Thursday, March 14, 2013

රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට් විස්සයි20 ලෝක තරගාවලිය ලංකාවට

ඔබට මතක ඇති පහුගිය ජනවාරියේ ශ්‍රී ලංකාවේ පැවැත්වුණු කැම්පස් ක්‍රිකට් තරගාවලිය. ඒ පිලිබඳ දිගින් දිගටම වාර්තාකරණයේ යෙදෙන්න මටත් ආරාධනා ආවා. ලංකාවේ කැම්පස් 14 ක් අතුරින් මෙම ලෝක තරගාවලිය නියෝජනය කරන්න වරම් දිනා ගත්තේ එහි අවසාන මහා තරගය දිනා ගත්ත මොරටුව විශ්ව විද්‍යාලය. ඔබට මතක ඇති ඒ ජය වෙනුවෙන් මම දාපු පොස්ට් එක "බැංගලෝරයට ඉංජිනේරුවන් පැටවීම" කියලා. නමුත් ඉන්දියාවට වීසා ලබා ගැනීමේ ඇති ගැටළු නිසා මේ තරගාවලිය ශ්‍රී ලංකාවේ පවත්වන්න රෙඩ්බුල් බලධාරීන් තීරණය කරලා.

පහුගිය වතාවේත් මේ තරගාවලිය පැවැත්වුණේ ලංකාවේ. ඒ සඳහා සහභාගී වුනේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්තානය. නමුත් මෙවර තරගාවලියට රටවල් හයක් නියෝජනය කරමින් විශ්ව විද්‍යාල කණ්ඩායම් මෙහි පැමිණීමට නියමිතයි. එහි සමාරම්භය යයි කිව හැකි අවස්තාවක් ඊයේ දින කොල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකාව නියෝජනය කරන මොරටුව විශ්ව විද්‍යාල කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නැගී එන තරු දෙකක් වන දිනේෂ් චන්දිමාල් සහ ලහිරු තිරිමාන්න විසින් ලබා දෙන ලද උපදේශන සැසියත් සමගින්. බොහෝ ජනමාධ්‍යද මෙම අවස්තාව ආවරණය කිරීමට පැමිණ තිබුණා. මේ සඳහා වෙබ් සහ බ්ලොග් අඩවි පවතවාගෙන යන අයවද කැඳවා තිබුණා. බ්ලොග් වලින් ඒ සඳහා ආරාධනය කර තිබුනේ සුදීකට. 
මොරටුව කණ්ඩාමට පිතිකරණය පිලිබඳ දේශනයක් කරන ලහිරු තිරිමාන්න. පසුබිමේ දිනේෂ් චන්දිමාල් සමග සුහද පිළිසඳරක යෙදෙන පසුගිය වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා.

මෙහෙදී වෙබ්/බ්ලොග් මාධ්‍ය කණ්ඩායම සමග පැවැත්වූ සම්මුඛ සාකඡ්චාව එය පැවැත්වූ ආකාරයටම මෙහි සටහන් කරන්නම්

ප්‍රශ්නය(Colombo Campus Web Team) : People playing for the universities, what's the possibility of playing in the national level Cricket ? Are there any chances if they playing well ? 
පිළිතුර : Yeah, it is a good opportunity for all the campus students. Because you know in Sri Lanka you never know, if someone doing well in I mean in batting or bowling, now obviously right now they have a good chance to play in national level. So I think this is a great opportunity for students, I mean RedBull is doing a great job. So if they do well in the RedBull World Championship, I think they have a good chance to play, they have a good opportunity to play for Sri Lanka well. 

ප්‍රශ්නය(Colombo Campus Web Team) : Moratuwa Team playing at the final. Are you watching them from the beginning or watching the finals ?
පිළිතුර : I couldn't follow the tournament because of the national duties you know. I wasn't in the country for two and half months.But Irfam told me about the tournament. I think these students did well in the RedBull event.  






ප්‍රශ්නය(Colombo Campus Web Team) : Any idea to pick up the players to national level or SLPL? 
 පිළිතුර : Yeah, because of the format. I think it did in Twenty20 format. So it's great chance for the young guys. I think nowadays there are lot of chances to play in Sri Lanka level. You have SLPL you have Porvincial Tournament, you have Club Tournament. They can play for Club Cricket in the beginning. After that they can go through to play Sri Lanka Level.  



ප්‍රශ්නය(Colombo Campus Web Team) : Do you think T20 is a good format ? 


පිළිතුර : I mean players potential can't put into  one format. If they are talented they can play in any format. Yeah this is good opportunity. 




