Wednesday, March 20, 2013

ස්කයි ඩයිවින්(Sky Diving) - ක්‍රීඩාවක්ද ? උන්මාදයක්ද ? නැත්නම් විනෝදාස්වාදය ලබා දෙන ක්‍රියාදාමයක්ද ?

රයිට් සහෝදරයින් වර්තමාන ගුවන් යානයේ මුලික ආකෘතිය ලොවට හඳුන්වා දීමට ප්‍රථම අහසින් යා හැකි විවිධ ආකාරයන් අත්හදා බලා තිබුණා. සමහරු තමන්ගේ දෑත් වලට ගැට ගැසූ පියාපත් මගින් ඉගිලෙන්න උත්සාහ කරා. මිනිස්සු එහෙම උත්සාහ කරන්න හේතු වෙන්න ඇත්තේ සමහරවිට සුරංගනා කතා. ඉතිං මේවා යතාර්ථයක් කර ගන්න ගත්තු උත්සාහ නිසා තමයි ඒ අය දැන ගන්න ඇත්තේ මිනිහෙකුට තමන්ගේ බරත් එක්ක අත්තටු සම්බන්ධ කරන පියාඹන්න බැරි බව. නමුත් වෙනස් මෙවලම් වලින් අත්තටු ගසා පියාඹන්න උත්සාහය මිනිසුන් අත හරියේ නෑ.


එයාලා හිතුවෙම කුරුල්ලෙක් වගේ අත්තටු ගසලා ගුරුත්වයට අභියෝග කරන්න. නමුත් රයිට් සහෝදරයෝ තමයි බිම දිගේ වේගයෙන් ගොස් ඉහලට යානයක් ඔසවන්න සමත් වුණේ. මගේ මාතෘකාව මොකක්ද මේ ස්කයි ඩයිවින් කියන එක නිසා ගුවන් යානා ගැන ඉන් එහාට යන්න මම උත්සාහ කරන්නේ නෑ. 

මෙහෙම ගුවන්යානා හොයාගත්තට පස්සේ මිනිසුන්ට උවමනා වුනා, හදිසි අවස්තාවකදී ගුවන් යානයෙන් පනින්න. එහෙම උවමනා උනහම පැරචුට් කියන සංකල්පය යොදාගෙන පහසුවෙන්ම ගුවනේ ඉඳලා බිමට පැනීම අත්හදා බැලුවා. විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධයේදී තමන්ගේ ඇඟේ බෝම්බ බැඳගෙන සතුරු නෞකා වලට ජපන්නු පැන්න බව මගේ පියා මට පවසා තිබුනා. 

පැරචුට් පැනිලි ගොඩක්ම අපි දකින්නේ ගුවන් සංදර්ශන වලදී. ලංකාවේ නම් නිදහස් උත්සවය වගේ දිනවල මේ වගේ පරචුට් වලින් පනින දර්ශන අපි දකිනවා. ඊට පස්සේ තවත් ක්‍රීඩාවක් හඳුන්වා දුන්නා. ඒ කයිට් සර්ෆින් කියන එක. ඒකෙදී කරන්නේ අර ලෝකාන්තය වගේ තැනකට ගිහිං තමන්ගේ ඇඟට සවි කර ගත්ත ත්‍රිකෝණාකාර තට්ටක් ආදාරයෙන් ගුවනින් ගමන් කිරීම. එයට සම්බන්ද ලීවරයක් මගින් එය ගමන් කරන දිසාව තීරණය කරන්න පුළුවන්.
පින්තුරය ගත්තේadventuresportsjournal.com
ඉන් පස්සේ අලුතෙන්ම එකතු වෙච්ච විනෝදාත්මක අහස්පිම්ම තමයි ස්කයි ඩයිවින් කියන්නේ. මේවට සම්බන්ධ වෙන අය නම භය කියන එක අඳුනන්නේ නැතිව ඇති. අපේ සමහර අය ඉන්නවනේ පුටුවක් ඉඳන් වත් පහලට පනින්න බය. ඇත්තටම බය නම් නොකර ඉන්න එක තමයි හොඳ. ඉස්සර මගේ පුරුද්දක් තිබුනා හැමදාමා පාසලේ ඉඳලා ගෙදර ආව ගමන් අපේ හුඩ් එකට එල්ලිලා නැගලා ඒකෙන් පනින. මුලින්ම පැන්නේ වැලි ගොඩට. පස්සේ  පස්සේ බිමටම පනිනවා. මේකෙදි මම ඉගෙන ගත්ත දෙයක් තමයි පාද දෙකම එක වර බිම තම්බන්න ඕනේ. අනිත් එක එන වේගය අවසන් කරන්න වාඩි වෙන්න ඕනේ. 

