Thursday, March 21, 2013

මට නම් මෙහෙමයි, ඔයාලටත් මෙහෙමද ?

අද මට හිතුනා අලුත්ම දෙයක් ගැන පොඩි විමසීමක් කරන්න. හිතන්න ඔබ පොතක්, පත්තරයක්, වෙබ් සයිට් එකක්, බ්ලොග් එකක් කියවනවා කියලා. අඩුම තරමේ මොකක් හරි පින්තුරයක් දිහා බලාගෙන ඉන්නවා කියලා. මෙහෙම ඉන්දිදී එක පාරටම ඔබගේ හිතේ මැවෙනවා, ඔබ ළමා කාලයේ නිතර ආ ගිය තැනක්. ඒ චිත්ත රුපයේ ඉඳගෙන තමයි ඔබ කරන කියන දේ ගැන හිත යොමු කරන්නේ. මේක සමහරවිට ළමා කාලයේ ආ ගිය තැනක් නොවෙන්නම පුළුවන්. දැන් මේ පොස්ට් එක ලියන ගමන් මගේ හිත තියෙන්නේ අපේ ගමේ පන්සල් වත්තේ තැනක. 

මෙහෙම වෙන්නේ ඇයි කියන්න නම් මම දන්නේ නෑ. ඔබට හිතෙන්න පුළුවන් සුදීකගේ ඔලුව කොලොප්පම් වෙලා කියලා. නැහැ. මේක මට කුඩා කාලයේ ඉඳන් තිබ්බ දෙයක්. මට මෙහෙම මතක් වෙන තැන් කිහිපයක් තියෙනවා. හරියටම කල්පනා කරලා බැලුවොත් ළමා කාලයේ මම වැඩියෙන්ම කරක් ගහපු තැන් නැත්නම් රස්තියාදු ගහපු තැන්.

  • අපේ ගමේ පන්සල් වත්තේ (බෙන්තොට උඩකොටුව රජ මහා විහාරය) තැන්
  • පුංචිම කාලේ පාසල් (බෙන්තොට ගාමිණි කනිෂ්ඨ විද්‍යාලය) ගිය පාසලේ තැන්
  • අපි වතුර ගෙන්න ඒ කාලේ ගියේ අර කලින් සඳහන් කරලා තියෙන පන්සල් කන්දේ පිටුපස පැත්තේ තිබ්බ ලිඳකට, ඒකට ගියේ අපේ මිතුරියකගේ නිවස අයිනෙන්. එයාලගේ ගෙයි පිටිපස්සේ තැනක් එහෙම නිතරම මතකයට එනවා. 
  • බෙන්තොට දුම්රියපොළ, පොලීසිය, තැපැල් ස්ථානය තිබෙන හිස් භුමිය.
  • මම වැඩියෙන්ම ක්‍රීඩා කරපු ක්‍රීඩාංගණය වෙච්ච් බෙන්තොට ගාමිණී විදුහල් ක්‍රීඩාංගණය අසලින් ගලා යන ඇල අසල තිබෙන පොල් ගස් සෙවන(මෙතන වෙච්ච මාරු සිද්දියක් තියෙනවා පස්සේ දාන්නම්)
  • ඒ වගේම බෙන්තර ගඟේ තොටුපලක්.
දැන් මට තියෙන ප්‍රශ්නේ මට තියෙන මේ මනෝ විකාරය :) ඔබටත් තියෙනවද කියන එක. මගේ හිත මේ තැන් වලට ගෙන යන්නේ ඒ ඒ වෙලාවල් වලට මම කරන ක්‍රියාවලිය. සමහර බ්ලොග් කියවද්දීත් මේ වගේ තැනකට නිකන්ම මගේ හිත ගිහින්. ඉස්සර අපේ නංගිට මේ වගේ ලෙඩක් තිබ්බා පාඩම් කරන්න ගියාම වෙල් යායක් පේන. ඒ කාලේ අපි එයාට හොඳටම විහිළු කරනවා. 

කැමතියි ඔබගේ අදහස් දැන ගන්න.මෙහෙම වෙන්නේ ඇයි කියලා කාට හරි විස්තර කරන්න පුළුවන් නම් ඒකත් හොඳයි. සමහරවිට පෙර ආත්මේ තැන් පේන අයත් ඉන්න පුළුවන්. බස් එකේ හෝ වාහනයක යනකොට ඇහැලියගොඩ එක්තරා රබර් ගස් තිබෙන හන්දියක් තියෙනවා මට එතන දැක්කම මගේ හිතට පොඩි මතකයක් වගේ දැනෙනවා. මම එතන නම් කරලා තියෙන්නේ "ගුප්ත හංදිය" කියලා. මේ වගේ තැන් ඔබේ හිතෙත් ඇති. ආසයි දන ගන්න. 

