Friday, March 8, 2013

ලංකාවේ ගොවිපවුල් සහ අපේ නවකතාවරුවා

අතීතයේ ශ්‍රී ලංකාවස්වයංපෝෂිත රාජ්‍යයක් බව මෙරටට වරින් වර පැමිණි දේශ ගවේෂකයන් ලියා තබන ලද ග්‍රන්ථයන් සාක්ෂි දරයි. අද තනිකරම ආනයන මත යැපෙන සිංහල ජාතිය දකින විට නිතැතින් සිහියට එන්නේ ලක්ෂ්මි බායි මහත්මිය ගායනා කල මේ ගීතයයි.

ආදී සිංහලුන් පිට දීප දේශ ජය ගත්තා...//
පිටරට සිරිතට දිව දික් කරනා අද සිංහල කළු සුද්දා..//
කන්ට අඳින්ටා පිට රටින් එනතුරු මුහුදට දත නියවන්නා ..//
 ආදී සිංහලුන් පිට දීප දේශ ජය ගත්තා...//

 හෙරලි බතල ටික නුපුරුදු අම්මා රට හාලේ බත කාලා..//
කිරි නැති හින්දා රට කිරි බීලා සිංහල දරුවෝ මරන්නා..// 
පිටරට හාලේ බත් ටික නැත්නම් බඩගින්නේ සිංහලයා...//
අන්තිමේදී බුදියන පැදුරත් දැන් දැන් පිට රටින් එන්නා ..// 


ඇය මේ ගීතය ගායනා කරන අවදියේ මේ ගීතය විහිළුවක්ම පමණක් වන්නට අපේ රට සහලින් ස්වයංපෝෂිත රටක්ව පැවතිනි. එකල මේ ගීතය හුදෙක් ගීතයක්ම පමණකි. මෙය තේ කෝප්පයේ දියසුලිය දැකීමකි. නමුත් අද මේ ලිපිය කියවන ඔබ මා හා එකඟ වන්නේ දෑත් දෙකම ඔසවමිනි. පෙරදිග ධාන්‍යාගාරය ලෙස ලංකාව විරුදාවලිය ලැබුවා යයි අප පාසල් සිසුන් වශයෙන් උගත්තෙමු. එහෙත් අද .... අද ... එකල අපේ රටින් සහල් ගෙන්වා ගත් බොහෝ රටවලින් අප සහල් ආනයනය කරන්නෙමු.

මෙය හුදෙක් සහල් සඳහා ලියවුනු තවත් එක ලිපියක් යයි ඔබට සිතෙනු ඇත. නමුත් සහල් ප්‍රමුඛ කෘෂිකර්මාන්තය සඳහා ආසියාවේ ප්‍රමුඛ රටක්ව පැවතී ශ්‍රී ලංකාද්වීපය තවත් එක ආර්ථික හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් යන යුගයක එය  360 හැරවිය නොහැකි තත්වයකට පත්ව ඇත. මේ සඳහා වග කිව යුත්තේ කවුරුන්ද ? 1948න් පසු රට පාලනය කල දේශපාලකයන් යයි ඔබ එකවරම දෙන පිළිතුර වුවත්, අද පවතින තත්වයට රට ගෙන ඒමට උරදුන්නා යැයි මට හැඟෙන තවත් කොට්ඨාශයක් ඇත. ඒ 50 සහ 60 දශකය නියෝජනය කල නවකතාකරුවායි.

මා ඔල්මොන්රෝන්දම් කරුවකු යයි ඔබට සිතෙනවාද? එය පුදුමයට කරුණක් නොවේ. අප පුරුදු වී සිටින්නේ සිදුවන ඕනෑම දෙයකට ඒ ඒ කාලසීමාවේදී රට පාලනය කරන දේශපාලඥයින්ට චෝදනා කිරීමටයි. එය පසුගිය ඉතිහාසයේම සිදු වුවකි. එහෙත් දේශපාලකයා කුමක් කීවද, ආර්ථිකමය වශයෙන් කුමක් කලද ඔබ ඒවාට අනුගත නොවන්නේ නම් ඔවුන් අසරණ වනු ඇත.

මා මේ වටින් ගොඩින් කියවාගෙන ආවේ රජයේ කාර්යාල රැකියා සොයා ගිය 50, 60, 70 දශක වල තරුණ පරපුර ගැනය. ඔවුන් මේ සඳහා දිරිමත් කලේ කවුරුද ? රජය යයි හැමදාම දෙන උත්තරය වෙනුවට මගේ හිතට ආවේ, ඒ කාල වල ඉතා ජනප්‍රිය නවකතා වල කතා නායකයන් රජයේ රැකියා ලබා දියුණුව පසුව ගමේ වලව් පරම්පරාවන්ට අභියෝග කල ආකාරයයි. ඒ කාලයේ මෙවැනි සැබෑ උදාහරණ කිහිපයක් නොතිබුනා නොවේ.

මා මේ සඳහන් කරන යුග වල යම් පොතක් මුද්‍රණ ද්වාරයෙන් පිට වුවාද එකල තාරුණ්‍යයය බොහෝ විට එය කෙසේ හෝ කියවයි. අද වාගේ අන්තර්ජාලය, ඊ-බුක්, ඊමේල් සහ මෙකී නොකී සියලුම මාධ්‍ය නොතිබූ යුගයක ජනයා තුලට මතවාද ඇතුලත් කල හැකි හොඳම මග පොත්-පත් වූ බව නොරහසකි. එකල  නවකතා කරුවා කිසිදු බලාපොරොත්තුවක් නැතිව තම කතා වල කතා නායකයන් අධ්‍යාපනය ජය ගෙන රජයේ ඉහල තානාන්තර වලට ගොස් ගමේ ඉහල යයි සිතා සිටි පවුල් වලට තිබූ තැන සොරා ගන්නා අකාරය විස්තර කලේ, හරියට හින්දි චිත්‍රපට වල සින්දු පහයි, ෆයිට් දෙකයි, මල්ගස් වටේ හතරයි වගේ වට්ටෝරු සංස්කෘතියකටය.

එකල පොත් පත් කියවූ ඕනෑම කෙනෙකු මා මේ කියන කාරණාව සත්‍ය බව පිලි ගන්නේ අවිවාදයෙනි. මාටින් වික්‍රමසිංහ ශූරීන්ගේ ගම්පෙරලිය මෙයට කදිම එක් උදාහරණයක් පමණයි. එකල දුප්පත් ගොවි පවුල් වල සිටි කවුරුත් උත්සාහ කලේ රජයේ රැකියාවක් ලබා ගැනීමටයි. දවස් තුන්සියහ හැටපහ තුලදීම කුඹුරු කර්මාන්තය හෝ වෙනත් කෘෂි කර්මාන්තයක් ආශ්‍රිතව තම ජීවිකාව ගැට ගසා ගත් අයගේ දරුවන් මේ පොත් කියවා එහි වීර චරිත තමන්ට ආරුඪ කරගෙන කවදා හෝ තමනුත් රජයේ ඉහල තැනකට යනවා යන පූර්වාදර්ශය මත වැඩ කොට තමන්ගේ අරමුණ සාක්ෂාත් කර ගන්නා විට තමන්ගේ දෙමාපියන් කරගෙන ආ කුඹුරු පුරන් වන බව ඔවුන්ට වැටහුනේ නැත. ඔවුන්ගේ සිහිනය වුවේ දිසාපති තනතුරක තිබෙන ගාම්භීර බවයි.

මෙකී පොත් පත් වල මේ දිරිය ගමන් කදිමට විස්තර වීම නිසා ඒ ඔස්සේ ගිය බොහෝ දෙනාට රජයේ රැකියා ලැබුණු බව නොරහසකි. එසේ රැකියා වලට ගිය අය නගරාශ්‍රිතව තම ජීවන ගමන කරගෙන යන අතරතුර තමන්ගේ උරුමයන් වූ කෘෂිකර්මාන්තයට කණ-කොකා ඇඬු බව පසක් වන්නේ 100% නොවුනත් පිටරටින් සහල් සහ වෙනත් ආහාර පාන ගෙන්වා ගන්නා යුගයකය. අද අපේ කෘෂිකර්මාන්තයට පහර දෙන්නේ බටහිර බලවේග හා ඇමරිකාවය. එය පාතෙනියම් වැනි මාරාන්තික ශාඛ මෙරටට අහම්බයක් සේ එවීමේ සිට කෙසෙල්, අඹ, සහ බොහෝ ඵලතුරු මෙඅරටට ආනයනය දක්වා අද ඔඩුදුවා ඇත.

