Wednesday, March 13, 2013

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය නැරඹීමට ඉන්දියාවේ ගියෙමි - VIII කොටස.

මාර්තු 31 දින මට අමුතුම අත්දැකීම එකතු කරන දිනයකි. 2011 වසරේ මා මුම්බායි නගරයේ සිටි බව මේ ලිපි පෙළ කියවූ ඔබ දන්නා කාරණයක්. පහුගිය අවුරුද්දේ මාර්තු 31 මා සිටියේ බැංකොක් නගරයේ. මේ වසරේද මාර්තු 31ත ගමනක් සැලසුම් කලද එය හදිසියේ කල් දැමීමට සිදු විය. සමාවන්න මා ඔබත් සමග පවසමින් ආවේ 2011 ලෝක කුසලාණය බලන්නට මුම්බායි ගිය ගමන ගැනය. මේ කොටසින් එය හමාර කර ගන්න ලැබේවායි පතමු. 
අපි දෙන්න තමයි හැමදාම එකට මැච් බලන්න යන්නේ. දෙන්නම සුභාෂ් ලා. :D

අවසාන වතාවටත් ලංකාවේ මගේ මිතුරන් දෙදෙනාට දුරකථන ඇමතුම් ලබාගෙන ටිකට් ලැබීමේ අවස්ථා තිබේ දැයි සොයා බැලුවෙමි. එහෙත් ඉන්දියාව අවසාන තරගයට තේරීමත් සමග ශ්‍රී ලංකාවට ලැබෙන ටිකට් ප්‍රමාණය ඉතාම සීමිත බව දන්වන අසුබ ආරංචිය ලැබිණි. එහෙනම් ඉතිං ඉන්දියාවෙන් ටිකට් සෙවීමෙත් ඵලක් නැත යන්න මගේ හිතට එක වර ආ අදහසයි. රුපියල් 35000 ක් ඒ සඳහා වැය කල හැකිද ? නැත එක හීනෙන් රෑ එලි වන්නේ නැත. මේ ජීවිත කාලය තුල තවත් අවස්තාවක් ලැබිය හැක. මා තීරණයකට එළඹියෙමි. ඒ හැකි ඉක්මනින් ආපසු ලංකාවට ගොස් පුළුල් තිරයක් තිබෙන තැනක මාගේ හිතවත් ප්‍රේක්ෂකයන් සමග තරගය නරම්බීමටයි. 
මේක ලෝක කුසලානය වෙනුවෙන්ම සකසලා තිබුනේ Tunga කියන හෝටලයේ. එය තරු පන්තියේ හෝටලයක්. ටිකට් නොලැබුනොත් මෙතන තමයි මම තෝරාගෙන තිබුනේ නිවාඩු පාඩුවේ මැච් එක බලන්න.

මා මෙවැනි ගමන් වලට ගෙනියා කුඩා පොත් පිංචේ, අත්‍යවශ්‍ය අංක සටහන් කර ගැනීම මා බොහෝවිට කරන දෙයකි. ඒ ඉලෙක්ට්‍රොනික් මතකය පිලිබඳ ඇති මාගේ අල්ප විශ්වාසය නිසයි. වෙලාව රාත්‍රී 10.00 ත් පසු වෙමින් තිබිණි. මේ ගමනේ මගේ එක අරමුණක් වන කථා කරන බෝනික්කා සොයාගෙන හමාරය. එය ඇතිනම් ලංකාවට ආපසු යාමට මා බිය වන්නේ කුමකටද? විටෙක මිතුරන් හෝ කාර්යාල සගයන් මොනවා පවසනු ඇත්දැයි මම සිතා බැලීමි. කවුරුන් මොනවා කීවත් මා කරන්නේ මට උවමනා දෙයයි. මට උවමනා නිසා ආවා, දැන් මා ආපසු යනවා. සෙසු ලෝකයා කියන දේ මට වැදගත් නැත. මේ ගමන තුලින් ජීවිතයට වටිනා අත්දැකීම රැසක් එකතු කර ගත්තා.
Inorbit සුපිරි වෙළඳ සංකීර්ණයේ තුන්වෙනි මහලේ තිබෙන ආහාරපාන මධ්‍යස්ථානය.

