Monday, March 4, 2013

පොලීසියේ හිටිය හොඳ මල්ලිට මොකද වුනේ ? (අඳුරු යුගයේ තවත් මතක සටහනක්)

අද මම කාලෙකින් CSN නාලිකාව බලන්න පටන් ගත්තා. ඒකට හේතුව මගේ ඉන්දියන් සැටලයිට් කනෙක්ෂන් එක කපලා. ගෙදර කවුරුවත් නෑ. මගේ දියණියත් ගමේ ගිහිං. තනියම ඉන්න පාලු නිසා ඇන්ටනාවට සම්බන්ධ කේබල් එක ගහලා රුපවාහිනිය බලන්න පටන් ගත්තා. නමුත් පේන එකම නාලිකාව වෙච්ච CSN එකේ යන්නේ වේග රිද්ම සජීවී සංගීත ප්‍රසංගයක්. එහි වම් කෙලවර වෙලාව සටහන් වෙන්නේ 23:18:00 ලෙස මේ ටික ටයිප් කරලා ඉවර වෙත්දී දැන් පෙන්වන්නේ 23:22:16. මම හරියටම තප්පරේට වෙලාව දැම්මේ ඇයි ? හේතු දෙකක් තියෙනවා. 

පින්තුරය ගත්තේ : www.sarasaviya.lk
මේ වෙලාව වේදිකාව සැරසුවේ පොඩි ළමයා නොහොත් දීපාල් සිල්වා. අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍යද ? හොඳයි මම කියන්නම්. අර ඉස්සර හිටිය සාජන් නල්ලතම්බිගේ අඩි පාරේ යන දැන් ඉන්න වේදිකා නළුවා නොහොත් ගායකයා. දීපාල් සිල්වා මෙතනට වැදගත් නැති වුනත් මගේ සිහියට සාජන් නල්ලතම්බි නොහොත් නිහාල් සිල්වා ආවහම මගේ මතකය එක පාරට අවුරුදු 20-21 ඈතට ඇදිලා ගියා. මේ කාලයේ සිදු වුනු එක අවාසනාවන්ත එහෙත් වැදගත් සිදුවීමක් මතකට නැගිලා මොර දෙන්න පටන් ගත්ත හින්දා. ආහ් ! තව පොඩ්ඩෙන් අමතක වෙනවා තප්පරේට වෙලාව දාපු හේතුව ඒ කාලේ තප්පරයක් ජීවත් වෙන එකත් හීනයක් වගේ නිසා. 

අද ගෙදර කවුරුවත් නැති දවසේ මම කෑම එකක් ගන්න කොහුවල ගිහාන්ස් එකේ ඉන්නකොට සජිත් ප්‍රේමදාස මහත්මයා වේදිකාවේ සුපුරුදු විදියට කෑ ගහනවා දැක්කා. ඒකත් මේ වෙලාවේ සිහියට ආවේ මොකද ? මගේ ෆේස්බුක් මිතුරකු  විසින් පැය කිහිපයකට පෙර තම ෆේස්බුක් වෝල් එක මත ෂෙයාර් කර තිබූ "ලාංකීය සමාජය දේහය විසින් උකහා ගත යුතු රෝහණ විජේවීර දර්ශනය" නමැති ඡායාරුපයත් මගේ මතක ගබඩාවේ එහාම කෙළවරක තිබූ එක් මතකයක් කාලයේ වැලිතලා වලින වැසී යන්නට නොදී එලියට ගත්තා. මීට අවුරුදු විස්සකට පමණ පෙර මාත් සමග දොඩමලු වූ ගුවන් හමුදාවේ ස්වෙච්චා සේවා ලෙෆ්ටිනන් වරයා මා සමග එළිකර සිදුවීම.

