Tuesday, January 1, 2013

ඇවිද්ද පය ...... පලවෙනි සංවත්සරය

පින්තුරය ගත්තේ : anettshome.blogspot.com

බ්ලොග් ලියන්න අරගෙන අවුරුද්දක් ගත වුණා කියල හිතා ගන්නවත් බෑ. නිකං අද ඊයේ වගේ තමයි හිතට දැනෙන්නේ. මම රාජකාරි දිවියේදී අත් විඳින්නට ලැබුණු අත්දැකීම් බෙදා හදා ගන්න. ඒත් අන්තිමේදී ආපසු හැරිලා බලපුවහම රාජකාරී අත්දැකීම් වලින් 10% ක් වත් ලියවිලා නෑ. මොනවා කරන්නද හිතට දැනෙන දේවල්, මතකයට එන දේවල් ලියාගෙන යත්දී රැකියා පටන් ගන්නටත් කලින් මුහුණ දීපු අත්දැකීම් තමයි වැඩියෙන්ම බෙදා හදාගෙන තියෙන්නේ. අනික් අතින් රාජකාරි දිවියට සම්බන්ධ දේවල් ලියද්දී ගොඩාක් ප්‍රවේසමෙන් තමයි ඒ දේ කරන්න වෙන්නේ. මොකද අපි පත්වීම ලබපු දිනයේදී වගේම වසරක් පාසා ජනවාරි පළවෙනිදා කරන ප්‍රතිඥාවෙන් පොරොන්දු වෙනවා ආයතනික රහස් ආරක්ෂා කරන්න. ඉතිං ඒ නිසා පරිස්සමෙන් දේවල් ලියන්න යනවට වඩා පහසුවෙන් රාජකාරියට පරිභාහිරව තියෙන දේ ගලපන්න පුළුවන්.


පලවෙනි සංවත්සරය ජනවාරි පළවෙනිදට යෙදෙන එකේ එක්තරා වාසියක් තියෙනවා ඒ වගේම අවාසිත් තියෙනවා. මේ සටහන ලියන්න ගිහිං මට අවාසිය මොකක්ද කියල පැහැදිලි වුනේ. තියෙන වාසිය තමයි කවදාවත් අමතක නොවීම. මට විතරක් නෙවෙයි මේක කියවන ඔයාලටත් ඒක මතකයේ රැඳේවී කියල මට විශ්වාසයි. අවාසිය තමයි බ්ලොග් ලියන බොහොමයක් දෙනා නව වසරට සුභ පතන්න පොස්ට් එකක් දැමීම. ඒක අවාසියක් වෙන්නේ ගොඩ වැඩි වුනහම කියවන්න තෝරා ගන්න ප්‍රමාණය අඩු නිසා මගේ පොස්ට් එකත් නොකියවන ගොඩට වැටෙයි කියල. ඒත් කමක් නෑ කියලා ලියන්න පටන් ගත්තා.

බ්ලොග් කියන දේ ගැන මගේ මුල්ම මතකය තමයි මගේ මිත්‍ර සුභාෂ් මගෙන් බ්ලොග් කියන එකේ තේරුම ඇහුවාම ගූගල් කරලා හොයාගෙන කියවපු සටහන. බ්ලොග් කියන්නේ වෙබ් ලොග් කියන වචනයෙන් බිඳිලා හැදුන යෙදුමක් කියල දැන ගත්තා පමණයි(පස්සේ මේ ගැන මගේ අදහස දැම්ම "බ්ලොග් යන්නට සිංහල තේරුමක් තිබිය නොහැකිද?" කියලා) . ඒත් බ්ලොග් ගැන ඊට එහාට හොයන්න බැරි වුනා. 2011හේ අග හරිය වෙනකම්ම සිංහල බ්ලොග් කියල ජාතියක් තියෙනව බව මම දැනගෙන හිටියේ නෑ. ඒත් වන සීරෝ සීරෝ වර්ඩ්ස් කියන බ්ලොග් එකට නම් කිහිප වතාවක්ම ගොඩ වැදිලා තිබුණා. මීට අමතරව මගේ මිත්‍රයෙක් වන දර්ශණ වීරකෝන් මට නිතරම "මගේ මරණය" සහ "බූන්දි.lk" කියන බ්ලොග් දෙක බලන්න යොමු කලත් මම වැඩි උනන්දුවක් දැක්වුවේ නෑ. 

