Monday, February 18, 2013

සුද්දාට ඇන්දවූ මාළු වෙළඳපොල

පින්තුරය ගත්තේ : https://twitter.com/LittleFishHove

මේක මම රිවරිනා හෝටලයේ වැඩ කරද්දී සිද්දියක්. ඒ ගැන මතකය අවදි වුනේ, ඩිස්කවරි නාලිකාවේ පෙන්වන Man vs Wild වැඩසටහනේ ඉන්නේ Bear Grylls කියන හිටපු එංගලන්ත විශේෂ බලකා සෙබලා අද වැඩසටහනේ ආහාර හොයා ගන්නා අකාරය දැක්කම. පිහිය සහ වතුර බෝතලය ඇරුනම කිසිම උපකරණයක් ඔහු ළඟ නෑ. ඒත් ඔහු ගොඩබහින වටපිටාවේ තිබෙන දේවල් වලින් රාත්‍රියක් ගත කරන්න අවශ්‍ය හැම දේම ඔහු තනා ගන්නා ආකාරය විශ්මය ජනකයි. හුළු අත්තක් පත්තු කරගෙන ලී කොටුවක් උල් කරගෙන අයිස් මිදෙන සීතල තිබෙන ගඟකින් ඔහු මාලුවෙක් මරා ගන්නවා. ඔහු මේ පෙන්වන්නේ වැරදීමකින් හෝ ඔබගේ ගුවන් යානයේ දෝෂයක් ඇති වී කාන්තාරයකට, ඝන කැලාවකට, හිම මතට වැටුනොත් ඉන් ගොඩ එන ආකාරය.

පින්තුරය ගත්තේ : steveandzach.wordpress.com 


රිවරිනා සංචාරක හෝටලය පිහිටා තියෙන්නේ බේරුවල නගරයත් අලුත්ගම නගරයත් අතර තියෙන මොරගල්ල කියන ප්‍රදේශයේ. එතන සංචාරක හොටල ජාලයක්ම තියෙනවා. ඒ නිසා මේ සංචාරක හෝටල් අතර තරගයක් තියෙන්නේ. ඒ නිසාම එක්-එක් සංචාරක හෝටලයේ ඉන්න සේවක පිරිස අතර පුදුම සමගියක් තියෙන්නේ. මේකෙන් කියවෙන්නේ නෑ ඉන්න අය අතර ගැටළු නෑ කියන එක. ඒත් ඒ මොන දේත් පිටතට ගෙනියන්නේ නෑ. ඒ මොකද අර කියපු තරගයේදී මේ ප්‍රශ්න උපයෝගී කරගෙන ඒ ඒ හෝටල් වල රහස් එලියට ගන්න පුළුවන් නිසා. 

පින්තුරය ගත්තේ : umamimart.com
කලින් කියපු තරගය නිසාම අලුත් දේවල් අත්හදා බලන්න මේ හෝටල් වල ඉන්න සේවකයෝ නිරතුරු උත්සාහ ගන්නවා. එහෙම අලුත් අදහසක් අනුව පවත්වන කුමක් හෝ අවස්ථාවකට තරගකාරී හෝටල් වල ඉන්න සංචාරකයන් වුනත් ආකර්ෂණය කර ගන්නා අවස්ථා තියෙනවා. ලංකාවට එන සෑම සංචාරකයෙක්ගේම පොකට්ටුවට විදින සභ්‍ය ක්‍රම කියලා මේ දේවල් හඳුන්වන්න පුළුවන්. වෙරළේදී මේ එන සංචාරකයන් මිත්‍රත්ව වගේම අනියම් සබඳතා ගොඩ නගා ගන්නවා.  ඉතිං අකාර්ශනීය යමක් මේ හෝටල් වල වෙනවා නම් අනෙක් හෝටල් වල ඉන්න අය අතරට ඒ පණිවුඩය වේගයෙන් ගලා යනවා. 

පින්තුරය ගත්තේ : www.barcelonawinebar.com
මම වැඩ කරපු ගිණුම් අංශයට මේ දේවල් කෙලින්ම වැදගත් නොවුනත්, මාසයේ 10 වෙනිදාට ලැබෙන සේවා ගාස්තුවට(Service Charge) මේ සිදු වෙන දේවල් බලපාන නිසා අපිත් මේ ගැන නිරතුරු අවධියෙන් හිටියා. රිවරිනා එක මේ වාගේ සංවීධානය වෙච්ච් වැඩසටහන් කිහිපයක් තමයි රාත්‍රී කානිවල් එක, Red & Black Night, Fish Market  නොහොත් මාළු වෙළඳපොළ. මාළු වෙළඳපොල මතක් වෙන මතක් වෙන පාරට හිනා යන වැඩක්. මගේ මතකය නිවැරදි නම් මේකට නායකත්වය දුන්නේ ප්‍රධාන සුපවේදී මිරැන්ඩා මහතා. සංචාරක හෝටලයක ඉන්න ප්‍රධාන නිලධාරීන්ගෙන් කෙනෙක් තමයි ප්‍රධාන සුපවෙදියා නොහොත් චෙෆ් මහත්මයා. අදටත් සංචාරක හෝටලයක වැඩිම පඩි ලාභියා වෙන්නේ චෙෆ් මහත්වරු තමයි. එකට හේතුව මුළු සංචාරක හෝටලයේම පැවැත්ම එයාලගේ අතේ තිබීම.

