Friday, January 25, 2013

අඩුම ප්‍රතිචාර ලැබුණු ඔබේ පොස්ට් එක මොකක්ද ?

අපි බ්ලොග් පොස්ට් එකක් දාන්නේ විවිධ අරමුණු ඇතිව. ඒත් ප්‍රධානම දේ තමයි බොහෝ දෙනෙක් කියවයි කියන බලාපොරොත්තුව. ඒත් කලාතුරකින් හිතේ තියෙන පීඩනය නැති කර ගන්න, තමන් දුටු විශ්මයජනක අවස්තාවක් විස්තර කරන්න පොස්ට් එකක් දාන අවස්ථාත් නැත්තේම නෑ. බ්ලොග් ලියන අපි කවුරුත් පොස්ට් එකක් දාලා එකට හිට්ස් එනකොට කමෙන්ට් වැටෙනකොට නිහතමානී සතුටක් විඳිනවා. ඒක කව්රු හරි නෑ කියල කියනවනම් මම අහන්නේ, ඇයි ඔබේ බ්ලොග් එක සින්ඩිකේටර් වලට එකතු කලේ කියලා. 
පින්තුරය ගත්තේ : http://blog.pentaho.com
ඔන්න මම ඔබ සියලු දෙනාට අවස්ථාවක් දෙනවා හොඳට නැගල යයි කියල හිතාගෙන ලිව්වත් ඉතාම අඩු ප්‍රතිචාර ලැබුණු පොස්ට් එකේ ලින්ක් එකක් කමෙන්ට් එකක් තුල දාන්න. අපේ ආධුනික බ්ලොග් කරුවන්ට නම් මේක කදිම අවස්ථාවක් වෙයි. 

හැබැයි තව දෙයක් කියන්න ඕනේ. මම දැකල තියෙනවා බොහෝ දෙනෙක් ලින්ක් එකක් කමෙන්ට් එකටකට දාන හරි ක්‍රම දන්නේ නෑ. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි

මම දාපු ඒ වගේ අඩු ප්‍රතිචාර ලැබුණ පොස්ට් එකක් තමයි 

"ගුවන් කරනම්" කියන එක. ඒකේ ලින්ක් එක තියෙන්නේ 

 http://awidda-paya.blogspot.com/2012/07/blog-post_14.html

දැන් ඕක කමෙන්ට් එකට එකතු කරන්නේ මෙහෙමයි

<a href="http://awidda-paya.blogspot.com/2012/07/blog-post_14.html">  ගුවන් කරනම්</a>

කෙටියෙන් කියනවා නම් 

<a href="ලින්ක් එක"> හෙඩිම </a>

එහෙනම් දැන් දාන්න බලන්න ඔබේ බ්ලොග් එකේ අඩු ප්‍රතිචාර ලැබුණු ඒත් එහෙම නොවෙයි කියල හිතපු පොස්ට් එක.

මගේ එක පලවෙනි කමෙන්ට් එක විදියට දාන්නම්.

129 comments:

  1. මුලින්ම මම දාපු පෝස්ට් කීපයට නම් ප්‍රතිචාර, හිට්ස් අඩුයි. නමුත් අපි කවුරුත් පටන් ගන්නෙ එහෙමනේ... නමුත් මෑතකදී මම ආසාවෙන් ලිව්ව මේ පෝස්ට් එකට, සාමාන්‍යයෙන් තියන හිට්ස් ගාණවත් තිබ්බේ නෑ... පෝස්ට් එකේ නමත් සෑහෙන්න බලපාන්න ඇති ඒකට... කවුද කැමති අසුභවාදීන්ට නේද?

    ...අසුභවාදියා...

    ReplyDelete
    Replies
    1. තිසරගේ මේ පෝස්ට් එක මං බොහොම කැමැත්තෙන් කියවපු එකක්...

      Delete
    2. කලින් කියවල තිබ්බේ නෑ. කොයි තරම් වටිනා පොස්ට් එකක්ද.

      Delete
  2. බයිස්කෝප් එකට දුන්නු ඔන්න ඔය ෆිල්ම් එකට තමයි අඩුම ප්‍රතිචාර තිබ්බෙ......
    Khelein Hum Jee Jaan Sey (2010) | මව්බිම නැතිනම් මරණය ! [සිංහල උපසිරැසි සමඟ]

    ReplyDelete
    Replies
    1. ගිහිං බැලුවා. මම හින්දි වලට ඒ තරම් ප්‍රියක් නෑ.

      Delete
    2. පල්ලෙහාට යන්න කම්මැලියි මෙතැන කොටන්නං..
      මෙහෙමයි මගේ හිට්ස් වැඩිම කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඔහේ ලියපු මල විකාරෙකට.
      මහන්සිවෙලා ලියන වැදගත් කියලා හිතෙන පෝස්ට් වලටනං හිට්ස් නෑ..
      උදාහරණයක් විදිහට ගුවන් විදුලිය ගැන ලියපු සෙට් එක සහ සමහර විද්‍යාප්‍රභන්ධ හදුන්වන්න පුළුවං..
      ගුවන් විදුලියේ ඉතිහාස කතාව

      Delete
    3. අහෝ තරියා නොදිටි මොක් පුර ...

