Friday, March 1, 2013

බස් කොන්දොස්තරලාට පාඩමක් උගන්වමුද ?

බස් කොන්දොස්තර. කිව්ව ගමන මොනවද හිතේ මැවෙන්නේ? ඉතා අප්‍රසන්න දසුනක්. ඉඳහිට හොඳ ප්‍රසන්න අයත් නැත්තේම නෑ. ඒත් සමස්තයක් ගත්තම ඉන්නේ අකාරුණික, අරියාදු, තිරිසන්, වදකාරා, වාචාලා අය නේද? ඇයි මෙයාලව අපිට එපා වෙන්නේ? තනිකරම ලංගම බස් තිබ්බ කාලේ මේ වගේ අත්දැකීම් තිබුණේ නෑ කියලා මෙතන ඉන්න වැඩිහිටියෝ සාක්ෂි දරයි. බස් එකෙන් කාර්යාලයට යන ගමනම තමයි දවසේ අප්‍රසන්නම වෙලාව. මෙහෙම ඔබට හිතුනේ නැද්ද? මට මෙහෙම හිතුන වාර අනන්තයි. 
පින්තුරය ගත්තේ : http://www.flickr.com/photos/sapientiguana

එහෙම හිතෙන්න හේතු කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අපේ ඉතුරු සල්ලි වලට විදීම. අනිත් කාරණේ පොල් පැටවිල්ල වගේ තිරිසන් විදියට මිනිස්සු බස් එක ඇතුලේ හිර කිරීම. පලවෙනි කාරණේදී ස්ත්‍රී/පුරුෂ බේදයක් නැතිව අපි දෙගොල්ලොම කරදර වෙනවා. දෙවෙනි කාරණේ දී වැඩියෙන්ම අපහසුතාවයට පත් වෙන්නේ පුරුෂ පක්ෂය. ඔබට එක පාරටම හිනාවක් ආවා නේද? ඔව් මම කියන්නේ ඇත්ත. ඒ ගැන අපි පසුව සාකඡ්චා කරමු. 

මේ අදහස මගේ හිතට ආපු එකක් නෙවෙයි. ඒක මුලින්ම කියන්න ඕනේ. ඒත් මේක මට කියපු මගේ මිත්‍රයා මගෙන් ඉල්ලීමක් කළා මේ වැඩේ කරන්න එයාට උදව් වෙන්න කියලා. මේ පුද්ගලයාගේ නම දීපාල්. එංගලන්තේ අවුරුදු 20කට වැඩිය ජීවත් වෙලා. ලංකාවට එන්නේ මේ රටට තියෙන ආදරය හින්දා. නමුත් මිනිහට අසාධාරණය අල්ලන්නේ නෑ. මිනිහා කියන්නේ මේ බොහෝ දේ වෙන්නේ අපේම වැරැද්දෙන් කියලා. වෙනත් විදියකින් කියනවා නම් වැරැද්දෙන් 50% අපේ අතේ කියලා. මිනිහා එහෙම කිව්වහම මටත් හිතුනා "ඇත්ත නේද දෙයියනේ" කියලා. 

අපිට බස් කොන්දොස්තරලා එහෙමත් නැත්නම් කොන්දෝ එපා වෙන දෙවෙනි හේතුව තමයි, ටිකට් පතක් නිකුත් නොකිරීම සහ ඉතිරි මුදල් නිවැරදිව ලබා නොදීම. නිකමට හිතලා බලන්න අද දවසේ ඔබට රුපියල් කීයක පාඩුවක් වුනාද කියලා ? හොඳයි රුපියලක්, දෙකක් ? අඩුම ටිකට් පත රුපියල් 9.00 නිසා දෙපැත්තට යනකොට රුපියල් 2.00 යි. මාසෙට දවස් 25 ක් කියල ගත්තොත් රුපියල් 50 යි. එතකොට අවුරුද්දට රුපියල් 600.00 යි. හැබෑවටම ලංකාවේ මගියෝ කීයක් ඉන්නවද ? බස් කීයක් තියෙනවද ? 

මෙන්න මේ කාරණය නිසා තමයි කොන්දොස්තරලා බස් හිමියෝ වෙන්නේ. මම ඉස්සර අහපු කතාවක් එක පාරටම මතකයට ආවා. ලිඳ කපන්නේ බස් හිමියා, වතුර ඇදලා දෙන්නේ ඩ්‍රයිවර්, නා ගන්නේ කොන්දොස්තර. හොඳයි බොරුද කතාව ? සහතික ඇත්ත නේද ? මම දැකලා තියෙනවා 163 බස් රූට් එකේ හිටිය නරකම කොන්දා බස් එකක් එලවනවා. ඒ මදිවට කොන්දොස්තරට උපදෙස් දෙනවා. ඒකෙන් හිතෙනවා මිනිහා බස් එකක් පාරට දාලා කියලා. හැබැයි ඩ්‍රයිවර් අයිතිකාරයා නිසා ඒ බස් එකේ කොන්දට නම් හුලං තමයි.

අපි කොහොමද කොන්දොස්තරලාට පාඩම් උගන්වන්නේ? මම කල්පනා කරලා බැලුව. රුපියල් විස්සකින් පුළුවන්. රුපියල් විස්සකින්. ඔබට හිතෙනවා ඇති මේකට නම් පිස්සු කියලා. මේ වැඩේට අවශ්‍ය අවම මුදල රුපියල් 20යි. ඊට වඩා තියෙනවනම් හොඳයි. හැබැයි විස්සේ කොලයක් හරි දහයේ කොළ දෙකක් හරි නෙවෙයි මම කියන්නේ. මාරු සල්ලි. දැන් තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද කියන එක.

මම අත්දැකීමෙන් කියන්නේ. සාමාන්‍යයෙන් ඔබට කඩයකට හෝ ෆූඩ් සිටියකට ගියාම මාරු සල්ලි නොදී ඉන්නේ නෑනේ. දෙනවා බොහෝ වෙලාවට. ඔබට තියෙන්නේ හෙමින් සීරුවේ මේ මුදල් ටිකක් ඔබේ බෑග් එකේ කෙළවරක එකතු කරන්න. පහුගිය මාසයේ මම කරා. වැඩේ සාර්ථකයි. අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි කියන්නේ ඔන්න ඕවට. මම පුරුද්දක් විදියට මගේ බෑග් එකේ සයිඩ් පොකට් එකක මුදල් එකතු කරා.  

