Saturday, February 9, 2013

හැකිනම් පිළිතුරු දෙන්න

මෙය කෙටිම කෙටි ලොල් කතා වල ලියනවද ? නැත්නම් වෙනම ලියනවද? කියලා ලොකු දෙගිඩියාවක ඉඳලා, මෙහම ලියන්න හිතුවා.  ඇත්තටම කියනවා නම් මම පොඩ්ඩක් බිසි වෙලා නිසයි මේ පුංචි කතාව දාන්නේ.

මෙන්න කතාව

කොළඹ හතේ එක්තරා නෝනා කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ ගෙදර වැඩට ගන්නෙම පිරිමි අයලු. විශේෂ හේතුවක් නැති වුනත්, ඕනෑම කෙනෙකුට සැක එනවා. මොකද නෝනා පිරිමි සේවකයන්ම ගන්නේ කියලා. ඒක ඒ නෝනගේ මහත්තයාටත් මහා හිසරදයක්ලු. අහන්නත් දෙයක් යැයි. හැබැයි ඒ ගෙදර නෝනගේ පාලනයක් තිබිලා තියෙන්නේ. ඒ වුනාට නෝනා එහෙම අයුතු සම්බන්ධකම් තියා ගන්න කෙනෙකුත් නෙවෙයිලු. හැබැයි හරි සැර කෙනෙක්. 
පින්තුරය ගත්තේ : http://interculturalmeanderings.wordpress.com
මේ නෝනාට තියෙන්නේ මහා හැකර කටක්. නෝනා ඕනෑම සේවක්යෙක්ගේ නම අගට "යා" කියල දාළලු කතා කරන්නේ. හිතන්න ගෙදරට ගෙනාව කියල සමන් කියලා සේවකයෙක්, නෝනා කියන්නේ සමනයා කියලා. නිමල් නම් නිමලයා. සුනිල් නම් සුනිලයා. රංජි නම් රංජියා. අපිත් සමහර වෙලාවට මෙහෙමනේ කතා කරන්නේ. සුමනපාල නම් සුමනපාලයා. 

මේක ගෙදර මහත්තයට වගේම සේවකයන්ටත් හරි ප්‍රශ්නයක් වුනා. අන්තිමේදී මහත්තයා එයාගේ යාලුවෙකුට මේක කිව්වා. යාලුවා දක්ෂ වගේම ටිකක් කඩවසම් කෙනෙක්ව සේවකයා විදියට ගෙනත් දීලා තියෙනවා. හැබැයි නෝනා කිසිම දාක මිනිහට "යා" කෑල්ල දාලා කථා කරලා නෑ. 

මේක තමයි ගැටළුව. පුළුවන් නම් නම හොයන්න. 

පොඩි උදව්වක් වශයෙන්. මේ නමට සමාන නම් තියෙන බ්ලොග් කරුවෝ දෙන්නෙකුත් ඉන්නවා.

උත්තර මම දානවා සඳුදා. කොළඹින් පිට රාජකාරියකට ගිහින් එන්නේ එදාට. 

76 comments:

  1. හැරී වෙන්නැති..
    යා දැම්මම හැරියා වෙනවා..
    කෑ ගහලා කිවුවම *රියා වෙනවා....
    හරි නැති නිසා කියන්නෑ...
    එහෙමත් නැත්තං ප*යා වගේ උච්චාරණය වෙන එකක්ද දන්නෑ..

    (ඕක තමා ඉතිං හිතුනේ ඈ මටනං)

    ReplyDelete
    Replies
    1. තරියා කියන නමත් ඒ වගේ නේද ?

      Delete
  2. Replies
    1. මේකත් හරි වෙන්න පුළුවන්

      Delete
    2. මාත් හිතුවේ රාජ් තමයි කියලා.. හි හි

      Delete
    3. @සයුරි : රාජයා කිව්වට රජ ගතියක් දැනෙන්නේ නෑනේ.

      Delete
  3. අයියෝ මේවත් ප්‍රශ්නද ලොක්කා අපිට තියන ප්‍රශ්නත් එක්ක බැලුවම ..
    හැබැයි තෑග්ගක් නම් ඕනෙමයි
    සේවකයාගේ නම "සැමි''

    ReplyDelete
    Replies
    1. මෙන්න මුලින්ම හරි උත්තරේ දුන්න කෙනා. සුජියා. සැමී තමයි හරි. එතකොට ගෙදර එක්කෙනා ඉන්නකොට සැමියා කියලා කතා කලාම කොහොමද සැමියා කියලා ?

      Delete
  4. අයියෝ සිම්පල්නෙ.සැමි නෙ..

    ReplyDelete
  5. කොහොමද චම්පක, පුෂ්පක වගේ එකෙක් වැඩට ආවොත්? ඒත් මං හිතන්නෙ හරි උත්තරේ සැමී වගේ එකක් වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. සැමි +යා=සැමියා

      Delete
    2. තව ඒ වගේ නම් ගොඩක්ම තියෙනවා. හැබැයි ඒ වගේ ගානියෙක්ට කුණුහරපයක් කියන එක ගානක් නෑ.

