Sunday, March 31, 2013

බඩ අඩු කර ගන්න කැමතිද ?

බ්ලොග් ලියන අපේ තරියා, ඒ කියන්නේ තරිඳු අබේසිංහ මේ දවස් වල ඇඟ අඩු කර ගන්න පුදුම උත්සාහයක යෙදෙනවා කියලා එයත් එක්ක ෆේස්බුක් එකෙන් එකතු වෙලා ඉන්න කවුරුත් දන්නවා. බඩ අඩු කර ගන්න නම් කෙනෙකුට අන්න ඒ වගේ උනන්දුවක් ඇති වෙන්න ඕනේ. ඉතින් දවසක් චැට් කර ගමන් තරියා මගෙන් ඇහුවා බඩ අඩු කර ගන්න මොනවද කරන්න ඕනේ කියලා. මම කිව්වා ඕක වචනෙකින් දෙකකින් විස්තර කරන්න බෑ. මම පොස්ට් එකක් දානම් කියලා. තරියටත් මේක අමතක වෙලාද මන්දා ? ඇහුවේ නෑ ඊට පස්සේ. මටත් අමතක වුනා. 

මටත් මේ කාලේ ශාරීරික ව්‍යායාම කරන්න බැරි වුණා. අද උදේ කාලෙකට පස්සේ කරන්න හිතුනා. ඒ වගේම මගේ දුවත් නැගිටලා හිටියා. එයාට පින්තුර ගන්න ඕන විදිය කියා දීලා මම පටන් ගත්තා. ආ එක දෙයක් කියන්න තියෙනවා. මේවා කරන්න කලින් ඇඟ උණුසුම් කරන (Warm Up) ව්‍යායාම කරන්න ඕනේ. මතකනේ තරියා ගම්පහදී ඇඟ උණුසුම් කරගන්න කියල ස්ලෝ මෝෂන් එකේ ආව විදිය.


මේ ව්‍යායාමය හැම කෙනෙක්ම දන්නවා ඇති. කුඩා කාලේ කරලත් ඇති. මේක මම කරන්නේ ටිකක් වෙනස් විදියයකට. මෙතනදී තමන්ගේ පස්ස පැත්ත විතරයි බිම තියෙන්නේ. හිස සහ පපුව කොටසත් අඟල් හයක් විතර උස්සනවා. අමාරු නම් මුලින් පිට බිම ගාවගෙන ඉන්න.  දෙපා එකිනෙක ලං කරලා(පාදයේ සිට ඉහලට තද කරගෙන) පින්තුරයේ පේන ආකාරයට දෑත් හිස මත තබාගෙන, දෙපා අඟල් හයක් විතර උසින් තබාගන්න ඕනේ. විනාඩියක් ඉන්න පුළුවන් වෙනකොට ඔයාලගේ බඩ අඩු වෙලා තියෙන්න ඕනේ. හැබැයි මේ ව්‍යායාම කරත්දී තමන්ව රවටගෙන වැඩක් නෑ. හරියට කරන්න ඕනේ. හිත අරෙහෙ-මෙහෙ යවන්නේ නැතිව බඩටම යොමු කරන්න ඕනේ. මුලින් නම් තප්පර දහයක් හිටියත් ඇති ක්‍රමයෙන් දරාගන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙයි. හැබැයි දිනපතාම කරනවා නම් තමයි හොඳ. අඩුම ගානේ එකදිගට දවස් හතරක් වත්. ඉතාම වැදගත් දේ තමයි දනිස් වලින් දෙපා නවන්නේ නැතිව ඉන්න ඕනේ.


දෑත් හිස මත තබාගෙන ඉන්න අමාරු නම් මේ විදියට ඉන්න. 


යෝග ව්‍යායාමත් මේ අතරට කරන්න මම එක්තරා කාලයකදී පුරුදු වුනා. මේ කරන එක ඔයාලට තේරෙනවනේ. යටිපතුල් දෙක එකිනෙක තදකරලා දෑතින් පුලුවන් තරම් ලං කර ගන්න ඉකිලි ප්‍රදේශයට.  පිට කොන්ද සෘජුව තබාගෙන හිස මදක් උස්සලා සාමාන්‍ය විදියට හුස්ම ගන්න. මේකෙන් හුඟාක් අසනීප හොඳ වන බව පිලි ගන්නවා. විශේෂයෙන්ම කාන්තාවන්ට හුඟාක් හොඳ එකක්. 


 ඊළඟ ව්‍යායාමය පහසු එකක්. පලවෙනි එකේදී වගේ දෙපා අඟල් හතරක් විතර උස්සගෙන එකක් ඉහළටත් එකක් පහළටත් යවන්න ඕනේ. පුළුවන් තරම් වෙලා කරන්න. බඩ ටිකක් රිදෙයි ගණන් ගන්න එපා.
 බඩට එක දිගට ව්‍යායාම කලොත් බඩේ මස් පිඩු පෙරේලෙන්න පුළුවන්. ඒ අතරට කරන තවත් ව්‍යායාමයක් තමයි මේක. මේ වෙලාවේදී බඩ සැහැල්ලු(Relax) කරගෙන කරන්න. නැත්තම් අමාරු වෙයි. කකුලේ ඇතුල් ප්‍රදේශයේ තිබෙන පේශි වලට මේකෙන් හොඳ ශක්තියක් ලැබෙනවා. පුළුවන් තරම් වෙලා ඉන්න සාමාන්‍ය විදියට හුස්ම ගන්න. දිග අරින කකුලේ ඉහලටම අනිත් කකුල නවලා මේ පේන ආකාරයට තබාගන්න. නවාපු කකුලට බර දීල ඉන්න. 

 මේ තුන්වෙනි එක. මේකෙදී දෙපාඅඩියක් විතර උස්සලා පහල පින්තුරේ විදියට චලනය කරන්න. පුළුවන් තරම් වෙලා කරන්න. මේකේ වීඩියෝ එකක් ගන්න තිබුනම් තමයි හොඳ. කාට හරි පැහැදිලි නැතිනම් එකක් අරන් දාන්නම්.
පින්තුරය ගත්තේ : careertalk.ou.edu


මේකෙන් මට හිතෙන්නේ කලින් වතාවේ නොපෙනෙන නවන පාදය තබාගන්න ඕනේ අකාරය පේනවා. මෙහෙම පුළුවන් තරම් වෙලා ඉන්න. මමත් කාලෙකින් කරන නිසා ටිකක් ඇඟ හොර වෙලා. වම් ඇත තව අඟල් හතරක් විතර ඉදිරියෙන් තියලා තව පොඩ්ඩක් නැවෙන්න පුළුවන් නම හොඳයි. 

අනිත් ඒවාට මම වීඩියෝම  ගන්න හිතුවා. මේකෙන් තව එක දෙයක් මම ඉගෙන ගත්තා. ඒ මොබයිල් එකෙන් වීඩියෝ එඩිට් කරන්න. මගේ දුව තවත් දිගට මේවා අරන් තිබුණා. අනික එකම දේ මම කරපු මුළු කාලයයම දැම්මොත් ඔයාලගේ දත්ත ප්‍රමාණයට තමයි තට්ටු වෙන්නේ. 




මේක ගැන වැඩි විස්තරයක් කරන්න අවශ්‍ය නෑ. මෙහෙම කරන්න පහසු වෙන්නේ දෑත් මත ඔබේ පසුපස කොටස තබන්න ඕනේ. නැත්නම් එහා මෙහා යනවා. අනිත් එක බඩට දැනෙන ප්‍රමාණයත් අඩු කර ගන්න පුළුවන්.  මම මේක 15 වතාවක් විතර කරනවා. එය හොඳ ගණනක්. මුලින්ම අමාරු නම් 5කින් හරි පටන් ගන්න. 




මේ එකේම අනිත් පැත්ත මෙතදී වඩාත්ම හොඳ දනිස් වලින් දෙපා නොනමා මේ ව්‍යායාමයේ යෙදෙනවානම්. ඒත් මේ දවස් වල මගේ ශරීරයේත් බර වැඩි නිසා පොඩ්ඩක් දනිස් වලින් නැවෙනවා.  මම මේක 15 වතාවක් විතර කරනවා. එය හොඳ ගණනක්. මුලින්ම අමාරු නම් 5කින් හරි පටන් ගන්න. 

මේක තමයි බඩට හොඳටම දැනෙන ව්‍යායාමය. පුළුවන්තරම් වේගය අඩු කරමින් තමයි මේක කරන්න ඕනේ. මම මේක 15 වතාවක් විතර කරනවා. එය හොඳ ගණනක්. මුලින්ම අමාරු නම් 5කින් හරි පටන් ගන්න. 

මේ ව්‍යායාම දෙකක් අතර තප්පර 30 කට වඩා විවේක (Rest) ගන්න එපා. 

මේ සේරම වැඩ ටික කරේ Nokia N8 කියන මගේ ජංගම දුරකතනයෙන්. එහි HD වීඩියෝ රේකොඩින් සහ 12mp කැමරා එකක් තිබෙනවා. මේ තරම් පැහැදිලිව ඡායාරුප ගන්න පුළුවන් වුනේ ඒ නිසා. 

මේ තියෙන්නේ පහසුවෙන්ම කර ගන්න පුළුවන්, ඉතාම මුලික මට්ටමේ ව්‍යායාම ටිකක්. තව අමාරු ඒවා තියෙනවා. ඔබේ දෙපා වලින් ඔබේ නම ලියනවා වගේ ඒවත් පුළුවන් නම් කරන්න. 

මතක තබා ගන්න මේ ව්‍යායාම කල පසු මද වෙලාවක් විවේක ගන්න. ඔබේ ශරීරයේ උෂ්ණත්වය තිබෙන විට ඇඟ සේදීම කරන්න හොඳ නෑ. 

Friday, March 29, 2013

බණ්ඩාරවෙල නගරයේ තිබෙන හොඳම පවුලේ අවන්හල(Family Restaurant)

මම ක්‍රීඩා කරන්නේ ඒ වගේම කළමනාකරු හැටියට යන්නේ ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩායම් එක්ක කියලා ඔබ දන්නවා. ඔබ නොදන්නා තව කරුණක් තමයි මම කුඩා කාලයේ ක්‍රිකට් වලට වගේම පාපන්දු වලටත් දක්ෂයි. ඒ වගේම නරඹන්නත් කැමතිම ක්‍රීඩාවක්. සමහරවිට ක්‍රිකට් තරග තියෙන වෙලාවටත් මම පාපන්දු තරග නරඹනවා. අන්න ඒ වගේ අවස්ථාවක තමයි මහේල ජයවර්ධනත් සමග එකම බැංකුවේවාඩිවෙලා වර්ල්ඩ් කප් බැලුවේ

මම තවත් ආස කරන දෙයක් තමයි විවිධා රසයන්ගෙන් ආහාර පාන සපයන භෝජනාගාර වලින් කෑම කන්න. කවුද ඉතිං අකමැති. නේද ? මේ ආසාව වඩාත් තීව්‍ර කලේ මම මේ දවස් වල නරඹන රුපවාහිනි නාලිකා දෙකක් වන TravelXP HD සහ FoxTraveller. ඒවායේ කෑම හදන ක්‍රම පවා පෙන්වනවා. හැබැයි මේවයේ පෙන්වන්නේ ලෝකයේම තියෙන ඒවා. කලාතුරකින් ලංකාවේ ඒවත් පෙන්වනවා. 

ලංකාවේ භෝජනාගාර ගැන දැන ගන්න තියෙන හොඳම තැන තමයි යමු ඩොට් එල්කේ. ඔවුන් කොළඹ පුරා තිබෙන අවන්හල්, බාර්, භෝජනාගාර ආවරණය කරමින් යනවා. බොහෝ විට ඉතා හොඳ අපක්ෂපාතී අදහස් දැක්වීම් එතන තියෙනවා. නමුත් උඩින් කියපු නාලිකා දෙකේදී ඕනෑම කෑමක් රසයි කියලා තමයි එයාලා පෙන්වන්නේ. ඒකට විතරයි මම පොඩ්ඩක් අකමැති.

මටත් ඒ වගේ අත්දැකීමක් ලැබුණා පාපන්දු කණ්ඩායමත් එක්ක බණ්ඩාරවෙල නගරයේ තිබුණ තරගාවලියකට ගිය වෙලාවේ. අපි මාර්තු 23,24,25 කියන දවස් තුනේම හිටියේ බණ්ඩාරවෙල. එහි තිබෙන බොහොමයක් අවන්හල් සහ භෝජනාගාර වලින් අපි ආහාර ගත්තා. නමුත් අවසාන දිනයේ අපත් සමග ගිය එක් කණ්ඩායමක් ශුරතාව දිනා ගැනීම නිසා අපට අවශ්‍ය වුණා මේ ජයග්‍රහණය සමරන්න හොඳ තැනක්. ඒ පළාතේ ජීවත් වෙන අපේ හිතවතෙක් වන බන්දුසිරි මහතාගෙන් අපි ඒ ගැන විමසා සිටියා ඔහු කිව්වා බණ්ඩාරවෙල පොලීසිය ඉදිරිපිට ඉතා හොඳ චයිනීස් අවන්හලක් තිබෙන බව. මේ වෙනකොට අනිත් තැන් වලින් අපි ආහාර ගෙන තිබුන නිසා අපිටත් හිතුන මෙතනට යන්න. එකේ නම කමුකෝ.  ඔය තියෙන ලින්ක් එකෙන් ගියාම වැඩිපුර විස්තර දැන ගන්න පුලුවන්. 

එය තනිකරම කළු-සුදු සහ රතු යන වර්ණ තුන යොදාගෙන ඉතා අලංකාරව නිමවා තිබෙන, පිරිසිදු එකක්. අපට ඔවුන් ලබා දුන්නේ දෙවන මහලේ තිබෙන කණ්ඩායමකට එකට හින්ද අහාර/පාන ගන්න පුළුවන් කාමරයක්. පින්තුර ටික බලලම හිතා ගන්නකො. එතන Wi-Fi ඝර්ම කලාපයක්(මෙය hotspot කියන වචනයට හඳුන්වාදෙන වචනයකි) නිසා ඔබට අවශ්‍ය නම් ඔබේ අන්තර්ජාල පරිහරණයත් එතනම කරන්න පුළුවන්. ඒ වගේම ලෝක ප්‍රසිද්ධ ට්‍රිප් ඇඩ්වයිසර් මගින් හඳුනා ගත් තැනක්. ඒ කියන්නේ ඒ හරහා විදෙස් සංචාරකයන් ඔවුන් සොයා එනවා. මම ගත්ත පින්තුර ටික බලන්න. 