ළඟකදී බලපු August Rush කියන චිත්‍රපටයෙත් මේ වගේ කොලු පොද්දෙක් ඉන්නවා. එක එක සද්ද ඒ ළමයට දැනෙන්නේ සංගීත රටා වගේ. 

89 comments:

  1. ලිඳට යද්දී අර මිතුරියගේ ගෙයි පිටිපස්සේ වෙච්චි විශේෂ දෙයක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. දෙදෙනාටම බෙහෙත් ඇත. කරුණාකර කැත හිත් වලට කවි සෑමාගේ බ්ලොග් එකෙන් බලන්න.

      Delete
  2. අපොයි ඔව් ඕන තරම් . දවසේ හැම වෙලාවේම දකින හැමදේම ඔස්සේ යම් යම් නොස්ටල්ජික් මතක ඔළුවට එනවා . මන් ලියපු ලිපි සියට අනුවක් විතර ඔයවගේ හිතෙන ඒවා .

    ඔබ මෙතන කාරනා දෙකක් කියනව වගේ . එකක් අතීත සිද්ධි . අනෙක තමන්ට සම්බන්ධයක් නැතත් නිකන් හුරු ගතියක් දැනෙන දේවල් . මට නම් බොහෝ විට අංක එක තමා බලපාන්නේ .

    ReplyDelete
  3. //බෙන්තොට දුම්රියපොළ, පොලීසිය, තැපැල් ස්ථානය තිබෙන හිස් භුමිය...//

    මටත් මෙන්න මේ වගේ තැන් වල විශේෂ මතකයන් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. හොඳයි. ටිකක් විස්තර කරමු.

      Delete
  4. මටනම් මෙහෙම දෙයක් වෙනවා යම්කිසි කතාවක් කියවනකොට මං ජීවත්වුණු පරිසරයකට මං ඒක ආදේශකරගන්නවා.ඒ වගේම තව එක දෙයක් තියනවා ඒක මට අද වෙනතුරුත් පැහැදිලි කරගන්න බෑ.මං පොඩි කාලේ ඉදලම සරින් සැරේ එකම හීනයක්‌ දකිනවා.කෙටියෙන් කිව්වොත් ඉදිකට්ටකට නූල දාන්න සෑහෙන වෙලාවක් ට්‍රයි කරනවා,එකපාරටම ඉදිකට්ට අතේ ඇනෙනවා.මං හරියටම එතෙන්දි එකාපාරටම ගැස්සිලා ඇහෙරෙනවා.ඊට පස්සේ සෑහෙන වෙලාවක් යනකල් ආයෙත් නින්ද අයන්නේ නෑ.හැබැයි හීනේ හැමදාම එකම විදිහට පේනවා.චුට්ටක්වත් වෙනස් නැහැ.ම්ම්ම්ම්....අනේ මන්දා...

    ReplyDelete
    Replies
    1. හීන විශ්ලේෂණය කරන අය ඉන්නවා. ඒ වගේ කෙනෙක්ගෙන අහන්න පුළුවන්.

      Delete
    2. ඉඳිකට්ටට නූල දාගත්ත දවසට උඹ දිණුම්.. උඹ උත්සාහවන්තයෙක් කියන් එකයි ඒකෙන් කියන්නේ.

      Delete
    3. ඔන්න මලේ නුල දා ගනිං.

      Delete
    4. මාතලන් විහිලුවට නෙමෙයි නේද ? =D මං මේ තාක්කල් ජීවිතේ ලබාගත්ත හැමදේම ලබාගත්තේ මගේ උත්සාහයෙන්නම් තමා.මොකුත් නිකම්නම් ලැබිලා නෑ.

      Delete
    5. මාතලන් සිහින ගැන කියන්න දනන්වද? මම මේ ලගදි හීනයක් දැක්කා.ඒක නරකයි කියලා සමහරු කියනවා .මට ඒ ගැන දැන ගන්න ආසයි.

      Delete
    6. http://www.lankateam.com/2013/03/blog-post_20.html

      Delete
  5. මට නං නෑ ඔය ලෙඩේ. :)

    ReplyDelete
    Replies
    1. රාජ් බ්ලොග් එකක් කියල එකක් උබටත් තියෙනවනේද?
      අන්න මකුළුදැල් බැදලා

      Delete
  6. කිසි දිනෙක් මුනගැසී නැති පුදගලයන්, දැක පුරුදු බවක් සමහර වෙලාවට හැඟෙනවා. කෙනෙක් තමන් හැදුණු වැඩුන පරිසරය හා සමාජය අනුව අනුගත වෙන එක තමයි බොහෝ විට සිඳුවෙන්නේ. ඒත් ඒක කඩාගෙන බිඳගෙන යන්න පුලුවන් නම් තම හොඳ.