දැන් අර විස්සේ කතාවට එමු. ඔබ ගාව නිතරම රුපියල් විස්සක් මාරු කාසි වලින් තියෙන්න ඕනේ. මෙන්න මෙහෙම. රුපියල් පහේ කාසි දෙකයි. දෙකේ කාසි තුනයි, රුපියලේ කාසි හතරයි. දැන් ඔබ රුපියල් 9.00 ටිකට් එකට රුපියල් දහයක් හරි වැඩි ගණනක් හරි දෙනවා. කොන්දා මහතා අහනවා රුපියල් හතරක් හරි රුපියලක් හරි තියෙනවද කියල. එතකොට අර විස්සෙන් අරන් දෙන්න. හතරක් ඉල්ලුවොත් 2 x 2. 

රුපියල් 12 ටිකට් එකක් බව හරියටම ඔබ දන්නවා නම්, රුපියල් දහයේ කොලයක් හෝ කාසියක් එක්ක අතනින් රුපියල් 2 එකක් අරන් දෙන්න. මේ වගේ ඕනෑම එකකට අවශ්‍ය මාරු කාසි ප්‍රමාණය ළඟ තබා ගත්තොත් ඔබ දිනුම්. කොන්දොස්තර මහත්තෙලාට හුලං. දැන් තේරෙනවා නේද මේ වරදට අපිත් හවුල් වෙලා නේද කියලා. අඳුරට ශාප කරනවාට වඩා එක් පහනක් දැල්වීම වටී කියලා කියන්නේ නිකංද ? 

දැන් ඔබ හිතයි. "අනේ එහෙම කරාම මගේ කැටේට දාන්න සල්ලි නැති වෙනවා", "මගේ පොඩි එකාගේ කැටේට දාන්නේ මොනවද?" කියලා. මෙන්න මේ වැඩේ නිසා තමයි කොන්දොස්තරලට මේ ජාවාරම හොඳටම කරගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා මහා බැංකුවටත් මේක ලොකු ගැටළුවක්. රටේ ජනතාව කැට වලට සල්ලි එකතු කරන එක. අනිත් එක පිං කැට. මේවාගේ සල්ලි හිර වෙන්නේ බොහෝ විට අවුරුදු ගණන් වලින්. ඉතිං රටේ සංසරණය වන කාසි ප්‍රමාණය අඩු වෙනවා. 

පුතාගේ හෝ ඔබේ කැටේ මුදල් එකතු කරන ගමන් ඔබ කොන්දොස්තරගේ කැටේ]ටත් මාසෙකට අඩුම තරමින් රුපිය 50ක් දාලා. නරක නෑ නේද? මම කියන්නද ක්‍රමයක්. ඔබ මේ මාරු කාසි බස් ගාස්තු වලට දෙන්න තියාගෙන දවසකට රුපියල් දහයේ කොලයක් ඉතිරි කරන්න. දවස් පහකට සැරයක් රුපියල් පනහක් ඉතිරි කලත් හරි. මොකද ඔබට මාසෙකට අනිවාර්යයෙන් රුපියල් පනහක් නම් ඉතිරි වෙනවාමයි. 

ඔබ විතරක් මෙහෙම කරලා මදි. රටේ ඉන්න හැම දෙනාම බ්ලොග් කියවන්නේ නැති නිසා ඔබගේ කාර්යාලයේ, නිවසේ අය මේ ගැන දැනුවත් කරන්න. පුළුවන් නම් මේක මුද්‍රණය කරලා බෙදා හරින්න. එතකොට අර දීපාල් මහත්මයාගේ ව්‍යායාමයට අපිටත් පොඩි සහයෝගයක් දෙන්න පුළුවන්. එතුමා මට කතා කලේ ලීෆ්ලට් එකක් ගහලා බෙදා හරිමු කියලා. මම ඒකටත් එකඟ වුණා. මම කියන්නේ මෙන්න මේ පණිවුඩය අපි ජනතාව අතරට ගෙන යන්න ඕනේ කියලා. දීපාල් මහත්මයාට අනුව ජරාව දීම සහ ගැනීම දෙකම එකයි. ඇත්තනේ කතාව.එතුමාට සවන් දීම පුදුම ආශ්වාදජනකයි. 

එහෙනම් මම දුන්න පණිවුඩය මතකයි නේ.

ඔබේ බෑග් එකේ රුපියල් විස්සක් මාරු කාසි වලින් තබා ගන්න. පහේ කාසි දෙකයි, දෙකේ කාසි තුනයි, රුපියලේ කාසි හතරයි. 
මතක තියා ගන්න මේකට කියන්නේ සුදීකගේ 2-3-4 තියරිය කියලා.

හැබැයි කොන්දා ඇහුවාම පුරුද්දට වගේ නෑ කියන්න එපා. දවස් 21ක් මේ පුරුද්ද පවත්වාගෙන ගියොත් මේක ජීවන පුරුද්දක් බවට පත් වෙනවා. ඔබට කරන්න තියෙන්නේ සුළු දෙයි. ඔබ මුදලක් ඉතිරි කර ගන්න ගමන් මහා බැංකුවටත් සහයෝගයක් දෙනවා. ඔබ මේ දෙන වැඩිපුර මුදල් වලට ඔවුන් මොනවද කරන්නේ. දවල්ට බස් එක ගාල් කරලා තියෙන වෙලාවට සප්පායම් වෙන්නේ මේ සල්ලි වලින්. කලාතුරකින් කෙනෙක් තමයි පාරට බස් එකක් දාන්නේ. එහෙම කරනවා නම් ඒකත් එකක්. එහෙනම් හෙට උදේ ඉඳලා පටන් ගමු. හැබැයි එකක්. හෙට කිව්වට බාලගිරි වැඩ බෑ. 
____________________________________
ප.ලි. : මේ මගේ 150 වෙනි පොස්ට් එක. ඒක මුලින්ම කියන්න අමතක වුනා. පස්සේ තමයි දැක්කේ. මේ කෙටි කාලය තුල දිගු ගමනක් යාමට ශක්තියක් වූ ඔබ සැමට මගේ ප්‍රණාමය. 

102 comments:

  1. මේ ක්‍රමේ නියමයි. මගීන්ට විතරක් නෙවෙයි අවංක කොන්දොස්තරලටත් පහසුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් අනිවාර්යයෙන්ම. කොන්දොස්තරලාගේ මව්වරුන්ටත් හොඳයි.

      Delete
  2. අප්පට සිරි! මරු සුත්තරයක්නේ!!! කර්ලාඅ බලන්න ඕනේ!

    ReplyDelete
    Replies
    1. ප්‍රතිඵල අත්දුටුවයි.

      Delete
  3. මම මීට කලිනුත් කොහෙදි හරි කිව්වා, බස් වල ඉතිරි සල්ලි අර්බුදයට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනා මගියා.. තමන් යන ගමනට හරියටම යන ගාන අතේ තියාගන යන එක මගියගෙ වගකීම. කොන්දොස්තරට රුපියල් සීයක් දීලා, ඌ ඉතුරු දුන්නෑ කියලා මිනිහගෙ මව් ගුණ වැයීම පලකට නැති දෙයක්.

