හරි වචන කිහිපයක් කියන්න එතුමා ඉදිරිපත් වෙනවා. මේ එනවුන්සින් වැඩේ රස කතා ගොඩක් තියෙන්නෙත් එයා සම්බන්ධ ඒවා. එතුමාට මෙහෙම මයික් එක කට ගාවට ගත්තාම උන් හිටි තැන් අමතක වෙනවා, කෑමක් බීමක් අමතක වෙනවා. එක දිගටම කියවගෙන යනවා.

දවසක් ඉදිරියේදී පැවැත්වෙන තරග ගැන මෙහෙම විස්තරයක් කරලා.

"ආයුබෝවන්, මේ ඔබ අමතන්නේ බෙන්තොට ක්‍රීඩා සමාජය. මේ දැන් අවසාන වුණා ගම හරහා දිවීමේ තරගය මීළඟ පැවැත්වෙන්නේ බෙන්තොට ගඟේ ඇවිදීමේ තරගය සහ  ඔරු පැදීමේ තරගය මේ සඳහා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අය බෙන්තොට බෝධිරාජය අසල ඇති අපගේ කාර්යාලයට නම් ලබා දෙන්න" 

කියලා. මේක අහගෙන හිටිය කොල්ලෝ කුරුට්ටෝ මේක විහිලුවකට අරන් රිච්මන්ඩ් සර්ගෙන ගිහිං අහනවා බෙන්තර ගඟේ ඇවිදීමේ තරගය තියෙන්නේ කීයටද ? කියලා. මෙතන තරග තුනක් ගැන කියන්න ගිහිං අර උද්‍යෝගය වැඩි කමට තමයි එහෙම කියවිලා තියෙන්නේ. දෙකක් පැටලිලා. ඇවිදීම, පිහිනුම් තරගය සහ ඔරු පැදීමේ තරගය තමයි කියන්න අවශ්‍ය වුණේ.

තවත් වෙලාවක සයිකල් තරගයේ ලබා දෙන ත්‍යාග ගැන විස්තර කරා මෙන්න මෙහෙම

"අද ව්වෘත අංශයේ සයිකල් ධාවන ශුරයාට ඉලාස්ටෝ ආයතනයේ අනුග්‍රහයෙන් වර්ණ පාපැදියක් හිමි වෙනවා"

මෙතනත් වුනේ පැටලවීම. ව්වෘත අංශයේ ජයග්‍රාහකගේ ත්‍යාගය වර්ණ රුපවාහිනියක්, බෙන්තොට ප්‍රදේශවාසීන් අතර තරගයේ ජයග්‍රාහකයාට ලැබෙන ත්‍යාගය පාපැදියක්.

තවත් කාලයක මේ සයිකල් තරගය වැලිගම-බෙන්තොට අතර කෙලින්ම ගමන් කරන්න යොදා ගත්තා, අත්හදාබැලීමක් වශයෙන්. ඉතිං මෙහෙම කෑ ගහගෙන යනකොට හොඳටම අමාරුයි. රිච්මන්ඩ් සර් දැකලා තියෙනවා ඒ කාලයේදීම වෙළඳපොළට හඳුන්වා දීපු ස්ප්‍රයිට් එකක් කට තියාගෙන බොනවා තරගයේ විනිශ්චයට යන අපේ නියෝජිතයෙක් මෝටර් සයිකලයේ පිටිපස්සේ යන ගමන්. අපේ ක්ලබ් එකේ හිටියා මම වගේම සෙමි සීනියර් කණ්ඩායමක්. හය දෙනෙකුගෙන් යුත් මේ කණ්ඩායම විවිධ සමාජමය කටයුතු කරලා ප්‍රසිද්ධියක් වගේම කාගේත් හොඳ හිතත් දිනාගෙන හිටිය අය. හැබැයි ඒ වගේම හොඳ මගෝඩි කාරයෝ. ඉතිං මෙයින් එක්කෙනක්ගෙන් තමයි රිච්මන්ඩ් සර් ස්ප්‍රයිට් ඉල්ලලා තියෙන්නේ. ඒ අයත් රැකියා විරහිත අය. ඉතිං අතේ වැඩිය සල්ලිය බාගෙත් නෑ. ඒ වුනත් රිච්මන්ඩ් සර්ගේ අතට බයික් එකේ යන ගමන්ම ස්ප්‍රයිට් බෝතලයක් දීලා. රිච්මන්ඩ් සර් ගත්ත ගමන්ම කටේ තියා ගත්තා. එක පාරටම යන ඇයට ඇහෙනවලු