මෙන්න මෙහෙම තමයි කණාගේ පයේ මැණික් ගල වැදුනත් ගානක් නෑ වගේ මේ සුන්දර අවකාශය මට මග ඇරුනේ. එහෙම නොවුනානම් අඩුම වශයෙන් මේ වෙනකොට දෙවෙනි හෝ තුන්වෙනි සංවත්සරය සමරන්න තිබ්බා. ඒ නිසා තමයි මම නිතරම කියන්නේ මම බ්ලොග් ලෝකෙට කඩා වැටුනා කියලා. නමුත් වැඩිය තේරුමක් නැතිව ඉංග්‍රීසි බ්ලොග් එකක් නම් මම නොවරදවාම කියවන්න පෙළඹිලා හිටියා. ඒ තමයි Cricket through the eyes of an Irishman කියන බ්ලොග් එක. එහෙම ඉඳලා මමත් ඉංග්‍රීසි බ්ලොග් එකක් පටන් ගත්තා. ඒත් වැඩි අවධානය මේ පැත්තට යොමු වුන නිසා ඉංග්‍රීසි බ්ලොග් එකට වැඩි පොස්ට් ගණනක් එකතු කරන්න බැරි වුණා.

කොහොම කොහොම හරි බ්ලොග් අවකාශයට කඩා පාත් වෙලා මුලින්ම පොඩි පොඩි පොස්ට් තමයි දැම්මේ. ඒත් සින්ඩිකේටර් වලින් අනිත් ඇයගේ දිග පොස්ට් දැක්කම මට හිතුනා මම මේවා කුඩාවට ලියන එකේ තේරුමක් නෑ කියල. එහෙම කුඩා කරන්න ගියහම පොස්ට් එකේ නියම රසය නැසෙනවා කියල. අන්තිමේදී දිග පොස්ට් දාන්න පටන් ගත්තා. ඒත් ඒ ගැන පොඩි පොඩි විවේචනත් ආවා. හැබැයි මම අතරින් පතර කෙටිම කෙටි ලොල් කතා කියන හාස්‍යජනක කතා මාලාවක් කෙටියෙන් දැම්ම. ඒකට නම් ඉතා ඉහල ප්‍රතිචාර ලැබුණා. මඩිස්සලේ නිශාන් තනිකරම ඇවිත් තිබුනේ මේ කතා බලන්න. 

ටික කාලයක් ලියාගෙන යත්දී මගේ රාජකාරී දැනුම් සම්බන්ධ කරලා ලියපු ATM යන්ත්‍ර සමග ගනු දෙනු කිරීමේදී කියන පොස්ට් එක නිසා බොහෝ දෙනාගේ අවධානය මේ පැත්තට යොමු වුනා. එහෙම ඇවිත් තමන්ගේ ගැටළු වලට කලයුතු දේ පිලිබඳ විමසීම් පවා කරන තත්වයකට ආව. මේ අතරින් ඊමේල් කවිකාරි සහ හෙන්රි අමතක කරන්න බෑ. මේ දෙදෙනා දැනුත් ගැටලුව්වක් ඇති වුනොත් මගෙන් උපදෙස් ගන්නවා. ඉන් පස්සේ ඒ ආකාරයේම තවත් ලිපි කිහිපයක් ක්‍රෙඩිට් කාඩ් පත් සම්බන්ධව ලිව්වා. ඒවටත් ඉතාම ඉහල ප්‍රතිචාර ලැබුණා. මේ කාලයේදී තමයි විවිධ ක්ෂේත්‍ර වල අය මේ පැත්තට එන්න පටන් ගත්තේ. මගේ ඉහළම දැනුමක් තියෙන විෂයය වන ක්‍රිකට් ගැනත් මේ කාලයේදීම ලියන්න වුනා. 