මේ කළු වැඩි ඇතුලත අලංකරණය නිසා මෙතනට ලස්සනක් එකතු වෙන ගමන්ම එහි ආලෝකය අඩු ගතියක් තියෙනවා. ඉතිං අවන්හලක රාත්‍රියේදී කොහොමත් වැඩි එළියක් එකතු කරන්නේ නැති නිසා ප්‍රශනයක් නා.


 එම ඇතුලත අලංකරණ ශිල්පියා කවුරුන් වුනත් ඉතාම නිර්මාණශීලී කෙනෙක් බව මේ චිත්‍ර වලින් සහ කළු තේමාවෙන් පැහැදිලි වනවා.


 ඔවුන් මෙහි පිරිනමනු ලබන අහාර වර්ග වල විස්තර බිත්ති මත පින්තාරු කර තිබෙනවා. පසෙකින් තියෙන්නේ බිත්තිය මත ඇවිද ගියාක් මෙන් සපත්තු අඩියක් ආධාරයෙන් කරපු ලස්සන සැරසිල්ලක්. ඔවුන් සැබවින්ම තායි, චීන, සිංගප්පුරු, මැලේසියන් ආහාර වට්ටෝරු ඒ අකාරයෙන්ම පිළියෙළ කරනවා.


අලංකරණ ශිල්පියා තම අත්ලේ සලකුණු බිත්තියට එකතු කරලා තියෙන්නේ එහි අනන්‍යතාව රැක ගන්නද නැතිනම් සැබවින්ම අලංකාරනයටද ? හැබැයි එක දෙයක් ඔහු කවුද කියල හොයා ගන්න මේ මුද්‍රණ වලින් පහසු වෙනවා. :)


ඔවුන්ගේ වෙබ් අඩවියේ ලිපිනය, ෆේස්බුක් කණ්ඩායමේ සබැඳියාව, ඔවුන් එකතු වී තිබෙන අන්තර්ජාතික  නාමාවලි ගැනත් සටහනක් තබන්න ඔවුන් අමතක කර නෑ.


මේක තමයි එයාලගේ ලාංචනය. ඉතාම චාම් ඒ වගේම පැහැදිලි එකක්.




දුම් දමන (සිස්ලින්) වර්ගයේ අහාරත් ඔවුන්ගේ මෙනූපතේ තිබෙනවා. එය ඔබගේ දෑස්-දෙසවන් පිනවන තවත් අංගයක්.


මේ ඉන්නේ අපේ වීරයා, බ්‍රයන් වීරප්පුලි, අපේ කණ්ඩායමේ ඉන්න ජාතික මට්ටමේ පාපන්දු ක්‍රීඩකය. ඔහු දොන් බොස්කෝ කණ්ඩායමට ක්‍රීඩා කරන්නේ. පසුගිය ප්‍රීමියර් ලීග් අවසන් තරග කිහිපයකම ක්‍රීඩා කළා. ඔහු තම හිස මත පාපන්දුව වගේම වීදුරුවත් සමබර කරන්න දක්ෂයි. මා මීට කලින් ඔහු ගැන ලියූ සටහන බලන්න.

ඉතිං කමුකෝ කියනේ වචයේ පරිසමාප්ත අර්ථයෙන්ම රස නහර පිනවන ස්ථානයක්. එහි මිල ගණනුත් සාධාරණයි. බිල්පත කාර්යාලයේ නිසා දැන් මිල ගණන් ගැන සටහන් කරන්න ක්‍රමයක් නෑ. කමෙන්ට් එකක් ලෙස පසුව එකතු කරන්නම්.

මෙන්න මිල ගණන්

සිස්ලින් බීෆ් විත් බ්ලැක් පෙපර් සෝස් 595+59.50
සිසුවන් ස්ටයිල් චිලී චිකන්   450+45
ෂැන්හයි ස්ටයිල් චිකන් ෆ්‍රයිඩ් නූඩ්ල්ස් 410+41 (දෙදෙනෙකුට සෑහේ)
මැලේසියන් ස්ටයිල් ෆ්‍රයිඩ් රයිස් 390+39 (දෙදෙනෙකුට සෑහේ)
මික්ස් වෙජිටබල්ස් ඉන් සෝයා සෝස් 320+32
කමුකෝ ස්ටයි ඩෙවල්ඩ් චිකන් 450+45

සමුහයක් කෑම ගත්තම ගොඩක් වාසියි කියලයි මට හිතෙන්නේ අපේ එක් අයෙකුගේ වියදම රුපියල් 315 වගේ වෙලා තිබුණා.

මෙහි තිබෙන එක අඩුපාඩුවක් තමයි වායුසමන යන්ත්‍ර සවි කර නොතිබීම. බණ්ඩාරවෙලට මොන ඒ.සීද ?  :)

පහල මාලයේ චායාරුප ගන්න බැරි වුණා. ඒවා බලන්න පුළුවන් ඔවුන්ගේ වෙබ් අඩවියෙන්. 

Thursday, March 28, 2013

අංක එකේ කැබ් සේවාවේ තුට්ටු දෙකේ සේවය ....


සතියකට දවස් තුනක් හෝ දෙකක් මට රාත්‍රී 7.45 දක්වා සේවය කරන්නට සිදු වෙනවා. එවැනි දින වලට අපට ප්‍රවාහනය සපයන්නේ ලංකාවේ අංක එකේ කැබ් සේවාව යයි බොහෝ දෙනා පිළිගන්නා, ලංකාවට කැබ් සේවාව හඳුවාදුන් 2688688 ආයතනයෙන්. මා සේවය කරන ආයතනයෙන් ප්‍රවාහනය නොලැබෙන්නේ මන්දැයි ඔබට සිතෙන්නට පුළුවන්. එයට හේතුව මෙවැනි සේවාවක කිලෝමීටරයක් සඳහා වන ගාස්තුව සේවාස්ථානයේ ගාස්තුවෙන් හරි අඩකට කිට්ටු අගයක් වීමයි. එය බැංකුවට සිම්පල් ප්ලෑන් එකකි. මුල් කාලයේ අපද එය මහත් කැමැත්තෙන් භාවිතා කළා. නමුත් එම ආයතනයේ සේවාව එන්න එන්නම පහත වැටෙන බව අපට දවසින් දවසම පැහැදිලි වූ කාරණයක්.

අප පමා වනතුරු සේවය කරන්නේ දැඩි කැමැත්තකින් නොවේ. ඒඅපටද දරු මල්ලන් සිටින නිසා. එවැනි දිනක නිවසට දිව යන්නේ මිටින් මුදා හැරි කුරුල්ලන් මෙන්. මේ නිසා   පිටත් වන්නට බොහෝ කලින් කැබ් රථයක් වෙන් කරවා ගැනීම අපේ සිරිතක්.(නමුත් මේ මාසයේ පමණක් අප රාත්‍රී 08.30 දක්වා සේවය කලේ විශේෂ කාර්යයක් සඳහා. එය ඊයෙන් නිමා වූ බව දැන ගත්තා) ඒ කවුරුත් නැති මේ පාලු මන්දිරයේ තවත් මොහොතක් හෝ රැදී නොසිට ගෙදර දුවන්නයි. ඒවා කෙසේ වෙතත් සේවාවක් සපයන ආයතන තමන්ගේ කොටස හරියාකාරව ඉටු කල යුතුයි. ඊයේ රාත්‍රියේ මා මුහුණ දුන් අමිහිරි අත්දැකීම ප්‍රථම වතාවට සිදු වුවක් නොවේ. මා මේ සේවාව ලබා ගන්නා අවුරුදු 06 ක කාලය තුල පැයකට වඩා පසුකර රථයක් ලබා දුන අවස්ථා අඩුම ගන්නේ 100 වත් ඇත. මෙවැනි සෑම අවස්ථාවකම පාලු යෝර්ක් වීදියේ සිට පුද්ගලික ජංගම දුරකථනයෙන් ඔවුන්ට බැන වැදීම මගේ සිරිතයි.  පාඩුව මටමයි. එහෙහ්ත් කිසිම දවසක වැරදි නිවැරදි කර ගන්නා ආකාරයක් නොපෙනේ. ඒ වුනාට අපි මුදල් ගෙවලා ලබා ගන්න සේවාවක් නිසා "මුදලට සරිලන වටිනාකම"(value for money) තිබිය යුතුයි.

ඊයේ රාත්‍රී 07.45 ට කැබ් රථයක් අවශ්‍ය බව මම දැනුම් දුන්නා, එහෙම ඇමතුමක් ගන්න හැම වතාවකම අවශ්‍ය ස්ථානය, වෙලාව, නම(දැන් දන්නවා), දුරකථන අංකය සටහන් කර ගන්නවා (මේක කොයි තරම් වරදක්ද, 588 එකට එක වතාවක් ඇමතුවාම ඔවුන්ගේ පරිඝනක පද්දතියේ සටහන් කර ගන්නවා. පසුව අමතන සෑම අවස්ථාවකම අපේ නමින් අමතන්න එය ඉවහල් වෙනවා. අඩුම ගන්නේ ත්‍රී වීල් ලංකා ආයතනයත් මේ ක්‍රමය භාවිතා කරනවා. 588 සමාගම දැන් ලබාදෙන රියදුරුගේ අංකය ඇතුළු විස්තර ගොඩක් කෙටි පණිවුඩයක් ලෙස අපට එවනවා). මේක හරියට ඉන්දියාව අපිට කලින් රුපවාහිනි විකාශණය පටන් ගත්ත නිසා මෑතක් වනතුරු බොහෝ ප්‍රදේශ වල කළු-සුදු විකාශන තිබුණා වගේ. ලංකාව පටන් ගත්තෙම වර්ණ නිසා පහසු වුණා.

මම රාත්‍රී 08.00 දෙවන ඇමතුම ලබා දුන්නා. එවිට පැවසුවා "සර්ගේ වාහනය පිටත් වෙලා තියෙන්නේ තව විනාඩි දෙක තුනකින් ඔතනට එයි කියලා" ඔය කතාව හොඳටම දන්නා නිසා මම රියදුරුගේ අංකය ඉල්ලා සිටියා. එවිට "මම ඩ්‍රයිවර්ට කියන්නම් සර්ට කෝල් කරන්න කියලා". ඉතිං මම 08.15 ට කාර්යාලය වසා පාරට ආවා. එහෙත් වාහනය නෑ. තුන්වන ඇමතුම ගෙන ටිකක් තදින් කතා කළා

"කෝ මගේ කැබ් එක"

"සර් එවලා තියෙන්නේ, පෑලියගොඩ ඉඳන් එන්නේ දැන් ළඟ එනවා ඇති"

"මම අටට කතා කලාමත් කිව්වේ ඕකමනේ. බොරු කරන්න එපා එවන්න වාහන නැත්නම් කලින් කියන්න තිබ්බා"

"නෑ සර් අද පොඩ්ඩක් හයර් වැඩි වුණා." (හැමදාම දෙන උත්තරේ)

"ඉතිං කලින් කියන්න තිබ්බනේ."

මම දුරකථනය විසන්ධි කළා. මේ වනවිට මම ඉන්නා තැනට කොහෙන්දෝ ආ කාරයක් නැවතුවා. මා විමසිල්ලෙන් හිටියා. එය ඇලියන් වර්ගයේ එකක්. මේ සේවාවට එවැනි කාර් නැති බව දන්නා නිසා එය වෙනත් කාරයක් බව වැටහුණා. තවත් ජීප් රථයක් ඊට මෙහායින් නැවැත්තුවේ එහි ප්‍රධාන ලාම්පු දල්වාගෙනම. මට එලෝ කෝටියට තද වුණා. ලයිට් ඩිම් කරන්නවත් ඒ නරුමයා කාරුණික නොවූ හැටි. තවත් විනාඩියකින් පමණ ඔහු පිටත් වුණා. මේ මොහොතේ මට මතක් වුණා මගේ කොණ්ඩය කපා ගන්න තිබෙන බව. රාත්‍රී 9.00 පෙර පැමිණියහොත් පුළුවන් බව නිවාස අසල සැලුන් මිතුරා පවසා සිටියා. මා එන්න පොරොන්දු වුනා. 

රාත්‍රී 8.25 ට 688 එකට අයිති නිල් පාට ප්‍රියස් වර්ගයේ රථයක් එතනින් ගමන් කරනවා දැක යලිත් (කිසිදු ලැජ්ජාවකින් තොරව) ඔවුන් ඇමතුවා. 

"හලෝ මේ දැන් හිස් නිල් පාට ප්‍රියස් එකක් මෙතනින් ගියා. තමුසෙලාට අපිට දෙන්න තමයි වාහන නැත්තේ"

"ආහ් නෑ සර් ඒ ෆොර්ට් HSBC එකට යන එක" එය අසා මට නැවතත් එලෝ කෝටියට තද වුණා.

"මේ ඕයි අපි ගෙවන්නේ සල්ලි නෙවෙයිද? හරි මට කියනවා මම කැබ් එක ඔර්ඩර් කරේ කීයටද ?"

"07.44 ට"

"දැන් වෙලාව කීයද ?"

"සර් අද පොඩි ප්‍රශ්නයක් සර්. "

"මේ හලෝ මම අහපු එකට උත්තර දෙනවා. දැන් වෙලාව කීයද ?"

"08.25 යි සර්"

"දැන් තමුසෙලාට 07.44 ට ඔර්ඩර් එකක් දුන්නම් 08.25 ටත් එවන්න බැරි නම් ඔය කැබ් සර්විස් එකේ ඇති වැඩේ මොකක්ද ? මම දන්නවා ඕක වැහිලා යන බව. මම බාලගෙන ඉන්නෙත් ඕක වැහිලා යනකම්. එතකොට හරි මිනිහෙකුට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. තමුසෙලා ගාව දැන් තියෙන්න කාර් 26ක් බවත් මම දන්නවා"

මගේ ඊළඟ ඇමතුමට ඔවුන් පිළිතුරු දුන්නේ නෑ. ඒත් මා සතුව තිබෙන අනිත් අංකයෙන් ඇමතුමක් ලබාගෙන නැවතත් ඔවුන්ට බැණ වැදුනා.

"මේ හලෝ තමුසෙලාට මේක විහිලුවක්ද ? මම මෙතන පාරට වෙලා බලන් ඉන්නවා පැයකට කිට්ටුව. කරුණාකරලා මට කියන්න පුලුවන්ද වාහනය එවන්න පුලුවන්ද කියලා"

උත්තර නැත. 

"තමුසෙලාට ඕක තේරෙයි කවදා හරි ඕක වැහිලා ගිය දාකට"

"වෙරි සොරි සර්"

මම ඊළඟ ඇමතුම ගත්තේ ලක්සලේ සේවය කරන සහෘද්ධ බ්ලොග් කරු සාගරට

"මචං 688 එකට කෝල් එකක් අරන් කැබ් එකක් ඉල්ලපන්. මොකක්ද කියන්නේ කියල මට කියපං"

මොහොතකින් සාගරගෙන් ඇමතුමක්

"මචං උන්ට කාර් එකක් එවන්න තව පැය භාගයක් වත් යනවා කිව්වා"

ඔවුහ් කරන ප්‍රෝඩාව අනාවරණය කරගන්නවත් සමගම වේගයෙන් ආ කැබ් රථයක් මා ඉදිරියේ නැවතිණි. ඔහු මා දන්නා කෙනෙකි. 

