Thursday, January 31, 2013

කෙටිම කෙටි ලොල් කතා අංක 27 - රණේගේ ප්‍රථම හාදුව

දැන් කීප දෙනෙක් මමත් එක්ක ඔරොප්පුවෙන් ඉන්නේ එක දිගට ක්‍රිකට් ගැන ලියනවා කියලා. ඇත්තටම ඉතින් මගේ අත්දැකීම් වල මම වැඩියෙන්ම කැමති කොටස ක්‍රිකට් සම්බන්ධ ඒවා. ඒ වගේම මගේ ක්‍රිකට් ගැන කැමැත්ත කොයි වගේද කියලා කවුරුත් දන්නවනේ. ඒක දන්නා නිසා තමයි ගම්පහ ගෙට් එකේදී අමුතු ක්‍රිකට් ක්‍රීඩාව මෙහෙයවන්න මට අවස්ථාව දෙන්න ඇත්තේ. ඒ මොනවා වුනත් අටමා බුදුන් වඳින දෑතින් වැඳලා කියලා තියෙනවා නේ දැන් ක්‍රිකට් ගැන ලිව්වා ඇති කියලා. ඒ නිසා මම ලියපු වර්ග වලින් වැඩිම ජනප්‍රියත්වයක් තියෙන ලොල් කතා සීරීස් එකේ තවත් එකක් ලියන්න ඕනේ කියල හිතුවා. අනිත් එක ගෙට්ටුවෙදී අලුතෙන් අඳුනා ගත් අයත් බ්ලොග් එකට එකතු වෙලා ඉන්න වෙලාවේ හැමෝටම බලන්න ආස හිතෙන එකක් ලියන්න වටිනවා කියලා මටත් හිතුනා. 

මම මේ බ්ලොග් එක පටන් ගත්ත වෙලාවේදී කිව්වෙත්, මේ බ්ලොග් එකේ තේමා පාඨයෙන් කියවෙන්නෙත් මගේ රාජකාරී දිවියේ අත්දැකීම් බෙදා ගන්නවා කියලා. ඒ වුනාට මොකද මම තාම රැකියාස්තානගේ සිදුවීම් ලියලා තියෙන්නේ බොහොම අඩුවෙන්. මේ කතාව වුනත් අහපු කතාවක් මිසක් මට සෘජුව සම්බන්ධ එකක් නෙවෙයි. 

මේ කතාව පටන් ගන්න කලින් කියන්න තවත් කාරනාවක් තියෙනවා. මම ලියපු තෙල් බෙහෙත් වෙළෙන්දා දුටු පේටන්ට් සංකල්පය කෙටි කරලා ඕනෑම කතාවක් වචන සීයයි බ්ලොග් එකට ලියපු තෙල් බෙහෙත් වෙළෙන්දාගේ පාපොච්චාරණය පහුගිය සෙනසුරාදා පිට වෙච්ච තරුණයා පත්තරේ පල කරලා. එයාලා එතැන මගේ බ්ලොග් එකේ නමත් සඳහන් කරලා තියෙන නිසා සතුටුයි. මට මේක පෙන්නුවේ අපේ බ්ලොග් හිතවත්තු දෙන්නෙක් වන සමියා සහ දේශ්. ඉතිං ඒ දෙදෙනාට ස්තුති කරන්නත් මම මේක අවස්තාවක් කර ගන්නවා. එයාල නොපෙන්නුවා නම් මම ඒක දකින්නේ නෑ. 

ඉහලින් තියෙන කාරණා තුන නොලියා ගහෙන් ගෙඩි එන්න වගේ මේ කතාව ලියන එක හරි නැති නිසයි ඒ ටික සඳහන් කලේ. දැන් අපේ නියම කතාවට යමු. මේක බැංකුවේ කතාවක්. 