    ReplyDelete
    Replies
    1. මටත් ඔය වැඩේ වෙනවා. මම සාමාන්‍යයෙන් මිතුරන් ඇති කර ගන්නේ බොහොම හෙමින්. ඒත් සමහර ඇය දැක්ක ගමන්ම දැඩි මිතුරුකමක් ගොඩනැගෙනවා. සංසාර පුරුදු කියන්නේ මේවට.

      Delete
  7. මටත් ඔය වගේ නිතර මතක් වෙන තැන් කිහිපයක් තියනවා. එකම හීනේ නොවුනත්, හීන වලටත් වැඩිපුර සම්බන්ධ වෙන තැන කිහිපයක් තියනවා.

    ReplyDelete
    Replies
    1. මගේ බය අඩු වෙන්නේ මේ වගේ දේවල් දැක්කම.

      Delete
  8. මටනං වෙන්නෙ ඒ පොතේ තියෙන සිදුවීම, චරිත අස්සට මාත් රිංගල ඒ අයත් එක්ක ඉන්නව වගේ පේන එකක්.

    ReplyDelete
    Replies
    1. ඒක තමා එහෙනම් මේ භාෂා තුනේන්ම අකුරු අමුණන් ඉන්නේ.

      Delete
  9. මට තියෙනවා සමහර තැන්වලට ගියාම එතන මම කවද හරි හිටියා කියන හැඟීම. මම අර ගිය පාර පෝස්ට් එකේ දැම්මා වගේ.

    අනුරාධපුරේ නටබුන් ලඟදිත් ඔය හැඟීම දැනිලා තියනවා. සමහරු දැක්කාම කොහේදී හරි දැකලා පුරුදු ගති සමහරවිට තියනවා. පහු ගිය ආත්මවලදි වුනු ඒවද දන්නේ නෑ.:)

    ලියනකොට ඉතින් අනිවාර්යයෙන් ඒ චරිතෙකට බැහැලා තමා ලියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඉසුරුමුනියෙදි වෙන්ටෑ වැඩිපුර දැනෙන්නේ...? :)

      Delete
    2. සංසාර පුරුද්ද.

      Delete
  10. මටත් කියන්න තියෙන්නේ පොඩි කුමාරිහාමි කියපු කතාවම තමයි. විශේෂයෙන් අභයගිරිය සහ ජේතවනාරාමය පුදුමාකාර හුරු බවක් දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. පෙර ආත්ම බව වලදී අනුරාධපුරයේ ඉන්න ඇති.

      Delete
  11. මට එහෙම දැනිලා නෑ. කොහේදිවත් කවදාවත්..හැබැයි මම ආසයි මනෝකාය පොත් කියවන්න.ඒවගේ කතා අහන්න.අපි ගිය ආත්මේ මොන විදියට හිටියද කියලා දැන ගන්න.

    ReplyDelete
    Replies
    1. හැමෝම නොපෙනෙන දේට තමයි කැමති.

      Delete
  12. හේතුවක් නං මාත් දන්නේ නැ ඒත් මටත් බොහෝ වෙලාවට එහෙම දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. දැන් නම් මගේ බය ටික ටික අඩු වෙන්වා.

      Delete
  13. හප්පොච්චියේ දැන්ම හොඳ දොස්තරකෙනෙක් චැනල් කලානම් ..... හික් හික්

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ DEJA VU ගැනද ?

      Delete
    2. විකිපීඩියා කියන්නේ මෙන්න මෙහෙම

      Déjà vu, from French, literally "already seen", is the phenomenon of having the strong sensation that an event or experience currently being experienced had been experienced in the past.

      Delete
    3. ඔව් ඒක තමයි. ඒ ෆිල්ම් එක බලන්න ඕනේ. ලොකු ජෝන් ඉස්සර වීඩියෝ ක්ලබ් එකක් කළා කිව්වනේ. කියන්නකෝ හොඳ ෆිල්ම් ටිකක්.

      Delete
    4. deja vu එකේ කෙල්ලෙක් නාන සීන් එකක් තියෙනවා.ඒ ටික තනියම බලන්න.ඔන්න පස්සේ අමාරුවේ වැටිලා අපිට කියන්න එන්නෙපා

      Delete
    5. deja vu කියන්නේ ඉදරියෙන් එන කරදරයක් ට කියල matrix ෆිල්ම් එකේ තිබ්බා.. ඕකේ ඉන්නේ ඩැන්සෙල් නේද

      Delete
  14. Replies
    1. ඔයාගේ මානසික ඒකාග්‍රතාව හොඳ ඇති.

