Sunday, January 27, 2013

බැංගලෝරයට ඉංජිනේරුවන් පැටවීම .....

මාතෘකාව දැක්කම මොකද හිතෙන්නේ ? එක පාරටම කෙනෙකුගේ සිහියට එන්නේ අර පොලිස් රාලහාමි කෙනෙක්ව රවට්ටපු කෛරාටික කොලුවාගේ කතාව. පොලිස් රාලහාමි මේ කොල්ලව අල්ලගෙන ප්‍රශ්න කරනවා. කොල්ල දෙන්නේ කපටි උත්තර. කොල්ලා දන්නවා පොලිස් රාලහාමිලාට අක්ෂර වින්‍යාස දුර්වලතා තියෙන බව. 

රාලාහාමි : (රැවුල කරවමින්) තාමාගේ රැකියාව ?

කොල්ලා : ස්පාඥඥයට පි..පි..පිං...ඥඥා පටවනවා.

අන්න ඒ වගේ සෙල්ලමක් ගැන තමයි අද ලියන්නේ. ඉන්දියාව කියන්නේ ගණිතඥයන්ගේ නිජබිම. එහෙව් එකේ මොකටද ලංකාවෙ ඉංජිනේරුවන් එහෙ පටවන්නේ? බැංගලෝරයේ ඉංජිනේරුවන් නැතුවද ? මේක මේ කෙටිකාලීන ව්‍යාපෘතියකට. යන්නේ මොරටුව සරසවියේ ශියයෝ 14 දෙනෙක්. කාට හරි කියන්න පුලුවන්ද මොකටද කියල? 

හරියටම පෙබරවාරි 26 වෙනිදා මේ කට්ටිය බැංගලෝර් නගරයේ ඉන්න ඕනේ. ඒ ඔවුන් අද විශේෂ හපන් කමක් කරපු නිසා ලැබුන අවස්ථාවක්. අද තමයි රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගය තිබුනේ වනාතමුල්ලේ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ. එම තරගය තිබුනේ රොෂාන් මධුසංඛගේ නායකත්වයෙන් යුත් ජපුර කිංග්ස් කණ්ඩායම සහ රොමේෂ් මධුසංඛ නායකත්වය දුන් මොරටුව ෂාර්ක්ස් කණ්ඩායම අතර. හරියටම හවස 2.00 ට තරගය පටන් ගත්තා. තරගය ජය අරගෙන බැංගලෝරයේ පැවැත්වෙන ලෝක තරගාවලිය ශ්‍රී ලංකාව නියෝජනය කරන්න අවස්ථාව උදා කර ගත්තේ මොරටුව ශාර්ක්ස් කණ්ඩායම. අනුග්‍රහය රෙඩ්බුල්(එයාලට ප්‍රමෝෂන් අවශ්‍ය නෑ කියල කියලම තියෙන්නේ). 

මටත් බ්ලොග් කරුවෙක් විදියට අවස්ථාව උදා වුණා ඒ තරගාවලිය සජීවීව ආවරණය කරන්න. මම මාධ්‍ය දෙකෙන්ම අප්ඩේට් යැව්වා. 

සිංහලෙන් : රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට් තරගාවලිය - අවසාන මහා තරගය (මේකේ විජට් එක මගේ බ්ලොග් එකෙත් දාලා තිබ්බා)

ඉංග්‍රීසියෙන් : https://twitter.com/RBCT20

මීට අමතරව මට විරල අවස්තාවක් ලැබුනා. ඒ 1996 ක්‍රිකට් ජයග්‍රහණයේ වීරයෙක් වෙච්ච රොමේෂ් කලුවිතාරණ මහතාව සම්මුඛ සාකච්චාවකට එක් කර ගන්න. ඒ අවස්ථාව දුන්නේ මට විතරයි. දිමුත් කරුනාරත්නගේ  සම්මුඛ සාකච්චාව කරන්නත් දුන්නේ මට විතරයි. ඒවා යථා කාලයේදී අකුරු කරන්නම්. 