      Delete
  3. සුදීක ටත් මරු අයිඩියා නේ එන්නේ. :) මගේ මුල් කාලේ ලිව්ව පෝස්ට් දෙකක් තියනවා. ඒ වගේම කමෙන්ට් වැඩිපුර වැටුනේ මං එහෙම වෙයි කියල හිතපු නැති පෝස්ට් වලට. මේ තියන්නේ ඒ කමෙන්ට් අඩුම පෝස්ට් දෙක. දෙකටම මගේ රිප්ලයි එකත් එක්ක කමෙන්ට් දෙක ගානේ තමයි වැටිලා තිබුනේ.
    1 දේශගුණය හා පරිසරය
    2 විදුලිය ගැන තව ටිකක් දැන ගනිමු ( 2 වන කොටස )
    මෙහෙම අවස්ථාවක් දුන්න එකට ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. මල්ලී මොකක් හරි අවුලක් වගේ අයි පාරක් චෙක් කරලා බලන්න.

      Delete
    2. Sorry,You are trying to reach an invalid page...! කණගාටුයි..! මෙම පිටුව ඇතුලත්ව නැත. මදකින් ඔබව මුල් පිටුව වෙත යොමු කරනු ඇත.

      Delete
    3. @සු දී ක
      පොඩි වැරදීමක් වෙලානේ අයියා.. ලින්ක් දෙකේම අගට / ලකුණක් එකතු වෙලා. සමී ගෙ ලින්ක් දෙක හරි.

      @සමී
      බොහොම ස්තුතියි සමී. :)

      Delete
  4. Replies
    1. මේ ගීත දෙකේ වචන බොහෝ ඇය දන්න නිසා වෙන්න ඕනේ.

      Delete
  5. අඩුම ප්‍රතිචාර තියෙන පෝස්ට් එක හොයන්න ගියාම එපා වෙනවා බං.

    මුල් කාලෙ ලියපු බොහොමයක ප්‍රතිචාර අඩුයි නොවැ :)

    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. සැමට ප්‍රතිචාර හොඳයිනේ කොහොමත්. මම බැලුවේ එහෙම නැති ඇයට චාන්ස් එකක් දෙන්න.

      Delete
    2. ලැබුන වගෙ නෙවේ ඒ ප්‍රතිචාර දිගටම රදව ගන්න ගියාම !

      මගෙ වැලහින්නකට පෙම් බැදිමි එච්චර නැගල ගියෙ නැහැනේ උබට මතක ඇති !

      Delete
    3. මම එතකොට බ්ලොග් ලියන්නේ නෑ මට හිතෙන විදියට.

      Delete
  6. හිට්ස් සහ කොමෙන්ට්ස් තමයි අපි මේවට දරන මහන්සියට ලැබෙන ආදායම.හැබැයි ඉතින් සමහර ඒවාට මහන්සිවෙනතරමට ලැබෙන ආදායමනම් මදි.මගෙත් පොස්ට් කිහිපයක්ම තියෙනවා.එකක් තමයි මං ලිව්ව විද්‍යා ප්‍රබන්දය.

    ආදීතමයා 1

    ආදීතමයා 2

    ආදීතමයා අවසාන කොටස

    මං හිතන්නේ මං පොස්ට් දාන්නේ ගොදක්වෙලාවට වැඩ ඇරිලා ඇවිත් රෑ 8, 9 ට විතර නිසා එකත බලපානවා ඇති.

    ReplyDelete
    Replies
    1. කාට වැදගත් නොවුනත් මේක මටනම් නියමයි. මොකද මට අතපහු වෙච්ච් හොඳ පොස්ට් ටිකක් බලාගන්න පුළුවන්. අපේ ප්‍රවීනයොත් ප්‍රතිචාර දැක්වුවොත් හොඳයි.

      Delete
    2. ඔන්න කියෙව්වා 3නම. මං නං විද්‍යා ප්‍රබන්ද වලට මාර ආසයි,, 10 වසරෙ ඉන්නකොට කරල තියෙන එකක් උනාට නිර්මානෙ බොහොම සාර්තකයි

      Delete
    3. //හිට්ස් සහ කොමෙන්ට්ස් තමයි අපි මේවට දරන මහන්සියට ලැබෙන ආදායම//

      ඇත්ත හසරැල් සහතික ඇත්ත !

      Delete
  7. මගේ පළමුවැනි පෝස්ට් එකේ මම ලිව්වේ පේලි දෙකයි. "මෙතෙක් කල් තනිවම නෙලාගත් අස්වැන්න ඔබත් සමග බෙදා ගන්න්නට අවසරයි" කියලා ඒකත් ටෙස්ට් කරන්න දැම්මේ. හැබැයි ‍ඒකටත් ප්‍රතිචාර හතරක් තිබුණා මුලින්ම.

    මම වැඩිය ‍කොමෙන්ට්ස් අපේක්ෂා නොකළත් ඒවා දකින විට නිහතමානී සතුටක් ඇතිවෙනවා. ඒත් කොමෙන්ට් එකක් නොදැම්මත් කවුරු හෝ සම්පූර්ණයෙන් කියවනව නම් ඒ ඇති කියලා හිතෙනවා. මොකද කවුරුත් කාලයත් එක්ක කරන ගණුදෙනුවක් නිසා

    ReplyDelete
    Replies
    1. දයාගේ පොස්ට් ඒ තරම් ගැඹුරුයි.

      Delete
  8. Replies
    1. යකෝ අඩුම එක දාන්න කිව්වහම වැඩිම එක දැම්මේ අහවල් එහෙකටද ?

      Delete
    2. //අනේ සත්තලනේ වැදලා කියන්නං ඉංගිරිසියෙන් නං අදහස් පරකාස කරන්ට එපා ඕං//

      මේ නිසයි බං මං නම් කමෙන්ට නොකරන්නෙ. :p

      Delete
    3. අටමා මොළ කාරයා.... කතාවේ පළවෙනි කොටසට කට්ටියව ගෙනිච්චා.. දැන් කොටස් ටික ඔක්කොම කියවලා තමයි කෙනෙක් පස්ස බලන්නෙ....