"මුන්ගේ අම්මලාට *(^&&*, මුන් මට දීලා තියෙන්නේ ලුණු වතුර"

පස්සේ මම සිද්ධිය දැන ගත්තේ.  කොග්ගල හරියේ මුහුද තියෙන නිසා, එක පාරටම ආපු අදහසකට අනුව තමයි ලුණු වතුර පුරවල දීල තියෙන්නේ.

මේක කොටස් දෙකකට කඩන්න වෙයි කියලා නොහිතයි ලියන්න පටන් ගත්තේ. නමුත් දෙවෙනි කොටසකුත් දාන්න වෙනවා.

ලැබුවා වූ නව වසරේ ඔබ සියලු දෙනාට යහපතක්ම වේවා !!! 





38 comments:

  1. අම්මෝ ගොඩ කල් මතකයක් නේ

    ReplyDelete
    Replies
    1. ඔව් මේ සිද්දි ටික අඩුම ගානේ අවුරුදු 10ල් 15ක් අතරේ වුණ ඒවා. සමහර ඒවා මම අහපුවා.

      Delete
  2. අනේ අවුරුදු උත්සවයක් බලන්න ගිය කාලයක් මතක නෑ... කොහෙද කාලයක් කලුවෙනවට බයේ ගියෙ නෑ දැන් ආස උනාම යන්න විදිහක් නෑ..

    ReplyDelete
    Replies
    1. දැන් සන් බ්ලොක් තියෙනවනේ. ඒ ගැනත් වෙලාවක ලියන්නම්. ඇයි දැන් ලංකාවේ නෙවේද ඉන්නේ ?

      Delete
    2. වැඩක් නෑ ඉතින්.... තවත් කලුයිනේ ^_^

      Delete
    3. රත්නපුරේ කළු හාමිනේ නේ මේ..

      Delete
    4. @ සුදීක, ක්‍රීම් ගාන වැඩ හරි අප්සෙට් අයියේ, කරන්නම දෙයක් නැති නිසා මිසක් ගාන්නේ නෑ, අනික ඔය සන් බ්ලොක් එක ගාගෙන අව්වෙ ඉද්දි මාව ඇලෙනවා ඇලෙනවා වගේ...
      ලංකාවෙ නෙමෙයිනේ අයියේ, ඩුබායි වල ඉන්නේ..

      @ රජා, හිටපිය මම ලංකාවට එනකන්

      @ නලීන් අයියා, ඔයත් මේ කොල්ලො එක්ක ඉදල හොදටම නරක් වෙලා..

      Delete
    5. මම දන්නේ නෑ ඔයා පාවිච්චි කරන්නේ මොන වර්ගයේ එකක්ද කියලා. මට හිතෙන්නේ ඩුබායි වලට SPF+ අගය වැඩි එකක් ඕනේ වෙයි. මමත් දැන් අරන් තියෙන්නේ 70 එකක්. මෙහෙත් වැඩි වෙනසක් නෑ. ඒත් ඩුබායි වල Humidity අඩු නිසා අපහසු නෑ නේද?

      Delete
    6. මෙහෙදි නම් මගේ සන් බ්ලොක් පාවිච්චිය අඩුයි, බීච් යන්න විතරයි පාවිච්චි කරන්නෙ.. අනිත් ක්‍රීම් නම් ගෑවට ප්‍රශ්නයක් නෑ එලියට යැවෙනව අඩු නිසා.. එ නිසා ලොකු අපහසුතාවයකට ලක් වෙන්නෙ ඔහෙ ආවහම තමයි..
      ඔය දේවල් ගැන මගේ දැනුම නම් නිල් අයියේ, ඔය නංගිල ගාන එකක් ගාගෙන ඉන්නවා...