රණේ කියන්නේ අපේ කතා නායකයාගේ නියම නම නොවුනත් ඔහුගේ වාසගම තියෙන කෙනෙකුට අපේ සමාජයේ අය අමතන්න යොදා ගන්න හුරතල් නාමේ. එතකොට ඔය වාසගමට රණවීර, රණසිංහ,රණතුංග මේ කැමති එකක් හිතා ගත්තට වරදක් නෑ. රණේට බැංකුවේ පත්වීම ලැබුනේ 1978 නැත්තම් 79 දී. මේක කියවන සමහරු ඉපදිලා නැතිවත් ඇති. එයාගේ පෙම්වතිය වෙච්ච පසුව විවාහ වෙච්ච සීතා මහත්මියත් මේ එකම බැච් එකේ දෙන්නා. එකම බ්‍රාන්ච් එකට වැටුනේ. මේ බ්‍රාන්ච් එක කොළඹ කොම්පඤ්ඤවීඩිය කිට්ටුව බ්‍රාන්ච් එකක්. එහෙම කිව්වේ හරියටම බ්‍රාන්ච් එක කිව්වොත් කෙනෙක්ට මම කියන කෙනාව අඳුනා ගන්න පුළුවන් වෙන නිසා. මගේ බ්ලොග් පොස්ට් වල නම් සඳහන් වෙච්ච අපේ සමහර මාත්වරු ඉන්නේ ඒ ගැන වැඩි හිත සතුටකින් නෙවෙයි කියලා ආරංචි වුන නිසා ශරීර සෞඛයටත් හොඳ නිසා ටිකක් සඟවලා ලියන්න හිතුවා. 

ඉතින් අපේ රනේ බොහොම කඩවසම් තරුණයා ඒ කාලේ. හිතාගන්නකෝ අර චිත්‍රපටි වල විජේ කුමාරතුංග මහත්මයා ඇඳගෙන ඉන්න අර රවුම් ලොකු කොලර් ෂර්ට් අඳිනා කාලේ. කනෙන් භාගයක් වැහෙන්න වලස් තොප්පිය වගේ හෙයාර් කට් එක ගහන කාලේ. උසට ගැලපෙන මහතා ඒත් ටිකක් විතර කුලෑටි අපේ රණේට ඒ ශාකාවේම අල්ලපු කවුන්ටරේ වැඩ කරන සීතා කෙල්ල ගැන පිලිබඳ සිතක් පහල වුණා. සීතා කෙල්ලත් හිරිමල් ගැටිස්සි. ඉස්කෝලෙන් අවුට් වෙච්ච් ගමන්මයි බැංකුවට එකතු වුනේ. අපේ රනේ තරම් උස මහතා නැති වුනත් හුරුබුහුටියි. රණේ තරම් සුදු නැති වුනත් තලෙලුයි. රණේට ඇයව කොයි තරම් හිතට වැදුනද කිව්වොත් බලන බලන හැම අතකම ඇයව පේන්න ගත්තා. තනියම ඉන්න වෙලාවට ඇයගේ අත අරගෙන විහාර මහා දේවි පාර්ක් එකට යන, බ්‍රාන්ච් එක කිට්ටුවම තියෙන එම්පයර් එකට ෆිල්ම් බලන්න යන දර්ශන හින්දි චිත්‍රපටියක් වගේ මැවිලා පෙනුනා. දෑසින් කරන ඉඟි බිඟිත්, මිතුරන්ගේ ඇනුම් පදත් නිස මේ දෙදෙනා ටික කලක් යනකොට නිකංම පෙම්වතුන් බවට පත් වුණා. 

දැන් මේක පටන් ගත්ත දවසේ ඉඳන් රණේට මිතුරන්ගෙන් ගැලවීමක් නැති වුනා.

"අයියෝ තාම ෆිල්ම් එකක් වත් බැලුවේ නැද්ද, ඔය ලයිබ්‍රියටයි, විහාර මහාදේවී පාක් එකටයි ගිහිං කොහොමද ලව් කරන්නේ. (කනට කර රහසින්) තාම කිස් එකක් වත් දුන්නේ නැත්ද?"