      Delete
  15. සුදීකට තියෙන ලෙඩේ මටත් තියෙනවා. අපි නාන ලොකු ලිඳකට යන පාරෙ දොලපාරකට උඩින් අති ඉති පැතිරිච්ච ඇට්ටේරියා ගහක් තිබුණ. ඔය ගහ උඩ දෙන්නෙකුට පහසුවෙන් ඇලවෙලා නිදගන්න තරමට අතු එකට තිබුණ. ඔතන තමයි මායි අයියයි කයිවාරු ගහන්න ගියතැන පස්සෙ කාලෙ මං තනියෙන්.. මට එතන අදත් මගෙ හිතෙ හොල්මන් කරනවා. මං ගූගල් අර්ත් ගිහින් බලන්න හදනවා. ඒත් ඒ තරම් දුරට පැහැදිලි නෑ.අනිත් තැන ත්‍රිකුණාමලේ කෝණේශ්වරම් කෝවිල ලඟ ඇති ලවර්ස් ලීප් වලට පහලින් ඇති පුංචි ගල් තලාව.. මං ත්‍රිකුණාමලෙ වැඩ කල කාලෙ තනියම ගිහින් මුහුද දිහා බලං වරු ගනන් ගත කල තැන.. ඒ වගේ තැන් කීපයක් විහිදිලා තියනවා.. ඒ තැන්වලට නම් හේතු තියෙනවානෙ. ඒත් එහෙම විස්තර කරන්න බැරි තැනක් දෙකකුත් තියෙනවා. එකක් පොලොන්නරුවෙ ගල් විහාරය. එතන තමයි මම ලංකාවෙ වඩාම කැමති තැන. මං එතන රූපගතකරල තියන් ඉන්නවා. පුලුවන් නම් මැරෙන්න මොහොතකට කලින් දකින්න මං කැමතියි..

    ReplyDelete
    Replies
    1. මට මේවා කියවත්දී එන සතුට කියා නිම කරන්න බැ, මොකද මේ පේලි දෙක තුන අකුරු කරපු නිසා තමයි මේ දේවල් දැනගන්න ලැබුනේ. දැන් හොයන්න ඕනේ මේක අධි මානසික තත්වයක්ද ? නැත්නම් මානසිකේ තියෙන දුර්වලතාවක්ද ? කියලා.:)

      Delete
    2. මං හිතන්නෙ මේ අපි ආසා කරන තැන් වටේ අපි සංසාරෙ පුරාම ගමන් කරනවා ඇති කියලා.

      Delete
  16. අඩේ ඔව් ඈ... මටත් ඔහොම වෙලා තියෙනවා.

    මම ඉස්සරලාම බණ්ඩාරණායකේට ගිය දවසේ එහෙ හිටපු සමහර ටීචලා මට හොදට දැකලා පුරුදුයි. සමහර තැන්වල මම ඉදලා තියෙනවා වගේ. ඒකනං මාරම මාර හැගීමක්.

    හුගක් අය කියන්නේ ඒ අපි ගිය ආත්මේ හිටපු, හම්බුන අදුරන අයලු. අනේ මන්දා :0

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හම්මෝ මේං මේකා දාපු දිගම කොමෙන්කටුව!!!!1

      Delete
    2. ඒකත් එහෙමද ?

      Delete
  17. මමත් ඇත්තම් කියන්නම්කෝ,, මටත් ලාවට වගේ ඔය ලෙඩේ තියනවා,, හැබැයි ඒක නම් ඇවිල්ලා ලෙඩක් නෙවෙටි, මගේ හිතේ ඒ ඒ දවස්වලට වෙහෙසෙනවනම් මෙනවා හරි දෙයක් කරන්න,එතකොට ඒ ඒ දේවල් මැවිලා පේනවා,,දැන් මේ වෙලාවේ මගේ හිතේ තියෙන්නේ බණ්ඩාරවෙල තියන එළවළු ගොවිපොලක් ගාව.. :/ , ගිය ටිකේ මම හිටියේ රාවණා රජ කාලයේ.. :D

    ReplyDelete
    Replies
    1. දැන් බලාගෙන යනකොට හැමෝම එක බෝට්ටුවේ.

      Delete
  18. මටත් ඕක තියනවා සුදීක.. ඒ වගේ ස්ථාන දෙක තුනක් තියනවා කිසිම හේතුවක්, සම්බන්ධයක් නැතුව මතක් වෙනවා, චිත්ත රූපය මැවෙනවා..

    මට ඉස්සර තව දෙයක් තිබුනා... හිටපු ගමන් දැනෙන්න ගන්නවා මේ දැන් සිදුවෙමින් තියන දේවල් මීට කලින් වෙලා තියනවා කියලා..ඒ වෙලාවට ඊලඟ නිමේශයේ වෙන්න තියන දේවලුත් හිතා ගන්න පුලුවන්.. ඒවා ඒ විදිහටම වෙලාත් තියනවා. බොහොම ටික වෙලාවකින් ඒ ගතිය නැතුව යනවා.. හැබැ‍යි දැන්නම් කාලෙකින් මම ඒ අත්දැකීම ලැබුවෙනෑ..