    මම වැඩ කරන රටේ කෙටි දුර සේවා බස් වල තියෙන්නෙ කැටයක්.. ඉස්සරහින් නැගලා ඒකට අදාල මුදල දාන්න ඕනා.. කොන්දොස්තරලා නෑ.. රියදුරා බලන් ඉන්නවා වැඩේ හරියට වෙනවද කියලා.. අදාල මුදල වෙනුවට වැඩි මුදලක් දික් කරලා මට ඉතුරු දෙන්න කිව්වොත් ඔබට බැනුම් අහගෙන බස් එකෙන් බහින්න පුළුවන්. ඉතින් ඒක හින්දා මගීන් නිතරම අදාලා මුදල රැගෙන යන්න වග බලා ගන්නවා.. මම හොඳටම දන්නවා මමත් ඇතුලුව අපේ අනෙකුත් ලාංකිකයොත් එහෙමමයි. ඉතින් මෙහෙදි පුළුවන් දේ ඇයි අපිට ඔහෙදි බැරි ?????

    සුදීකගෙ 2-3-4 න්‍යාය හොඳයි.. මම මෙ0ක ඊ මේල් වලිනුත් බෙදලා දානවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සෙන්නා.

      Delete
  4. සුදීකගේ 2-3-4 තියරිය ෆස්ට.. හොද ප‍්රචාරයක් දෙමු..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි වෙන්න ඕනේ.

      Delete
  5. ඕක මමනං කරනවා...
    නැත්තං මං මලාට ඉතුරු සල්ලි ඉල්ලන්නෑ..
    මට ඉතුරු ඉල්ලන්න ලැජ්ජයි...
    හිකිස්..
    ඉතිං ගානට සල්ලි අරං යනවා..
    බෑග් එකේ පොඩි සල්ලිත් තියෙනවා...
    අර ගෑනුංගෙං තියෙන වදේ තමා ගොඩක්ම තියෙන්නේ...
    ඇග සද්දන්ත නිසා කොහෙට හැරුනත් ඇගේ ගෑවෙනවා...
    සොරි කිව්වමත් උං මරං කන්න වගේ බලන්නේ...
    මහ ජරා ගෑනු බස් වලනං යන්නේ...

    ReplyDelete
    Replies
    1. මේ වගේ දෙයකට ඔය වගේ අයත් එක්ක වාදයට ගියාම ලජ්ජාවට පත් වෙන්නේ අපිමයි. උන්ට ලජ්ජා නැති නිසා ඕනෑම කුණුහරපයක් කියනවා.

      Delete
  6. අපිත් ඉදහිට මේ ක්‍රමය අනුගමනය කරනවා. ඒත් ප්‍රායෝගිකව කරන්න අමාරුයි. මන්ද, ඇත්තෙන්ම මාරු කාසි සොයා ගැනීමත් අපහසුයිනේ....

    ReplyDelete
    Replies
    1. බෑ කියල දෙයක් නෑ නංගී. කඩේට/ෆුඩ් සිටියට යනකොට මාරු කාසි තියලා යන්න. එයාලා දෙන මාරු කාසි එකතු කරන්න. සමහරවිට බස් කොන්දොස්තරත් මාරු කාසි දෙනවා. ඒවත් අර සංචිතයට දා ගන්න. ටික කලක් යනකොට නිකංම එකතු වෙයි.

      Delete
  7. මම දැක්කා ලගදීම ප්‍රීපේඩ් ක්‍රමයක් එනවා කියල කතාවක් එහෙම උනොත්නම් ගොඩක් හොදයි හැමෝටම නියෝජිතයෙක්ගෙන් අවශ්‍ය මුදල රිලෝඩ් කරන්න පුළුවන් විදියට එනවනම් හොදයි,
    ලංකාවට ආවම කරලා බලන්න ඕන මේ වැඩේ,එතකන් ගෙදර අයට කියන්න ඕන

    ReplyDelete
    Replies
    1. සිංගප්පූරුවේ තියෙන්නේ මේ ක්‍රමය. කොන්දොස්තරලා නා. බස් වලට කොච්චි වලට කැබ් වලට ඕනෑම එකකකට ගෙවන්න පුළුවන් ටැප් කාඩ් එකක් තියෙන්නේ. එකට මුදල් ලෝඩ් කර ගන්න පුළුවන් තැන තියෙනවා. අර කාඩ් එක බස් එකේ තියෙන, ස්ටේෂන් එකේ තියෙන, කැබ් එකේ තියෙන ටැප් රීඩර් එකට කිට්ටු කලාම බීප් සද්දයක් එනවා. බහිනකොටත් නොවරදවාම එහෙම කරන්න ඕනේ. නැත්නම් ඊළඟ වතාවේදී ඔයා ගමන් කරපු පැත්තට ගන්න උපරිම ගාණක් අඩු වෙනවා. ජේෂ්ඨ පුරවැසියන්ට නොමිලේ, පාසල් සිසුන්ටත් එහෙමයි. සමහර විට පොඩි නායක ලැබෙනවා.

      Delete
  8. පොදු ප්‍රවාහන සේවාවල යන හුඟදෙනෙක්ගේ අත් දැකීමක්. අර තියරියනම් අපි වගේ නිතර යන එන අය නිරායාසයෙන්ම කරන දෙයක් කියලයි මට හිතෙනෙනේ

    ReplyDelete
    Replies
    1. එහෙම හැමෝම කරනවා නම්. කොන්දොස්තරටත් ලේසියි. ඒ වගේම ඒ මිනිස්සුන්ට හොර කරන්න අවස්තාවක් නෑ.

      Delete
    2. නෑ මම කියුවෙ නිරන්තරයෙන් ඔය බැට කෑම කන අපි වගෙ අය ගැන

      Delete
    3. තව දෙයක් තමයි තමන් යන ගමනට අදාළ ගාස්තුව දැනගෙන සිටීම. එහෙම නොදැන හිටියොත් ඊළඟ සෙක්ෂන් එකේ ගාන ගන්නවා.

      Delete
    4. ගිය සෙනසුරාදා මේ වගේ වෙලාවට මම ගමනක් යනවා..

      සල්ලි දුන්නම් කොන්දා ඇහුවා එතනට මෙතන ඉඳන් කීයද කියලා.. මම ඉතින් බොරු ගණන් නොකියා කෙලින්ම දන්නැති නිසා දන්නේ නෑ කිව්වා.. මෙන්න මේකා කෙලින්ම 38ක් අරන් ඉතුරු දෙනවා.. එතන ඉඳන් බස් එකේ ගමනාන්තෙටත් 38ක් වෙන්ඩ බෑ...