      Delete
    4. කෙලියනේ උඹලා තුන්දෙනා එක්ක . කටපියාගන ඉන්නේ නැතුව පංඩිතකං කියවන්ඩ ගිහිල්ලා .

      බලහං කට්ටිය හොදට ඔතෙන්ට එකතුවෙවී තිබ්බා, දැන් එකෙක්වත් එන් නැ,

      තොපි මගේ හතුරො ‍

      Delete
  9. බ්ලොග් ලියන්න ගත්ත මුල් කාලේ හැම එකකටම කමෙන්ට්ස් අඩුයි සුදීක. දැන් නම් විශේෂයක් නෑ මං දැන් අච්චාරු වගේ නිවුස් එහෙමත් දාන නිසා. ඒත් ඔබේ මේ උත්සාහය නම් අගේ කළ යුතුමයි.

    ReplyDelete
  10. මුල්ම කාලේ ලිපි වලට බලපු අයත් ප්‍රතිචාරත් අඩුයි . ජාවා අධ්‍යාපන ආයතනයක් ගැන ලියුව ලිපියක් තියනවා මුල් කාලේ 100-150 අතර තිබුන කියවපු ගාණ එකපාරටම 250+ වුනේ ඔය ලිපියෙන් මුලින්ම හැබැයි ප්‍රතිචාර එකයි . ඊට පස්සේ අඩුවැඩී වීම් අතර ජැකොලයින් නෝන සම්බන්ධ ලිපියක් තියනවා මේ වෙනකොට 1600 ගාණක් කියවපු හැබැයි එක ප්‍රතිචාරයයි .ජාවා ලිපියෙන් කලේ වෙන බ්ලොග් එකකට උදව් කිරීමක් නිසා කෙමෙන්ටු අඩු වීම සාධාරණයි . දෙවෙනි එක හිටිස් ඇද ගන්න මාතෘකාවක් උනත් දැන් බලන කොට හිතෙනවා ඒ තරම් ගත යුත්තක් ලියවිලා නැද්ද කියලා . කොහොම වුනත් මේ දෙක ඇරුණාම සාමාන්‍යෙන් මගේ හිතට සතුටු ගාණට ප්‍රතිචාර තියනවා . උපරිම වශයෙන් 30-40 තමයි මගේ ලිපියකට ප්‍රතිචාර එන්නේ

    ReplyDelete
    Replies
    1. බුවා මම ප්‍රතිචාර කියන එකෙන් මම අදහස් කලේ හිට්ස් සහ කමෙන්ට් දෙකම.

      Delete
  11. සු.දී.කගේ සිතුවිල්ල නම් මල් හතයි. හැමෝටම වගේ මගෙත් මුල්ම පෝස්ට් වලට හිට්ස් අඩුයි.ඒත් මෙන්න මේ පොස්ටුව මම හිතුවට වඩා හිට්ස් නොලැබුන එකක් ඇයි දන්නෙ නෑ

    මතකය

    ReplyDelete
    Replies
    1. සමහරවිට කෙනෙක් මුලින්ම ලියපු ඒත් බොහෝදෙනෙක්ගේ ඇස නොගැටුණු පොස්ට් කියල හිතමු ඒ වගේ ඒවා දාන්න.

      Delete
    2. ඕක තමයි මගේ හිට්ස් අඩුම එක. මම මනින්නෙ මම යන වෙගය හා හිට්ස් ගාන සන්සංදනය කරල මෙන්න මේ කැටගරිය එහෙම අඩුවෙන්ම හිට්ස් වැටුන කැටගරියක් සඳැස්

      Delete
  12. මුල් කාලේ ඒවාට කොහොමත් ප්‍රතිචාර් අඩුයිනේ.. මම හිතන්නේ මගේ පළවෙනි පොස්ට් එකට ..එක කෙටි කථාවක් එතකොට සින්ඩිකේටර් වලට ඇතුල් කරලා තිබුනෙත් නැහැ බ්ලොග් එක ..

    ඔබ එන්න සුලගේ දැවටිලා.

    ReplyDelete
    Replies
    1. කෙල්ලෙක් හිතන විදියට තමයි කතාව යන්නේ.

      Delete
  13. සය්ගොන් ගඟත් බොරවී

    මුල්ම මාසේ ලිවූ ඔන්න ඕක තමයි කමෙන්ට් හතරක් වැටුන එක . පහ. හය හත වගේ ආසන්න වාර්තා තිබ්බ ඒවා තියෙනවා තව. මේ කමෙන්ට් එකට ඕන නිසාමයි ඔන්න මේ ගණන් බලන්න හිතුනේ .
    ඒ ඇරෙන්න පසු වෙද්දී කමෙන්ට් 40 50 60 වගේ සාමාන්‍ය අගයක් තියෙනව . ඒවා ඇතුලේ ඉතින් මගේ කමෙන්ටුත් බාගෙට බාගයක් .

    ඉතිහාස ලිපි වලට තමයි කමෙන්ට් අඩු වෙන්නේ . නමුත් ඒ මගේ ආසම විෂයක් නිසා ඒවා ලියන ආසාව නම් අඩු වෙන්නේ නැහැ . කියවල බලල ලියන්න ඕන නිසා වෙලාව තමයි ප්‍රශ්නේ

    ReplyDelete
    Replies
    1. ඔන්න මම ගිහිං බැලුවා. ඔයාගේ බ්ලොග් එකටත් ජෝන් වුනා.