මේ කියපු කාලය වෙනකොට 1991 නැත්නම් 1992 අවුරුද්දේ නොවැම්බර් දෙසැම්බර් මාස වලින් එකක්. මේ වගේ කාල වලදී තමයි හෝටලයක කාමර සම්පූර්ණයෙන් පිරෙන්නේ. ඒ වගේ කාලෙකට සංචාරයකි 300-400 ත් අතර ප්‍රමාණයකට සේවය සපයනවා. මේ වගේ කාල වලදී අනියම් සේවකයින් පවා බඳවා ගන්නවා. කොතැනක හෝ පුංචි වැරද්දක් වෙන්න තියන්නේ නෑ. කවුරුත් ඉතාම උද්‍යෝගයෙන් වැඩ කරන කාලයක්. කොටසක් සංචාරකයන්ට වයින් විකුනන්න උත්සාහ ගන්නේ හෝටලයේ ආදායම තර කරන්නම නෙවෙයි. 20% ත් 35%ත් අතර කොමිෂන් එක ලබා ගන්න. මේ කාල වලදී අහාර පාන අංශයේ අය පෝසතුන් වෙන කාලය. රුපියල් හත් අට දාහක් සන්තෝසම් වශයෙන්ම ලැබෙනවා. ඒත් මේවා ගෙදර ගෙන යන්න තහනම්. ඒ කතාව වෙනමම එකක් නිසා පස්සේ කියන්නම්.
පින්තුරය ගත්තේ : www.jiaweichineserestaurant.com.sg
මේ වගේ ව්‍යාපෘතියක් කරන්න කලින් දිගු සාකඡ්චාවක නිරත වෙනවා හෝටලයේ ඉහල කළමනාකාරීත්වය සහ සුපවසර් මට්ටමේ සියලු දෙනා. මේ කර්තව්‍යට පසුබිම වශයෙන් තෝරා ගන්නේ නානතටාකය ආශ්‍රිත ප්‍රදේශය. නඩත්තු අංශය ඒ සඳහා අවශ්‍ය පසුබිම, ලී මැස්සවල් සහ පොල් අතු පියස්ස සහිත මඩුව තනා දෙනවා. එය අලංකරණය කරන්නේ කාමර අංශය සහ අහාර පාන අංශය එකතුව. ඒ වගේම කලමනාකරණ පුහුණුවන්නන් ඒ සඳහා අවශ්‍ය ප්‍රචාරණය ලබා දෙනවා. මෙහි අදහස අළුත් මාළු සංචාරකයාට විකිණීම. යුරෝපයේ සිට පැමිණෙන සංචාරකයා කිසි දිනක මේ මාළු ඇල්ලීම දැල් දැමීම යන ක්‍රියාවලිය දකින්නේ නෑ. ගිණුම් අංශය වන අප අතට ලැබෙනවා මෙහි ඇස්තමේන්තුව. එහි සිටින එකම පරිඝණක නිලධාරියා වූ මට පැවරෙන්නේ එය යතුරුලියනය කර මුද්‍රිත පිටපත් මේ සියලු අංශ ප්‍රධානීන් වෙත යැවීම. මෙයින් අපේක්ෂිත ආදායම මුළු වැය වගේ දෙගුණයක් වත් වනවා. ඒ කියන්නේ ඉතා ඉහල ආදායමක්. 

සෙනසුරාදා උදේ හය වන විට ඔබට අළුත් මාළු මිලදී ගෙන එතැනම ආහාරයට ගන්න පුවන් වග සියලු සංචාරකයන්ට විවිධ ආකාර වලින් නිවේදනය කරනවා. එය අත් පත්‍රිකා, නාන තටාකය හා ප්‍රධාන ආපන ශාලාව තුල හා පිළිගැනීමෙන් අංශයේ තබා තිබෙන දැන්වීම් පුවරු, වෙනත් අවස්ථා වලදී ලබා දෙන නිවේදන වලින් දැනුවත් කරනවා. අද මෙන් අන්තර්ජාලය තිබුනානම් එය ලෝකයම දන ගන්නවා. හා දැන් සැලසුම ගැන කියන්න ඕනේ. මෙය තනිකරම නාට්‍යයක්. මෙහි ධීවරයාගේ භූමිකාවට පන දෙන්නේ හෝටලයට මාළු සපයන ලක්ෂමන් සිල්වා මහතා ඇතුළු පිරිස.

වැඩසටහන මෙහෙමයි. රාත්‍රී දෙක වනවිට හෝටලය විසින්ම ලබා දෙන බෝතල් දෙක තුනකින් සප්පායම් වන ලක්ෂම්න්ගේ කණ්ඩායම (දහය පහළොවක් පමණ) මෝටර් බෝට්ට්ටුවකිනි දියඹ බලා පිටත් වනවා. රාත්‍රී හත වනවිට හෝටලයේ අයිස් කාමර වල තිබෙන නොකැපූ සම්පූර්ණ මාළු වර්ග සියල්ල ගණන් තබාගෙන රෙජිෆෝම් පෙට්ටි තුලට බහා ලක්ෂ්මන්ගේ ලොරියට පටවනවා. රාත්‍රී දෙකට පිටත් වන මේ මෝටර් බෝට්ටුවට අපේක්ෂිත අස්වැන්න කලින්ම පටවා ඉවරයි. දෙකට පිටත් වන බෝට්ටුවට අමතරව තවත් කෝල්ලෑ ඔරු කිහිපයකුත් උදේ හතරට පමණ පිටත් වනවා. මාළු දැලට ගෙන යන මාළුන්ගේ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ මාළුන් සහ ඉස්සන් දමා එහි කෙලවර කොල්ලෑ ඔරු වල සිටින දීවර නළුවන්ට ලබා දෙනවා. මේ වගේ දවසක උදේ පාන්දරින් සේවයට යන්න අපිටත් උනන්දුවක් ඇති කලේ සුද්දට අන්දන විදිය බලා ගන්න. 
පින්තුරය ගත්තේ : www.formerchef.com
සියලුම සුද්දන් උදේ හය වන විට වෙරළට වී බලා හිඳිනවා. ලක්ෂමන්ගේ ගොඩබිම කණ්ඩායමට කොල්ලෑ ඔරුවේ සිටින නළුවන් පිරිස දැලේ කෙලවර ලබා දෙනවා. ඔවුන් දන්නා භාෂා සියල්ල දමා දල ගොඩට අදිනවා. මේ  සුදු ගොන් රැලට මාළු කෑමේ පෙරේත කම නිසා මාළුන්ට පණ තිබිය යුතුයි කියන මුලික සිද්දන්තය අමතක වනවා. එතනින් පසු සිදු වන්නේ සාමාන්‍ය ධීවර වරායක සිදු වන කටයුත්තක්. අවශ්‍ය බලු කැල සහ කපුටන් ස්වේච්චාවෙන්ම මේ නාටකයේ තමන්ගේ භූමිකාවන්ට පන පොවනවා. ප්‍රධාන සූපවෙදියා ලක්ෂ්මන්ගේ අත රුපියල් දාහේ නෝට්ටු මිටියක් මිට මොලවා දැලේ සහ මෝටර් බෝට්ටුවේ තිබෙන අයිස් දිය කර ලුණු එකතු කරන ලද මාළු තොගය මිලදී ගන්නවා. ඉන්පසු කුස්සියේ සේවකයන් මේ මාළු අර මැස්සවල් වලට පටවනවා. සුද්දන් පෝලිමේ සිට මේ මාළු ග්රෑම් ගණනට මිලදී ගන්නවා. පෝලිමේ අඩුම තරමින් සුද්දන් සියයක්වත් ඉන්නවා. හෝටලේ මස් කපන්නා නොහොත් Butcher යුහුසුළුව මාළුවා කපන දෙස සුද්දන් බලා සිටින්නේ නළල රැලි කරන්.

