Tuesday, March 5, 2013

කෙටිම කෙටි ලොල් කතා අංක 29 - ඇඩිඩාස් නම හැදුන හැටි

ඇඩිඩාස් කියන නම නොදන්නා කෙනෙක් මුළු ලෝකයේම ඉන්නවාද කියන එක සැකයක්. ඒ තරමටම ලෝකයේ ක්‍රීඩා පාවහන් පිලිබඳ සුපතල නමක් මේ සමාගම දිනා ගත්තා. ඒකට මේ නමත් හේතු වෙන්න ඇති. මේ නම හදුනා ගත්ත හැටි ගැන විවිධ කතා තියෙනවා. ඒක ගැන ඔරිජිනල් කතාව පස්සේ කියන්නම්. ඒකට වඩා මේක වටිනා කතාවක්.
පින්තුරය ගත්තේ : http://top5s.net
මේ සුප්‍රකට සමාගමේ ජර්මානු හිමිකරු නමක් හොයන්න මාර මහන්සි වුනා. ඒ රටේ පත්තර වල දාල ඇහුවා. දහස් ගාණක් නම් අතරින් මොකක් තොර ගන්නවද කියන එක එයාට ලොකු ගැටළුවක් වුනා. මේ විදියට කරගෙන යන්න බැරිව අන්තිමේදී මේ ගැන හිතලම ඒ මහත්තයා අසනීප වුණා. එතුමාට හැදුනේ මානසික ආතතිය. අන්තිමේදී වෛද්‍යවරු කිව්වා ලෝකේ කොහේ හෝ රටක ඇවිදලා එන්න කියලා. 

එතුමා තෝරා ගත්තේ ඉන්දියාව. ඒකට හේතුව විවිධ ජාතීන් වැඩි ප්‍රමාණයක්, වැඩි භාෂා ප්‍රමාණයක් තියෙන රටක් නිසා. එහෙම හිතලා එතුමා මාස ගානක් පුරා මුළු ඉන්දියාව පුරාම සංචාරය කළා. ඉන්දියාව කියන්නේ ඉතා විශාල රටක්. ඇත්තටම රටක් නෙවේ ලෝකයක්. හැම විදියකම මිනිස්සු ඉන්නවා. රටවල් විශාල ගණනකට මායිම් තිබෙනවා. එතුමාට මේ කොතන්දීවත් හිතට හරිය යන වචනය හමු වුණේ නෑ. 

ඔහුට මග පෙන්වපු ගයිඩ් වරයා කිව්වා හිමාලයට ගිහින් සෘෂිවරයකු හමු වෙමු කියලා. ඉතා දුෂ්කර ගමනකින් පස්සේ ඔවුන් දෙන්නා ආවා හිමාලයට. හිමාලයට ආවා කියලා සෘෂිවරුන් ඔවුන් ඉන්න තැනට එන්නේ නෑ. තවත් දවසක් විතර මහන්සි වෙලා වනගත සෘෂිවරයෙක් සොයා ගත්තා. ඒ සෘෂිවරයා කෙලින්ම අපේ ඇඩොල්ෆ් ඩැස්ලර් මහතා අමතලා මෙහෙම කිව්වා

"පුත්‍රයා ඔබ හොයන දෙයට පිළිතුර තව දවස් තුනකදී ඔබට ලැබෙනවා, ඔබ යන්න දකුණු ප්‍රදේශයට, එහෙ ගිහින් කැමති ක්‍රීඩාවක් නරඹන්න. ඒ අතරතුරදී ඔබ හොයන දේ ලැබෙයි"

ඉතිං අර ගයිඩ් වරයා සහ ඇඩොල්ෆ් මහතා එවෙලේම පිටත් වෙනවා දකුණු ඉන්දියාව පැත්තට. ලේසි ගමනක් නොවෙන නිසා හා දැඩි උනන්දුව නිසා ගුවනින්ම ඔවුන් ඒ පෙදෙසට ලඟා වෙනවා. මේ තරම් ඉක්මන් වෙන්නේ අර දවස් තුනක් ඇතුලත කියන දේ හිතේ තිබුන නිසා. චෙන්නායි නගරයට ආව එතුමාට පිස්සු හැදුනේ නැති ටික විතරයි. මොකද කච කචේ. හින්දි කියන්නේ කොච්චර ලයාන්විත භාෂාවක් වුනත් ඉන්දියාවේ විවිධ භාෂා වර්ග සිය ගණනක් භාවිතා වෙනවා. චෙන්නායි වල භාවිතා වෙන කඨෝර භාෂාවෙන් එතුමාගේ බ්‍රෑන්ඩ් නේම් එක ලැබෙයිද කියන සැකය එතුමාට ආවා. එත් සෘෂිවරයා කිව්වා දේ ගැනත් එතුමාට යම් විශ්වාසයක් තිබ්බා.