මෙහෙම යත්දී මට දැනුන දෙයක් තමයි සමහරු බලාපොරොත්තු වෙන්නේ එකම ආකාරයක ලිපි. ඒත් මම ලිපි ලියද්දී විවිධ ක්ෂේත්‍ර ප්‍රමාණයක් ආවරණය කරන නිසා සමහරුන් එන්නේ තමන්ගේ රසයට අදාළ පොස්ට් එකක් වැටුන වෙලාවට විතරයි.  ඒත් මගේ සමබරතාවය පවත්වා ගත යුතු නිසාත්, බොහෝ විට කාලීන වශයෙන් වැදගත් ලිපි කිහිපයක් ලියන්න වෙන නිසාත්, යම් කෙනෙක් බලාපොරොත්තු වෙන මාතෘකා ඔස්සේ මා ලියපු ප්‍රමාණය මදි වෙන්න පුළුවන්. කමෙන්ට් ප්‍රමාණය අඩු වුනත් ප්‍රතිචාර ගැනම නොසිතා මගේ හිත මට කියන එක ලියන්න මම පුරුද්දක් කරගෙන ආවා. සමහර වෙලාවට පේලි දහයක් ලියා ගන්න බැරි වෙයි කියල හිතාගෙන පටන් ගත්ත සමහර පොස්ට් ලියාගෙන යත්දී මතකය අවධි වෙලා ඉතා දිගු පොස්ට් බවට පරිවර්තනය වුනේ පුදුම විදියට. එහෙම ඒවා කතා සීරීස් එකක් විදියට ලියන්න වුණා. 

ඒත් මම හුඟාක් ප්‍රිය කරන පර්යේෂණ(Research) අංශයෙන් ලියන්න හම්බ වුනේ එක් පොස්ට් එකක් පමණක් වීම කනගාටුවට කාරණයක්. මොකද ලියන මට මෙන්ම කියවන ඔබටත් ඉතා වැදගත් අංශයක් නිසා. ඒත් මම මුල් කාලයේ මා කල එක් පර්යේෂණයක් ලියා තැබුවා. ඒත් මට හිතෙන්නේ මේ අංශයෙන් මා ලිව්වා මදි කියලා. එක් අතකින් පර්යේෂණ ලියද්දී නිකංම හිතට එන දේ ලියන්න බෑ. එය සැබෑ දත්ත මත පදනම් වූ දේ විය යුතුයි. එනිසා මා බලාපොරොත්තු වනවා 2013 වසරේදී වැඩි වශයෙන් පර්යේෂණ ලිපි ලියන්න. ඒත් ඒ සඳහා විශාල කාලයක් සහ ශ්‍රමයක් අවශ්‍යයි. 

මෙයට අමතරව මට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අමතක වීම. එක පාරටම මතකයට ආ විට ලියන්න අවශ්‍යයි කියල හිතෙන දේ තවත් දින ගණනක් ගියපසු අමතක වීම හෝ ඒ තැනට වෙනත් මාතෘකා ගොන්නක් එකතු වීම. මෙයට නම් කඩිනම් පිළියම අවශ්‍යයි කියල මට හිතෙනවා.  මේ මතකය ගිලිහී යාමට ප්‍රධාන හේතුව අවිවේකය කියල මම අහල තියෙනවා. නිදි මැරීම අනිත් කාරනයලු. මගේ නින්ද පැය පහකට වඩා නෑ.  උත්සාහ කරලා බලන්න ඕනේ ටිකක් වැඩියෙන් නිදා ගන්න. ඒත් මම බ්ලොග්පොස්ට් ලියන වෙලාව තමයි රාත්‍රී 9.00 ත් 12.00ත් අතර. 