දැන් සුද්දන් තමන් මිලදී ගත් මාළු ග්රෑම් 200 හෝ 500 අනෙකුත් අරක්කමියන්ට ලබා දී බලා සිටිනවා දත මැදගෙන. විවිධ ක්‍රම වලට මාළුන් තැම්බෙනවා. බාබෙකිව්, ෆ්‍රයිඩ්,ග්‍රිල්, බෝයිල් මේ ආකාර සියල්ලෙන් නිපැයෙන මාළු කෑල්ල කා සුද්දන් මුව නොසෑහෙන්න කාර්ය මණ්ඩලයට ස්තුති කරනවා අළුත් මාළු කන්නට තමන්ට අවස්ථාව උදා කිරීම ගැන. අනෙක් දවසට කන්නෙත් මේ මාලුම නොවේදැයි කිසිවකු ප්‍රශ්ණ කරන්නේ නෑ. වාසනාවකට මේ සංචාරක කැලට ස්වදේශිකයන් කිසිවක් ඇතුළු වන්නේ නෑ. එහෙම වුණානම් මුළු හෝටල් සමුහයටම දෙව් රැකවරණ ලැබෙන්න ඉඩ තිබුනා. වඩාත් හාස්‍යජනකම සිදුවීම තමයි මේ මාළු ගොන්නට වෙල්වල සහ වැව්වල සිටින තෙප්පිලි හා කොරලි නමැති මාළුන්ද අයත් වීම. සුද්දන් ඒ කාලයේ තෝර මාළු ග්රෑම් 100ක් රුපිය 250 කට පමණ මිලදී ගත්තා. ඒ ඩොලරයක් සඳහා රුපියල් විසි තිස් ගණන් ගෙවූ සමයේ. අද මිල හිතා ගන්න පුළුවන් නේද?
පින්තුරය ගත්තේ : www.chicagofoodies.com
ඒ වගේ දවස් වලට සුද්දගේ ගොන්කම අපේ අහුමුළු සකච්ඡා වලට මාතෘකාව වෙනවා. ඒ මාළු කා සුද්දන් කිසිවකුට බඩේ ගාය නොවැළඳීම ගැන සේවක මණ්ඩලය වූ අප අදටත් දෙවියන්ට ස්තුති වන්ත විය යුතුයි. මේවා පිලිබඳ රහස් රැකීම වෙනුවෙන් ගයිඩ් මහත්වරුන්ට විවිධ සන්තෝසම් ලැබෙනවා. 

81 comments:

  1. යකෝ අන්දනවා කිව්වට මෙහෙමත් ඇන්දවිල්ලක් කරනන් පුලුවන්ද?

    කිව්වත් වගේ එක මෝඩ සුද්දෙක් වත් නැද්ද අහන්න "සාමාන්‍යයෙන් මාලු පය අටක් නමයක් විතර පන ඇදලා මැරෙන ජාතියක් . . එහෙව් එකේ මේ දැලේ ඉන්න උන් එකෙක්ට වත් පන නැත්තේ ඇයි" කියලා . .

    හික් හික් හික්

    ජීවිත අත්දැකීම් මේ වගේ ලස්සනට විස්තර කරන මේ බ්ලොග් එක ට ඇවිද්ද පය කියන නම සිරාවට මැච් වෙනව මචෝ

    ReplyDelete
    Replies
    1. ඔය ඇන්දවීම හරිද වැරදිද කියන්න මම තාමත් දන්නේ නෑ. සුද්ද හෝටලය ගැන පූර්ණ විශ්වාසෙ තියල තියෙන පාටයි. උන්ට මාළු අරං කන හදිස්සිය මිසක් පණ ගැන හිතන්න වෙලාවක් තිබුනේ නෑ.

      බොහොම ස්තුතියි දුකා. මේ වගේ තව ඒවා මතක් වෙයි කියලා හිතෙනවා.

      Delete
  2. සුද්දන්ට ඒක වුනත් අළුත්ම අත් දැකීමක් නේ.. :)

    මේ කතාව කියවන කොට මට මතක් වුනේ කාලෙකට කලින් මගේ බ්ලොග් එකේ ඕනයා සුද්දන්ට කවන මාළු ගැන දාපු තාක්ෂණික විස්තර අඩංගු කමෙන්ටුවක්. ඒකෙන් කොටසක් මෙතන දමන්නම්.