      මම ගෙදරට කෝල් කරලා ගාන අහපුවම උපරිම විස්සක් වෙයි කිව්වා.. කෙලින්ම ගියා කොන්දා ගාවට ගිහින් මොකද මෙච්චර ගත්තේ එතෙන්ඩ විස්සයිනෙ කිව්වා.. මිනිහට එකපාර කියවුනා විස්ස වෙන්නෙ කොහෙද 18යිනෙ කියලා..

      ඊටපස්සෙ කා අතිනුත් වැරදීම් වෙනවා කියලා මගෙන් 18ක් ගත්තා..

      Delete
    5. මම දවසක් රුපියල් දොලහෙ ටිකට් එකට රුපියල් විස්සක් දුන්නා. ඇත්තටම මා ළඟ රුපියල් දෙකක එදා තිබුනෙ නෑ. ඉතුරු සල්ලි නෑ කියලා කොන්දොස්තරමහතා කියුවා. මම කියුවා බහිනකොට ගමු කියලා. බහින්න කිට්ටු කරලා මම ඇහුවා පොරගෙන් ඉතුරු සල්ලි. පොර කියනවා මහත්තයා මට ගානටන් දුන්නෙ කියලා. .. අන්න එතකොට නම් මට තද උනා . මම් කියුවා මම් ඔයට රුපියල් 100ක් නෙ දුන්නෙ කියලා. ඒපාර මිනිහා කියනවා "මහත්තයා බොරු කියන්න එපා මහත්තයා ඔයා මට දුන්නෙ රුපියල් විස්සයි " කියලා මම හිනාවෙලා ඇහුවා දැන් බොරු කියුවෙ මමද ඔයාද කියලා.

      Delete
    6. වින් ලොස් සිටුවේෂන් එකේ ඉඳලා ලොස් - වින් කරලා දෙන්නත් එක්ක. බ්ලොග් ලිව්වට මුනුත් ලේසි පුත්තු නෙවෙයි.

      Delete
  9. මගේ ළඟ මාරු කාසි වෙනම තියනවා එකතු කරලා. කොහේ හරි යනකොට ආසන්න වශයෙන් බස් ගාස්තුව බලල අවශ්‍ය විදිහට කාසි ටිකකුත් දාගෙන යනවා. ඒ ගමනේදී කරන ගනුදෙනු වලදී ඉතුරු වෙන මාරු කාසි හැමදාම ගෙනල්ලා අර එකතුවට දානවා.
    ඉතින් සෑහෙන කාලෙකින් මට මාරු කාසි නැති අවුල ඇවිත් නෑ. ඕක පුරුදු වෙන්න තව හේතුවක් තිබුන. ටිකට් එක ගන්නකොටම ගාන හරියට දුන්නට පස්සේ, යන්නේ දුර ගමනක් නම් සීට් එකක් තිබුනොත් මට නිදහසේ හොඳ නින්දක් දාන්නත් පුළුවන්. :)

    ReplyDelete
    Replies
    1. මේ බලන්න කොයි තරම් ආදර්ශවත් තරුණයෙක්ද කියලා. :)

      Delete
  10. මේ අදහස නම් නියමයි.. මොකෝ හැමදාම වෙන්නේ අපෙන් මාරු සල්ලි නැද්ද අහලා කොණ්දා පස්සේ දෙන්නම් කියලා අමතක කරන එකනේ..

    ReplyDelete
    Replies
    1. උන් එහෙම වෙලාවට කරන බොරු. අපි පස්සෙන් බහින්න හදනවා නම් ඉස්සරහ දොරට යනවා. ඉස්සරහින් බහින්න හදනවා නම් පස්සේ දොරට යනවා. මාරු සල්ලි හංගනවා.

      Delete
  11. ප්‍රි පේඩ් කාඩ් ක්‍රමය තමා හොඳම විසඳුම , එතකන් මම රුපියල් 2ට අඩු ඉතුරු මුදල් ගැන දුක් වෙන්නේ නෑ , අනිත් අතින් ලඟ දුරවල් වලදි කොන්දොස්තරලා රුපියල දෙක ඉස්සුවට දුර ගමන් වලදි මට රුපියල් තුන හතර වාසි වෙන වෙලාවලුත් තියනවා . 83ටිකට් එකට රුපියල් 80 අරන් 20ම ඉතුරු දෙන කොන්දොස්තර උන්නැහේලාත් ඉන්නවා , අපේ ගමේ සිටිබි කොන්දොස්තර මහත්තුරු නම් වින්-වින් ක්‍රමයක් අනුගමනය කරන්නේ ගේ ගාවින් නැගලා ටිකක් දුර යනකන් ඉඳලා ටිකට් කඩනවා දෙන්නටම වාසි වෙන්න .හිතමු ටිකට් එක 12යි කියලා , පොර ඊලඟ සෙක්ශන් එකට අදාල රුපියල් 9ට ටිකට් එක කඩල රුපියල් 10ක් ගන්නවා , ඌට රුපියලක් ලාභයි මට දෙකක් ලාභයි !

    ReplyDelete
    Replies
    1. මමත් ඔය වින් වින් ක්‍රම අත් දැකලා තියෙනවා. ඒ වගේමයි සමහර කොන්දොස්තරලා පොඩි ගණන් පස්සේ එලවන්නේ නෑ. තමන්ට ලැබෙන වාසිය වෙන මගියෙකුට දෙනවා.

      Delete
  12. රුපියල් 20 මෙහෙම තියාගත්තොත් අවුල් වෙයිද?
    5 කාසි 2 ක් = කිට් කැට් 2 ක්
    2 කාසි 3 ක් = හැක්ස් ටොපි 3 ක්
    1 කාසි 4 ක් = බන්ටි ටොපි 4 ක්

    දැන් කඩවල් වලින් ඉතුරු හම්බුවෙන්නෙත් මෙහෙම තමා

    ReplyDelete
    Replies
    1. ඕව දුන්නට උන් ගන්න එකක් නෑ. D හැබැයි බුලත් විටවල්, පත්තර වගේ දේවල් වලින් ගෙව්වොත් ගන්න ඉඩ තියෙනවා.

      Delete
    2. හැබැයි මමනම් ඒ කඩවලට ආපහු දීලා තියනවා. ඊට පස්සෙ නම් මට ඒ කඩ්වලින් ටොපි චොකලට් දෙන්නෙ නෑ .

      Delete
    3. දැනුයි දන්නේ ජෝන්ගේ තරම.