මේ අහසපිම්ම ගැන ලියන්න මට අදහසක් ආවේ මගේ මිත්‍රයෙක් වෙච්ච නදීර උඩවත්ත ඒ වගේ අවස්තාවක වීඩියෝවක් බලන්න ලින්ක් එකක් දුන්න අවස්ථාවේ.  ඔයාලටත් පුළුවන් පහල තිබෙන සබැඳියාවෙන් ගිහින් බලන්න. 


මේ ක්‍රීඩාවේ නැත්නම් විනෝදාංශයේ තියෙන විශේෂත්වය තමයි අඳින ඇඳුමේ දෑත් හා දෙපා අතර කොටස් යා කරලා හදල තියෙන පියාපත් වැනි කොටස. ඒක උපකාර කරගෙන ගුවනේ තමන්ට කැමති විදියට පියාඹන්න පුළුවන්. අන්තිම කොටසේදී තමයි පැරචුට් එක ක්‍රියාත්මක කරන්නේ. මේ වගේ වැඩ කරන්න හොඳ පුහුණුවක් වගේම මානසික ඒකාග්‍රතාවක් තියෙන්න ඕනේ. නිකංම කලබල වෙන කෙනෙකුට නම් මේ වගේ දෙයක් කරන්න ලේසි වෙන්නේ නෑ.

මේ පෙන්වන වීඩියෝවේ තියෙන්නේ මැලේසියාවේ තියෙන උසම කුළුණු වලටත් වඩා ඉහල ඉඳලා පහලට පනින දර්ශන. ලංකාවේ අපිටත් මේවාගේ පිම්මක් බලන්න ඇත්නම්. එහෙම හිතෙනවද ? "ඒත් මේවා තියෙන තැන් වල සෙනග වැඩියි නේ" කියන සිතුවිල්ලත් ඔයාලට මේ එක්කම ආවා නේද? ඔන්න ලංකාවෙත් මේ වගේ පිම්මක් පනින්න යනවා. ඒ ගැනත් මට කිව්වේ මගේ මිත්‍ර නදීර ම තමයි. ඒ අප්‍රේල් මාසේ හයවෙනිදා. කොළඹ ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයට. මේකට අවසර ගැනීම තමයි මේ දවස් වල කෙරීගෙන යන්නේ. අවසරය ලැබුන ගමන්ම මම බ්ලොග් පොස්ට් අතරේ එයත් සඳහන් කරන්නම්. මේක කරන්න යන්නේ රෙඩ්බුල් අනුග්‍රයෙන්. මගේ බ්ලොග් එක කියවන හිතවතුන් යම් ප්‍රමාණයකට මේක බලන්න අවස්ථාව ලබා දෙන්න ඔවුන් සූදානම්. තෝරාගැනීම කරන විදිය පසුව දැනුම් දෙන්නම්. 

ඇත්තටම මෙය ක්‍රීඩාවක් නෙවෙයි. ක්‍රීඩාවක් වෙන්න නම කුමන හෝ තරගාවලි තියෙන්න ඕනේ. මේකේ තරගාවලි හෝ තරග නැත්තේ මේ වෙනුවෙන් කරන්න වෙන අධික පිරිවැය නිසා. ඉතින් මේ වගේ විනෝදාශ්වාදය සහ ප්‍රවර්ධනය සඳහා තමයි දැනට මේක කෙරෙන්නේ. 