මේ සිද්දි හතර මම ගලපන්නම්. ඒත් ඒක පුදුමාකාර අහම්බයක් ලෙස තමයි මගේ මතකයේ අහුමුළු අතර විදිලි කෙටුවාක් මෙන් මොහොතක් තුල එලිය ආවේ. හොඳයි මම මෙහි හතරවන තැනින් පටන් ගන්නම්. ඔහුගේ නම කුමක්දැයි මට අද හරියාකාරව මතක නෑ. එහෙම අහන්න තරම් ආත්ම ශක්තියක් ඒ කාලේ අපට තිබ්බත් නෑ වගේ කියන දෙයක් ඔහේ අහගෙන හිටියේ කොහෙන් පත්තු වෙලා බෙල්ල ගහලා යයිද කියන බිය නිසා. මේ කතාව මම ඇහුවේ 1993 යම් දවසක වගේ කියලා මට හිතෙනවා. ගුවන් හමුදා ස්වෙච්චා සේවා ලෙෆ්ටිනන් වරයා ඒ වනවිට එයින් ඉවත් වෙලා. ඔහු සිවිල් රැකියාවක් කලේ. ඒ ගැනවත් මම විමසීමක් නොකළේ ඒ කතාව අහලා මගේ හිතේ ඇති වෙච්ච ත්‍රාසය නිසා. ඔහුගේ වචන වලින් මම අහපු කතාව මෙහෙම
මල්ලී මම එතකොට එයාර්ෆොස් හිටියේ. ඔය දවසේ මම ඩියුටි හිටියේ දෙහිවල හන්දියේ තියෙන චෙක් පොයින්ට් එකේ. මගේ අතේ තිබ්බ සෙට් එකට හදිසි පණිවිඩයක් ආවා මෙන්න මෙහෙම. "තව විනාඩි පහකින් ගාල්ල පැත්තට වේගෙන් කළු පාට කාර් එකක් එයි. අනිත් පොයින්ට් වලින් නවත්වන්න කිව්වට නැවැත්තුවේ නෑ. ඒකට කෙලින්ම ෆයර් කරන්න. මම .......". මේක ඇහුවම මට එච්චර ගානක් ආවේ නෑ. අපිට ඉතින් ටී 56න් වතුර විදින තුවක්කුව වගේ. මගේ ගාව හිටිය සොල්ජර්ලා දෙන්නව මම හොඳට පාර ක්ලියර් තැනකට අරන් ආවා. උන් දෙන්නටත් මේ කතාව කිව්වා. සමහරවිට සෙට් එකෙන් ආපු මැසේජ් එක ඇහෙන්නත් ඇති. උන් දෙන්නා වෙපන් ලෝඩ් කරගෙන රෙඩි පිට හිටියා. හරියටම විනාඩි පහක් ගියේ නෑ. කඩාගෙන එනවා කියපු විස්තර තියෙන කාර් එක. හන්දියට එනකොටම මම "ෆයර්" කිව්වා. කොල්ලෝ දෙන්නා තිබ්බ හරියටම. වීදුරු කුඩු වෙලා ගිහින් වාහනය ටිකක් දුර ගිහින් නැවතුනා. අපි දුවලා ගිහින් බැලුවා. කළු තට්ටයෙක්ට තමයි වෙඩි වැදිලා තිබුනේ.  ඇත්තම කියන්න මල්ලී මම දැනගෙන හිටියේ නෑ ඒ කාර් එකේ හිටියේ සාජන් නල්ලතම්බි බව."
ඔහුගේ ස්වරයේත් තැති ගත් විලාසයක් තිබ්බා.  ඔහු නැවතත් හඬ අවධි කළා

මගේ ඇඟ සීතල වෙලා හිටියේ. ඒත් වැඩේ හරියට කරාට මට තෑන්ක් කළා. මම හොඳටම බය වුණේ නල්ලතම්බි එක පැත්තකට අහිංසක මිනිහා නිසා. ප්‍රසිඩන්ට් එක්ක හිතවත් හින්දා මට වතුරවත් ගිලෙන්නේ නැතිව හිටියේ. ඒත් පස්සේ ආරංචියක් ගියා කාර් එකේ කුඩු තිබිලා කියලා. පස්සේ තමයි මේකේ හරි සුල මුල එලියට ආවේ. මේ වෙද්දී අත්තනායක කියන කෝටිපතියා විදියට වෙස් වලාගෙන හිටිය විජේවීරව අල්ලලා මරලා තිබ්බ කාලේ. විජේවීර අල්ලපු ගමන්ම මරලා තියෙනවා. ඒත් විජේවීර වගේ කතාව කරලා තියෙන්නේ නිහාල් සිල්වා. ඒක වෙන්න ඕනේ මේ කේස් එකට හේතුව. ඒත් අපි වෙඩි තියලා දවස් දෙකකින් අපේ ගේ STF එකෙන් වට කරලා මාව හොයලා තියෙනවා. මේ කාලෙම තමයි හමුදා වල අයගේ ගෙවල් වල ය මරණවා කියන කතාව ගියේ. අපේ අම්මලා එදා හරියට බය වෙලා තියෙනවා

මේ කතාව මම ඒ කාලේ ඒ හැටි විශ්වාස කලෙත් නෑ. අනිත් එක මේ මිනිහා මේ විදියට මගෙත් එක්ක මේ කතාව කිව්වේ මාව අල්ලන්න පොටක් හොයා ගන්නද කියලා මට හිතුණා. ඒ කාලේ අපි බොහොම ප්‍රවේසමින් තමයි වචන පිට කලේ. ඊට ගොඩ කාලෙකට පස්සේ කවුරුන් හෝ මේ තොරතුරු එලි කලාම මේවා ඇත්ත නේද ? කියලා  හිතුණා. මේ කතාවේ ඇත්ත නැත්ත මම හරියටම දන්නේ නෑ. ඒත් පුදුම විදියට මතකයට ආපු නිසා අකුරු කළා. 

දැන් පැහැදිලියි නේද, සජිත් ප්‍රේමදාස, රෝහණ විජේවීර, දීපාල් සිල්වා, සහ නාඳුනන ලෙෆ්ටිනන් වරයා යන හතර දෙනාගේ අවස්ථා සම්බන්දේ මොකක්ද කියලා. 