ඒත් අපේ රණේට මේ වගේ එකක් සීතාගෙන් අහන්න ගටක් නෑ. තවත් අතකින් මේක සෙට් වුන දවසේ ඉඳලා සීතා නහයෙන් අඬන්න පටන් ගත්තේ

"කවදද අපේ ගෙඅර එන්නේ ?" කියලා. දන්නැද්ද ඉතිං ඒ කාලේ ගෑණු ළමයි බොහොම ලැජ්ජා බයට හැදුන නිසා දෙමව් පියන්ගේ අවසරයක් නැතිව වතුර ටිකක්වත් බොන්නේ නෑ. හැබැයි හැමදාම ගෙදරින් එනකොට මොකක් හරි බොරුවක් කියලා රණේටත් එක්ක බත් මුලක් ගැට ගහගෙන එන්න සීතා කෙල්ලත් පසුබට වුනේ නෑ. 

මේ වැඩේ හරි යන්නෙම නැති තැන රණේගේ හොඳම මිතුරා ඇයගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා

"අයියෝ සීතෝ අපි නම් සෙට් වෙලා මාසයක් යනකොට ෆිල්ම් එකක් බැලුවා. උඹලා තාම ළදරුවෝ වගේනේ. මේ දවස් වල ලස්සන හින්දි චිත්‍රපටියක් යන්නේ. ආයි බලන්න හම්බ වෙන්නේ නෑ. මම රණයට කියන්නම් එක්කං යන්න කියල. උඹ කැමතියි නේද ?"

"අනේ මං දැන්නෑ ඇනයියේ, අම්මලා දැන ගත්තොතින් මොනවැයින් මොනවා වෙයිද දන්නෑ. අපේ තාත්තා හරි වසයි"

"අනේ මෝඩියේ කවුද ඕවා අම්මලට කියන්නේ. උඹලා බැඳලා ළමයිත් හම්බ වුනහමද ෆිල්ම් එකක් බලන්නේ ? ඔන්න හෙට ෂෝට් ලීව් එකක් දාලා පලයන් දෙන්නත් එක්ක. පයින්ම යන්නත් පුළුවන් එකේ. රණයට මම කියන්නම් කලින් ගිහින් ටිකට් ගන්න කියලා. අපි කවුන්ටරේ වැඩ බලා ගන්නම්. "

පහුවදා රණේ මනමාලයා වගේ ඇඳලා වැඩට ආවේ. අනිත් කොල්ලේ නැති තැන මේ ගැන කතා වුනත් රණේට මූනට මොනවත් කියන්න ගියේ නෑ. මොකද රණයට තද වුනාම අතට අහු වෙන එකෙන් ගහන ජාතියේ මුලං කාරයා නිසා. කොහොමින් කොහොමින් හරි හවස් තුනත් වුණා. රණයට වෙලාව යන්නේ හෙමින් වගේ තමයි එදා දැනුණේ. බොහොම අමාරුවෙන් පචයක් ගහලා තමයි මැනේජර් මහත්තයා ශේප් කරගෙන සීතා එලියට බැස්සේ. රණේ වරුවක් නිවාඩු දාලා තමයි පිට වෙලා තිබුණේ. හොර පූසෙක් වගේ ටවුමේ කරක් ගහලා බැල්කනි ටිකට් දෙකක් අරගෙන එලියට ඇවිත් සීතාගේ කුඩය යටටම් රිංගාලා ඇසුරු සැණින් දෙන්නා ෆිල්ම් හෝල් එකට රිංගලා බැල්කනියට ගොඩ වුනේ ඉහින් කනින් දාඩිය දාගෙන. ඒ තරමට දෙන්නා බය වෙලා හිටියේ. 

