Wednesday, February 27, 2013

e-mail හුට පට ....

අපි මුලින්ම e-mail එකක් අටවා ගත්තේ එක්දාස් නවසිය අනූ ගණන් වල අග භාගේ. ඒ කාලේ බොහොම සීමිත පිරිසක් තමයි e-mail භාවිතා කලේ. තියෙන අය මේක බොහොම ලොකු දෙයක් විදියට තමයි යොදා ගත්තේ. ඒ කාලේ අන්තර්ජලා භාවිතයත් බොහොම අඩුයි. හේතුව තමයි ඒ සඳහා වන පිරිවැය. මොකද දැන් පාවිච්චි කරන දත්ත ප්‍රමාණයට (Pay per packet) ආකාරයට බිල හැදුනත් ඒ කාලේ පාවිච්චි කරපු වෙලාවට (pay per minute/seconds) තමයි බිල ආවේ. සමහර මාස වල බිල ආවහම දෙලෝ රත් වෙනවා. නමුත් ලොකු මුදලාලිලා නොදැන ගත්තු අන්තර්ජාලා ප්‍රවේශන නාම සහ රහස් වදන් ඒ කාලේ සමාජයේ බොහෝ ලෙස ප්‍රචලිත වෙලා තිබුන නිසා ඒ හැටි ගැටළුවක් වුනේ නෑ. ඉතිං එවන් යුගයක  e-mail යැවීල්ලත් බොහොම සීරු-මාරුවට සිදු වුනේ. බොහොම පරිස්සමට තමයි පාවිච්චිය. පිටරටවල ඥාති මිත්‍රාදීන් ඉන්න අය තමයි වැඩියම ඕවට උනන්දු වුනේ.  ඒ කාලේ  e-mail පණිවුඩයක් යවලා ඒක බලන්න කියලා කෝල් කරලත් කියන්න ඕනේ තරමට මේවා නිරතුරු පරීක්ෂාවේ නොහිටි යුගයක්. 

සාපේක්ෂව ලංකාව අද අන්තර්ජාල භාවිතාව(penetration) ඉහලම රටක් කියලා අපිට භය නැතිව උදම් අන්න පුළුවන්. අද  e-mail ගිණුමක් facebook ගිණුමක් නැති කෙනෙක් නැති තරම්. අපේ තාත්තලාගේ පරම්පරාවේ අයට තමයි නැත්තේ. අලුත් පරම්පරාවේ අය අන්තර්ජාල ඇසුර බොහොම වැඩියි. පරිඝණකයක් නැති ගෙදරක්, ඩොන්ගල් එකක් නැති කෙනෙක් හොයා ගන්නත් අමාරුයි. ඔබ කියාවි ඕවා නගරයේ විතරයි කියලා. ඒත් මම 2002 දී විතර අරලගංවිල ප්‍රදේශයට ගියා අපේ ශාඛා විසිත්තයක් විදියට, එහෙම ගිහින් සබන් කෑල්ලක් ගන්න පොඩි කඩයකට ගොඩ වුණා. මුදලාලිගේ මෙසේ පැත්තක IBM වර්ගයේ පරිඝණකයක් තිබුණා. අද මගේ  e-mail ගිණුමෙන්, බ්ලොග් එකෙන්, facebook ගිණුමෙන් මම ඈත් වෙලා ඉන්නේ නින්දට වෙන් කරලා තියෙන පය 4-5ත්, නිවසේ ඉඳලා කාර්යාලයට යන වෙලාවත්, වැසිකිලි අවශ්‍යතා ඉටු කර ගන්න වෙලාවල් වලදීත් විතරයි. නිදියන වෙලාවෙත් අන්තර්ජාලයට සම්භන්ධ කල පරිගණකය සුදානමින්. ඒ ඇහැරුනා වෙලාවකට ඉක්මණින් බලන්න. බස් එකේ යත්දී ජංගම දුරකථනය සුදානම්. 

අද ලොව පුරා හුවමාරු වෙන,  e-mail පණිවුඩ ගණන, සමාජ ජාලා පණිවුඩ, skype කතා බහ, chat ප්‍රමාණය ඉරි වලින් ඇන්දොත් ලෝකය නූල් පන්දුවක් විදියට වැහිලා යාවි. ඉතිං හුවමාරු වෙන ප්‍රමාණයත් එක්ක ගත්තම වරදින්න තිබෙන හැකියාවත් අඩුයි.