අද අප සිටින්නේ කුඹුරු ඉඩම් ගොඩ කර තට්ටු ගොඩනැගිලි ඉදි කරන යුගයකය. මෙහිදී මා කිසිම දේශපාලනඥයකුට දොස් නගන්නේ නැත. නමුත් සුද්දා අප නැති කරන්න කල එක් උපක්‍රමයක් ලෙස මේ කාර්යාල රැකියා මේනියාව නම් කල හැක. සියලුම භෞතික සැප සම්පත් ලැබීමේ එකම මග ලෙස මා කියන මේ යුගයේ රජයේ රැකියා සඳහන් කල හැක. ඔබට මේවා ගැන ලියන මා එහි දෙවන පරම්පරාවක කාර්යාල වලට බඩගාන පුද්ගලයෙකි. අපි පිටුපසට ගොස් බැලුවොත් අපගේ මුත්තනුවන් කර ඇත්තේ කෘෂි කර්මාන්තය බව පැහැදිලි වනවා ඇත. අපගේ සීයා-ආච්චි පරම්පරාව ගෙදර වවාගෙන කෑ පරම්පරාවකි. අපේ දෙමව්පියන් ගෙදර වත්තෙන් පොල්, දෙල් කොස් කෑ පරපුරක් වන අතර අප අද දින අපේ බත් පතේ තිබෙන කෑම කොයි රටේ කොයි ප්‍රාන්තයෙන් ආවේදැයි කියන්නට නොදන්නා තැනක සිටින යාන්ත්‍රික ජන කොටසකි.

ඇත්තටම නවකතාකරුවන්ට මෙවැනි විප්ලවයක් කලහැකිදැයි ඔබ තර්ක කරනු ඇත. එහෙත් ජපානයේ පාපන්දු දියුණුව ගැන මා ලියූ ලිපය කියවූවානම් ඔබට මෙය තහවුරු වේ. එකම දේ හත්පාරක පුනරුච්චාරණය කල විට අත්තක් වන බව ගොබෙල්ස් පවසා ඇත. එසේනම එකල නවකතා, කෙටිකතා කියවා නොමගා ගිය අය අද ගොඩ කරන පුරන් කුඹුරු වලට වග කිව යුත්තෝ නොවේද ?

ඉතිං ලක්ෂ්මි බායි මහත්මිය කියන ඉහත සඳහන් ගීතය අද අපේ නිල-නොලත් ජාතික ගීය ලෙස සඳහන් කල හැකිය. මන්ද එය අපේ ජන සමාජය ගැන කදිමට විස්තර වන ගීතයක් වන නිසාය. ඔබට මේ බයිලා ගසන මා ගෙයි පිටිපස්සේ මිරිස් පැල කිහිපයක් වගා කොට දවසකට මිරිස් කරලා දෙක තුනක් මගේ මුළුතැන්ගෙයට සපයමින් සිටිමි. එමෙන්ම තවමත් කොළඹ නගරයේ කුඹුරු අස්වද්දන ජනයා බොහෝ ඇත. සෙසු දිස්ත්‍රික්ක වල ඊට තරමක් වැඩියෙන් මෙය සිදු වේ.

එහෙත් "රැකියාවට වඩා ගොවිකම" වගේ මාතෘකාවක පෙරදැරිකරගෙන ඉදිරියට යායුතු කාලයකි මේ.

පින්තුරය ගත්තේ : www.thetimes.co.uk 

68 comments :

  1. බසල් රාජපස්ස දිවිනගුම ගෙනාවෙත් ඕකනේ, නැත්නම් ඉතින් තව ඉස්සරහට පිට දීප දෙස ජය ගාථා තමයි කියන්න වෙන්නේ,

    ReplyDelete
    Replies
    1. මට ඔය දිවිනැගුම පනත ගැන කියවන්න බැරි වුනා. මොනවා වුනත් ගොවි පවුල් ඉහලින් තබන ක්‍රමයක් තියෙන්න ඕනේ. නැත්නම් දැන් ඉන්න ගොවියෝ ටිකත් නැති වෙනවා.

      Delete
  2. ඔබ කියන දේට යම් ප්‍රමාණයක් එකඟයි.

    පසු ගිය දවසක පුවත් පතක දුටුවා ගොයම් කැපීම සඳහා සේවකයින් වශයෙන් ලංකාවට පැමිනීමට ඉන්දියානු ජාතිකයින්ට වීසා නිකුත් කරන්න අවසර දුන්නා කියලා, හේතුව වශයෙන් දැක්වුනේ අපේ ශ්‍රමිකයින් හොඳ රැකියා සොයා බටහිර ආසියාවට යන නිසා ශ්‍රම හිඟයක් තිබෙන නිසා ඒ අඩුව පුරවන්න බවයි.

    ඒ වගේම ගාමන්ට් ෆැකටරි රැකියාවලටත් ශ්‍රමිකයින් සොයා ගැනීම ප්‍රශ්නයක් වෙලා තිබෙනව

    ReplyDelete
    Replies
    1. අපේ රටත් සින්ගපූරුවක් වෙයිද ?

      Delete
  3. ඉදිරිපත් කර ඇති ගීතය සමඟ මම ඔබත් සමඟ එක් වන්නේ පසුතැවිමකින්ය.ඒ අපට කරන්නට තිබුණු යමක් එහෙත් සැළකිල්ලක් නොදැක්විම හේතුවෙන් ඒ ගීතය අද සත්‍ය විම නිසාය.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. එහි තිබෙන අපූර්වත්වය තමයි, ගීත රචකයා ඒ තුලින් අනාගතය දැක තිබීම. ඒ කාලේ ඇති වෙච්ච පුංචි දෙය අද තනිකරම ලෝකය මත යැපෙන්න වෙන තැනකට ඇවිත් තියෙන එක.

      Delete
  4. මම නම් හිතන්නේ නැහැ නවකතාවලින් බලපෑමක් සිද්ද උනා කියලා. සාමාන්‍යයෙන් නවකාතා ලියන්නේ ඒ වෙනකොට සමාජයේ තියෙන දේවල් අනුව. ඒ කියන්නේ ඒ කාලේ නවකතාවල ගොවිතැනට වඩා රජයේ සේවයෙ හොඳ ගැන ලියවෙනකොට සමාජය ඒ තත්වෙට පත්වෙලා ඉවරයි කියලා මන් හිතන්නේ

    ReplyDelete
    Replies
    1. නවකතාවේ තියෙන නිසා කරන්න යනවා නෙවෙයි. ඒවා කියවත්දී යටි සිතේ තැන පත් වන දේ ඔවුන්ව මෙහෙයවන්න ඇති. මම උදාහරණයක් දෙන්නම් ජනප්‍රිය පාසල් වලට තියෙන තරගය බලන්න, හැමෝම එතනට ළමයි දමා ගන්න පොර කන හැටි. ඒ වගේම ඒ කාලේ කවුරුත් ආස වුනා පුටුවක වාඩි වෙලා පෑනෙන් වැඩ කරන්න.

      Delete
  5. පෑනකට කරන්ට බැරි දෙයක් නෑ සුදීක...

    මේ වගේ දේවල් ගැන ලියවෙන එකම ලොකු දෙයක්!!!

    ReplyDelete
    Replies
    1. පෑන බලවත් කියන්න තව එක උදාහරණයක් මේක.

      Delete
  6. //සුද්දා අප නැති කරන්න කල එක් උපක්‍රමයක් ලෙස මේ කාර්යාල රැකියා මේනියාව නම් කල හැක.//

    අනේ ඔව් සුද්දා ට අපිව නැති කරන එකනේ තිබ්බ ලොකුම ප්‍රශ්නේ .

    කෘෂිකර්මාන්තයට ලැබිය යුතු ගෞරවණීය ස්වාභාවය දීලා ඒක රැකගැනීමේ වගකීම තිබුනේ ආණ්ඩුවලට . ඔය වවාගෙන කාපු ප්‍රාථමික සමාජය දැන් යල්පැන ගිහින් . අතීත ෆැන්ටසිවල එරිලා "අනේ අපේ සීයල කොටපු කුඹුරු" කිය කියා දුක් වෙලා වැඩක් නෑ . ඔය ප්‍රාථමික සමාජයේ හිටියා නම් මේ බ්ලොග් කෙරුවාවල් , ඔහේගේ අයිටි ජොබ් එකක්වත් තියේද?

    රජයක් දැනගන්න අවශ්‍යායි අහාර වලින් ස්වයං පෝෂිත වීමේ අවශ්‍යතාව . ඒ අනුව ගොවි තැන කියන්නේ ගොය්යගේ පුතා විතරක් කුඹුරු කොටන පාරම්පරික රැකියාවක් කියන මානසිකත්වයෙන් ගලවලා ලාභදායි ආයෝජනයක් බවට පත්කරන්න ඕනි . කොටින්ම ගොවි බිමක් තියන එකෙක්ට අනුන්ට කඹුරන්න නොගිහින් මගේ ව්‍යාපාරයක් කරනවා කියන හැඟීම ගොවි තැනෙන් එන්න ඕනි . ඒක නොකල රජයන් මිසක් අහක ඉන්න නව කථා කරුවො පලි නෑ . ඊලඟට ඔය සුද්දා අපිට කෙලෙව්වා කියන ගොන් තර්කයයි , අතීත කාමයයි එක්ක නම් සමාජයට කිසිම ප්‍රගමනයක් සිද්ධ වෙන්නේ නෑ තවත් ආපස්සට යනව මිසක් !

