Monday, January 21, 2013

ගෙදර ප්‍රශ්න අමතක කර ලෝකයට මුහුණ දීම

ටිකක් බැරෑරුම් මාතෘකාවක්. දැන් ඔබට හිතෙන්න පුළුවන් සුදීක මේ මොකක් ගැනද ලියන්න යන්නේ කියලා. හොඳයි මම මෙහෙම කියන්නම්. ගෙදර අඹු සැමියන් අතර කුමක් හෝ ප්‍රශ්නයක් නිසා මත ගැටුමක් ඇති වෙනවා. කතාවට කිව්වත් මේවා බත් හැලිය ඉදෙනකන් විතරයි කියල. සමහර ප්‍රශ්න බොහෝ කාලයක් ඇදී යනවා. සමහර විට ඔය කතාව කියන්න ඇත්තේ අතීතයේ පවුල් සමාජය ගැන හිතලා වෙන්න පුළුවන්. මේ කොහොම නමුත් හිතන්න ගෙදර අඹු සැමියෝ විරසක වෙලා ඉන්න වෙලාවක ඔවුන්ගේ ළමයෙක් කුමක් හෝ තරගයකට ඉදිරිපත් වෙනවා, දෙමාපියන් විදියට ඔවුන් ඒ සඳහා සහයෝගය දෙන්න ඕනේ. එතකොට මේ දෙන්නා දෙමාල්ලාන්ට සිද්ද වෙනවා අර ප්‍රශ්නේ මොහොතකට අමතක කරලා ළමයාගේ දේ පිලිබඳ හිත යොමු කරන්න. ඒ වගේ හිත යොමු කරන්න බොහෝ දේ තියෙනවා නම් ක්‍රියාකාරකම් තියෙනවනම් මේ වගේ අභ්‍යන්තර ප්‍රශ්ණ අඩු වෙනවා කියන එක තමයි මගේ විශ්වාසෙ.

මේ දවස් වල මොරටුව සරසවියේ ඇති වෙලා තියෙන අභ්‍යන්තර ගැටුමත් මෙන්න මේ අඹු-සැමියන් අතර ඇති වෙන ප්‍රශ්නයක් වගේ මට පෙනුනේ. මේ සම්බන්ධව සියලුම මාධ්‍ය වලින් නිකුත් කරපු වාර්තා අපිට කියවන්න, අහන්න දකින්න ලැබුණා. ඊට අමතරව අපේ බ්ලොග් සහෘද්ධයන් කිහිප දෙනෙකුත මේ ගැන තමන්ගේ මත පල කළා. ඊයේ මොරටුව විශ්ව විද්‍යාලයට තවත් විශේෂ දවසක්. ඒ රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලැබූ නිසා. ඒ වයඹ සරසවියත් සමග පවතී තරගය ජය ගනිමින්. මම දන්නේ නෑ මේ කණ්ඩායමට එන්.ඩී.ටී. නියෝජනය කරන ක්‍රීඩකයින් කී දෙනෙකු ඉන්නවාද කියා. නමුත් ඔවුන් එකම සරසවියක අධ්‍යාපනය ලබන අය. මා විශ්වාස කරනවා මේ තරගාවලියේදී මොරටුවේ ජයග්‍රහණයට එන්. ඩී. ටී. සිසුවන් හදවතින් හෝ සහයෝගය ලබා දෙන්න ඇති. සිදු විය යුත්තේත් එයමයි. තමන් අතර තිබෙන ප්‍රශ්ණ අමතක කර දමා මෙවැනි අවස්ථා වල සාමයෙන් සමගියෙන් කටයුතු කිරීමයි.

විශ්ව විද්‍යාල අතර පැවැත්වෙන මේ තරගාවලියේදී කිසිදු කලහකාරී සිද්ධි වාර්තා නොවූ නිසාම පැහැදිලි වනවා සිසුන් සඳහා මෙවැනි අවස්ථා වැඩි වීමෙන් අප කලින් සඳහන් කල අභ්‍යාන්තර ගැටුම් අඩු වන බව. ඒ අතරතුරදී බලධාරීන්ට පුළුවන් මේ ආරවුල් වල මූලයට විසඳුම් සොයන්න. 

මගේ රෙඩ්බුල් පිලිබඳ මගේ මතකය සහ කැම්පස් ක්‍රිකට් තරගාවලිය  පොස්ට් එක බලපු සමහරු මට චෝදනා කළා මා රෙඩ්බුල් ප්‍රොමෝෂන් එකක් කරනවා කියලා. මා අදත් කියන්නේ මා විස්තර කලේ මගේ අත්දැකීම් පමණයි. මේ ලිපියෙන් පසු මට ආ එක් ඊ-මේල් පණිවුඩයක සඳහන් කර තිබුනා 
රෙඩ්බුල් ආයතනය මෙම තරගාවලිය සංවිධානය කිරීමෙන් කිසිදු වෙළඳ ප්‍රචාරණයක් බලාපොරොත්තු වන්නේ නෑ, මෙය හුදෙක් සමාජ කටයුත්තක් සේ සලකා සිදු කරන්නක්.  රෙඩ්බුල් වෙළඳ ප්‍රචාරණය නව්‍යමය ආකාරයෙන් සුදුවන්නක් බැවින් වෙනත් ප්‍රචාරණ අවශ්‍ය නොවන බව. 
 එම ඊ-මේල් පණිවුඩයෙන් මෙම අවසාන පූර්ව තරග නරඹන්නට මට ආරධානා කරන්නත් ඔවුන් කාරුණික වුණා. 