කැම්පස් දෙකෙන්ම හොඳ ප්‍රමාණයක් ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් එකතු වෙලා හිටියා, මුළු ක්‍රීඩාංගණයම එකම ජනඝෝශාවක්, ඒ මදිවට ඔවුන්ට අවශ්‍ය රිද්මය නංවාල දුන්නේ පපරේ බෑන්ඩ් එක. පපරේ ගහනකොට ඉතින් නිකංම නැටවෙනවනේ. සවුන්ඩ් සිස්ටම එකෙත් අර අයි.පී.එල්. එකේ වගේ ඕවරයක් අවසන් වූ ගමන් මියුසික් දානවා. මැච් එක යත්දී විස්තර විචාරය (වෙලාවකට කරදයක් වුණා). නමුත් වෙලාව ගෙවෙනවා දැනුනේ නෑ. හැබැයි මම හිටියේ වැඩ දෙක තුනක් එක පාර කරගෙන. උඩ තියෙන අප්ඩේට් දෙක භාෂා දෙකකින් දාන්නයි. ක්‍රිකට් ප්‍රේමියෙකු විදියට තරගය නැරඹන්නයි. එතන තිබ්බ අධික හුළඟට අරව මේවා වැටෙන්න දෙන්නේ නැතිව අල්ල ගන්නයි. අනිත් අය අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නයි. ක්‍රීඩාංගණයේ ලකුණු පුවරුව හා සමගාමීව මගේ ලකුණු පුවරුව පවත්වාගෙන යන්නයි. මෙකී නොකී වැඩ ගොඩක් මැද්දේ. අර ඉන්ටර්වීව් දෙක කරපු වෙලාව ඇර අනිත් වෙලාවල හරියටම වැඩේ උපරිමෙන් කළා. 

උදේ තිබුනා අවසාන පුර්ව තරග දෙකේදී පරාජිත කණ්ඩායම් දෙක අතර තරඟය. ඒ තුන්වෙනියා තෝරන්න. වයඹ හීරෝස් සහ පේරා ලයන්ස් කණ්ඩායම් දෙක තමයි තරංග වැදුනේ. මේ තරගය බලාගෙන හිටිය මට හිතුනේ මේ විකට් එකේ 100ක් ගත්තත් දිනන්න පුළුවන් කියලා.  මුලින්ම පන්දුවට පහර දීපු  පේරා ලයන්ස් කණ්ඩායමට ලබා ගන්න පුළුවන් වුනේ ලකුණු 97ක් පමණයි. ලකුණු 98ක පහසු ඉලක්කයක් හඹා ගිය වයඹ හීරෝස් කණ්ඩායම ලකුණු 86කට සීමා කරන්න පේරා ලයන්ස් සමත් වුනා. 

සාරාංශය 

පේරා ලයන්ස් සියලු දෙනා දැවී ලකුණු 97.

ආර්.එස්. විජේසේකර 39 /එස්.එච්. වීරසිංහ 11 / ඩබ්.එන්. රණසිංහ 11 

 ඩී. එස්. ජයසේකර ලකුණු 11 ට කඩුලු 3 / අයි.එම්. ජවාඩ් ලකුණු 17 ට කඩුලු 3.

පිළිතුරු ඉනිම - වයඹ හීරෝස් පන්දු ඕවර 20ක් තුලදී කඩුලු 6 කට ලකුණු 86.

ඒ. ඩී. මධුරංග 21 / ජී.කේ. උදාර 16

එම්. කේ. පෙරේරා ලකුණු 17 කට කඩුලු 2

පේරා ලයන්ස් පිලට ලකුණු 11 ක තියුණු ජයක්. 