    ReplyDelete
    Replies
    1. දැනුයි මටත් මතක් වුනේ. සමහර සිද්දී වෙච්ච් වෙලාවල් වලට හිතෙනවා කලිනුත් මෙහෙම වුනා නේද ? කියලා.

      Delete
    2. හි හි.. ඕක මටත් වෙලා තියෙනවා... සමහර වෙලාවට කල්පනා වෙනවා මේක මේ විදියටම මීට කලිනුත් උනා නේද කියලා... හරි ඉක්මණට ඒක නැති වෙලත් යනවා... මං ඕක ‌මට විතරක් තියෙන ලෙඩක් නෙවෙයි කියලා තේරුම් ගත්තේ deja vu ෆිල්ම් එක බැලුවට පස්සේ..

      Delete
    3. @සුදීක,

      මට වෙච්චම නෙමේ හිතිලා තියෙන්නෙ.. සිද්ධිය වෙනකොටම කලින් මෙහෙම වෙලා තියනවනෙ කියලා මතක් වෙනවා.. ඊලඟට වුනේ මෙහෙමයි කියලත් මතක් වෙනවා..

      @හිරූ

      ඒ වුනාට ඊලඟට වෙනදේ කියන්න පුළුවන්නෙ.. ඒකනෙ මරු වැඩේ..මට එහෙම දැනිච්ච ඒවා ගොඩක් හරි ගිහින් තියනවා..

      Delete
    4. ඔයාට තිඑන්නේ විශේෂ ඥානයක්. ඒක දියුණු කර ගන්න බලන්න. එක වරක් මම චිත්‍රපටයක් බැලුවා "Saved by the Lightning" කියලා. ඒකෙ ඉන්න තරුණයටත් ඒ වගේ හැකියාවක් එනවා. ඒක ඇති වෙන්නේ එයාට හෙනයක් වැදිලා. ඒ වෙනකම් එයා සමාජයට හිරිහැර කරපු කෙනෙක්. පස්සේ එයා මිනිසුන් වෙනුවෙන් පුදුම මෙහෙවරක් කරනවා.

      Delete
    5. මම හිතන්නෙ ඒ ඥානය දැන් ඉවරද කොහෙද.. බොහොම කාලෙකින් මට එහෙම දැනුන්නෑ..

      Delete
  19. මට තිබ්බා ෆොටෝකොපි මෙමරි තත්වයක් ඉස්සර.. දැන් නම් ටිකක් අඩුයි... ඒකයි මම ‌ෆිල්ම්ස් වලට වඩා පොත් වලට කැමති.. පොතක් කියවන කොට මගේ හිතේ මැවෙන පරිසරය මම දැකලා තියෙන, මට හුරුපුරුදු තැන්... ඒකෙන් පොතේ කතාව මට ගොඩක් සමීප වෙනවා.. ඒත් ෆිල්ම් එකකදි රෑප පෙන්නන නිසා කතාව බලාගෙන යනවා මිසක් ඉමැජිනේෂන් එකක් නැති නිසා ෆිල්ම් එකේ කතාව මගේ කතාවක් වෙන්නේ නෑ කවදාවත්....

    ඒ ඇරෙන්න සුදීක අයියගේ පෝස්ට් එකේ මට පෙනුනේ August Rush කෑල්ල විතරයි.. මාර විදියට ආස ෆිල්ම් එකක්... හි හි

    ReplyDelete
    Replies
    1. රස විඳින්න නම ඒ තුලට යන්නම වෙනවා.

      Delete
  20. සුදීක, ඕක ලෙඩක් නෙමෙයි බං.. ඒක තමා මනස වැඩ කරන ආකාරය. ආසම දේ කැමතිම දේ ඊට සමාන දේ දැක්කම මතකෙට එනවා. මටත් අනන්තවත් එහෙමයි.. හික්

    බෙන්තොට බීච් කිව්වම මතක් උනේ බං, දවසක් දේශිකා එක්කා බදින්න කලින් බෙන්තොට බීච් ගියපු වෙලාවේ වැටකෙයි පදුරක් ළග බීලා කරපට් වෙලා හෙළුවෙන් ඇවිදින අංකල්ල වගයක් දැකල ඔක්කෝම අමතක කරල ආයි එන්න උනා.. හිකිස්