මගේ මිතුරෙක් ඉන්නවා. බොහොම අඩු කාන්තා ඇසුරක් තියෙන. කොටින්ම එයාගේ බිරිඳත් එක්කත් වැඩි ගනුදෙනුවක් නෑ. නම් ගම් සඳහන් කරන එක මගේ ශරීර සෞඛ්‍යට හොඳ නැති නිසා, මිත්‍රයාට අපි AKMan කියමු. එතකොට දන්නෝ දන්නවා. හැබැයි මේ නම නෙවෙයි. AKMan ට  e-mail එකක් හදල දුන්නෙත් මම. තවමත් එකමද මන්ද පාවිච්චි කරන්නේ ? මගේ මිත්‍රයා ඔය ඔෆිස් එකේ ඉන්න පොඩි කෙල්ලන්ට විහිලු තහළු නම් කරනවා. මෙයාගේ හැටි දන්නා නිසා එයාලත් බය නැතිවම කියන දේවල් අහන් ඉන්නවා. මොකද හිතේ කහටක් තියාගෙන කියන ඒවා නෙවේ කියලා දන්නා නිසා. අනිත් එක මිනිහා හරිම නීතිගරුකයි. අකුරට වැඩ. වෙලාවට වැඩ. පරක්කු වුනොත් තමන්ගේ බිරිඳටත් සමාවක් නෑ. ඉතාම පිරිසිදුවට පිළිවෙලට වැඩ වගේම තමන්ගේ මෙසේ, ගෙදර අස්-පස් කරන් ඉන්න මේ යාළුවා, තමන්ගේ e-mail එකත්, ඉතා පිරිසිදුව තබා ගත්තා. ඒ කියවා අවසන් කර, ෆොර්වර්ඩ්/රිප්ලයි කල පසු සියලුම පණිවුඩ මකා දැමීමෙන්. හැබැයි මිනිහා මොනවා මැකුවත්, මකන්න බැරි එකක් මිනිහා ෆෝවර්ඩ් කරලා තිබුණා.


පින්තුරය ගත්තේ : www.rswarrior.com (මවිසින් lens කර ඇත)
තමන්ට ලැබෙන e-mail ඔෆිස් එකේ ඉන්න පුංචි නංගිලා සෙට් එකට ෆොර්වර්ඩ් කරන පුරුද්දක් අපේ මේ යාළුවාට තිබුණා. අහිතකින් නොවෙයි. විහිලු-තහලුවට. ඔන්න දවසක් මිනිහට ටයර් සම්බන්ධ වෙළඳ දැන්වීමක් ආවා. මේකේ තියෙන්නේ අඩ නිරුවත් කාන්තාවක් හිටගෙන ඉන්න දර්ශණයක්. බලාගෙන ඉන්න ඕනෑම කෙනෙකුගේ සිත් ඇද ගන්නා සරාගී පෙනුමක් සහිත මේ රූමතිය දිහා ඕනෑම නාඩි වැටෙන පුද්ගලයෙක් ඇහැ අහකට ගන්නේ නැතිව බලා ඉඳීවී ඕනෑම වෙලාවක්. ඊළඟට කව්රුත් නොහිතන දෙයක් වෙන්නේ. ඇගේ නිරුවත් දෙපා අතරින් ඇදී එන්නේ ලොව සුපතල ටයර් වර්ගයකින් එකක්. කී දෙනෙක්ගේ හිත මේ ටයර් වෙත ඇදී ගියාදැයි මම දන්නේ නෑ. මිත්‍රයා දෙවරක් නොහිතාම තම මිතුරු මිතුරියන්ගේ නම ටයිප් කර කර මේ mail එක ෆොර්වර්ඩ් ලැයිස්තුවට එකතු කළා. ආහ් ! මිනිහගේ තව පුරුද්දක් තියෙනවා. ඒක තමයි ෆොර්වර්ඩ් කරන mail එකක තියෙන තමන්ට කලින් එවපු කෙනාගේ තොරතුරු මකලා යැවීම. එතකොට අර subject box එකේ තියෙන Fwd:Fwd:Fwd... වගේ ඒවා සහ පණිවුඩයේ තියෙන e-mail ලිපිණයන් මකා දමනවා. දකින කෙනා හිතන්නේ මේක AKMan ගේ වැඩක් කියලා. 

ඉතිං අර mail එක යවලා සුපුරුදු රාජකාරියේ යෙදිලා  ඉන්නකොට, විනාඩි 10ක් යන්න කලින්  මිනිහට ආවා දෙපාර්තමේන්තු ප්‍රධානියාගෙන් දුරකථන ඇමතුමක්.