      Delete
  3. රසවත් අවුරුදු උත්සව. අපිත් මේ 20 එහෙම එකක් කරන්නයි ඉන්නේ :D

    ReplyDelete
    Replies
    1. එතකොට 21 අපේ එකට එන්නේ නැත්ද ?

      Delete
    2. 21 එන්න වෙන්නේ නැහැ අයියා :( අනාදිමත් කාලෙක ඉදන් ලෑස්ති වෙලා කල් දදා හිටිය අපේ දහම් පාසලේ ගුරු මණ්ඩලේ ට්‍රිප් එක 21 දාගෙන තියෙන්නේ

      Delete
    3. ඇපල් පෆ් එකකුත් අරගෙනම යන්න.

      Delete
    4. මොකක්ද මේ ඇපල් පෆ් කතාව ???

      Delete
  4. අවුරුදු උත්සව වල මතකයනුත් රසවත්...

    ReplyDelete
  5. ඔබ ඇතුලු පවුලේ සැමටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා !!! පියවරක් හෝ ඉදිරියට යන්න ලැබේව !!!

      Delete
  6. සුන්දර මතකයක ලස්සන කතාවක්...
    වාසනාවන්ත අනාගතයක් උදාවේවා ඔබට සු දී ක..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින්.

      Delete
  7. අඩේ අවුරුදු කාලෙට විතරයිනේ ඔය ෆන් තියෙන්නේ! මමත් ගමේ අවුරුදු උත්සව නම් කොහොමත් කට කරන්නේ නෑ!!!

    ReplyDelete
    Replies
    1. ලිස්සන ගහේ එහෙම යනවා නෙවෙයි

      Delete
  8. .
    උඹට බෙන්තොට ගැන තියෙන මතක වගේම තමයි මටත් පොඩි කාලේ හිටි තැන් ගැන අවුරුදු උත්සව ගැන, බයිසිකල් රේස් ගැන තියෙන මතක.

    උඹටත් පොඩි එකීටත් සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. උඹට සහ පවුලේ අයටත් එසේම වේවා !!!

      Delete
  9. රිච්මන්ඩ් සර් දැන් වයස නිසා මේවට යනව අඩුයි.අමරබන්දු උන්නැහේ නම් ඉතින් දිව දෙකේ මිනිහනේ..ඒත් මේ අයගෙ වචන සෙට් අදටත් ගාම්භීරයි...අපිත් ඉස්සර ඔය බයිසිකල් රේස් බලන්න හරි ආසයි.අතුරුවැල්ල හන්දිය තමයි ඉතින් අපේ පොට් එක

    ReplyDelete
    Replies
    1. මම මේ කල්පනා කරන්නේ ඔයා කවුද කියලා?

      Delete
  10. අයියට සහ පවුලේ අයට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා නිශාන් මලේ !!!

      Delete
  11. සුදික ටත් දුවටත් සුබ අලුත් අවුරුද්දක් වේවා....!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා සුමිත් !!!

      Delete
  12. එසේම වේවා රජෝ !!!

    ReplyDelete
  13. එසේම වේවා !!! සෑමා.

    ReplyDelete
  14. සුදීකටත්, දුවටත් සියලු සිතුම් පැතුම් ඉටුවෙන, සුබ නව වසරක්!!!

    ReplyDelete
    Replies
    1. ඔයාගෙත් සිතුම්-පැතුම් සියල්ල ඉටුවෙන සුබ නව වසරක් වේවා !!!

      Delete
  15. සුභ අලුත් අවුරුද්දක් වේවා පිවිසෙන්න http://www.sinhapedia.com/

    ReplyDelete
  16. බෙන්තොට ගඟේ ඇවිදීමේ තරගය නං නියමෙට තියෙන්න ඇති.
    සුදීකටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා !

    අර විස්කි බෝතල් දෙක අවුරුද්දටවත් පාවිච්චි කරමු නේද.

    ReplyDelete
    Replies
    1. මෙහෙම තරගයක් නෑ. පටලවාගෙන ආතල් එක වැඩි කමට.

      ප්‍රසන්නටත් සුබ නව වසරක් !!! ඉන්න තැනින් එක පියවරක් හෝ ඉදිරියට යන්න ලැබේවා!!!

      අට වෙනි කොටසෙන් ලියන්නම්.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...