57 comments:

  1. මට නම් බයේ බෑ.:)

    මේ වගේ දේවල් කරන සමහර අය බලාපොරොත්තුවෙන්නේ, අනතුරකට මූන දීමෙන් ඇතිවෙන උද්වේගජනක හැඟීමට වෙන්ටැති.

    සමහරුන් තමන්ට තියෙන බයවල් නැති කරගන්ටත් මේ වගේ දේවලට පෙළඹෙනවා ඇති කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. එක පාරටම මේ වගේ දේවල් කරන්න යන්නේ නෑ. අනිත් එක හැම කෙනාටම මේ පැනිලි වලට හරි යන මානසිකත්වයක් නෑ.

      Delete
  2. පනින්න පෙර සිතා බලනු :D

    ReplyDelete
  3. පෙරේදා අපි දැක්ක මැරෙන්න කලින් කරන්න ඕන දේවල් සියක් කියන වැඩසටහනේ ඇඳුම් නැතුව ස්කයි ඩයිවින් කළා . මිනිස්සුන්ටත් ආසාවල් වල කෙළවරක් නැති හැටි

    ReplyDelete
    Replies
    1. ඇඳුම් විතරද එපා කියල තියෙන්නේ? පැරචුට් එපා කියල නැද්ද ?

      Delete
  4. අප්පේ..නාඩි වැටෙන එක නවතින වැඩක්නේ මේ!!!!! පිස්සු බම්ප් වෙයි! කෝ බලමු 6 මොකෝ වෙන්නේ කියලා!

    ReplyDelete
    Replies
    1. මමත් කල්පනා කලේ කාට හරි පොඩ්ඩක් නින්ද ගියොත් කොහොමද පැරචුට් එක දාන්න කලින් ?

      Delete
  5. මගේ නම් තියන ලොකුම ආසාවක් එක සැරයක් හරි ඔහොම පනින්න

    ReplyDelete
    Replies
    1. වෙන රටවල නම් මම හිතෙන්නේ අවස්තාවක් ගන්න පුළුවන්.

      Delete
  6. කතන්දර කාරයද කොහෙද දවසක් ලියල තිබුන එයාගෙත් ආසාවක් තියනව කියල පැරෂුට් එකකින් බිමට එන්න.
    පැරෂුට් එක දිගහැරුනෙ නැත්නම් මොන දෙයියන්ට කියන්නද. මං නම් බයයි ඔන්න. ඔහොම මැරෙන්න.

    ReplyDelete
    Replies
    1. පැරචුට් කියන එකද හරි වචනෙ අයියෙ

      Delete
    2. මැරෙන්න තියෙනවනම් ඉතිං මොනවා කලත් මැරෙනවා. උඩක ඉඳන් බිම බලන්න බැරි අයට මේක හරි යන්නේ නෑ.

      මම දන්නේ නම් නෑ පැරචුට් හරිද? / වැරදිද? කියලා

      Delete
  7. අපොයි අපි පනින්න ගියොත් අර රෝඩ් රණර් කාටුන් එකේ වගේ තමයි වෙන්නෙ අන්තිමට.

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් හෙක් ... දැන් ඔය නයන්න අයින් කර ගත්තොත් හොඳයි.

      Delete
  8. මේක මාර වැඩක් සුදික. ලංකාවේ මේක පනින එක කොහොම හරි බලන්න ඕනේ, ෆොටෝ ටිකක් ගහගන්න පුළුවන් උනොත් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඔයාට අනිවාර්යයෙන් චාන්ස් එකක් දෙන්නම්.

      Delete
    2. ගොඩක් ස්තුතියි සුදික.

      Delete
  9. ඔන්චිල්ලාව පදිනකොට පොඩි කාලේ බොක්ක කූල් වනවා සේම.. මේ පැනිල්ල ගැන හිතද්දිත් මට පිස්සු වගේ බං !

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ඒ දේවල් කලානම්, මේවා කරන එක අවුලක් නෑ.