      Delete
    2. ජොයින් වුනා.

      Delete
    3. පොඩි ජෝන්

      Delete
    4. චුන් වුනා . ( සුදිකයා එහෙමයි ලියන්න හදලා තියෙන්නේ )

      Delete
  14. සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් :p
    අනිත් එව්ව කොහොම ලිව්වත් මං ඊයෙ ලියපු මගේ ඇත්තම කතාව නම් හැමොටම බලන්න, ගොඩක් අය බලයි කියල හිතාන ලිව්වෙ. අනිත් ඒවට කමෙන්ට් නැතත් ටිකදෙනෙක් හරි බැලුව. ඒත් මේකට තවම හිට් 11යි. ඇත්ත කියනවට කවුරුත් කැමති නෑද කොහෙද
    දේශ්ගේ නිරුවත නැමති තිත්ත ඇත්ත....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කෙනෙක්ව හොඳටම අඳුන ගන්න පුළුවන් එයාගේ ඇත්ත කතාව දන ගත්තාම. මම අද දේශව අඳුර ගත්තා.

      Delete
  15. මගේනං පෝස්ට් දෙකයිනෙ තියෙන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. ඒවා අපි බලල තියෙනවා. අපි වත් ලියන්නද ඕකට ?

      Delete
  16. මුල් කාලේ නම් කවුරුත් ඉතින් ලීවට බලන්නෙත් නෑනේ. ඒවට ප්‍රතිචාර කොහොමත් අඩුයි. පස්සේ හොයලා කියන්නම් සුදීක.:)

    වැඩ කරන ගමන් කමෙන්ට් කරන්නේ. කවුරු හරි දැක්කොත් එහෙම හම්බ වෙන කමෙන්ට්ස් ගැන කියලා වැඩක් නෑ ඕං....:D.

    ReplyDelete
    Replies
    1. ඔයා ඉතිං පැරණි බ්ලොග් කාරියෙක්නේ. මම ප්‍රතිචාර කිව්වේ කමෙන්ට් වලටටම විතරක් නෙවෙයි හිට්ස් වලටත් එක්ක.

      Delete
  17. තාක්ෂණික බ්ලොග් වලට කොහොමත් හිට්ස් , ප්‍රතිචාර කොහොමත් අඩුයිනේ ...ඒවයින් මෙන්න මේකට ඔය දෙකම ගොඩක් අඩුයි ...

    SEO වලට ගැලපෙන්න බ්ලොගර් පෝස්ට් title එක page title එකට ඉදිරියෙන් දමමු

    ReplyDelete
    Replies
    1. මේක ළඟදී දාපු එකක් නේද ?

      Delete
    2. මේකට දැන් අවුරුදදකටත් වැඩයි 2011 ඔක්තෝබර් වල ලියපු එකක් ...

      Delete
  18. කමෙන්ට්ස් .. අර මොකද්ද මන්දා බ්ලොග් එකක දැක්කා වගේ කොමෙන්ට් එකක් දැක්කම පුදුමාකාර සතුටක් එන්නේ ඇත්තටම ...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම.

      Delete
    2. ඇයි මට මෙ නම කියවන්න බැරි?

      Delete
    3. මටත් බෑ

      Delete
    4. ලකී රෝස් කියල තියෙන්නේ.

      Delete
    5. ඇයි බං කියවන්න බහ කියන්නේ .. ඔය ලස්සනට තියෙන්නේ ලකී රෝස් කියලා , ෆොන්ට් එක නැද්ද ...

      Delete
    6. ඔය කියෙන්නේ මේකද?

      කොමෙන්ට් එකක් දැක්කම මාර ආතල් එකක් එනවා අප්පා...........

      Delete
  19. මුල්කාලෙ කොහොමත් ප්‍රතිචාර අඩු නිසා.. බ්ලොග් එක හුඟ දෙනෙක් දැනගත්තට පස්සෙ ලියපු ඒවයින් එච්චර ප්‍රතිචාර ලැබුනෙ නැත්තෙ සුද්දො මෙච්චර පොහොසත් ඇයි කියන ලිපියට වෙන්න ඕනා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම දෙතුන් පාරක් මගට කියවලා නවත්ත්වන්න වුනා. මේ පාර ඉවරෙටම කියන්වන්න්ම්.

      Delete
  20. උඹටත් පහලවෙන අදහස්! :) හැබැයි නියමයි.
    මම දැනට මෙහෙම කියන්නම්. මම භාෂා දෙකකින් බ්ලොග් තුනක් ලියනවනෙ.
    ඉස්සෙල්ලම ඉංග්‍රීසි එක ගැන කිව්වොත් ලංකාවේ ඉංග්‍රීසියෙන් බ්ලොග් ලියලා හිට්ස් ගන්න එක එච්චර සාර්ථක වැඩක් නොවුනත් මගෙ HeyDude බ්ලොග් එකේ තත්වය ගැන මට අවංකවම සතු‍ටුයි. මම බොහෝ විට ලියන පෝස්ට් මුලින්ම ලියලා තියෙන්නෙත් ඉංග්‍රීසියෙන් HeyDudeට නැතත් ඒ මගේ පළවෙනි බ්ලොග් එක.