තවත් විනාඩි 10-15 කට පස්සේ ශාලාව අඳුරු වෙලා චිත්‍රපටිය ඇරඹුනා. දැන් රනේගේ හිතේ තියෙන්නේ සීතාට කොහොම හරි කිස් එකක් දී ගන්න. සීතා චිත්‍රපටිය දිහා බලාගෙන ඉන්නවා. මේ වෙනකොට ඇය අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් තමයි චිත්රපටි නරඹලා තිබුණේ. ඉතා වේගයෙන් කාලය ගෙවීගෙන යනවා. සීතා සමවැදිලා චිත්රපටිය නරඹනවා. රනේ දෙතුන් වතාවක්ම සීතාගේ මුහුණට මුණ කිට්ටු කලත් කරුමෙට එක්කෝ එලිය ටිකක් වැඩි වෙනවා, නැත්නම් කව්රු හරි බලාගෙන ඉන්නවා කියන විචිකිච්චාව රණේගේ හිතේ වැඩ කරනවා. රණේගේ පපුව යකාගේ කම්මල වගේ වැඩ කරනවා. අන්තීමට හිතට දහිරිය ගත්ත රනේ එක පාරටම සීතාගේ බෙල්ල සිප ගත්තා. සීතාගේ කටින් මර ලතෝනියක් පිට වුණා. චිට්‍රපටිය නවතලා ශාලාවේ ලයිට් දැල්වුණා. හැම දෙනෙක්ම දැන් මේ යුවල දිහා බලාගෙන ඉන්නවා. සීතාට සිහිය නෑ. අන්තිමට වතුර ගහලා තමයි සිහිය ගත්තේ. ඒ එක්කම රණේ සීතාවත් එක්කං එලියට යනවා. හේතුව මොකක්ද ?
පින්තුරය ගත්තේ : http://vancouverisawesome.com

දිගටම පෙන්නගෙන ආපු හින්දි චිත්‍රපටිය ඉවර වෙලා එදා උදේ තමයි වැම්පයර් චිත්‍රපටියක් පෙන්නන්න අරගෙන තියෙන්නේ. රණේට තිබුන කලබයල නිසා ෆිල්ම් එක මොකක්ද කියලා බලන්න අමතක වෙලා. පස්සේ පෙම්වතියගෙන දැනගෙන තියෙන්නේ හරියටම වැම්පයර් චිත්‍රපටියේ ඉන්න කාන්තාවකගේ බෙල්ල හපලා ලේ බොන දර්ශණය යනකොටම තමයි අපේ රණේ ඇගේ බෙල්ල සිපගෙන තියෙන්නේ. :)

ප:ලි: බ්ලොග් ගෙට්ටුවෙදී මා සොයා පැමිණි මට ටී ෂර්ට් එකක් පරිත්‍යාග කල සුනිල් සංජීව මෙන්ඩිස් මහතාට මගේ කෘතඥතාව.

60 comments:

  1. අද කාලේ උනානං කෙල්ල හරි ආසාවෙං දීගෙන ඉදී..
    ඇයි අර ටොයි ලයිට් එකේ එඩ්වඩ් බෙල්ල නෙමේ මොක හැපුවත් කෙල්ලෝ ඌට හරි ආසයිනේ...

    ReplyDelete
  2. හපොයි රණා ගෙ පවුල බය වෙන්න ඇති යකෝ

    ReplyDelete
    Replies
    1. පස්සේ පස්සෙත් බය වෙන්න ඇති.

      Delete
  3. මේක comedy යක් නෙවෙයි හරියට බැලුවොත් tragedy යක්, ඉතින් හිනා වෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. tragedy ය ඒගොල්ලන්ට අපිට comedy ය.

      Delete
  4. හෑ රණා එතකොට ෆිලුම් එක පොඩ්ඩක් වත් බලල නෑද කොහෙද....අනේ ඉතින් පලමු හාදුව සිහි නැති වෙන්නම දෙන්න පුලුවන් වෙලානේ..