      Delete
  13. අගනා ඔවදනක් මේක නම්.. කරියට කරන්න හැකිනම් ගොඩ තමා..ස්තුතියි

    ReplyDelete
  14. ඉතාම හොද දෙයක්.කොන්දල එක්ක කොකු දාගෙන ලේ පුච්චගන්න අය විශේෂ සැලකිල්ලක් දැක්වුවහොත් බඩු ගණන් කාලේ ලේ ටික ඉතුරු කරගන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මේක එක පියවරක් විතරයි. අනිත් තැනුත් මෙහෙම හදන්න පුළුවන්.

      Delete
  15. ඕක ඉස්සර මමත් කළා... මාරු නෑ කියලා කියනවට වඩා හැම තිස්සෙම අතේ මාරු ටිකක් තියාගෙන යනවා.. දැන් නම් හැමතිස්සෙම බස් වල යන්නේ නැති නිසා මාරු සල්ලි නෑ ඉතිං..

    සුදීක කිව්වට කැට මහ බැංකුවටත් ප්‍රශ්නයක් වෙලා කියලා මට මතකයි මෙදා පාර ජනවාරි පළවෙනිදත් ඉතිරි කිරීමේ බැංකුවෙන් කැට දුන්නා... අපේ ගෙදරත් ඔය තියෙන්නේ එකක්.. එදා දාලා දුන්න රැපියල් 10ත් එක්කම..හි හි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත බැංකු මේක කලාට සෙන්ට්‍රල් බෑන්ක් එකට ඒක ලොකු ප්‍රශ්නයක්. නීතියක් දාලා නවත්තවන්න බැරි නිසා එහෙම නොකරන්නේ.

      Delete
    2. කළුතර බෝදියේ එහෙම වැටෙන සල්ලි කිලෝ වලින් මනින්නේ කියල මන් අහල තියනවා.හිරු,ට නම් කටේ වෙදකම නැති පාටය් .:)ඉක්මනට කාසි පුරවල බැංකුවට දණ්ඩ එතකොට හරි නොවැ .

      Delete
    3. මේ බෝධියේ කතාව කිව්වම මතක් වුනේ. මම ගියේ කළුතර මහා විද්යාලයටනේ. එතන ඉඳල බෝධියට කි.මි. 1 ක් වගේ තියෙන්නේ. කොල්ලොන්ට ෆිල්ම් බලන්න ඕන වුනහම පයින් එතන ඇවිදන් ගිහින් බස් වලින් දෙන සල්ලි දාන්න වගේ අරගෙන කැටය ලඟට ගිහින් සාකුවේ දා ගන්නවා. :)

      Delete
    4. සුදීක අයියා මේක කියෙව්වද...

      රුපියල


      ඔය කාසි වල බරෙන් ගාන හදන්න පුළුවන්.. අපේ මල්ලි කඩේ තියලා තියෙන මාරු කාසි එකින් එක ගනං කරන්න කම්මැලි උනාම කරන්නේ කාසි ටිත ස්කේල් එකට දාලා බර බලලා ගාන හදලා ගන්න එක.. වැඩේ හරියනවා... හි හි....

      Delete
    5. ඉස්සර අපේ RMV කවුන්ටර් එකේ තාවකාලික සේවකයෙක් විදියට වැඩ කළා ඉංජිනේරු පීටයට තේරිච්ච කොල්ලෙක්. ඒකා හදල තිබ්බ ත්‍රිකෝණාකාර අච්චුවක්. එකට පහේ කාසි දැම්මම හරියට 500 ක් එනවා. කුරුනියෙන් වී මනිනවා වගේ පහේ කාසි මැන්නේ. කවදා හරි මම ප්‍රසිද්ධ කරන්න හිටිය කාරණාවක් ඔන්න හිරු කෙල්ල නිසා මතක් වුනේ.

      Delete
    6. @හිරු : ඔයාට අද ඉඳලා මම කියන්නේ බ්ලොග් භාණ්ඩාගාරික කියලා. :)

      Delete
  16. සුදීක අය්යා බොහොම ස්තුතියි සඳුදා ඉඳලම වැඩේට බහින්න ඕනි.

    ReplyDelete
    Replies
    1. ඒක තමා මගේ බලාපොරොත්තුව.

      Delete
  17. Replies
    1. හරි සංජීව. අන්න ඒක තමයි වෙන්න ඕනේ.

      Delete
  18. රු 9.00 යෙ, 19.00 යෙ ඉතුරු නොලැඹෙන එක, ඒ වෙලාවට ඉච්චර ගානක් නැතිවුනාට ඔයාගේ ගණන් හැදිල්ලේ හැටියට මම අවුරුද්දකට රු 2000 කට වඩා කොන්දොස්තරලට නිකන් දීලනේ.

    ReplyDelete
    Replies
    1. ඉතිං බලන්න මේ ගණන එකතු කරගෙන ගියොත් ඔයාට හොඳ දෙයක් වෙනුවෙන් යොදවන්න පුළුවන්.

      Delete
  19. එළ, මමත් වැඩේ පටන් ගන්නවා...

    ReplyDelete
    Replies
    1. අනිත් අයවත් දැනුවත් කරන්න.

      Delete
  20. ඔය මාරු කාසි කැටවල දාන එකනං මහ ලෙඩක් තමයි. දැං කඩවලත් මාරු කාසි නෑ ඔය වැඩේ හිංද.

    සුදීකගෙ 2-3-4 තියරියනං වැදගත් තමයි.

    ReplyDelete
    Replies
    1. මේ පණිවුඩය හැමෝටම දෙන්න.

      Delete
  21. මෙහෙම කාලින දෙයක් ලියපු එක වටිනවා.ඔයාගේ තියරියම වෙන විදියයකට මම කරනවා.එකෙන් ඉතුරු වෙන ගාන වගේම සැහැල්ලුවක් තියනව.මන් කරලම බලල තියන නිසා කියන්නේ.මන් මාස 5කත වගේ එකතු උන සල්ලි සේරම 750රුපියල් බැංකුවේ දැම්ම.අර ගන්නේ නැති ගිණුමේ.මෙකී මගේ තියරිය.:) .හැමදාම කියක හරි ,කොහෙන් හරි එන මාරු සල්ලි, ජරා සල්ලි, 1, 2, 5, 10,20 වගේ එව්වා ඒ වගේම ඉරුණු සල්ලි 50 100 ත් තිබ්බ.ඒවා සේරම, පරණ ජෙල් ඉවර උන බජනෙකට එකතු කර, කරලා මෙසේ ගාවින් තිබ්බ.කොහේ ගිහින් අවට්, සාක්කු වල, බිම තිබ්බ සේරම එකට දැම්ම.උදේට යනකොට, 1,2,5 වගේ එව්වා ටිකක් එකෙන් අරගන්නවා.හැමදාම යන තැන නිසා, ගැන ගොඩක් එහෙමෙහේ වෙන් නැ .හැම තැනම ගොඩක් කාසි අරන් යන්ද ඕනෙත් නැ නේ.ඔන්න ඔය විදියට රටට සේවයක් කරන ගමන්ම ඉතිරිත් කරගත්ත.ටෙස්ට් කරන්ඩ වගේ තම මස 5ක් කරේ..අසාර්ථක නැ .ටේප් අලව අලව ඉන්නවට වැඩ ඒ සල්ලි ප්‍රතිචක්‍රීකරණය දීල එක ඉතුරු කරගන්න එක වටිනවා කියල හිතුන.කොච්චර දුරට වෙදගත් ද ඩන් නැ .හොඳ නම් මගේ තියරියත් එකතු කරලම ප්‍රයෝගිකව අත්හද බලන්ඩ. ජයවේවා..!