    මගෙ වර්ඩ්ප්‍රෙස් සිංහල බ්ලොග් එක වන මට හිතෙන හැටි ගැන කිව්වොත්, වර්ඩ්ප්‍රෙස් ලංකාවේ බ්ලොගර් තරම් ජනප්‍රිය හෝස්ට් සයිට් එකක් නෙවෙයි. මම ඒක බ්ලොගර්වල ලිව්වානම් අද තියෙන 55000කට ආසන්න හිට් ප්‍රමාණය දෙගුණ කරගන්න තිබ්බා. ඒ නැතත් මගේ මුල් ලිපි වල හිට්ස් අඩු ඒ දිනවල මාව වැඩි දෙනෙක් නොදැන හිටපු නිසා. ඒ ලිපියම මම මගේ ඩෙනිමේ නැවත ප්‍රචාරය කරන විට වෙනස හොඳින් බලාගන්න පුලුවන්.

    ඒ වර්ඩ්ප්‍රෙස් අඩුපාඩුව ජයගන්න ආරම්භ කරපු මගේ ඩෙනිම පටන්ගන්න කොට මුල් කලයට වඩා බොහෝ දෙනෙක් මාව දන්න නිසාදෝ සෑහෙන වේගයක් අත්පත් කරගෙන තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කෝ ඉතිං ලින්ක් එකක් ?

      Delete
  21. මම ඉතින් කේවල් කරන්න තරම් ලියලා නෑනෙ,පෝස්ට් 6යි.හිට්ස් 8600 යි,කමෙන්ට්ස් 898 යි, හැම පෝස්ට් එකකටම කමෙන්ට්ස් 100 ට වඩා ලැබිලා තියෙනවා (මගේ Reply ත් සමග)

    හැකි ඉක්මනින් නැවතත් ලියන්න පටන්ගන්නවා.

    ReplyDelete
    Replies
    1. කවුද කේවල් කරන්න කිව්වේ. මම ඉල්ලුවේ අඩුම ජනප්‍රිය ඒත් හොඳට ලිව්වා කියල හිතෙන පොස්ට් වලට ලින්ක් එකක්.

      Delete
    2. // හැකි ඉක්මනින් නැවතත් ලියන්න පටන්ගන්නවා. //

      හොඳ ආරංචියක්...

      Delete
    3. ඔහොම බලන කොට උඹට තමා හොදම පුතිචාර තියෙන්නේ

      ඉරිසියාවේ බැ, පුළුවන්නං මම ප්‍රහාරය හැක් කරනවා

      Delete
    4. /*හැකි ඉක්මනින් නැවතත් ලියන්න පටන්ගන්නවා.*/
      ලියමු ලියමු..

      Delete
  22. මෙහෙම අදහසක් එක පාරටම ආවෙ අන්තිමට දාපු පෝස්ට් එකට හිට් නැද්ද ?

    මගෙ ප්‍ර‍තිචාර අඩුම එක

    ReplyDelete
    Replies
    1. ලඟදි කිසි එකකට අඩු වුනේ නෑ. ඒත් සමහර මහන්සි වෙලා ලියපු ඒවා තම්බෙගට ගණන් නොගෙන වගේ තිබුණා.

      Delete
    2. මේ බ්ලොග් එක හරියට හිට් වෙන්න ගත්තෙ, තීම්-ටෙම්ප්ලේට් වෙනස් කළාට පස්සෙයි.කලින් තිබිච්ච එකට කමෙන්ට් කරන්න තැපැල් කන්තෝරුවට යන්න ඕන. ඒකටත් රිප්ලයි කරන්න බෑ.

      සෑහෙන විරෝධයකින් පස්සෙ තමා මේ තත්ත්වෙට ගත්තෙ.

      Delete
    3. ඒකට සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕනේ සුමිත්ටයි රාජ්ටයි තව කිහිප දෙනෙකුටයි.

      Delete
  23. මගේ හොදම නිර්මානය කියලා හිතන්නේ මම මේක, මගේ පෞද්ගලික අත්දැකීමක් මට ආපු කේන්තියත් එක්ක ලිව්වේ
    ලේ ‍රැවටීම

    මේකත් උඩ ලියලා එක ලියන්න හේතු වුන කෙනාමයි මුල් වුනේ
    ප්‍රේමයකි

    ReplyDelete
    Replies
    1. මේ වගේ අතපහු වෙච්චි බ්ලොග් පොස්ට් කීපයක්ම අද දවස ඇතුලත බලා ගත්තා. තව බොහෝ දෙනෙක් බලන්න ඇති.

      Delete
  24. සුදීක අයියට මතක් වෙන්නෙම මේ වගේ ඒවා තමයි.... හි හි

    මගේ නම් මෙන්න මේකට තමයි මම ප්‍රතිචාර ටිකක් ලැබෙයි කියලා හිතුවත් නොලැබුණු එක... හි හි
    පොඩියට පටන් අරං හදා ගමුද.... අපේ වැරදි..... හැබැයි ඉතිං කමෙන්ට් නැති වෙන්න හේතුවත් මංම තමයි.... මොකද මේක මාගලක් නේ... හි හි

    මේක තව එකක්.. මං කැමතියි මේකත් ගොඩක් අය කියෙව්වනං කමෙන්ට් නොදැම්මත්.. ඒක නිසා ලින්ක් එකක් දානවා.. ... හැබැයි මේක නම් ගොඩ කාලෙකට කලින් ලියපු එකක්... පොඩි ෂොට් එකක් දැම්මා.... නැත්තම් මගුලකට ගිහින් වැඩක් නෑ නේ.......

    ReplyDelete
    Replies
    1. හිරු ඔයාගේ මේ ලින්ක් දෙකේ මොකක් හරි දෝෂයක් තියෙනවා.