    "දැං අපි කන මාලු සහ සුද්දො කන අපේ මාලු අතර කොලිටි වෙනස බලමු . . . .
    මාලු ලෝඩ් එකක් බෝට්‍ටුවෙං බෑවම රට යවන්නෙ නැත්නම් කොහොමත් කන්න වෙන්නෙ අපිටනෙ . . . .export එකකදි කෙරෙන්නෙ ඒ මාලු ලොට් එකෙන් හොඳම මාලු ක්‍රම දෙකකට වෙන්කර ගැනීම. මුලින්ම අපනයනය සඳහා සුදුසු පාට (මසේ පාට තමයි මෙතනදි බලන්නෙ). එහෙම ‍තෝරගත්ත මාලුන්ගෙ හිස්ටැමීන් කියන රසායනික සංඝටකය. මෙතනදි අපි රිජෙක්ට් කරන්නෙ මාලු කොටස් මිලියනයකට හිස්ටැමීන් කොටස් 2.5කට වඩා තියනවනම් (2.5ppm) විතරයි . . . ඒත් යුරෝපා සංගමේ නිර්දේශිත මට්ටම තමයි 100ppm. (100ppm ලිමිට් එකේදි සුද්දො ඇලජික් වෙලා මැරෙන්න උනත් පුලුවන් . . . . අපි මාලු උයද්දි පොල්කිරි සහ ගොරක පාවෙච්චි කරන නිසා අපි මැරෙන්නෙ නෑ . . . වැඩිම උනොත් දිව ටිකක් කහනව විතරයි).
    ඔන්න ඔය ක්‍රම දෙකෙන් මාලු (කෙලවල්ලො) කොටස් දෙකකට බෙදෙනව . . .
    -රට පටවන්න (අඩු හිස්ටැමීන් සංයුතිය සහ ලස්සන රතු පාට)
    -දේශීය පරිභෝජනයට (හිස්ටැමීන් තරමක් වැඩි සහ අඳුරු හෝ ලා රතු)
    අපි උයන රටාව නිසා මෙතනින් හිස්ටැමීන් කියන කතාව අයින් කරලම දාන්න පුලුවන්. එතකොට ඉතුරු වෙන්නෙ මාලුවගෙ පාට විතරයි. එතකොට බලපුවාම සුද්දන්ට හොඳ පාට මාලු ටික යනව.
    හැබැයි . . . . .
    ඔය ආකාරයට රිජෙක්ට් වෙන මාලු වරායෙන් හෝ අපනයන කර්මාන්ත ශාලාවෙන් ඒ මොහොතෙම දේශීය වෙලඳපලට නිකුත් වෙනව (බෝට්‍ටුවෙන් ගොඩබාල උපරිම දවස් දෙකක් ඇතුලත). ඒ කියන්නෙ අපිට බෝට්‍ටුවෙන් ගෙනා මාලු ආහාරයට ගන්න පුලුවන් උපරිම දවස් තුනක් ඇතුලත.
    දැං රට යවන මාලු . . . . බෝට්‍ටුවෙන් ගොඩබාගත් පසු දවසක් හෝ දෙකක් ඇතුලට කර්මාන්ත ශාලාවට ලබාගන්නව . . . . එතන දවස් දෙකයි උපරිම. ඊට පස්සෙ දවස් හතරක් ඇතුලත අපනයනය කල යුතුයි . . . නැතහොත් රිජෙක්ට් කර කර්මාන්ත ශාලාවෙන් ඉවත් කලයුතුයි . . . .
    කියන්න සතු‍ටුයි . . . . ලෝකෙ කිසිම මත්ස්්‍ය සැකසුම් සහ අපනයන කර්මාන්ත ශාලාවක මාලු දවස් හතරෙන් ඉවත් කරන්නෙ නෑ . . .. (‍රැකියාවේ සදාචාරය මත ඒ මාලු රට යවන්නෙ කොහොමද කියල මම කියන්නෙ නෑ . . . . ඒත් ඒ මාලු රට යවනව අනිවාර්යයෙන්ම). එතකොට ඒ මාලු කර්මාන්ත ශාලාව තුල දවස් හතරක් තියනව “උපරිම”ව. නිශ්පාදන කාර්යය අවසානයේ “උපරිමව” දවසක් ඇතුලත සැකසූ මාලු ගුවන්ගත කරනව . . . කාලය ඉකුත් වීමේ දිනය නිශාප්දන දිනයේ සිට දවස් 14යි එම දිනයත් ඇතුලත්ව (FEOZEN මාලු නම් මේ කාලය අවුරුදු 2යි). ගුවන් කාලය උපරිම පැය 72යි. සුද්දො අනිත් සුද්දන්ට ඒ මාලු විකුනන්නෙ ඊටත් පස්සෙ.
    එතකොට හිතල බලන්න . . . . “අර ඉස්තරම් මාලු ටික සුද්ද කනකොට මොන තරම් නම් පරනද ???”
    ඒ කියන්නෙ . . . . අපිද උසස් තත්වයෙ මාලු කන්නෙ . . . . ??? නැත්නම් සුද්දොද . . . . ???
    ප.ලි.
    ඔය දවස් 14 සමහරවිට මාස යක් විතරත් වෙනව . . . . ඒ මෙතඩ් එක මට කියන්න බෑ.
    "

    ReplyDelete
    Replies
    1. නොදන්නා, ඒත් ඉතා වැදගත් තොරතුරු ටිකක්.

      Delete
  3. මම මේ කල්පනා කරේ, සුද්දා නිසාම හොදයි තමයි කිව්වත් වගේ, අපේ තාත්තාව නම් ඔහොම අන්දන්න බෑ, එයාට අලුත් මාලු කියලා විකුණද්දි එයා මාළුවා අල්ලලා බලලා ඒවා පරණයි කියනවා... :D

    ReplyDelete
    Replies
    1. වෙරළට ආසන්නව ජීවත් වූ ය දන්නවා නියම මාළු අඳුරා ගන්න.