      Delete
    3. තිසර තුන් වෙනියා. අටමා හතරවෙනියා.

      Delete
  6. සයුරි හරි වගේ රාජ් ලා දෙන්නෙක්ම බ්ලොග් ලියනවා... මේ නම කියන්නත් අමාරුයි .

    ReplyDelete
    Replies
    1. රාජයා කිව්වට රජ ගතියක් දැනෙන්නේ නෑනේ,

      Delete
    2. සැමි කියලා දෙන්නෙක් බ්ලොග් ලියනවද අප්පා ? :0

      Delete
  7. කොළඹ හතේ ඔය නෝනා කොහෙද බන් ඉන්නෙ ????

    ReplyDelete
    Replies
    1. හාහ් හාහ් හා ඔයා ගියොත් වෙනියා කියලා කියයි කොහොමත්.

      Delete
  8. නම සැමී නේද? එතකොට "යා" කෑල්ල දාපුවාම සැමියා වෙනවනේ.

    ReplyDelete
  9. Replies
    1. ප්‍රශ්නෙට තියෙන්නේ එක උත්තරයයි.

      Delete
  10. සීරා හෝ සැමා තමයි.

    ReplyDelete
  11. ක්‍රිස්ටෝපර් වගේ එකක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මේක නිර්මාණශීලී උත්තරයක්.

      Delete
  12. Replies
    1. මම කියන්නේ සිංහල නමක් ගැන.

      Delete
    2. ඒ කියන්නේ මේ "සෑමී" වගේ සිංහල නමක් වෙන්න ඇති නේද?

      ඇයි ජීමී, ඒකත් සිංහල නේ!

      ;-)

      Delete
  13. තිසර උත්තරේ දීලා තියෙනවා....

    සැමි තමයි අලුත් සේවකයා

    ReplyDelete
  14. කුමාර.. කුමාරයා වෙනවනේ :D
    කවුද කැමති සේවකයට කුමාරයා කියල කියන්න

    ReplyDelete
    Replies
    1. මෙයා එක්ක බෑනේ, මම කියන්න ආපු එක කියලා,

      Delete
    2. කුමාරයා කිව්වට ඉතිං කුමාරයෙක් වගේ හැගීමක් එන්නේ නෑනේ.

      Delete
  15. මමත් කියන්නෙ තිසරගෙ උත්තරේ හරි. සැමී --> සැමියා :)

    ReplyDelete
  16. මම උත්තරේ දන්නවා මචං. මම දැන් නැප් එකක් දාන්න යන්නේ. උඹත් outstation යන එකේ පාලු අම්බලමේ වලං බිඳින්නෙ මොකටද කියලා හිතලා උඹ ආවාම කියන්න හිතුවා.:D

    ReplyDelete
  17. උඩින් කියලා තියෙන “සැමි“, “කුමාර“ වාගේ මෙන්ම, “නරි“, “දෙවි“ නම් පිළිබඳවත් සාදාරණ සැකයක් තිබෙනවා. එත් “දෙවි“.... කවුද දන්නේ?
    සුදීකනේ නම් සේවකයා හොයලා දීලා තියෙන්නේ අනිවාර්යෙන්ම “දෙවි“ වෙන්න ඕන.

    ReplyDelete
  18. ඉහත ලියලා තියෙන “සැමි“, “කුමාර“ වාගේ ඒවත් උත්තර තමා. මට හිතෙනවා “මාර“, “දෙවි“ වගේ අයද කියලා.
    හැබැයි සූදීකනම් මේ හොයා දීම කළේ අනිවාර්යෙන් “මාර(යා)“, “දෙවි(යා)“ වාගේ වෙන්න ඕන.

    ReplyDelete
  19. උත්තරේ සැමී :D

    ReplyDelete
  20. ආ "සැමි" නේද... යා කියල දැම්මොත් ඉතින් කියන්ට වෙන්නේ සැමියා කියල නොවැ...හෙහ්..!

    ReplyDelete
  21. මම මේ කතාව මීට කලින් අහලා තියෙනවා එත් මට මේ මොහොතේ උත්තරය මතක් වෙන්නේ නැහැ එත් උත්සහයක් වශයෙන් මම හිතනවා රාජා කියලා.

    ReplyDelete
  22. සඳුදටම එන්නම්කො

    ReplyDelete
    Replies
    1. දෙවෙනි හොඳම පරාජිතයා.

      Delete
    2. ජයග්‍රහකයො ඉන්නෙ පරාජිතයො නිසානෙ ඒ හන්දා සතුටු වෙන්න පුලුවන් අපි නිසා ජයග්‍රහකයෙක් ඉන්න එකට

      Delete
  23. මට් හිතෙන්නේ නම් සැමි වගේ නමක් කියලා තමා එතකොට සැමියා වෙනවනේ..... වෙන නම් නම් මතක් වෙන්නෙ නැ...