"ඔයාට කීයටද මේ හයර් එක දුන්නේ"

"දැන් විනාඩි 10ක් ඇති. පෑලියගොඩ ඉඳන් ආවේ. ඩබල් එකේ එන්න කිව්වා."

මම නැවතත් දුරකථන ඇමතුමක් ගෙන

"මේ හලෝ තමුසෙලා කරන බොරුව මාට්ටුනේ. බලනවා ඩ්‍රයිවර්ට මේ හයර් එක දීලා විනාඩි දහයයි. තමුසෙලාට ඕක කරගෙන යන්න බැරිනම් වහලා දානවා"

මම යන ගමන් කූල් ඩවුන් වීමට උත්සාහ ගතිමි. 

"මට 9.00 ට ගෙවල් ලඟට යන්න ඕනේ" එසේ පවසා මා නැවතත් සැලෝන් එකේ රොහාන් අමතා තව විනාඩි පහකින් පැමිණිය හැකි බව දන්වා සිටියා. මේ වනවින මා සිටියේ වැල්ලවත්තේ. 

"හරියට විනාඩි පහකින් එන්න පුලුවන්නම් ඉන්නම්"

රාත්‍රී 9.10 වනවිට එතනට යන්නට ඒ රියදුරු මහතා සමත් වුණා. වෙනත් රියදුරන්ගෙන් අසා දැන ගත් පරිදි මෙම ආයතනයේ අයිතිකරුවන් මෙය ජොලියට කරන ව්‍යාපාරයකි. ඔවුන්ට ඇති පදමට මුදල් ඇත. ඔවුන් කරන්නේ අලුත් වාහන කිහිපයක් ගෙන්වා. ඇති පාදම් දුවා වෙන්දේසි කිරීමයි. මෙවර දළදා මාලිගාවේ කටිනයට රුපියල් ලක්ෂ 18 ක් වියදම් කලත් ඔවුන්ගේ පඩි බේරා නැත(එය නම් මට අදාල නැත). පිං කිරීම ඉතා හොඳ කටයුත්තකි. නමුත් මෙම මධ්‍යස්තානයේ සිටින අයගේ නොසැලකිල්ල නිසා මේ සේවාව කඩා වැටෙමින් පවතී. මෙම අංකය ඉතා ලොකු ගණන් වලට ඉල්ලා ඇතත් ඔවුන් විකුණන්නේ නැත. 

අවසානයේ මෙය කියවන ඔබට එක් ප්‍රශ්නයක් ඇති වේ. කිලෝ මීටරයකට රුපියල් 72 ක් වැනි ඉහල ගණනක් අය කර ගන්නා මෙවැනි ආයතන හැර, හෝ එම මුදලටම වෙනත් තැනකින් මෙම සේවාව ලබා ගත නොහැකිද ? යන්න. එහෙත් අප මේ සේවාව නරකයි කියන තුරු බලා සිටින පිරිසක් සිටියි. ඒ මේ පහසුකම නැති කර දමන්නටයි. එය හොඳින් දන්නා අප මේ සේවාව සමග සටන් කර කර එයම භාවිතා කරයි. 

මෙය කියවන ඔබද කෙටි ගමන් සඳහා 688 සේවාව ලබා ගන්නා අය විය හැක. ඔබ පිටරට සිට පැමිණි විට නිවසට යන්නේ මේ සේවාවෙන් වන්නට පුළුවන. ඔබත් එවැනි අයෙක් නම් මා ඔබෙන් ඉල්ලා සිටින්නේ මේ සේවාව මග හැර වෙනත් එකක් තෝරා ගන්නා ලෙසයි. මෙවැනි කුඨ ව්යාපාර වසා දැමීමේ වග කීමද අප සතුව ඇත. මෙම සේවාවෙන් සිදු වූ තවත් ඛේදජනක අත්දැකීමක් ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න. 

Wednesday, March 27, 2013

වැරදි නැකතක ගොඩ කරන්නට පටන් ගත් බෙන්තොට වගුරු බිම.

පාසල් සිසුන් වශයෙන් ශ්‍රී ලංකාවේ වගුරු බිම් මොනවාද ? යන ප්‍රශ්නය ඇසූ විට අපේ දිව අගම තිබෙන පිළිතුර  මුතුරාජවෙලයි. මේ පිලිබඳ මගේ මතකය අවධි වුවේ රතු රජරට ලියා තිබෙන "නිම්හිම් නැති පරිසරයෙන් ගම්බිම් අතැර යන 'තෙත්බිම්' " කියන සටහන කියෙව්වාමයි.  එහෙත් බෙන්තොට ප්‍රදේශවාසී අපට අපේම වටපිටාවේ වගුරුබිමක් තිබුණා(තවමත් තියෙනවා). ඒ බෙන්තොට සංචාරක කලාපයට යාබදව, එක් පැත්තකින් ගාලු පාරටද, අනෙක් පසින් පිටාරඹ නමැති ග්‍රාමය තුලට වන්නට තිබෙන කුඩා ප්‍රමාණයේ වගුරක්. මා දන්නා තරමින් කිසිවෙකු මේ හරහා ගමන් කර නෑ. ඒ නිසා මෙය මිනිසාගේ පය නොගැටුණ ලෝකයේ තවත් එක් දුර්ලභ බිම් කඩක්. 

මේ තියෙන්නේ google map වලින් කපල හදා ගත්ත සිතියම.

ඉතිං රතු රජරට විස්තර කරන ආකාරාටම මේ වගුරත් දැනට අවුරුදු 10කට විස්සකට කලින් තිබුනට වඩා ගොඩ කරලා. මෙහි ඉවුරු වලට යාබදව ජීවත් වෙන අය මෙහි යම් ඉඩ ප්‍රමාණයක් ගොඩ කර ගැනීම නෙවෙයි මා අදහස් කලේ. මහා පරිමාණයෙන් සිදු වන ගොඩ කිරීම්. ඉහල පින්තුරේ මේ වගුර හරියටම දැක්වෙන්නේ නෑ. මම ඒක නිවැරදි ලෙස සලකුණු කළා. මේ ලංකාව හැඩයට නිල් පාටට තියෙන්නේ 

මේ ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණය හැදුවේ වගුරෙන් කොටසක් ගොඩ කරලා.
බෙන්තර ගඟත් මේ වගුරත් යා කරන ඇල විශාල කරලා ලංකාවේ හැඩයට  සාදා ගත් පොකුණක්. මේ පොකුණ ගැන මම මීට කලින් පොලීසියේ හොරකමක් සටහනෙන් විස්තර කළා.  පහුගිය දවසක ගමේ ගිය වෙලාවක මම දැක්කා මේ පිටාරඹ පාර කියන හරියේ තැන කිහිපයක් ගොඩ කරලා ගෙවල් හදාගෙන තියෙනවා. ඒ වගේ දේවල් දැක්කම හිතට පොඩි කනගාටුවක් ඇති වෙනවා. කවදත් සොභාදහම ප්‍රිය කල පුද්ගලයෙක් වශයෙන් කනගාටුවක් ඇති වුනත් මේවාට විරුද්ද වෙන්න තරම් කාලයක් මට නෑ. අනිත් අතට මම දැන් අපේ ගමට පිටස්තරයෙක්. මේ වගුර මේ පිටාරඹ පාරෙනුත් ඔබ්බට තවත් ටික දුරකට විහිදෙනවා. මගේ මතකයට ආව තව සිද්දියක් තමයි ඔය ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනය තිබෙන හරියෙන් ඇතුලේ අපි මාළු හොයන්න වෙල් ඉහින මෙහෙයුමකට කොලු කාලේ සහභාගී වුණා. අන්තිමට ඒක ගෙදරින් හොඳ තරවටුවකට ලක් වෙන්නත් හේතු වුනා. 

මගේ බලාපොරොත්තුව මේ අනවසර ගොඩකිරීම් ගැන තවත් විස්තරයක් එකතු කරන්න නෙවෙයි. නමුත් මේ ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණය හදන්න සහභාගී වූ මුල් පිරිසෙන් කෙනෙකු ලෙස ඇති වන කලකිරීමත් සමග. ඒ කාලේ පරිසර විනාශයේ ආදීනව හිතන්න තරම් මුහුකුරා නොගිය වයසක සිටි අපි, ක්‍රීඩා සමාජය තීරණය කරන ඕනෑම ව්‍යාපෘතියකට සහභාගී වුණා. ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩකයෙක් වෙච්ච මම වගේ තිස් පහක් හතළිහක තරුණ කණ්ඩායමක් අපේ ක්‍රීඩා සමාජය වටා එකතු වෙලා හිටි ඒ යුගයේ, අපේ පුහුණුවීම සහ තරග සියල්ල බෙන්තොට ගාමිණී විදුහල් ක්‍රීඩාංගණයේ පවත්වන්න සිදු වුණා. ඒකට පාසලෙන් වගේම අසල්වැසියන්ගෙනුත් බොහෝ විරෝධයන් තිබුණා. අපිටම කියලා ක්‍රීඩාංගනයක් හදා ගන්න තැනක් ගැන කල්පනා කරමින් හිටිය යුගයකතමයි මේ ස්ථානය එලි පෙහෙළි කරගන්න අපිට අවසර ලැබුණේ. අපි මේ ක්‍රීඩාංගණය හදනවට කැමැත්තෙන් හිටිය තව කොටසක් තමයි අවට තිබෙන සංචාරක හෝටල් සමුහය. මොකද ඔවුන්ගේ ක්‍රීඩා සහ උත්සව කටයුතු වලටත් මෙය පහසුවෙන් ලඟා වෙන්න පුළුවන් ස්ථානයක් පිහිටලා තිබුණා. 

මගේ මතකය නිවැරදි නම් ඒ 1986 හෝ 1987 වසර. මේ ක්‍රීඩාංගණය හැදෙනවා කිව්වම මටත් පුදුම සතුටක් ඇති වුණේ. මේ වෙනකොට ක්‍රීඩා සමාජයේ උප ලේකම් වරයෙක් වෙච්ච මට මෙහි බොහෝ වගකීම් පැවරී තිබුණා. ඒත් මේ වගේ ශ්‍රමදාන කටයුතු වලදීත් ශ්‍රමයෙන් දායක වෙන්නත් මට උනන්දුවක් තිබ්බා. මේ කියන දවසේ උදේ සුභ නැකතින් කිරිබත් කාලා අපි ශ්‍රමදානය පටන් ගත්තා. අපේ ක්ලබ් එකේ සියලුම සාමාජිකයන් මේ අවස්ථාවට ඉතාමත් උද්යෝගයෙන් සහභාගී වුණා. ඒ වෙත්දී මට තේරුමක් තිබුනේ නෑ අපි මේ අත ගහලා තියෙන්න විශාල පරිසර හානියක මුලාරම්භයකට කියලා. එහෙම හිතුනා නම් ඒ අවස්තාව කෙසේ හෝ මග අරිනවා. 

බොහෝ දෙනා කැති, පොරෝ, උදළු කඹ අරගෙන ඇවිත් තිබුණා. මේ කොටසේ ලඳු කැලාවට අමතරව පාර අයිනට වන්න ඒ කාලයේ ජීවත් වූ ඇල්බට්(බොහෝ දෙන හැඳින්නුවේ කළු ඇල්බට ලෙසින්. ඒ හමේ පාට නිසා නොව ඔහු පවත්වාගෙන ගිය කඩයේ මිල ගණන් නිසා) නමැති පුද්ගලයා වැවු පොල්ගස් විස්සක් තිහක් තිබුණා. තවත් එක වටිනා ගසක් අයිනකට වන්නට තිබුණා. ඒ පැරණි ඒ වගේම පුෂ්ඨිමත් තල් ගසක්. මේ අවස්ථාවට සහභාගී වූ ප්‍රාදේශීය ලේකම් වරයා මේ ගස සෙරන්ඩිබ් හෝටලයට මේ වෙනකොටත් ගලවා ගන්න අවසර දී තිබුනා. මේ ලේකම් වරයාව බොහෝ දෙනා හැඳින්නුවේ දැව කපුටා ලෙස. අපි ඉවක් බවක් නැතිව ගස් කපමින් කුරුම්බා බොමින්, පොල් බඩ කමින් උදේ වරුව ගත කලේ ඉතා ප්‍රීති ප්‍රමෝදයෙන්. එදා වැහිබර දවසක් නිසා කිසිවෙකුට ඒ හැටි විඩාවක් දැනුණේ නෑ. කොයි තරම් මහන්සි වී වැඩ කලත් පොල් ගස් ටිකවත් පෙරලා අවසන් කරන්න අපට බැරි වුණා. 

තවත් විනාඩි කිහිපයකදී මර හඬ දී කෑ ගැසූ ක්‍රීඩා සමාජයේ ප්‍රධානියා ලෙස කවුරුත් සලකන ආතර් අංකල්  පවසා සිටියේ පොල් ගස් කැපිල්ල වහා නවත්වන ලෙස. එසේ කපන පොල් ගස තවත් පොල් ගසකට පෙරලා එක ගලෙන් කුරුල්ලන් දෙදෙනක් මරා ගන්නා ක්‍රීඩාවක නිරත වී හුන් අප තිගැස්සී ඔහු දෙස බැලුවේ සිදු වී ඇත්තේ කුමක්ද යන්න දැන ගන්න. සමහරවිට කවුරුන් හෝ තහනම් නියෝගයක් ගෙන තිබෙන්නට පුළුවන් බව කෙනෙක් පැවසුවා. අපිත් කට ඇරගෙන ඔහුගේ හඬට අවනතව ඔහු සිටින දිසාවට ගමන් ගත්තා. 