මා ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇමතුවෙමි. ඔවුන් නොපමාව මගේ ඇමතුම හා සම්බන්ධ වී මාගේ අවශ්‍යතාව විමසා බැලුවා. මා ඉල්ලා සිටියේ අප්‍රේල් පළවෙනිදා රාත්‍රී හෝ දෙවැනි දින උදේට මට ආපසු යා හැකිද යන්නයි. මා ටිකට් පත ලබාගෙන තිබුනේ හතරවනිදාටයි. අප්‍රේල් 02 දින උදෑසන 3.30 ට තිබෙන ගුවන් යානයේ අසුනක් වෙන් කර දිය හැකි බව පැවසු ඔහු ඒ සඳහා ගාස්තුවක් අය නොකරන ලබන බව දැනුම් දුන් විට මට ඇති වුයේ අප්‍රමාන සතුටකි. මේ වනවිටත් මාගේ ගමන් මලු තුන යම් ආකාරයකට සුදානම් කර තිබුණි.

හෝටල් හිමියාගෙන් මා අසා දැනගත් පරිදි මුම්බායි හී හදවත බඳු ප්‍රදේශය ජුහූ බවත් එහි ජීවත් වන්නේ නළුවන්, ව්‍යාපාරිකයින් සහ ක්‍රිකට් ක්‍රීඩකයින් ආදී ඉතා ධනවත් කොටසක් බව ඔහු විස්තර කළා. සිංහල භාෂාවෙන් කතා කරන්නට හා ලියන්නටැයි පවසා එය ඔවුන්ගේ එක්තරා ප්‍රාන්තයක ජනයාගේ අකුරු හා උච්චාරණයට සමාන බව නිගමනය කළා. බලාපොරොත්තු ගොන්නක් හිස දාරාගෙන මා නින්දට වැටුනා. ඒ මුම්බායේ මා ගත කරන්නේ තවත් එක දවසක් යන සතුට සිතෙහි දරාගෙන. නිතරම පිටරට වල රාජකාරි කරන මගේ මිතුරෙක් ඔහුගේ ෆේස්බුක් ස්ටේටස් සඳහා "There's no place like home" යනුවෙන් ලියා තැබූ හේතුව කදිමට මේ දින කිහිපයට මා වටහා ගත්තා. මා පිටරකට තනියම ගිය ප්‍රථම අවස්තාව එය වූ නිසා පුදුම පාළුවක් හා සාංකාවක් දැනුනා. තමන්ගේ මව් භාෂාවෙන් කතා කරන්න නොලැබෙන එක පුදුම දඬුවමක් බව එක් දිනක් හෝ පිටරටක ජීවත් වූ ඔබ දන්නවා ඇති.

පලවන දින උදෑසන අවදි වී ශ්‍රී ලංකා කණ්ඩායමට සහය දෙන කහ පැහැති ටී-ෂර්ට් එකෙන් සැරසී එලියට බැස්සේ ජුහූ බලා යාමටයි. ඔය කියන එක චරිතයක් හෝ හමු වේදෝ කියන බලාපූරෝත්තුවත් නොතිබුනා නොවේ. එම ගමන ගැන විස්තරය සඳහා ඉන්දියාවේ ප්‍රවාහනය ගැන ලියු මෙහි හතර වන කොටස කියවා බලන්න. හෝටලයෙන් පිටත්ව vt දුම්රිය ස්ථානය දක්වා ගිය ගමන සහ තවත් බොහෝ දේ එහි අඩංගු වනවා.
මගේ හෝටලයට ආසන්නම වාෂි දුම්රිය ස්ථානය