මුල දවසේ හෝටලයෙන් පිටට ඇවිත් ටිකක් ඇවිදින්න ගියා. එහෙන යද්දී වාහනයක ස්පීකර් බැඳගෙන කරන මහා කෑ ගැහීමක් ඇහිලා එතුමා ඇහුවා අර ගයිඩ් වරයාගෙන් ඒ මොකක්ද කියලා. මොකද එතුමාගේ හිතේ වැඩ කර මේ මෙහොතේ අර නම ඇහෙයි කියන එක ගැන. එතකොට ගයිඩ් වරයා කිව්වා හෙට ෆුට්බෝල් මැච් එකක් තියෙනවා බලන්න යමුද කියලා. එතුමාගේ රටේ ජාතික ක්‍රීඩාව වගේ තියෙන පාපන්දු. ඉතිං කොහොම මග අරින්නද? සෘෂිවරයත් කිව්වේ මේකම නේද කියලා එතුමාට හිතුනා. එතුමාත් කැමති වුණා. 

පහුවදා හවස හතර වෙන්නේ කීයටද කියලා එතුමා ඔරලෝසුව බල බලා හිටියේ. අන්තිමට කුලී වාහනයකින් නරඹන්නෝ පිරී ඉතීරී ඉන්න ක්‍රීඩාංගනයට ගියාම එතුමාට පුදුම කනගාටුවක් සහ හාස්‍යයක් ඇති වුණා. ඒ මේ වගේ බොරළු තියෙන ක්‍රීඩාංගනයක කොහොමද ෆුට්බෝල් ගහන්නේ කියලා. එතුමා තමන්ගේ පපුව සහ හිස අතර කුරුසය සටහන් කර ගත්තේ ක්‍රීඩා කරන යට දෙවියන්ගේ පිහිටයි කියන්නම නෙවෙයි. එතුමා පුංචි ප්‍රාර්ථනාවක් කළා "මගේ ක්‍රීඩා සපත්තු සහ ක්‍රීඩා භාණ්ඩ වලට බ්‍රෑන්ඩ් නේම් එකක් ලැබුනොත් මේ ක්‍රීඩාංගනය ජර්මනියේ මට්ටමට ගෙනත් ඒ නමින්ම හදලා දෙනවා" කියලා.

අර කලින් කිව්වා වගේ කච-කචේ අස්සේ තරගය ආරම්බ වුණා. එතුමාට ආයෙත් කනගාටුවක් සහ හාස්යක් ඇති වුණා. "මෙහෙමද ෆුට්බෝල් ගහන්නේ" කියලා. ඔන්න එක කණ්ඩායමක් ප්‍රතිවාදී ගෝලය අසලට පන්දුව පාස් කරගෙන යනවා. එතකොට එළියේ ඉන්න ප්‍රේක්ෂකයෝ මහා හඬින් කෑ ගහනවා

"අඩි - ඩා" 

කියලා. අනිත් කණ්ඩායම පන්දුව ගෝලය අසලට ගෙනිච්චත් ඇහෙන්නේ

"අඩි - ඩා" 

කියලා. මේ වචන දෙක අන්තිමට ඇඩොල්ෆ් මහත්මයාගේ දෙසවන් වල රැව්-පිළිරැව් දුන්නා. 

අන්තිමට එතුමාට මෙහෙම හිතුනා

"මගේ නම ඇඩොල්ෆ් ඩැස්ලර්, මේ මිනිස්සු කෑ ගහනවා අඩි - ඩා කියලා. මේක ඇඩි - ඩා කියලා ගත්තොත් හරි.

හරි.... හරි..... හරි...... "ඇඩි-ඩාස්" මේක තමයි නම. 

ඇ..ඩි..ඩා..ස්     හහ් හහ් හා. ඇඩිඩාස්. නියම නම. එතුමා නැවතත් සෘෂිවරයා සිහි කරමින්ම තමන්ගේ පපුව මත කුරුසය සටහන් කරා.