"ඇයි බං උඹලට අමුතුවෙන් කියන්න ඕනෙද, පොල් ගස් කැපුවට පස්සේ මුල උගුල්ලන්න අලි ගෙන්න ඕනේ කියලා. වටේ මුල බුරුල් කරලා ගස් පෙල්ලපල්ලා. මේවා කපපු එවුන්ම මුල් ටිකත් උගුල්ලලා දාපල්ලා"

අපි වැඩි දුර නොහිතා කල දේ ප්‍රතිවිපාකය පහසු නොවන එකක් බව තේරෙන විට තවත් පොල් ගස් දහයකට වඩා ඉතිරි වී තිබුනේ නෑ. මේ සමගම අපේ දිවා අහාරය සුදානම් බව දැන ගන්නට ලැබුන නිසා කවුරුත් ආහාරය බෙදන දෙසට වේගයෙන් ඇදුනා. අපේ බත් පාර්සලය රැගෙන මමත් ඒ කාලයේ මගේ හොඳම මිතුරා වූ ධම්මිකත් ටුටූ අයියලාගේ ගෙදරට ගියා. පැරණි ගෙයක් වූ පීරිස් සහෝදරවරුන්ගේ නිවාස වලව්වක සිරි ගත්තා. කුඩා කාලයේ සිට එහි ගොස් තිබෙන අපිට එය ආගන්තුක තැනක් වුණේ නෑ. අපේ බත් පාර්සල් දෙක බිත්ති කණ්ඩිය මත තබා නිවසේ පසෙක තිබෙන ලිඳ වෙත ගොස් ඇඟ අත පය සෝදා ගත්තේ, මේ වනවිට කහබිලියා හා අනෙකුත් කැලෑ කොළ සහ කිරි වර්ග නිසා සියොළඟ කහන තත්වයකට පත් වී සිටි නිසා.නමුත් කහඹිලියා නිසා ඇති වන කැසීමට අපි ඒ වනවිට බෙහෙතක් සොයාගෙන තිබුණා. ඒ කහබිලියා ගහේම මුල. මුලේ පොත්ත කහඹිලියා ගෑ වුණ තැන ගෑ විට කැසීම ඉතා ඉක්මනින් නැති වෙනවා. 

සියළු දෙනාට ටුටූ අයියාලාගේ නිවසේ ඉඩකඩ නොතිබුණ නිසා අවට ගෙවල් සියල්ලටම වාගේ අපේ කණ්ඩායම බෙදී ගොස් තිබුණා. ඉතා රසවත් බත් මුල ගිජු ලෙස බුදිමින් හුන් අපට එකවරම මහා කෑ ගසිල්ලක් ඇසී පාරට දිවගෙන එන විට, වලව්ව අසල අපේ අය හා සෙනග පිරී සිටිනවා දැක කෑම පසෙක දමා හැල්මේ දිවගෙන ගියා. අපේ කණ්ඩායමේත් බොහෝ කලහකාරී අය සිටි නිසා මෙය කුමක් හෝ වලියක් බව ඉවෙන් මෙන් අපට දැනුනා. මා සමග සිටි ධම්මිකත් බට්ට වගේ හිටියට වලි දෙයියා නිසා මටත් වඩා වේගයෙන් ඒ දෙසට දිවගෙන ගියා. මෙය කුමක් හෝ රිය අනතුරක් බව පැහැදිලි වුණේ ගාල්ල දෙසට යන සියලුම වාහන එකක් පිටුපස එකක් නවත්වා පොඩි තදබදයක් ඇති වී තිබූ නිසා. ලඟට යත්දී අපි දැක්කා අපේ කණ්ඩායමේ අජිත් රෝසා වර්ගයේ බස් රථයක රියදුරු කවුළුවේ එල්ලී රියදුරාගේ කමිසයෙන් අල්ලාගෙන සිටිනවා. නමුත් තවත් පිරිසක් කේ.කේ. ලාගේ නිසව අසල ඇති කන්ඩියෙන් පහල බලන් සිටින වගත් යන්තමට පෙනුනා. නමුත් අප දෙදෙනාත් ඉබේම බස් රථය දෙසට ඇදුනා.

"අජීත් මෙහෙ වරන් බං, මේක ඇක්සිඩන්ට් එකක් නෙවේ" 

ඒ රෝහණ අයියාගේ කටහඬ.  බස් එක පැත්තට දුවමින් හුන් අපි ආපසු හැරී කේ.කේ. ලාගේ බැම්ම දෙසට දුවගෙන ගියා. ඒ බැම්ම අයිනේ ඇති අඟලේ කළු ගල් ගොඩ උඩ වැටී සිටි අවුරුදු පනහක් පමණ වන මිනිසා දෙස සියළු දෙනා විමතියෙන් බලා සිටියා. තවත් මොහොතකින් වට වූ අය එකතු වී ඔහු පාරේ සිටින අය වෙත ඔසවා දුන්නා. පාර අයිනේ තණ බිස්සේ ඔහු දිගා කර, මුහුණට වතුර ඉහමින් ඔහුගේ සිහිය ගන්නට උත්සාහ ගත්තා. එහෙත් ගල්ගොඩ උඩ වාටී සිටි ඔහුගේ හිසින් රුධිර ධාරාවක් ගලා ගොස් තිබුණා. ඔහුගේ බයිසිකලයේ පිටුපස ගැට ගසා තිබුණේ කොස් මදුළු ගෝනියක්. ඔහුට කුමක් සිදු වීද ? මේ ඒවා සිතන්නට කාලයක් නොවේ. මහලු මිනිසා කාල වර්ණයෙන් යුක්ත පුද්ගලයෙක් , අඩුම තරමේ ඔහුගේ වයස පනහ ඉක්මවා ගොස් තිබිය යුතුය. අඩක් සුදු වූ හිසකෙස් තෙල් ගා පීරු ලෙසටම තිබේ. මුහුණේ දහඩිය දමා ඇත. සුදු කමිසයක් හා සරමකින් සැරසී සිටි ඔහු මේ යන්නට ඇත්තේ තම ජීවිත සටනේ තවත් එක් දිනක් ගැට ගසා ගන්නටය. වෙළඳාම හමාර කොට හවසට ගෙදර එනතුරු ඔහුගේ බිරිඳ සහ දරුවන් බලා සිටිනවා ඇත. 

තවත් සුළු මොතාකදී තරමක් හිස දෙපසට වැනු ඔහු නිහඬ විය. ඒ ඔහු මෙලොව සිටි අවසන් තත්පර කිහිපයය. මගේ ජීවිත කාලයටම කෙනෙකු මිය යනවා දුටු පළමු මොහොතයි. සිද්දිය බලා සිටි කෙනෙක් සිදු වූ දේ විස්තර කළා. 

"මිනිහා ආවේ කහඹිලියා කන්ද පැත්තේ (ගාල්ල/ඇල්පිටිය) ඉඳන්. මිනිහා හිටගෙන කන්ද පැදගෙන ආවේ. එක පාරටම වාඩි වෙනවත් එක්කම ඉස්සරහ රෝදේ උඩ ගියා. මිනිහට තනි රෝදෙන් යන්න බැරුව කැරකිලා ගිහින් තමයි ඔතනින් පහලට වැටුණේ."

අපේ අජිත් ඉවක් බවක් නැතිව රියදුරු මහතාට පහර දීම පිළිබඳව කිහිප දෙනෙක්ම ඔහුට නොසෑහෙන්නට බැන වැදුණු අතර තවත් කිහිප දෙනෙක් එම මොහොතේ සිදු වූ දේ විස්තර කරමින් රස විඳිමින් සාමාන්‍ය තත්වයට පත් වුවත්, මාසිටියේ දැඩි කම්පනයකින්. ධම්මික මට නැවතත් කන්නට කතා කලත්, මට කෑමට කිසි ප්‍රියක් ඇති වුනේ නෑ. එතැනින්ම ශ්‍රමදානයේ කටයුතු හමාර විය. 

"කවුද මේ නැකත හදපු කෙනා. අපි මේ වැඩේට බැහැලා තියෙන්නේ වැරදි නැකතකින්"

ඇත්තටම ඒ නැකත නරක එකක්ද, නැතිනම් සොබාදහමට එරෙහිව ගිය නිසා පෙන්වූ නරක ලකුණක්ද? කෙසේ හෝ මා ගම හැරපියා කොළඹට එනතුරුත් එතන ක්‍රීඩාංගණයක් ඉදි වුණේ නෑ. එහෙත් එය නගරසභාවේ කුණුගොඩ බවට පත් විය. මෑතකදී එතන ගොඩ කර ක්‍රීඩාංගණයක් කෙසේ වෙතත්, එහි තිබූ සුන්දර පරිසරය යටපත් කර රථ ගාලක සිරි ගෙන ඇත.  නමුත් එහි අප තනන්නට උන් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණය ඉදි කරගන්නට නොහැකි වී ඇත. 
 


Friday, March 22, 2013

රෝයි ඩයස් සහ මාවන් අතපත්තු අතර සිටිය යුත්තා

අද රිච්මන්ඩ් මහින්ද මහා ක්‍රිකට් ගැටුම පැවැත්වෙන දිනයයි. මේ දවස් වල සියලුම ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් තරගාවලියක සිටින නිසා පාසැල් ක්‍රිකට් ගැන සොයා බලන්නට වෙලාවක් තිබුනේ නෑ. ඒත් මගේ මිත්‍ර නදීර උඩවත්ත ගාල්ලේ සිට එවූ ට්විටර් පණිවුඩයකින් ගාල්ලේ මහා සටන පැවැත්වෙන බව දැන ගන්නට ලැබුණා. ගාල්ලේ රිච්මන්ඩ් කියූ පමණින්ම මගේ ඉදිරියේ මැවෙන එක් ක්‍රිකට් රුපයක් තිබේ. ඒ චන්දන අමරසිංහයි. චන්දන අමරසිංහ යනු කුඩා කාලයේ මගේ ක්‍රිකට් වීරයාය. වීරයා කියන නම මේකට හරියටම ගැලපෙනවාද ? නැත. මගේ ක්‍රිකට් ඇරඹු දා සිට මා අනුකරණය කල ක්‍රිකට් ක්‍රීඩකයා ඔහු විය.
පින්තුරය ගත්තේ : http://cricketique.wordpress.com

දැන් අපේ මාතෘකාව දෙසට හැරෙමු. ඔබ රෝයි ඩයස් ක්‍රිකට් ක්‍රීඩා කරනවා දැක තිබේද ? ඔබේ පිළිතුර නැත නම් ඔබට කියන්නට තිබෙන්නේ "මේ දෑස මක්කටද ?" කියයි. මන්ද රෝයි ඩයස් ක්‍රීඩා කරනු නොදක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන කතා කිරීමේ පලක් තිබේද ? යන්න මගේ සිතට එන ගැටළුවක් නිසාය. ඔබ එක් දහස් නවසිය අසූ ගණන් වල ඉපදුන කෙනෙකු නම් ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරන කාලයේ කුඩා ළදරුවෙක්ය. එනිසා ඒවා දකින්නට ඔබට අවකාශ නැත. අද වගේ පඳුරකට එක ගානේ චැනල් ඒ කාලයේ තිබුනේ නැත. රෝයි ඩයස්ගේ ක්‍රිකට් දිවිය 1982 - 1987 අතර කෙටි කාලයයි. එකල අද මෙන් සෑම මාසයකම ක්‍රිකට් දකින්නට තිබුනේද නැත. ඔබගේ පිළිතුර ඔව් නම් ඔබ 1975 ට කලින් ජන්ම ලාභියෙකු විය යුතුය.
පින්තුරය ගත්තේ : http://www.espncricinfo.com/

ඒ කෙසේ වෙතත් ඔබ මාවන් අතපත්තු ක්‍රීඩා කරනවා දැක තිබිය යුතුමය. මාවන් අවසාන වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කලේ 2007 වසරේදීයි. ඔහු ගැන නොදන්නා කෙනෙකුද සිටිය නොහැක. නමුත් මා කතා කරන්නට බලාපොරොත්තු වන්නේ මාවන් අතපත්තු හෝ රෝයි ඩයස් ගැන නොවේ. රෝයි ඩයස් හා මාවන් අතපත්තු අතර තැබිය හැකි තවත් එවන් ක්‍රීඩකයෙකු ගැනය. රෝයි සහ මාවන්ගේ සමානත්වය ගැන කතා නොකොට ඒ ක්‍රීඩකයා ගැන කතා කල නොහැක.
පින්තුරය ගත්තේ : http://www.espncricinfo.com/

රෝයි ඩයස් යනු ශ්‍රී ලංකාවෙන් බිහි වූ තාක්ෂනය අතින් ඉහලින්ම සිටින ක්‍රීඩකයා යයි මා බය නැතිවම පවසමි. එයට විරුද්ද වන්න අර්ජුන රණතුංග මහතාටවත් බැරිය. ඔහුගෙන් එම ප්‍රශ්ණය ඇසුවොත් එයට ලැබෙන පිලිතුරද එයම වනු ඇත. මාවන් යනු රෝයිට පමණක්ම දෙවෙනි වන තාක්ෂණික පිතිකරුවා යයි මා පැවසුවොත් එයටද අර්ජුන රණතුංග මහතා එකඟ වනු ඇත. එහෙත් මේ දෙදෙනා අතර තැබිය හැකි, ඒ කියන්නේ මේ දෙදෙනා අතර තිබෙන තාක්ෂණික හිඩැස පිරවිය හැක්කේ චන්දන අමරසිංහටැයි මා පැවසුවොත් මෙහි සිටින ඔබ සැම ඔලුව කසන අතර අර්ජුන රණතුංග මහතා නිකට කසනු ඇත. නමුත් අර්ජුන රණතුංග මහතාට නිසැකවම චන්දන අමරසිංහ ඇස ගැටී තිබිය යුතුය. චන්දන අමරසිංහ යනු මේ දෙදෙනාට අතරමැද කාලයක ක්‍රීඩා කල, මේ දෙදෙනාගේ තාක්ෂණික දක්ෂතාවයන් අතරමැද තැබිය හැකි ක්‍රීඩකයෙකි. රෝයි ඉවත් වුයේ 1987 දී වන අතර මාවන් ආරම්භ කලේ 1997 දීය(පළමුව ඔහු 1990 දී ඇතුලත් කලද සාර්ථක නොවීය). මේ අවුරුදු දහයක කාලය චන්දන අමරසිංහට එතනට එන්නට කදිම කාලයක් වුවත්, කොහේ හෝ ඇති වරදක් නිසා ඔහු අකාලයේ පරවූ තවත් මලක් යයි කිව හැක. 