vt ප්‍රදේශයට යාමෙහි මාගේ අරමුණු කිහිපයක් තිබුනා. ඒ මගේ පවුලේ ඥාතීන්ට සහ හිතවතුන්ට ගෙන යන දේ ලබා ගැනීමත්, මගේ නැගණියගේ දෙවන පුතා (කළුතර මහා විද්‍යාලයීය 15 පහල ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන) වෙනුවෙන් පා ආවරණ දෙකක් මිලදී ගැනීම, මට සහ මහජන බැංකු ක්‍රිකට් කණ්ඩායමේ සංජීවට අවශ්‍ය ක්‍රීඩා ආයිත්තම් කිහිපයක් ලබා ගැනීම ඉන් ප්‍රධාන තැනක් ගත්තා. vt හී මා දුටු විශේෂත්වය නම් එහි වෙසෙන් බොහෝ අය දුඹුරු හිසකේ සහිත යුරෝපීය පෙනුම ඇති ය වීමයි. 
මෙය භාවිතා කලේ මා පමණකි. අනර්ඝ ලෙස නිමවා ඇත. 

vt දුම්රිය ස්ථානයෙන් එලියට ආ මා උමං පදික මාරු වන ස්ථානයකින් ගමන් ගත්තද ? ඒවා ඉතා ඉහල මට්ටමකින් නිමවා තිබුනද? කිසිවකුට ඒ තුලින් යාමට උනන්දුවක් නැති බව පැහැදිලි විය. මා එහිදී ලබාගත් චායාරුප මෙහි එක් කිරීමට හෙටදින තෙක් කල්ගනීමට සිදු වන්නේ, ඒවා දමා තිබු මතක ගබඩා නොහොත් පෙන් ඩ්‍රයිව් එක කාර්යාලයේ නිසාය. එහෙත් ලියා අවසන් වූ ගමන්ම පබ්ලිෂ් කරන මගේ ප්‍රතිපත්තිය අද බිඳ දැමිය නොහැක. ඒක හරියට ඉරිදා පත්තරය සෙනසුරාදා අතට ලැබී, එය බැලීමට ඉරිදා වනතෙක් සිටීම වැනිය. මා තද බඩගින්නකින් පසු වුනෙමි. උමං පදික මාරුවෙන් එලියට ආ මා දුටුවේ ක්‍රිකට් බදු භාණ්ඩ විකුණන ස්ථාන දෙකක්ම ළඟ ළඟ ඇති බවයි. නමුත් බඩගින්න ඊට වඩා ලොකු නිසා මා හාත්පස බැලුවෙමි. 
උමං පදික මාරුවේ දොරටුව.

ඉදිරියෙන් තිබෙන ඉතා හොඳ තත්වයේ ආපන ශාලාවට ගොඩ වීමි. වාසනාවකට එය නිර්මාංශ නොවන එකකි. මට කලන්තය හැදෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී, උදෑසන ආහාරය ඇනවුම් කලෙමි. එය කුකුල් මස් සහිතව ඔතන ලද ශාවරාමා වර්ගයේ කෑමකි. එහෙත් මගේ වඩාත්ම හිතගිය අයිතමය වුයේ ඉඟුරු සහ ලෙමන් මිශ්‍ර කර සාදන පානයක් වෙතය. එම පානයෙන් එකක් ඇනවුම් කල මා එක හුස්මට චාපාතියක ඔතා තිබුණු චිකන් කැබලි ටික විනාඩියට, දෙකට ගිල දැමුවෙමි. එහි තිබෙන රසය වඩාත් තීව්‍ර ලෙසේ දැනුනේ මාගේ බඩගින්න උත්සන්න වී තිබීම නිසාය. ඔබ බඩගින්නේ සිටින විට ඔබට ආහාර වල රසය තදින් දැනෙන බව කව්රුන් හෝ මා සමග පවසා ඇත. එහෙත් ගුවන් ගමන් වල යෙදෙන විට ආහාර වල රසය දැනෙන්නේ අඩුවෙන්ලු. එහි විද්‍යාත්ම හේතුව මා දන්නේ නැත. එම කාරණය නිසා ගුවන් මගියාට දෙන ආහාර වලට රසකාරක යහමින් එක් කොට ඇත. 