"AKMan මොනවද අයිසේ මේ දාගන්න ලෙඩ ? බලනවා තමුසේ මහා ජරා e-mail එකක් DGM ඉන්ද්‍රසිරිට යවලා නේ"

"නෑ සර් මම කාටවත් DGM කෙනෙකුට e-mail. යැව්වේ නෑ. අද උදේ මගේ යාලුවොන්ට නම් මම mail එකක් ෆොර්වර්ඩ් කරා"

"මම දන්නෑ තමුසෙම ගිහින් උත්තර දෙනවා. මට හිතෙන විදියට විනය පරීක්ෂණයකුත් තියයි. දන්නවනේ DGM ඉන්ද්‍රසිරිගේ හැටි" (DGM ඉන්ද්‍රසිරි කියන්නේ ඉතා හැඩි දැඩි පුද්ගලයෙක් වගේම, මුහුණේ හිනාවක් නැති බොහොම ගාම්භීර පුද්ගලයෙක්. එයා එන මගකවත් කෙනක් ඉන්න බයයි. මුළු බැංකුවේම ඉන්න සේවකයෝ ඉතාම බයයි එතුමාට)

මෙහෙම කියලා දවසක් දෙකක් යනකොට පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අපේ මිත්‍රයාට කැඳවීමක් ආවා. AKMan ගේ සියල්ල මකා දමන ප්‍රතිපත්තිය නිසා වුන දේවත් හොයා ගන්න බැරි වුණා. ඒත් මිනිහා අලුත් මේල් එකක් යවන්න වගේ එක එක නම් ටයිප් කරනකොට මිනිහට වෙච්ච් දේ පැහැදිලි වුණා. 

පරීක්‍ෂකයා : (මුද්‍රිත e-mail එකක් පෙන්වමින්) ඔයාද මේක DGM ඉන්ද්‍රසිරිට යැව්වේ ?

AKMan: ඕක යැව්වේ නම් මම තමයි. ඒත් DGM ට යැව්වේ නෑ. අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්නවා නංගි කෙනෙක්, එයාගේ නම ඉන්ද්‍රමාලි. e-mail ඇඩ්රස් එක indramali@gmail.com ඒක ටයිප් කරද්දී සර්ගේ එක තමයි ඇවිත් තියෙන්නේ. මට ඒක ඒ තරම් නෝට් වුනේ නෑ(DGM ගේ මේල් ඇඩ්රස් එක indra@අපේආයතනය.lk ). 

පරීක්ෂක : හොඳයි. මම පිලි ගන්නවා මේක අතපසු වීමක් කියලා. ආයි මේ වගේ ඒවා වෙන්න තියන්න එපා. හොඳයි දැන් යන්න. මම DGM සර්ටත් කියන්නම්.

අපේ මිත්‍රයා ජයග්‍රාහී විලාසයෙන් ආවේ. මොකද වැඩේ ගොඩ හින්දා. හැබැයි මිනිහට හිතට හරි මදි නියම තැනට අර මේල් එක නොගිය නිසා. යාලුවෙකුට කතා කරලා ආයෙත් අර මේල් එක ගෙන්වාගෙන යැව්වලු. හැබැයි දෙවෙනි පාරත් DGM ගේ මේල් එක ටයිප් වෙලා කියලා තමයි රට්ටු කියන්නේ. 

නම්, ගම්, e-mail  මන:කල්පිතයි 
_______________________________________________

මේ කතාවේ නම් මන:කල්පිතව නම් දැම්මොත් කතාවේ කිසිම රසයක් නැති වෙනවා.  ඒ නිසා වෙච්ච ආයතනයේ නම සඳහන් නොකර ඉන්නම්. ඒ මේල් එක ටයිප් කරපු කෙනාගේ නමත් රහසක් ලෙස සඟවා තබා ගන්නම්. ඒත් මේකට අදාල ලෝක්කගේ නම නම් සඳහන් නොකර මේ කතාව ලියන එකේ කිසි ගතියක් නෑ. මේකට මම මාතෘකාවක් දානවා

තාක්ෂණයේ දියුණුවෙන් බැට කන මිනිස්සු කියලා.