 ප්‍රශ්නය(Colombo Campus Web Team) : It is an overall idea that Test Cricket is the best. No people are playing T20 Cricket , adopted to the T20 Cricket. If you select a player from the T20 level, is it possible to gain a certain level ?

පිළිතුර : I don't think because you know, at the moment if you pick up a player from the T20 level to a Test level, I don't think he can play straight-a-way to to the Test Cricket. So you have to practice hard, if there are chances to play Club Cricketand Provincial Cricket you can develop your skills. So I don't trust in this T20 to Test Cricket straight-a-way but still they have a good chance to play Club Cricket and develop. 


 ඊට පස්සේ සුදීකත් ප්‍රශ්නයක් ඇහුවා. 

සුදීක : දැන් මේ ටුනමන්ට් එක තියෙනවනේ. මේක දෙවෙනි අවුරුද්දට කෙරීගෙන යන්නේ. මේ කෙරෙන විදියට, අපි දන්නවා ලංකාවේ ක්‍රිකටුයි අධ්‍යාපනයයි දෙකම එකට කරපු අය නෑ. හරියට කරපු අය එක්කෙනයි දෙන්නයි බොහොම කලාතුරකින්. ඔයාට වුනත් ගොඩක් මිස් වෙන්නැති ස්ටඩීස්. දැන් මේ ෆොර්මැට් එක යන විදියට කවුරු හරි පෙළඹෙන්න පුලුවන්ද ක්‍රිකටුයි අධ්‍යාපනයයි බැලන්ස් කරගෙන ඇවිල්ලා, අධ්‍යාපනෙත් කරන ගමන් ශ්‍රී ලංකා ටීම් එකට එන්න ?
පිළිතුර : ඔව් මං හිතන්නේ මේක ලොකු අවස්ථාවක්. මොකද දැන් අපි ක්‍රිකට් ගහන කාලේ විශේෂයෙන් මම උදාහරණයකට ගත්තොත්, මට ගොඩක් ඒග්සෑම්ස්  මිස් වුණා. ඉතිං මං ඕ ලෙවල් කල්ලා, මමත් ඒ හතයි බී තුනයි ඊට පස්සේ ඒ ලෙවල්ස් වලට ගියා. මං  ආසයි ඉගෙන ගන්න. හැබැයි ක්‍රිකට් හිංදා - අන්ඩර් නයින්ටීන් වර්ල්ඩ් කප් තිබ්බා. ඉතිං ගොඩක් මිස් වුනා. මේගොල්ලන්ට ඇවිල්ල තියෙන්නේ ලොකු චාන්ස් එකක්. දැන් අපි වුනත් ආසයි ඉස්කෝලේ යන කාලේ කැම්පස් එකට යන්න. නැෂනල් ක්‍රිකට් ගහන්න. ඉතිං මේගොල්ලෝ ගිය මාවතේ ගොඩක් ඉදිරියට ගිහිල්ල තියෙනවා. කැම්පස් එකට ගිහිල්ල තියෙනවා. දැන් මේගොල්ලන්ට තියෙන්නේ, මේගොල්ලන්ට තව චාන්ස් එකක් ඇවිල්ල තියෙනවා ක්‍රිකට් වලින් ඉස්සරහට යන්න. ඉතිං මම හිතනෝ මේගොල්ලන්ට දෙකම බැලන්ස් කරගෙන යන්න පුළුවන් නං මේක ලොකු චාන්ස් එකක් කියලා මොකද රටට උගත් ක්‍රිකටර්ස්ලා ටිකක් බිහි වෙයි කියලා විශ්වාසයක් තියෙනවා ඉදිරියට.
ආයෙමත් කලම්බු කැම්පස් නියෝජිතයා ප්‍රශ්න කළා
  ප්‍රශ්නය(Colombo Campus Web Team) : When you start play Test Cricket you were an opener. Then you came again for the Test Cricket as a two down or three down player. Is it much more easier to play in the middle order than playing as an opener. Because in the time around  five years there won't be first three players around. If you like to adopt for the middle order ?
පිළිතුර : Yeah. That's right. It's all about you have to have self belief. I mean  you have to have your mindset correct. Because you know if you ask to open in next matches I have to open. So it's all about in the mindset. You have to change it quickly. So you can go a long way.

දේශණය කරන අතරතුර.

කෙටි දේශන අතරතුර

චන්දිමාල් ක්‍රීඩකයෙක් හා පිළිසඳරක.