    ReplyDelete
  24. // මේ නමට සමාන නම් තියෙන බ්ලොග් කරුවෝ දෙන්නෙකුත් ඉන්නවා.// මටනම් මතක් වෙන්නේ අසරණයා තමා.

    ReplyDelete
  25. මේකයි කාරණේ ගෙදරට කව්රු හරි ආපු වෙලාවට. මේ ඉන්නේ මගේ හබියා අර ඉන්නේ සැමියා කිව්වම කොහොමද ?

    ReplyDelete
  26. හරි උත්තරේ කට්ටිය කියලනේ. 'සැමී' කියලා දැක්ක හැටියේ හිතුනා. ඔය කතාව කොහේදිදෝ දැකලා තියනවා...

    එක්කෝ කවුරු හරි කියන්ට ඇති. සුදීක නම් නෙමේ නේද? :D:D

    ReplyDelete
  27. කට්ටිය උත්තරය දීල.

    ReplyDelete
    Replies
    1. ඔබතුමා ආවේ යුද්දේ ඉවර වුනාට පස්සෙනේ. D

      Delete
  28. මම මුලින් අාව නම් උත්තරය ෙදනවා :(

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ උඹට යාළුවෝ කථා කරන්නේ සැමියා කියලද?

      Delete
  29. හොද ලිපියක් යාළුවා.අපේ පැත්තෙත් ඇවිදින් යන්න http://sinhapedia.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඔයාද අර වන් සීරෝ සීරෝ වලට "හිට්ස් නැතිව වේලෙන බ්ලොග් වලට හිට්ස් ගන්න ක්‍රමයක්" කියන පොස්ට් එක දැම්මේ?

      Delete
    2. මේකා කමෙන්ට් කියවන එකෙක් නෙමෙයි. හැබැයි වැදගත් ලිපි ලියනවා. දැන් කීපදෙනෙක් අවවාද කලා හැදෙන පාටක් නෑ

      Delete
    3. කොල්ලො...ලිපියකට කමෙන්ට් කරන්න කලින් කියවලා ඉදිං...උඹ මේ කසිකබල් වචන සැට් එක මේවා කියවීමකින් තොරව හැම තැනම පේස්ට් කර කර යන බව ඕනෙ ගොනෙක්ට තේරෙනවා....

      Delete
  30. අඩේ මං හොඳම පරාජිතයා? මම උඹ ගිහින් එනකල් හිටියේ උත්තරේ සැමී කියල කියන්න. ඒ විතරක් නෙවෙයි ඔය නෝනගෙ නංගි ගැනත් කතාවක් කියන්න. එයත් ටිකක් ඔයවගේ තමයි. හැබැයි ඔච්චර නපුරු නෑ. එයත් ගත්තලු ඩ්‍රයිවර් කෙනෙක්. ඔන්න ආපු ගමන්ම පොරත් එක්ක නෝනා යනවලු ෂොපිං.

    "මොකක්ද ඔහේගෙ නම?"

    "වෛද්‍යසේකර, මැඩම්."

    "ඒක දිග වැඩියිනේ. අපි අපේ ඩ්‍රයිවර්ලට කතා කරන්නෙ අනිත් නමින්. මොකක්ද ඔහේගෙ නම ඔක්කොම?"

    "ඩී. වෛද්‍යසේකර මැඩම්."

    "හරි, හරි මනුස්සයෝ. ඩී කියන්නෙ මොකක්ද?"

    "ඩාලිං, මැඩම්."

    "හා, හා, ඒක අල්ලලා දාමු වෛද්‍යසේකර."



    ReplyDelete
    Replies
    1. මේ කතාව නිසා ඒ කතාව එලියට ආව එක ගැන සතුටුයි.

      Delete
    2. ඔය කියන්නේ ඩාර්ලින් වෙන්න ඇති..
      එක නෙවේ , මගේ තෑග්ග යථා කාලයේදීද ලැබෙන්නේ ,,,,

      Delete
    3. අනිවාර්යෙන්.

      Delete
  31. කොහොමද මාරයා වගේ නමක්...අගට යා දැම්මොත් නිකං කොමිටල් නේ....

    ReplyDelete
  32. සියලු දෙනාම පාහේ පිලිතුරු සපයා ඇති නිසා අලුතෙන් පිලිතුරු නොදෙමි. කයවා රසවින්දෙමි. ‍සැමී යන නම හැර තවත් නම් තිබිය හැකිද?

    ReplyDelete
  33. මට මා පෙර දුන්න පිළිතුර ගැන ලොකු විශ්වාසයක් තිබෙනවා.
    මාර(යා), දේවි(යා)

    ReplyDelete
  34. මං එද්දී පරක්කුයි.. උත්තරේ උඩින්ම් දීලානේ..

    ReplyDelete

  35. උත්තරේ කට්ටිය දීලනේ ..මොනවා උනත්
    නියම කතාව...

    ReplyDelete
  36. daya wage thibboth kohomada dayaya kiyanna bane

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...