ඔන්න මම දැන් තමයි වැදගත්ම දේ ලියන්න යන්නේ. ඒ කියන්නේ මා ලියූ දේ කියවන්න මෙහි ආ ඔබ සම ගැන. අද වෙනකොට හිට්ස් 80,000ක් පහු කරලා ගිහින් තියෙන එකෙන් මම හිතා ගන්නේ මා ලියන දෙය ඔබ උනන්දුවෙන් කියවනවා කියලයි. ඒත් මේ බ්ලොග් අවකාශේ තියෙන ජනප්‍රියම එක නොවන වග මම දන්නවා. සමහර ඒවා මාස ගණනකදී ඉතා ජනප්‍රිය මට්ටමට ඇවිත් තියෙනවා. අවුරුද්දක් වන විට ලක්ෂයත් දෙකත් අතර හිට්ස් ප්‍රමාණයක් තියෙන බ්ලොග් පවා මා දැක තිබෙනවා. ඒ වගේමයි සාමාජිකත්වය, අව්රුද්දක් ලියලත් මගේ බ්ලොග් එකේ 142ක් වගේ සාමාජිකයින් සඛ්‍යාවක් තමයි ඉන්නේ. එය ඉතාම පහල මට්ටමක් තමයි සමකාලීන හෝ ඉන්පසුව ඇරඹු බ්ලොග් එක්ක සසඳලා බැලුවොතින් පෙන්නේ. මොනවා වුනත් මට ලැබිලා තියෙන හිට්ස් ප්‍රමාණයත්, සාමාජික සංඛ්‍යාවත් නියම(Genuine)  ඒවා කියල මට හිතෙනවා. එලෙස නොකඩවා මගේ බ්ලොග් එක වෙත පිවිස මගේ අදහස් කියව කමෙන්ට් එකතු කර ගිය සියලූම දෙනාටත් මෙහි සමාජිකයි 142 දෙනාටත් මගේ හර්දයාංගම ස්තුතිය පුද කරන්නේ ඉතා සතුටින්. 

මෙහි සැමවිට කමෙන්ට් නොකලත්, නිතිපතා මෙහි පිවිස තිබෙන දෙයක් කියවා යන ඔබ සැමටත්, මෙහි සාමාජිකත්වය ලබාගෙන මාහට ධෛර්යයක් වූ ඔබ සැමටත්, මා වෙනුවෙන් ඔබගේ බ්ලොග් අඩවියේ සටහක් දැමූ ඔබ සැමටත්, මෙම බ්ලොග් අඩවියට කියවන ඔබ යොමු කල සියලුම් සින්ඩිකේටර් වලටත් මාගේ උණුසුම් භක්ති ප්‍රණාමය පුද කර සිටිනවා.

ප.ලි. සාම්ප්‍රදායික විදියට කේක් ගෙඩියක හෝ වයින් බෝතලයක පින්තුරයක් දමා ඔබ අවුස්සන්නට මගේ කැමැත්තක් නැත.  විශේෂ ස්තුතියි මගේ දියණියට. 


63 comments:

  1. සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා ....තව දිගු ගමනක් යාමට හැකිවේවා ...

    ReplyDelete
  2. මමත් සංවත්සරය සමරුවේ ඊයේ පෙරේදා. දිගටම ලියන්නට ශක්තිය සහ ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඔබට සුබ නව වසරක් වේවා!

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විචාරක.

      Delete
  3. "ඇවිද්ද පය දහස් වටී, ගෙයි තිබු පය බලු නොවටී."

    බලාගන ගියාම සුදීක සමකාලීනයෙක් විතරක් නෙවේ, මම වගේම අහබු ලෙස බ්ලොග් ලෝකෙට කඩන් වැටිච්ච කෙනෙක්. සුදීකගෙ ලිවිල්ල හොඳයි, සජීවියි, එක දිගට කියවගන යන්න පුලුවන්.