පින්තුරය ගත්තේ : www.divaina.com
 මගේ මතකයේ තාම තියෙනවා නල්ලතම්බි නාටකයේ ඔහු ගයපු සිංදුවක කොටසක් 
දශ්කොන් වාගේ බෙල්ල කැපේවීදෝ

ෂී. මං බය නෑ -  ෂී මං බය නෑ.
ලොකු මාත්තිය මගේ තට්ටේ පලාවීදෝ
මගේ මිතුරා හොඳ මුනියා - මගේ මිතුරා හොඳ මුනියා 
______________________________________
මට තියෙන ප්‍රශ්නෙ මේ අභිරහස් මරණය ගැන නෙවෙයි

  • නල්ලතම්බි එදා කල භූමිකාව අද පොඩි ළමයා කරනවාද ? 
  •  රණසිංහ ප්‍රේමදාස දේශපාලකයාගේ භූමිකාවට ඔහුගේ පුත් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා පන දෙනවාද ? 
  • රෝහණ විජේවීර නම් වාමවාදීයා ගිය මග අද ජවිපෙ සිටිනවද ?
ඒවා එසේ සිදු විය යුතු යයි මා යෝජනා කරන්නේ නැත. මේ ප්‍රශ්ණ මගේ හිතට නැගුනු ඒවායි.  මා අසන්නේ නොදන්නා කම නිසයි. පිළිතුරු දීම ඔබට බාරයි. පිළිතුරු අත්‍යවශ්‍ය නැත. මා වැනි දේශපාලනය නොදත් අයට බලා සිටිය හැක.  

65 comments:

  1. අනේ මන්දා..කොහොමත් ලාංකීය දේශපාලනය හරි මඟක නොයන බවනම් කියන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. ඕක කවාදද ඉතිං හරි මගක ගියේ ?

      Delete
  2. පොඩි ළමය ගැන කියන්න නොදනිමි.නිහාල් සිල්වා මුල් කාලයේ විනෝදකාමී මලට/බිමට බොහොම ලැදී ප්‍රිය ජනක පුද්ගලයෙක්.ප්‍රේමදාස උන්නැහෙගෙ උස්නේ ගහල තට්ටෙ උදුම්මාගෙන හිටියෙ. කාලෙ යාලු/මිත්‍රයින්ව අදුරන්නෙ නැති ගානට හිටියෙ.
    සජිත්ට කළහැකි එකම දෙය කොහෙන් හරි ලැබෙන දෙයක් බෙදා දීම සහ මළ ගෙවල් සොයාගෙන ගොස් රු.1000/=දමා ලියුම් කවරයක් දීම පමණි.
    විජේවීර ගිය මගෙන් ජවිපෙ අයින් උනේ සන්ධානගත විමෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අලුත් දේවල් ටිකක් නල්ලතම්බි ගැන දැන ගත්තේ.

      Delete
  3. මුලු කතාවම කියෙව්වා. බය හිතෙනවා.

    //ඒත් විජේවීර වගේ කතාව කරලා තියෙන්නේ නිහාල් සිල්වා.//

    මේ ටික දැක්කාම තවත් බය හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මුළු ලෝකයම රඟ හලක්. අපි එහි නළුවෝ වෙමු.

      Delete
  4. 01) නොදනී
    02) එය කීමට තවමත් කල් වැඩියි , මිනිසුන් ආකර්ශනය කරගැනිමේලා ලොකු ප්‍රේමදාස දැක්වූ ශක්‍යතාවයම පොඩි ප්‍රේමදාස තුලත් තිබෙන බව පෙනේ ,(ලංකාවේ මිනිසුන් ආකර්ශනය වන්නේ සෝබන කාරයින්ට මිස , බුද්ධිමතුන්ට නොවේ ) නමුත් ඉන් එහා යමක් දැන ගැනීමට තරම් වගකීමක් සජිත් විසින් මෙතෙක් දරා නැත
    03) විජේවීරගේ මිනිමරු මඟේ ජවිපය නොයැම මාහට නම් සතුටට හේතුවකි

    පලි- //ඉන්දියන් සැටලයිට්// ???

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මා අදහස් කලේ විජේවීරගේ දේශපාලන දර්ශණය.

      ඔව් ඉන්දියන් සැටලයිට් බොක්ස් එක නියමයි. වැඩේ තියෙන්නේ අපේ ඒවා පෙන්නේ නෑ. :) ඒකත් හොඳයි නේද? videocon HD 3D. HD චැනල් 15 විතර තියෙනවා. 3D එකයි තියෙන්නේ. ඒකනම් ඒ හැටි වැදගත් කමක් නෑ.

      Delete
    3. වාමාංශිකයින්ගේ දේශපාලන දැක්ම ඉදිරියට ගෙන ගියා කියල ඇති සෙතක් නෑ , මහ පොලොවේ යථාර්තයන් නොවන සුන්දර සිහින පමණයි . කොහොම වුනත් විජේවීරගේ දේශපාලන දැක්ම අනුගමනය කලා නම් ජවිපෙට යුද්ධයට සහය දෙන්න බැ මම දන්න තරමින්.

      සැටලයිට් වැඩේ ගැන විස්තර දැනගන්න ඕනි තව ටිකක් , සැටලයිට් වැඩේ ගැන විස්තර දැනගන්න ඕනි තව ටිකක් , මුණු පොතෙන් අහන්නද ?

      Delete
    4. මම කියුවේ පොඩිළමයා නරකම නැ කියලා

      Delete
    5. @බුවා : ඔවුන් කාලෙන් කාලෙට වෙනස් වුණා නේද ?