      Delete
    2. යප් යප්, තාත්තා වමෙන් ගියත් ගම ගාල්ලේ කියලා තමයි කියන්නේ එයාගේ

      Delete
    3. දකුණේ කොල්ලෙක් එහෙනං.

      Delete
  4. මෙවානේ යකෝ රජාගේ ඇඳිලි!!!!

    ReplyDelete
    Replies
    1. කාපු සුද්දෝ උන්ගේ ගම් රටවල් වල ගිහින් කියනවා ඇති, මාළුවා පීනද්දී කෑවේ කියලා.

      Delete
  5. ඔහොම කරලා අවසානෙට සංචාරක ව්‍යාපාරය කන්න එපා. ආයේ දැල් දාලාවත් අදින්න බැරිවෙයි. හැම සුද්දාම මොඩෙයෝ කියා සිතන එකත් නුවනට හුරු දෙයක් නොවේ.

    ReplyDelete
    Replies
    1. නංගී මේක වුනේ 1992 දී. ඒ දවස් වල කාපුවා තමයි මේ දවස් වල බුක්ති විඳින්නේ.

      Delete
    2. අපෝ තරහා ගන්න දෙයක් කියුවේ නෑ....
      (බැරි වේලාවත් වීරවංශ කියන ආකාරයට බල මාළු සුද්දට කැව්නනම් උගේ මොළේ ඩබල් වෙයි නේද)

      Delete
    3. //ඔහොම කරලා අවසානෙට සංචාරක ව්‍යාපාරය කන්න එපා. //
      මේක මට කරපු චෝදනාවක් වගේ නේ. :)

      Delete
    4. මටත් ඒක තමයි සුදික කියන්න තියෙන්නේ. ලංකාවේ හැම තැනම වංචාව. අහිංසක මිනිස්සුන්ගේ (සුද්දොත් මනුෂ්‍යයෝය .. ) මුදල් වංචාවෙන් ගාසා කන එක එක තමයි ලංකාවේ සංචාරක කර්මාන්තය කියන්නේ. ලංකාවට එන බොහොමයක් සංචාරකයෝ පිටවෙලා යන්නේ තෘප්තිමත් නොවූ මනසකින්. ඔවුන් ආයිත් එන්නේ නැහැ. ගුවන් තොටුපොලින් ගොඩබැස්ස වෙලාවේ ඉඳන් ආපහු යනකම් ලාංකිකයන් හැමදෙනාම කරන්නේ ඔවුන්ට නොවටිනා මිලකට වංචා සහගතව භාණ්ඩ සහ සේවාවන් සපයල ගසා කන එක. ඔවුන්ගේ නොදැනුවත් කම නිසා ඔවුන්ට වංචා කරලා "සුද්දෝ මහා මෝඩයෝ" කියල බොහොම උජාරුවෙන් කියා පෑම. ඇත්තටම අපි මේ වගේ වංචා සහගත දේවල් අගය කිරීමෙන්ම පේනවා අපේ පිරිහීමේ ප්‍රමාණය.

      මගෙන් ලංකාවට එන්න අහන බොහොමයක් මිතුරන්ට මම කාලයක ඉඳන් කියන දෙයක් තමයි තායිලන්තයට හරි ඒවගේ වෙන රටකට පලයල්ලා කියන එක .. කනගාටුයි නමුත් දැනුවත්වම ඔවුන් අමාරුවේ දාන්න බැරිකම නිසා ...

      Delete
    5. කතාව ඇත්ත. ඒ කාලේ අපිට බරක් පතලක් තේරුනේ නෑ. අනිත් එක හෝටලය මේ වගේ දෙකට විරුද්දව කතා කරනවා කියනේ හෙට ගෙදර.

      Delete
  6. වැරදිලාවත් ඔය අස්සේ ගොඩ සුද්දෙක් හිටියනං...

    ReplyDelete
    Replies
    1. හිටියනම් ඉතිං අපි ඔලු පලාගෙන.

      Delete
  7. අම්මට සීඩ...........යකෝ මෙහෙම ඇන්දිල්ලක්.........සුද්දෝ දන්නවනම් ලංකාව සතර මායිමේ එන් නැහැ...........

    රස්තේ පාරක් ගහමුද

    ReplyDelete
    Replies
    1. ඕක ඉතිං එක කොටසක් විතරයිනේ.

      Delete
  8. අපේ සමහරු සුද්දෝගැන ලොකුවට හිතන් හිටියට විදේෂ රටවල පාර අතුගාන මනුස්සය පවා අපේ වගේ අඩු වියදම් රටවලට ඇවිත් විනෝද වෙලා යනවා, එහෙව් එකේ ඔය විදේශිකයන් අතරේ මසුන් මරන්නන් හිටියනම් අද රිවරින වසා ඇත

    ReplyDelete
    Replies
    1. නොර්වේ වගේ රටක කෙනෙක් හිටිය නම් සමහරවිට. ඒත් අපි මසුන් මරණ ක්‍රමය වෙනස් කියලා හිතන්නත් පුළුවන්. අනික අපේ නොගැඹුරු මුහුදේ ලොකු මාළු ඉන්නවා කියල හිතන්නත් පුළුවන්.

      Delete
  9. වැඩි වෙනසක් නැති මේ ජාතියේ වැඩ සුද්දන්ට නෙම අපේ උන්ටත් වෙනවා. . මම අහල තියෙනවා කාලෙකට පානදුරේ පාලම උඩ තියෙන්නේ සාන්ත ජෝනේ මර්කෙට් එකෙන් උදේට ගෙනියන මලු කියල. .

    ReplyDelete
    Replies
    1. ඔව් දන්නා අය එතනින් මාළු ගන්නේ නෑ. පානදුර දුම්රිය ස්ථානය ළඟ තියෙනවා අලුත් මාළු විකුණන තැනක්.