එම තනතිල්ලේම පැවැත්වූ අවසාන මහා තරගයේදී දෙපිලම ලකුණු 110 සීමාව පසු කර යන්න සමත් වුණා. ඇත්තටම එය හොඳ විස්සයි 20 විකට්ටුවක් කියා කියන්න පුළුවන්. 

කාසියේ වාසිය දිනා ගත්තේ ජපුර කිංග්ස් කණ්ඩායමේ නායක රොෂාන් මධුසංක කුරේ. ඔහු ආරාධනා කළා රුමේෂ් මධුසංඛගේ නායකත්වයෙන් තරග කල මොරටුව ෂාර්ක්ස් කණ්ඩායමට මුලින්ම පන්දුවට පහර දෙන්න.

ආරම්භක පිතිකරු යුගලය වන විජේරත්න මාරසිංහ යුගලය මෙම තරගාවලිය තුලදී පවර්ප්ලේ ඕවර 6 දී ලබාගත් උපරිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරන්නට සමත් වුණා. පිටියේ සෑම අන්තයකටම පන්දුව යොමු කරමින් ඉතා හොඳ ආරම්භයක් ලබාගෙන ශක්තිමත් ඉනිමක් සඳහා අඩිතාලම යෙදුවා. පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 56ක් රැස් කරන්න මෙම සුසංයෝගය සමත් වුණා. පළමු කඩුල්ල ලෙස එන්. එස්. මාරසිංහ දැවී යනවිට පන්දු 23 කදී ප්‍රවේගකාරී ලකුණු 39 ක් ලබා ගත්තා. එම ඉනිමට හතරේ පහරවල් හයක් සහ එක් හයේ පහරක් ඇතුලත්.  තුන්වන පිතිකරුවා ලෙස පිටියට පිවිසියේ ඩබ්. එස්. පෙරේරායි. ඔහුත් විජේරත්නත් එකතුව දෙවන කඩුල්ල සඳහා තවත් ලකුණු 29ක් එක කලේ පන්දු 30 කදී. ඒ ලකුණු 24කට විජේරත්න දවා ගැනීමට ජපුර කිංග්ස් සමත් වීම නිසා. ඔහුගේ ඉනිමට හතරේ පහරවල් තුනක් ඇතුලත්. ඉන්පසුව පෙරේරාට එක වු මධුභාෂණ තෙවන කඩුල්ල සඳහා ලකුණු 24 එක් කළා. ඒ සඳහා වැය වුයේ පන්දු 21ක් පමණයි. තෙවන කඩුල්ල ලෙස මධුභාෂණ මුළු ලකුණු සංඛ්‍යාව 111ක්ව තිබියදී දැවී යනවිට පන්දු 14 කදී එක හතරේ පහරක් සමග ලකුණු 14ක් ලබා ගන්නට ඔහු සමත් වුනා. ඉන්පසුව මොරටු ෂාර්ක්ස් ඉනිම කඩා වැටුනා යයි කීවොත් නිවැරදියි. තවත් පන්දු 28ක් තුල කඩුලු 6ක් පූජා කරන්නට මොරටු ක්‍රීඩකයන්ට සිදු වුණා. එසේ නොවන්නට ඔවුන්ට පැහැදිලිවම ලකුණු 160කට එහා ප්‍රමාණයක් ලබා ගන්නට තිබුනා. එම පන්දු 28 තුලදී ඔවුන් ලබා ගත්තේ ලකුණු 26ක් පමණයි. 