    අර පත්තරේ විස්තරේ ගැන නම් හද පතුලෙන්ම සතුටුයි අයියේ.
    සමිය තමයි ෆොටෝ ගහල බුකියට දාල කෑගැහුවෙ. මං කලේ ඔයාට ලිංකුව එව්ව එක විතරයි...

    ගෙට්ටුවට ගොහිං ඇවිත් දාපු පොස්ට් එකට නම් මගෙත් මෙව්ව එක. ඒක වැරදි වෙලාවක දැම්මෙ. තාම කියෙව්වෙ නෑ ඒක.

    ReplyDelete
    Replies
    1. මටත් ඔය වගේ වැඩක් වෙලා තියෙනවා. නාට්‍යයක් බලන්න ගිහින් ඉන්ටර්වල් එකේ එලියට ආවා. කව්රු හරි කාල විසි කරලා තිබ්බ ඉටි බෑග් එකක් මට පෑගුනා. එකෙන් පුංචි ඩොන් සද්දයක් ආවා. එතකොටම ලයිට් ගියා. එතන හිටිය බොහොම දෙනෙක් බය වුණා බෝම්බයක් කියල. හැබැයි විනාඩියක් වත් යන්න කලින් ලයිට් ආවා.

      ඔයා කියවන්නේ නැතිවමද කමෙන්ට් එක දැම්මේ ?

      Delete
  5. දැන්න ලියන එව්වා පත්තර වලත් යනවා ඈ , කාටද ආඩම්බර , වෙන කාටද ඉතින් අපිටනේ යකෝ

    ReplyDelete
    Replies
    1. ඒකනේ එදා උඹ මාව කෑවේ. මාර රහයි කියල.

      Delete
  6. දැන් කාලේ කෙල්ලෝ නම් ඔහොම නෑ කියලා මාත් කියන්ට හැදුවා විතරයි.

    හී හී පව් සීතා.....

    ReplyDelete
    Replies
    1. දෙන්නම පව්. සීතා හිතන්නති රනෙත් වැම්පයර් කෙනෙක් කියල.

      Delete
  7. රනේල වගේ ඒවට ගට නැති කොල්ලො මේ කාලෙත් නැතුවම නොවෙයි සුදික.ගෙට්ටුවට ඔබ,නලින් සහ තව කීප දෙනකු සම්බන්ද උන නිසා කොල්ලෝ/කෙල්ලෝ හරිම සතුටකින් ඉන්නෙ කියල ඔවුන්ගේ ලිපි කියවද්දි හැගුනා.

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩක් තරුණ අය තමයි ගෙට්ටුවට සහභාගී වුනේ.

      Delete
  8. පවු දෙයියනේ..... හි හි.....

    ෆිල්ම් හෝල් එකක වැම්පයර් ෆිල්ම් එකක් බලනකොට කොච්චර බය හිතෙනවද.... කෙල්ල කෑ ගැහුව එක වැරදියි යැ....වැඩේ කියන්නේ කොල්ලට ෆිල්ම් එක මොකද්ද කියලවත් බලන්න මතක නැති වෙච්ච එකනේ... හි හි

    ReplyDelete
    Replies
    1. මිනිහා අර මුව මසුයි කුරහන් තලපයි කාපු මිනිහා වගේ ඉඳල තියෙන්නේ.

      Delete
  9. මේ වැම්පයර් ෆිල්ම් හින්දා තව නුලෙන් හොදටම ගුටිකනවා ...

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් හෝල් එකේ එවුන් හිතල තියෙන්නේ ෆිල්ම් එකට බය වෙලා කියලා.