      Delete
  10. මොනවා උනත් දිරිගැන්විමක් ලැබුණු එක නම් හොඳයි.


    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ඔයා කියන්නේ වයින් විකුනපු ඇයගේ කමිෂන් එකද ?

      Delete
    2. නැහැ සුදික , මේක අද හැමතැනම කොපි පේස්ට් කරගෙන යන කොමෙන්ට් එක...
      ඒකයි යන්නේ කොහෙද මල්ලේ පොල් ගතියක් තියෙන්නේ ..

      Delete
    3. ඔයාගේ කතාව ඇත්ත. කලක් පවතින්න ඕනේ නම් Value for Money තියෙන්න ඕනේ.

      Delete
  11. මට නම් නිකං මොකක්ද උනා වගේ. මිනිස්සු වෙන රටවලින් එන්නේ ඒ රටේ මිනිස්සු ගැන සම්පූර්ණ විශ්වාසයක් තියාගෙන. ඒ අයට මෙහෙම කරන එක හොඳද මන්දා. මමත් රැකියාවත් එක්ක ගොඩක් සංචාරය කරන කෙනෙක්. මට ඔහොම දෙයක් උනොත් මම ආයෙම ජීවිතේට ඒ රටට යන්නේ නෑ සුදීක.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. මගේ හිටටත් හරි නෑ.

      Delete
    2. කාලෙට සාපේක්ෂව බැලුවාම ඒ හැටි දෙයක් නෙවෙයි වගේ මට හිතෙන්නේ.

      Delete
  12. යකඩ ඇන්දිල්ලක් නෙව බොල..

    ReplyDelete
  13. office eky yaluwanth kiyala bada alagena hina una..
    Jayawewa

    ReplyDelete
    Replies
    1. සුද්දෝ ටික පව් නේද?

      Delete
  14. මා හිතන්නේ සුදීක සංචාරක ක්ෂේත්‍රයේ ලෝකයේ කොතනදීත් මේ ඇන්දවීම තියනවා. ඒ ගැන සංචාරකයෝ නොදන්නවා නොවේ. එකම දේ ඇන්දවීම මොකක්ද කියලා එක වරම අල්ලගන්න අමාරු වෙන තරම් සූක්ෂ්ම විදිහට එය සැලසුම් කර තිබීමයි. අපි පිටරට සංචාරයකට ගියත් අපිත් මේ වගේ දේ වලට අනිවාර්යයෙන්ම අහුවෙනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ අපි අන්දනවා අඩුයි.

      Delete
    2. විචාරක ++++++++++++++

      Delete
  15. මේ ඇන්දිල්ල අපේ ගොඩ සුද්දන්ට මිගමුවෙත් තාම කොරනවා ....... උදේට මාළු මාකට් එකෙන් ගන්න මාළු මෝදරින් බෝට්ටුවට දාලා හවසට මිගමුවෙන් බානවා ......... එතකොට ඉතින් මිගමු අලුත් මාළු .......................!!

    ReplyDelete
    Replies
    1. අපේ ඇය ඇන්දුවත් කමක් නෑ. වෙනත් විකල්ප තියෙන නිසා. ඒත් කාලයක් එකතු කරපු මුදල් ටිකෙන් සතුටු වෙලා යන්න එන සුද්දව ඇන්දුවාම දන්න කෙනෙකුට එන්න දෙන්නේ නෑ. අපේ මිනිස්සු අද බඩ පුරවා ගන්න එක ගැන විතරයි හිතන්නේ. දැන් බලන්න එදා ඒ හෝටලය ආදායම ගත්තා. සුද්දෝ එළියේ අයවත් ආශ්‍රය කරනවා. ඒ මිනිස්සුන්ගෙන් මේක දන ගත්තා නම මොකද වෙන්නේ?

      Delete
  16. ඔය වගේම තමයි අදත් කොග්ගල අහංගම හරියේ ස්ටිල්ට් ෆිෂිං (රිටි පන්න.) වැඩේ යන්නේ. සුද්දෝ ආපු ගමන් මුන් මල්ලයි පිත්තයි උස්සගෙන, දුවලා ගිහින් රිටේ නගිනවා. බිලි පිත්තේ කෙලවර තියෙන්නේ මල්ල ඇතුලේ. ඒකේ ඉන්නවා කලින් අල්ලපු මාළුවෙක් ඌත් එක්කම සුද්දන්ට නොපෙනෙන්න වතුරට දාලා ටික වෙලාවකින් මාළුවෙක් ඇල්ලුවා වගේ උඩට ගන්නවා. අරුන්ට මාර ආතල්. ඒත් සමහර සුද්දෝ නම් අහනවා මාළුවා මෙච්චර ඉක්මනට මැරුනෙ කොහොමද කියලා. සමහර උන්ට නම් වැඩේ අහුවෙනවා. ඒ වෙලාවට ඉතින් මේක එක්සිබිෂන් කියලා ෂේප් වෙනවා. ඒ කාළේ වගේ නෙමෙයි අද එන උන් තම්බන්න හරි අපාරුයි. මාත් මේ ෆීල්ඩ් එකේ හිටියනේ කාළයක්...

    ReplyDelete
    Replies
    1. මේක කියවලා නම් හිනා ගියා මාතලන්... :D

      Delete
    2. හෙට ගැන නොහිතා වැඩ කිරීම තමයි අපිට මේ හේනේ වදින්න හේතුව. අපේ ගමේ කරන මේ වගේ රැවටිලි ගොඩාක් තියෙනවා පස්සේ හෙමිහිට දාන්නම්.

      Delete
    3. කාලෙකට උඩදි මේ ගැන ලිපියක් ගියා මොකක්ද පත්තරේක.. ලංකාවෙ දැන් රිටි පන්න කරන්නෙ ඔය රැවටීමට විතරමයි කියලා තමා ඒකෙ තිබුනෙ..