      Delete
    6. දාන්න හිටිය කමෙන්ටුව බුවත් පටලවල දාන්නං.
      ලොකු ප්‍රේමදාස එක්ක බලද්දි සජිත් කියන්නෙ දේශපාලන ළදරුවෙක්. ප්‍රේමදාස ලේ විතරයි සරිත්ට තියෙන්නෙ. ප්‍රේමදාස ඒකාලෙ කලේ ඒකාලෙ කරන්න ඕන දේවල්(ඒවට කවුරුහරි විරුද්ධ වෙනව නං හිතාගන්නකො ඒකාලෙ ජනමතය වෙනුවෙන් කලා කියල). තාත්තගෙ නාමෙ කරතියාගෙන ආවත්, ඒ නිසාම ජන පදනමක් හදාගත්තත් අවාසනාවකට සජිත් එච්චර සාරථක නෑ.

      Delete
    7. එතුමාගේ වචන වලින්ම කියනවානම "මං හොඳට තෙම්පරාදු වෙච්ච මිනිහෙක්". එතුමා තමන්ගේ ජීවිතය ගැන පාපොච්චාරණයක් කළා දෝෂාභියෝගය වෙලාවේ. ඒ කතාවේදී තම ඔය කතාව කිව්වේ. එකේදී කියනවා අලුත්කඩේ උසාවියෙන් විසි කරන නඩු තීන්දු කියවල තමන් ඉගෙන ගත්ත බව.

      Delete
  5. නරකම නෑ නේ

    ReplyDelete
    Replies
    1. පොඩි ළමයි නං නරක නෑ. නල්ලතම්බිගේ රංගන හැකියාව ගැන පස්සේ ගොඩක් කතා වෙලා තියෙනවා. කවදාවත් කොපිය ඔරිජිනල් එකට වඩා හොඳ වෙන්නෑ.

      Delete
  6. මට ඒ දේවල් අභීරහස් ම තමයි.ඒ කෙසේ වෙතත් අහිංසක මිනිසුන් වන්දි ගෙව්වා.බිහිසුණු කැරැල්ල කාලයේ මගේ මාමාත් අදටත් ආගිය අතක් නැති කොටසේ.ඒ දුකට ලොකු ආච්චි මිය ගියා.නායකයන් අරගල පටන් ගනි.මොකුත් නොදන්න අහිංසකයින් වන්දි ගෙවයි.අවසානයේ ඒ පාපයේ ශාපයට නායකින්ද නතු වෙයි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. එක් පුද්ගලයකුගේ හිසේ හට ගන්නා අදහසක් වටා තරුණ පිරිස් ගොනු වීම තුල සිදු වූ විනාශයන් ලොව පුරාම තියෙනවා.

      Delete
  7. den balanakota eda nihal silva kala deya den inna emathiyo tikak advance vidihata karanawa.. :P

    ReplyDelete
    Replies
    1. නිහාල් සිල්වා තරම් හොඳට රඟපායි කියලා හිතන්න අමාරුයි.

      Delete
  8. ලංකාවේ දේසපාලුවෝ එදත් එකයි අදත් එකයි කරන්නේ බඩ වඩාගැනීම විතරයි කාට හෙනගැහුවත් උන්ට කමක් නැහැ. ඔක්කොම එකයි මටනම්

    ReplyDelete
    Replies
    1. 78 ව්‍යවස්ථාවෙන් පස්සේ තමයි ඔය දේවල් වෙලා තියෙන්නේ.

      Delete
  9. මා දේශපාලනය නොදත් නිසා බලා සිටින්නෙමි!!!!!!!

    ReplyDelete
    Replies
    1. මමත් කැමති එහෙම තමයි. ඒත් ...

      Delete
  10. අපරාදේ සංගීතේ බලන්නනේ තිබ්බේ :) :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බැලුව බැලුව ජාතික ගීය වාදනය වෙනකම්ම.

      Delete
  11. අනුකරණය කරන එක එක අතකට ජෝක් එකක් වගේ මටනම්..විශේෂයෙන් ප්‍රසිද්ධ වේදිකාවල.. ඕනේ තරම් ස්ටේජ් වලට එනවා ලෝකල් නිහාල් නෙල්සන්ලා වගේ අය මෙලෝ රහක් නෑ..අපි රැවටෙනවා කියලා හිතලා අඩුගානට සංගීතේ විකුනනවා. දීපාල් සිල්වාගේ සින්දු මට පේන්ඩ බැරි ජාතියේ ඒවා.

    ReplyDelete
    Replies
    1. අනිත් අනුකාරකයෝ ගත්තම දීපාල් සිල්වා හොඳයි.

      Delete
  12. හ්ම්ම්... දන්නෙ නෑ අෆ්ෆා ඔය දේශපාලුනේ.....

    ReplyDelete
  13. අයියා අන්තිමට අහලා තියන ප්‍රශ්න තුනටම උත්තරේ "නෑ" කියන එක

    ReplyDelete
    Replies
    1. කෙලින්ම උත්තර දෙනවා.

      Delete
  14. මේක විකිලීක්ස් වගේනෙ.

    ReplyDelete
    Replies
    1. එහමට දේවල් නම් නෑ ඩුඩ්. මේක මට අහම්බෙන් මගේ කණින්ම අහන්න ලැබුණ එකක්.