    වැඩදායී, හරවත් යමක් අපේක්ෂාවෙන් දිගටම එමි. දිගටම බ්ලොග්කරණයේ යෙදීමට ශක්තිය, ධෛර්යය පතමි !

    සුදීකටයි, චූටි දුවටයි, සුබම සුබ නවවසරකුත් පතමි !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. සෙන්නාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

      Delete
  4. සුභ පැතුම්... නව වසරට වගේම පළමු බ්ලොග් සංවත්සරේට..
    //රාජකාරී අත්දැකීම් වලින් 10% ක් වත් ලියවිලා නෑ.//
    ඒ කියන්නෙ ඉස්සරහටත් ඒ ගාන වැඩි කරගන්න වෙන්නෑ... මොකද හැමදාම අත්දැකීම් වැඩි වෙනවනේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.

      අපි හිතමු ඉතිරි 90% කියලා. ඒ අවුරුදු 19කට, 90% කියන්නේ තව අවුරුදු 17ක ඒවා ඉතිරියි. ලබන අවුරුද්දේදී 18 න් 90%, එතකොට 16ක් ඉතුරුයි. පෙ විදියට පොඩ්ඩ පොඩ්ඩ අඩු වෙයි නේද ?

      Delete
  5. සුබ සංවත්සරයක් සහ සුභ නව වසරක්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බුවා.

      Delete
  6. සුබ පැතුම් බ්ලොග් සංවත්සරයට හා නව වසරට.

    උඩිං කඩා වැටුණත් මොකද දැං හොඳට ලියාගෙන යනවනෙ.

    ReplyDelete
    Replies
    1. එකනේ මේ බ්ලොග් රජතුමා තාම එකනෙ ලිව්වේ.

      Delete
  7. සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා ...!!
    ඒ වගේම තවත් චිරාත් කාලයක් බ්ලොග්කරණයේ යෙදෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
    ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ශම්මි. සුබ නව වසරක් ඔයාටත් !!!!

      Delete
  8. සුදීකගෙ ලියවිල්ල කම්මැලි නැතුව කියවන්න පුළුවන්... පළවෙනි සංවත්සරට උණුසුම් සුබ පැතුම් සුදීක....

    ඒ වගේම ලැබුවාවූ අලුත් අවුරුද්ද ඔබටත් දුවණියටත්...නිරෝගිමත්..සතුට පිරුණ අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ලිහිනිටත් සුබ නව වසරක් වේවා !!!

      Delete
  9. සුභ සංවත්සරයක් වගේම නව වසරක් වේවා... කෝ යකෝ ඉන්දියා ගමනේ ඉතිරි ටික..?

    ReplyDelete
    Replies
    1. අර විස්කි බෝතල් තුන ගැහුවට පස්සෙ ලංකාවට එනකං මොකුත් දන්නෙ නෑලු. :D

      Delete
    2. මාරයා : මේ මාසේ මුලටම දාන්නම්. කට්ටියට එපා වෙයි කියල තමයි ටිකක් අත ඇරියේ.

      ප්‍රසන්න : දැන්ම කට ඉස්සර කර ගන්න එපා.

      Delete
  10. පළමු සංවත්සරේට සුබ පැතුම්!!!
    ලිපියක් හරියට සම්පූර්ණයෙන් ම නොකියවා කමෙන්ට් එකක් දාන එක හිතට මදි හින්ද තමයි සමහරවෙලාවට කමෙන්ට් එකක් නොදාන්නෙ. ඒත් හැමතිස්සෙ ම මේ පැත්තට බෙල්ල දානවා.
    කොහොමවුණත් මේ වසරෙදිත් දිගට ම ලියමු......
    බ්ලොග් අවකාශේ වටිනා දේවල් ලියවෙන තවත් තැනක් හින්ද තමයි මාත් මේකෙ එල්ලිල ඉන්නෙ.
    ජයෙන් ජය!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඩොට් එකක් තියල හරි කමෙන්ට් කලොත් කවුද ආවේ කියල මට හිත ගන්න පුළුවන්. ඒකයි කමෙන්ට් කිරීම වටින්නේ.