අවසාන පූර්ව තරග පැවැත්වුයේ පී. සරවනමුත්තු ක්‍රීඩාංගනයෙදී. පසුගිය සති කිහිපයේදී පැවති වැහිබර කාලගුණ තත්වය පහවී හිරු එලිය ඉතා හොඳින් ලැබුණු දින කිහිපයකට පසුව ක්‍රිකට් තරගයක් පවත්වන්නට උචිත දිනයක් ලෙස එය සඳහන් කරන්න පුළුවන්. මුලින් මෙම තරග දෙක ජනවාරි 19 දිනට සැලසුම් කර තිබුණත් එය 20 වෙනිදාට කල් දමන්නට තරග සංවිධායකයින් තීරණය කළා.

 උදෑසන පැවැත්වූ තරගය ජපුර කිංග්ස් කණ්ඩායම සහ පේරා ලයන්ස් අතර පැවැත්වුනා. පළමුව පන්දුවට පහරදුන් ජපුර කිංග්ස් කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස තුලදී කඩුලු 7ක් දැවී ලකුණු 114ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල පේරා ලයන්ස් පිල පන්දු ඕවර 19.2 කදී සියළු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 105ක් පමණයි. ඒ අනුව ජනවාරි 26 වනදා සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන අවසාන තරගය සඳහා මුලින්ම සුදුසුකම් ලබන්නට ජපුර කිංග්ස් කණ්ඩායම සමත් වුවා.

සවස් වරුවේ පවත්වන ලද දෙවන තරගය සඳහා සුදුසකම් ලබා ගත්තේ මොරටුව ෂාර්ක්ස් සහ වයඹ හීරෝස් කණ්ඩායම්. කාසියේ වාසිය ලබා ගත් මොරටුව ෂාර්ක්ස් කණ්ඩායම මුලින්ම පන්දු රකින්නට තීරණය කළා. ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි වයඹ හීරෝස් කණ්ඩායම මුලදී හොඳ ආරම්භයක් ලබා ගත්තත් (පළමු කඩුල්ල සඳහා ලකුණු 23ක සබඳතාවක්), හොඳ පන්දු යැවීමක නිරත වූ මොරටුව ෂාර්ක්ස් පන්දු යවන්නන් ඔවුන් ලකුණු 87කට සීමා කරන්නට සමත් වුවා. විමුක්ති ගුණතිලක ඉතා අනර්ඝ පන්දු යැවීමක නිරත වෙමින් වයඹ පිලේ කඩුලු හතරක්ම දවා ගත්තා. මෙම පහසු ඉලක්කය හඹා යන්නට පිටියට පිවිසි ෂාර්ක්ස් ආරම්භය එතරම් සාර්ථක කරගන්නට හීරෝස් අවස්ථාව ලබා දුන්නේ නෑ. ඒ ප්‍රථම කඩුල්ල ලකුණු අටක් තුලදී දවා ගනිමින්. කෙසේ වෙතත් මෙම තත්වය මැඩපවත්වා ගනිමින් ෂාර්ක්ස් පිල, නියමිත ඉලක්කය වූ ලකුණු 87 පසු කර යන්නට ලබා ගත්තේ ඕවර 14ක් පමණයි. නුවන් සමීර අගනා ලකුණු 42ක් (ජයග්‍රාහී ඉලක්කයෙන් භාගයක්) ලබාගෙන ෂාක්ර්ස් පිලි ජයග්‍රහණය කරා ගෙන යන්නට සමත් විය. 

දැන් සියළු දෙනා ඉතා බලාපොරොත්තුවෙන් පසු වනවා 26 වනදා කුමක් සිදු වේද කියා. ගෙදර ප්‍රශ්ණ අමතක කර කිරුල හිමි කරගන්නට "මොරටු මෝරුන්ට" හැකි වේද ?
Photo Credits : Flicker/LibiyanSoup & http://karmicconsulting.net


පසු සටහන : 
ක්‍රිකට් ප්‍රේමියකු වශයෙන් රෙඩ්බුල් ආයතනයේ මේ උත්සාහය මා අගේ කොට සලකනවා. අවස්ථා අහිමි බොහොමයක් වෙසෙන සරසවි පද්දතියේ, සැඟවුණු දක්ෂතා ඇති ක්‍රීඩකයන්ට වේදිකාවක් සැපයීම වෙනුවෙන්. 