      Delete
  15. ඔය කතාව අමූලික බොරුවක්. විජේවීර ඇත්තටම ප්‍රකාෂයක් කරලා තියෙනවා. ඒ ගැන හමුදාවෙම ප්‍රසිද්ධ කීප දෙනෙක්ම පුවත් පත් වලට ඇත්ත ප්‍රකාෂ කලා. රන්ජන් විජේරත්න සහ හමුදාවේ මට මතක හැටියට ජානක පෙරේර කැමති වෙලා නෑ විජේවීර පන පිටින් ගත්ත බව ප්‍රේමදාස දැනගන්නවට. මොකෝ එයාල සැක හිතලා තියෙනවා ප්‍රේමදාස විජේවීරව බේරයි කියලා. ඊට පස්සෙ මරා දමපු හැටි හිටන් කීප අවස්ථාවකම පුවත් පත්වල පල උනා. නිහාල් සිල්වා වෙඩි කෑවේ. ඩෝප් මරගාතේ පොලිස් පාට් දාන්න ගිහින්..

    ReplyDelete
    Replies
    1. ඔබට මොකක්ද දෙන්න පුළුවන් සහතිකය රූපවාහිනියෙන් අපි දැක්කේ එතන ගත්ත වීඩියෝවම කියලා ?

      Delete
    2. ඔබ ඒ වීඩියෝව නොදකින්න ඇති. නමුත් මම රෝහන විජේවීර, නිහාල් සිල්වා මෙන්ම එම වීඩීයෝව කීප වරක් දැක තිබෙනවා. අනෙක් කරුණ. මේ සම්පූර්ණ ක්‍රියාදාමයට එනම් ඔබරෝයිහි සාඛච්චාවේ සිටම මගේ පංති සඟයෙක් මෙහි ප්‍රධාන චරිතයක්. අප මේ විස්තර දන්නෙ, බොහෝ කාලයකට පසු ඒවා එලියට ඒමටත් පෙර. අදත් ඔබට එම වීඩියෝව සොයාගත හැකිනම්. නිරීක්ෂණය කරන්න. ඒ යුගයේ මීට වඩා ප්‍රබන්ධත් සමාජයේ සත්‍යයන් ලෙස පිලිගැණුනා. ඔය බොහෝ චරිත මගේ මාමන්ඩියගේ ගණුදෙනුකරුවන්.. දැනට ඒ ඇති.

      අනෙක සහතික අවශ්‍ය නෑ. මිනිසුන්ට බුද්ධිය කියා දෙයක් තිබෙන්නේ ඒ සඳහායි....

      Delete
    3. හොඳයි මමත් රුපවාහිනියේ පෙන්වූ වීඩියෝව නැරඹුවා. එතකොට මටත් වයස 21ක්. ඔයා කියන්න පොඩ්ඩක් ඒ විජේවීර කියලා ඒක බලපු කිසිම කෙනෙක් පිලි ගත්තද ? සත්‍ය ගැන මමත් හරියටම දන්නේ නෑ. නමුත් ඒ තිබ්බ කුකුසට නල්ලතම්බි කතාව හරියට ගැලපුනා.

      Delete
    4. ඔබ පිලිගන්නෙ නෑ... මම පිළිගන්නවා.. මොකද මම විජේවීරව ළඟටම දැකලා තියෙනවා.. විජේවීරගේ කතා අහලා තියෙනවා.. විජේවීරගේ කට හඬ දන්නවා... ඒ කාළේ මරපු ඔක්කෝම ගියේ ප්‍රේමදාස මහත්තයගේ එකවුන්ට එකට. නමුත් මිනි මරපු මහත්වරු තවමත් පාර්ලිමේන්තුවේ ඉන්නවා...

      Delete
    5. ඔබ කියන්නේ විජේවීරට තිබුනේ කෙනෙකුට අනුකරණය කරන්න බැරි කටහඬක් කියලාද ? ඒ කාලේ මරපු ඒවගෙන් භාගයක් සහෝදරවරුන්ගේ ගිනුමටත් ගියා. මගේ පහුගිය ලිපි වලින් ඒ බව සඳහන කර තිබෙනවා. ඔබ මේ මාතෘකාව පිලිබඳ දක්වන උනන්දුව සහ දක්වන අදහස් මා අගේ කොට සලකනවා.

      Delete
    6. ස්තූතියි සුදීක... විචාරක සඳහන් කළ ලෙස මේවා කතාකිරිම හමුදාවේ විනය කඩකිරීමක්.. අපට ඇත්තේ අපේ මතය ප්‍රකාෂ කිරීම පමණයි..

      Delete
    7. ඒ වීඩියෝවේ හිටියේ විජේවීර. මම බණ්ඩාරවෙල ප්‍රදේශයේ සේවය කළා 1988 දි. විජේවීර අත්තනායක නමින් 'නෙළුව' කියන ප්‍රදේශයේ වතු අධිකාරි වරයකු ලෙසයි සැඟවී හිටියේ. මගේ සොල්දාදුවන් බොහෝ දෙනෙක් ඔය වීඩියෝ එක බලලා කිව්වා මේ අර වත්තේ අත්තනායක මහත්තයනේ කියලා. කටහඬ නියම කටහඬ. කටහඬ මම පෞද්ගලිකව දන්නවා. ඔප්පු කරන විදිහ කියන්න බැහැ. මගේ අනන්‍යතාව එළිවෙනවා.

      නිහාල් සිල්වාගේ ඔලුව දේශපාලනයෙන් ඉදිමුනේ නැත්නම් ඔහු ඔය ඉරණමට ගොදුරු වෙන්නේ නැහැ.