      Delete
    2. සේම් හියර්... ^_^

      Delete
  10. සුදීක.. පෝස්ට් එකට පින්තූර දාන කොට, කොපි පේස්ට් නොකර. පෝස්ට් එක හදන තැනම තියෙනවා පින්තූර ඇඩ් කරන්න ෆැසිලිටි එකක්. එතනින් දැම්මාම, පින්තූරත් එක්ක පෙන්වන සින්ඩිවල පින්තූරෙත් පේනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දැනුවත් කිරීමට. එහෙම කරන්න නම් කලින් සේව් කර ගන්න වෙනවා නේද ?

      Delete
    2. ඔව්.. අනිවාර්යයෙන්..

      Delete
  11. මම නම් ඔව්වා බලන්නත් ආස නෑ අප්පා,,නිකම් ඔලුව කැරකෙනවා වගේ :(

    ReplyDelete
  12. අපොයි...දැක්කත් බය හිතෙනවා. අනේ ඇත්තට මේ මිනිස්සුන්ට හිතෙන දේවල් ..මතකද මේ ලඟදි Space එකේ ඉඳන් පැන්නා...

    ReplyDelete
  13. මට නම් දකින කොට අාසයි. ඒ්ත් කරන්න ගිෙයාත් නම් අනිවාර්ෙයන්ම ෙදතුන් පාරක් වත් කලන්ෙත් දානවා ෂුවර්.. අැත්තටම ඔෙහාම වැඩක් බලන්න තිෙයනවා නම් මරු..

    ReplyDelete
  14. දවසක අනිවා පයිනවා මම!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පැනපන් පැනපන් රාජ සම්පත් ලැබෙයි.

      Delete
  15. මගේ යාලුවෙක් ඉන්නව, තට්ටු තුනකට වඩා උඩ ඉදන් බිම බැලුවොත් කලන්තේ දානවා.

    එක වතාවකුත් රෙඩ් බුල් ප්‍රොමෝට් කළා නේද,, හොරයක් තියනවාදෝ මට සිතේ.

    ReplyDelete
    Replies
    1. මගෙත් යාලුවෙක් ඉන්නවා. නම ටිරෝන් එහෙම නෙවෙයි නේද ?

      ඔවුන්ගේ ක්‍රිකට් තරග වාර්තා කරන්න ඔවුන් මට ආරාධනා කරනවා. ඉතිං මේකත් ඒ හා සම්බන්ධ පුවතක්.

      Delete
  16. මටත් පනින්න හිතෙනවා මෙහෙම පිම්මක් සුදීක.

    ReplyDelete
  17. ඔයා රෙඩ්බුල් එකේ ප්‍රමෝෂන් අංශයේ අර්ධකාලින රැකියාවක් වත් කරනවද හිතෙනවා.හි හි හි....
    ඇඩ්වෙන්චර් වලින් මට කරන්න නොලැබුන එකම ඇඩ්වෙන්චර එක, කයිට් සර්ෆින් නම් කරා ආසයි මේකත් කරන්න දැම්ම කරොත් තමා ඉතින්

    ReplyDelete
    Replies
    1. අනේ නෑ. නමුත් මේ තොරතුරු එන්නේ ඔවුන් හරහා. ඔවුන් කරන දේ නිසා තමයි අපිට කතා කරන්න අවස්ථාව එන්නේ.

      මට ඇඩ්වෙන්චර් එපා වුනා ඇල්ල ඇඩ්වෙන්චර් පාක් එකේ අර ගලක් උඩින් බහින්න ගිහිං.

      මේවාට ගන්න විදිය අහල බලන්නම්.

      Delete
    2. බොහොම ස්තුතියි සු.දී.ක අයියා, එත් මන් ලංකාවේ නෙවෙයි ඉන්නේ,

      Delete
  18. නියමයිනේ බලමුකෝ අපිටත් ඕක බලන්න චාන්ස් එකක් හම්බ වෙයිද කියලා.

    ReplyDelete
    Replies
    1. මෙතන කමෙන්ට් කරන අයට චාන්ස් එකක් ලැබෙන්න බොහෝ ඉඩ තියෙනවා.