      Delete
    2. නෑ බං. ඔය ඇරෙන්නෙ. එක මාතෘකාවක් ඩ්‍රින්ක් එකක් දාපා නම් ඉන්නෙ ඇරෙන්නෙ නෑ.

      Delete
    3. හිරුටත් මට වුනු දේ වෙලා. ලින්ක් එකේ අගට " ලකුණක්..!

      Delete
    4. තැන්ක්ස් සමී...

      Delete
  25. මේ දවස් වල සුදීක අයියටත් මරු අයිඩියා තමයි එන්නෙ බොලේ .. හි හි

    මන් නං ඉතින් අලුත් එකා..ඒ උනාට පලවෙනි පෝස්ට් එකට සුභ පතල යන්න ගොඩාක් අය ආව.. හසිත අයියාට තමයි ස්තූති වන්ත වෙන්න ඕනි ඒකට..

    ඉතින් ගොඩල් ලිපි නෑ.. මේ කෙටි ලිපියට තමයි අඩුම කමෙන්ට්ස් හම්බුනේ..

    ALPHABeT රචනාව හා බලු රචනාව

    හිට්ස් අඩුවෙන්ම හම්බෙලා තියෙන්නෙ නං ඒකට නෙමේ.. මම ගොඩාක් මහන්සි වෙලා ලියපු දීර්ගම ලිපියට.. එකට නං හිට්ස් අඩු උනු එක සාදාරනයි. මගෙ හිතේ දුකට ලියපු එකක් නිසා..

    අත්තම්මා නිවන් ගිහින් අපට ගොඩක් ඈතයි :'(

    ReplyDelete
    Replies
    1. පිස්සු සමියා... ඒකට කොහොමද බොල කමෙන්ට් දාන්නේ.. කියවලා ඉවර වෙනකම් අඬනවා මිසක්.... මූට පිස්සු සුදීක අයියේ....

      Delete
    2. සමියාගේ පොස්ට් එක පංකාදුයි.

      Delete
  26. ඔන්න සුදික අයියේ මමත් ලින්ක් එකක් දැම්මා.. බ්ලොග් එකේනම් නෙවෙයි "සිංහල බ්ලොග්" ගුගල් ප්ලස් ගෘප් එකේ බ්ලොග් ලියන හැමෝටම වැදගත් වේවි

    ගුගල් ප්ලස් සිංහල බ්ලොග් සමුහයට ඔබත් එක්වන්න

    ReplyDelete
    Replies
    1. ගියා ඒකට එකතු වෙන්නේ කොහොමද ?

      Delete
  27. මම ඉතින් සංගිලි පාලම පටන් අරන් තාම මාසයයි පොස්ට් තියෙන්නේ 4යි. එකෙන් ඉත්න් අඩුම ප්‍රතිචාර තියෙන්නේ මේකට
    තිත්ත මව් කිරි

    ReplyDelete
  28. මගෙ නම් බ්ලොගයට කොහොමත් හිට්ස් අඩුයි.. හැමදා යනෙන අයම තමයි යන්නෙ එන්නෙ..

    ඒත් මට කට්ටිය බලනවා අඩුයි කියලා තැවීමකුත් නෑ.. නවත්වන්න හිතුවට නැවැත්තෙන්නෙත් නෑ..

    මගෙ බ්ලොග

    ReplyDelete
    Replies
    1. දැන්වත් බලමු.

      Delete
    2. හිට්ස් සහ කොමන්ට් ගැන මාද තැවෙනුයේ නැහැ. නමුත්, කොමන්ටතුළින් අපේ අඩු පාඩු සාදා ගැනීමට අවස්තාවක් තිබෙනවා.

      Delete
    3. මොකද මේ බළල් මුණක් දාගෙන. මෙහෙමයි ඕනනම් හිට් වෙන විදියේ ඒවාම ලියන්න පුළුවන්. ඒත් හොඳ මාතෘකා ඔස්සේ ලියලා මොකක් හරි කාරණයක් නිසා සැඟවිච්ච පොස්ට් එලියට ගන්න තමයි මගේ උත්සාහය. කමෙන්ට් හිට්ස් ගන්නවා නම් මොකක් හරි දෙපැත්ත කැපෙන දෙයක් ලීවාම හරි. කෝ ඔයාගේ අවධානයට ලක් විය යුතු පොස්ට් එක?

      Delete
  29. හොද ලිපියක් සුදීක මහත්තයා

    ReplyDelete
  30. අඩෝ... අකුරු ටිකක් පොඩි කෙරුවොත් නරකද ? ටෙම්ප් එකේ පලලත් එක්කම ?

    ReplyDelete
    Replies
    1. අකුරු ලොකුවට තියනකොට හොදයිනේ අධිපතියෝ

      Delete
    2. අඩෝ අටමා, නාකියා ඇස් පේන්නෙ නෑ නේද ? :-)

      Delete
    3. අඩෝ මට 34යි උඹට 42යි එතකොට නාකියා උඹද මමද

      Delete
  31. සිංහල බ්ලොග් අවකාශයේ හිවලා කියලා ඉතිහාස ගතවෙනවා සුදීකයෝ උඹව අනිවා, එක පාරක් නම දාපු හැටි අහලා ගොඩ ගියා,දැන් අපිව හිගමනට වැටිච්ච දවස, අනේ යකෝ,මම දැන්නං විස්වාස කරනවා අර ගගෙන් මෙහාට පූස් පැටව් ගේන්ඩ හොදනැති කතාව

    ReplyDelete
    Replies
    1. උඹට හිතෙන්නේ එහෙමද ?