පහරක් එල්ල කරන ආකාරය ප්‍රදර්ශණය කරමින්.
 අද රාත්‍රී 08.30 ට තිබෙනවා තවත් විශේෂ අවස්තාවක්. ඒ මේ නවක තරු දෙදෙනා සමග Google Hangout  සැසියක්. මෙහිදී සුදීකගේ ප්‍රශ්නයකටත් පිළිතුරු දීමට නියමිතයි. මේ සඳහා සජීවීව සම්බන්ද වෙන්න ඔබටත් අවස්ථාවක් තිබෙනවා. නමුත් ප්‍රශ්ණ ඇසීමට නොහැකියි. සිදු වන දේ නරඹන්න පුළුවන්.


24 comments:

  1. ඇත්තටම මේක හොඳ අවස්ථාවක් නවක ක්‍රීඩකයන්ට!!

    ReplyDelete
    Replies
    1. ඔව් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගන වල ක්‍රීඩා කරන්න ලැබීමත් භාග්‍යයක්.

      Delete
  2. මේක නම් හොඳට කියවලාම කමෙන්ට් කරන්ට ඕනි. :D

    ReplyDelete
  3. tharaga kirima thula thamai dakshatha athi kridakain bihi wanne.ema nisa hoda awasthawak.ey wagema obath suba pathanawa'

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. අද මොකද මේ ඉංග්‍රීසියෙන්?

      Delete
    2. කර්යාලයේ ඉන්න වේලාවට මම සාමාන්‍යෙයන් පුද්ගලික දේ සඳහා අන්තර් ජාලය භාවිතා කරන්නේ නැ.ඒත් සමහරක් වේලාවට මොනව හරි හොයන්න යන කොට මේ පැත්තට එනවා.අපේ කර්යාල පරිඝනකයේ සිංහල සොෆ්ට්වේයා එක නැ අයියේ.

      Delete
  4. මම මේල් එකක් දැම්මා... බලමු චෑන්ස් එකක් එයිද කියලා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් අද රෑට හමු වෙමු.

      Delete
  5. මම නම් ක්‍රිකට් වලට වැඩි කැමැත්තක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මට නම් ක්‍රිකට් කිව්වොත් ඉතිං.

      Delete
  6. ගගගගගගග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර්........... අයෙත් ක්‍රිකට් පොස්ටුමයි.....:(

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් ඉස් ලයිෆ්.

      Delete
  7. 20 20 පරාද උනාට පස්සෙ නම් මම මැච් බැලුවෙම නෑ..මම මැච් පිස්සියක්.අපේ ගෙදර අයියා ඇරෙන්න අම්මා , තාත්තා ,අක්කා මම හතර දෙනාම එහෙමයි.ආ අපේ තාත්තා නම් හෙනම ක්‍රිකට් පිස්සෙක්.ඒ විතරක් නෙවෙයි පලාතෙම තියෙන ක්‍රිකට් තරග වල අම්පයාර් විදියටත් යනවා ඒ කාලේ

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් පිස්සියක් නම් ටීම් එකක් පැරදුනාට මැච් බලන එක අත අරින්නේ නෑ. :)

      Delete
  8. දැන් ඔබ නියම ක්‍රීඩා මාධ්‍යවේදියකු ගේ ලක්ෂණ පෙන්නුම් කරමින් යනවා. සුබ පැතුම් සුදීක.

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි කෙනෙකුගේ එවැනි රෙකමදාරුවක් ලැබීම සතුටට කරුණක්.

      Delete
  9. බොහොම ස්තුතියි.

    ReplyDelete
  10. සුදීක අයියන්ඩිය මල කෙලියකි වී ඇත්තේ.

    cricket කොතනද සුදීක එතන,
    සුදීක කොතනද ඇවිද්ද පය එතන,
    ඇවිද්ද පය කොතනද අපි එතන,
    (දන්නෙම නැතුව)
    cricket කොතනද අපි එතන. :o

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් ඉතිහාසයටම ලැබුණු හොඳම කමෙන්ට් වලින් එකක්.

      Delete
  11. ක්‍රිකට් නම් මටත් අරහං අප්පා . . .

    ReplyDelete
  12. තවම බැරි වුනානේ ලෙදර් බෝලෙකට බැට් එකකින් තට්ටුවක් දාන්න.

    ReplyDelete
  13. මමත් හරියට ක්‍රිකට් ගැහුවේ සිංගප්පූරු වල ඉද්දි එහේ යුනි එකට එහේ ඉතින් ක්‍රිකට් ගහන්නේ සවුත් ඒසියන් අය තමා

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...