      Delete
  19. මුලින්ම අහන්න ඕන සුදීක අයියගෙන් මේ ප්‍රශ්ණය.අයියට තිබිච්ච දඟකාර විසේකාර ගතිත් එක්ක හමුදාවට එක්වෙන්න පුංචි කාලයේ කැමැත්තක් තිබුණේ නැද්ද?උඩ ඉඳලා බිමට පනින්න අත්මශක්තියක් හැමෝටම එන්නේ නැ.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. පොඩිම කාලේ මම කියලා තියෙන්නේ පොලීසියට යන්න ඕනේ කියලා. මම A/L කරලා ඉවර උනාම KDA යන්න මගේ යාලුවෙක් බල කරාම මමත් කැමති වුණා. ඒත් මගේ අම්මයි අක්කයි අකමැති වුණා. ඇත්තටම හමුදාවට එක් වෙන්න අවශ්‍ය වෙච්ච් ක්‍රීඩාශීලී ගතිය මට තිබ්බා.

      Delete
  20. මටත් ඉස්සර ඒ ආසාව තිබුනා මම කරන්නේ ගඟට පහත වෙලා තියෙන අට්ටිකා ගහකට නැගලා ලොකු කුඩයක් අරගෙන ගඟට පනින එක. එත් කවදාවත් හරිගියේ නැහැ සාමාන්‍ය වෙහෙන්ම වතුරට වැටුනා.

    ඉස්කෝලේ කාලෙනම් උදාක ඉඳලා පනින්න පුළුවන් එත් දැන් බැහැ බය හිතෙනවා.කකුල් වෙවුලනවා.

    ReplyDelete
    Replies
    1. ඒවා පුරුද්දෙ තිබ්බෙ නැත්නම් නිකම්ම බැරි වෙලා යනවා.

      Delete
  21. මැරෙන්න කලින් කරන්න හිතන් ඉන්න පුංචි ලිස්ට් එකක් තමයි මේක කරන්න පුළුවන් කාලේ ඉද්දි නාකි වෙලා ඉදිද දන් නැ ඒ වුනාට ට්‍රයි එක අත අරින්නේ නැ මම.

    මමත් කැමති අවස්ථා බලන්න එන්න

    ReplyDelete
    Replies
    1. ට්‍රයි කලොත් බැරි දෙයක් නෑ.

      Delete
  22. මම නම් උස තැන් වලට බයයි..:(

    ReplyDelete
  23. Dude:
    අර උඹ කරන හුඩ් එකට නැගලා බිමට පනින ගොංකම මාත් කලා ඉස්සර. පස්සෙ මට එකෙක් කිව්වා එහෙම කලාම එන පීඩනයට කිඩ්නි පුපුරන්න පවා පුලුවන් කියලා. ඒකෙ ඇත්ත නැත්ත නම් දන්නෙ නෑ.

    උඹ දැකලා තියෙනවද බන්ජි ජම්පිං? අර ලනුවක් ගැට ගහගෙන හෙන උසක ඉඳලා බිමට පනින්නෙ?

    ReplyDelete
    Replies
    1. ඔය කියපු කාලේ මම ගෙදරට යන්නේ එන්නෙත් වට්ටට උඩින් පැනලා. මගේ කිඩ්නි දෙක චෙක් කර ගන්න ඕනේ :D

      ලේ වතර වෙන වැඩ නේද?

      Delete
  24. ෂා! දැක්කම මටත් පනින්න හිතෙනවා... ඒත් බය යි අප්පා..

    ReplyDelete
    Replies
    1. මුලින්ම පඩියෙන් බිමට, ඇඳෙන් බිමට, බය හිතෙන්නේ නැත්නම්, මේසෙන් බිමට කරගෙන යන්න පුළුවන් නම්, උස වැඩි කර කර යන්න.

      Delete
  25. කොහොම උනත් අභියෝගාත්මක දේවල් කරන්න ආස අයත් ඉන්නවානේ.. මේකත් ඒවගේ විනෝදාශ්වාදයක් තමයි..

    ReplyDelete
  26. අපෝ මම නම් බයයි. උස බිල්ඩින් එකකට ගිහින් බිම බලන්නත් බය කොට ඔහොම ඒවා කොහොම කරන්නද ?

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...