මේ ලොක්කා e-mail ටයිප් කරන්න හොරයි. ඒකට හේතු කාරණා විදියට කවුරුත් හිතන් හිටියේ ලොක්කගේ ඉංග්‍රීසි දැනුම අඩුයි කියන එක. නමුත් සත්‍ය හේතුව තමයි තමන්ගේ mail ඇඩ්රස් එක භාවිත නොකර අනෙක් ස්ථාන වලට අදාළ ඒවායි මේවා යවන එක. නමුත් යවන්නේ තමන්ගේ නමින්. ඉතින් දකින කෙනාට නිකංම තේරෙනවා මේක අදාළ පුද්ගලයා එවපු එකක් නොවෙයි කියලා. ඒ වුනත් ඇඟ බේරා ගන්නා කලාව හොඳින් හදාරා තිබුන මේ කෛරාටික ලොක්කා නිතරම අනුන් ලවා වැඩ කරවා ගන්න පුරුද්දක් තිබුණ. නිල බලයේ හැටියට ලේකම් වරියක් තබා ගන්න ඔහුට අවසර තිබ්බත් වියදම් අඩු කිරීමේ පරමාර්ථයෙන් එම අසුන හිස්ව තබා අනෙකුත් සේවක/සේවිකාවන්ගෙන්ම ඒ අවශ්‍යතා ඉෂ්ඨ කර ගන්න මේ නිලධාරියා වග බලා ගත්තා. 

දවසක් මෙම ආයතනයට සේවා සපයන සමාගම් කිහිපයකට, තාක්ෂණික නිලධාරීන් කිහිපයකට සහ ආයතනයේ ඉහල නිලධාරීන් කිහිපයකට යවන්න අවශ්‍ය e-mail එකක් අකුරු කරන්න ඉල්ලා සිටියා එම ස්ථානයේ ඉන්න ඉතා දක්ෂ ඒ වගේම කීකරු සේවකයෙක්ට. ඉතා ඉහල නැති වුනත් අර නිලධාරියාගේ ඉංග්‍රීසි දැනුමට වඩා දැනුමක් මේ කොල්ලට තිබ්බා. යවන්න අවශ්‍ය දේ කිව්ව ගමන් ලිපිය අකුරු කර ගන්න තරම් මේ සේවකයා සමත් වුණා. වෙනදාට මේවා අකුරු කරන්නේ හොඳ ඉංග්‍රීසි දැනුමක් තිබෙන කනිෂ්ඨ නිලධාරී දෙදෙනෙක්. 

මේ කොල්ලා කොච්චර දක්ෂ වුනත් කොයිකටත් කියලා යවන්න කලින් නැවතත් e-mail පණිවුඩය කියවා සැක හැරගෙන වැඩි හොඳට spell checker එක අධාරයෙන් වචන නිවැරදි කළා. තමන්ගේ අක්ෂර වින්‍යාස පිලිබඳ හොඳ විශ්වාසයක් තිබුණ මේ සේවකයා "correct all" කියන මනාපය තෝරා මෙම ලිපිය ඉක්මනින් යවා තිබුණා. 

මෙම ලිපිය ලද සියලු දෙනා මවිතයට පත් කරමින් යවන්නාගේ නම සටහන් වී තිබුනේ

චැපල් (Chappel) 

ලෙස. මම කියවන ඔබට අවස්ථාවක් දෙනවා ලොක්කාගේ නම මොකක්ද කියන්න.

moral of the story 

ඔබ යවන e-mail පණිවුඩ send button මත ක්ලික් කිරීමට පෙර නැවතත් කියවා බලන්න. යවන්නේ නිවැරදි පුද්ගලය්න්ටදැයි සැක හැර දැන ගන්න. 

____________________________________________

ප.ලි. : බ්ලොග් ලියන AKM ට අසාධාරණයක් නොවන්නට, මෙහි AKM ලෙස තිබූ කතානායකයාගේ නම AKMan ලෙස වෙනස් කරන ලදී. 


71 comments:

  1. එල කතා ටික. ඔය කියන නම තමයි හිතාගන්න අමාරු..

    ReplyDelete
    Replies
    1. තව ටිකක් හිතල බලන්න.

      Delete
  2. හපොයි මමනම් ඊයක් යවන්නෙ දහසැරයක් විතර බලලා මොකද ආපහු ගන්නයැ අපේ සර්වර් එකෙන්නම් මොනවා හරිකරතහැකි එලියට ගියාට පස්සෙ කොහෙන් කියලා ආපස්සට ගන්න යැ

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ කොතැනක හරි වැරදිලා ඇති. :)

      Delete
    2. හපෝ නෑ වැරදිලා යවපු උන් ආපස්සට ගන්න කියන මේල් බැලුවම එහෙම හිතනවා

      Delete
  3. නොසන්ඩාල ඉහල නිලධාරියෙකුට අපි කරපු වැඩේ, මෑන්ගේ නම ටයිප් කලාම ගොනෙකුගේ ක්ලිප් ආර්ට් එකක් එන්න වර්ඩ් වල ඔටෝ කරෙක්ට් ඔප්ෂන්ස් වලින් හදලා තියපු එක. ඒක ඉතින් අවුට්ලුක් වලටත් බලපානවානේ. මිනිහ යාළු මිත්‍රයින්ගෙන් එහෙම අහල කලේ ශේප් එකේ ඔෆිස් අයින් කරලා අලුතින් දාපු එක.