22 comments:

  1. මාතෘකාව දැක්කම මන් එත් බැලුවා සුදික අයියා මණ්ඩලේ කචල් එකක් ගෙන හිතේ අමාරුවට මොනවහරි ලියල කියල ...හි..හි..හි

    ReplyDelete
  2. අපෝ නැහැ ... හී හී හී.

    ReplyDelete
  3. අයියා ක්‍රීඩාව ගැන සෑහෙන්න උනන්දුවක් දක්වනවා.අනෙක තමයි මොරටුවේ සිද්දිය දැඩිව හෙලා දකිනවා කියන එක.

    ReplyDelete
    Replies
    1. එයාලගේ අභ්‍යන්තර ප්‍රශ්නය ගැඹුරින්ම අපි දන්නේ නැතිවට, එක ගෙදර ඉන්න අය සමගිව හිටියොත් වටිනවා කියන එකයි මගේ අදහස.

      Delete
    2. ඔබ උතුම් අදහසක් ගෙනාවේ සුදික..මෙතැන අභ්‍යන්තර ගැටලුවටත් වැඩිය තියෙන්නේ ජෙප්පන් ගේ බලය පිරීහිම. බොහොම අතලොස්සකගේ උසිගැන්වීමක් මේක

      Delete
    3. බලය ආරක්ෂා කර ගත්තොත් මදැයි.

      Delete
  4. ඒ අතරතුරදී බලධාරීන්ට පුළුවන් මේ ආරවුල් වල මූලයට විසඳුම් සොයන්න.

    ඒක තමයි වෙන්නෙ නැති වැඩේ.

    ReplyDelete
    Replies
    1. ඔයා පොඩ්ඩක් කියල බලන්නකෝ. අපේ කවිකාරි අක්කටවත් කියමු.

      Delete
  5. අර මුල කතාව නම් සහතික ඇත්ත සුදීක අයියේ... අඹු සැමි පුරස්න ගැන... හි හි

    කැම්පස් කතාව නම් අනේ මන්දා.. මට නම් පේන්නේ ඒකත් එකෙක්, තව එකෙක් පහත් කරලා සලකන්න යන හින්දා වෙච්ච වැඩක් කියලා.. එහෙම බැලුවාම අඹු සැමි පුරස්නෙකට සමාන කළාට අවුලක් නෑ වගේ...

    ReplyDelete
    Replies
    1. එක ගෙදර මිනිස්සුනේ, සහයෝගෙන් හිටියනම් මොකද වෙන්නේ?

      Delete
  6. මොරටුව සරසවි ප්‍රශ්නය ඉංජිනේරු පීඨය ඔතනට අව ද ඉඳම්ම තියනව. එත් කිසිම කෙනෙක් ඕකට පිලියමක් යොදන්න උත්සහයක් ගත්තේ නෑ.දැන් ප්‍රශ්නය බරපතල වෙලා. අඹු සැමි ප්‍රශ්නේ උනත් දුරදිග ගියාම ඉතින් දික කසාදෙ වගේ NDT එකයි BSc එකී වෙන් කරන එක තමා කරන්න වෙන්නේ දැන්.

    ReplyDelete
    Replies
    1. එකට ඉන්න බැරි නම් වෙන් වෙන එක හොඳයි. ඒත් මෙතන තියෙන්නේ මොන වගේ ප්‍රශ්නයක්ද කියල දන්නේ එයාලමයි.

      Delete
  7. රෙඩ්බුල් එකේ අයත් සුදීක අයියගේ බ්ලොග් එක කියවනවා ඈ?.සුභ පැතුම් අයියා.

    ReplyDelete
    Replies
    1. මල්ලි කලින් පොස්ට් එකක දැක්කේ නැද්ද මට ඩුබායි ඉඳල රෙඩ්බුල් කන්ට්‍රි මැනේජර් කථා කරපු විස්තරේ ?

      Delete
  8. අපේ ඇන්.අයි.බී.ඇං එකටනං කවදා ඕක දිනන්න පුළුවං වෙයිද මංදා...

    ReplyDelete
    Replies
    1. එතන ඉන්න පිරිස සීමිත හින්දා ටීම් එකකට කට්ටිය හොයා ගන්නත් අමාරු ඇති.

      Delete
  9. සුධික අයිය ක්‍රිඩාවට හෙනම ලැදි පොරක් බලං ගියාම

    ReplyDelete
    Replies
    1. මම සමහර වෙලාවට පුංචි ළමයි අතන මෙතැන ක්‍රිකට් සෙල්ලම් කරන ඒවත් බලන් ඉඳල තියෙනවා.

      Delete
  10. මගෙ හිතටත් එක පාරම ආවේ සුදීක 'ක්‍රිකට්වලට' ආසා කෙනෙක් නේද කියන එක...:D

    ReplyDelete
    Replies
    1. ටික කාලයක් ඉඳන් මගේ බ්ලොග් එක කියවන කෙනකුට ඕක කියන්න දෙයක් නෙවෙයි.

      Delete
  11. මුන් රෙඩ් කෑල්ල අයින් කරලනෙ ගහගන්නෙ. ඒකයි ප්‍රශ්ණෙ..

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...