    ReplyDelete
    Replies
    1. ඔයාට නොතේරුනාට දැනටත් සුද්දෝ අපිව විනාශයට ඇද දාන්න උත්සාහ කරනවා. මගේ බ්ලොග් ලිවිල්ලයි අයිටී ජොබ් එකයි ඒ කෙරීගෙන ආපු සමාජ පරිවර්තනයේ කොටසක්. නමුත් මගේ ඇඟේ ගොවියෙක් ඉන්නවා. මම හැම දවසකම මොනවා හරි පැලයක් වවලා ඒකට සාත්තු කරනවා. ගොවිතැන අයිති කෙනාගේ පුතාට ඒ ගොවිතැන අයිති වෙනවා පරම්පරාවෙන් එතකොට ඒ කුඹුර එයා නොකලොත් අන්දෙට දෙන්න ඕනේ. එහෙම ගන්නත් මිනිසුන් නැතිනම් අර කුඹුර පුරන් වෙනවා. පහුගිය කාලේ පුරන් කුඹුරු රජයට පවර ගන්නවා කිව්වම මිනිස්සු ආපහු කුඹුරු කරන්න පටන් ගත්තා. මේවා කාර්යක්ෂම කරන්න රජය මැදිහත් වෙන්න ඕනේ.

      සුද්ද උන්ගේ වහල්ලු විදියට ගොවියන් තියා ගත්ත එකත් එක හේතුවක් තමයි ගොවිතැන අත ඇරලා උන්ට ගොට්ට අල්ලන්න මිනිස්සු ටිකක් බිහි වෙන්න හේතුව. අපේ යට ගොවිතැන එපා කලේ සුද්දෝ තමයි. ඔයා ඔලුවෙන් හිටගෙන කිව්වත් මම ඒක පිලි ගන්නේ නෑ. සුද්ද නැති කලේ මේ රටේ තිබ්බ සමබරතාව.

      Delete
    2. ඔයා පිලිගත්තත් එකයි නැතත් එකයි , ලංකාවේ මිනිස්සුන්ගේ ගෝත්‍රික කම් අරින්න හරි අමාරුයි .මම මගේ අදහස කියල යන්නේ මේක කියවන එකෙක්ගේ හරි අදහස වෙනස් වුනොත් කියල මිසක් , ලියපු කෙනාට පිලිගන්වන්න නෙවෙයි . සුද්ද ලංකාවට ආවේ බිස්නස් වලට , ඌ ඉන්න කන් කලෙත් බිස්නස් . උන්ට නිලධාරි පැලැන්තියක් ලංකාවෙන් ඕනි වුනේ වියදම් අඩුකරගන්න , උන්ගේ බිස්නස් පහසු කරගන්න .සුද්ද උගේ බිස්නස් පහසු කරගන්න කරපු දේවල් වලින් ලංකාවට වාසි අවාසි දෙකම උනා . උන් මේක දාල ගිහින් අවුරුදු 60කටත් පස්සේ සුද්ද කරපු දේවල් ගැන කියවමින් ඉඳලා වැඩක් නෑ , සුද්ද කරපු ටිකෙන් එහාට අපි කොච්චර ඇවිල්ලද කියලයි බලන්න තියෙන්නේ . ඔයාගේ ගෙවතු වගාවයි රටේ කෘෂිකර්මයයි කියන්නේ දෙයක් . ආණ්ඩුවක් කරන්න ඕනි ගෙවතු වගා පස්සෙ දුවන එකයි නෙවෙයි , මහා පරිමාණ කෘෂි කර්මය දියුණු කරන එක, ණය රෝලේ ඉන්න ගොවියව එතනින් ගලවගන්න එක . අද වෙන්නේ ඒකේ අනිත් පැත්ත

      Delete
    3. //සුද්ද ලංකාවට ආවේ බිස්නස් වලට//

      ඔයා කියන්නේ උන් ආවේ විසා අරන් වගේනේ. උන් ආවේ අපිව හුරා කන්න. අදත් එංගලන්තයේ තියෙන සමහර ගෙවල් වල වහලවල් වල හෙවිලි කරලා තියෙන්නේ ලංකාවෙන් කපාගෙන ගිය තේක්ක. උන් කලේ උන්ගේ ව්‍යාපාරය පමණක් නෙවෙයි සමාජ පරිවර්තනයක්.

      Delete
    4. ආපු විදිහ මොක වුනත් කලේ බිස්නස් ,කරපු සමාජ පරිවර්ථනය හොඳයි .සමාජය කියන්නේ පරිවර්ථනය වෙන්න ඕනි දෙයක් . එක තැන ලැගල සිටිය යුතු නෑ . සුද්ද ආපු එකේ වාසි අවාසි දෙකම තියනවා , පොඩ්ඩක් විචාර බුද්ධිය තියනවා නම් ඒක පේනවා, එහෙම නැතුව උන්ගෙ ගෙවල් වල තියන වහලවල් වල තේක්ක ලීය දිහා බලාගෙන හිල්ලුවට වැඩක් නෑ . සුද්ද එන්න කලින් මේක මහා ලොකු ශිෂ්ටාචාරයක් , ශේෂ්ට ජාතියක් වෙලා තිබුනා කියල හිතනවා නම් ඒක ෆැන්ටසියක් . ඒ ශිෂ්ටාචාරේ අනුරාධපුර , පොලොන්නරු යුගවලින් ටිකෙන් ටික වලපල්ලට ගිහින් වඩිග රජෙක්ගෙයි සිංහල රදලයින්ගෙයි කුලල් කා ගැනීමට අහුවෙච්ච , නොදියුණු ගෝත්‍රික ජාතියක් ඉතුරු වෙලා තිබුනේ . සුද්දා මෙහේ ආවේ නැත්නම් මේක යටත් වෙන්නේ ආර්බි කාරයින්ගේ කඩුවට, එහෙම වුනා නම් වෙන්නේ මොකක්ද කියල අමුතුවෙන් කියන්න අවශ්‍ය නැනේ . ඒ නිසා සුද්ද මෙහෙන් ගෙනිච්ච තේක්ක ලීයේ දිග පලල හොයන්නේ නැතුව , මුතුන් මිත්තො කරපුව දැන් කරන්න කථා නොකර , නුතන සමාජ ක්‍රමය ඇතුලේ සාර්ථක ජාතියක් වෙන්නේ කොහොමද කියන එකයි ඇතිවෙන්න ඕනි කතිකාව .ඒ වෙනුවට අරු අරෙහම කලා , මෙහෙම කලා කිය කිය හිටියාම රිවස් ගියර් එකේ ගියහැකි .සුදීකල ඒ මතය කරපින්නගෙන යනවා , සුදිකල කඩේ යන දේශපාලන නායකයො රටම ගානට රිවස් එකේ ගෙනියනවා .ලෝකෙම මිනිස්සුන් ඉස්සරහට යන්න කථා කරත්දි ආපහු කැලේ පනින්න කථා කරන "උගත්" මිනිස්සුත් ඉන්න මේක නම් කොහොමත් ආශ්චර්ය ද්වීපයක්ම තමා

      Delete
    5. බුවා කියපුවයින් බොහෝ දෙයට එකඟයි.
      එකඟ නොවෙන්නේ ...
      1. මහාපරිමාණයෙන් න් කෘෂිකර්මය දියුණු කරන්න ලංකාවේ ඉඩම් නැහැ. කුඩා ඉඩම් කට්ටි පාවිච්චි කරලා ඵලදායි ලෙස කෘෂිකර්මය නැංවිය නොහැකියි. එකම විසඳුම ලංකාවේ කෘෂි නිෂ්පාදන වියදමට වඩා අඩුවෙන් මිලට ගත හැකි රටකින් ආනයනය.
      2. ස්වයං පෝෂිත ආර්ථිකය යනු යල්පැනගිය අසාර්ථක මතවාදයක්. එහෙම කරපු ඉන්දියාව අනුගණන් වලදී ආර්ථික කඩාවැටීම එක්ක වෙළඳපල ක්‍රමයකට මාරු උනා. ලෝක ආර්ථිකයට ගලවාපු ප්ලග් ඔක්කොම ආයිත් ගැහුවා. දැන් ආර්ථික වර්ධනය ඔවුන්ගේ දෙගුණයකට වඩා වැඩියි.

      හැම එකම ආණ්ඩුවට කරන්න බැහැ. නමුත් ලංකාව මේ නරා වලේ වැටිලා තිබෙන්නේ පැවතුනු රජයන්ගේ අයහපත් අදුරදර්ශී ආර්ථික කළමනාකරණය සහ සුභ සාධන ක්‍රම නිසා බව නොකියාම බැහැ. පුළු පුළුවන් මිනිහ , ඉගෙන ගත්ත මිනිහ , හර්දය ශක්ෂියක් තියෙන වෙන දේවල් බලන් ඉන්න බැරි මිනිහ අසු ගණන් වල ඉඳන් කරන්නේ කොහොම හරි රට පනින එක. ලංකාවේ ඉතිරිවෙලා ඉන්නේ කබ්බො. (සමාවෙන්න). කබ්බෝ පත්කරන්නේ කබ්බ පාලකයන්. අවසන් ඵලය අසාර්ථක කබ්බ රාජ්‍යය... ශ්‍රී ලංකා මාතා.