    අපට JPG කම්ප්‍රෙෂන් ගැන කියා දීපු ගුරුවරයාට මම ෆේක් ඊ-මේල් එකකින් ජීවමාන ප්‍රමාණයේ දැවැන්ත අසැබි පින්තුරයක් යවල ඇහැව්වා මේක මෙච්චර ලොකු එකක් වෙලා ෆයිල් සයිස් මේ තරම් අඩු ඇයි කියලා. :) , ප්‍රශ්නෙට පිළිතුරක් නැහැ ලේසියෙන් එවපු කෙනා හොයා ගෙන ලීගල් ඇක්ෂන් ගන්න බවට ෆේක් තර්ජනයක් කලා මිසක..

    ReplyDelete
  4. මටත් ඔහොම වැරදිලා ඇඩ්‍රස් පික් වෙලා කැලේ ගිය අවස්ථා එමට තියනවා..මට ඉස්සර ඔය යවන්න කලින් ඇඩ්‍රස් චෙක් කරන පුරුද්ද තිබුනෙම නෑ.. කොහොමත් දඩි බිඩි වැඩ තියෙන්නෙ.. හැබැයි රට ඇවිල්ලා එකිනෙකාට තරඟකාරී ආයතන කිහිපයකම සේවාදායකයෙක් වශයෙන් කටයුතු කරන්ඩ උනාට පස්සෙ ඒ පුරුද්ද නිකන්ම හැලිලා ගියා.. හැලිලා ගියා කිව්වට හැලිලම ගියේ නෑ.. :D ( ජන්මෙට වැඩිය පුරුද්ද ලොකු වීම )

    අර නම Chaplin ද ?

    ReplyDelete
    Replies
    1. Chaplin වගේ නමකට Chappel වැටුනානම් කමක් නෑ.

      Delete
  5. නමනං හිතාගන්න අමාරුයි.....

    ReplyDelete
    Replies
    1. තරියට ඉතිං අනුෂ්කා කියන නම අර වෙන මොකක් වත් නෑනේ.

      Delete
  6. ගර්ර්ර්

    ReplyDelete
    Replies
    1. ගොරවන්නැතුව ඉඳපන් මම මස් ටික දෙන්නම්.

      Delete
    2. බාගෙකුත් එක්කම

      Delete
    3. එතකොට සැන්ඩියි බයිටුයි?

      Delete
    4. හ්ම්.. හ්ම්.. නලින්.

      Delete
  7. මට හිනා ගියේ AKM, DGM, කියලා කමෙන්ට් කරන අය ඉන්නවා නේද?

    ඔය නම උඩ ක්ලික් කරලා mail address එක තෝරගන්න එක භයානකයි කියන එක මම නම් හොඳින්ම දන්නවා.:)

    අර නම් 'චමිල' වෙන්ට ඇති.

    ReplyDelete
    Replies
    1. හපොයි එහෙමද ? AKM කියන නම මම මේ කතාවට අවශ්‍ය නිසා හදා ගත්තේ. මිනිහගේ නමේ මුල් අකුරු දෙක ඔතන තියෙනවා. මිනිහට අපේ යාලුවෙක් චිට්‍රකතාවක තියෙන නමක් දැම්ම ඒකෙ අකුරු තුනක්ම AKM කියන එකේ තියෙනවා.
      DGM - Deputy General Manager

      චමිල වුනා නම් තව කමක් නෑ. මේක Rhyming word එකක් විදියට ඇවිත් තියෙන්නේ.

      Delete
    2. පොඩ්ඩිටත් ඉතිං හිනා යන්නනම් අපිම ඉන්න එපායැ. අර චන්දනයා ලියලා තිබුණේ ඇටිකුටු චුස් කියලා එකක්. ඒකෙ වගේ.

      Delete
  8. හික්ස්! මමත් ටික වෙලාවක් බලං හිටියා! මොකෝ නාඩි වැටෙන එකානේ! අප්පේ..ආයේ send එකනම් click කරන්නේ නැතෝ!