මා හා එකඟ වන්නට හැකි කිසිවෙක් මේ බ්ලොග් එක කියවනවාදැයි සැක සහිතය. ඔබ චන්දන අමරසිංහ ක්‍රීඩා කරනු දැක ඇත්ද ? ඒ පිළිතුරට ඔව් කියන්නට පුළුවන් කෙනෙකු සිටිනවාදැයි ඔබ දන්නා ක්‍රිකට් වලට සම්බන්ධ කෙනෙකුගෙන් අසා බලන්න. චන්දන අමරසිංහ උපත ලැබුවේ බෙන්තොට හබුරුගල නමැති ග්‍රාමයයේය. මට මෙන්ම මගේ දෙමව්පියන්ටද ඔහුගේ පවුල විශේෂ වේ. ඒ මගේ දෙමව්පියන්ගේ විවාහයට සාක්ෂි වශයෙන් අත්සන් කල එක් පුද්ගයෙක් චන්දන අයියාගේ පියා වීමය. ඔහු ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලය සහ බෙන්තොට ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩා කල දක්ෂ තාක්ෂණයෙන් පිරිපුන් ක්‍රීඩකයෙකි. ඔහු පසුව සිංගර් සමාගමට එක් වී ක්‍රීඩා කල අයෙකි. එකල සිංගර් සමාගම වෙළඳ සේවා ක්‍රිකට් තරගාවලිය තුල ජයකෙහෙලි නැංවූ කාලයකි. මේ කාලයේම අර්ජුන රණතුංග මහතා යුනියින් ඇෂුවරන්ස් සමාගම වෙනුවෙන් ක්‍රීඩා කල නිසා චන්දන අමරසිංහ සහ ඔහු ක්‍රීඩා කල තරගයක් තිබෙන්නට පුළුවන්. එහෙත් අර්ජුනට ක්‍රීඩකයන් කැඳවීමට හැකියාව ආවේ 1992 පමණ කාලය වන විටයි. මේ වනවිට චන්දන අමරසිංහගේ හොඳ කාලයක් නොවුණු අතර, ඔහු ක්‍රීඩා කලේ සිංගර් ආයතනයට පමණි. චන්දන ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා නොකිරීම බලවත් වරදකි. එයට හේතුව මා නොදනිමි. 

ඔහුට ජාත්‍යන්තර තලයට එන්නට නොලැබුණේ ඒ කාලයේම ගාල්ලෙන් බිහි වූ තවත් ක්‍රීඩකයෙකු වූ මිහිර එගොඩගේ නිසා වන්නට පුළුවන්. ඒ කාලයේ පිටස්තර ක්‍රීඩකයින් සංචිතයට කැඳවන්නේ බොහොම සීමිතවයි. චන්දන අමරසිංහ සහ මිහිර එගොඩගේ එකවිට සංචිතයට කැඳවිය නොහැකි තත්වයක් ඒ කාලයේ තිබෙන්නට ඇත. මගේ මතකය අනුව 1983/84 කාලයේ මිහිර එගොඩගේ එංගලන්ත සංචාරයකට ගිය අතර ඉන් අනතුරුව අපගේ බෙන්තොට ක්‍රීඩා සමාජය හා ගාලු ක්‍රීඩා සමාජය අතර තරගයට බෙන්තොට ගාමිණි විද්‍යාල ක්‍රීඩාංගනයට මේ දෙදෙනාම ක්‍රීඩා කළා මට අද වගේ මතකය. මේ දෙදෙනාම හොඳින් ක්‍රීඩා කල අතර, වඩා ප්‍රවේගකාරී පිතිකරු වුයේ මිහිර එගොඩගේය. 

එම සංචාරයට අසංක ගුරුසිංහද අනිවාර්යයෙන්ම සහභාගී වුවා විය යුතුය. එකල ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක තුන ස්ථානය (රෝයි ඩයස් සහ මාවන් අතර) හිමිකම් කීවේ ගුරුසිංහය. ගුරුසිංහ ඇත්ත වශයෙන්ම දක්ෂ ක්‍රීඩකයෙකි. එහෙත් මා කතා කරන්නේ තාක්ෂනය අතින්ය. ටෙස්ට් තරගයකට වඩාත් නිවැරදි තාක්ෂනය ඇති ක්‍රීඩකයන් ක්‍රීඩා කල යුතුය. එකල අද මෙන් ටෙස්ට්, එක්දින වෙන වෙනම කණ්ඩායම් තිබුණා නම් සහ අද වැනි හොඳ තත්වයක් පිට පළාත් ක්‍රීඩකයින්ට තිබුණා නම් චන්දන අමරසිංහවද ඔබට දකින්නට ඉඩ තිබුණි. මෙය මගේ මතයක් නොවන බවද සඳහන් කල යුතුයි. ඒ කාලයේ අප ක්‍රීඩා සමාජය හා ක්‍රීඩා කල (ඩේලි නිවුස් කුසලානයට) බොහෝ අනෙක් කණ්ඩායම් වල අයද මේ මතය ඵල කළා මතකය. ක්‍රීඩා කල හැම කෙනෙකුටම ජාතික කණ්ඩායමට එන්නට වරම් ලැබෙන්නේ නැත. එහෙත් එකල ක්‍රීඩා කල ප්‍රමාණය අතර චන්දන අමරසිංහද ශ්‍රී ලංකා ඒ සංචිතයකට වත් එන්නට හැකි ක්‍රීඩකයෙක් බව මගේ විශ්වාසයයි. 

මා කුඩා කල චන්දන අයියා ඇවිදින විදියට ඇවිදින්නත්, ඔහුගේ තාක්ෂණය කෝපි කරන්නත් නිරතුරු උත්සාහ කළා. නමුත් තාක්ෂනය අතින් නම් යම් තරමකට ඉදිරියට එන්නට මට හැකි වුණා. මා ඔහු යනුව යමින් අත් දිග සුදු කමිසයක් මසා ගන්නට කල වෑයම ඔබ කියෙව්වද ?

Thursday, March 21, 2013

මට නම් මෙහෙමයි, ඔයාලටත් මෙහෙමද ?

අද මට හිතුනා අලුත්ම දෙයක් ගැන පොඩි විමසීමක් කරන්න. හිතන්න ඔබ පොතක්, පත්තරයක්, වෙබ් සයිට් එකක්, බ්ලොග් එකක් කියවනවා කියලා. අඩුම තරමේ මොකක් හරි පින්තුරයක් දිහා බලාගෙන ඉන්නවා කියලා. මෙහෙම ඉන්දිදී එක පාරටම ඔබගේ හිතේ මැවෙනවා, ඔබ ළමා කාලයේ නිතර ආ ගිය තැනක්. ඒ චිත්ත රුපයේ ඉඳගෙන තමයි ඔබ කරන කියන දේ ගැන හිත යොමු කරන්නේ. මේක සමහරවිට ළමා කාලයේ ආ ගිය තැනක් නොවෙන්නම පුළුවන්. දැන් මේ පොස්ට් එක ලියන ගමන් මගේ හිත තියෙන්නේ අපේ ගමේ පන්සල් වත්තේ තැනක. 

මෙහෙම වෙන්නේ ඇයි කියන්න නම් මම දන්නේ නෑ. ඔබට හිතෙන්න පුළුවන් සුදීකගේ ඔලුව කොලොප්පම් වෙලා කියලා. නැහැ. මේක මට කුඩා කාලයේ ඉඳන් තිබ්බ දෙයක්. මට මෙහෙම මතක් වෙන තැන් කිහිපයක් තියෙනවා. හරියටම කල්පනා කරලා බැලුවොත් ළමා කාලයේ මම වැඩියෙන්ම කරක් ගහපු තැන් නැත්නම් රස්තියාදු ගහපු තැන්.

  • අපේ ගමේ පන්සල් වත්තේ (බෙන්තොට උඩකොටුව රජ මහා විහාරය) තැන්
  • පුංචිම කාලේ පාසල් (බෙන්තොට ගාමිණි කනිෂ්ඨ විද්‍යාලය) ගිය පාසලේ තැන්
  • අපි වතුර ගෙන්න ඒ කාලේ ගියේ අර කලින් සඳහන් කරලා තියෙන පන්සල් කන්දේ පිටුපස පැත්තේ තිබ්බ ලිඳකට, ඒකට ගියේ අපේ මිතුරියකගේ නිවස අයිනෙන්. එයාලගේ ගෙයි පිටිපස්සේ තැනක් එහෙම නිතරම මතකයට එනවා. 
  • බෙන්තොට දුම්රියපොළ, පොලීසිය, තැපැල් ස්ථානය තිබෙන හිස් භුමිය.
  • මම වැඩියෙන්ම ක්‍රීඩා කරපු ක්‍රීඩාංගණය වෙච්ච් බෙන්තොට ගාමිණී විදුහල් ක්‍රීඩාංගණය අසලින් ගලා යන ඇල අසල තිබෙන පොල් ගස් සෙවන(මෙතන වෙච්ච මාරු සිද්දියක් තියෙනවා පස්සේ දාන්නම්)
  • ඒ වගේම බෙන්තර ගඟේ තොටුපලක්.
දැන් මට තියෙන ප්‍රශ්නේ මට තියෙන මේ මනෝ විකාරය :) ඔබටත් තියෙනවද කියන එක. මගේ හිත මේ තැන් වලට ගෙන යන්නේ ඒ ඒ වෙලාවල් වලට මම කරන ක්‍රියාවලිය. සමහර බ්ලොග් කියවද්දීත් මේ වගේ තැනකට නිකන්ම මගේ හිත ගිහින්. ඉස්සර අපේ නංගිට මේ වගේ ලෙඩක් තිබ්බා පාඩම් කරන්න ගියාම වෙල් යායක් පේන. ඒ කාලේ අපි එයාට හොඳටම විහිළු කරනවා. 

කැමතියි ඔබගේ අදහස් දැන ගන්න.මෙහෙම වෙන්නේ ඇයි කියලා කාට හරි විස්තර කරන්න පුළුවන් නම් ඒකත් හොඳයි. සමහරවිට පෙර ආත්මේ තැන් පේන අයත් ඉන්න පුළුවන්. බස් එකේ හෝ වාහනයක යනකොට ඇහැලියගොඩ එක්තරා රබර් ගස් තිබෙන හන්දියක් තියෙනවා මට එතන දැක්කම මගේ හිතට පොඩි මතකයක් වගේ දැනෙනවා. මම එතන නම් කරලා තියෙන්නේ "ගුප්ත හංදිය" කියලා. මේ වගේ තැන් ඔබේ හිතෙත් ඇති. ආසයි දන ගන්න. 

ළඟකදී බලපු August Rush කියන චිත්‍රපටයෙත් මේ වගේ කොලු පොද්දෙක් ඉන්නවා. එක එක සද්ද ඒ ළමයට දැනෙන්නේ සංගීත රටා වගේ. 

Wednesday, March 20, 2013

ස්කයි ඩයිවින්(Sky Diving) - ක්‍රීඩාවක්ද ? උන්මාදයක්ද ? නැත්නම් විනෝදාස්වාදය ලබා දෙන ක්‍රියාදාමයක්ද ?

රයිට් සහෝදරයින් වර්තමාන ගුවන් යානයේ මුලික ආකෘතිය ලොවට හඳුන්වා දීමට ප්‍රථම අහසින් යා හැකි විවිධ ආකාරයන් අත්හදා බලා තිබුණා. සමහරු තමන්ගේ දෑත් වලට ගැට ගැසූ පියාපත් මගින් ඉගිලෙන්න උත්සාහ කරා. මිනිස්සු එහෙම උත්සාහ කරන්න හේතු වෙන්න ඇත්තේ සමහරවිට සුරංගනා කතා. ඉතිං මේවා යතාර්ථයක් කර ගන්න ගත්තු උත්සාහ නිසා තමයි ඒ අය දැන ගන්න ඇත්තේ මිනිහෙකුට තමන්ගේ බරත් එක්ක අත්තටු සම්බන්ධ කරන පියාඹන්න බැරි බව. නමුත් වෙනස් මෙවලම් වලින් අත්තටු ගසා පියාඹන්න උත්සාහය මිනිසුන් අත හරියේ නෑ.


එයාලා හිතුවෙම කුරුල්ලෙක් වගේ අත්තටු ගසලා ගුරුත්වයට අභියෝග කරන්න. නමුත් රයිට් සහෝදරයෝ තමයි බිම දිගේ වේගයෙන් ගොස් ඉහලට යානයක් ඔසවන්න සමත් වුණේ. මගේ මාතෘකාව මොකක්ද මේ ස්කයි ඩයිවින් කියන එක නිසා ගුවන් යානා ගැන ඉන් එහාට යන්න මම උත්සාහ කරන්නේ නෑ. 

මෙහෙම ගුවන්යානා හොයාගත්තට පස්සේ මිනිසුන්ට උවමනා වුනා, හදිසි අවස්තාවකදී ගුවන් යානයෙන් පනින්න. එහෙම උවමනා උනහම පැරචුට් කියන සංකල්පය යොදාගෙන පහසුවෙන්ම ගුවනේ ඉඳලා බිමට පැනීම අත්හදා බැලුවා. විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධයේදී තමන්ගේ ඇඟේ බෝම්බ බැඳගෙන සතුරු නෞකා වලට ජපන්නු පැන්න බව මගේ පියා මට පවසා තිබුනා. 

පැරචුට් පැනිලි ගොඩක්ම අපි දකින්නේ ගුවන් සංදර්ශන වලදී. ලංකාවේ නම් නිදහස් උත්සවය වගේ දිනවල මේ වගේ පරචුට් වලින් පනින දර්ශන අපි දකිනවා. ඊට පස්සේ තවත් ක්‍රීඩාවක් හඳුන්වා දුන්නා. ඒ කයිට් සර්ෆින් කියන එක. ඒකෙදී කරන්නේ අර ලෝකාන්තය වගේ තැනකට ගිහිං තමන්ගේ ඇඟට සවි කර ගත්ත ත්‍රිකෝණාකාර තට්ටක් ආදාරයෙන් ගුවනින් ගමන් කිරීම. එයට සම්බන්ද ලීවරයක් මගින් එය ගමන් කරන දිසාව තීරණය කරන්න පුළුවන්.
පින්තුරය ගත්තේadventuresportsjournal.com
ඉන් පස්සේ අලුතෙන්ම එකතු වෙච්ච විනෝදාත්මක අහස්පිම්ම තමයි ස්කයි ඩයිවින් කියන්නේ. මේවට සම්බන්ධ වෙන අය නම භය කියන එක අඳුනන්නේ නැතිව ඇති. අපේ සමහර අය ඉන්නවනේ පුටුවක් ඉඳන් වත් පහලට පනින්න බය. ඇත්තටම බය නම් නොකර ඉන්න එක තමයි හොඳ. ඉස්සර මගේ පුරුද්දක් තිබුනා හැමදාමා පාසලේ ඉඳලා ගෙදර ආව ගමන් අපේ හුඩ් එකට එල්ලිලා නැගලා ඒකෙන් පනින. මුලින්ම පැන්නේ වැලි ගොඩට. පස්සේ  පස්සේ බිමටම පනිනවා. මේකෙදි මම ඉගෙන ගත්ත දෙයක් තමයි පාද දෙකම එක වර බිම තම්බන්න ඕනේ. අනිත් එක එන වේගය අවසන් කරන්න වාඩි වෙන්න ඕනේ. 

මේ අහසපිම්ම ගැන ලියන්න මට අදහසක් ආවේ මගේ මිත්‍රයෙක් වෙච්ච නදීර උඩවත්ත ඒ වගේ අවස්තාවක වීඩියෝවක් බලන්න ලින්ක් එකක් දුන්න අවස්ථාවේ.  ඔයාලටත් පුළුවන් පහල තිබෙන සබැඳියාවෙන් ගිහින් බලන්න. 