      Delete
    2. //ඩොට් එකක් තියල හරි කමෙන්ට් කලොත් කවුද ආවේ කියල මට හිත ගන්න පුළුවන්//

      බැනුම් අහන්ඩත් පුළුවන්

      Delete
  11. Replies
    1. තැන්කිව් ජයන්ට් !!!

      Delete
  12. නව වසරටත් සංවත්සරයටත් සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රූ. ඔයාටත් සුබ නව වසරක් වේවා !!!!

      Delete
  13. සුනපතනවා නව වසරට වගේම ඔබේ පළමු සංවත්සරයටත් දිගු ගමනක් යන්ඩ ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. එන්ඩ මේ පැත්තෙත් අපි ඉන්නවා එහෙ සුබ දවසක්!! http://topvadak.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වලස් පුංචා. අනිවාර්යයෙන්ම එනවා.

      Delete
  14. උණුසුම් සුබ පැතුම් සුදීක...
    ඔබටත් දියණියටත් පවුලේ සැමටත් පැතුම් ඉටුවන නව වසරක් වේවා මේ අවුරුද්ද...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින්. ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් පතනවා !!!

      Delete
  15. ඔබටත් චුටි දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාටත් සුභ නව වසරක් වේවායි පතමි!පළමු සංවත්සරයට උණුසුම් සුහ පැතුම් සමග රසබර/හරබර ලිපි ලිවීමට ශක්තිය පතමි!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කෙන්ජි. ඔබටත් සුබ නව වසරක් වේවා !!!

      Delete
  16. සංවත්සරයටත්, නව වසරටත් දෙකටම සුබ පැතුම්.

    සුදීකටත්, චූටි දුවටත්, පවුලේ අනිකුත් සැම දෙනාටත්.

    මෙවන් රසවත් ලිපි රැසක් ඉදිරියටත් කියවීමට ලැබේවා...(ඒ ප්‍රාර්ථනාව අපිට):D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. පොඩ්ඩී. ඔයාටත් සුබ නව වසරක් !!!
      උපරිම උත්සාහයත් එයමයි.

      Delete
  17. නියම ලිපියක් ඔයාට සුභ නව වසරක් වේවා මම සිංහ පීඩියා ලියන යසිරු http://sinhapedia.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඔයාටත් සුබ නව වසරක් වේවා !!!

      Delete
  18. ඇත්තටම අය්යේ මං අගය කරනවා ඔයාගේ මේ වැඩේ ,සුබ සංවත්සරයක් සහ සුබ අවුරුද්දක් ,අපේ ක්ෂේත්‍රයේ හැටියට ලොල් කතානම් අඩුවක් නැහැනේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හසරැල්. ඔයාටත් සුබ නව වසරක් !!! ඔව් ඒත් තෝරාගෙන ලියන්න වෙන්නේ.

      Delete
  19. සුභ නව වසරක් වේවා සුදීක අයියටත් පොඩ්ඩිටත් පවුලේ අයටත්..

    කියපු එක නම් සහතික ඇත්ත... අද තියෙන පෝස්ට් ටික කියව ගන්න බැරි තරම් ... හි හි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හිරූ. ඔයාටත් සුබ නව වසරක් !!!

      Delete
    2. මගේ එකත් එක්ක පොස්ට් 43ක් අද දවසට විතරක් දාලා.

      Delete
  20. සංවත්සරයට සහ නව වසරට මගෙනුත් සුබ පැතුම්..!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චන්දන. ඔයාටත් සුබ නව වසරක් !!!