      වෙඩි තිබ්බේ ගුවන් හමුදාව. රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්ත අය.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
  16. http://www.zoom.lk/forums/zoom-talks/1503-a.html

    ReplyDelete
    Replies
    1. මේ කතාව මම පොතක් විදියට කියවලා තිබුණා. ඒත් මේ මෑතකදී දිවයින පත්තරේ වෙනත් විස්තරයක් ගියා නේද ? මේ ඒකද ?

      Delete
  17. ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ සටනෙ දි නිහාල් සිල්වා සෑහෙන බරක් ඇද්දා.මිනිස්සු නැති රැස්වීම් වලට මිනිස්සු ගෙන්න ගත්තෙ නිහාල් සිල්වගේ ජනප්‍රියත්වය හරහායි.
    එසමයෙහි ඔහු මෙවැනි විහිළු ප්‍රකාශයකුත් කළා මතකයි...

    "ආච්චිඅම්මා දිනුවොත් මගේ තට්ටෙ පලා...යි"

    අහෝ.....ඛේදයකි....මහඑකාම තට්ටෙ පැලුවා.

    ලුම්පන් දේශපාළුවන්ට ළංවෙලා ඉන්න ඕනැම එකෙකුට එවැනි ඉරණමක් අත්විය හැකියි.ඒක අහම්භයක් නෙවෙයි.
    නිහාල් එක්ක සාජන්ට් නල්ලතම්බි එකේ එකට වැඩ කළ රත්නපුර වේවැල්වත්තෙ කිහිප දෙනෙකුත් නිකරුණෙ මිය ගියා,හේමා ප්‍රේමදාසගේ "බේබි ෆාම්" එකක් නිසා.ඒ අතර මගේ හොදම යාළුවෙකුත් හිටියා.

    මෙතන අවසානයේ අහල තියෙන ප්‍රශ්න නම් එහෙමකට වැදගත්කමක් නෑ වගේ.

    ප්‍රේමදාසට යම් පෞර්ෂයක් තිබුණත් සජිත්ට එවැන්නක් නෑ.කවදහරි රනිල්ටම මිසක් රටේ නායකයා වෙන්න සජිත්ට නම් බෑ.

    වත්මන් ජ වි පෙ නායකත්වයට විජේවීර සහෝදරයාගේ දේශපාලන පෞරෂයට අලගු තියන්නවත් බෑ.(අනිත් කාරණය 'වම" මේ මොහොතේ ෆේල්)

    ReplyDelete
    Replies
    1. අර "දස්කොන් වාගේ බෙල්ල කැපෙවීදෝ" කියන කොටසෙන් එයාට වෙන දේ කියවිලා තියෙනවා කියලයි මට හිතෙන්නේ.

      Delete
  18. මේ ගුවන් හමුදා නිලධාරියා කර තිබෙන්නේ බලවත් වරදක් සුදීක. හමුදා නිලධාරියෙක්, පොලිස් නිලධාරියෙක්, 'මම මෙහෙම කළා' කියා කියන්න ඕනේ උසාවියකදී විතරයි. නැත්නම් ඔහු ක්‍රියාන්විත තොරතුරු සහ සංවේදී තොරතුරු පිට කිරීමක් කරන්නේ. මගේ මේ අදහස දැකලා බොහෝ දෙනෙක් මට බනියි. නමුත් මම කියන්නේ හමුදා නීතිය සහ විනය මෙන්න මේකයි කියන එකයි. මම ප්‍රේමදාස වාදියෙක් නෙවෙයි. ඒ කාලේ කල ජඩ වැඩ එක්ක මේක නිකං 'ටොයිස්' වැඩක්. මම දන්නා එවැනි කතා අද වුනත් කිව්වොත් ගිනිවිජ්ජුම්බර ඇතිවෙනවා. කලාව සහ දේශපාලනය පටලවාගනීම අපේ බොහෝ කලාකරුවන් තුල දකින්න ලැබෙනවා. තම නිර්මාණ භංගත්වය දේශපාලනයෙන් වසාගැනීම, දේශපාලන අනුග්‍රහයෙන් තම පැවැත්ම තහවුරු කරගැනීම, කලාකරුවකු විසින් නොකළ යුතුයි කියලයි මමනම් හිතන්නේ. එසේ නොසැලී සිටිමින් තම ආත්ම අභිමානය රැකගෙන ඉන්න කලාකරුවන් බොහොමයක් අදත් ඉන්නවා නේද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මේකෙන් අනිත් අයට ඉගෙන ගන්න පාඩම තියෙනවා නේද ? මම ඔබට බනින්නේ නෑ. මේ මේ පුවත එලි කලෙත් අද වෙනකොට මේකේ වැදගත්කම අඩු නිසා. නමුත් මේ දිනවල මාතෘකා වෙලා තිබෙන ඡායාරුප කතාව එක්කම පහුගිය කාලේ සේවය හැර ගිය හෝ සිටින හමුදා නිලධාරීන්ට මේකෙන් ගන්න පාඩමක් තියෙනවා.

      Delete
    2. ඔහු ඔබට පවසා ඇත්තේ බොරුවක්. ගුවන් හමුදාව ඒ කාළයේ කිසිම ක්‍රියාදාමයක සිටියේ නෑ... විචාරක එය සනාත කරණු ඇති..