තරඟය ඉවර වෙලා ක්‍රීඩාංගනයෙන් එලියට එත්දී එතුමාගේ හිතේ තිබුනේ පුදුම සතුටක් සහ සැහැල්ලුවක්. එහෙම එද්දී පොකුණක තිබුන නෙලුම් මලක් දැකල මේක හොඳයි සංකේතයට කියලා තොර ගත්තා.

පින්තුරය ගත්තේ : bleacherreport.combleacherreport.com

70 comments:

  1. Replies
    1. ගහපං ඩෝ ... මේක තමයි තේරුම.

      Delete
  2. බලපුවහම ඒකත් made in India නේද? :D

    ReplyDelete
  3. නියම කතාව. :) භාෂා විවිධත්වය අඩු වුනත් මිනිහ ලංකාවට ආවනම් තවත් හොඳ බ්‍රෑන්ඩ් නේම් ටිකක් ඇති වෙන්න තිබුනා.

    දැන්නම් ඉතින් හැම ක්‍රීඩාවේම ඉන්නේ ADIDAM ලා. උන් වැරදිත් නැහැ ඉතින් කාලේ හැටියට.

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල ලංකාවට ආවනම් හලාල් කියල තමයි දාන්න වෙන්නේ.

      Delete
  4. එතකොට ඔර්ගිනල් කතාව මොකද්ද කියල කියන්න අපිටත් දැනගන්න

    ReplyDelete
    Replies
    1. ඒක ඉතාම සරලයි. එයාගේ නමින්ම තමයි අරන් තියෙන්නේ.

      Ad(olf) + Das(sler) නම් දෙකේ මුල් අකුරු ටික අරගෙන මැද්දට i අකුරක් දාලා.

      Delete
  5. ලොල් කතාව නිසා බොරුවක් වෙන්නැති කතාව..
    මං ආසම සපත්තු ජාතියක් තමා..
    මාර කොලිටි ඈ...
    මං මුලිංම අඩිඩාස් ගත්තු සපත්තු දෙක දැනුත් දාන්න පුළුවං කකුල් ලොකු නොවුනනං...

    ReplyDelete
    Replies
    1. සමහරු කියනවා Adidas කියන්නේ

      All I Dream About Sex කියලා. :)

      මමත් adidas තමයි දාන්නේ. මාර comfortable.

      Delete
    2. All Day I Dream About Sex !!!

      Delete
    3. මේක ඇත්තටම හරි ද?.

      Delete
    4. සුදීක අය්යා තව මොනවා කියාවිද මන්දා ඉස්සරහදි.....මම බය උනාලු

      Delete
  6. මේක නම් සිරා... ඇයි දන්නවද 'ඩොබර්මන්' බල්ලන්ට නම වැටුනේ ලංකාවෙන් කියල ඩො+බර්+මන් ඩෝ=නරය, බර්=බිරාන්ත, මන්=මන්ද, නරය බිරාන්ත වන්නේ මන්ද (බල්ලා ඉන්නකම්)

    ReplyDelete
  7. නියම කතාව.. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චන්දන.

      Delete
  8. හොදටම හිනා ගියා අන්තිම ටික කියවද්දි.මරු කතාව.නම හැදිච්ච එකේ ඇත්තම කතාවද සුදීක?

    ReplyDelete
    Replies
    1. ඇත්තම කතාව Adolf Dassler කියන නමේ මුල් අකුරු සහ මැදට i එකක් දාලා හදල තියෙන්නේ.

      Delete
  9. හී හී ලස්සන කතාව සුදීක. එයා ලංකාවට ආවා නම් ඔය සපත්තුවලට මොන නම වැටෙයිද කියලා මේ කල්පනා කරන්නේ...:)

    ReplyDelete
    Replies
    1. පට්ට පාර කියලා දායි. අපේ කොල්ලන්ගේ කටේ තියෙන්නේ පට්ට කියන වචනෙනේ.

      Delete
  10. Niyamai...Alut dayak danagata...
    Tan..Q...Sudika Ayya.
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. සංජීව මේ ඇත්ත කතාව නෙවෙයි. කමෙන්ට් වලට පිළිතුරු විදියට මම ඇත්ත නම හදිච්ච් විදිය කියලා තියෙනවා.