ඇත්තටම එය අපූර්ව පානයකි. එහි අගයන් ලෙස ඔවුන් දක්වා ඇත්තේ කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් ආදී රෝග රැසකට සුව දෙන බෙහෙතක් බවයි. ලෙමන් පොත්තද එයට එක් කල නිසාදෝ කට කාරාගෙන යන ගතියක් දැනුනද? එය දාහය නිවා ගැනීමට කදිම පානයකි. මා ඩයනා ක්‍රිකට් වෙළඳ ශාලාවට ගමන් ගතිමි වැඩි වෙලාවක් ගත නොකොට පා ආවරණ, සහ සංජීවට අවශ්‍ය දේ මිලදී ගතිමි. ඒ සඳහා බිල් ක්‍රෙඩිට් කාඩ් පතක් ආදාරයෙන් ගෙවා දැමුවේ අතේ යම් මුදල් ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට අවශ්‍ය නිසාය. එම සාප්පුවේ අධිපති තුමා සමග කුළුපග වීමට ගත වුයේ සුළු කාලයකි. ඔහු මා සමග ඉතා උනන්දුවෙන් කතා කල අතර මේ මා මිලදී ගත ස්කින් ෆිට් එක පරීක්ෂා කොට

Why is this made in China? (ඇයි මේ චීනයේ නිපදවූ ඒවා) මෙමගින් මා වක්‍රව ඉන්දීය දේශානුරාගයට කුඩා පහරක් එල්ල කලෙමි.
You are telling a biggest joke. Can you tell where that indian uniform made ? (ඔබේ කියන කතාව හරිම විහිළුවක්. ඔබට කියන්න පුලුවන්ද අතන තියෙන ඉන්දියන් නිල ඇඳුම කොහේ මහපු එකක් ද කියා ?)
 No, I have no idea ? (මට ඒ ගැන අදහසක් නෑ)
Just see ? (එය අරන් බලන්න)
Made In Sri Lanka !!! 
මා නැවතත් අපහසුතාවයට පත් වුනි. නයිකි සමාගමේ ක්‍රීඩා නිමි ඇඳුම් වැඩි කොටස නිෂ්පාදනය කරන්නේ ශ්‍රී ලංකාවේ බව මට වැටහුනේ මේ මොහොතෙදීමයි. 2011 ලෝක කුසලානයේ ඉන්දීය කණ්ඩායමේ නිල ඇඳුම් සඳහා නයිකි සමාගම අනුග්‍රය දක්වන බව දන්නා නමුත් එය පුදුමයට කරුණකි. එයින් එලියට බට මා ටැක්සියක් හයර් කරගෙන මේ යාමට සැරසෙන්නේ එම සාප්පු හිමියාගෙන දැනගත් පරිදි ෆීනික්ස් මෝල් එකටය. ඔහුට අනුව එය මුම්බායි හී තිබෙන විශාලම සාප්පු සංකීරණ වලින් එකකි. ටැක්සි කරුවා මොහොතකට නවත්වා ගත් මා vodafone කාඩ් පතක් කඩයකින් මිලදී ගතිමි. එම කඩහිමියා මගෙන් විමසා සිටියේ මා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ද යන්නයි. මා සහයෝගය දෙන අයෙක් පමණක් බව පවසා  ෆීනික්ස් මෝල් එක බලා ගියෙමි. මධ්‍යාහ්ක්නය එළඹෙමින් තිබුනත් එම ප්‍රදේශයේ තිබෙන ගස් කොලන් ප්‍රමාණය නිසා යම් මට්ටමක සිසිලක් දැනුනි.
සචින්ලා ළමා අවදියේ ක්‍රීඩා කරන්නට ඇතැයි විශ්වාස කල හැකි ක්‍රීඩාංගනය.

මුලින්ම දුම්රිය ස්ථානයෙන් ඇවිද එත්දී ක්ෂේවියර් නමැති පාසලක් හා ඊට යාබද ක්‍රිකට් ක්‍රීඩාංගනය දැක මෙහි සචින්ලා, කම්බ්ලිලා කුඩා කාලයේ පුහුණු වන්නට ඇත යන හැංගීම හිතට ආවා. 