      Delete
    2. මමනම් මේ තියරියට ගරු කරනවා. අලුත් තාලෙකට ප්‍රෙක්ශකයන් හුරු කරවන එක තුලින් එය කරවන කෙනාට මාර තෘප්තියක් දැනෙනවා . මම වීඩියො සෙන්ටර් එක කරන දවස්වල ඔය වගෙ අත් හදාබැලීම් කලා ලඟදිම පොස්ට් එකකින් හැමෝත් එක්කම ඒ ක්‍රම බෙදාගන්න ලෑස්තියි

      Delete
    3. මේකේ වාසිය මට විතරක් නෙවෙයි. මෙතනට ලින්ක් එක් කරන අයටටයි, ඒ සබැඳියාවන් ඔස්සේ එම බ්ලොග්ස් වලට පිවිසෙන සියල්ලන්ටයි ලැබෙනවා.

      Delete
    4. කෙලින්ම , මම ආස බ්ලොග් මෙව්වයි කියල ලිස්ට් එකක් දාන්නේත් නැතුව
      බ්ලොග් නම් මේවාය ... කොමෙන්ට් කරන අය තමන්ගේ බ්ලොග් පහලින් දමන්නය කියල කියනෙත් නැතුව ...
      මේ කරපු දෙයි නැවුම් වගේම නිර්මාණාත්මක බවක් තියෙනවා.
      එහෙම අලුත් දෙයක් හිතල කරනකොට ඒ පුද්ගලයා , තැන ජනප්‍රිය වීම වලක්වන්න බැහැ නේ ...

      Delete
    5. මේ බලන්න ටිරාජ් දකින විදිය.

      Delete
    6. ඒයි සුදීකයෝ මම විහිළුවට කියුව එක උඹ සිරාවට ගත්තද

      Delete
    7. විහිලුවට ටිරාජ් කියුවේ

      Delete
  32. මගේ බ්ලොග් අඩවිය ආරම්භ කරපු කාලේ ලියන ලද 'ඉස්කෝලේ යන කාලේ' කියන ලිපි වලින් පළමුවැනි ලිපියට තමයි මෙතෙක් අඩුම ප්‍රතිචාර ලැබී තිබෙන්නේ. එකම එක ප්‍රතිචාරයක් පමණයි ලැබුනේ.

    ඔබ කියාදී තිබුන ආකාරයට ලින්ක් එක සකස් කිරීමට උත්සාහ කලත් සාර්ථක වුනේ නැහැ. ඒ නිසා අමු අමුවේ ලින්ක් එක දෙන්නම්. ලිපිය මෙතනින් බලන්න.

    http://jangun.wordpress.com/2011/12/28/%e0%b6%89%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%9d%e0%b6%bd%e0%b7%9a-%e0%b6%ba%e0%b6%b1-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b7%9a/

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  33. මගේ තවත් ලිපියක් සොයාගත්තා එකම ප්‍රතිචාරයක්වත් නොලැබුණු
    දෙබරයකට ගල් ගසමි 2
    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ දැන් අහුවෙලා තියෙනවා ලින්ක් එකක් පොස්ට් කරන විදිය.

      Delete
  34. අහ් මමත් පටන් ගත්ත මුල්ම අවුරුද්දේ ලිවුව පොස්ට් 13කටම එක කමෙන්ට් එකක් වත් නෑ.. ඕක මට හොදට මතක මොකද දවසක් මදාරා කිවුවා මගේ කමෙන්ට් නැති එවුවා තියෙන්නෙ විදිහන් නෑ කියලා.. එයා එක්කමයි ඕක ගැන්නේ.. ඒ හන්දා මට නම් ඒක හොදට මතකයි..

    ReplyDelete
  35. හොදම වෙලාවේ ගහපු ගැටෙනම් හරිම අපුරුයි සු.දී.ක අයියා.. හි.. හි.. හි..
    අපිනම් කියවන එක තමයි මුල්තැන, බ්ලොග් 5ක් විතර හදල තියෙනවා කිසිම පොස්ට් එකකට 1ම කොමෙන්ට් එකක්වත් නෑ. ඕනත්නෑ

    ReplyDelete
  36. This comment has been removed by the author.

    ReplyDelete
  37. මුල්ම කාලේ ලියපු පෝස්ට් වලට තමයි අඩුවෙන්ම ප්‍රතිචාර ලැබුනේ. එච්චර මහන්සි වෙලා ලියපු ලිපියක් නම් නෙමෙයි. ප්‍රතිචාරත් අඩුයි. ඒත් මම මේ පෝස්ට් එකට ගොඩක් කැමතියි.

    ලන්ච් එකට කට්ටියක් එනවා

    ReplyDelete
    Replies
    1. මේක හරිම ලස්සන පොස්ට් එකක්. අපූරු කෙටි කතාවක්.

      Delete
  38. මාත් මුල් කාලයේ ලියපු ඒවාට තමා හිට්ස් කොමන්ට්ස් අඩු.දැන් හොයන්න ගියාම එපා වෙනවා.

    ReplyDelete
    Replies
    1. නිකං අපි නොදැක්ක. කියෙව්වොතින් හොඳයි කියල හිතෙන එකක් වත් නැද්ද ?

      Delete
  39. මගේ නම් හිට්ස් අඩුම මේකට මුල කාලේ ලිව්ව එකක්...

    ReplyDelete
    Replies
    1. මේ කාලේ ලිව්වනම් හොඳටම නැගල යයි.