    ReplyDelete
    Replies
    1. මුදල් ප්‍රතිචක්‍රීයකරණය ගැන මම ලිව්ව පොස්ට් එක මෙතනින් බලන්න

      මුදල් ප්‍රතිචක්රීයකරනය - අප දැන ගත යුතු කරුණු

      ඔයා කියන ක්‍රමය හුඟක් හොඳයි නෝට්ටු ගිණුමට එකතු කර ගන්න පුළුවන්.

      Delete
  22. nia fldkafodia;r,d .dj rqmshf,a ldis kE lsjqjg nhfjkav tmd ta f.d,af,da tajd fjku tl;q lrkjd' Takakx n,kavfld msgsmiafia fodrg biairyska ;sfhk cfkaf,a we;q,a me;af;a Wvska ;sfhk mS,a,' biair T;k tl;q flrqfja i; 50 i; 25' oex pQgs rqmsh, ;shkafk;a t;k' Thd,f.ka rqmsh,la udrq b,a,qfjd;a t;ksx wrka fokav nhfjkav tmd'

    ReplyDelete
    Replies
    1. මේක මම වර්ඩ් වලින් ෆොන්ට් එක මාරු කරලා ගත්තේ. එතකොට කමෙන්ට් එක මෙන්න මෙහෙම වෙන්න ඕනේ.

      //බස් කොන්දොස්තරලා ගාව රුපියලේ කාසි නා කිවුවට බයවෙන්ද එපා. ඒගොල්ලෝ ඒවා වෙනම එකතු කරනවා. ඕන්නං බලන්ඩකෝ පිටිපස්සේ දොරට ඉස්සරහින් තියෙන ජනේලේ ඇතුල් පැත්තේ උඩින් තියෙන පීල්ල. ඉස්සර ඔතන එකතු කෙරුවේ සත 50 සත 25. දැන් චුටි රුපියල් තියෙන්නේ එතන. ඔයාලගෙන් රුපියලක් මාරු ඉල්ලුවොත් එතනින් අරන් දෙන්ඩ බය වෙන්නද එපා. //

      බලන්න ඕනේ. ඒත් අපිට එතනට අත දාන්න බෑනේ.

      Delete
  23. අපි මාරු කාසි එකතු කරනවා parking tickets වලට. :D

    ReplyDelete
    Replies
    1. වාහන තියෙන අයට එහෙම කරන්න පුළුවන්. :)

      Delete
  24. මම නම් මේක කරනවා.. 2-3-4 තියරිය විදිහට නැතත් මම මාරු කාසි තියන් ඉන්නවා..

    මම වැඩට යන ගමනාන්තයට රුපියල් 23යි ගාන.. ඉතින් මම 2 කාසියක් තියාගෙනමයි යන්නේ.. රුපියලේ කාසියක් හොයන්ඩත් නෑනෙ..
    මම සල්ලි දෙන්නෙ මෙහෙමයි..
    20 කොළය + 2 කාසිය, එතකොට ඉතුරු නෑ
    50 කොළය + 2 කාසිය, එතකොට ඉතුරු 30යි
    100 කොළය + 2 කාසිය, එතකොට ඉතුරු 70යි

    ඔය විදිහට දෙනකොට කොන්දලාත් ඉතුරු රුපියල ඉල්ලන්නේ නෑ.. මෙතුවක් කාලෙකට ඉල්ලලා නෑ.. :)

    මම එතනින් බැහැලා තවත් බස් එකක හෝල්ට් එකක් දුර යනවා.. මොකද මන්දා ඒ දුරට පෞද්ගලික බස්වල අයකිරීම අවම බස් ගාස්තුවටත්(රු.9) අඩුයි.. එතනට රු 7යි ගන්නෙ.. හැබැයි සීටීබී වල 9යි..

    මෙහෙම බැලුවාම දවසට රු. 6ක් මට ලාභයි..

    ReplyDelete
    Replies
    1. කොන්දොස්තර කෙනෙක් බ්ලොග් එකක් ලිවානම් කියයි "හරියලාට පාඩමක් උගන්වමුද ?" කියලා.

      Delete
  25. දෙවෙනි කමෙන්ටුව..

    බැංකු වලින් රු. 100ක මාරු දුන්නාම 120ක් දෙනවා කියලා කතාවක් තිබ්බා නේද? ඒක ඇත්තද?

    ReplyDelete
    Replies
    1. මම දන්නා විදියට නං එහෙම කලේ නෑ. හසරැල්ට පුළුවන් මේකට උත්තර දෙන්න . එයා මුදල් සම්බන්ධව කෙලින්ම වැඩ කරන නිසා.

      Delete
  26. තියරිය පට්ට. මම සෑහෙන කාලෙක ඉඳල කරනවා. මම ඔකට පුරුදු උනේ දවසක් මම 255 කොට්ටාව බස් එකේ රු.6 ටිකට් එකකට (කාලයකට පෙර) රු.7 ක් දීලා ඉතිරි රුපියල ඉල්ලුවා. කොන්දා කියපි රුපියල මොකක්ද මහත්තයා කියලා. ඒ ගමන මම කොන්දට කිව්වා එහෙනම් රුපියලේ පාඩුව ඔයා විඳගෙන මට රුපියල් 2ක් දෙන්න කියලා මූ කියාපි මම මොකටද පාඩු විඳින්නෙ කියලා. මමත් රුපියල ගාණක් නැති උනත් බහිනකොට උගෙන් රුපියල අරගෙනමයි බැස්සෙ. අන්න එදායින් පස්සෙ මම පුළුවන් තරම් මාරු කාසි ගෙනියනවා.

    ReplyDelete
    Replies
    1. මේක අපි හැම දෙනාටම කියන්න ඕනේ. එතකොට කොන්දොස්තරලාගේ විනය ටිකක් හැදෙනවා.