ෆීනික්ස් මෝල් යනු ආදී සුඛෝපභෝගී මහල් හත අටක් පමණ ඇති සාප්පු සංකීර්ණයකි. ලෝකයේ තිබෙන මිල අධිකම ඒ වාගේම ඉස්තරම්ම බ්‍රෑන්ඩ් වර්ග වල කඩ සාප්පු වලින් පිරී ඇති එම සාප්පු සංකීර්ණය අපගේ ක්‍රෙස්කැට් සිහි ගන්වන්නකි. නමුත් සම්පූර්ණයෙන් වෙනස් තැනකි. මා වඩාත් මිලදී ගැනීම් කලේ පැන්ටලූන් නමැති වෙළඳසැලෙනි. මා කල මිලිදී ගැනීම් ඔබට පැවසීමෙන් ඵලක් නැත. එක්තරා සාප්පු සේවකයෙක් පැවසූවේ දැන් මොහොතකට කලින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහි සිට පිට වූ බවය. අඩුම තරමේ ඔවුන්වත් මුණ ගැසුනා නම්? සුබ පතන්නට තිබුණි. එහෙනම් මේ ගමන යම් ප්‍රමාණයක සාර්ථකත්වයක් ඇතැයි පැවසිය හැකිව තිබුණි. එහෙත් මට ඔවුන් මුණ ගැසුනේ නැත. ඒ වෙනුවට ඉන්දීය විස්තර විචාරක අරුන් ලාල් මහතා මුණ ගැසිනි. ඒ සැම්සුන්ග් ප්‍රදර්ශනාගාරයේදීය. මට ඔහුගේ චායාරුපයක් ගත නොහැකි වුයේ එම සාප්පුවේ කැමරා භාවිතය තහනම් වූ බැවිනි. මේ ලඟක් වනතෙක් භාවිතා කල ජංගම දුරකථන ආවරණය මිලදී ගත්තේද එම ස්ථානයෙනි. 
මෙය හොරෙන් ගන්නා ලද චායාරුපයකි.

එම ස්ථානයෙන් දිවා ආහාරය ගත්තද? ඒ මොනවාදැයි මට මතක නැත. මා නැවතත් පිටත් වීමට ටැක්සියක් කතා කර ගත්තේ රුපියල් 250 කට වැනි මුදලකටය. ඒ මගේ ළඟ ඇති බඩු භාණ්ඩ වැඩි නිසාය. එක් වරක් මොහොතකට ඇහැ පියවී ඇහැරුණු කල මගේ දොර කවුළුව අසල වුයේ අර නාඩියගේ ඉන්දීය සංචාරයේ විස්තර කර ඇති සාරිය අඳින පිරිමියෙකි. මට එක වර කෑ ගැසිනි. ටැක්සි කරු සිනාසී ඉදිරියට ගමන් ගති. 

තවත් කොටසකට මෙය ඇදගෙන යාමට හේතුව මුම්බායි ගුවන් තොටේදී මා ලැබූ අත්දැකීම ඔබට පැවසිය යුතුම දේවල් වන නිසාය. 

28 comments:

  1. සෙසු ලොකය කිසි විටෙකත් අපට ආදරය නොකරයි.එම නිසා තමන්ට හරි කියලා හිතෙන දේ කරාම පසුතැවිමක් නැති වෙයි.සුදික අයියා දරුවන්ට කෙතරම් ලෙන්ගතුද කියලා එක් තැනකදි මට වැටහුණා.මොකද ක්‍රිඩා තරඟය නරඹනවාට වඩා ඉටු උන කරුණක් තිබුනා.ඉතාමත් අගය කරමි.

    ReplyDelete
  2. මෙයත් එහෙනන් මැච් එක බලල තියෙන්නෙ අපි බලපු විදිහටම තමයි. :)

    ReplyDelete
    Replies
    1. හෙහ් ... හෙහ් ... හෙහ්...

      Delete
  3. අයියනම් සෑහෙන්න ඇවිදලා තියෙනවා. ඒ පින තියෙන්නේ බොහොම ටික දෙනෙක්ට විතරයි

    ReplyDelete
  4. ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

    ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

    ස්තූතියි,

    මම ඔබේ හිතවත් අභීත

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මා කෙලින්ම අභීත එදිරිසිංහගෙන් ඊ-මේල් පණිවුඩයක් මගින් මේ ගැන විමසා සිටියා. මෙය අමූලික බොරුවක් බව පැහැදිලියි. මෙය ෆේක් එකවුන්ට් එකක්.