      Delete
  17. මේක උන කාලෙ ගැන හිතද්දී හිතා ගන්න පුළුවන් ජයටම සුද්දව අන්දලා කියලා. ඒත් සුදීක හිතනවද දැන් සුන්දන්ව ඔහොම අන්දන්න පුළුවන් කියලා ? උන් අන්ඩයෝ වෙලා මෙහෙට එන්නේ. කුණු ලෝබයෝ..සුද්දෝ තරම් කේවල් කරන උන් මම දැකලා නෑ. අපේ ඔෆීසියේ එකෙක් ඉන්නවා පට්ට ලෝබයා. කන්න ගන්නෙත් ඔෆීසියට ඉස්සරහා තියෙන පෙට්ටි කඩයකින්. ඌ කියනවා ඌව ඉස්සරවෙලාම පෙට්ටි කඩේ එකා අන්දන්න හැදුවලු. ලන්ච් එකට වැඩි ගානක් කියලා. එහෙම සුද්දෝනෙ දැන් ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. හොඳ මිනිස්සු එන්නේ නෑ දැන්.

      Delete
  18. හැබැයි කොයි වෙලාවක හරි අහුවුනොත් ඒකෙන් වෙන්නේ සංචාරක කර්මාන්තයටම ලොකු කැළලක්.

    ReplyDelete
    Replies
    1. දැනටම වෙලා මට හිතෙන්නේ. මෑතකදී දිවයින පත්තරේ ගියා ලංකාවට ආපු ස්වීඩන් ජාතිකයින් කොටසක් කියපු කතාවක්. අපි ගසා කන්නන් විදියට තමයි ඔවුන් දකින්නේ.

      Delete
  19. බිස්නස් කාරයෝ කපටි බව අපි දන්නවා. මේවගේ කපටි කමකට අහුවුනා කියලා තේරුනොත් මට නම් ඒ හිතේ අමාරුව යන්නෙ නෑ කාලෙකට. නමුත් මේක එච්චර හොඳ ප්‍රවනතාවයක් නෙවෙයි.

    ඇත්තටම ඕක තේරුම් ගන්න පුලුවන් එකෙක්වත් නෑයි කිව්වාම පුදුමයි. අනික ඔය එකෙක්වත් බෝට්‍ටුවේ නැගලා යන්න හෙම ට්‍රයි කරන්නෙ නැද්ද මචං මාලු අල්ලනවා බලන්න?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ඇන්දිල්ල කරද්දී උපරිමේටම කරනවා නේ. එහෙම කෙනෙක් ඇහුවොත් ඒකටත් ගොතලා බොරුවක් කියයි.

      Delete
  20. අප්පට සිරි... මේක එකක් විතරනෙ... එතකොට අනිත් හෝටල්වල තව වෙනස් විදිවලටත් අන්දවනව ඇතිනෙ... පව් සුද්දො... එතකොට අනිත් රටවල මිනිස්සු අපටත් ඔය ටිකම කරනව ඇති නේද... අපිත් ගිහින් කට ඇරන් බලාගෙන හිටියට...පව් අපි...

    ReplyDelete
    Replies
    1. අපි පුළුවන් තරම් ටින් කෑම හොයාගෙන කන නිසා ප්‍රශ්න අඩුයි. :)

      Delete
  21. ඔය ඇන්දිල්ලට පවු ගෙවන්න වෙන්න ඇති අපිට ෆෝමලීන් දාපු මාලු කන්න වෙලා තියෙන්නෙ !! ඇයි ලෝකෙ හොඳම තේ හදන අපෙ රටේ අපි බොන්නෙ ජරාව. හොඳ එවුව ඔක්කොම රට..

    ReplyDelete
    Replies
    1. හොඳම දේ දරුවන්ට කියලා නේද කියන්නේ ?

      Delete
  22. හැබැයි දැන්නම් සුද්දන්වත් අන්දවන්න අමාරුයි. ඒකනේ ටැංකිවල පීන පීන ඉන්න උන් හොයන්නේ

    ReplyDelete
    Replies
    1. දැන් නියම සුද්දෝ ලංකාවට එන්නේ නෑ. හිපියෝ තමයි එන්නේ.

      Delete
  23. අප්පා මෙහෙමත් පෙරේත කමක්. එත් දැන් නම් ඔය වගේ දේවල් කෙරෙන්නේ නැතුව ඇති නේද? ඇත්තටම දැන් වගේ ඔහොම උනා නම් ඕක දවස් දෙකක් කරන්න හම්බවෙන්නේ නෑ. කව්රුම හරි වැඩේ ලීක් කරනවා.

    ReplyDelete
    Replies
    1. අර මාතලන් කියල තියෙන්නේ දැන් වෙන ඒවා.

      Delete
  24. සුද්දන්ට කවල තියෙන්නෙ හෝද හෝද මූදෙ දාන මාලුනෙ.

    ReplyDelete
    Replies
    1. මාළුවෝ මුහුදේ හිටියට වඩා කාලයක් ශීතාගාර වල ඉන්නවා.

      Delete
  25. ඕවා තාමත් මෙහෙ කෙරෙනවා.. ඔය උණවටුනෙද කොහෙද ගිය වෙලාවක සුද්දෙක්ව අන්දලා ලොකු ගානක් කඩාගන්න හැදුව බෝට්ටුකාරයෙක් දැකලා මට ඌට ගහන්න තරම් තරහා ආවා... ඒත් සද්ද නැතුව ඉන්න උනා උන්ගේ පළාත නිසා.. හැබැයි සුද්දට තේරුනා මූණ දැකලද කොහෙද මෙතන‌ හොරයක් තියෙනවා කියලා.. ඒක නිසා මෑන් ෂේප් වෙලා ගියා..

    දැන් එන සුද්දෝ අපේ අයගේ හොර වැඩ ගැන ටිකක් හරි දැනුවත් වෙලා එන්නේ....