    ReplyDelete
    Replies
    1. මම හිතාගෙන හිටියේ අනිත් අයගේ නාඩි විතරයි අල්ලන්නේ කියලා. :)

      Delete
  9. මගෙත් මිත්‍රයෙක් අර වගෙ වැරදීමකින් අතිශයින් රහසිගත මේලක් ඒකට සම්බන්ධ එකාටම යැවුවා.. අන්තිමට බොහොම අමාරුවෙන් වැඩේ ගොඩ ගත්තෙ. විශේශයෙන්ම පරෙස්සම් වෙන්න ඕනෙ දෙයක් තමයි ලිපින යොදන එක..

    ReplyDelete
    Replies
    1. මට හිතා ගන්න පුළුවන්.

      Delete
  10. හපොයි... ඊ මේල් අලකලංචි.... මට නම් ඔය වගේ වැඩ වෙලා නෑ තාම නම්.....

    ReplyDelete
  11. mage yaluwa ge job eka nati una, seat eka nati welavaka uge mail account ekan MD ta mail ekak send karala.
    (bcc bohama bayanakai)
    Jayawewa

    ReplyDelete
    Replies
    1. ඕව බෙල්ල ගහල යන වැඩ.

      Delete
  12. අඩේ මේ බ්ලොග් ලියන akm ද? අකමෝ මෙන්න උඹේ රෙදි ගලෝලා.නම නං හිතන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඔය අකමා කොහොමද මගේ ඔෆිස් එකේ ඉන්නේ? මේක කෙටි කරලා හදපු නමක්.

      Delete
    2. සමහර විට හම්බ වෙලත් ඇති ෆීල්ඩ් විසිට් යනවනේ. :p

      Delete
    3. ඔයා කොයි පැත්තේද ?

      Delete
    4. ආපෝ... මං බෑන්ක් එහෙක නෙවෙයි වැඩ කරන්නේ. ඉන්නේ සබරගමුවේ කියලා හිතාගන්නකෝ...

      මගේ ෆෝන් එකේ මෙමරි මදි හින්දද කොහෙද කමෙන්ට් කරන්න අමාරුයි. ඉතිං හොරෙන්ම බලලා යනවා. ගෙදර ඉන්න පැය දෙක තුනේ ඔච්චර සෙල්ලම් දාන්න අමාරුයිනේ සුදීක අයියේ.

      Delete
  13. හුට පට නේනෙන්නම්,, නම හිතාගන්න අමාරුයේනෙ අය්යණ්ඩියා..

    ReplyDelete
    Replies
    1. මේක හිතා ගන්න නම් අමාරුම තමා.

      Delete
  14. මම හිතුවේ බ්ලොග් ලියන අකමා කියලා... මටත් ඔය සීන් එක වෙලා තියනවා..හැබැයි දරුණු සීන් එකක් නම් වෙලා නෑ තවම

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මෙයා මාත් එක්ක වැඩ කරන කෙනෙක්.

      Delete
  15. අපේ අකමා බෙල්ලේ වැල දාගනී මේක දැකලා.. හි හි...

    ඔහොම ඊමේල් අවුලක් වෙලා අපේ ඔෆිස් එකේ එකෙක්ව අස් කරලා දැම්මා.. හොංකොං වල අපේ එකවුන්ටන් හිටියේ සූ චින් කියලා කෙල්ලෙක්.. මූ වැරදිලා ඔය වගේ ෆොටෝ එකක් එයාගේ මේල් එකට ඇරලා... මොනා කරන්නද.. ඕකට කලිනුත් වෝනිං දිලා තිබ්බා අපි... හිටපු ගමන් අපිටත් එවනවා කෙල්ලන්ගේ ෆොටෝ.. මං නං කියලා තිබ්බා මට වැඩක් නෑ ඕවයින් .. ඒක නිසා මට එවන්න එපා කියලා... හි හි..

    දැන් නම් ඊ මේල් යවන්නෙම නැති තරම් මම...

    ReplyDelete
    Replies
    1. ඉස්සර ඉතිං e-mail ටික චෙක් කර ගන්න කං ඉවසිල්ලක් නෑනේ. මම කැෆේ වලිනුත් චෙක් කරලා තියෙනවා.

      Delete
  16. Replies
    1. මේකේ උත්තරය කිව්වම හිතා ගන්නම බැරි වෙයි මචං.