      Delete
    6. මෙතන ඔබත් එක්ක තර්ක කරනවා නම් ඒක දිගටම කරගෙන යන්න පුළුවන්. සුද්දගේ පැමිණීම නිසා වූ දේ ගැන සොයා බැලීම හීල්ලීමක් නොවෙයි (අර උගත් පාඩම් වගේ :D). නමුත් මගේ ප්‍රධාන මාතෘකාවට ඇවිත් ඒ ගැන කතිකාවක යෙදුනොත් නරකද ?

      Delete
    7. මහසොහොන් පිල්ලිය - ස්වයං පෝෂිතයි කියල මම අදහස් කලේ මැතීණි , ඉන්දිරා ගාන්ධි අනුගමනය කරල රටවල් දෙක විනාස කරපු ආර්ථිකය නෙවේ . මම අදහස් කලේ ආහාර නිෂ්පාදනය මීට වඩා ඵලදායි කරගන්න පුලුවන් කියන එක . සමහර විට ඔබ කියන විදිහට ඒක සාර්ථක නොවෙනවා වෙන්න පුලුවන් .

      ප්‍රධාන මාතෘකාව කියලා ඔයා කියන්නේ මොකක්ද ? නව කථා රටේ ගොවිතැන විනාශ වෙන්න බලපැව කියන එක ගැනද ? ඒක ගැන පල්වෙනි කමෙන්ටුවෙන්ම කියල ඉවරයි

      Delete
    8. ප්‍රධාන මාතෘකාව කියලා ඔයා කියන්නේ මොකක්ද ? නව කථා රටේ ගොවිතැන විනාශ වෙන්න බලපැව කියන එක ගැනද ? ඒක ගැන පල්වෙනි කමෙන්ටුවෙන්ම කියල ඉවරයි

      Delete
    9. @මහ සෝන් පිල්ලිය - ස්වයං පෝෂිත ආර්ථිකය කියම මම අදහස් කලේ ආහාර නිෂ්පාදනය ඵලදායි ලෙස වැඩි කරගැනීම ගැන පමණයි . මැතිණි , ඉන්දිරා ගාන්ධි වගේ අයගේ රටවල් විනාස කරපු පිස්සු සමාජ වාදී ආර්ථික ක්‍රමය නෙවේ . කෘෂි නිෂ්පාදනය ගැන ඔබේ අදහස වඩා නිවැරදි ඇති

      Delete
  7. mage yaluwa "Govitan" karana. akkara 4 k waga karala.
    "Korotuwe" nati dayk naha.
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. කොයි තරම් දෙයක්ද?

      Delete
  8. සුදීකට කියන්න, ඉස්සර අපේ කිරිඅම්මා අපිටත් කිව්වෙ " අනේ කොල්ලනේ පියුන් ජොබ් එකක් හරි කමක් නෑ රජයේ එකක් හොයා ගනිල්ලා " කියලා. අපි මෙහෙම පෞද්ගලික අංශයේ රැකියාවක් කරනවා කිව්වම උන්දෑ විස්සෝප වුන තරමක් !

    මේකෙ යම් සත්‍යතාවයක් තියනවා.. හැබැයි ආයෙ රජයට ඇඟිල්ල දික්කරනන් පුළුවන් දුර නොදැකීමේ වරදට. ( කවදාවත් ලංකාවෙ තිබුන ආණ්ඩු දුර දැක්කෙ නෑ. එහෙම වුනානම් මෙහෙම වෙන්නෙත් නෑ. ) මේවගේ කතා දිගින් දිගටම ලියවීමෙන් සමාජයේ ඒ පිළිබඳ නැබුරුවක් ඇතිවිය හැකියැයි හඳුනාගෙන යම වාරණයක් වුනත් කරන්න තිබුනා.. ඒත් මේ කියන කරුණ මුලින්ම දැකලා තියෙන්නෙ සුදීකද මංදා.. වෙන කොහෙදිවත් මේ පිළිබඳව කතා වෙනවාවත් මම දැකලා නෑ..

    දැන් හැමදේම වෙන විදිහ ගැනනම් පුදුම කණගාටුවක් තියෙන්නෙ.. කරුමෙ කියන්නෙ හුඟක් තැන්වලදි අපිටත් වෙනසක් කරන්න අමාරු තරමට අපිත් ඒවයෙ ගොදුරු වෙලා..

    ReplyDelete
    Replies
    1. ඒ යුගයේ මිනිසුන්ගේ සිත් වල පැලපදියම් වෙච්ච් දේවල් තමයි ඒ.

      Delete
  9. ඔබේ තර්කයේ යම් සත්‍යයක් තියෙනවා සුදීක. ඒ ඔබ මේ ප්‍රශ්ණය දුටු ආකාරයයි. එහෙත් මම බුවාගේ මතය හා එකඟ වනවා. මන්ද, අතීතයේ පැවතියේ ඉතා අල්පේඡ්ච ජීවිතයක්, තම මහන්සියෙන් හෝ ඉහලට ගමන් කිරීමේ හැකියාව, වැඩවසම් ක්‍රමය තුල අහුරා තිබුනා. ප්‍රධාන ආහාරය වී තිබෙන්නේ බත් සහ හත්මාළුව යන ව්‍යංජනයයි. මේය ඉතා සරල ආහාර වේලක්. හත් මාළුව කීවාට මෙයි කිසිම මස් මාළුවක් තිබි නෑ. මේක නිකන් ඔය සයිවර් කඩේ සාම්ම්බාරු හොද්ද වගේ එකක්. ඒ කාලේ තම පරිභෝජනයට වගේම, රජතුමා ඇතුලු පිරිසගෙ බඩ පුරවන්නත් අනිවාර්යයෙන් අපි වවමු රජු නගමු ව්‍යාපාරයට සම්මාදම් විය යුතුව තිබුනා. වෙන කරන්න රස්සාවක් නෑ. එහෙත් අද ළෝකය වෙනස්, අද බලන්න ඕන පරිභෝජනය ගැන පමණක් නෙමෙයි. මිනිස් අවශ්‍යතා අධිකයි. එනයින් බලන කල වී වගාව සාර්ථක ආර්ථික භෝගයක් වන්නේ නෑ. ඇත්ත වශයෙන්ම ආර්ථික වාසි ඇති වෙනත් වගාවන් කොට, හාල් පිටරටින් ගේන එක ලාබයි. පෝර සහණාධාරයි, ණයයි, නියං සහනාධාරයි, ගංවතුර සහනාධාරයි, සමෘධියි දිදි හිඟන්නෝ පිරිසක් මේන්ටේන් කරනවාට වඩා. ආර්ථික වශයෙන් ලාභදායි වගාවන් වෙත ඔවුන් යොමු කිරීමයි කළ යුත්තේ. යම් තරමකින්, ආන්ඩුවත් මේ මතයට පැමිණ තිබීම සතුටට කාරණයක්. තම පරිභෝජනය සඳහා වගාවක් කරමින් වත්ත පිටියේ වෙහෙසීම මම ඉත සිතින් අගය කරනවා. එවන් දෙයක් කරනවා නම්. ඔය අනිත් අයට පේන්නේ හැන්දෑවට ජොගින් කරන්න ඕන නෑ.

    ReplyDelete
    Replies
    1. මම විශ්වාස කරන්නෑ රජවරු හත්මලුව කෑවා කියන එක. ඒක මේ රටේ ඉතිහාසයට කරපු අපහාසයක්. අද දළදා මාලිගාවේ දාන වලදී පිළියෙළ කරන්නේ මහනුවර යුගයේ රජවරුන්ගේ අහාර වේල් පදනම් කරගෙන හැදෙන එකක්. ඔබ දන්නාවද ඒ දානයට කොපමණ ව්‍යංජන ප්‍රමාණයක් පිළියෙළ කරනවාද කියලා. හැබැයි තව දෙයක් මේකත් මගේ මාතෘකාවෙන් පිට.

      Delete
    2. ඒක මම දන්නවා..සුදීක.. මම කතා කලේ සාමාන්‍ය ජනතාවගේ කෑම වේල ගැන.. ලෙනාඩ් ෆුල්ෆ්ගේ පොත් කියෙව්වම කොතරම් අල්පේච්චි ජීවීතයක් ගත කලාද කියන දේ පේනවා. එච්චර අවශ්‍ය නෑ. ඒ කාලේ ජීවීත කෙසේද කියා අපටත් පොඩි මතකයක් තිබෙනවා. දළදා මාළිගාවේ එළෝලු පිනි 30 ගනනක් පිළියෙල කරණවා. එපමනක් නොවේ ඒය පිලියෙල කරනා ආකාරය පවා මා දැක තිබෙනවා.