      Delete
  10. Ape ammo issara patta amaru vadak ne kiss ekak dena eka 0_o
    Dan nam couple eka set venna kalin karanna one okkoma karala thama set venne ;) dan e tharam ape janathava diyunui

    ReplyDelete
  11. අෆ්ෆෙ නියම කතාව. සිහියත් නැති උනා කිවුවාමනේ වැඩේ :පී හිකිස්. :)))

    ReplyDelete
    Replies
    1. සිහිය එනකොට ගෑණිට තේරෙන්නැති වැම්පයරුත් ඉතිං රණයම තමයි කියලා.

      Delete
  12. Ranege kiss eke power eka. Sihiyath nethi wela.!!!..heh heh heh

    ReplyDelete
    Replies
    1. ඒක අර අන්දරේ රජතුමාව ඇන්දුවා වගේ සීන් එක.

      Delete
  13. Replies
    1. රනයා මේවා යාලුවොත් එක්ක කියලා. මොකද මිනිහා ගොඩ ගියා කියල කියන්න එපැයි.

      Delete
  14. රජයේ අවවාදය -
    කෙල්ලොත් එක්ක වැන්පයර් ෆිල්ම් බලන්න නොයනු!

    ReplyDelete
    Replies
    1. හැදිච්ච කෙල්ලොත් එක්ක.

      Delete
  15. කියල වැඩක් නෑ ප්‍රතම හාදු අත්දැකීම. මේ ජෝඩුව පස්සේ බැන්ද කියල නේද සුදීක කියල තිබ්බේ. film එක බලන්න අපු මිනිස්සු ඔක්කොම බයවෙන්න තරම ප්‍රබල හාදුවක් :)

    ReplyDelete
    Replies
    1. එතන වැඩේ තියෙන්නේ ෆිල්ම් එක 3D වුන එක.

      Delete

  16. ඇයි යකෝ ඔය වගේ එක්කක් බලන්න කෙල්ලව එක්ක ගියේ පොර , එක්ක යන්න එපයි රොමැන්ටික් එකක් බලන්න , අනේ අම්මප ....

    ReplyDelete
    Replies
    1. රොමැන්ටික් හින්දි එකක් තිබිලා එදා උදේ තමා අලුත් එක දාලා තියෙන්නේ.

      Delete
  17. ලේ බීලා නේද?? හපෝයි... මටත් මේ ළගදි ඕම වැඩක් වුනා,අම්මලත් එක්ක ගියා ජීවිතය ලස්සනයි ෆිලුම් එක බලන්න(ඒක කොමඩි එකක්නෙ) යද්දි,ඒක ඉවර වෙලා,හෝල් එකට වෙන ෆිල්ම් එකක් එනකම් හෝල් එක වහලා දාලා,, මොනා කරන්නද,ජීවිතය ලස්සනයි හුස්ම වැටෙනකම් කියලා හිත හදාගෙන ගෙදර ආවා

    ReplyDelete
    Replies
    1. ඔහොම වැඩක් වුනා කිව්වම ඉතිං

      Delete
  18. ඔය කියන කාලෙ විතරක් නොවේ සුදීක අපේ කාලෙත් කෙල්ලට කිස් එකක් දෙනව කියන්නෙ මාර ගේමක්.

    දැන්නම් හොටෙල් එකකට රින්ගන්නවත් එච්චර සබකෝලයක්,බයක් නැතිව ඇති.

    ReplyDelete
    Replies
    1. දැක්කනේ ගම්පහ මල් වත්තේ.

      Delete
  19. අදත් ඇවිත් කියෝලා ගියා.. :)

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙහෙම හැමෝම මං සලකුණු තියලා යනවනම්

      Delete
  20. හපොයි..... ප්‍රථම හාදුව සිහි නැති වෙන්නම දීලා.... මරු ඈ......

    ReplyDelete
    Replies
    1. සිහි නැති වුනේ ෆිල්ම් එකටද හාදුවටද කියලා කවුරුත් තාම දන්නේ නෑ.