      Delete
  21. සංවත්සරයට සුභ පැතුම් සහ සුභ අලුත් අවුරුද්දක් වේවා !
    '2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය නැරඹීමට ඉන්දියාවේ ගියෙමි' මේකෙ ඉතුරු ටික මේ අවුරුද්දෙවත් ලියනවද ? :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඔයාටත් සුබ නව වසරක් වේවා !!! ලියනවා අද තව පොස්ට් එකක් දාලා ඊට පස්සේ පොස්ට් එකෙන්.

      Delete
  22. සුභ සංවත්සරයක් වගේම සුභම සුභ නව වසරකටත් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඔයාටත් සුබ නව වසරක් !!!

      Delete
  23. ජය වේවා සංවත්සරයට....! - සුබ වේවා....නව වසර.....!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුමිත්. ඔබටත් සුබ නව වසරක් !!!

      Delete
  24. සංවත්සරයට ජයම වේවා...

    සුභ නව වසරක් වේවා...!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මාතලන්. ඔබටත් සුබ නව වසරක් !!!

      Delete
  25. ඔබේ ගමන සුබ වේවා...!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රාජ්. සුබ නව වසරක් වේවා !!!

      Delete
  26. මගේ බ්ලොග් රෝලත් ඩබල් වෙලා හින්දා පෝස්ට් එක මිස් වෙලා දැනුයි දැක්කේ
    සුබ නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන එක සාධාරණය අදට 43ක් පොස්ට් තියෙනවා මම දැක්කා.

      අවතාර්ටත් සුපිරි සිත්තර අඳින්නට හැකි නව වසරක් වේවා !!!

      Delete
  27. ඉස්සරවෙලාම අලුත් අවුරුද්දට සුබ පතනවා ! ඊටපස්සේ පලමු වසර සංවත්සරයට සුබ පතනවා.
    …අර කියුවා වගේ ඉඳහිටලා කමෙන්ට් කලාට හුඟවෙලාවට කියවන බ්ලොග් එකක් තමයි ඇවිද්ද පය. හේතුව මම කැමති මාතෘකා මෙතන තියනවා.
    …( කන්තෝරු වෙලාවට ලොකු ජෝන් profile එකෙන් ඉන්න බැරි නිසා ඒ වෙලාවට බ්ලොග් වලට කමෙන්ට් කරනවා අඩුයි. )

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලොකු ජෝන්. ඔයාටත් සුබ නව වසරක් !!!

      අපි දෙදෙනාම එකම විදියට හිතන අය කියල මට හිතෙනවා.

      Delete
  28. සුදීක. මුලින්ම සුබ නව වසරක් කිඅල සුබ පතනවා. ඔබ වගේම මමත් බ්ලොග් කලාවට අහසින් වැටුන කෙනෙක් හැබැයි ඔබට වඩා අවුරුද්දක් පිටුපසින්. ඇවිද්ද පය පිටුවට අවේ විචාරක මහත්තයාගේ බ්ලොග් එකෙන් දැකල. අපු පලවෙනි දවසෙම මම ඔබේ බ්ලොග් එකේ ලුහුබන්දිනෙක් (follower)කෙනෙක් උනා. දියණිය ගැන ලියල තියන posts හුගාක් සංවේදී.මටත් දුවෙක් ඉන්න නිසා එක හොඳට දැනෙනවා. දිගටම ලියන්න. පලවෙනි සංවත්සරයට උණුසුම් සුබපැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඔබටත් සුබ නව වසරක් වේවා !!!

      Delete
  29. පමාවී හෝ නිතර යන එන ඔබේ බ්ලොගියේ පළමු බ්ලොග්වසරියට මගේ හෘදයාංගම උණුසුම් සුභ පැතුම් පිරිනමන්නෙමි... තව තවත් අපූරු දේ පාඨක සැම වෙත ලියන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිරා.

      Delete
  30. සුබ නව වසරක්වේවා වැඩි වැඩියෙන් ලියවේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සරත් අයියා.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...