    ReplyDelete
  21. මම හිතන්නේ මටත් ඔය දේම තියනවා සුදීක අයියේ.. සමහර කවදාවත් නොගිය තැන් වලට ගියාම හුරුපුරුදුකමක් දැනෙනවා. මං හිතන්නේ පෙර ආත්මේ සීන් එකක් වෙන්න ඇති... අනික සමහර සුවඳ නහයට දැනුනාම (සෙන්ට්, පව්ඩර්) පටස් ගාලා අතීතයට යනවා..මොහොතයි...ඒත් ඒ මොහොත ඇතුලත මම ඒ ඉස්සර හිටපු මානසිකත්වයට යනවා. ඒක පැහැදිලි කරන්න අමාරුයි. තව එකක් අර මතකද ඉස්සර ටීවී එකේ ගියේ "ඇමසෝන් AMAZON" එකේ ප්ලේන් එක කඩන් වැටිලා කට්ටිය කැලේ ඉන්නකොට හෙන වැස්සක් වහිනවා. ඔන්න ඔය වැස්සේදී එක මනුස්සයෙක් මැරෙනවා සරපයෙක් ගහලා. එතකොට "පියා" කියන ගායිකාව යාඤ්ඤා කරනවද කොහෙද. අන්න ඒක අහනකොට මගේ හිත මාර විදිහකට තිගැස්සෙනවා. දෙපාරක් බලලා තියේ දෙපාරම එහෙමයි... අනික කොලොන්නාව කියන නමට මම හෙන බයයි. මේ ඔක්කොම එකකට එකක් කොහොමත් සම්බන්ධ නැතුව ඇති. ඒත් පැටලුම ලිහා ගන්න බැ මටත්.

    තවත් දෙයක්...මම හිතන්නේ අපිට මොකක් හරි අතීතයේ හොඳට මතක හිටින සිද්ධියක් තියනම් අපි ඒ සිදුවීම ගැන එක පාරකට වඩා හිතලා/ ආවර්ජනය කරලා තියනවා..(කීප වතාවක්). එහෙම සිද්ධි තමයි මට තේරෙන විදිහට මට නම් මතක හිටින්නේ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් මේක සාමාන්‍ය තත්වයක්. මටත් තියෙන දෙයක් තමයි සමහර රස සුවඳ එක්ක අතීතයට යනවා. ඒ සුවඳ/රස දැනුන වෙලාවේ හිටි තැන් පවා මතක් වෙනවා. සමහර රස විඳින ගමන් අහපු සින්දුත් එක පාරටම මතකයට ගලා එනවා.AMAZON මමත් ඉතාම කැමැත්තෙන් බලපු එකක්.

      Delete
  22. ඕන තරම්..

    අපේ වත්ත මුල්ලේ තිබුන ලොකු කොස් ගහකුයි අඹ ගහකුයි. ඒක හුඟක් කතාවල් කියවද්දී මැවෙන තැනක්. "සෙවනැලි අවදි නොම වන....." ඒ කවියේදී මතක් වෙන්නේ අපේ වතුර උල්පත ළඟ අඳුරු ගස් ගොමුව.. "පාවේ වලා...." සින්දුව අහද්දී අපේ ඉස්කෝලෙට පෙනුණු, ඈත කඳු ගැටයක් සිහියට එනවා.. තව බොහෝ ය.. :)

    අර, කෙනෙක් දැකපුවාම පුරුදුයි වගේ දැනෙන්නේ නම් ඇස් දෙක දෙවරකට පුද්ගලයා ගැන සංඥාව මොලයට යවන නිසා කියල අහල තියනවා. අනේ මන්දා ඉතින්...

    ReplyDelete
    Replies
    1. //අර, කෙනෙක් දැකපුවාම පුරුදුයි වගේ දැනෙන්නේ නම් ඇස් දෙක දෙවරකට පුද්ගලයා ගැන සංඥාව මොලයට යවන නිසා කියල අහල තියනවා//

      මේකට තියෙන්නේ එක අහක් වහලා බලන එක.