      Delete
  27. සමහර කොන්දොස්තරතුමාලා ඉන්නව ගාන තිස් දෙක වගේ උනාම අපි ලග රුපියල් තිහකුයි තව ලොකු කොළයකුයි තියනකොට, අර තිහ විතරක් ගන්නව, රුපියල් දෙකට ලෝබ කම අත් ඇරල.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම අයත් ඉන්නවා.

      Delete
  28. අලේ,,මේ ක්‍රමේ නියමයි,, මමත් දන්න දන්න අයට කියන්නම්,,

    ReplyDelete
    Replies
    1. කියලා විතරක් මදි, කරන්නත් ඕනේ.

      Delete
  29. මාත් දැන්නම් ගානට තමා බස් එකට සල්ලි දෙන්නේ.බස් එකට කියලා වෙනම කාසි කැටයකට දාලා තියෙනවා.බස් එකේ යන ගමනක් නම් එදාට අරන් යන්නේ ඒකෙන්.

    ළඟදී මන් බස් එකේ වෙලාවක එක තරුණ ගෑණු කෙනෙක් 19 ටිකට් එකකට 20ක් දුන්නා.ඉතිරි රුපියල කොන්දා දුන්නේ නෑ.එයා කොන්දා ඊලඟ වතාවේ ඒ හරියෙන් යද්දී කොන්දාට රුපියලක් දික් කරලා, අනිත් අයට ඇහෙන්නත් එක්ක 'මේ රුපියල අරන් රුපියල් දෙකේ බැලන්ස් එක දෙන්න!' කිව්වා.කොන්දාට හෙන ලජ්ජාව වගේ.අනිත් එවුනුත් බලනවනේ. ඉතින් කොන්දා සාක්කුවේ තිබුණු රුපියල් දෙකක් දීලා ශේප් එකේ අනිත් පැත්තට ගියා.

    ReplyDelete
    Replies
    1. ලැජ්ජයි කියන්නේ හොඳ එකෙක්. ඒත් වැඩියෙන්ම ඉන්නේ කට වාචාල එවුන්. උන් කටට එන දේ කියනවා.

      Delete
  30. ඒ උනාට සමහර කොන්දොස්තර මහත්වරු ඉන්නවා හරියට ගානට ඉතුරු සල්ලි දෙන. මම ඒ අයට නම් ඇත්තටම ගරු කරනවා. මම දන්න දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා එහෙම අය. ඇත්තටම ඒ අයගේ ජීවිතත් සාර්තකයි. හරිම සතුටින් පවු දිවිය ගතකරනවා.

    ReplyDelete
    Replies
    1. මමත් ප්‍රාර්ථනා කරනවා උඩු ගං බලා පීනන මේ වගේ මහතුන් දිනෙන් දින දිනේවා කියලා.

      Delete
  31. මේ වැඩේ හොඳයි. මම නම් ඉස්සර වැඩට යද්දි අපේ මායියා හැමදාම මාරු කාසි එක්කම බස් ගාස්තු හදලා මට දෙනවා. කොහොම උනත් හැමදාම වගේ මේ වැඩේ කරනවා නම් පුරුද්දක් බවට පත් වෙනවා ලෙහෙසියෙන්ම. මම අපේ උන්දැත් එක්ක කිවුවාඕං. එයා කීදෙනෙකුට කියයිද කියලා නම් දන්නේ නෑ. කොහොම උනත් ඔබට ස්තුතියි මිත්‍රයා.

    ReplyDelete
  32. 150 ට සුභ පැතුම් අයියා. 300 ඉක්මණින් බැට් කිරීමට ලැබේවා :)

    මම නම් රුපියල් වුණත් අතාරින්නේ නැහැ. මා ගාව මාරු නොතිබුණත් බහිද්දී හරි ඉල්ල ගන්නවා. අණ්ඩපාල කොන්දෝ නැතුවාම නෙමෙයි ඒත් අතාරින්නේ වැඩේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මලයා. උන් එක්ක වාද වලට පැටලෙනකොට මිනිස්සු අපි දිහා තමයි බලන්නේ. දවසක් ඔහොම මාරු කේස් එකකට අන්කල් කෙනෙක් වාද කර ගත්තා අන්තිමේදී බහිනකන් ඉඳල කොන්දා කිව්වා ඔය යකා හැමදාම ඔය වැඩේ කරනවා කියලා.

      Delete
  33. මම දැක්කා අළුත් සින්දුවක් කොන්දලා ගැන...

    ඒක මරු.. මිනිහා ඉතුරු නැතුව ටොපි දෙනවා ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සන්ෆ්ලවර්ස්ලගේ නෙල්සන් වාස් කියන්නේ සිංදුවක් "මාරු සල්ලි එකතු කරලා තට්ටු බංගලා - හදන්න බෑ දන්නවද හලෝ" කියලා.

      Delete
  34. ඇ‍යි බස් කොන්දොස්තරලගේ අපිරිසිදුකම ... අර ආන්ඩුවෙන් දීපු ෂර්ට් එක දුන්න දවසේ ඉඳලා හෝදලා නෑ.. ටිකට් කඩන්නේ පිටට හේත්තු වෙලා .. ඒ නැතත් ඇඟේ ඇතිල්ලීගෙන එහෙට මෙහෙට රවුම් දෙකක් ගියාම ඇඳන් ඉන්න ඇඳුම් ඔක්කොම ඉවරයි.. මාරු කාසි තියරිය නම් මම දැනටමත් අනුගමනය කරනවා.. හිගන්නෙක්ට දුන්නත් බස් කොන්දොස්තරලට මාරු කාසි ටික තියාගන්න නම් දෙන්නෙම නෑ මම :)

    ReplyDelete
    Replies
    1. මේ දේවල් වෙනමම ටොපික් එකකින් කතා කරමු. මේටත් පිළිතුරක් තියෙනවා.

      Delete
  35. මේ කතාවනම් ඇත්ත තමයි.. මමත් අත්විඳල තියෙනවා. අපෙන් කොන්දලා නොදැනිම අරන් තියෙන ගාන සමහර විට වැඩිවෙන්න පුලුවන්. අනික රැපියලක් ඉල්ලලා කංකෙඳිරිගාන්න ඕනෙත් නෑ.
    රුපියලක් ආපහු ඉල්ලන්න ලැජ්ජවෙන්න ඕතේ නෑ. එකෙන්ම වැඩේ ගොඩ සමහර වෙලාවට මමත් මාරුකාසි කීපයක් අතේ තියාගෙන ඉන්නවා පුරුද්දක් විදියට

    ReplyDelete
    Replies
    1. තමන් හම්බ කරන සල්ලි කාටවත් නිකං දෙන්නේ මොකටද? අපිට කවුරුවත් නිකං දෙන්නේ නෑනේ.