      Delete
  21. අනේ ඉතින් ඕක කවුද ලීක් කළේ ? සීතද ? රණේද ? විකීද ? මිනිහට කාඩ් එකක් එහෙම වදින්න ඇති නේද ඩ්‍රැක්‍යුලා කියලා..

    සුදීක කෝ අර ඉන්දියා සංචාරෙ ඉතුරු ටික ? ඒක ඉවර කළේ නෑ මට මතක විදිහට..

    ReplyDelete
    Replies
    1. රණේම තමයි. එක දා ගන්න යාලුවොත් එක්ක දිග ඇරලා.

      දානාව දැන් ක්‍රිකට් සීන් අරහං වෙලා අපේ සමහරුන්ට.

      Delete
  22. ඒ කියන්නෙ රනේ ෆිල්ම් එකේ නම දානකොටවත් සිහියෙං ඉඳල නෑ.
    හොඳ වෙලාවට හෝල් එකේ ඉන්න උංගෙන් ගුටි නොකා බේරුනෙ.

    ReplyDelete
    Replies
    1. මිනිහා කෙල්ලගෙන් ඇහැ අහකට අරන් නෑ.

      Delete
  23. මේ කතා හරි රහයි සුදීක...ටිකක් වැදුනාම වෙනදේ දන්නවනේ ඉතිං අපි අද්දැකීමෙන්ම...කෝ මේ අටං

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින්. ඒක තමයි මාත් මේ බැලුවේ.

      Delete
  24. හික්ස්.... මරු කතාව. ඔයාගේ ලොල් කතා සීරිස් එකම නියමයි.

    ReplyDelete
    Replies
    1. ඔක්කොඹ බැලුවද ? බොහොම ස්තුතියි.

      Delete
  25. ලොල් මම ආසම සුදීක අයියගේ ලොල් කතා සෙට් එකට.පට්ට සීන් එක.එවෙලේ රණේට විලි ලැජ්ජාවේ ඉන්න බැරුව ඇති.

    ReplyDelete
    Replies
    1. රණේගේ බලාප්රෝත්තුව ඉෂ්ට වුනා නේ.

      Delete
  26. ඒක නම් අමතක වෙන්න නැතුව ඇති දෙන්නට කවදාවත්ම... ඔහොම වුනාම කාටද ඉතින් බය නොහිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට අපිට වෙන පැත්තකින් ආරංචි වුණේ. මිනිහා පස්සේ ඒ කතා කිව්වේ නෑ.

      Delete
  27. අපේ යුනියන් රණේ වත්ද ??????

    ReplyDelete
    Replies
    1. නැහැ එයා නෙවේ. මිනිහාගේ කුලෑටි කමක් නෑ.

      Delete
  28. අයියූ...රණේට පොළොව පලාගෙන යන්න හිතෙන්න ඇති...රණේ බැංකුවෙ සේවයට බැදෙනකොට මම නම් ඉපදිලා නෑ...ඒ උනාට මගේ බයිසිමොටෝව නම් ඉපදිලා... අර ටී ෂර්ට් දුන්න කෙනාගෙ නම සංජීව මෙන්ඩිස් ලෙස නිවැරදි විය යුතුයි. ගෙට්ටුව දවසේ කිරිකොට් ගහන්න දුන්න සහයෝගයට ස්තූතියි...

    ReplyDelete
  29. මමත් කැමතිම මේ ලොල් කතාවලට. මේ බ්ලොග් එකට ආවෙත් ඉස්සෙල්ලම ලෝල්කතාවක් කියවන්න.

    ReplyDelete
  30. හෙහ් හෙහ් හෙහ් මැක්ස් කථාව!

    ReplyDelete
  31. ප්‍රථම හාදුව ජීවිතේට අමතක නොවන එකක් වීම ගැන දැන් උන්ට හෙන සතුටු ඇති . . හෙ හෙ හේ

    ReplyDelete
  32. http://sinhapedia.blogspot.com/

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...