      Delete
    2. mama iya office eky ayath kiwa rasa karakara.(ayo..Adidas).
      ea unata katawa lasanai.
      Jayawewa

      Delete
  11. හොඳ වෙලාවට තමිල්නාඩුව පැත්තට ගියෙ නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. තමිල් නාඩුව පැත්තේ කියලම හිතමුකෝ. මොකක්ද කෙස් එක ?

      Delete
  12. මරු කතාව. මටත් හිතා ගන්න බෑ ක්‍රිකට් මැච් එකක් පටන් ගත්ත වෙලාවේ පටන් අවසානය දක්වා ඒන් සද්දෙ මොකක්ද කියලා.. හැබයි පුතේ උඹ නිකන් සුද්දෙක්ගෙන් අහපන් අපි කතාකරන හැටි පොඩ්ඩක් පෙන්නන්න කියලා.. අපි උන්ට ෂුස් බුෂ් ගාලා විහිළු කරනවා වගේ උන් කියන්නේ. ලොල ලොල ලොල ලොල ලොල. අපි කතා කරන්නෙ හරි ස්පීඩ්ලු...

    ReplyDelete
    Replies
    1. ඕනෑම් භාෂාවක් ආගන්තුකයෙකුට 100% ග්‍රණය කර ගන්න අවුරුදු ගණනාවක් යනවා.

      Delete
    2. හරි මචං.මමත් එකෙක්ගෙන් ඇහුව අපේ භාෂාව උඹට තේරෙන්නේ කොහොමද කියල. "ලොල ලොල ලෝල" වගේලු.

      Delete
  13. අ‍පේ අයත් ඉන්දිය සන්තුවරා ‍හොයා‍ගෙන යයිද දන්‍‍නේ නැ.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. නැ අනාගතය කොහොමද කියලා දැන ගන්න.

      Delete
  14. ඉන්දියාවට ගියාම මෑන්ට පිස්සුම හැදෙන්න ඇති කියලා මං මුලින්ම හිතුවේ.. හි හි

    ReplyDelete
  15. වෙන්න බැරිත් නැහැ

    ReplyDelete
  16. හී හී.. "අඩි - ඩා" කියල කියන්නේ මොකක්ද දන්නේ නෑ නේ ?

    ReplyDelete
    Replies
    1. අර උඩින් කියලා තියෙන්නේ. අඩි - ඩා කියන්නේ ගහපන් ඩෝ කියන එකට.

      Delete
    2. පොල් අඩි කියන්නේ මොකක්ද?.

      Delete
  17. ලොල්ම තමා..!

    ඉන්දියන් කාරයෙක්ට කීව නම් ජාත්‍යාලයෙන් ඔදවැඩී යයි.

    ReplyDelete
  18. ඇති ඔයින් ගියා. වෙලාවට foot ball මට්ච් එකේ වලියක් set උනේ නැත්තේ නැත්තම් මොන නමක් දාලා තියෙයි ද දන්නේ නෑ.

    (සුදීකගේ මාරු කාසි න්‍යාය හොඳට වැඩ කරනවා. ස්තුතියි )

    ReplyDelete
  19. අඩී..ඩා...

    මම කිව්වේ මේ " ගහපන් ඩෝ " :P

    ReplyDelete
    Replies
    1. මමත් කිව්වේ ගහපන් ඩෝ කියලා තමයි.

      Delete
  20. මේ කතාව නම් ඇහුවේ අදමයි.

    ReplyDelete
    Replies
    1. මතක තියා ගන්න මේක ලොල් කතාවක්.

      Delete
  21. මිනිහට සපත්තුව හොයා ගන්නවට වැඩිය අමාරු වෙලානෙ නම හොයා ගන්න.. මෙයාගෙ අයියගෙ නේද Puma එක ?

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ දන්න කට්ටිය.

      Delete
  22. හැබෑවටම නම වැටුනේ එහෙම වෙන්ටෑ . . . අර උබ කිව්ව විදිහට නම් දෙක එක්කාසි කොරලා නෙමේ වෙන්ටෑ . . හික්ස්

    දන්නවද අපේ බ්‍රෑන්ඩ් නේම් එක හැදුනු හැටි?

    ඒ ගැන දවසක ලියන්න ඕන . .

    අහ් අර දෙමල විදිහට හැදුව නම් මෙහෙම වෙන්න ඕන

    අඩීඅඩීඩා

    ගහපන් ගහපන් බ න්. ..