මේ ක්‍රීඩාවේ නැත්නම් විනෝදාංශයේ තියෙන විශේෂත්වය තමයි අඳින ඇඳුමේ දෑත් හා දෙපා අතර කොටස් යා කරලා හදල තියෙන පියාපත් වැනි කොටස. ඒක උපකාර කරගෙන ගුවනේ තමන්ට කැමති විදියට පියාඹන්න පුළුවන්. අන්තිම කොටසේදී තමයි පැරචුට් එක ක්‍රියාත්මක කරන්නේ. මේ වගේ වැඩ කරන්න හොඳ පුහුණුවක් වගේම මානසික ඒකාග්‍රතාවක් තියෙන්න ඕනේ. නිකංම කලබල වෙන කෙනෙකුට නම් මේ වගේ දෙයක් කරන්න ලේසි වෙන්නේ නෑ.

මේ පෙන්වන වීඩියෝවේ තියෙන්නේ මැලේසියාවේ තියෙන උසම කුළුණු වලටත් වඩා ඉහල ඉඳලා පහලට පනින දර්ශන. ලංකාවේ අපිටත් මේවාගේ පිම්මක් බලන්න ඇත්නම්. එහෙම හිතෙනවද ? "ඒත් මේවා තියෙන තැන් වල සෙනග වැඩියි නේ" කියන සිතුවිල්ලත් ඔයාලට මේ එක්කම ආවා නේද? ඔන්න ලංකාවෙත් මේ වගේ පිම්මක් පනින්න යනවා. ඒ ගැනත් මට කිව්වේ මගේ මිත්‍ර නදීර ම තමයි. ඒ අප්‍රේල් මාසේ හයවෙනිදා. කොළඹ ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයට. මේකට අවසර ගැනීම තමයි මේ දවස් වල කෙරීගෙන යන්නේ. අවසරය ලැබුන ගමන්ම මම බ්ලොග් පොස්ට් අතරේ එයත් සඳහන් කරන්නම්. මේක කරන්න යන්නේ රෙඩ්බුල් අනුග්‍රයෙන්. මගේ බ්ලොග් එක කියවන හිතවතුන් යම් ප්‍රමාණයකට මේක බලන්න අවස්ථාව ලබා දෙන්න ඔවුන් සූදානම්. තෝරාගැනීම කරන විදිය පසුව දැනුම් දෙන්නම්. 

ඇත්තටම මෙය ක්‍රීඩාවක් නෙවෙයි. ක්‍රීඩාවක් වෙන්න නම කුමන හෝ තරගාවලි තියෙන්න ඕනේ. මේකේ තරගාවලි හෝ තරග නැත්තේ මේ වෙනුවෙන් කරන්න වෙන අධික පිරිවැය නිසා. ඉතින් මේ වගේ විනෝදාශ්වාදය සහ ප්‍රවර්ධනය සඳහා තමයි දැනට මේක කෙරෙන්නේ. 

Sunday, March 17, 2013

සීතල දිවිල්ල

සීතල යුද්දය..... සීතල ගණන්කාරයෝ.... මේ වගේ හිතුවොත් මේ ලිපියේ මාතෘකාව මොන වගේ තේරුමක් ගනීද ? සීතල යුද්දය කියන්නේ අර බෙදෙන්න කලින් තිබ්බ රුසියාවයි ඇමරිකාවයි අතර අවි වලින් නොකෙරුනත් වචන වලින්, තමන්ගේ හැකියාව ගැන පාරම් බාමින් කරපු යුද්ධය. මෙන්න මේ වගේ ඒවාට අපි කියන්නේ සීතල යුද්ධය කියලා. එතකොට සීතල ගණන් කාරයා ... වැඩිය චන්ඩිපාට් නොදා තමන්ට අවශ්‍ය දේ කරගන්නා අයට තමයි මේ යෙදුම යොදන්නේ. මේ දෙවර්ගයම ඇත්තටම අප්‍රසන්නම කොට්ඨාශ. මොකද කෙලින් එන්නේ නැතිව කොලේ වහලා ගහන ගැහිලි වලට තමයි මේ යෙදුම් දෙක යොදා ගන්නේ.

නමුත් සීතල දිවිල්ල මේ ජාතියේ එකක් නොවෙයි. මේක ඉංග්‍රීසියෙන් කිව්වොත් මෙය කියවන කී දෙනෙකුට මේක තේරෙයිද? කූල් රනින්(Cool Running). මම හිතන්නෑ ඔබට හරියටම මේක තේරුනා කියලා. ඇත්තටම කූල් රනින් කියන්නේ එක්තාර ක්‍රීඩාවකට යොදා ගන්නා උපකරණයකට ඒ ක්‍රීඩකයෝ යොදපු නම. උපකරණය කියන්නේ හතර දෙනෙන්ක් වාඩි වෙලා යන බාත් ටබ් එකක් වගේ ඔරුවකට.  පින්තුරයක්ම දාන්නම් නැත්නම් තවත් වචන 1000ක් වියදම් කරන්න වෙනවා.
පින්තුරය ගත්තේ : www.petergreenberg.com
දැන් තේරෙනවා නේද මොකක්ද උපකරණේ නැත්නම් යාත්‍රාව කියලා. හරි මේ කතාව කොහොම පටන් ගන්නද කියලා මට හිතා ගන්න අමාරුයි. නමුත් අද ටී.වී. එකේ බලන්න දෙයක් නැතිව චිත්‍රපටියක් බලන්න ඕනේ කියලා රිමෝට් එක අතට අරගෙන චිත්‍රපට චැනල් ටික පෙරලගෙන යනකොට ඒකෙ විස්තරේ තියෙනවා දැක්කා සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච චිත්‍රපටයක් කියලා. ඉතිං මගේ එක පිස්සුවක් තමයි මේ සත්‍ය කතා පදනම් කරගෙන හදපු චිත්‍රපට එකතු කරන එක. මම ගාව දැනට 10ක් විතර තියෙනවා. 


මේ චිත්‍රපටයේ නමත් කූල් රනින්. ඔලිම්පික් මීටර් 100 සඳහා ජමෙයිකාවෙන් සුදුසුකම් ලබනවා කියන්නේ මොන තරම් අමාරු වැඩක්ද කියලා අහන්න ඕනේ උසේන් බෝල්ට් වගේ කෙනෙකුගෙන්. එහෙම බැරි වෙච්ච් තරුණයෙක් තමයි ඩෙරිස් කියන්නේ, ඒ වගේම තවත් කෙනෙක් ඉන්නවා ඔහුටත් මේ දේම සිදු වුනේ. ඉතිං ඩෙරිස්ට  හමු වෙනවා ඔහුගේ පියාගේ හොඳම මිතුරෙක් අර්වින් ඔහු දෙවරක් 1968 සහ 1972 බොබ්ස්ලෙඩ් කියන ක්‍රීඩාවේ සීත ඔලිම්පික් රන් පදක්කම් ලාභියා. එහෙත් ඔහු ජැමෙයිකාවට වෙලා ඉන්න වෙන්නේ ඔහු එම ක්‍රීඩාවේදී කරපු හොරයක් අසු වීම නිසා. ඔහු ජැමෙයිකාවේ සූදුපොලක් පවත්වාගෙන යනවා. ඩෙරිස්ගේ දවස් ගානක පෙරැත්ත කිරීම මත ඔහු කැමති වනවා ඔවුන්ට බොබ්ස්ලෙඩ් ක්‍රීඩාවේ පුහුණුකරු වන්නට.

ජැමෙයිකාව කියන බටහිර ඉන්දීය දුපතට තියෙන්නේ ලංකාවේ අපේ දේශගුණයමයි. ඉතින් කොහෙද හිම වැටෙන්නේ. ඔවුන් බොබ්ස්ලෙඩ් එකක් වගේ හදා ගත්ත ඩක්කුවක කඳු පල්ලමක පුහුණු වීම් කරනවා. එය පෙරලිලා පොලිස් රථයක වදිනවා. එතනින් ජාම බෙර ගත්තත් මොවුන්ට ලොකු අභියෝගයකට මුහුණ දෙන්න සිදු වෙනවා. කැනඩාවේ කැල්ගරි නුවර පැවැත්වෙන සීත ඔලිම්පික් තරගාවලියට යන්න නම් ඩොලර් 184,000 ක් සොයා ගන්න වනවා. මුලින්ම අර්වින් එහි ක්‍රීඩා ඇමති වරයා මුණ ගැහෙනවා. ඔහු තරයේ විරුද්ද වනාව අඩුම තරමින් මේ තරග වලට ඉදිරිපත් වනවාටත්. 
පින්තුරය ගත්තේ : http://news.betinternet.com
ඔවුන් මුදල් හොයා ගන්න විවිද දේ කරනවා. පාරේ ගීත ගයනාව, හෑන්ඩ් ෆයිට් කරනවා. කාන්තාවන්ට හාදු ලාබා දී මුදල් එකතු කරනවා. මේ කිසි දෙයකින් ඔවුන්ට ඩොලර් 100ක් වත් එකතු කර ගන්න බැරි වනවා. මෙහි ක්‍රීඩකයන් හතර දෙනාගෙන් කෙනෙක් (ජුනියර්) පොහොසතෙකුගේ පුතෙක්. ඔහු තම කාරය විකුණූ මුදල් ගෙන එනවා. එහෙත් ඩෙරිස් ඊත තරයේ විරුද්ධ වනවා. එහෙත් ඔහුගේ මේ ඉලීමට අවසානයේ අවනත වෙනවා. අනෙක් ක්‍රීඩකයින් දෙදෙනාගෙන එකෙක් කුකුල් කේන්ති කාරයෙක්. ඔහුගේ ඇඟට අත තබනාවටත් ඔහු කැමති නෑ. ඔහු නිතරම කියන දෙයක් තමයි "ඩෝන්ට් ටච් මී" කියන එක.

ඔවුන් කැල්ගරි වලට ලඟා වනවා. මුලින්ම ඔවුන්ට සීතල වත් උහුලා ගන්න බැරි වනවා. නමුත් ඔවුන්ට හොඳ දරා ගැනීමේ ශක්තියක් තිබෙනවා. අර්වින් බොහොම වෙහෙසක් ගෙන ඔවුන්ට බොබ්ස්ලෙඩ් යාත්‍රාවක් හොයා ගන්නවා. එය පුහුණුවීම් සඳහා භාවිතා කරන්නක්. මේ රථය සහ කළු සමක් ඇති ඔවුන් සැමගේ උසුළු විසුළු වලට ලක් වනවා. වැඩියෙන්ම ඔවුන්ව විහිලුවට ගන්නේ නැගෙනහිර ජර්මන් කණ්ඩායමේ නායකයා. මෙම තරගාවලියට සහභාගී වීමට නම් ඔවුන් විනාඩි දෙකකට අඩුවෙන් මෙම තරගය නිමා කල යුතු වනවා. මුලින්ම ඔවුන්ට බොබ්ස්ලෙඩ් එකට පැන ගන්න පවා බැරි වනවා. නමුත් ඔවුන් තප්පර 59.4 කින් එම තරග වටය නිමා කර සුදුසුකම් ලබනවා අවසාන කණ්ඩායම වශයෙන්. 

ඊළඟ දිනයට ඔවුන් සූදානම් වීමට ප්‍රථම ඩෙරිස් නිතරම සුවිට්සාර්ලන්ත කණ්ඩායම උදාහරණයකට ගැනීම අනෙක් අයගේ විවේචනයට ලක් වනවා. අප ජමෙයිකානුව අපි ජැමෙයිකානු ක්‍රමයකට මෙය කරමු කියා අනෙක් අය ඔහුට ඒත්තු ගන්නනවා. දෙවෙනි දවසේ ඔවුන්ට ජැමෙයිකානු ඇඳුමක් සහ ඔවුන්ගේ බෝබ්ස්ලෙඩ් එක ජැමෙයිකානු වර්ණ වලින් අලංකාර කර ගන්න ලැබෙනවා. ඒ පුහුණුකරු අරවින්ගේ උත්සාහ නිසා. පළමු දින රාත්‍රියේදී ජර්මන් කණ්ඩායමට බාර් එකකදී මෙම කණ්ඩායමේ ඩෙරිස් හැර අනෙක් තිදෙනාට සිදු වනවා. අර කුකුල් කේන්ති කාරයා(බ්රෙනර්) ජුනියර්ව දිරිමත් කරනවා ශක්තිමත්ව නැගී සිටින්න. එතනින් පසු තමයි ඔවුන් නියම කණ්ඩායමක් ලෙස වැඩ කරන්නේ. කොහොමත් ශාරීරික පුහුණුවේදී ඔවුන් ඉන්නේ ඉදිරියෙන්. දෙවෙනි රවුමේදී ඔවුන් සියල්ලම් පුදුමයට පත් කරමින් තප්පර 56.2 කදී තරගය නිමා කරමින් 8 වන ස්ථානය ලබා ගන්නවා. 

තුන්වන දිනයේ උදෑසන ජුනියර්ගේ කෝටිපති පියා ඔවුන්ගේ හෝටලයට පැමිණෙනවා. ඔහු ආපසු යන්නට බල කලත් ජුනියර් ශක්තිමත්ව නැගී සිට ආපසු යාම ප්‍රතික්ෂේප කරනවා. මේ අතර ඔවුන් තරගාවලියෙන් ඉවත් කල බව නිවේදනය කරන ලියුමක් අර්වින් අතට පත් වෙනවා. ඔහු කෙලින්ම එම මණ්ඩලය සිටින ශාලාවට කඩා වැද තමන් කල වරදට ඔහුගේ කණ්ඩායමෙන් පාලි නොගන්න ලෙස ඉල්ලා සිටිනවා. අවසානයේ ඔවුන් ජමෙයිකානුවන්ට තරග කරන්න අවස්ථාවල ලබා දෙනවා. මෙවර ඔවුන් තරගයට එනවිට ඔවුන්ට හොඳ පිළිගැනීමක් ලබා දෙනවා. හැම දෙනාම ජම්යිකාවට සහයෝගය පල කරනවා. තුන්වන දිනයේදී ඔවුන් බෝබ්ස්ලෙඩ් එකට ගොඩ වීම, පළමු කඩයිම පසු කරන කාල අනුව එම ක්‍රීඩාවේ ලෝක වාර්තාවට හිමිකම් කීමට බොහෝ ඉඩ තිබෙන බව පැවසුවත් අවසානයට මීටර් කිහිපයක් තබා ඔවුන්ගේ රථයේ එක් පීල්ලක් ගැලවී ගොස් ඔවුන් පෙරළෙනවා. ටික වෙලාවකින වාහනය කරේ තබාගෙන ඔවුන් තරගය නිමා කරනවා. 