      Delete
  10. මං ඔය කිට්ටුවෙන් යන මොකක් හරි ලිව්වා වගේ මතක තිබ්බා... කො‌ෙහාමත් සාහිත්‍යයෙන් කරපු බලපෑම් මාත් දකිනවා යම් යම් තැන් වල... විශේෂයෙන් රැකියා ක්ෂේත්‍රයේ..

    අදත් හොඳ ලස්සනට සාර්ථකව කෘෂිකර්මාන්තයේ යෙදෙන කොල්ලෙක්ට වඩා දොස්තරෙක්, විධායක ශේණියේ රැකියාවක් කරන කෙනෙක්ට තියෙන ඉල්ලුම වැඩි බව මංගල දැන්වීම් දැක්කම පේනවා...

    ReplyDelete
    Replies
    1. ඒ වගේමයි රැකියා විරහිත දුප්පත් කෙල්ලෙක් බඳින්න කැමති වෙන පුද්ගලයා, ගාමන්ට් එකක වැඩ කරන චරිතවත් කෙල්ලෙක් බඳින්න කැමති වෙන්නෙත් නෑ.

      Delete
  11. @බුවා, මාතලන්, මහසෝන් පිල්ලිය

    මම ඔබතුමාලා තුන් දෙනාගේන්මයි මේ අහන්නේ. ලංකාවේ අය ඇර තමන් උපන් ජාතිය පීචං කරලා කතා කරන තව එක ජාතියක් ඉන්නවනම් මට පොඩ්ඩක් කියන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කථා කරත්දි උපන් ජාතිය පීචං වෙනවා වගේ පේනවා නම් ඒකට කරන්න දෙයක් නෑ , නිකන් බොරුවට වංශේ කබල් ගාලා වැඩක් නෑ , අවුරුදු 2500ක් නෙවෙයි 25000ක ඉතිහාසයක් තිබුනත් වැඩක් නෑ වර්ථමානය අප්සෙට් නම් . අපේ ජාතිය, උරුමය, ඉතිහාසය හාමුදුරුවනේ .....කියල පපුවට නෙලා ගන්න දේශපාලකයින්ට නම් ඔය මෝඩ ශෝ හොඳයි . අපි කථා කරන්නේ දකින්න තියන ඇත්ත . ඒකේ නොපෙන්න එක්කො අර දේශපාලකයින්ගේ ටෝක් වලින් හරි ඉතිහාස පොතකින් හරි විචාර බුද්ධිය වැහිලා තියෙන්න ඕනි . අනික මෙතනදි නම් ජාතියට කිසිම අපහාසයක් නෑ . අතීතයේදී ඕනිම ජාතියක් තමන්ට අවශ්‍ය දේ තමන්ම නිෂ්පාදනය කරගෙන බොහොම සරල ජීවිතයක් තමයි ගත කලේ , ඒක එදාට සාපේක්ෂව පීචං දෙයක් නෙවේයි . හැබැයි කවුරු හරි කියනවා නම් අද කාලෙටත් ගැලපෙන්නේ ඒදා ක්‍රමයයි කියල අන්න එතන අවුලක් තියනවා

      Delete
    2. ඉන්නවා සුදීක... මතකද සිංහලයා.

      ඕකම තමයි යාළුවා මම කිව්වෙ සිංහල අපි අපේ ජාතිය ගැන කතා කරනකොට බනින අපේම අය වෙනත් ජාතීන් තම ජාතිය ගැන කතා කරනකොට උන් නියම ජාති හිතෛෂීන් කියල කියනවා කියලා.

      Delete
    3. එහෙම පීචං කර කතා කල තැන පෙන්වන්න.. සුදීක...

      Delete
    4. සුදික , ඕක මගෙන් බොහොමයක් දෙනෙක් අහන සම්ප්‍රදායික ප්‍රශ්නයක්. ඕකට දෙන්න තියෙන්නේ දෙකේ පන්තියේ ළමයෙකුට දෙන විදියේ උත්තරයක්. මොකද ඒක එතරම්ම පැහැදිලියි. හෙමිහිට උත්තරයක් දෙන්නම්. නමුත් ඊට කලින් මා මතු කරපු මතවාදයන් වැරදියි කියල කරුණු සහිතව පෙන්නලා දෙන්න.

      1. කබ්බන් විසින් පත්කරන ලද කබ්බ පාලකයන් (පබා , අනර්කලී , මර්වින් .. තව ඕනෙද ? ) ගෙන යන අසාර්ථක කබ්බ රාජ්‍යය. - වැරදිද ?

      2. පුළුවන් කමක් තිබෙන හැම දෙනාම කරන රට පැනීම. ඉතුරු වෙන්නේ එහෙම කරගන්න හැකියාවක් , උගත් කමක් නැති උදවිය සහ ලංකාව සමග හරදැමිය නොහැකි ( ඥාති සම්බන්ධතා වැනි ) සම්බන්ධතා ඇති උදවිය. - වැරදිද ?

      ඔය දෙක විතරනේ මම මතු කරේ ... කියමු බලන්න කරුණු සහිතව වැරදියි කියල.

      Delete
    5. සුදීක, ඕක ලංකාවෙ කිහිප දෙනෙකුට තියන හීනමානයක්.. එච්චර වද වෙන්ඩ දෙයක් නෑ..මමත් ජාතීන් කිහිපයක් එක්කම වැඩකරලා තියනවා, දැනුත් කරනවා ඒත් උන් කවදාවත් තමන්ගෙ රට / ජාතිය දෙකේ කොලේට දාලා කතා කරනවා මම දැකලා නෑ.. ඉන්දියාවෙ උන් කරන බොහොමයක් කුප්පිදු වැඩත් උන් මහ උජාරුවෙන් කියන්නෙ.. " අපි ඉන්දියානුවො, ඒ තමයි අපේ හැටි "

      Delete
    6. ඉතින් වැඩක් තියේද බන් , ඕනි පාහර වෑඩක් කරලා "අපි ඉන්දියානුවන් කිව්වා " කියලා ඒක උනටවත් උන්ගෙ රටටවත් ආඩම්භරයක්ද ?

      Delete
    7. තදින් විදුලි කෙටීම නිසා මා අන්තර්ජාලයෙන් තරමක් ඈත වී සිටියා. ඒ ගැන කනගාටුව.

      @බුවා : අපිට වඩා ඉතා පහල තත්වයට වැටුණු රටවලුත් තියෙනවා. ඔය කබ්බ සීන් එකට තනිකර වග කියන්න ඕනේ ජේ. ආර්. ගේ 1978 ව්‍යවස්ථාව. ඒක නිසා තමයි ඔබ කියන කබ්බෝ මන්ත්‍රීවරු ඇමතිවරු වෙන්නේ. ඒක වෙනස් කරන්න ඔය පාර්ලිමේන්තුවේ ඉන්න කාටවත් ඕනේ නෑ. ඔය ක්‍රමයෙන් බලයට ආපු කවුරුවත් ඒක අත අරින්න කැමති නෑ. දොස් කියන්න ඕනේ ජේ.ආර්. ට. අපේ ජාතිය ගැන ඉහලින් කතා කලත් වැඩක් නෑ, පහලට දාල කතා කලත් වැඩක් නෑ. ඒත් පවතින ක්‍රමයට තමන් විරුද්ධ නම් එක්කෝ පාරට බැහැල ඒ ගැන හඬ නගන්න ඕනේ. නැත්නම් අර මහසෝන් කියනවා වගේ කබ්බෙක් නොවී රට යන්න ඕනේ. මේ වගේ වෙනත් මාතෘකාවක් ඔස්සේ කතා කරන පොස්ට් එකක් කිඩ්නැප් කර එහි ඇති වාක්‍යක් අල්ලාගෙන වාද කිරීම සාධාරණද ? මා වාද කිරීම නවත්වන්න උත්සාහ කලත් ඔබ එයට සුදානම් නැති බවයි පෙනෙන්නේ. අනිත් එක මා මගේ නියම නමින් පෙනී සිටින්නේ. ඒ නිසා පවසනේ දෙයක් වගකීමෙන් කීමට මට සිදු වනවා. එහෙත් ඔබ තිදෙනාම වෙස් වාලගෙන සිටින්නේ. දේශපාලනය කියන්නේ මම අකමැති මාතෘකාවක්. එනිසා අපි දේශපාලනයෙන් පැටලෙන්නේ නැතිව හිඳිමු. ඉඳ හිට මගේ පොස්ට් එකකින් විසි වන වාක්‍යක් අල්ලා නොගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

      @මාතලන් : අර ප්‍රශ්නය ඔබගෙන් අසන්න හේතු වුනේ ඔබ බුවා අනුමත කල නිසා. එහෙත් ඔබගේ පසු කමෙන්ට් වලින් පැහැදිලි වනවා එය ඔබගේ මතය නොවන බව.

      @මහසෝන් පිල්ලිය : මම විශ්වාස කරනවා ඔබතුමා මෙරට හැර ගොස් සිටින කෙනෙක් කියා. නැතිනම් ඔබත් කබ්බෙක් නොවේද? ඔබ කබ්බෙක් නොවේ නම් කබ්බ රාජ්‍යයේ සිටින කබ්බෙක් ලියන දේ ගැන කුමට ලතවෙනවද ?