      Delete
  5. බඩගින්න වැඩි උනාම ඕන කෑමක් රස කරකර කන්න පුලුවං තමයි.

    සූදීකට ලංකාවෙ ටීම් එක නූලෙංනෙ මිස් වෙලා තියෙන්නෙ.

    (විස්කි බෝතල් දෙක බිඳිලද මන්ද ?)

    ReplyDelete
    Replies
    1. මෙන්න තව එක්කෙනෙක්.

      Delete
    2. හෙහ් හෙහ් හෙහ්....

      Delete
  6. කියල තියෙන විදිය බැලුවාම ඒ ඉඟුරු ලෙමන් පානය බීල බලන්න හිතුනා...
    අපරාදෙ අර උමං පදික මාරුවට වියදම් කරපු සල්ලි, කවුරුවත් යන්නෙ නැත්නම්... ඒක ලස්සනට හදලා... ඒ හරියෙ පාර මාරු වෙන්න එච්චර අමාරු නැතුව ඇති... ශාවරාමා වර්ගයේ කෑම කියන්නෙ මොනවද....?

    ReplyDelete
    Replies
    1. ඔවුන්ටත් තිබෙන්නේ කඩ-සාප්පු සඳහා බදු දීමයි. ඇත්තටම මම පස්සේ ගෙදරදීත් හදාගෙන බිව්වා. නමුත් නියම මාත්‍රාව අල්ල ගන්න ටික කලක් යනවා.

      ශාවරාමා කියන්නේ මෙන්න මේවට

      Delete
  7. අයියා අර බෝතල් දෙක......

    ReplyDelete
    Replies
    1. නෑ... ඔයාලගෙ අමෘතය....:P

      Delete
    2. අවසාන කොටසින් බලාපොරොත්තු වන්න.

      Delete
  8. අර සාරි අදින පිරිමි සාප කරන්න එහෙම ගත්තේ නැද්ද. ඉන්දියාවේ එවුන් මෙවුන්ට හරිම බයයි. සාප කරයි කියලා. මුන් අත දික් කර ගමන්ම සල්ලි දෙනවා බයට. අපි නොදි ඉන්නකොට රියදුරන් කියනවා කීයක් හෝ දෙන්න කියලා..

    ReplyDelete
    Replies
    1. මම ගියාට පස්සේ සාප කරාද දන්නේ නෑ. මට ටිකට් හම්බ වුනේ නෑනේ.

      Delete
  9. මැච් එක ගැන නම් ලියන්න එපා මතක් වෙද්දී තාම හිතට අප්සෙට් බොක්කෙන්ම හැම මැච් එකක්ම බලපු නිසා.
    ලබන පාර ඔසී තියන වර්ල්ඩ් කප් එක දින්නේ නැතත් ඉන්දියාව ෆස්ට් රවුන්ඩ් ගෙදර යවන්නඩ පුළුවන් වුනොත් ඇති

    ReplyDelete
  10. මැච් එක බලලා නෑ එතකොට...එක අතකට ඒක හොඳයි... ඒ මගින් සංචාරයක් කරන්න ලැබුනනෙ..

    මමනම් කීයක් දෙනවා කිව්වත පිට්ටනියට ගිහින් මැච් එකක් බලන්නෙ නෑ.. ඇයි අප්පා ටීවී සැරින් සැරේ ලකුණුද, රිපීට්ද, පරණ වාර්ථාද, තව විස්තරද, අරවද, මේවද ඔක්කොම දෙනකොට.. ඔය පිට්ටනියට ගිහින් අව්වෙ කර වෙන්නෙ මොකටද...??

    ReplyDelete
    Replies
    1. මේ කියන වර්ල්ඩ් කප් ෆයිනල් එක නයිට් එකක්.

      Delete
  11. එතකොට මැච් එක නොබලාම ගෙදර ආවා? හෆොයි.

    ReplyDelete
  12. පහුගිය කොටස් ටිකක් කියවලාම ආවේ.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...