ඒ දැක ඔවුන්ට මුලින්ම අත්පොලසන් දෙන්නේ නැගෙනහිර ජර්මානු කණ්ඩායමේ නායකයා. අන්තිමේදී එහි සිටින සියලු දෙනාගේ අත්පොලසන් මැද ඔවුන් තරගය නිමා කරන්නේ ජපානයේදී ඔලිම්පික් තරගයක මෙවැනිම දෙයක් කල ලංකාවේ කරුණානන්ද සිහි ගන්වමින්. ඔවුන්ට අත්පොලසන් දීමට ජුනියර්ගේ පියාද එකතු වනවා. ඔවුන් ජැමෙයිකාවට යන්නේ ජාතික වීරයන් ලෙස. ඊළඟ වසරේ ඔවුන්ට තෝරාගැනීමකින් තොරවම සීත ඔලිම්පික් වලට සහභාගී වන්න ලැබෙනවා. 

පින්තුරය ගත්තේ http://wikipedia.org

අවසාන තරගයට පෙරදින පුහුණුකරුගෙන් ඔහු කල රැවටීම ගැන ඩෙරිස් විමසු විට පුහුණුකරු පවසන්නේ 

"A gold medal is a wonderful thing, but if you're not enough without it, you'll never be enough with it."

www.wikipedia.org ඇසුරෙනි.

Thursday, March 14, 2013

රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට් විස්සයි20 ලෝක තරගාවලිය ලංකාවට

ඔබට මතක ඇති පහුගිය ජනවාරියේ ශ්‍රී ලංකාවේ පැවැත්වුණු කැම්පස් ක්‍රිකට් තරගාවලිය. ඒ පිලිබඳ දිගින් දිගටම වාර්තාකරණයේ යෙදෙන්න මටත් ආරාධනා ආවා. ලංකාවේ කැම්පස් 14 ක් අතුරින් මෙම ලෝක තරගාවලිය නියෝජනය කරන්න වරම් දිනා ගත්තේ එහි අවසාන මහා තරගය දිනා ගත්ත මොරටුව විශ්ව විද්‍යාලය. ඔබට මතක ඇති ඒ ජය වෙනුවෙන් මම දාපු පොස්ට් එක "බැංගලෝරයට ඉංජිනේරුවන් පැටවීම" කියලා. නමුත් ඉන්දියාවට වීසා ලබා ගැනීමේ ඇති ගැටළු නිසා මේ තරගාවලිය ශ්‍රී ලංකාවේ පවත්වන්න රෙඩ්බුල් බලධාරීන් තීරණය කරලා.

පහුගිය වතාවේත් මේ තරගාවලිය පැවැත්වුණේ ලංකාවේ. ඒ සඳහා සහභාගී වුනේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්තානය. නමුත් මෙවර තරගාවලියට රටවල් හයක් නියෝජනය කරමින් විශ්ව විද්‍යාල කණ්ඩායම් මෙහි පැමිණීමට නියමිතයි. එහි සමාරම්භය යයි කිව හැකි අවස්තාවක් ඊයේ දින කොල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකාව නියෝජනය කරන මොරටුව විශ්ව විද්‍යාල කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නැගී එන තරු දෙකක් වන දිනේෂ් චන්දිමාල් සහ ලහිරු තිරිමාන්න විසින් ලබා දෙන ලද උපදේශන සැසියත් සමගින්. බොහෝ ජනමාධ්‍යද මෙම අවස්තාව ආවරණය කිරීමට පැමිණ තිබුණා. මේ සඳහා වෙබ් සහ බ්ලොග් අඩවි පවතවාගෙන යන අයවද කැඳවා තිබුණා. බ්ලොග් වලින් ඒ සඳහා ආරාධනය කර තිබුනේ සුදීකට. 
මොරටුව කණ්ඩාමට පිතිකරණය පිලිබඳ දේශනයක් කරන ලහිරු තිරිමාන්න. පසුබිමේ දිනේෂ් චන්දිමාල් සමග සුහද පිළිසඳරක යෙදෙන පසුගිය වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා.

මෙහෙදී වෙබ්/බ්ලොග් මාධ්‍ය කණ්ඩායම සමග පැවැත්වූ සම්මුඛ සාකඡ්චාව එය පැවැත්වූ ආකාරයටම මෙහි සටහන් කරන්නම්

ප්‍රශ්නය(Colombo Campus Web Team) : People playing for the universities, what's the possibility of playing in the national level Cricket ? Are there any chances if they playing well ? 
පිළිතුර : Yeah, it is a good opportunity for all the campus students. Because you know in Sri Lanka you never know, if someone doing well in I mean in batting or bowling, now obviously right now they have a good chance to play in national level. So I think this is a great opportunity for students, I mean RedBull is doing a great job. So if they do well in the RedBull World Championship, I think they have a good chance to play, they have a good opportunity to play for Sri Lanka well. 

ප්‍රශ්නය(Colombo Campus Web Team) : Moratuwa Team playing at the final. Are you watching them from the beginning or watching the finals ?
පිළිතුර : I couldn't follow the tournament because of the national duties you know. I wasn't in the country for two and half months.But Irfam told me about the tournament. I think these students did well in the RedBull event.  






ප්‍රශ්නය(Colombo Campus Web Team) : Any idea to pick up the players to national level or SLPL? 
 පිළිතුර : Yeah, because of the format. I think it did in Twenty20 format. So it's great chance for the young guys. I think nowadays there are lot of chances to play in Sri Lanka level. You have SLPL you have Porvincial Tournament, you have Club Tournament. They can play for Club Cricket in the beginning. After that they can go through to play Sri Lanka Level.  



ප්‍රශ්නය(Colombo Campus Web Team) : Do you think T20 is a good format ? 


පිළිතුර : I mean players potential can't put into  one format. If they are talented they can play in any format. Yeah this is good opportunity. 




 ප්‍රශ්නය(Colombo Campus Web Team) : It is an overall idea that Test Cricket is the best. No people are playing T20 Cricket , adopted to the T20 Cricket. If you select a player from the T20 level, is it possible to gain a certain level ?

පිළිතුර : I don't think because you know, at the moment if you pick up a player from the T20 level to a Test level, I don't think he can play straight-a-way to to the Test Cricket. So you have to practice hard, if there are chances to play Club Cricketand Provincial Cricket you can develop your skills. So I don't trust in this T20 to Test Cricket straight-a-way but still they have a good chance to play Club Cricket and develop. 


 ඊට පස්සේ සුදීකත් ප්‍රශ්නයක් ඇහුවා. 

සුදීක : දැන් මේ ටුනමන්ට් එක තියෙනවනේ. මේක දෙවෙනි අවුරුද්දට කෙරීගෙන යන්නේ. මේ කෙරෙන විදියට, අපි දන්නවා ලංකාවේ ක්‍රිකටුයි අධ්‍යාපනයයි දෙකම එකට කරපු අය නෑ. හරියට කරපු අය එක්කෙනයි දෙන්නයි බොහොම කලාතුරකින්. ඔයාට වුනත් ගොඩක් මිස් වෙන්නැති ස්ටඩීස්. දැන් මේ ෆොර්මැට් එක යන විදියට කවුරු හරි පෙළඹෙන්න පුලුවන්ද ක්‍රිකටුයි අධ්‍යාපනයයි බැලන්ස් කරගෙන ඇවිල්ලා, අධ්‍යාපනෙත් කරන ගමන් ශ්‍රී ලංකා ටීම් එකට එන්න ?
පිළිතුර : ඔව් මං හිතන්නේ මේක ලොකු අවස්ථාවක්. මොකද දැන් අපි ක්‍රිකට් ගහන කාලේ විශේෂයෙන් මම උදාහරණයකට ගත්තොත්, මට ගොඩක් ඒග්සෑම්ස්  මිස් වුණා. ඉතිං මං ඕ ලෙවල් කල්ලා, මමත් ඒ හතයි බී තුනයි ඊට පස්සේ ඒ ලෙවල්ස් වලට ගියා. මං  ආසයි ඉගෙන ගන්න. හැබැයි ක්‍රිකට් හිංදා - අන්ඩර් නයින්ටීන් වර්ල්ඩ් කප් තිබ්බා. ඉතිං ගොඩක් මිස් වුනා. මේගොල්ලන්ට ඇවිල්ල තියෙන්නේ ලොකු චාන්ස් එකක්. දැන් අපි වුනත් ආසයි ඉස්කෝලේ යන කාලේ කැම්පස් එකට යන්න. නැෂනල් ක්‍රිකට් ගහන්න. ඉතිං මේගොල්ලෝ ගිය මාවතේ ගොඩක් ඉදිරියට ගිහිල්ල තියෙනවා. කැම්පස් එකට ගිහිල්ල තියෙනවා. දැන් මේගොල්ලන්ට තියෙන්නේ, මේගොල්ලන්ට තව චාන්ස් එකක් ඇවිල්ල තියෙනවා ක්‍රිකට් වලින් ඉස්සරහට යන්න. ඉතිං මම හිතනෝ මේගොල්ලන්ට දෙකම බැලන්ස් කරගෙන යන්න පුළුවන් නං මේක ලොකු චාන්ස් එකක් කියලා මොකද රටට උගත් ක්‍රිකටර්ස්ලා ටිකක් බිහි වෙයි කියලා විශ්වාසයක් තියෙනවා ඉදිරියට.
ආයෙමත් කලම්බු කැම්පස් නියෝජිතයා ප්‍රශ්න කළා
  ප්‍රශ්නය(Colombo Campus Web Team) : When you start play Test Cricket you were an opener. Then you came again for the Test Cricket as a two down or three down player. Is it much more easier to play in the middle order than playing as an opener. Because in the time around  five years there won't be first three players around. If you like to adopt for the middle order ?
පිළිතුර : Yeah. That's right. It's all about you have to have self belief. I mean  you have to have your mindset correct. Because you know if you ask to open in next matches I have to open. So it's all about in the mindset. You have to change it quickly. So you can go a long way.

දේශණය කරන අතරතුර.

කෙටි දේශන අතරතුර

චන්දිමාල් ක්‍රීඩකයෙක් හා පිළිසඳරක.


පහරක් එල්ල කරන ආකාරය ප්‍රදර්ශණය කරමින්.
 අද රාත්‍රී 08.30 ට තිබෙනවා තවත් විශේෂ අවස්තාවක්. ඒ මේ නවක තරු දෙදෙනා සමග Google Hangout  සැසියක්. මෙහිදී සුදීකගේ ප්‍රශ්නයකටත් පිළිතුරු දීමට නියමිතයි. මේ සඳහා සජීවීව සම්බන්ද වෙන්න ඔබටත් අවස්ථාවක් තිබෙනවා. නමුත් ප්‍රශ්ණ ඇසීමට නොහැකියි. සිදු වන දේ නරඹන්න පුළුවන්.


Wednesday, March 13, 2013

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය නැරඹීමට ඉන්දියාවේ ගියෙමි - VIII කොටස.

මාර්තු 31 දින මට අමුතුම අත්දැකීම එකතු කරන දිනයකි. 2011 වසරේ මා මුම්බායි නගරයේ සිටි බව මේ ලිපි පෙළ කියවූ ඔබ දන්නා කාරණයක්. පහුගිය අවුරුද්දේ මාර්තු 31 මා සිටියේ බැංකොක් නගරයේ. මේ වසරේද මාර්තු 31ත ගමනක් සැලසුම් කලද එය හදිසියේ කල් දැමීමට සිදු විය. සමාවන්න මා ඔබත් සමග පවසමින් ආවේ 2011 ලෝක කුසලාණය බලන්නට මුම්බායි ගිය ගමන ගැනය. මේ කොටසින් එය හමාර කර ගන්න ලැබේවායි පතමු. 
අපි දෙන්න තමයි හැමදාම එකට මැච් බලන්න යන්නේ. දෙන්නම සුභාෂ් ලා. :D

අවසාන වතාවටත් ලංකාවේ මගේ මිතුරන් දෙදෙනාට දුරකථන ඇමතුම් ලබාගෙන ටිකට් ලැබීමේ අවස්ථා තිබේ දැයි සොයා බැලුවෙමි. එහෙත් ඉන්දියාව අවසාන තරගයට තේරීමත් සමග ශ්‍රී ලංකාවට ලැබෙන ටිකට් ප්‍රමාණය ඉතාම සීමිත බව දන්වන අසුබ ආරංචිය ලැබිණි. එහෙනම් ඉතිං ඉන්දියාවෙන් ටිකට් සෙවීමෙත් ඵලක් නැත යන්න මගේ හිතට එක වර ආ අදහසයි. රුපියල් 35000 ක් ඒ සඳහා වැය කල හැකිද ? නැත එක හීනෙන් රෑ එලි වන්නේ නැත. මේ ජීවිත කාලය තුල තවත් අවස්තාවක් ලැබිය හැක. මා තීරණයකට එළඹියෙමි. ඒ හැකි ඉක්මනින් ආපසු ලංකාවට ගොස් පුළුල් තිරයක් තිබෙන තැනක මාගේ හිතවත් ප්‍රේක්ෂකයන් සමග තරගය නරම්බීමටයි. 
මේක ලෝක කුසලානය වෙනුවෙන්ම සකසලා තිබුනේ Tunga කියන හෝටලයේ. එය තරු පන්තියේ හෝටලයක්. ටිකට් නොලැබුනොත් මෙතන තමයි මම තෝරාගෙන තිබුනේ නිවාඩු පාඩුවේ මැච් එක බලන්න.

මා මෙවැනි ගමන් වලට ගෙනියා කුඩා පොත් පිංචේ, අත්‍යවශ්‍ය අංක සටහන් කර ගැනීම මා බොහෝවිට කරන දෙයකි. ඒ ඉලෙක්ට්‍රොනික් මතකය පිලිබඳ ඇති මාගේ අල්ප විශ්වාසය නිසයි. වෙලාව රාත්‍රී 10.00 ත් පසු වෙමින් තිබිණි. මේ ගමනේ මගේ එක අරමුණක් වන කථා කරන බෝනික්කා සොයාගෙන හමාරය. එය ඇතිනම් ලංකාවට ආපසු යාමට මා බිය වන්නේ කුමකටද? විටෙක මිතුරන් හෝ කාර්යාල සගයන් මොනවා පවසනු ඇත්දැයි මම සිතා බැලීමි. කවුරුන් මොනවා කීවත් මා කරන්නේ මට උවමනා දෙයයි. මට උවමනා නිසා ආවා, දැන් මා ආපසු යනවා. සෙසු ලෝකයා කියන දේ මට වැදගත් නැත. මේ ගමන තුලින් ජීවිතයට වටිනා අත්දැකීම රැසක් එකතු කර ගත්තා.
Inorbit සුපිරි වෙළඳ සංකීර්ණයේ තුන්වෙනි මහලේ තිබෙන ආහාරපාන මධ්‍යස්ථානය.