      Delete
    8. නියම නමෙන් ඉන්න එක ඔයාගේ ප්‍රශ්නයක්නේ , ඔයාට නියම නමෙන් ඉන්න , ඔයාට ඕනි විදිහට ප්‍රතිචාර පලකරන අය විතරක් නම් කමෙන්ට් කරන්න ඕනි .ඒ බව කියල තියන්න ඒතකොට මම මේකෙ කමෙන්ට් කරන්නේ නෑ .

      Delete
    9. බුවා,

      මම කියන්න හැදුවෙ, තමන්ට උරුම දේ කොච්චර නරක උනත් උන් ඒ ගැන පසු තැවෙන්නෙ / ලැජ්ජා වෙන්නෙ නෑ කියලා.. ඒක රටට ආඩම්බරයක් නෙමේ තමා, ඒත් අපෝ අපේ රට මෙහෙමයි, මේ වගේ උන් ඉන්නෙ කියලා පහත් කරලා කතා කරනවට වැඩිය ඒක නම්බුකාරයි, වැදගත්.

      උඹ කොච්චර අකමැති උනත් වෙනස් කළ නොහැකි සත්‍යයක් තියනවා. ඒතමයි උබේ ජාතිකත්වය. උඹ ලංකාවෙ ඉන්නෙ මහ වැඩකට නැති ගෝත්‍රිකයො කියලා කියනවනම්, උඹත් නිකන්ම ඒ ගොඩට වැටෙනවා.. උඹත් ගෝත්‍රිකයෙක් වෙනවා..ඒක වලක්වන්න බෑ.. මොකද උඹත් ලාංකිකයෙක් නිසා.

      මට තේරෙනවා උඹ වැරදි පෙන්නලා දීලා එකෙක් හරි හැදෙයි කියලා බලාපොරොත්තුවෙන් වෙන්න ඇති මෙහෙම කරන්නෙ. ඒත් ඒක රටට, ජාතියට අපහාස නොකර කරපන්.. එතකොටයි ඒකෙ වටිනාකම වැඩි..

      Delete
    10. @බුවා : මා කියන දේට වගකීමක් තිබෙන්න අවශ්‍ය බව මගේ විශ්වාසය. ඒකයි මා නියම නමෙන් ඉන්නේ. ඔබගේ කමෙන්ට් කිරීම් වලට මගේ කිසිම අකමැත්තක් නෑ. ඒත් මාතෘකාවෙන පිට පැනීමට මම විරුද්දයි(ඕනෑම කෙනෙක්. ඒවා හරියට අර අපේ ටීවී චැනල් වල යන දේශපාලන වාද වගෙයි)

      Delete
    11. තමන්ගේ රටේ සිද්ධ වෙන වැරැද්ද දකින්න , අනෙකුත් රටවලට ජාතින්ට සාපේක්ෂව විය යුතු දේ කථා කරන්න පුලුවන් විය යුතුයි . තමන්ගේ රටේ වැරදි වහගෙන රට උඩ දාන්න හදන ඉන්දියානුවෙකුට වඩා මා නම් ප්‍රිය කරන්නේ ගාන්ධි තුමා ගැන වුවත් විවෙචනයක් කරන්න තරම් නිදහස් චින්තනයක් තියන ඉන්දියානුවෙක් . ගෝත්‍රිකායය කියල මම කියන්නේ නූතනත්වයට ප්‍රතිරෝධය දක්වන ජන කොට්ටාශයන්ට . මේක ඉහලින්ම දකින්න ලැබෙන එක් කලාපයක් තමයි දකුණු ආසියාව , හැබැයි උගත් , නාගරික මිනිසුන් අතරේත් ඒ ලක්ෂණ දකින්න ලැබීම නම් ඉහලම අගයක් ගන්නවා ඇත්තේ ලංකාවේ . ලංකාවේ දේශපාලකයින් , කලාකරුවන් පවා ඉන්නෙ (සැහෙන පිරිසක් ) ඔතන

      Delete
    12. ඔබ මාතෘකාවක් කියල කොටු කරන්න හැදුවට ලිපියක් පිලිබඳ අදහස් එහෙම කරන්න බෑ . (ඔන්න පුලුවන් ක්‍රිකට් ගැන , චිත්‍රපටියක් ගැන වගේ නම් ). ඔබේ මේ ලිපිය බරපතල සමාජ කාරණාවක් , ඔබේ තර්කයට ඔබ මතු කරපු පසුබිම තමයි මම ප්‍රශ්න කලේ . සමාජීය දේ ගැන වැටවල් ගහගෙන කථා කරන්න බෑ . කොහොම වුනත් ඔබේ විරුද්ධත්වය නිසා මේ ලිපියට ආයෙම ප්‍රතිචාර පලකරන්නේ නෑ (සෙන්නාට පිලිතුරක් දීමට අවශ්‍ය වුවහොත් හැර )

      Delete
    13. බුවා,

      උඹේ කැමැත්තක්...

      Delete
    14. මචං මම හිටියෙත් ලෝකේ දුප්පත්ම දුෂිතම රටක් වුන කොංගෝ වේ. ඒ රටේ මිනිසුන්ට රැකියා කෑම මොකවත් නැහැ. රටෙන් 90% රැකියාවල් නැහැ.(2011 දී) රට කාලයක් පාලනය කලේ බෙල්ජියනුවන්. තියෙන හැමදේම හුරගෙන ගියේ නමුත් ඔවුන් කවදාවත් තමන්ගේ රට පහත කරලා කතා කරන්නේ නැහැ. මොකද බුවාලා වගේ ඈයො එහෙ නැති නිසා වෙන්න ඕනේ.

      Delete
    15. සුදික ඉතාම කණගාටුයි ඔබ කබ්බ කියන නම ඔබට පෞද්ගලිකව කියපු දෙයක් වගේ වටහාගෙන ඒ ගැන අමනාපයට පත්වීම ගැන. මා සිතුවේ ඔබ මිට වඩා පුළුල් ලෙස කල්පනා කල හැකි "වෙනස් " කෙනෙක් ලෙස. කබ්බ කියන නමේ පැටලී සිටීම මිස ඔබ මා මතුකළ සමාජ යථාර්තයට උත්තර දී නැහැ. මා පිට රටලු. කබ්බන් ගැන ලත වෙන්න එපාලු. මේවා බොළඳ ළමා කතා... ප්‍රශ්නයට උත්තර නෙමේ.

      ඔබගේ අදහස නම්
      "මම හෙළුවෙන් ඉන්නේ .. ඒ උනාට මන් ගාවට ඇවිල්ල මට කියන්න එපා මන් හෙළුවෙන් කියල .. එක මට අපහාසයක්."

      වැරැද්ද වැරැද්දක් ලෙස දැකල එක වටහාගෙන නිවැරදි වෙන එක දියුණු වෙන මනුෂ්‍යන්ගේ , ජාතීන්ගේ ලක්ෂණයක්. වැරැද්දක් පෙන්වල දුන්නම "ආ මට අපහාස කරන්න එපා " එහෙම නැත්නම් මේ වැරැද්ද රජයේ , පාලකයන්ගේ , සුද්දගේ , කේන්දරේ , එහා ගෙදර මිනිහගේ , etc etc
      එත් මගේ නම් නෙවේ ... කියන මිනිස්සු කිසිදවසක හැදෙන්නේ නම් නැත.

      කියන්න ඕනේ අනෙක් දේවල් බුවා කියා තිබෙනවා. බුවා මතුකළ දේ සමග තවදුරටත් එකඟයි. ඔබ ඔබගේ ලිපියේ කි තැනක දේශපාලනය , ආර්ථිකය , ජාතිකත්වය ගැන කතා කර තිබෙනවාද ?
      ඔබ දේශපාලන ලිපියක් ලියා ඒ සම්බන්ධයෙන් ලියවෙන කොමෙන්ටු දේශපාලනයෙන් වියුක්ත විය යුතු යයි කියන්නේ මොන පදනමක සිටද ?

      කෙසේ වුවත් පලක් නැත. ඔබ පිළිතුරු දීමේදී ද දැන ඇඳුනුම් කම මත වෙනසක් කරන බව පෙනී යනවා. (partiality ). එම නිසා තවදුරටත් අදහස් දැක්වීමෙන් වලකිනවා.

      Delete
    16. සමස්තයක් ලෙස මේ රටේ සියලු දෙනා කබ්බන් කල පසු මම ඉන් එකෙකු වීම වලක්වන්න බෑ. මා මට ආදේශ කර ගත්තේ නෑ. එය එසේ ලිවීමෙන් ඔබ බලාපොරොත්තු වූ දේයි. ඉන් පසු ඔබම නිගමනය කරනා මා පටු ලෙස සිතන පුද්ගලයෙක් ලෙස. ඔබ කියන කබ්බ රාජ්‍යය බිහි වීමට හේතුව ජේ.ආර්. ගේ 1978 ව්‍යවස්ථාවයි. මෙම ලිපිය දේශපාලන කන්නාඩි දමන බලන කෙනෙකුට එසේ පෙනීම වැළක්විය නොහැකියි. මා කිසිවකුට විශේෂත්වයක් දක්වා නැත.