      Delete
  36. ඔන්න කියන්න අමතක වුණා.. 150 ට හද පිරි සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දයා.

      Delete
  37. ඒ තියරිය නම් හරි වටිනවා අයියේ..අපේ ගෙදර අයටත් කියන්න ඕනි

    ReplyDelete
    Replies
    1. දන්නා හැමෝටම කියන්න. මුළු රටම මේක කල දාට තමයි වටින්නේ.

      Delete
  38. මාත් හැම තිස්සෙම මාරු කාසි බෑග් එකේ තියා ගෙන ඉන්නේ. ඉතුරු ඉල්ලා ඉල්ලා ඉන්නවට වඩා ඒක වාසියි. කොහෙ හරි යන්න කලින් බස් එකේ යන්න එන්න යන සල්ලි ගාන හදාගෙන පර්ස් එකේ දා ගන්නවා. එතකොට වැඩේ ලේසියි....

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අපේ බ්ලොග් ලෝකය දැනුවත්. දැන් තියෙන්නේ අනිත අය දැනුවත් කරන්න.

      Delete
  39. සහතික ඇත්ත. සුදීක.

    අවංකවම කියන්නෙ. මාගාව නිතරම මාරු කාසි මගෙ මේසෙ උඩ පොඩි පීරිසියක එකතු කරනව . ගමනක් යනව නම් 5,2,1කාසි එක බැගින් හෝ අරගෙන යන්නෙ. ඒ නිසා කොන්දන්ට හුලං.

    ReplyDelete
    Replies
    1. මේක සීට් බෙල්ට් දානවා වගේ වැඩක්. කොන්දට හුලං කරන ගමන් අපිත් ඉතිරි කර ගන්නවා.

      Delete
  40. 150 ට සුභ පැතුම් එක් කරන ගමන් සටහන පිළිබඳව යමක් කියන්න ඕන.මමත් එවැනි සිදුවිමකට මුහුණ දුන්නා පමණක් නොව වෙනත් කෙනෙකුට එවැනි වැරැද්දක් කොන්දොස්තර මහතා කරනවා දැක්ක.මම ලියමනකුත් ඒ සම්බන්ධයෙන් මගේ බ්ලොග් එකේ දැම්මා.ඔබ කියු ක්‍රමය තමයි මම දැන් අනුගමනය කරන්නේ.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. මේකට ලැබුන ප්‍රතිචාර වලින් මට තේරුණා දෙයක් තමයි බ්ලොග් ලියන අය බොහෝ දෙනෙක් දැනටමත් මේක කරනවා කියන එක. හැබැයි අපි වටා ඉන්න හැමෝම දැනුවත් කරන එක තමයි ඊළඟ කොටස. ඔයාගේ පොස්ට් එකට ලින්ක් එක දෙන්න.

      Delete
  41. ඔය ප්‍රශ්නයෙදි විතරක් නෙවෙයි සුදීක අපිට නැතිවේගෙන යන හැම අයිතිවාසිකමක් පස්සෙන්ම තියෙන්නෙ සියයට පණහකටත් වඩා අපෙ වරද තමයි.. ඇස් කන් පියාගෙන අසාදාරනය ඉවසන්නා තමයි පලවෙනි වරදකාරයා.

    ReplyDelete
  42. 150 වෙනි පෝස්ටුවෙන් වෙනසක් කරන්න උත්සාහ කරපු එකගැන අගය කරනවා සුදීක..
    දිගටම රසවත් හරවත් ලිපි බෙදා ගන්න හැකියාව ලැබේවා...

    ReplyDelete
  43. හි හි හි.....
    මම කියන්නද මගේ ක්‍රමේ??? කිව්වොත් ඉතින් මම දන්නවා වෙන දේ...... එත් ඔන්න ඔහේ කියන්නම්කො....
    මට තියෙනවා බස් දෙකක යන්න... එකක ගියා කියමුකෝ ඕනේ ගාන දීල... දෙවෙනි බස් එකට රුපියල් 12යි.
    මම ගොඩක් වෙලාවට කරන්නේ මහම මහා ජරා වැඩක්!
    රුපියල් 20 දෙනවා.... රුපියලක් අතේ තිය ගන්නවා.... කොන්දොස්තර අනිවා අහනවා රුපිය දෙකක්! මම අතේ තියෙන රුපියල විතරයි පෙන්නන්නේ.... 98% විතර වෙන්නේ..
    "හා දෙන්න කමක් නැහැ..." කියල රුපියල අරගෙන මට රුපියල් දහයක් දෙන එක.... හි හි හි.... ඒ කියන්නේ මම දෙන්නේ රුපියල් එකොළහයි ගොඩක් වෙලාවට....
    ප.ලි මොනා කරන්නද ඉතින් අපි විශ්ව විජ්ජාලේ ගියානේ............. හි හි හි....
    ඔව්ව නම් මොනාද.. අපි university ඉන්න කාලේ මගේ batch මතේ කෙනෙක් හිටිය, එයාගේ girl friend ව ඇරලලා බස් එකේ එනවා පොද්ද දුරක්, සල්ලි නම් කවදාවත් දෙන්නේ නැහැ.... එක දවසක් මිනිහ බැන බැන බස් එකෙන් බහිනවා දැක්ක. බලනකොට කොන්දොස්තර මිනිහගෙන් සල්ලි ඉල්ලලා හි.. හි... හි......

    ReplyDelete
  44. හොඳ යෝජනාවක්. මම දැකපු ප්‍රශ්නෙට සෑහෙන දුරකට විසඳුම් ලැබෙනවා වගේ.

    ReplyDelete
  45. මම දන්න විදිහට private බස් වල මාටියා ගැහිල්ල ctb වලට වඩා වෙනස්... private බස් වල මාටිය ගහන එකට ඔය වැඩිපුර ගන්න රුපියල දෙකට වඩා සෙනග වැඩියෙන් පැටවීම වාසි සහගතයි!! ඕක අදාළ වෙන්නෙ ctb වලට!.. අනික බොහෝ විට මාටිය ගහන්නෙ කොන්දා තනියම නෙමෙයි :)

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කතාව ඇත්ත. බැලුවම ඔය පටවිල්ලට ctb බස් එකේ දෙන්නත් උදව් කරනවා. එහෙම බැලුවම මාටියා ගැහිල්ලට ඒගොල්ල්තෝ සහභාගී වෙනවා. සමගිය බලය වේ :)

      Delete
  46. පොඩි සල්ලි ඉතිරි කරගන්න එපැයි දුමක් බොන්න ..

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...