කඩුලු වැටීම : 1 - 58 / 2 - 87 / 3- 111 / 4 - 119 / 5 - 119 / 6- 119 / 7 - 127 / 8 - 136 / 9 - 136

ලකුණු 138 ක් පන්දු 120 ක් තුල ලබා ගැනීම තරමක අසීරු ඉලක්කයක්. ඒ සඳහා ඉතා වටිනා ලකුණු 92 ක සබඳතාවක් ගොඩ නගන්නට පන්දු ඕවර 14ක් පමණයි ජපුර කිංග්ස් පිලට වැය වුනේ. තවත් පන්දු ඕවර 6 කදී ලකුණු 46 ක් කඩුලු නවයක් අතැති කණ්ඩායමකට විස්සයි විස්ස තරගයකදී ඉතා පහසු ඉලක්කයක්. ලකුණු 92 දී ආරම්භ පිතිකරු ලෙසේ පිටියට පැමිණි රොෂාන් කුරේ ලකුණු 56 ක් ලබා ගත්තේ පන්දු 51කදී, ඒ තුල හතරේ පහරවල් 5ක් සහ හයේ පහරවල් දෙකක්ද ඇතුලත්.  ඊළඟ කඩුල්ල වෙනුවෙන් ඔවුන් ලකුණු 14ක සම්බන්දතාවක් ගොඩ නගා ගන්නට ඔවුන් පන්දු 13ක් වැය කර තිබුණා. කඩුළු අතැතිව සිටින කණ්ඩායමක් වේගයෙන් ලකුණු රැස් කලයුතු කාලයකදී මන්දගාමී ස්වරූපයක් දැක්වුවා. ඉන්පසු පිටියට පිවිසි කිසිවෙක් තරගය ජයග්‍රහණය කරා මෙහෙයවන අයුරක් දකින්න ලැබුනේ නෑ.  එක් අවස්තාවකදී ඔවුන් පන්දු 17කින් ලකුණු 21ක් ලබා ගැනීමේ පහසු ඉලක්කයක සිටියත් ඔවුන් 16,17,18 පන්දු ඕවර වල අවශ්‍ය වේගය රඳවා ගත්තේ නෑ. 

කඩුලු වැටීම : 1 - 92 / 2 - 106 / 3 - 112 / 4 - 112

එම කණ්ඩායම් දෙකෙහි ලකුණු ලබා ගැනීමේ ප්‍රස්තාරය දෙස බැලූ විට ඉහත කී කරුණු පැහැදිලි වනවා. 


මෙම තරගයේ ත්‍යාග ප්‍රදානය සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොමේෂ් කලුවිතාරණ, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න, තරගාවලියේ අධ්‍යක්ෂක බ්‍රෙන්ඩන් කුරුප්පු, ජයවර්ධනපුර සරසවියේ උප කුලපති මහාචාර්ය එස්.එල්.ඒ. කරුණාතිලක, මොරටුව සරසවියේ උප කුලපති නියෝජනය කරමින් මහාචාර්ය ආර්. අතලගේ, මොරටුව සරසවියේ ක්‍රීඩා අධ්‍යක්ෂ කේ. රත්නමුදලි, ජයවර්ධනපුර සරසවියේ ක්‍රීඩා අධ්‍යක්ෂ  අසෝක අමරසේන එක් වුවා. 

තරගාවලියේ හොඳම පන්දු යවන්නා : සී.ඒ. නවරත්න  - පේරාදෙණිය ලයන්ස්.

තරගාවලියේ හොඳම පිතිකරු : කේ.එම්. වීරරත්න - වයඹ හීරෝස්. 

අවසාන තරගයේ : කේ.ඩී.එම්.එල්. මාරසිංහ - මොරටුව ෂාර්ක්ස්.

තරගාවලියේ වීරයා : ඩබ්.එස්. යූ. පෙරේරා - මොරටුව ෂාර්ක්ස්.  

23 comments:

  1. /* කොල්ලා : ස්පාඥඥයට පි..පි..පිං...ඥඥා පටවනවා. */

    අෆොයි!
    අපි කවුරු කවුරුත් රාළහාමිලා වගේ තමයි නේද?