      Delete
  17. ඉස්සර......"ගිය නුවණ ඇතුන් ලවාද ඇද්ද නොහැකිය"

    දැන්..........."ගිය ඊ මේල් ඇතුන් ලවාද ඇද්ද නොහැකිය"

    ReplyDelete
  18. ඔබ කපටිකමක් කර තිබෙනවා. කෙසේ හෝ අදාල තරුණීයගේ e-mail ලිපිනය සඳහන් කර තිබෙනවා.
    මේ වාගේ දේවල් සමහර ෆේස්බුක් භාවිත කරන්නන්ටත් සිදුවෙනවා.
    තම පවුලේ වැඩිහිටියන්ද Add කරගෙන සිටියත්, සමහරුන්ට තම පුරුදු සුදුසු පරිදි හැඩගස්වා ගැනීමට බැරිව තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. //නම්, ගම්, e-mail මන:කල්පිතයි //

      අනේ නිර්මලෝ පලවෙනි කතාවේ අගින් තියෙන ඔය කෑල්ල දැක්කේ නැත්ද? ඔයා මේක කිව්වහම මට වෙච්ච හොඳ කතාවක් මතක් වුණා. දැන් වගේ සමාජ ජාලා නැති කාලෙක, ඒ කියන්නේ 2005-2006 වගේ කාලේ තිබුණා, යාහු ගෘප්, ගූගල් ගෘප්. ඒ හරහා තමයි අද වගේ පින්තුර, කතා share වුනේ. එක්තරා තරුණියකගේ e-mail ලිපිණයත් ඔය ගොඩට කොහොම හරි ඇවිත් තුබුණා. මම කිහිප වතාවක් යවපු message වලට පිළිතුරු දෙමින් ඈ ඉල්ලා සිටියා ඇයට කරදර නොකරන ලෙස. මම පිළිතුරු ලෙස කීවේ මා ඇයට විශේෂයෙන් එවූ දෙයක් නොවන බව. අවසානයේ ඇය මට තර්ජනය කළා ඇගේ e-mail ලිපිනය ඉවත් කර ගන්නා ලෙස.

      Delete
  19. හෆොයි මේ මේලක් හින්ද වෙන දේවල්.

    අර අකම නං මේකට ලීගල් ඇක්ෂන් එකක් ගනී වගේ. :D

    ReplyDelete
    Replies
    1. ඔය අකමා මෙහෙ එනවානම් තමයි ඔය ප්‍රශ්නේ.

      Delete
    2. පා සටහන් නොතබා යෑමේ වැරැද්ද.....

      Delete
    3. ඒකනේ මම කලින් පොස්ට් එකකින් කිව්වේ "." වත් තියල කමෙන්ට් කරන්න කියලා.

      Delete
  20. Chandhrapala

    Champika

    අම්මෝ ඔය send to the group හෙමත් වහ කුප්පියක් තමයි

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෑ ඔය නම් දෙක නම් කාටවත් හිතා ගන්න පුළුවන් වෙයි කියලා.

      Delete
  21. ආවේ කොහෙන්ද කියලා නම් මතක නෑ. හැබැයි ඕං රෝලට එකතු කොලා.

    හ්ම්හ්... හාස්‍යයට යටින් අපූරු තොරතුරු පනිවිඩයකුත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අපි ආනන්දයෙන් ප්‍රඥාවට යන්න එපැයි.

      Delete
  22. මමනං හොදට බලලා තමා මේල් යවන්නේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. නැත්නම් ඉතිං මිනී තුනයි පෙට්ටි දෙකයි තමයි.

      Delete
  23. චම්පාල්

    වෙලාවට පලිය දාලා තිබුණේ. මං මේ කල්පනා කලේ වැරදිලාවත් අකුරු දෙක තුනක් ටයිප් කලොත් ඒකටත් මොකෙක් හරි ඉන්නවනේ අයිතිය කියාගෙන. නැද්ද මං අහන්නේ.

    -----
    මේ අපේ එක බ්‍රාන්ච් සුපවයිසර් කෙනෙකුට වෙච්ච දෙයක්. ඌ අපේ මැනේජර්ට මේල් එකක් යවලා "I have six items" කියන්න ඕනි එකට "I have sex items" කියලා.

    ------
    දෙවෙනි එක මට වෙච්ච දෙයක්.

    එදා මං අපේ හෙඩ් ඔෆිස් එකේ කොල්ලෙකුට අප්ඩේට් ටිකක් යව යවා හිටියේ. (වෙලාවට ඌ පට්ට ෆිට් බුවෙක්) උගෙ මේල් ඇඩ්රස් එක D අකුරින් පටන් ගන්න එකක්.