      Delete
  12. මේකේ යම් සත්‍යතාවක් තියනවා. අපිට වැරදුනේ එතන නම් වරද්දපු පෑනටම පුළුවනි ඕක හරිගස්සවන්න. එත් අවාසනාවකට වගේ අද අකුරු දන්න බොහෝ දෙනෙක් කියවීමෙන් ඈත් වෙලා. මේ අයගේ මනස හදන්න නම් රූප පෙට්ටියට හෝ කතා පෙට්ටියට රිංගල කෑගහන්න වෙනවා. ගොවි කම අපි කෙතරම් පහලට දාල තියනවද කිව්වොත් AL කෘෂිකර්මය ඉගෙන ගන්න දරුවෝ දිහා බලන්නේ සමච්චලෙන්. මගේම කණට ඇහිලා තියනවා AGRI කරලා මොන කරන්න ද කියල.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අපේ සමහරවිට අපේ බන්කුවෙත් හමු වෙනවා කෘෂිකර්ම උපාදිදාරීන්. ඔවුන්ට වෙනත් රැකියා අවස්ථා තිබෙත්දී මේවා තෝරා ගන්නේ ඔබ කියන සමාජ මතය නිසා. ඒත් මා ගොස් තිබෙනවා කුරුණෑගල ප්‍රදේශයේ කෘෂිකර්ම උපාදිදාරීන් දෙදෙනෙක් පවත්වාගෙන යන ගොවිපලක්. ඔවුන් එය තනිකරම කාබනික පොහොර ආධාරයෙන් කරගෙන යන්නේ. එනිසා එම එළවලු ඵලතුරු වලට හොඳ ඉල්ලුමක් තිබෙනවා. අවශ්‍ය එකම දෙය රජයෙන් එවැනි දේ පටන් ගන්න කැමති අයට සහන ණයක් ලබා දීම පමණයි.

      Delete
  13. සුදික, අපි කැමති වුනත් අකමැති වුනත් ඇත්ත පිළිගන්න වෙනවා. තව දුරටත් සම්ප්‍රදාය මත රක්ෂා වෙන්න බෑ. කෘෂිකර්මය කියන්නෙ කර්මාන්තයක්. කර්මාන්තයක් කිව්වම එයින් ආයෝජයේ තරමට ප්‍රතිලාබ බලාපොරෝරොත්තු වෙන්න ඕන. ප්‍රතිලාබ යහපත් නැත්නම් ඊට හේතු හොයලා පිළියම් යොදන්න ඕන. එයිනුත් යහපත් ප්‍රතිඵල නැත්නම් ඒ කටයුත්ත අත්හැරලා දාලා වෙනත් විකල්පයක් කෙරෙහි අවධානය යොමු කරන්න වෙනවා.
    අපිටත් කුඹුරු තියෙනවා. නමුත් පොහොර සහනාධාරය ලැබිලත් අපට සහල් කිලෝවක් නිෂ්පාදනය කරන්න රු. 50 කට වඩා වැඩි වියදමක් යනවා. ඒ නිසා අපේ පැත්තෙ කුඹුරු ඔක්කොම වගේ අත් හැරලයි තියෙන්නෙ. දැන් ඒ කුඹුරුවල ජලාශ හදලා මිරිදිය මත්ස්‍ය වගාව කළ හැකි නම් භූමියෙන් බලාපොරොත්තුවන ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. අන්න එතනදියි රජය මැදිහත් වෙන්න ඕන. මහජනයාට ඉඩම් සම්බන්ධයෙන් තීරණ ගන්න බෑ.

    දැන් කොහොමත් රටට අවශ්‍ය තරම් වී තියෙනවනෙ, අනෙක් දේවල් ගැනයි අවධානය යොමු කරන්න ඕන. තවමත් ග්‍රීන් හට් ඇතුලේ පළතුරු - එළවළු - මල් වගාව ජනප්‍රිය නැහැ. ඒ ගැනත් අවධානය යොමු වෙන්න ඕන.
    දුම්කොළ වගාව නීතියෙන් තහනම් කරලා ඒ ඉඩම්වල, උක් වගා කරන්න පුළුවන්. හේන් වගාවේ යෙදෙන ගොවියන් ඉන් ඈත් කරලා වාණිජමය වගාවන්ට ඔවුන් යොමු කරන්න පුළුවන්.

    තවත් යෝජනා තියෙනවා; දැනට ඔය ඇති.

    ReplyDelete
    Replies
    1. අපිත් තවමත් ගොවිතැන් කරනවා. ඒකයි අපි වී වගාව ගැන පැහැදිලිවම දන්නේ. ඒත් ගොවිතැන් නොකරන අය ඒක දන්නෙ නෑ. ගමේ ගොඩේ කුඹුරේ පැලේ යන එන කෙනා දන්නවා සත්‍ය තත්වය. එය කතා කිරීම ජාතිය පීචං කිරිම ලෙස දකිනවා නම්. මේ රටේ ඇත්ත කියන දේට කිසිම ඉඩක් නෑනේ.. සුමිත් හා 100% එකඟයි.. මමත් කිව්වේ එයයි..

      Delete
    2. මහත්වරුනි, ඔබලාට මෙය ඔබලාට මාගේ ලිපිය කියවීමෙන් ආ අදහස්ද ? නැතිනම් බුවාගේ කමෙන්ට් එක සහ ඉන් පසු ඇති වූ වාදය දැක ඇති වූ අදහස්ද ? මා මෙතන දිග හැරියේ මා තුල තිබූ අදහසක්. එයින් පිට මාතෘකාවක් ඔබ විසින් තෝරාගෙන තිබෙනවා. මම හිතන්නේ ඒ වගේ දේවල් කෙරෙන්නේ ෆෝරම් වල. එවැනි තැන් තවත් තිබෙනවා. මගේ මාතෘකාව ඔස්සේ කතා කරන්න කැමති නම් ඒ ගැන කතා කරමු. ඔබේ වටිනා වෙලාව වැය කර කරන ලද කමෙන්ට් නිසයි මා ඒවා පබ්ලිෂ් කලේ. නැතිනම් මා නිවටයෙක් යයි හංවඩු ගැසෙන්න්ටත් ඉඩ තිබුනා. සුමිත් කියන බොහෝ දේට මාත් එකඟයි. අප කෘෂිකර්මය විෂය ලෝකයෙන් ඉගෙන ගත යුතුයි යන්න මගේ විශ්වාසයයි. එසේ කළා නම මේ අතින් අපට ඉදිරියට එන්න පුළුවන්. අනිත් රටවල් වල අඩුවට තිබූ පලියට අප කෘෂිකර්මාන්ත අත් හරිය යුතුද ?

      Delete
    3. කෘෂිකර්මය අත් හැරිය යුතුයි කියා මා කිසි තැනක කියා නෑ සුදීක...

      Delete
  14. රජය කරනවා වගේ ගෙවතු වගා වැඩපිළිවෙල අලින් මේක විසදන්න බෑ! ඕනේ ආකල්පමය වෙනසක්...

    ReplyDelete
    Replies
    1. මම කියනවා පුළුවන් කියලා. ඔයාට බැරිද ඔයාගේ නිවසේ ඔබේ ගෙදරට අවශ්‍ය අමුමිරිස් ටික වවා ගන්න. සියලු දෙනා එසේ කලොත් ලංකාවේ මිරිස් නිෂ්පාදන අපනයන කල හැකියි. මම ඉන්න ගෙදර වවන්න් පුලුවන් බිම් අඟලක් වත් නෑ. ඒත් මම මිරිස් වවනවා රෙජිෆෝම් පෙට්ටියක. දවසකට කරල් 7-8 නෙලා ගන්නවා. අද බැරක් ඔබාමාත් ආදර්ශයක් විදියට ගෙවතු වගාව කරනවා.

      Delete
  15. සුදීක ඔබට මා 100% ක් එකඟ නැහැ. කෘෂිකර්මාන්තය කඩා වැටීමට කලාව මැදිහත්වීම ඉතාමත් අවමයි. කලාවට මිනිසුන්ගේ සිතුම් පැතුම් පෙළගැස්විය හැකි බව මා පිළිගනිමි. නමුත්, කෘෂිකර්මාන්තයට බලපෑවේ එය නොවේ.
    එයට ප්‍රධාන වශයෙන් බලපෑවේ රාජ්‍ය මට්ටමේ දායකත්වය අඩු වීම සහ ගොවියා අසරණ තත්වයට වැටුණුවිට ඊට අවම මැදිහත්වීමක් තිබීම. අද යාන්තමින් හෝ තරමක අස්වැන්නක් අපි ගනු ලබනුයේ නව බීජ වර්ග හඳුන්වා දීම සහ තවත් සුළු කරුණු මත මිසක කෘෂිකර්මාන්තයේ භූමි ප්‍රමාණය, නියැලෙන පිරිස් වැඩිවීම, ගොවියාට අතිශය ලාබදායී ආදායම් ලබන මාර්ගයක් වීම .... මත නොවේය.
    අඩුම වශයෙන් වක්කඩෙන් අත සෝදාගෙන නාමයෝජනා අත්සන් තැබූවා යැයි තමන්ම කියන අයට පවා කෘෂිකර්මාන්තය අමතක කළා යැයි කිව හැකිය.
    අවම වශයෙන් (මා දන්නා පරිදි) ශෝභන ඉතා අඩුවෙන්ම වප් මඟුලක් හෝ කරනු ලැබුවේ ඩිංගිරි බංඩා මහතා විසිනි.