      Delete
    2. හැමෝම දිහා ? :D :D

      Delete
  23. මටත් පන්සල් වත්ත නම් කවදාවත් අමතක වෙන්නේ නැ.එතනින් ගමන් කරන වාරයක් පාසා ඒ දේවල් මතක් වෙනවා.ඒ කාලේ ඇට අඔ ගහේ (පුංචි අඔ)අඹ කඩපු හැටි පනසල් වත්ත බලාගන්න සීයා අපේ පාරේ එලවගෙන එන හැටි.දැනුත් හිනා.ඒත් අපේ දරුවන්ට ඒ සුන්දරත්වය විඳින්න නැහැ.ඔවුන්ගේ එකම මතකය පරිඝනකය නැමති කුඩා රාමුවක් තුල පමණයි.ඒ ගැන දුකයි.ඒත් මම හිතනවා සුදීක අයියා දරුවන් ඒ සුන්දරත්වය කරා යවන්න උත්සහා කරනවා කියලා.ගැමි සුන්දරත්වය පපුවේ තියෙන මිනිසෙකුගෙ පැවැත්ම හරි සාමකාමියි.ඔබේ ලිපි තුල ලියන වචනත් එක්ක ඔබත් ඒ කොටසේ බව මම විශ්වාස කරමි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ඔයා කිව්වම මතක් වුනේ. අපි ගමේ ගිය වෙලාවට නවතින්නේ අක්කලාගේ ගෙදර. අම්මලාගේ ගෙදරට කිලෝ මීටර් 1 1/2 විතර තියෙනවා. එක දවසක් මමයි දුවයි පයින් ගියා මේ ගෙවල් දෙක අතර. මම ඉටි බෑග් එකක් එයා අතට දීලා හමු වෙන ගස් වලින් කොලයක් කඩලා ඒ ගැන විස්තර කරලා අර බෑග් එකට එකතු කරන්න දුන්නා. අපි කොළඹ එත්දීත් එයා ඒක ඇරගෙන ආවා. අපි දෙන්නම එදා හරි සතුටක් වින්දා.

      Delete
    2. මරේ මරු

      Delete
  24. ඉස්කෝලෙට කෙටිම පාර තිබුනේ වෙල් යායාක් මැද්දෙන් තාර පාරට වැටෙන්න හරිම ළඟයි. වැඩිම කාලයක් නියර දිගේ පයින් ඉස්කෝලෙට ගිය හැටි තවම දවසට දෙතුන් වතාවක් හිතේ ඇදෙනවා. ආයෙ හවස්වරුවම මහජන පුස්තකාලෙට රිංගලා පොත් කියවපු හැටි. ඒක හරිම සුන්දර අතීතයක්

    ReplyDelete
    Replies
    1. හැමෝටම මේ වගේ සොඳුරු මතක තියෙනවා වගේ.

      Delete
  25. මට නම් එහෙම දැක්මක් හෝ මතකයක් නැහැ.සමහර විට අයියට ඇත්තටම පෙර ආත්මේ ඒවාද දන්නේ නැහැ ඔය මතක් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ මලයෝ මේ ආත්මේ දැකපුවා. මම එක ප්‍රශ්නයක් අහන්නම්. ඔයාට නින්ද ගියාම බෝම්බ ගහලවත් ඇහැරවන්න බෑ නේද?

      Delete
    2. ඉස්සර නම් එහෙමයි දැන් එහෙම නැහැ දැන් වටේ පිටේ කලබලයක් වගේ නම් ටක් ගාලා ඇහැරෙනවා.ඇයි එහෙම ඇහුවේ?

      Delete
  26. මට ඔය කියන විදිහේ කිසිම අත්දැකීමක් නෑ. කෙමෙන්ටු කියෙව්වම දැනගත්තේ මේක ගොඩක් අයට තියෙන දෙයක් බව.
    සමහර විට පෙර ආත්මය සිහිවිමක් වගේ දෙයක් වෙන්නත් පුලුවන් නේද ??

    ReplyDelete
    Replies
    1. පෙර ආත්මේ දේවල් මතක් වෙන එක එකක්. නමුත් ළමා වියේ දුටු දේ මතකයට එන එක තව එකක්.

      Delete
  27. මොකක් හරි තැනක් ගැන හිතද්දී නම් එතනට සම්බන්ද මොකක් හරි අතීත මතකයක් ඒත් එක්කම එන එක ඉතින් සාමාන්‍ය දෙයක් තමයි

    ReplyDelete
    Replies
    1. සමහරුන්ට ඒක සතුටක්. සමහරුන්ට හිරිහැරයක්.

      Delete
  28. මට තියෙන්නේ ටිකක් අමුතු ලෙඩක්. මන්ද මේ ලෙඩේ වෙන කාටවත් තියනවද කියල. මට හිටිගමන් තේරෙනවා මම මේ කරන දේ කරද්දී ඊළඟට වෙන්නේ මොකක්ද කියල ඉවෙන් වගේ. උදාහරණයක් විදියට මම දැන් මෙතන මේ ටික ටයිප් කරද්දී මෙතනට කෙනෙක් ඇවිත් මොනවාහරි දෙයක් කියනවා වගේ සිද්ධියක්. එතැනදී එයා ඇඳගෙන එන ඇඳුම ඒකෙ පාට වගේ ෆුල් ඩීටේල් මං දන්නවා. ඒ ඇවිත් කියන දේ පවා මං දන්නවා. ඒත් එච්චරයි. එතනින් එහාට ඉවරයි. මේ කියන්නේ තත්පර 30-40 වගේ කාලයක් එක්ක විනාඩියක් වගේ කාලයක් ඇතුලේ වන සිද්ධි ටිකක් ගැන. එතනින් එහා මම දන්නේ නෑ.