    මට පහු වෙනිදට නිවාඩුවක් ගන්නත් ඕනි. ඉතිං මං මේල් එක කොටලා ලොක්කෝ ඔක්කොටම දාලා යැව්වා. ටිකකට පස්සේ මෙන්න අපේ එව්වො කෑ ගහනවා ලීව් අපෘවල් හම්බ වෙලා කියලා.
    [co="red"][hi="yellow"]"හරි හරි දවස් දෙකක්ම ගනින්කෝ"[/hi][/co] කියලා තිබුණේ. බලනකොට වෙලා තියෙන්නේ HR එකේ ඉන්න D අකුරින් පටන් ගන්න කෙල්ලෙකුට යවන්න ඕනි එකත් පුරුද්දට මූට යවලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඕක කිව්වහම මට තව කතාවක් මතක් වුණා. MSc project එකකට Presentation එකක් කරපු අපේ යාලුවෙක්ගෙ හැම ස්ලයිඩ් එකකම message කියන එකට massage කියන එක. සර් කිව්වා you better check your spelling කියල. ඒත් ඌට තේරුනේ නෑ.

      Delete
    2. මේ ටික කියද්දී මේ දවස් තුනකට කලින් මට මගේ ගෝලයෙක් එවපු චැට් මැසේජ් එක මතක්වුනා..

      අපි සාමාන්‍යයෙන් G Talk ඉන්නවා IT ටීම් එකම. එතැනදී වුනත් අපේ නීතිය චැට් එකක් එවද්දී සම්පුර්ණ වචන ටයිප් කරලා වැදගත් විදියට එවන්න ඕනේ කියන එක. ඒ තියාගන මූ මට එවනවා I cum to Porto කියල.. පෝර්ටෝ කියන්නේ මෙහෙ තියන එක තැනක්. මට දැක්ක ගමන්ම හිනාගියා මූ කොරපු වැඩේට...

      Delete
    3. ඔහේ ඉන්න නිසා නිකම්ම ... වෙනවද දන්නෑ?

      Delete
  24. සුදීක අයියා අමතක් වෙච්ච කතා සෙට් එකක්ම මතක් කලා. ඔය වගේ අත්දැකීම් නම් එමටයි. මගේ ඉස්සෙල්ලා කම්පැණි එකක බොසා (තරුණ ඩයල් එකක්) තමන්ගේ බිස්නස් පාට්නර් වෙච්ච තමන්ගෙම පුංචිට වැල ඊ මේල එකක් යැව්වා. වෙලාවට මේ ලොකේ හැකර්ස්ලා කියල ජාතියක් ඉන්නේ. නැත්නම් පොර කොට උඩ.

    ReplyDelete
    Replies
    1. බර ගානක් ගෙවන්න ඇති?

      Delete
  25. සුදීක ඔයා කියල තියන කතාවට ටිකක් සමාන කතාවක් මට උන. එත් ඔය පින්තුරේ ඉන්න ගෑනුලාමය වගේ එක නෙවි. presentation එකක් මැද්දෙදි උදේට යාලුවෝ පුරුද්දට වගේ එවන මල් දිලිසෙන තරු එහෙම තියන ගූඩ් morning එමිල් එකක් auto open වෙලා. ඒ වෙලාවේ එතන හිටපු අය එක හොඳට සතුටු උනා. පස්සේ අකමැත්තෙන් උනත් ඒ මිල් එක එවන්නවා මට block කරන්න උනා.

    ReplyDelete
    Replies
    1. සමහර අවස්ථා තියෙනවා එහෙම කරන්න වෙන.

      Delete
  26. මට ගොඩාක් වෙන්නේ attachment වැරදි එක තෝරන එක. වැරදි කෙනාට යවනවා එත් මං ඔෆිස් එකේ e-mail එක ඔෆිස් එකේ වැඩවලටම විතරයි පාවිච්චි කරන්නේ.

    ReplyDelete
    Replies
    1. එහෙම හොඳයි. නයි මල්ලේ ආඳා තෝරනවා වගේ වැඩක් තමයි මේ e-mail ඇඩ්රස් හොයන එක.

      Delete
  27. මම හිතනවා කට්ටිය කමෙන්ට් කරලා අවසන් කියලා. මෙන්න උත්තරය "කපිල" හිතා ගන්න පුලුවන්ද? මට තවමත් අදහා ගන්න බෑ. මේ වැරැද්ද කරපු අපේ මිත්‍රයට "වසරේ හොඳම බුල" කියලා සම්මානයකුත් දුන්නා.

    මේ වගේ අපි දුරකථන අංකත් වරද්දන් කතා කරනවා නේද ?

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...