    ReplyDelete
    Replies
    1. අහ්.
      කකා එක පියන්නක් වැඩි උනාට මක් වෙනවද. කොල්ලගෙ පොඩි ගොතයක් තිබුනය කියල හිතමු

      Delete
    2. "ස්පාඤ්ඤය" නෙවෙයිද හරි වචනය? :)

      Delete
    3. කොල්ල පී පී පී ගාන්නේ බය වෙච්ච පාරට කියල හිතමුකෝ.

      Delete
  2. මොරටුව ෂාර්ක්ස් කණ්ඩායමට සභ පතනවා. ඔයාගෙ අප්ඩේට්ස් නම් මගහැරුන අයියෙ. ඒත් මෙහෙම හරි දැනගත්තෙ ඔයා නිසා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දේශ්. ඔයාගේ විදියට දැන් මොබයිල් එකෙනුත් මම බ්ලොග් කියවනවා.

      Delete
  3. //එහෙව් එකේ මොකටද ලංකාවෙ ඉංජිනේරුවන් එහෙ පටවන්නේ? බැංගලෝරයේ ඉංජිනේරුවන් නැතුවද ? //

    මම දන්න එකෙක් ඉන්නවා හැබැයි බැංගලෝර්වල සොෆ්ට්වෙයා ඉංජෙක් විදිහට වැඩ කරන

    ReplyDelete
    Replies
    1. Madhawa Abhayaratne කියල එක්කෙනෙක් ඉන්නව අපේ ගෙදර එක්කෙනාගෙං ඉගෙන ගත්තු ඉන්දියාවෙ යුනිලිවර් එකට වැඩ.
      මෝරගෙ ජය ගැන හරිම සතුටුයි.......

      Delete
    2. @බුවා : එහෙනම් ගහට ගහක් මොරටුවේදී නෙවේ බැංගලෝරයෙදී මුණ ගැහෙයි.

      Delete
  4. අප්පේ ඉන්දියාවේ බාගෙට බාගයක් ඉන්නේ හොරු,හරක් හොරු මැටි මොල්ලු. ඉන්දියන් කාරයෝ සුපිරි පොරවල් වෙන්න ඇති නමුත් අයියේ මම අනන්ත දකිනවා ලංකාවේ උන්ට කොර වෙන හැටි.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාව කියන්නේ රටක් නෙවේ ලෝකයක්. හැම ජාතියකම එවුන් ඉන්නවා.

      Delete
  5. ඉන්දියාවේ ඉංජිනේරු පුරයක් කියන එකට නම් විරුද්ධ වෙන්න බෑ. මොකද පඳුරකට පයින් ගැහුවත් ඉන්දියාවේ/ පකිස්ථානයේ 25 ක්-30ක් උපාධිකාරයෝ විසි වෙනවා. උපාධියට අගෞරව කරනවා නෙමෙයි.ඒ රටවලින් උපාධි ගන්න අයට එහෙම නො කියා කියන්න දෙයක් මම දන්නේ නැහැ. කොච්චර උපාධි ගත්තත් මහා මැටි ගොඩවල් කියලා තමයි කියන්න තියෙන්නේ.

    පිට රටක ඉන්න එකේ හොඳ දැනෙන්නේ මෙහෙම රට රටවල මිනිස්සු ගැන දැන ගන්න පුළුවන් නිසා විතරමයි.ඉන්දියාවේ උපාධියක් තියන ඉන්දියන් කාරයෙකුට වඩා මොලයක් තියනවා අපේ කම්කරු රැකියාව කරන අයට.