      Delete
    3. මෙහි එන කිසි දෙයක් මාගේ අදහස් නොවේ. නමුත් මා අසූ දේවල්. බොරු හෝ ඇත්ත බව සනාථ කරන්න මට සාක්ෂි නෑ. හොඳයි අපි විචාරක මහතාගෙන් අහමු.

      Delete
    4. මම මේ දැන් ඒ කාලේ ගුවන් හමුදාවේ සිටි වෙනත් පුද්ගලයෙක් අමතා තහවුරු කර ගත්තා, ගුවන් හමුදාව කොළඹ නගරයේ ක්‍රියාන්විත වලට සහභාගී වූ බවට. එම වෙඩි තැබීම කලෙත් ඔවුන් බව ඔහුත් පැවසුවා.

      Delete
  19. හුගාක් සිදුවීම් ගැන වගේම ඕක ගැනත් එක එක කතා තියෙනවා.. හැබැයි ඉතිං හුග දෙනෙක් තමන් එතන හිටියා වගේ තමා කතා කරන්න කැමති... සමහර විට ඔය කිව්ව නිලධාරියාගේ කතාවත් එහෙම එකක් වෙන්න ඉඩ තියෙනවා...

    මගේ ලග වැඩ කරපු එහෙකුත් ඒකා කියන විදියට එදා ඔය බැරියර් එකේ ඉඳලා තියෙනවා.. පොර ආමි ඩ්‍රයිවර්..ඒත් මෑන් නෙවෙයි වෙඩි තියලා තියෙන්නේ.. පොර මොබයිල් ඩ්‍රයිවර්... පොරට අනුව දවස් කිහිපයක්ම නිහාල් සිල්වා ලොකු ටෝක් දිලා ඔතනින් ගිහින් තියෙන්නේ... නිකං නෙවෙයි මමත් සාජන් කියාගෙන... පොර ප්‍රේමදාස අදුරන හින්දා පොරට පොලිසිය ලවා සැලියුට් කරවගන්න උවමනාව තිබිලා තියෙන්නේ... ඕක එතනම බැරියර් එහෙක ආමි කට්ටියට පොලිස් කාරයෝ ටික දුක සේ කිව්වම ආමි එකේ කට්ටිය වාඩේ බාරගෙන තියෙන්නේ...

    අර මං කිව්ව බුවාගේ හැටියට වෙනදා නවත්තන්න හැදුවත් එදා නිහාල් සිල්වව නවත්තන්නවත් හදලා නැහැ... යන්න ඇරලා එක ෂොට් එකෙන් දීලා දාලා මිසක්...

    ඒත් එක කතාවක්... ඒකා කියපු හැටියට ඒකත් ඇසින් දුටු කතාවක්...

    අනේ අපි නොදනී ඕවා...

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් ඕවට පොරවල් වෙන්න හදන ය වැඩියි.

      Delete
  20. ජ.වී.පෙ වම දකුණට ගහින් ..නිහාල් සිල්වා චරිතයට පොඩි සමාන කමක් පොඩි ළමයා ලග තියනවා.ඒ වුනාට පොඩි ළමයා කියන්නේ නිහාල් සිල්වා අනුකරණය කරන්නේ න කියලනේ.තතගේ පාරේ පුතා යයිද? වෙලාවට රනිල්ගේ බෙල්ල කපයිද?

    ReplyDelete
    Replies
    1. ඔයාගේ මේ කතාව ඇහුවාම මට මතක් වෙන්නේ මම දන්න කෙනෙක් ගෙන් මහින්ද විජේසේකර යු.එන්.පී. එකට ගියාම මම ඇහුව ජේ.වී.පී. හිටිය කෙනෙක් කොහොමද එතනට ගියේ කියලා. ඔහු කීවේ ලම්බයක් එල්ලලා එක පැත්තක කෙලවර තියලා අත හරියාම නවතින්නේ අනිත් කෙලවර කියලා.

      Delete
  21. ඒ කාලේ අපි නොදන්නා කොයිතරම් දේ සිද්ද උනාද? මේකත් වෙන්න බැරි නෑ

    ReplyDelete
  22. හිතවත් මිතුර,ඔබගේ මගේ හෝ අන් අයගේ දේශපාලන මතය කුමක් උවත් මේ රජයේ පාලන ක්‍රමයට අපි පාක්ෂික හෝ නොවන එක කුමක් උවත්, මේ රට විනාශයට ඇදදැමු කොටිත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන උන්ට කඩේ යන එක මේ රටට සැබවින් ආදරේ කරන කෙනෙකුට ඉවසන්න අමාරුයි නේද?
    මේ බ්ලොග් අවකාශයේ තිරිසනුන් කිහිප දෙනෙකු පුහු වීරයන් වෙන්න දගලන්නේ කොටින්ට පස්ස නවාගෙන අල්ලනගමන්, මාද මේ රජයේ වැඩපිළිවෙලට තදින්ම විරුද්ද මුත් මේ දක්වා බ්ලොග් වල විරයන්සේ බොරු විවේචන කර පිම්බෙන්න ගොස් නැත, එසේ වීමට දගලන, මේ රටට විරුද්දව කොටින්ට කඩේයන මාතලන් වැනි තිරිසනුන් අපි බ්ලොග් අවකාශය තුල දැන්ම හුදෙකලා කර නොදැම්මොත් ඉදිරියේදී අපට අපේ බ්ලොග්තුල උන්ට කමෙන්ට් එකක් හරි දාන දුන්න එක ගැන දුක් වෙන්න දවසක් එනවා අනිවාර්යයි.. ඔබ වැනි සන්වේදීන් එදාට හඩනු නොඅනුමානයි .
    එසේනම් දැන්ම මේ පාහරයා,
    ඔබේ ෆ්ලොවර්ස් අතරින් ඉවත් කර
    මොහුගේ සින්ඩියෙන් ඉවත්වී
    මේ පා හරයාගේ කමෙන්ට්ස් පබ්ලිෂ් කිරීමෙන් වැලකි
    ඔහුගේ අඩවියට ඇතුල් වීමෙන් වැලකි
    පාට පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව සිතා මෙවන් තිරිසනුන් අතුගා දැමීමට සහය වන්න..