    ReplyDelete
    Replies
    1. මා කතා කලේ ඔබ කියන කඩා වැටීම ආරම්භ වූ තැන ගැන. එතනදී එවකට තරුණයන් සමාජය පෝෂණය නවකතා සහ පුවත්පත් සහ රේඩියෝවෙන් පමණයි. ඔබ කියන කාරණා ඉන් පසුව සිදු වූ දේවල්.

      Delete
    2. එහෙම කියන්න එපා නිර්මලා. අපේ දේශපාලන මතය කුමක් වුවත්. පොහොර සහනාධාරේ නැත්නම්, වී ගොවිතැන ඉවර වෙලා බොහෝ කල්. අපි ගොවිතැන් කරන නිසා ඒ ගැන දන්නවා...

      Delete
  16. ලිපිය කියෙවුවයින් පසු ඇති වුන අදහස ආයේ හිතින් ගලපන්න බැහැ. බුවේගේ හා අනිත් කිහිප දෙනාගේ වැඩේ නිසා .

    ReplyDelete
  17. රට පෝසත් වෙද්දී රටින් කෑම එන්න ගන්නවා.එතකොට දේශීය දේ කුනුගොඩට යනවා.මම නම් කැමති අපේ රට දුප්පත් වෙනවට.එතකොට ඔන්න හැමෝම තමන්ගේ වත්තේම වගා කරන්න පටන් ගන්නවා.

    ReplyDelete
  18. නවකතාවලින් බලපෑමක් උනාද කියල නම් මට හරියටම කියන්න බෑ මචං. නමුත් මෙහම ආකල්ප මම දැනුවත්ව තිබුනා.

    විද්‍යා විෂයයන් කලොත් තමයි ගොඩ.
    ඔය චිත්‍ර සංගීත කාරයෝ හැමදාම හිඟන්නො.
    ගොවිතැන් කලොත් වෙන්නෙ වහ බොන්න තමයි.
    වයිට් කොලර් ජොබ් එකක් හොයා ගන්න එක තමයි හරි.
    පාලකයෙක් වෙයල්ලා.
    දොස්තර ඉංජිනේරුවා නඩුකාරයා පයිලට් ඕවා තමයි ජොබ්.

    ඔය ඇති.

    නමුත් අදය කියලා වැඩි වෙනසක් තියෙනවද? ඔය වැඩි හරිය අදටත් වලංගුයි. ‍රැකියා සුරක්ෂිත භාවය සහා ආදායම් ඉපයීමේ හැකියාව මත

    ReplyDelete
  19. මඩ සෝදා ගත් පසු රජ කම අර ගන්න -ගොවියා සුදුසුම කෙනා රටක උපන්න
    නොලැබුනාට රජකම ණය තුරස් ගෙවන්න-අස්වනු ලග වටිනා ලංසුවක් තියන්න

    ReplyDelete
    Replies
    1. අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන පරාධීන මානසිකත්වයත් මේවට බලපානවා. හොඳම දේවල් වලට "රට" කියලා ඉස්සරහට දාන්නේ ඒ නිසා. එහෙම නැති එකම ජාතිය රට දෙල් විතරයි.

      Delete
  20. මම අදටත් කෘෂි ආර්ථ්කයකයට ලැදියාවක් හා ඒ වෙනුවෙන් ප්‍රායෝගිකව ක්‍රියා කරන්නෙක්මි.
    නවකතාව අපේ සමාජ රටාව වෙනස් කරන්නට හේතු වුවා යැයි කියමන කෙරෙහි මගේ ආකල්පය තරමක් දුරට යන්න පමණි.
    මේ කොටන මොහොත වන විටත් මා සිටින්නේ උදාහරණයට ගත් මාර්ටින් වික්‍රමසිංහ සුරීන් සේවය කළ අසුන පේන මානයක දුරින් තබාගනය.
    ඒ උතුමන් එදා එසේ ගම්පෙරළිය ලිව්වේද ඒ පුටුවේ සිටය.එතුමන් එදා එය ලිව්වේ එදා වන විට තිබු සමාජ රටාව අනුවය. ඒ වන විට එතුමන් ද කොග්ගල සිට කොළොම් තොටට විත් එදිනට සෑහෙන වපසරියක් සරි කර ගෙන සිටි වියතෙකි
    ඒ ඇසුරිනුයි ගම් පෙරළිය ලියැවෙන්නේ. එහි තිසා යනු මාර්ටින් වික්‍රමසිංහ චරිතයයි.

    ReplyDelete
  21. නව කතා වලින් වගා ක්ෂේත්‍රයට බලපෑමක් උනාද කියන්න තරම් මට අවබෝධයක් නෑ සුදීක අයියේ. එත්...
    අපේ ප්‍රදේශයේත් කුඹුරු තියනවා. හුඟක් ඒවා අත් හැරෙන්නේ යන වියදම් අධික නිසා. කුලියට කීප දෙනෙක් ගන්නේ නැතුව කරන්න බෑනේ. ඒ වියදම්, පෝර, බෙහෙත් ඒවත් එක්ක බලපුවාම පාඩුයි වැඩේ.
    තව මං ඕන තරම් දැකල තියනවා පීදෙන්න කිට්ටු ගොයම් වතුර නැතුව මැරිලා යන හැටි. එළවලු වුනත් එහෙම වෙනවා. එතකොට ගොවියා වෙනත් දෙයක් කරන්න පෙළඹෙනවා. අපිත් ඉස්සර එළවලු වගා කළා. දැන් කරන්න විදිහක් නැත්තේ සතුන් ගේ හානි සහ වතුර ප්‍රශ්නය නිසා. ඒවාට විසඳුම් නැති එකයි අවුල.
    "සතුන් ගේ හානි සහ වතුර ප්‍රශ්නය" මේවා බලධාරීන්ගේ දීර්ඝ කාලීන නොසැලකිල්ල නිසා ඇති වූ ප්‍රශ්න විදිහටයි මං දකින්නේ.

    ReplyDelete
  22. ගොවි පවුල් වල දරුවෝ කාර්යාල රැකියා හොයාගෙන ගියේ නවකතා නිසා කියල මම හිතන්නෙ නෑ. මට හිතෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. ගොවි වෘත්තියට (වෙශේෂයෙන් අඳ ගොවියාට ) ලැබුනු නොසැලකිල්ල, අඩු අදායම, එයින් පවුල නඩත්තු කිරීමට අපහසු වීම යන කාරණා උඩ ඔවුන්ගේ ළමයින්ට නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් එයින් ගොඩ එන්න අවස්ථාවක් ලැබෙන්න ඇති. සුදීක කියන නවකතා අනාගතය දකින විද්‍යා ප්‍රබන්ධ නෙමෙයිනේ. ඒවා සමාජයේ දැනටමත් ඇති සංසිද්ධි මත ගොඩනැගුණු කතා.

    ඔය තර්කය බිඳවැටෙන තවත් දේවල් තියනවා සුදීක, මෙච්චර බණ අහන, පන්සල් යන අපේ රටේ සමාජය ධාර්මික නැත්තේ ඇයි? පොත් වලින් මොනවා කිව්වත් මිනිස්සු සමාජයක පරිවර්ථනයක් වීමට මූලිකවම බලපාන්නේ ආර්ථික කාරණා. මෙහෙම උනා නම් මෙහෙම වෙන්න තිබ්බා කියන එක පලක් නැති තර්කයක්.

    ආනයනය කියන එක නරක දෙයක් විදිහට දකින්න අවශ්‍ය නෑ. නමුත් මාතෘකාවෙන් පිට පනිනවා නම්, කෘෂිකර්මය වෙනුවෙන් කලහැකි දෑ බොහොමයක් තියනවා.

    මේ ගීතය ගැන කියනවානම්, අපේ සැබෑ ඛේදවාචකය මේ ගීතය තුලම තියනවා. "පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්" කියලා අපි ගායනා කරන්නේ ඉන්දියානු තනුවකට.

    ReplyDelete
    Replies
    1. ලක්ෂ්මී බායි... මැලේ..

      Delete
    2. මෙතැන වැදගත් මේ ගී පද ලියපු කෙනයි. ලක්ෂ්මි බායිගේ ජාතියවත්, ඒ සඳහා භාවිත කල තනුවවත් වැදගත් නෑ.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...