    ReplyDelete
    Replies
    1. තමන්ගෙම න්‍යෂ්ටික ආයුධ, මිසයිල , මිසයිල නාශක පද්ධති , අභ්‍යවකාශ යානා ..... හදාගත්තේත් , ලෝකේ දැවැන්තම මෘදුකාංග නිෂ්පාදන වෙලඳ පොල හැදුනෙත් ඔය "මැටිය" කියන ඉංජිනේරුවන්ගෙන් . උසස් අධ්‍යාපන අවස්ථා වැඩි නිසා එක එක ප්‍රමාණයේ බුද්ධි මට්ටම් තියන උපාධි දාරීන් ඉන්නවා . ඉන්දියාවේ උපාධිදාරියෙක් අපේ කම්කරුවෙකුගේ බුද්ධියට සමාන වෙන එක සමහර විටක , උපාධියක් හදාරන්න තරම් බුද්ධියක් තියාගෙනත් ලංකාවෙ තියන සිමා සහිත උසස් අධ්‍යාපන අවස්ථා අහිමි වීම නිසා කම්කරුවෙකු වීමට සිදුවේ අභාග්‍යය වෙන්න පුලුවන් ! . උපාධිය ලංකාවේ උන්ට මැජික් වුනත් බොහෝ රටවල උපාධිය ඉතාම සාමාන්‍ය දෙයක්

      Delete
    2. බුවා ++

      බොහෝ රටවල මුලික අද්යාපන සුදුසුකම උපාධියයි.
      ලංකාවේ අයියල සුපිරි ඇති , ඉන්දියාවේ උන් රෙන්නේ පාරේ වෙන්න ඇති ඒ උනත් සුපිරි අයියල ඉන්න ලංකාවට මිනිරන් පැන්සල් කුරක් වත් හදා ගණන් බැහැ අධ්‍යාපනය , ආර්ථික , අපනයන , මෙකි නොකී සියලුම ක්ෂේත්‍ර සුපිරි මඩ ගොහොරු පාරේ රෙනවා කියල කින්ඩි දැම්මට ඉන්දියාවේ උන් නම් රොකටුත් හදනවා. හෙළුවෙන් ඉඳගෙන අමුඩේ ගහන ඉන්න එකාට විරිත්තනවා වගේ ...

      Delete
    3. @බට්ටි : සමස්තය ගැන තීරණයකට එන්න බෑ නේද ? එක්කෙනෙකුගෙන් දෙන්නෙක්ගෙන්.
      @බුවා : මමත් එකඟ වෙනවා. ඉන්දියාව බොහෝ දේවල් වලින් අපිට වඩා ඉදිරියෙන්. පුහු ආටෝපෙන් නම් අපි හරි ඉදිරියෙන්.

      Delete
    4. Agreed with Buwa ,Mahason and Sudeeka.India now got underwater missile launching capabilities(Only four other nations got this ) .Entire R&D work done by Indian scientists(So called "mati godawal".LOL



      http://www.ndtv.com/article/india/india-test-fires-missile-from-under-sea-completes-nuclear-triad-322839?pfrom=home-lateststories

      Delete
  6. අර ඉන්ටර්වීව් දෙක එක ඉක්මනට දාන්න

    ReplyDelete
    Replies
    1. සහතිකෙන්ම. වෙලාව ලැබෙන හැටියට.

      Delete
  7. සුදීක ගෙට්‍ටුවේදි.හමූ උනාම...කලූ ගැන හොඳ කිව්වෙ මේ ඉන්ටවිව් එක ගැන වෙන්න ඇති.

    අපරාදෙ ගෙට්‍ටුවෙ හොඳට වෙලාවතිබ්බ නම් දෙපිලක් බෙදිල මැච් එකක් ගහන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. අද හෙටම එකත් දාන්නම්.

      Delete
  8. ඉන්ටර්වීව් එක ඉක්මණට දාන්න. ගෙට්ටුවට එන්න බැරිඋනා ඔෆිස් එකේ යාළුවෙක්ගේ තාත්තගේ අවමංගල්‍යයට යන්න සිදුඋන නිසා.

    ReplyDelete
  9. මටනම්, ක්‍රිකට් කියන එක කපිරිඥ්ඥා වාගේ තමයි. එත් මීලඟ ගේට්ටුවටවත් එන්නම්....

    ReplyDelete
  10. මං නං හිතුවෙම ජපුර දිනයි කියලා....

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...