    ** දේශිහිතයිශි බ්ලොග් කියවන්නෙක් **
    (රාජපක්ෂ රජයට කඩේ යන්නෙක් නොවන )

    ReplyDelete
    Replies
    1. ඔබගේ මේ ගූගල් ප්රෝෆියිල් එක මෙම කමෙන්ටුව දැමීමටම පමණක් යොදා ගත්තක් බප පෙනේ.මා සමාන්යනේ දේශපාලනය කතා කිරීමට අකමැති මාතෘකාවකි. මෙයද මා ඇසූ කතාවක් පමණකි. මගේ දේශපාලන මතය මෙන්ම මෙහි කමෙන්ට් කරන අනෙක් අයගේද දේශපාලන මතය පුද්ගලික එකක් බව මම විශ්වාස කරන්නෙමි. ගූගල් ආයතන ඕනෑම මතයක් දරන අයෙකුට ගිණුමක් ඇර ගැනීමට ඉඩ සලසා ඇත. ඕනෑම දෙයක් ප්‍රචාරය කිරීමට අවකාශ ඇත. ඔබගේ මේ ඉල්ලීම මාතලන් නමැති මා කිසිදා නොදත් (බ්ලොග් තුලින් පමණක් දන හඳුනා ගත්) ඔහුට විරුද්ද ක්‍රියාවලියක් නොව මා අපහසුතාවට පත් කිරීමට ගත් උත්සාහයක් සේ මට පෙනේ. මා පුද්ගලිකවද කව්රුන් හෝ කී පලියට කිසිවකු කොන් කිරීමට උදව් නොදෙන්නේක්මි. ඒ අනිත් අයගේ දෑස් තුලින් ලෝකය දැකීමට මා අකමැති බැවිනි. ඔබ කියනා දෙය යම් හෙයකීන් හරි යයි යම් දවසක මට වැටහී ගියහොත් එවැනි තීන්දුවක් ගැනීමට මා පසුබට වන්නේ නැත. මුලින්ම මා ඔබව නිරීක්ෂණය කිරීමට කැමැත්තෙමි.

      Delete
  23. මචං, මෙය මඩ වලක් කරගන්න එපා. උඹ දන්නවා මම කියන දේ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම. හොඳටම තේරුණා.

      Delete
  24. කියෙව්වෙමි..එහෙත් මුකුත් නොකියමි.

    ReplyDelete
  25. මම දේශපාලනය ගැන කිසිවක් නොලියා නිහාල් සිල්වා ගැන ටිකක් ලියන්නම්. ආරම්බයේ ඔහු හොඳ දක්ෂ රංගන ශිල්පියෙන් මට මතක හැටියට නෙයිනගෙ සූදුවේ නෙයිනා ගේ චරිතයට හිටියේ ඔහු . ඉන් ඉවත්වී ඊළගට තමයි සාජනට් නල්ල තම්බි වුනේ ඒත් මම දුටුව ඔහුගේ හොඳම රංගනය තිබුනේ හෙලෙනා ලෙන්තිමතීගේ "පුන්තිලා" නාට්‍යයේ. ඒ නාට්‍ය විදේශිය නාට්‍ය වුනත් ඔහුගේ රංගන භූමිකාව තේරුම් ගන්න ඒකම ප්‍රමානවත්. පාලිත සිල්වාත් ඒ නාටයයේ හිටියා. මට මතක හැටියට මහරගම යොවුන් රග හලෙත් ජෝන්ද සිල්වා එකෙත් මම මේ නට්‍ය කීපවතාවක්ම බැලුවා. ඒතරමට ඔහුගෙ රංගන ප්‍රතිභාව විහිදුන නාට්‍යයක් අදටත්.

    ReplyDelete
    Replies
    1. මම අහල තියෙනවා ඔහු පුන්තිලා එකට සෙනග අඩු වීම ගැන ඉතාම කනගාටු වුනා කියලා.

      Delete
  26. නොඇසූ කතාවක්. ඇත්තටම ඔහුට වෙඩි තියන්න හේතුව වුනේ මාරයා කියපු සිද්දියට. මේකත් හරි පෙහෙලිකාවක් මට. එතකොට විජේවීර මැරුවේ අල්ලගත්තු දවසේමද. එතකොට යාපනය සිරගෙදර හිටියේ කලින් වතාවේ අත්අඩංගුවටගත් අවස්ථාවේද?..

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...