    ReplyDelete
    Replies
    1. ඔයා මේ උත්තරය ටයිප් කලෙත් තද වෙලා කියලා තේරෙන්නේ, අද අර සුපුරුදු හී හී දෙක නැති නිසා.

      Delete
  26. මේක ට්‍රාන්ස්ලේට් කරලා දැම්මනං කොහොමට හිටීවිද සුදීක.. මේ වගේම තමා තායිලන්තය වගේ රටවදිත් වෙන්නේ එතකොට අදින්නේ අපි තමා.

    ReplyDelete
    Replies
    1. ට්‍රාන්ස්ලේට් කරන්නත් ප්‍රශ්නයක් නෑ. වෙලාවකට අපිත් සංචාරකයෝ වෙලා තියෙන නිසා, අපි ඉන්න ඕනේ සංචාරකයාගේ පැත්තේ.

      Delete
  27. සුදීක අයියගේ රහස් රැකිල්ල ශෝක්නෙ.. හෙහ් හෙහ් අපි පිටරටකට ගියාම කොහොම ඇන්දෙනවා ඇත්ද නේ.. පව් අප්පා සුද්දෝ

    ReplyDelete
    Replies
    1. රහස් රකින්න මම බැඳිලා නෑ. නාසා එකේ අයත් ඉවත් වුණාට පස්සේ වෙච්ච් සිද්දි විස්තර කරන්නේ.

      Delete
  28. සුදීක මෙහෙම ලිව්වට මම හිතන්නෙ ඔයාටත් මේ වගේ දේ හිතට හරි නැතිව ඇති කියල.
    මොකද..මම නම් අනුමත කරන්නෙ නැහැ මේ වගේ දෑ...! ඒත් ඕය එක සිද්දියක් විතරනෙ.
    එක අතකින් උන්ට ඔහොම කලත් කම්ක් නෑ කියල හිතෙන්නෙ..මාතරින් එහා මුහුද දිගේ ගියොත්....ඕක්කොම ඉඩම් සුද්දො අයිතිකරගෙන,මිලදීල අරගෙන. තාප්ප ගහල.අපිට වැල්ලටවත් යන්න බැහැ.අපෙ එවුන්ගෙ වැරදි තමයි.

    උන්ගෙ හෝටලේ ගාව පිත්තත් තියාන උන් මාලුබාන්නෙ දැන්.

    ReplyDelete
    Replies
    1. අපිටත් මේ වගේ තද වෙච්චි කාලයක් තිබ්බා. කිසිම දේශීය කෙනෙකුට මුහුදට යන්න දෙන්නේ නැතිව. අපේ ගමේ හොඳම තැන සුද්දන්ට. යකා නැග්ග ඒ දවස් වල.

      Delete
  29. මේ ක්‍රමය තාමත් සිද්ද වෙනවා ඇති කියලා හිතනවා.ඒක එහෙම නම් සුදීක අයියා ලොකු රහසක් එලිකලේ සංචාරක හොටෙල් ගැන.

    ReplyDelete
    Replies
    1. මේක අර ගෙට්ටුවෙදී මැච් එකට කලින් විකට් එකට දුවල එන්න කිව්වා වගේ වැඩක්.

      Delete
  30. අපරාදේ කියන්න බෑ ලංකාවේ උං හොදට අන්දනවා සුද්දංව...

    ReplyDelete
  31. සාමාන්‍යයෙන් මොකකට හරි තියන ආසාවෙන් මත් වුනාම අපිට බේසික් තියරීස් අමතක වෙනවා.. ඕක තමා වර්තමානෙ සක්විතිලා වගේ උන් පාවිච්චි කරණ තියරිය.. සුද්දො කොච්චර වැඩකාරයො උනත් උනුත් ආසාවල් තියන මිනිස්සුනෙ...

    සුදීකට මේ නම් ගම් ඇතිව කළ හෙලි කිරීම ප්‍රශ්ණයක් නෙමේද ? ඒ හෝටලේ අදටත් ඕක කරනවා ඇති නේද ?

    ReplyDelete
    Replies
    1. මේක රහසිගතව කල දෙයක් නොවෙයිනේ. දැන් වෙනවද නැද්ද කියන එක හරියට දන්නේ නෑ. මම හිතන්නෑ ඕක හැමදාටම කරන්න පුළුවන් කියලා.

      Delete
  32. මෙහෙම ඇන්දිල්ලක්??? අන් කිසිවක් නොවේ.. ඇන්දිල්ලක් පමණි.. :P

    ReplyDelete
    Replies
    1. ගෝණි එළුවා තරම් නරක නෑනේ.

      Delete
  33. කාලෙකට පස්සේ අළුත් විදියේ අන්දවිල්ලක් ගැන ඇහුවේ. දැන් ක්‍රමේ වෙනස් වෙලා ඇත්තේ මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. එකම දේ දිගටම කරන්න බෑනේ.

      Delete
  34. සංචාරක ව්‍යාපාරෙත් ව්‍යාපාරයක් නිසා ඇන්දිල්ල තියෙනන්නම එපැයි. ඔය සුද්දන්ව ටිකක් පැත්තකින් තියමුකො. දේශීය සංචාරකයන්වම කොච්චර අන්දනවද. ඔන්න අනුරාධපුර පොළොන්නරු පැත්තෙ ගියාම සාත්තර කාරයොයි, මනිබඩු කාරයොයි එක විදිහකට අන්දනව. දඹාන පැත්තෙ ගියාම මොඩ් වෙච්චි ආදිවාසියො එකතු වෙලා තවත් විදිහකට අන්දනව. කතරගම ගියාම එහෙත් වෙනම ඇන්දිලි තියෙනව. සීසන් කාලෙට නුවරඑළිය පැත්තෙ ගියාම මල් පැළ කියල අන්දල වල් පැළ විකුණනව. ඉතින් සුද්දංව අන්දන එක අහන්නත් දෙයක්ද?

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...