    අඩී අඩී ඩා

    ReplyDelete
    Replies
    1. උඹලගේ බ්‍රෑන්ඩ් නේම් එක හැදුන හැටි මම අපි දෙන්න මුණ ගැහුණු පලවෙනි දවසෙම අහ ගත්තනේ.

      විරුඩාස්

      Delete
  23. අඩොල්ෆ්ලා කෙලින්නෙම පික්ෂුනෙ බං බලං යන කොට.

    ඇයි අපි දන්න අනිත් අඩොල්ෆ්, ඒ කියන්නේ හිට්ලර්, Volkswagen එකට බොඩි ඩිසයින් එකක් හොයන්න නියම කරලා අර Porsche බුවා ට අන්තිමට පිහිට වුනේ එයාගේම නෝනානෙ.

    ඒක නම් ලොල් නෙවෙයි පට්ට සිරා, ඈ.

    ReplyDelete
    Replies
    1. ඌ ඒ ඩිසයින් එක ඒ විදියට අඳින්න ඇත්තේ කාලෙකින් දැකල නැති වෙනස් ෂේප් එකක් නිසා වෙන්න ඇති. :)

      Delete
  24. හොද වෙලාවට තමිල්නාඩුවට ගියේ නැත්තේ.නියමෙට ලියල තියනවා

    ReplyDelete
    Replies
    1. අපේ කට්ටිය එක්ක විතරයි තමිල්නාඩු එවුන් වලි. මේ ජර්මන් කාරයෙක් නේ.

      Delete
  25. මන් මීට පස්සේ අඩිඩාස් ප්‍රොඩක්ට් පාවිච්චි කරන්නේ නැහැ.

    ReplyDelete
  26. මේ කතාව නං අදමයි ඇහුවෙ,ස්තූතියි සුදීක

    ReplyDelete
    Replies
    1. මේක ඇත්ත කතාව නෙවෙයි. මම හොතපු එකක්. උඩ කමෙන්ට් වල දාල තියෙනවා හරි කතාව.

      Delete
  27. කතාව නම් කික්ම තමයි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි DAYBAT.

      Delete
  28. ඇඩිඩාස් පූමා කකුල් වල දා‍‍ගෙන දවසෙක් වැඩි හරියක් ගත කල කාලය මතක් වුනා! කොහොමහරි හරි කතාවට වඩා කියවන්න දෙයක් තියෙනවා මේ කතාවේ.... මම අහන්න හිටියේ ඇඩිඩාස් එකේ ලෝගොස් කියක් තියෙනවද ඒ ඇයි කියලා...... වියට්නාම් එව්වයේ ඉරි කෑලි තුනක් නේද තියෙන්නෙ.....

    ReplyDelete
    Replies
    1. ඉරි කෑලි තුනෙන් තමයි එයාලා පටන් අරන් තියෙන්නේ.

      Delete
  29. http://f5torefresh.com/adidas/adidas-logo/

    ReplyDelete
  30. නියමයි. කාලෙකින් කලින් නොකියවපු කතාවක් කියෙව්වේ. .රහයි.ස්තූතීයි සුදීක.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රතු.

      Delete
  31. උත්සාහ වන්තයා ජයගනි කියල කතාවක් තියෙනවානේ..ඇඩොල්ෆ් මහතාගේ උත්සාහයේ ප්‍රතිඔළයෙන් ඉගනගන්න පුළුවන් දේවල් බොහොමයි. උත්සාහය අතහරින්න එපා කියන්නේ ඒකට තමයි.

    ReplyDelete
    Replies
    1. දයා. වරද්ද ගන්න එපා. මේක මම කරපු ප්‍රබන්ධයක්. මට හිතෙනවා සත්‍ය නමට තිබෙන සමීප කම නිසා මේක පාඨකයාට ඇත්ත වගේ පේනවා. ඔබට එය ආදර්ශමත් කතාවල ලෙස පෙනුනා නම් මට සතුටක්.

      Delete
  32. පිස්සු හොඳ කරන්න ඉන්දියාවට ගියපු කෙනෙක් ගැන ඇහුවමයි.

    ReplyDelete
    Replies
    1. මේක ලොල් කතාවක් අසා.

      Delete
    2. ඉන්දියාවට ගියපු තැනින්ම කතාවේ ලොල් ගතිය තියෙනවා.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...