    එහෙම දෙයක් අහල තියනවද?

    ReplyDelete
    Replies
    1. සෙන්නත් කියලා තියෙන්නේ ඕකම තමයි.

      Delete
    2. එහෙම ඒවා වෙනවා

      Delete
  29. මටනම් තියෙන්නේ කලින් මම කරන වැඩේ ප්ලැන් කරනවා හරියට ෆිල්ම් එකක් වගේ! ඔහෝ වෙලාවට උදේ ටොයිලට් එකේදී තමයි මේක කරන්නේ! :D ඊට පස්සේ ෆිල්ම් ඒකට අනුව වැඩ කරනවා!

    ReplyDelete
    Replies
    1. ඔය ටොයිලට් එකේදී අයිඩියාස් එන අය ගොඩක් ඉන්නවා.

      Delete
  30. මටත් එවැනි අත්දැකීමක් තියෙනවා. මා ගිය යම් විශ්වවිද්‍යාලයකට පලමු වරට ඇතුල් වෙනකොට හරිම පුරුදු ගතියක් දැනුනා. ඒ හැඟීමට බයත් හිතුනා. හරිම ගුප්තයි

    ReplyDelete
    Replies
    1. මේක දෙවෙනි කාණ්ඩයේ එකක්. ඒ කියන්නේ පෙර ආත්මයේ අත්දැකීමක්. අපි කොහොමද මේවා විස්තර කරන්නේ ?

      Delete
  31. ekagai...
    Mita isara kawadawat dakala nati tanak,kenak hurupurudu bawak dananawa.
    mama hitagena hitiya oka mata tiyana ledak kiyala.
    Jayawewa

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මේක ලෙඩක් නෙවෙයි සංජීව.

      Delete
  32. dana 5 k,
    Anurdhapurayata adarya karna kenak.
    Jayawewa

    ReplyDelete
  33. සුදී ක ඔය වාගේ දේවල් ගොඩක් මම විදිනවා විදලා තියනවා.

    මට තියනවා ඔය ගැටලුව තදින්ම , ඒ ගැන හිතන එක මම දැන් අත ඇරලා , මොකද දන්නවද ඒක මහ වදයක් හිතට . සමහර වෙලාවට බයකුත් දැනෙනවා.

    හැම වෙලාවෙම වාගේ මම ඉන්නේ මොකක් හරි හීන ලෝකයක,

    මට දැනුන දැනෙන දේවල් විස්තර කරන්න අමාරුයි. ඒක හන්දා මම එව්වායේ ලිස්ට් එකක් දාන්නං

    1ලග නැති සමීපතමයෙකුට කරදරයක් වෙන අවස්ථාවකදී පියවි ලොවේදි ඉගියකින් වා‍ගේ දෙයකින් එය දැනීම,
    2 එවැනි අවස්ථා සිහිනයෙන් පෙනීම, (අදාල සිද්ධියම නොවුනත් ඉගියක් වාගේ)
    3මට මොනවාහරි වෙන්නට කලින් , මට එහෙම වෙයි කියලා සිතීම(ඒක වෙන්නේ හීනයෙන් නෙමෙයි)
    4සමහරක් ස්ථාන සහ පුද්ගලයන් පුරුදු ලෙස දැනීම
    5සමහරක් කලින් නොගිය තැන් වලට යනවිට ඇසට නෙපෙනෙන බලවේගයන් තිබෙනවා යැයි දැනීම(ඒ තැන්වල ඉන්න අයගෙන් මම අහලා තියනවා , එයාලා ඒක පිලි අරගන තියනවා)
    6ජීවිතයේ කවදාවත් නෙකරපු වැඩක් කරන්න හදන විට එය කලයුතු ආකාරය සහ අදාල භාංඩයේ සැකැස්ම සහ යාන්ත්‍රනය හිතට දැනීම

    * ඔය එකක්වත් ඔලුවට පොල්ලෙන් ගැහුවා වාගේ දැනෙන්නේ නැ

    *ඔහොම හැම වෙලාවෙම වෙන්නේ නැ, සමහරක් වෙලාවට විතරයි

    *එහෙම හිතට එන එක සහ ඉදිරියට වෙන දේ කොයි වෙලාවේ වෙනවද කියන්නත් බැ

    *ගොඩක් වෙලාවට හිතට ආපුදේ හරි ගිහිල්ලා තියනවා, වැරදුන වෙලාවලුත් නැත්තේ නැ

    *මට නං මේක මහ වදයක්

    ReplyDelete
    Replies
    1. මට පස්සෙයි හිතට ආවේ

      ඔය එකක්වත් අරක්කු බීලා ඉන්න වෙලාවට වෙලා නෑ

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...