      Delete
  40. මට නම් උනේ සුදීක දේශපාලනය ගැන කියන පෝස්ට්
    එකම පිරිසයි බලන්නේ..තාක්ෂනය , සමාජ කතා
    වගේ දේවල් වලටත් ඒ ටිකම තමයි..

    ඒ ඒ දේවල් වලට ආස අය හොය හොය බලනවා .
    අනික් දේ එකම අංශයකට ගිය බ්ලොග් වල
    වෙන අංශයක එකක් දැම්මත් බලන්නේ නැහැ..
    හිතන්න සමනල විප්ලවේ නොබලනම පිරිසක් ඉන්නේ .
    කවි බ්ලොග් නොබලනම පිරිස් ඉන්නේ..
    දේශපාලනේ බලනම / නොබලනම අය ඉන්නේ ඒ වගේ
    තමයි .

    ඒ අතින් සමහරු උඩින් තියෙන්නේ මොන ලිපියද , ඒක
    බලනවා .හරි සංකීර්ණයි මේ දේ ..නමුත් ගොඩක් අය කිව්වා
    වගේ හැගීමෙන්ම ලියන ඒවට හිට් අඩුයි.නලීන් අයියගේ
    සුදු මැණිකේ එකේ උනා වගේ..නමුත් කමෙන්ට් වැඩි..

    මන් නම් ඉතින් ඕව ගැන හිතන්නේ නැහැ මගේ හිතේ තියෙන
    දේවල් ලියනවා ..හැබැයි කමෙන්ට් එකක් දකිද්දී ලොකු සතුටක්
    එනවා කව්රු හරි රස විඳලා නේද කියල...

    මගේ නම් එහෙම අඩු වැඩි ඒවා ඕනේ තරම් තියේ..ඒත් අනික් අයගේ
    කාලේ කන්නේ මොකටද කියල හිතෙන නිසා දාන්නේ නැහැ ..ඔක්කොම
    අවුල් පොස්ට් තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මගෙත් දේශපාලන මතවාදය දැනගෙන සමහරු මගේ බ්ලොග් එක වර්ජනය කරනවා වගේ දැනෙනවා. මම සාමාන්‍යයෙන් දේශපාලනය ලිනන්නේ නැත්තෙත් ඒකයි. හැබැයි ඕනෑම දේකට කියවන පිරිසක් ගොඩනැගෙනවා.

      Delete
    2. දේශපාලන මතවාදයට විරුද්ධ බ්ලොග් නොබලනවා නම් මම සුදික, මාරයා , නලින් , පෙරමුණේ ,W3 ලංකා ඇතුලු බ්ලොග් ගොඩක් නොබල ඉන්න වෙනවා .දේශපාලනය කියවන්න කැමති අය මතවාදය මොකක් වුනත් ඒ ලිපි බලනවා

      Delete
    3. @ sudn buwa.. ( dennatama mix eke uththara thiyenne..)

      ඒක තමයි මචන් කිව්වේ දේශපාලන සත්තු ටික හොය හොය බලනවා.
      හැබැයි එහෙම නොවෙන අය ලේබල් වැදුනම මොනවා තිබ්බත් බලන්නේ
      නැහැ ..

      අනික් දේ සුදීක කිව්ව් දේ මටත් තේරිලා තියෙනවා..
      ගොඩක් අය පුද්ගලික අමනාප කම් ගොඩ නගා ගන්නවා.
      මට නම් ඒක හොදටම දැනිල තියෙනවා.අවුල් නම් මොනවා
      තිබ්බත් බලන්නේ නැහැ .

      පුද්ගලිකව මන් නම් එහෙම නැහැ .මොන දෙයක් උනත්
      ඒක එතනින් ඉවරයි..ඒත් සමහරු හිත් වල කහට තියා
      ගන්නවා..ඒක දැනිල සමාව ඉල්ලුවත් නෝ ආන්සර් ..
      මාත් ඉතින් වරයි , දෙවරයි , තුන් වරයි ආයේ නෑ .

      පිටින් හරි සුන්දරව පේන අය හරි කුරිරුයි ..සමාජයේ
      වගේම බ්ලොග් වලත් ඒක එහෙමයි..

      Delete
    4. correction : @ sudeeka and buwa

      Delete
  41. This comment has been removed by the author.

    ReplyDelete
  42. එහෙම එව්වා ගොඩක් තියනවනේ අයියෝ .......... :පී

    ReplyDelete
    Replies
    1. හෙට උදේ හම්බ වෙයන්කෝ අහ ගන්න :P

      Delete
  43. මට පස්සෙනේ සුදීක මතක් උනේ .මගේ එකෙත් පෝස්ට් දෙක
    තුනක් තියෙනවා කෙනෙක් බැලුවට කමක් නැති...

    මෙන්න මේ පෝස්ට් එක තියෙන්නේ ඔයගොල්ලෝ ආසාවෙන් , බැන බැන
    බලන TV චැනල් එහෙක ප්‍රධාන පාලක මැදිරියේ ක්‍රියාකාරිත්වය ගැන..
    ගොඩක් දේවල් ඇතුලත් , හැමෝම එක විනාඩි 5 වැය කරලා බලනවා නම්
    සතුටුයි...


    මේක නම් ඉතින් අනේ මන්ද , ලංකාවේ බුද්ධාගම පාවිච්චි වෙන හැටි ගැන
    ලිව්වේ.කෙලින් ලියපු ලියවිල්ලක් ..හැබැයි කෙනෙක්ට දාහක් වැරදි හොයන්න
    පුළුවන් මගේ..ඒ උනාට කමක් නැහැ .

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...