මා ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇමතුවෙමි. ඔවුන් නොපමාව මගේ ඇමතුම හා සම්බන්ධ වී මාගේ අවශ්‍යතාව විමසා බැලුවා. මා ඉල්ලා සිටියේ අප්‍රේල් පළවෙනිදා රාත්‍රී හෝ දෙවැනි දින උදේට මට ආපසු යා හැකිද යන්නයි. මා ටිකට් පත ලබාගෙන තිබුනේ හතරවනිදාටයි. අප්‍රේල් 02 දින උදෑසන 3.30 ට තිබෙන ගුවන් යානයේ අසුනක් වෙන් කර දිය හැකි බව පැවසු ඔහු ඒ සඳහා ගාස්තුවක් අය නොකරන ලබන බව දැනුම් දුන් විට මට ඇති වුයේ අප්‍රමාන සතුටකි. මේ වනවිටත් මාගේ ගමන් මලු තුන යම් ආකාරයකට සුදානම් කර තිබුණි.

හෝටල් හිමියාගෙන් මා අසා දැනගත් පරිදි මුම්බායි හී හදවත බඳු ප්‍රදේශය ජුහූ බවත් එහි ජීවත් වන්නේ නළුවන්, ව්‍යාපාරිකයින් සහ ක්‍රිකට් ක්‍රීඩකයින් ආදී ඉතා ධනවත් කොටසක් බව ඔහු විස්තර කළා. සිංහල භාෂාවෙන් කතා කරන්නට හා ලියන්නටැයි පවසා එය ඔවුන්ගේ එක්තරා ප්‍රාන්තයක ජනයාගේ අකුරු හා උච්චාරණයට සමාන බව නිගමනය කළා. බලාපොරොත්තු ගොන්නක් හිස දාරාගෙන මා නින්දට වැටුනා. ඒ මුම්බායේ මා ගත කරන්නේ තවත් එක දවසක් යන සතුට සිතෙහි දරාගෙන. නිතරම පිටරට වල රාජකාරි කරන මගේ මිතුරෙක් ඔහුගේ ෆේස්බුක් ස්ටේටස් සඳහා "There's no place like home" යනුවෙන් ලියා තැබූ හේතුව කදිමට මේ දින කිහිපයට මා වටහා ගත්තා. මා පිටරකට තනියම ගිය ප්‍රථම අවස්තාව එය වූ නිසා පුදුම පාළුවක් හා සාංකාවක් දැනුනා. තමන්ගේ මව් භාෂාවෙන් කතා කරන්න නොලැබෙන එක පුදුම දඬුවමක් බව එක් දිනක් හෝ පිටරටක ජීවත් වූ ඔබ දන්නවා ඇති.

පලවන දින උදෑසන අවදි වී ශ්‍රී ලංකා කණ්ඩායමට සහය දෙන කහ පැහැති ටී-ෂර්ට් එකෙන් සැරසී එලියට බැස්සේ ජුහූ බලා යාමටයි. ඔය කියන එක චරිතයක් හෝ හමු වේදෝ කියන බලාපූරෝත්තුවත් නොතිබුනා නොවේ. එම ගමන ගැන විස්තරය සඳහා ඉන්දියාවේ ප්‍රවාහනය ගැන ලියු මෙහි හතර වන කොටස කියවා බලන්න. හෝටලයෙන් පිටත්ව vt දුම්රිය ස්ථානය දක්වා ගිය ගමන සහ තවත් බොහෝ දේ එහි අඩංගු වනවා.
මගේ හෝටලයට ආසන්නම වාෂි දුම්රිය ස්ථානය

vt ප්‍රදේශයට යාමෙහි මාගේ අරමුණු කිහිපයක් තිබුනා. ඒ මගේ පවුලේ ඥාතීන්ට සහ හිතවතුන්ට ගෙන යන දේ ලබා ගැනීමත්, මගේ නැගණියගේ දෙවන පුතා (කළුතර මහා විද්‍යාලයීය 15 පහල ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන) වෙනුවෙන් පා ආවරණ දෙකක් මිලදී ගැනීම, මට සහ මහජන බැංකු ක්‍රිකට් කණ්ඩායමේ සංජීවට අවශ්‍ය ක්‍රීඩා ආයිත්තම් කිහිපයක් ලබා ගැනීම ඉන් ප්‍රධාන තැනක් ගත්තා. vt හී මා දුටු විශේෂත්වය නම් එහි වෙසෙන් බොහෝ අය දුඹුරු හිසකේ සහිත යුරෝපීය පෙනුම ඇති ය වීමයි. 
මෙය භාවිතා කලේ මා පමණකි. අනර්ඝ ලෙස නිමවා ඇත. 

vt දුම්රිය ස්ථානයෙන් එලියට ආ මා උමං පදික මාරු වන ස්ථානයකින් ගමන් ගත්තද ? ඒවා ඉතා ඉහල මට්ටමකින් නිමවා තිබුනද? කිසිවකුට ඒ තුලින් යාමට උනන්දුවක් නැති බව පැහැදිලි විය. මා එහිදී ලබාගත් චායාරුප මෙහි එක් කිරීමට හෙටදින තෙක් කල්ගනීමට සිදු වන්නේ, ඒවා දමා තිබු මතක ගබඩා නොහොත් පෙන් ඩ්‍රයිව් එක කාර්යාලයේ නිසාය. එහෙත් ලියා අවසන් වූ ගමන්ම පබ්ලිෂ් කරන මගේ ප්‍රතිපත්තිය අද බිඳ දැමිය නොහැක. ඒක හරියට ඉරිදා පත්තරය සෙනසුරාදා අතට ලැබී, එය බැලීමට ඉරිදා වනතෙක් සිටීම වැනිය. මා තද බඩගින්නකින් පසු වුනෙමි. උමං පදික මාරුවෙන් එලියට ආ මා දුටුවේ ක්‍රිකට් බදු භාණ්ඩ විකුණන ස්ථාන දෙකක්ම ළඟ ළඟ ඇති බවයි. නමුත් බඩගින්න ඊට වඩා ලොකු නිසා මා හාත්පස බැලුවෙමි. 
උමං පදික මාරුවේ දොරටුව.

ඉදිරියෙන් තිබෙන ඉතා හොඳ තත්වයේ ආපන ශාලාවට ගොඩ වීමි. වාසනාවකට එය නිර්මාංශ නොවන එකකි. මට කලන්තය හැදෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී, උදෑසන ආහාරය ඇනවුම් කලෙමි. එය කුකුල් මස් සහිතව ඔතන ලද ශාවරාමා වර්ගයේ කෑමකි. එහෙත් මගේ වඩාත්ම හිතගිය අයිතමය වුයේ ඉඟුරු සහ ලෙමන් මිශ්‍ර කර සාදන පානයක් වෙතය. එම පානයෙන් එකක් ඇනවුම් කල මා එක හුස්මට චාපාතියක ඔතා තිබුණු චිකන් කැබලි ටික විනාඩියට, දෙකට ගිල දැමුවෙමි. එහි තිබෙන රසය වඩාත් තීව්‍ර ලෙසේ දැනුනේ මාගේ බඩගින්න උත්සන්න වී තිබීම නිසාය. ඔබ බඩගින්නේ සිටින විට ඔබට ආහාර වල රසය තදින් දැනෙන බව කව්රුන් හෝ මා සමග පවසා ඇත. එහෙත් ගුවන් ගමන් වල යෙදෙන විට ආහාර වල රසය දැනෙන්නේ අඩුවෙන්ලු. එහි විද්‍යාත්ම හේතුව මා දන්නේ නැත. එම කාරණය නිසා ගුවන් මගියාට දෙන ආහාර වලට රසකාරක යහමින් එක් කොට ඇත. 

ඇත්තටම එය අපූර්ව පානයකි. එහි අගයන් ලෙස ඔවුන් දක්වා ඇත්තේ කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් ආදී රෝග රැසකට සුව දෙන බෙහෙතක් බවයි. ලෙමන් පොත්තද එයට එක් කල නිසාදෝ කට කාරාගෙන යන ගතියක් දැනුනද? එය දාහය නිවා ගැනීමට කදිම පානයකි. මා ඩයනා ක්‍රිකට් වෙළඳ ශාලාවට ගමන් ගතිමි වැඩි වෙලාවක් ගත නොකොට පා ආවරණ, සහ සංජීවට අවශ්‍ය දේ මිලදී ගතිමි. ඒ සඳහා බිල් ක්‍රෙඩිට් කාඩ් පතක් ආදාරයෙන් ගෙවා දැමුවේ අතේ යම් මුදල් ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට අවශ්‍ය නිසාය. එම සාප්පුවේ අධිපති තුමා සමග කුළුපග වීමට ගත වුයේ සුළු කාලයකි. ඔහු මා සමග ඉතා උනන්දුවෙන් කතා කල අතර මේ මා මිලදී ගත ස්කින් ෆිට් එක පරීක්ෂා කොට

Why is this made in China? (ඇයි මේ චීනයේ නිපදවූ ඒවා) මෙමගින් මා වක්‍රව ඉන්දීය දේශානුරාගයට කුඩා පහරක් එල්ල කලෙමි.
You are telling a biggest joke. Can you tell where that indian uniform made ? (ඔබේ කියන කතාව හරිම විහිළුවක්. ඔබට කියන්න පුලුවන්ද අතන තියෙන ඉන්දියන් නිල ඇඳුම කොහේ මහපු එකක් ද කියා ?)
 No, I have no idea ? (මට ඒ ගැන අදහසක් නෑ)
Just see ? (එය අරන් බලන්න)
Made In Sri Lanka !!! 
මා නැවතත් අපහසුතාවයට පත් වුනි. නයිකි සමාගමේ ක්‍රීඩා නිමි ඇඳුම් වැඩි කොටස නිෂ්පාදනය කරන්නේ ශ්‍රී ලංකාවේ බව මට වැටහුනේ මේ මොහොතෙදීමයි. 2011 ලෝක කුසලානයේ ඉන්දීය කණ්ඩායමේ නිල ඇඳුම් සඳහා නයිකි සමාගම අනුග්‍රය දක්වන බව දන්නා නමුත් එය පුදුමයට කරුණකි. එයින් එලියට බට මා ටැක්සියක් හයර් කරගෙන මේ යාමට සැරසෙන්නේ එම සාප්පු හිමියාගෙන දැනගත් පරිදි ෆීනික්ස් මෝල් එකටය. ඔහුට අනුව එය මුම්බායි හී තිබෙන විශාලම සාප්පු සංකීරණ වලින් එකකි. ටැක්සි කරුවා මොහොතකට නවත්වා ගත් මා vodafone කාඩ් පතක් කඩයකින් මිලදී ගතිමි. එම කඩහිමියා මගෙන් විමසා සිටියේ මා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ද යන්නයි. මා සහයෝගය දෙන අයෙක් පමණක් බව පවසා  ෆීනික්ස් මෝල් එක බලා ගියෙමි. මධ්‍යාහ්ක්නය එළඹෙමින් තිබුනත් එම ප්‍රදේශයේ තිබෙන ගස් කොලන් ප්‍රමාණය නිසා යම් මට්ටමක සිසිලක් දැනුනි.
සචින්ලා ළමා අවදියේ ක්‍රීඩා කරන්නට ඇතැයි විශ්වාස කල හැකි ක්‍රීඩාංගනය.

මුලින්ම දුම්රිය ස්ථානයෙන් ඇවිද එත්දී ක්ෂේවියර් නමැති පාසලක් හා ඊට යාබද ක්‍රිකට් ක්‍රීඩාංගනය දැක මෙහි සචින්ලා, කම්බ්ලිලා කුඩා කාලයේ පුහුණු වන්නට ඇත යන හැංගීම හිතට ආවා. 

ෆීනික්ස් මෝල් යනු ආදී සුඛෝපභෝගී මහල් හත අටක් පමණ ඇති සාප්පු සංකීර්ණයකි. ලෝකයේ තිබෙන මිල අධිකම ඒ වාගේම ඉස්තරම්ම බ්‍රෑන්ඩ් වර්ග වල කඩ සාප්පු වලින් පිරී ඇති එම සාප්පු සංකීර්ණය අපගේ ක්‍රෙස්කැට් සිහි ගන්වන්නකි. නමුත් සම්පූර්ණයෙන් වෙනස් තැනකි. මා වඩාත් මිලදී ගැනීම් කලේ පැන්ටලූන් නමැති වෙළඳසැලෙනි. මා කල මිලිදී ගැනීම් ඔබට පැවසීමෙන් ඵලක් නැත. එක්තරා සාප්පු සේවකයෙක් පැවසූවේ දැන් මොහොතකට කලින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහි සිට පිට වූ බවය. අඩුම තරමේ ඔවුන්වත් මුණ ගැසුනා නම්? සුබ පතන්නට තිබුණි. එහෙනම් මේ ගමන යම් ප්‍රමාණයක සාර්ථකත්වයක් ඇතැයි පැවසිය හැකිව තිබුණි. එහෙත් මට ඔවුන් මුණ ගැසුනේ නැත. ඒ වෙනුවට ඉන්දීය විස්තර විචාරක අරුන් ලාල් මහතා මුණ ගැසිනි. ඒ සැම්සුන්ග් ප්‍රදර්ශනාගාරයේදීය. මට ඔහුගේ චායාරුපයක් ගත නොහැකි වුයේ එම සාප්පුවේ කැමරා භාවිතය තහනම් වූ බැවිනි. මේ ලඟක් වනතෙක් භාවිතා කල ජංගම දුරකථන ආවරණය මිලදී ගත්තේද එම ස්ථානයෙනි. 
මෙය හොරෙන් ගන්නා ලද චායාරුපයකි.

එම ස්ථානයෙන් දිවා ආහාරය ගත්තද? ඒ මොනවාදැයි මට මතක නැත. මා නැවතත් පිටත් වීමට ටැක්සියක් කතා කර ගත්තේ රුපියල් 250 කට වැනි මුදලකටය. ඒ මගේ ළඟ ඇති බඩු භාණ්ඩ වැඩි නිසාය. එක් වරක් මොහොතකට ඇහැ පියවී ඇහැරුණු කල මගේ දොර කවුළුව අසල වුයේ අර නාඩියගේ ඉන්දීය සංචාරයේ විස්තර කර ඇති සාරිය අඳින පිරිමියෙකි. මට එක වර කෑ ගැසිනි. ටැක්සි කරු සිනාසී ඉදිරියට ගමන් ගති. 

තවත් කොටසකට මෙය ඇදගෙන යාමට හේතුව මුම්බායි ගුවන් තොටේදී මා ලැබූ අත්දැකීම ඔබට පැවසිය යුතුම දේවල් වන නිසාය. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...